Tuesday, June 17, 2014

මාකට් කිරීම... - Targeting the Market !!


සරලව සියල්ල මාකට් වී හමාරය. ජාතිය, ආගම සිට සියල්ල මාකට් එකේය. එකෙක් ගොඩ යන්නට අනෙකා තලා පෙලා දමන්නට තමන්ගේ දේ මාකට් කිරීම ආරම්භ වී ඇත්තේය. ඒ කාලයේ මාකට් කිරිල්ල නොතිබුණා යැයි නොකියමි. නමුත් අද තරම් තරඟයක් නොතිබ්බේය. විටක මිහිඳු හිමි ලංකාවට බුද්ධ ධර්මය ගෙනැවිත් මාකට් කළා යැයි කියන්නාවූ සමාජයක් මැද, එයින් පසු සිදුවූ දෑ සියල්ල මාකට් හෙවත් කාගේ හරි ඇඟේ ගැසීමක් සිදු වූවා යැයි නොකියන්නේ කවුද?

විටක සෑමා බුදු දහම මාකට් කළේ යැයි කියන්නට පිරිස් ඉදිරිපත් වුවොත් එයට පුදුම විය යුතු නැත්තේය. වෙසක් සතියකට වෙසක් කළාපයක් ඉදිරිපත් කිරීම, පොසෙන් සතියට පොසොන් කලාපයක් ඉදිරිපත් කිරීමේ, ආරම්භය හදුන්වාදුන් සෑමා බුදු දහම මාකට් කොට බ්ලොග් එක ගොඩ දා ගත්තේ යැයි කියන්නට කිසියම් හෝ තැනක මුඛයක් විවර විය හැකිය. බුදුන් දවස බුද්ධ රශ්මිය වැදී ලෝකයම බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳවන සඳ දේවදත්තයන් නැගී සිටියේ බුදුන්ට එදිරිවය. එහෙව් කළෙක එසේ වූවා නම් මෙදවස සෑමාගේ වෙසක් කළාපයට එදිරිව හඬක් නොනැඟුනේ නම් පුදුම සහගතය. එහෙත් හිට්ස් ප්‍රස්ථාරය දෙස බලාගෙන වෙසක් කළාපයක් ලිව්වා නම් ඒ සතිය අවම හිට්ස් ලැබූ සතිය, හෝ මාසය වන්නේය. ඒ තරමට අපේ උන් ධර්මයට, ධර්මය ගැන අසා දැන ගැනීමට අකැමැතිය.

ඉතින් ලිවිය යුත්තේ කුමක්ද? හොඳන්ම මාකට් කළ හැක්කේ කුමක්ද? සරලය. ප්‍රභා ජීවත්ව සිටි කළ තම සහචරයන්ට කොටා පොවා, බෙල්ලේ සයනයිඩ් කරල බැන්ඳේ ජාති වාදී වියරුවය. තමාගේ නොවන අනෙක් ජාතියේ උන් දුටු තැන මරා දැමිය යුතුය. උන් අපට එරෙහිය. එකම ලේ නොවන්නේය. තම ජාතියට එරෙහිව නැගී සිටින්නෝය. එසේ නම් උන් දුටු තැන මරා දැමිය යුතුය. නැතිනම් මරාගෙන මැරිය යුතුය. එවිට ඔබ ජාතියේ ගලවා ගැනීමේ නායකයෙක් වන්නේය. ජාතියට, ආගමට ණය නැති පුතෙක් වන්නේය. ඕනෑම ජාතියක, ආගම එකෙක්ට වස පෙවිය හැකි හොඳම වෙලඳපොල ජාතිවාදයයි. ආගම් වාදයයි. කෑමක්, බීමක්, බෙහෙතක් වේවා අද මාකට් කරන්නේ “ගන්න අපේ දේ..“ කියාය. එතැන සැඟව ඇත්තේ මාකට් එකේ හොඳම සාරයයි. හොඳටම මාකට් කළ හැකි තැනයි. එතැන් පටන් ඇරඹෙන්නේ අනෙකා මලත් තම ජාතිය, ආගම ගොඩ දමා ගත යුතු යැයි කියවෙන සංකල්පයයි.

