Thursday, October 9, 2014

නැති වූ ජොකා නැවත හමුවෙයි.. - Found the Lost Thing !!!


නව පරිපාලන ක්‍රමය නිවසට ඒමට පෙර සෑමාගේ ඇදුම් සෝදා ගත්තේ සෑමාගේම සුරතින්ය. පාසල් කාලයේ නවය වසරට පය තබන තුරු රෙදි සේදීමේ කටයුතු අම්මා කළාය. ඇගේ මහන්සියට විරාමයක් තබන්නට සෑමා තමන්ගේ රෙදි පොට්ටනිය සුරතට ගත්තේ නමය වසරේ සිටය. නමය වසර යනු නව යෞවුන් කාලයයි. පාසල් ඇදුවේ කුණු බිදක් හෝ ගෑවෙනවාට අකැමැති යුගය දහය වසරින් පටන් ගත්තද නමය වසරේ සිට තමන්ගේ ඇදුම පැළදුම සහ කොණ්ඩය පිළිබඳව සැළකිලිමත් වීම පොදු පුරුෂ ශිෂ්‍ය ගතියය. නැතිනම් පාසලේදී, පන්තියේදී, බසයේදී, බස්හෝල්ට් එකේදී කෙල්ලෙකුගේ දිශ්ඨිය ලබා ගත නොහැකි බව පරම සත්‍යයක්ය. මන්ද එදා සිට කෙල්ලෝ ලව් කළේ ඇඳුම ඇතුලේ සිට කොල්ලාට නොව, කොල්ලාගෙන් පිටත ඇති ඇඳුමටය. ඒ පරම සත්‍යයට සෑමා මුහුණ දුන්නේද නමය වසරේ සිටය, එම සත්‍යය එසේ වූ නිසාම නමය වසරේ සිට පස්සෙන් පැන්නූ කෙල්ල, දහය, එකොලහද, දොළහ සහ දහතුනද පසුවෙන තුරු සෑමාට හොඳම මිතුරියක් මිස ආදරවන්තියක් නොවූවාය. එම පරම සත්‍යයට පිං සිදු වන්නට සෑමා ඇගෙන් තොර ලොවක වෙනත් කිරුළක් දැරුවේය. යම් දිනක ඒ ආදර අන්දරය බ්ලොග් ගත කළ යුතු බව සෑමාගේ හැගීමය.

කෙසේ හෝ නමය වසරේ සිට නව පරිපාලනයට එනතුරු සෑමා තමන්ගේ රෙදි තමන්ම සෝදා ගත්තේය. බෙහෝ පුරුෂයන් විවාපත් වූ විට කියන්නේ ගෙදරට “වොෂින් මැෂින්“ එකක් ගත්තා මචං කියාය. ඒ කියන්නේ තමන්ගේ රෙදි සියල්ල ගෙදරට ආ කාන්තාව හෙවත් භාර්යාව සෝදනවා කියාය. සෑමාට නම් උක්ත කාන්තාව සමඟම වොෂින් මැෂින් එකක්  ලැබුණු නිසා තත්වය වෙනස් වූයේය. එදා සිට රෙදි සියල්ල හෝදන්නේ මැෂිමේය. නමුත් මැෂිමට රෙදි ලෝඩ් කරන්නේ කාන්තා පාර්ශවයෙන්ය. තනිවම රෙදි සෝදා ගන්නා කාළයේදී ඇඳුම් කිසියම් බැලන්ස් කිරීමකින් භාවිත කළ හැකිය. උදාහරණ ලෙස ඔබට ඇත්තේ මේස් කුට්ටම් දෙකක් නම්, සතියේ කාර්යාල දින පහේදී ඔබට දින දෙකක් (සදුදා-අඟහරුවාදා) එකම මේස් කුට්ටම දමා, ඒ දෙක සෝදා දමා අනෙක් කුට්ටම් දෙක ඉතිරි දින දෙක (බදාදා-බ්‍රහස්පතින්දා) දැමිය හැකිය. එවිට ඔබ බදාදා දින මුල් දින දෙක දැමූ කුට්ටම සෝදා දැමිය යුතුය. එවිට සිකුරාදා, සහ සෙනසුරාදා නැවත එම පළමු කුට්ටම භාවිතයට ගත හැකිය. උක්ත ක්‍රම සහ විධි උපයෝගී කර ගනිමින් සීමිත ඇඳුම් ඇති නම් පිරිසිදුව අඳින්නට බැලන්ස් කළ හැක්කේ තමන් විසින්ම තමන්ගේ රෙදි සෝදා ගන්නවා නම් පමණක්ය.

