Thursday, October 2, 2014

නැවතිලාද? නවත්තලාද? හිටලාද? - Stopped ???




සතියකට තෙවරක් යවත්කාලීන වූ බ්ලොගක් සම්බන්ධයෙන් නැගෙන්නේ උක්ත වූ ගැටළු තුනය. අයෙක් අසන්නේ සෑමාගේ බ්ලොග නැවතිලාද කියලාය. තවකෙකු නවත්තලාද කියා අසන්නේය. එකවර ඇගට කඩා පනිමින් සමහරු අසන්නේ හිටලාද කියලාය. සියල්ලට පිළිතුරු සමඟින් සෑමාගේ ආගමනය මෙසේ සටහන් වන්නේය.

නැවතිලාද?

නැවතිලා කියන්නේ ඔටෝ වෙන දෙයක්ය. ඒ කියන්නේ හිතලා කරන දෙයක් නොවේය. ටැප් එකක වතුර නැවතිලා කියන්නේ එක්කෝ ජල සම්පාදනයෙන් දෙන වතුර නවත්තලාය, නැතිනම් ටැංකියේ වතුර අහවර වෙලාය. කොටින්ම සරලව ගතහොත් වයසක සියා කෙනෙක් සෙල්ලම් කරන එක නවත්වනවා නොව සෙල්ලම නැවතිලාය. ඔහුට සෙල්ලම් කිරීම නැවැත්වීමට අවශ්‍යතාවයක් නොමැති වුවත්, සිතාමතාම සෙල්ලම නැවැත්වූවේ නැති වුවත්, කාලය සමඟ සෙල්ලම ස්වක්‍රීයවම නවතින්නේය. ඒකට කියන්නේ නැවතිලා කියලාය. 

ඒ අනුව සෑමා බ්ලොග් එක නවත්වන්නට අදහස් කර, අදහස් කරගෙන නැති නිසා බ්ලොග් එක නැවතිලා යැයි කියන එක සම්පූර්ණ වැරදිය. එසේම ලියන්නට දෙයක් නොමැති වීමේන්ද බ්ලොග් නවතින නිසා, සෑමාට ලියන්නට දෙයක් නොමැතිව බ්ලොග නැවතිලා යැයි සිතීමද අසාධාරණය. මන්ද ලියන්නට දේවල් තවමත් ඇති නිසාය. ඒ නිසා සරලව කිව යුත්තේ සෑමාට තාම නැවතිලා නැති බවක්ය. 

නවත්තලාද?

සමහරුන් කළකට සමහර දේවල් නවත්වන්නෝය. සියළු දස්කම් දක්වාගෙන සිටින විවාහක ජෝඩු නවත්වන්නේ නැතිය. කාලාන්තරයකට එක ලෙසම ක්‍රීඩා කරන්නෝය. එහෙත් එසේ ඔවුන් කීවත් මසකට අනිවාර්යයෙන් දින කිහිපයකට නවත්වන්නට වන්නේය. ඒ ස්වාභාවික ව්‍යසනයකට ඉඩකඩ ලබා දීමට සිදු වීම නිසාය. එවිට සෙල්ලම් කරන එක නවත්වලා යැයි කියන්නට වන්නේය. එලෙසම බොහෝ අය බාර හාර ඔප්පු කිරීමට මස් මාලු අනුභවයෙන් වැලකෙන්නෝය. එවිට සරලව කියන්නේ මම මස් මාළු කන එක නවත්වලා යැයිය. සමහරු බොන එක නවත්වන්නේ නැවත බෝතලයක් දකින තුරුය. අනුන්ගේ මුදලින් බොන උත්තමයෝ වියදම් කරන්නට සිදුවෙද්දී බොන එක නවත්වලා යැයි පිළි වදන් දී, නැවත නොමිලේ බෝතලයක් දුටු විට බීම ආරම්භ කරන්නෝය. කිසිම පැකිලීමකින් තොරව දිනපතා අඩියක් ගසන ඇත්තෝ බීම නොනවත්වන්නෝය. එහෙත් බීම නවතින්නේ අග හිඟ කමක් ආවොත් පමණක්ය. එතැනින්ද නවත්වනවා සහ නවතිනවා යන වචන දෙකේ වෙනස හොඳින් පෙනෙන්නේය.