දෙපැත්තට බෙදී මරා ගන්නට ආගමක්, ධර්මයක්, ජාතියක් මාකට් කළා නම් ලැබෙන්නේ කුමක්ද? වසර විස්සක් පුරා බැට කෑ ජාතියක්, විලි ලැජ්ජා නැතුව බලා පොරොත්තු වන්නේ ලංකාව දෙකට බෙදා ගන්නටද? නැතිනම් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමටද? නැතිනම් ඒ ගැන කතා කරනා උන්ට ලේබල් ගැසීමටද? මුහුණ දෙන්නේ පිළිතුරක් නැති ප්‍රශ්න ජාලාවකටය. අපට අපේ කම, අපේ ජාතිය, ආගම ගැන ඇති කැක්කුම, උන්ටත් ඒ වගේම නැතැයි කිව හැකිද? තීරණයක් නොමැත. කතා කිරීමෙන් සිද්ධ වන්නේද ලේබල් වලට යටත් වීමක්ය.

වෙසක් සතියේ දිනක, ලංකාදීප පුවත්පතේ මැද පිටුවේ අපූරු වෙළඳ දැන්වීමක් තිබුණේය. මැද පිටු දෙකම එකතු කොට තිබුනේ නිකන්ම හිස් පිටු දෙකක්ය. තනිකරම සුදු කිසිම අකුරක් නොලියවුණු පිටුවේ යටින් ඉතා කුඩාවට තිබුවේ පේලි හතරක කවියක්ය. එය දුටු වහාම ෆොටෝ එකක් ගන්නට සෑමා පෙළබුනේ මාකට් කිරීමේ කලාව ගැන ලිපියක් ලියන්නටය. එහෙත් එදා ඒ ලිපිය ලිව්වාට වඩා මේ දවස්වල මාකට් කිරිල්ල ගැන ලිවීම උචිත යැයි සිතුනේ ලිපිය ලියන්නට පටන් ගත්තාට පසුය. මන්ද මේ දිනවල කට්ටිය මාකට් එකේ බැහැලා වැඩ නිසාය. කඩෙන් කෑම කා අත පිසදාන්නට දෙන පත්තර පිටුවේ සාපය අප සියල්ලෝම දන්නෝය. අත් දෙකේ තෙත් වතුර පිසදමා, ඒ පත්තර කඩදහියෙන්ම මුහුණ පිසදා ගතහොත් වන්නේ කළු කාබන් කට පුරා, මුහුණ පුරා, ගා ගන්නට වන්නේය. ඒ නිසාම දැන් බොහෝමයක් කඩවල් වල අත පිසින්නට ටිෂූ දිය නොහැකි තැන තබා ඇත්තේ කාබන් අකුරු නොමැති, තනි පාට කඩදාසි කොළය. එම ක්‍රමය වඩාත් සාර්ථක වන්නේය. 

මේ වගේම තවත් ලෙඩක් වැටෙන්නේ සිල් ගන්නා උදවියටය. සිල්ගත්ත එකෙක් හැටියට සෑමාද මේ සාපයට ගොදුරු වී ඇත්තේය. මන්ද කඩදහි කොළ දමා සුදු ඇඳුම හැඳගෙන ඉදගත් විට ගෙදර ගොස් කාබන් යවන්නට වන්නේය. පත්තර පිටුව එහෙම්මම සරමේ ප්‍රින්ට් වන්නේය. සිල් රෙද්දේ කාබන් වැදීම නැති කිරීමේ සත් අරමුණින් රක්ෂණ සමාගමක් විසින් වෙසක් දින, ලංකාදීප පුවත් පතේ මැද පිටුව හිස් පිටුවක් කර තිබුණේ කවි පදයක් සමඟමය.

දැක ඇති නම් අය පුද බිම පින් කරන - පාට තැවරෙනා පත්තර මත හිඳින
ඒ වෙනුවෙන් හිස් කළ මේ පත්තර අසුන - දන් දී පෝ දිනේ බෝ පින් ලැබ ගන්න


වෙසක් දා ඇඩ් එකට පසු පොසොන් දවසේද තවත් ඇඩ් එකක් සෑමාගේ ඇස ගැටුනේය. එහි තිබුණේ හිරු රශ්මියට සෙවනක් වූ බුදු පිළිමයක්ය. ඒ සෙවනේ සිල් ගන්නා උපාසිකාවෝ දෙදෙනෙක් සිටියෝය. ඉන් කියවුනේ තම ආයතනයේ නිශ්පාදන මගින් ලබා දෙන සෙවන සහ සිසිලස ගැනය. එය කුඩ ඇඩ් එකක්ය.