එලෙසම සෑමා රෙදි සෝදන කාලයේ ජොක්කු බැලන්ස් කළේය. එක ජොකෙක් සෑමා අදින්නේ එක දිනයක්ය. නැවත අදින්නේ අනිවාර්යයෙන් සෝදලාය. කවදාවත් ජොකා තෙතයි කියමින් අයන් එකේ පුලුස්සා හෝ ෆෑන් එකේ එල්ලා වේලලා භාවිතා කර නැත්තේය. එහෙව් තත්වයක් යටතේ සෑමා අලුත් මැනේජ්මන්ට් එකට පෙර මැනවින් ජොක්කු තුනක් බැලන්ස් කළේය. එය සාධාරණ ලෙස කළ හැකි කටයුත්තක්ය. එහෙත් නව ජීවන ක්‍රමය, නව පරිපාලනය යටතේ මුල් කාලයේ සෑමාට කෙළ වූයේය. ඒ දිනකට දෙතුන් වරක් ජොකා තෙමාගෙන මාරු කරන්නට වූ සිද්ධියක් නිසා නොව පරිපාලනයේ දුර්වලතාවයක් වූ බැවින්ය. ඒ නිසාම නව පරිපාලනය යටතේ සෑමාට ජොක්කු පහක් (සුදු තුනයි - අළු දෙකයි) භාවිතය පවා අපහසු වූයේය. විටක පස් දෙනාම වැලේ එල්ලී සිට සෑමාට ඔච්චම් කළේ “අඩෝ උබ අද සිවිල් පිට හිටපං“ කියාය. ඊට හේතුව සතියේ දින පහක් අදිනා ජොක්කු සැට් එක සෙනසුරාදා හාෆ් ඩේ එකට පසු එක වර මැෂින් ගත කරන නිසාය. එවිට සෙනසුරාදා කලින් ඇඳපු එකක් අදින්නට සිදුවේ. එළෙසම ජොක්කු තෙත නිසා ඉරිදා දින නිවසට වී හිදින්නට වන්නේ සිවිල් පිටය. ඉරිදා සෑමාව සිවිල් පිට තබා ගැනීමේ උපක්‍රමයක් මත එය සිදු වූවා දැයි සැක සහිතය. එහෙත් අවුල වැඩි වන්නේ ඉරිදා කොහෝ හෝ ගමනක් යන්නට සැට් වුණොත්ය. එවිට පාරට බහින්නට වන්නේ සිවිල් පිටය.