ඒ අස්සේ සෑමාට සිහිවන්නේ කිටියා නිර්මාංශ වූ ආකරය හෙවත් මස් මාළු අනුභවයෙන් තොර වූ හැටිය. මේ දිනවල සෑමාගේ නිවසේ අලුත් වැඩියා කටයුතු කිහිපියක් සිදුවෙන නිසා ඇත්තටම බ්ලොග් එකට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වූයේය. එකී අලුත් වැඩියා කටයුතු ඉවර වෙන තුරු කිටියා මස් මාළු අනුභවයෙන් තොර වෙන බව කියමින් මසට තිත තිබ්බාය. එවැනි කැප කිරීමක් අගය කළ යුත්තේය. (සමහර වෙලාවට ඇය බ්ලොග බලන නිසා ඒ වචන ටික සඳහන් විය යුතුය.) අලුත් වැඩියා කටයුතු අහවර වෙන තැන බාරය ඔප්පු කොට මස් මාළු අනුභවය ඇරඹිය යුතුය. බාරය ඔප්පු කරන්නට දිනක් කිටියා සහ සෑමා එළි බැස්සේ දහවල ආහාරයද පිටින් ගන්නට බලාගෙනය. නිවසින් එළියට බහින විටදීම තිබුණු දැඩි බඩගින්න නිසා සෑමා යෝජනා කළේ දහවල ආහාරය අරගෙන බාරය ඔප්පු කිරීමට යමු කියාය. එහෙත් ඇය තරයේ කියා සිටියේ සියළු වැඩ අවසන කෑමට යමු කියාය. සියල්ලට පෙර බාරය ඔප්පු කළ හේතුව සැමාට අවබෝධ වූයේ ඇය දහවල ආහාරයට දෙදෙනාටම චිකන් ඕඩර් කළ නිසාය. නැතිනම් ඕඩර් කරන්නට වෙන්නේ චිකන් එකක් සහ වෙජිටබල් එකක්ය.

හිටලාද?

සමහරු නිතර ඇසුවේ මචං හිටලාද කියාය. ඒ ප්‍රශ්නයට පිස්සු කොර වෙන සෑමා අනිත් පැත්තට අසන්නේ “මොනවාද?“ කියාය. හිටනවා කියද්දී එහි ප්‍රෙභේද රැසක් ඇත්තේය. කොටින්ම කිවහොත් හිටිනා දේවල් රැසක්ය. මුලින්ම ජෝතිපාල මහතා කිව්වේ “ඔබ එනතුරු මා තනියෙන් හිටියා“ කියලාය. එතැන කිව්වේ නැවතිලා බලා සිටින එක ගැනය. දැන් කාලේ මචං හිට්ටා නේද? හිටියා නේද? කියා ඇසුවොත් පිළිතුරු දෙන්නට පෙර නැවත ප්‍රශ්නයක් නගන්නට වෙන්නේය. සෑමාට කිව හැක්කේ “මචං බ්ලොග් එක නම් හිටලා නැහැ“ කියාය. වෙන කිසිවක් හිටලාද? හිට්ටාද කියා නොඅසන්නේ නම් අගනේය.

මාසයක් පමණ නිහඩව සිට නිදහසේ ගලාගොස් ලැබුණු ලක්ෂ හයක හිට්ස් සමඟ, සෑමා නැවත නොනැවතී ලියන්නට සූදානම් වන්නේ මෙතුවක් රැදී සිටි සියළු බ්ලොග්කරුවන්ට, සියළු රසිකයන්ට ස්තූති කරමින්ය.


Written_by_sAm_ශ්‍රී_Perera_7:13am_02/10/14

74 comments:

  1. මම දවසට දෙපාරක් තුන් පාරකට වැඩිය ඔලුව දාලා බැලුව උඔ මුකුත් ලියලද කියලා...
    සතුටුයි එල ද බ්‍රා පුලුවන් වෙලාවට ලියමු.