උක්ත ඇඩ් දෙකේ වරදක් මා දකින්නේ නැත. සියල්ල මාකට් වෙන කාලයේ ජාතිය, ආගම, මාකට් නොකර සිටින්නේ නම් පුදුමයක්ය. මීට සරලව කිව හැක්කේ...

'අහේතු කාලෙන කජ්ජේන පුහුලං' කියා පමණක්ය.


Written_by_sAm_ශ්‍රී_Perera_7:35am_17/06/14

44 comments:

  1. ඇයි අප්ප මේ දවස්වල තව මාකටින් එකක් යනවනෙ...
    තමන්වම මාකට් කරගැනීම...
    ඔවය නානසාරල එහෙම පොරවල් වෙලා මාකට් වෙන්න හදන්නෙ...
    අර සමන්ත භද්‍රල මාකට් කරගත්තෙ තමන්වම...
    එහෙව් එකේ ඔය ඇඩ් දෙක මොකද්ද දැනෙන්නෙ වත් නෑ..
    අනික බුද්ධ දර්ශනය ආගමක් කරන් ඒක මාකට් කරන රටක හොදටම මාකට් කරන්න පුලුවන් මහාදම දේ බුද්ධාගම නෙව...
    නැත්නම් මෙච්චර බුද්ධා කඩ බිහි නොවී තියේයැ

    ReplyDelete
    Replies
    1. ඇත්තට බොල.. මටත් හිතෙනවා.. මාවම මාකට් කර ගන්න..

      එක්කෝ උසාවියට කුනු හබ්බයක් කියල බනිමුද?? අර ගොනා, බූරුව කියල මාකට් වෙච්ච එකා හිරේ ගියා වගේ..

      Delete
  2. සියලු දේම විකිණෙන රටේ ආගමක් නොවිකිනේයැයි සිතිය හැකිද.

    ReplyDelete
    Replies
    1. සියළු දේ කියන්නෙ??

      විකිනිච්ච නැති අහවල් ඒව කොච්චර ඇතිද බොලව්..

      Delete
  3. කජ්ජ බිසෙන මාකටින් බං මේවා.

    ReplyDelete
    Replies
    1. අම්මපා අදමයි ඇහුවේ ඒ විදියේ මාර්කටින් ගැන.....!

      Delete
    2. ඒ මාකටිං මෙතඩ් එක පිරිමින්ට විතරක් වෙන්ඩෑ :D

      Delete
    3. අම්මද බොල.. නලියා..

      Delete
  4. ඕක ලස්සනට කියන්නේ මෙහෙමයි " සීමා මායිම් නැති අලෙවිකරණය "

    ReplyDelete
  5. වීරවංශයි, පංචිකයයි, අතුරලියේ අතනයි, ආන්ඩු විරෝධයක් මාකට් කොරගෙන, එතකොට නානසාරෙයා හලාල් එක මාකට් කොරගෙන, ජනතා ප්‍රශ්න යටපත් කරන එක තමා මාකටිං වල අලුත්ම ප්‍රවණතාවය.

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්න ටික තමා බං ජනතා ප්‍රශ්න ;)

      අවුලක් නැහැනෙ එතකොට !

      Delete
  6. කතාව පස්ට ඇත්තය. සමස්ථය මාකට් වන්නේය. එසේ ම සමස්ථයම මාකට් වී හමාරය. දේශපාලන සන්ධර්භය තුළ ලැට් පෝච්චි වල සිට රටවල් දක්වා ද ජාත්‍යන්තරය දක්වා ද මාකට් වන්නේ ය. ඉතින් ත්‍රස්තවාදයක්, යුද්ධයක් හෝ එයින් මිය යන මිනිසුන් යනු මාකටින් වලම කොටසකි. ජනාධිපතිවරණය ලං වන විට වීරවංශට ආණ්ඩුවේ ඇද පෙනීම ද එක මාකටින් ක්‍රමයකි. රට ගිනිගහන්න චීවරධාරීන් පොරකන විට රතනට වකුගඩු පමණක් පෙනීම ද මාකටින් ක්‍රමයකි. ඉතින් සෑමෝ අපි ඒ අතින් කොයි තරම් නම් අහිංසකද??????????????????

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම, අපි මාකටින් පොඩ්ඩයි නේ??