උක්ත ක්‍රමය මුල් මාස කිහිපයක් තිස්සේ සෑමාට උග්‍ර ගැටළුක්ව දැනුනේය. විටක දින පහ අතරතුර එකෙක් අස්ථාන ගත වුවහොත් ගැටළු රැසකට මුහුණ දෙන්නට වන්නේය. ඒ අනුව සෑමාට ජොක්කු තුනක් බැලන්ස් කිරීමේ වාසිය තදින්ම දැනුනේය. එදිනම තමන් ඇදන් සිටින වස්තරය සෝදා දැමීමේ වාසිය මහත් යැයි සිතුන අවස්ථා අපමණය. සියල්ල එසේ සිදුවෙද්දී එක ජොකෙක් මිසින් වුණේ සිද්ධ වූයේ කුමක් දැයි සිතා ගත නොහැකිවය. පහක් බැලන්ස් කරන්නට ගොස් සෙනසුරාදා හාෆ් ඩේ එකට කෙළ වූ සෑමාට, අතරතුරදී එකෙක් අස්ථාන ගතව යෑම වාවා ගත නොහැකි පාඩුවක්ය. එලෙසම කිසිම විටක කවර් කර ගත නොහැකි සිද්ධාන්තයක්ය. කාර්ය බහුල වීම් සහ කම්මැලි වීමේ හේතූන් මත නැති වූ එකා සොයා ගන්නට සෑමාට නොහැකි වුයේය. එලෙසම සිද්ධ වුයේ කුමක්දැයි සිත ගත නොහැකිව සයනේ උඩුකුරුව කල්පනා කරන්නට වූයේය. සැට් එකම එකට සෝදා එක දිගට වැලේ එල්ලා දමන විටක එකෙක් මිස් වන්නට හේතුවක් ඇත්තේම නැත්තේය. ඒ නිසා සිදුවූ කිසිවක් නිෂ්චය කළ නොහැක. කළ හැක්කේ කාලයට ඉඩදී බලා සිටීම පමණක් යැයි සිතා සෑමා මුනිවත රැක්කේය. මැරිච්ච එකා පෝස්ටර් ගසාවත් හොයා ගත නොහැකිය. අතුරුදහන් වූවෙක් නම් පෝස්ටරයක් ගැසිය හැකිය. එහෙත් ජොකෙක් නැති වුවා යැයි පෝස්ටර් ගසනවා තියා කටක් ඇර කාටවත් කියන්නට නොහැකිය. කළ හැක්කේ සත්තකින්ම කාලයට ඉඩදී බලා සිටීමය. සෑමා එළෙස කලක් සිටියේය.

දිනක් හදිසියේම ඩිකිය අස් කරද්දී ෂොපින් බෑග් එකක ගුලි වූ ටකරමක් වැනි යමක් සෑමා දුටුවේය. වර්ණය නම් පුරුදුය. නහයේ තබා ඉබින්නට බැරි තැන සෑමා එය එළියට ගෙන දිග හැර බැලුවේය. අහෝ අතුරුදහන් වූ එකා ඩිකියේය. දැන් කළ යුත්තේ මේකා මෙතැනට ආවේ කෙලෙසදැයි මතක් කිරීමය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:12pm_08/10/14

67 comments:

  1. හරි මචෝ...මේ අර නයා අරිනවා වාගේ සෑමා ජොකෙක්ව නැති කරලා කියන්ඩ හදන්නේ, සෑමා බැන්දට පස්සේ නිකං විහිළුවටවත් ගෙදර රෙදි හේදූවේ නෑ කියලද???

    ReplyDelete
    Replies
    1. මේකෙ නයි,
      1.කාර් නයා
      2.හාමිනේ රෙදි හේදීමේ නයා
      3.Calvin Kනයා

      Delete
    2. 4. ඉරිදා සෑමාව සිවිල් පිට තබා ගැනීමේ උපක්‍රමයක් මත එය සිදු වූවා

      Delete
    3. වොෂින් මැෂින් නයා

      Delete
    4. @Gaijin- එදා අතින් කරපු එක අද මැෂින් එකේ වෙනවා එච්චරයි.. නයි ගැන කියද්දි මතක් වෙන්නේ පොඩි කතාවක්.. දිගයි.. ඔනෙම නම් පස්සෙ කියන්නම්..

      @රාජ් - තව දෙන්නද?

      @ප්‍රා - හිකිස්..

      @ප්‍රසා - කිව්වනේ.. තව දෙන්නද?

      Delete
  2. //දැන් කළ යුත්තේ මේකා මෙතැනට ආවේ කෙලෙසදැයි මතක් කිරීමය.//

    ආඩෝ ඕක උනේ අටමගෙ ගෙදර සෙට් උන දවසෙ නේද :D

    ReplyDelete
    Replies
    1. පිළිවෙලකට එන්න දෙන්නෙ නැහනේ උබලා.. මැදින් පනිනවා නේ...