    ReplyDelete
    Replies
    1. අන්න මචං හයිය..

      ස්තුතියි !

      Delete
  2. මොකක් ලිව්වත් හිනාවක් නම් යනවමයි බන්... මේ බ්ලොග් එක දැක්ක මුල් කාලේ මට මතකයි දවස් 2ක් සම්පුර්නේම්ම මේ බ්ලෝග කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..

      මට මතකයි මැසේජ් එකකුත් දාල තිබ්බා වගේ :)

      Delete
  3. මෑත කාලයේ සිට සෑමා මනුස්ස ජීවිතය ඇසුරෙන් උදාහරණ ගෙනහැර දැක්වීම අගය කළ යුතුය.
    හිට්ටේ නැත්තං දිගටම කරගෙන යන එකයි ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. බැන්දම ජීවිතේ අවබෝධය වැඩි වෙනවා මචං..

      කිව්වත් වගේ දිගටම කරමු.. හැබැයි හිට්ටේ නැත්තං නේ??

      Delete
  4. ලක්ෂ 6ක් හිට්ටාට සුබ පැතුම් !

    ReplyDelete
  5. තව ලියන්න දේවල්නම් ගොඩක් බොට තියෙනව කියල අපි දන්නව බං..

    ReplyDelete
  6. Replies
    1. හිටල නෙමෙයි අඩිය අල්ලල

      Delete
    2. අපෝ අඩුපාඩුව ඇවිත් කමෙන්ට් කරලා..

      Delete
    3. ඔහේ තාම අඩිය ඇල්ලුවේ නැතෙයි

      Delete
    4. චමියා ප්‍රවීණයන්ගෙන් උදව් ගනින්..

      Delete
    5. මෙහෙත් එහෙමයි , අඩිය අල්ලගෙන එන්නේ ..

      Delete
    6. යටින්ම ඉන්නේ තවත් හිට්යෙක්ද බං සැමෝ. (මං කිව්වේ මට උඩින්)

      Delete
    7. අම්ම ගහයි චමියෝ.. ඉක්මන් වැඩි නැද්ද?

      @දේශක - බොට උඩින් චමියා නේ.. ඌත් හිට්ටෙක් කියන්නේ..

      Delete
  7. //සෑමාට කිව හැක්කේ “මචං බ්ලොග් එක නම් හිටලා නැහැ“ කියාය.// උඹ මෙහෙම කිවුවාම අපිට හිතෙන්නෙ බ්ලොග නොහිට්ටාට වෙන මොකක් හෝ හිටලා බවය. ඒත් ඉතිං ඒ බව නොඅසන ලෙස ආදරේන් මතක් කර ඇති නිසා ඕන් ඇහුවෙ නෑ!! :D :D :D

    ලක්ෂ 6ට සුබ පැතුම් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඉස්තුටියි..

      සුභ පැතුවාට නොව අරක නොඇසුවාට..

      Delete
  8. බ්ලොග් එක හිටලා නැතුව ඇති නමුත් කොරගහනවා.ඔන්න ලක්ෂ හයට මගෙනුත් සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. කොරය අරිනවා කියන්ට තමා මේක දැම්මෙ හැලපයියා.. :)

      Delete
  9. වෙල් කම් වෙල් කම් සෑමා අයියා. :D

    ReplyDelete
  10. හිට්ට නෑ කිව්වට ඔය ලස්ස හයක්ම හිට්ට තියෙන්නේ.. ඒක නමෛයි බං කව්ද බං මේ ලදරම ඔය තරං බලන්නේ. කිටියට ගෙදර වැඩ නැති නිසා මේකම බල බල ඉන්නවද දන්නෑ උඹ එනකං.. හැක්.. ජය වේවා.. ඔය ටින් ටින් ගාගෙනත් අයියල පටන් ගමු කිය කිය ආවා. ඒත් නෑ. සෑමා ගැනනං ඉතිං මයේ හිතේ අබමල් රේණුවකවත් අවිස්වාසයක් නෑ. උඹ ඉතිං ඩොගාගෙත් දතගලවන එකානේ..