      Delete
  7. මේ කාලේ මාකට් කරන්නේ මොනවද කියන එකට වඩා මාකට් නොකරන්නේ මොනවද කියල හොයන එක ලේසියි.

    ReplyDelete
  8. බහිරහා චිකන් අනුග්‍රහයෙන් බණක් ගියොත් උඹ අප්ෂට් වෙන්න එපා සැමෝ...

    ReplyDelete
    Replies
    1. චිකන් විතරද?? බීෆ් පවා ස්පොන්සර් කරයි..

      Delete
  9. මේකනේ... අපේ උන් ඉතිං තමාගේ අම්මෞනත් මාකට් කරන උන්නේ... ප්‍රශ්නේ ඕවා ඔය කෑ කෝ ගහන කවුරුත් දකින්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. උබ කියනකල් මට හිතුනෙත් නැහැ :)

      Delete
  10. අපිට හොරෙන් අපි අපිවම මාකට් කරන රටක්නෙ බං මේක.

    ReplyDelete
    Replies
    1. උබවනම් විකුණලත් වැඩක් නෑ මයේ හිතේ.....! :D

      Delete
    2. තොරන් ගහන්න විතරයි බං උස ගස් මාකට් :පී

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දාපු කොමෙන්ටුව සැර වැඩී වගේ හිතුනා....

      Delete
    2. සැරයි කියන්නෙ කවුරු හරි ජැකලින් වගේ 'දයියා' කියලා කිවුවද? :)

      Delete
    3. සැර එක මේල් එකක් වත් ඇවිත් නැහැනෙ..

      Delete
  12. //'අහේතු කාලෙන කජ්ජේන පුහුලං' කියා පමණක්ය.//

    මේකෙන් තේරෙන්නේ අහේතු කාලයට, කජු ගෙඩියෙන් පුහුල් ගෙඩියක් එනවා කියලා නේද? :D

    ReplyDelete
    Replies
    1. හොඳ වේලාවට පොඩ්ඩි ඔයා මේක තේරුම් කරලා දුන්නේ මම මේ දහාඅතේ කල්පනා කෙරුවා මේ සැමා මොකක්ද මේ කියලා තියෙන හරුපේ කියලා.:D

      Delete
    2. පොඩ්ඩිට වැඩි වැඩියෙන් ලැබේවා මේක අපිට පහදලා දුන්නට .!! ඕ යේස්.

      Delete
    3. පොඩී ලබ්බෙයි, පුහුලමෙයි වෙනස දන්නවද??

      මගෙන් අහ ගන්න..

      Delete
  13. මොනවද බං විකුණන්නේ නැත්තේ මේ සමාජේ හැමදේටම මිලක් නියම කරලා තියෙන්නේ.
    හැමෝම හැමදෙයක්ම දැන හෝ නොදැන මාකට් කරන එකයි කරන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන ගෙන නම් කමක් නැහැ.. නොදැන මාකට් වෙන එක තමා අවුල..

      Delete
  14. දැන් අර උබත් ෆොලොවර්ස් ලට පස්සේ ටිකක් ඉඩ තියලා එහෙම මාර්තුකාව දාලා තියෙන්නේ කාට හරි ඉඳ ගන්නද???

    ReplyDelete
    Replies
    1. අඩේ ඒක තාක්සනික් අවුලක් :)

      Delete
  15. හ්ම්ම් හ්ම්ම්............. :/

    ReplyDelete
  16. මගේ ඉතිං වැඩිය පත්තර බැලිල්ලක් නැති නිසා අර ‘පත්තර පුටුව‘ දැක්කෙ උඹ මේකෙ දමපු නිසා බං. ඉඳල හිටලවත් කියවන ඉරිදා පත්තරවල පිටු පුරවල තියෙන මිත්‍යාවයි අරවයි මේවයි කුණුගොඩවල්වලට වැඩිය ඒවත් පත්තර පුටු කළානම් හොඳයි කියල මේක දැක්කම හිතුනා බං, අඩුතරමෙ තීන්ත ටිකවත් ඉතුරුයි.

    ReplyDelete
  17. මේවා ගැන මෙහෙම කතාකරන එකත් එක විදිහක මාකට් එකක් තමා බං..

    ReplyDelete
  18. සැමාගෙන් මාකටින් ගැන ඉගනගත යුතුය. ! 

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...