      Delete
  3. නොදකින් මූසලය තෝ ඔය ජොකා දැන් අදින්ඩද යන්නේ , වල්ල කුනුවෙලා වැටෙයි යකෝ , අප්පිරියෙල් මාසේ නේද උඹ අර බීල වැඩිවෙලා නාගන එහෙම ජොකා අතේ අරන් ගෙදර ගියේ , උඹ ඇදුම් මාරුකරනකොට ගත්ත ලස්සන පොටෝ කෑල්ලක් තියනව දාන්නෙයි , හැබැයි ඒක දැක්කහමනං හිතෙනව උඹ මොකට ජොක්කු අදිනවද කියල . හෙන චුට්ටන්නේ බං

    ReplyDelete
    Replies
    1. කියන්න දියල්ලකෝ... ඒක විසික් කළා යකෝ..

      පොටෝ ඕනෙ නම් කියන්නම් නටන්නැතුව හිටු...

      Delete
    2. දෑවැද්දට ලැබුණු වැකි්‍යුම් ක්ලීනර් එකට මොකද වුනේ?

      Delete
    3. අහ්.. ඒක අටමා විනාස කළානේ..

      Delete
  4. ජොකුන් හා රෙදි වේලීම සඳහා හොඳම ඉස්තානය කාර් එකේ වින්ඩිස්කිරිම හා පස්සේ වීදුරුවය.. හැච් බැක් වල පස්සේ වැනිය නොහැක..

    ReplyDelete
    Replies
    1. අන්න කතාව..

      එදා වෙඩි තියා ගන්න ගිහිල්ලත් ඩෑෂ් බෝඩ් එකේ දාලා වේලුවා මචං සුපිරි අහ්...

      Delete
  5. //ඉරිදා සෑමාව සිවිල් පිට තබා ගැනීමේ උපක්‍රමයක් මත එය සිදු වූවා දැයි සැක සහිතය. //

    අඩෝ මේකෙන් කියන විදියට නම් මට තේරෙන්නෙ.. අල්ලපු ගෙදර කාට හරි තමා උවමනා වෙලා තියෙන්නෙ උබව සිවිල් පිට තියන්න... ආ බොරුද කියපන්...

    ReplyDelete
    Replies
    1. ඉරිදාට අපේ පැත්තෙ උන් දහම් පාසල් යනව බං...

      Delete
  6. අඩෝ උඹ ජොකා ඩිකියට දාල, ඩිකිය උඩ තියාගෙන 'නරක' වැඩක් කලා නේද?

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ.. මේ සිරිලංකාවේ ඕවට පොට් නැහැ නේ බං..

      Delete
  7. ජොකා ඩිකියේ තිබීම එකා ජොලියේ තැබීම තරම් අශෝභන ක්‍රියාවකි. වහාම 119 අමතා දැනුම් දෙන්න!

    ReplyDelete
    Replies
    1. කවුද බං ජොකා ඩිකයේ කියල කිව්වේ.. මම එහෙම ලිව්වෙ නැහැනේ..

      පලි- තොපි එක්ක බ්ලොග් ලියන්න බැහැ බං..

      Delete
  8. අර එදා වෙඩි තියා ගත්ත දවසේ..
    අර නංගිගේයි උඔයි ATM කාඩ් දෙක හිරවුන දවසේ..

    ReplyDelete
    Replies
    1. මම කියන්න ආපු එක කියලා බොලවු!

      එකෙන්ම, එදා තමයි ආයෙ හෝදන්න දෙයක් නෑ. :D

      Delete
    2. හෙහ් හේ.. මුන් ඉතිහාසයම අවුස්සල ගන්නව නේ...

      Delete
  9. එකේ නම් හිතන්න දෙයක් තියනවා.. ඩිකිය උඩ මොකද කරේ???

    ReplyDelete
    Replies
    1. ඩිකිය උඩ මක්ක කරන්නද බොල... අනික මේ සිරිලංකාවේ.. පොලිසිය.. ජනතාව.. ඇස් ඇරන් ඉන්නේ..

      Delete
  10. දැන් ඔය ජොකාට මොකක් කරන්නද බලාපොරොත්තුව?