    ReplyDelete
    Replies
    1. මේ ලෝකෙන් මාව මෙච්චර විස්වාස කරන්නෙ උබ විතරද මන්දා දේශෝ.. :)
      හැක් හැක්.. පවුලටත් විස්වාස නැ.. වැඩ නිසා බ්ලොග බලන්නැ බං පවුල.. ඔය කවුරු හරි ඔත්තුවක් දුන්නොත් බලනවා ඇරෙන්න ;)

      මේ ලදරම මෙච්චර බලන්නේ තෝ වගේ ලදරම් කොලුවෝ තමා බං..

      Delete
  11. සුබ පැතුම්!!!

    හිටින්ට එපෝ....:)

    ReplyDelete
    Replies
    1. ඒක පොඩ්ඩිගේ ප්‍රාර්ථනාවකි.. හැක් හැක්..

      Delete
    2. කෙල්ලෝ කැමතිම නැද්ද බං හිටිනවට ??

      ලොල් !!

      Delete
  12. ලස්ස හයක් හිට්ටනේ,සුබ පැතුම් !!!

    ReplyDelete
  13. සුභ පැතුම් සැමෝ... ලියන්න පුළුවන් උන් නිලියන එක ගැන නම් පුදුම දුකක් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. නොලියන හොඳ සැට් එකක් ඉන්නවා..

      අවුස්සලා ගන්නෝනි මචං..
      ස්තුතියි..

      Delete
  14. බැන්දට පස්සේ හිටලා කියලා තමා හිතුනේ

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒව වෙන්න බැරි දේවල්ද මචං.. ?

      :)

      Delete
  15. ඒ.. සෑමා... හිටලද බං? අනේ වාසනාවන්... උඹටයි කිටියටයි සුභ පැතුම්...!!

    600,000 ටත් සුභපැතුම් බං...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම් දෙකටම.. ;)

      Delete
  16. මූ නම් හිටී....
    නැද්ද හා.....

    එල ආ....

    හිටින්ඩ එපා යවමු දිගටම
    ජයම වේවා !!!

    ReplyDelete
    Replies
    1. නොහිටා යවන්නම තමා හිිත.. :)

      ස්තුතියි දමියා..

      Delete
  17. ලස්ස හයට සුබපැතුම් සැමෝ .. මමනම් හිතුවෙම හිටලා කියලමයි. උඹ ඔය කිව්වට හිටලා ඇති දැන්නම් අනිවා

    ReplyDelete
    Replies
    1. නැවතිල්ලෙ හිටලා, හිතලා බලපං.. :)

      Delete
  18. පඳුර වටේ තලලා තලලා ඇත්ත කිව්වා එහේනම් නෑනටත් සුබ පැතුවා කියහං ජය..!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් අයියා..

      මේ පැත්තේ වරෙල්ලා දවසක,

      Delete
  19. හරි එහෙනං අපි එන්නම් සබන් අරං බබා බලන්න

    ReplyDelete
    Replies
    1. උබ ඉතිං ටිකට් බුක් කරන් එද්දි..

      කෙලින්ම කුමාරොදේ අරන් වරෙන් ලමයි මොන්ටිසෝරි යවන්න..

      Delete
  20. ලක්ස හයට සුභපැතුම් ඕං ඈ..

    ReplyDelete
  21. මචං..........................

    ලක්ෂ හයට සුභ පැතුම්.............. හදවතින් ම සුභ පැතුම්................ තව ලක්ෂ පහ හමාරක් විතර අපේ පැත්තට ආවාම අපිත් ලක්ෂ හයට එනවා. ඒක නිසා ඕක ඒ තරම්ම දෙයක් නෙමෙයි අපිටත් හරිය...................

    ඒක නෙමෙයි නැවතිලත් නැතිනම්, නවත්තලාත් නැතිනම්, හිටලත් නැතිනම් අහවල් එකක් වෙලාද බං

    ReplyDelete
    Replies
    1. අර හැලපයියා කිව්ව වගේ කොර ගහන සීන් එකක් තියෙන්නේ...