    1. පොදු සමාවක් දීලා නැවත සේවයේ පිහිටවනවද?
    2. දැඩි දඬුවම් දීලා කුණු කූඩෙට දානවද?

    ReplyDelete
    Replies
    1. විසික්කලා යකූ.. ඒ ටකරමට පුක කැපෙයි නැත්තං...

      Delete
  11. වෙඩි තියාගත්ත දවසේ ජොකා පිටින් ගගේ නලා තෙත ජොකා ඩිකියට දාලා උබ සිවිල් පිට ගියා නේ.

    ReplyDelete
    Replies
    1. එදා වෙච්ච දේ නම් තක්කෙටම හරි මචං.. මේ ඊට කලින් වෙච්ච සීන් එකක් ලියන්නේ.. ;)

      Delete
  12. ඔය එලිවෙන්නෙ. කොහෙද ඉතිං කම් සැප විඳින්න ගියාම ජොකා ගැන මතකයක් තියේයැ.
    දැන් ඉතිං ඕක මිසිස් සෑම්ගෙන් වසන් කරගෙන ඉන්න තරමට බොට වාසියි.

    ReplyDelete
    Replies
    1. අඩෝ පවුල් කඩන ප්‍රකාශ නිකුත් කරන්න එපා...

      Delete
    2. ඩිකියේ මල් මල් යට ඇදුමකුත් තිබුනා ඒත් ඉතින් කටක ඇරලා කියන්න පුලුවනැ

      Delete
    3. පුදුමයි උබට එලද බ්‍රා එකක් ගැන කියන්න අමතක වුන එක

      Delete
  13. උඹ තැන තැන දාලා ගිය ජෝක්කු සේරම ඔහොම හම්බ වුනානම් බේල් කඩයක් දාන්න තිබ්බා ,රාගම හංදියේ

    ReplyDelete
    Replies
    1. රාගම ඔය මලජරාව විකුනන්ඩ ආවොත් ගහල පන්නනව , විකුනගන්ඩ කියහං බියගම හන්දියේ

      Delete
    2. පට්ට කතාව අටමෝ+++

      Delete
    3. ඉවා - රාගම හංදියක්ද බං? තුහ්..

      අටමා - බියගම.. අන්න හංදිය.. පුහ්..

      අරූ - උබ කොයි හන්දියෙද බොලව්...

      Delete
    4. විජේරාම හංදියේ.

      Delete
    5. අටමෝ බියගම හන්දියේ දාන්න අවොත් එලවනවා රාගම නවලෝක හන්දියට

      Delete
  14. අපූ මුටනම් ඉරිදට මොකකටවත් කතාකරන්න නරකයි

    ReplyDelete
    Replies
    1. හුකෑස්... අඩියක් ගහන්න නම් සිවිල් පිට අවුලක් නැහැනේ..

      Delete
  15. සෑම උඹ කලිනුත් කාර් එකක ජොකෙක් වේලගන්න ෆොටෝ එකක් එක්ක පෝස්ට් එකක් දාල තිබ්බ නේද?

    කොහොම උනත්, උඹෙ කතාවෙන් කියවෙන්නෙ ල්ංකාවෙ අති බහුතරයක් පිරිමි/ගෑණුන්ගෙ කතාවම තමා. අපේ උන් බහුතරය්ක්ට ෂර්ට් 10, කළිසං 5 විතර තීනව අඩුම ගානෙ. ඒත් ජොක්කු 3 නැත්තං උපරිම 5, ලේන්සු මේස් උනත් එහෙමම තමා.

    යකෝ, පිරිමියෙක් උනාම ( තණිකඩ ටීන් කාලෙ ගැන නෙමේ මේ කියන්නෙ ) අඩුගානෙ ජොක්කු 6 වඩා, කලිස්ම් වල පාටට ගැලපෙන්න ලේන්සු 5 විතර, මේස් කුට්ටං 5ක් 6ක් තියෙන්නම ඕන. කොහෙද, අපේ උං පිට ඔපේ මිසක්ක මදේ ගැන හිතන්නෙ නනෙ.

    ReplyDelete
    Replies
    1. /* කාර් එකක ජොකෙක් වේලගන්න ෆොටෝ එකක් එක්ක පෝස්ට් එකක් දාල තිබ්බ */

      http://samindikasrimantha.blogspot.com/2013/09/better-place-to-hang-your-underwear.html

      Delete
    2. Thanks!!

      සාදර අනුග්‍රයහ කකාLink

      (මතකද ඉස්සර තිබ්බෙ Call<Link)

      Delete
    3. @ඉන්දික
      +++++++++++++++++

      Delete
    4. ඉන්දික - නව පරිපාලනයට අනුව උබ ඔය කියන විදිහට මම මේස් කුට්ටං.. ජොක්කු සැට් එහෙම අරන් දුන්නා.. හැබැයි ලේන්සු නැහැ..

      කකා- යකූ මටවත් මතක් වුණේ නැහැ ඔය ලින්කුව. කකා ලින්ක් රාජයෙක් නේ...

      Delete
    5. අන්න ඉන්දික කතාව. මටත් හිතාගන්න බැරි ඇයි අපේ උන් අච්චර ගණං දීල කලිසම් කමිස ගන්න එකේ මේ ජොක්කු, මේස්, (ටයි) වගේ දේවල් වලට මෙච්චර ලෝබකම් කරන්නේ කියලා. අඩුම ගානේ සතියේ දවස් ගානට ගැලපෙන්න බඩු තියෙනවා නම් ඔච්චර නහින්න ඕනේ නෑනේ.

      Delete
  16. ජොක්කු ගැන වෙනත් කතන්දර කීපයකට ලින්ක් අවශ්‍ය නම් දන්වන්න.

    ReplyDelete
    Replies
    1. ලින්ක් යොදන්නේ නම් මේ බ්ලොගේ කිසිම වාරණයක් නැත ;)

      Delete
  17. මොකක්ද වෙච්චි අළුත් මැනේජ්මන්ට් වෙනස? මැශිම දාන්න හම්භ වෙන්නෙ සතියකට දවසද? අර ඉස්සර අතින් කරපු එක දැන් මැශිමෙන් කරනව කිව්වෙ..මං අහන්නෙ ඒ මැශිම නෙවෙයි රෙදි හෝදන මැශිම ගැන.. මැශිම ගමේ තියල ඇවිත් කොළඹ තනියෙන් කුරුටු ගාන හිංද මට නං ඔය 'ගානට බැලන්ස් කරන' වැඩේ කරන්න අමාරුයි.. සමහර දවසට ගෙදර යන්නේ හතරගාතෙන්නෙ.. හිත හදාගෙන අමතර ස්ටොක් එකක් මේන්ටේන් කරනව..:P

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මාත් කිව්වෙ රෙදි හෝදස මැෂිම ගැන ;)

      අමතර ස්ටොක් එකක් තියෙනව කියන්නේ ෂේප්. ඒත් ස්ටොක් දෙකම හෝදන්න බැරි වුනොත්.. ?

      Delete
  18. කොච්චර වුණත් ගැනීගෙන් දැවැද්ද ගත්තු හරි නැහැ බං :D

    ReplyDelete
    Replies
    1. මූත් මේ ලබ්බක් කතා කරනවා >.<

      Delete
  19. //විවාපත් වූ විට කියන්නේ ගෙදරට “වොෂින් මැෂින්“ එකක් ගත්තා මචං කියාය//

    සෑමා... ඕකෙන් වොෂින් මැෂින් වැඩේ විතරක් නෙමෙයි තව වැඩ කිහිපයක් ම කරගන්න පුළුවන්..

    1. වොෂින් මැෂිම
    2. රයිස් කුකර් එක
    3. ---------------

    සාමාන්‍යෙයන් ඕකට කියන්නේ ත්‍රී ඉන් වන් කියලා........... හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ත්‍රී ඉන් වන් කියන්නේ තුනම ඇතුලට ගියාම නේද :))

      Delete
    2. තුනම ඇතුලට දාන්න නම් හුබසක් තමයි

      Delete
  20. ඕක ඉතින් කාර් එකේ දි ගැලෙව්ව්වම මොකෝ.. නේද සෑමෝ :D :D

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්.. වැඩේ වෙනව නම් කොතැන වුනත් අවුලක් නැහැ තමා..