      ඒකනේ කියන්නේ ලක්ස ගනන් ගේමක් නැහැ.. අපිත් ඒ පැත්තෙ එනවානේ.. :)

      Delete
  22. ඒ කියන්නෙ හිටලාද? එල එල! ;)

    ලස්ස හයට උණු උණු සුභපැතුම් සෑමෝ....!!

    ReplyDelete
    Replies
    1. හිටලා නැහැ දිගටම ලියනවා :)

      ඉස්ටූටියි..

      Delete
  23. එකත් එහෙනං හිටලා නේ .. :3 ජය ජය

    ReplyDelete
  24. ආයේ අහන්නයි හොයන්නයි දෙයක් නෑ හිටලා හිටලා :P
    සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ෆල යන්න.. තෝ කෝමද දන්නේ?

      Delete
  25. අප්පේ ඈති යන්තං. මම හිතාගෙන හිටියෙ පෝ දින දහම් පඩුරත් දීල උඹ වනගත වෙලා කියල. දවස පටංගන්නෙ උඹයි සිරයි අටමයි අපේ ආමි අංකලයයි අර දේශකයයි මොව හරි ලියලද කියල බලාගෙනම තමා. එකක් හරි අප්ඩේට් නැත්තං ඉතිං කිසි ලොල් එකක් නෑ.

    ප.ලි. ලස්සම හයයි කියහල්ලකො ඉතිං හිටිල්ල නේ? මේ අව්රැද්ද ඉවර වෙන්ඩ කලිං මිලියනයටම යමු නේ.

    ReplyDelete
    Replies
    1. මාස දෙකට කොහොමද බන් ලක්ස දහයක් ගන්නෙ?

      දහම් පඩුර දීලා ගියේ උබලගෙ හිත් හදන්න :)

      Delete
  26. මචන් මමත් මෙ අහන්නමයි හිටියෙ තාම හිට්ටෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. නැතෙයි කියලද අහන්නෙ?

      :D

      Delete
  27. සාමා මොකෙන් හරි ගොඩ ගොස් ඇති බව ටක්කෙටම දන්න නිසා මම නම් බය වුණේ නැත. හයට සුබ පැතුම්!!! මචෝ.

    ReplyDelete
    Replies
    1. සාමා අමර ද?

      ටක්කෙටම උබ හරි :D

      ස්තූතියි !

      Delete
  28. දැන් නං හිටින්ඩ කාලේ.. තව ටික දවසක හිටියි..
    දිගටම කරගෙන යමු.

    ReplyDelete
  29. එහෙනම් කළගෙඩි වන්නමට සුභ පැතුම් ය. ලක්ෂ හයටත් එක්කම !! :)

    ReplyDelete
  30. අනේ මන්දා බං. අපිටත් හිතිලා, නමුත් ඩීසන්ට් කමට නො අහා ඉන්න දේවල් උඹම අහගෙන. ඉතින් මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. මචං හෙන්රියගේ අල්ලපු ගෙදර එකාද ඩීසන්ට්?

      :පී

      Delete
  31. ලක්ෂ හයෙන් හිටින්නේ නැතුව දිගටම පලයන්. නැත්නම් හිටෝ පස් ගහනවා. ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. හිටෝ පස් කියන්නෙ මොනද බං?

      ස්තුතියි.. තර්ජනයට..

      Delete
    2. හිටුවා පස් ගැසීම......ඇයි උඹට ඕනද?

      Delete
  32. සුබම සුබ පැතුම්....!!! අපි නම් දිගටම එනවා කියවන්න....

    ReplyDelete
  33. හුඟ දවසකින් මමත් ඔන්න අවා කුණු හපර නොවන සෑමා ගේ හපර කථාවක් අහන්න.

    ReplyDelete
  34. 600000 ට සුභ පැතුම්... හිටලනම් ඒකටත් එහෙම්මමයි.... :)

    ReplyDelete
  35. loku putha mama thumula math ube wade karanawa lawata

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...