      Delete
  21. දන්නවද මම කොච්චර පොසතෙක්ද කියලා? 26 ක් තියනවා 26 ක්. මේ දැන් ගිහින් ගණන් කොරලා ඇවිත් මේ කමෙන්ට් එක කොටන්නේ. අම්මපා කබඩ් එකේ එක තට්ටුවකම වැඩ වසන්නේ උන්.

    සෑමෝ, කාටවත් කියනවා එහෙම නෙවෙයි. අපි අටේ නවයේ පන්තිවල ඉන්නකොට ඇන්දේ වවුලා මාක් එව්වා.

    ReplyDelete
    Replies
    1. අඩේ.. අපේ කොල්ලෙකුත් හිටියා ඔහොම පුංචි කාලෙ ඉදන් ජොක්කු එකතු කරපු.. ඒකනේ 26ක්ම තියෙන්නේ...

      වව්ලා මාක් ඒවා ඉස්සර මාකට්ද බං?

      Delete
    2. කලිසං නැද්ද? ඡොක්කු විතරද අදින්නේ?

      Delete
    3. @ සෑම්. පොඩි කාලේ ඉඳලා එකතු කරපුවා නෙවෙයි දැන් අඳින ඒවා. වවුලා මාක් මහලා දුන්නේ අම්මා. ඒවා අතෑරියේ පන්තියේ කොල්ලන්ට අහුවෙලා ඒක ගලවලා ඉස්කෝලේ ළඟ ගහක එල්ලුවාට පස්සේ. එව්වා නියම කතා.

      @ මෙන්ඩා. අම්මපා මට කලිසම් තියෙන්නේ 10ක් 15ක් විතර.

      Delete
    4. 26 ම එක දවසේ හෝදලා වැලේ දැම්මොත් බෝධිය වටා දාපු කොඩි වැලක් වගේ තියේවි නේද? මාතලන්ට ඔහොම 26 තිබුනා නම් වෙසක් දවසට ගේ වටේට කොඩි වැලක් අදීවී.

      Delete
  22. ගෙදර තිබ්බෝත්නේ හෝදන්නේ. උඹට තියෙන්නේ සඳුදාට දෙකක් අඳින්න. එළියෙන් ඇඳපු එක අඟහරුවාදා ඇතුලට ඇඳලා තව එකක් උඩින් අඳින්න. බදාදට අඟහරුවාදා ඇඳපු එක ඇතුලෙන් ඇඳලා, අලුත් එකක් පිටින් අඳින්න. බ්‍රහස්පතින්දත් ඕකම කරපන්. සිකුරාදා ටත් ඒකම කරපං. ඇත්තටම උඹලගේ ගෙදර ඔක්කොම රෙදි හෝදන්නේ සෙනසුරාදාද බං ? මශිමකුත් තියාගෙන. එක්කෝ අර විචාරකගෙන් දෙකක් ඉල්ලා ගනින් ණයට.

    ReplyDelete
    Replies
    1. //එක්කෝ අර විචාරකගෙන් දෙකක් ඉල්ලා ගනින් ණයට// බලාගෙන ඕව අස්සෙ පරණ බුලට් එහෙම තියෙන්න පුලුවං.

      Delete
    2. සතියම දෙන්නම වැඩ නිසා එක පාර මැෂින් ගත කරන සංකල්පය තියෙන්නේ..

      විචාරකගෙන් ඉල්ලලා මැෂිමටන්ට් ගහන්න වෙයි වකා ජොටේට...

      Delete
  23. යකෝ මුගේ කල්පනාවේ තරම.

    ඔයින් ගියා ඇති. තව මොන මොනවා කොයි කොයි තැන් වල තිබිලා හම්බුවෙයිද දන්නේ නැහැ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...