Saturday, June 21, 2014

සාධූ ද ? සා‘ඩෝ‘ ද? - Its all about losing the RESPECT !!


ධර්මය යම් දිනයකදී අස්ථාන ගත වන්නේය. ධර්මය විකෘති වීම් මගීන්, තම තමන්ට සැප සුඛ විවරණය සඳහා ධර්මය විකෘති කර ගැනීම මඟීන් දිනෙක ධර්මය අස්ථාන ගත වන්නේය. අධර්මය රජ කරන්නේය. එතැන් පටන් මිනිසුන් පෙරුම් පුරන්නේ මතු බුදුවරයෙකු පහළ වෙන තුරුය. පුංචි කාළයේ සිටම හොඳ දේ කියැවෙන තැනදී අපි සාධූ කියා කියන්නට පුරුදු වුණෙමු. සමහරෙක් සිවුර දුටු තැන අන්න සාධූ.. කීවේ සංඝයා වහන්සේටය. ලොකු පන්තිවලට යද්දී කොල්ලෙක්ට කෙල්ලෙක්ට අකරතැබ්බයක් වුණොත් එතැනදී අපේ උන් සාධූ කීවේ ආතල් එකටය. කරදරයක් වුණ එකාට හොඳ වැඩේ කීමටය. තවත් ලොකු පන්ති වලට යද්දී බුද්ධ ධර්මය උගන්වන්නට පන්තියට එන හාමුදුරුවන්ට සාධූ කීවේ නැතිය. මුල් දිනවල සිටම හාමුදුරුවන්ගේ නමත් සමඟම අහවල් හාමුදුරුවෝ යැයි අප ආමන්ත්‍රණය කරන්නට වූවේය. එහෙත් පසුවට වේවැල කෝට්ට රැගෙන පන්තියට එද්දී, ගාථා පාඩම් ගනිද්දී අපිට පහර දෙන්නට වූ තැන් වලදී හාමුදුරුවන්ගේ නමට ආදේශක හෝ වෙනත් නම් වැටෙන්නට වූයේය. එතැන් පටන් ගෞරවය පහළ බැස, විවිධ නම් පට බැඳෙන්නට පටන් ගත්තේ සිවුරේ සිටින මිනිසාගේ ගතිගුණ අපට ගෝචර නොවූ තැනදීය. 
Add caption

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය ඇත්තෝ උපාසකයෝය. බුද්ධ සහ ධම්ම පිළිබඳව සැකයක් නැතිය. සරණ යා හැකිය. තෙවෙනුව සංඝ සරණ යාමේදී වර්ථමානයේ දෙවරක් සිතන්නට වන්නේය. මන්ද සිවුරට ගරු කරන තැනදී සිවුර ඇතුලේ සිට එළියට බසිනා මිනිසා ගෞරවය ලබා ගැනීමේ තැනට වැඩ සිද්ධ නොකිරීම නිසාය. එකී මිනිසා තුල දිවෙන දේශපාලනය, සිවුර ඇතුලේ සිටින මිනිසාගේ සිත ද්වේශයෙන් පුරවන්නේය. එහෙව් තැනකදී “අනේ අපේ හාමුදුරුවනේ...“ කියා බැති සිතින් කට පුරා කතා කරන්නට ගිහියා දෙවරක් සිතන්නේය.

දේශපාලන පක්ෂ නිර්මාණය කරගෙන එළියට බැස්ස බහුතරයක් හිමිවරු දැන් බණක් දහමක් කියාගන්නට වත් නොහැකි තත්වයක සිටින්නෝය. ඔවුනට එදා තිබූ ගෞරවය අද හීන වී ගොස්ය. මාකට් එක හීන වී ගොස්ය. එදා කට පුරා අනේ අපේ හාමුදුරුවනේ කියා සුමිහිරි ධර්ම දේශනා ගෙන ඒමට සමත් වූ එකී බහුතරය අද නිහඬය. ඉදහිට බණක් දහමක් දේශනා කළද ඉස්සර ගතිය නැත්තේය. ගතිය කීවේ සුමිහිරි ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් සිතේ ඇතිවන සුවය ශාන්තියට මිස ද්වේශයෙන් ස්ටේජ් එකක් තම කෑගසමින් සිටිනු දැකීමෙන් සිතට ලැබෙන අවේගකාරී කික් එක නොවේය. අපි සාධූ කීවේ නිරාමිස සුවයකට මිස, අවේගකාරී කික් එකකට නොවේය. හම්බ හැත්තට (හම්බ හැත්ත යනු මුස්ලිම් ජනතාව නොව අන්තවාදී මුස්ලිම් අයය.) ධර්මය දෙසන්නට පෙර, අපේ හැත්තට (අපේ හැත්ත යනු සිංහල බෞද්ධ ජනතාව නොව අන්තවාදී සිංහල බෞද්ධයෝය. චීවරධාරියෝද ඇතුලුය.) ධර්මය දෙසිය යුතුය.

පුංචි කාලයේ සිට අප සාධු කීවේ තුන් වරක්ය. විටෙක ඇදලා හතරවෙනි වතාවටත් සාදු කියා ඇත්තෙමු.

කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ත සංවරෝ

පළමු සාධුකාරය කයින් සංවර වීම සුහද ගුණයක්, සාධු ගුණයක්. 
දෙවන සාධුකාරය වචනයෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්. 
තෙවන සාධුකාරය මනසින් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්.
හතර වෙනියට ඇදල දුන්නු සාධුකාරය. සියලු ආකාරයෙන්ම සංවර වීම සාධු ගුණයක්.

මා මෙතෙක් ගරු කළේ සාධු ගුණයට මිස අවේගකාරී සාඩෝ ගුණයන්ට නොවේය. එදා හාමුදරුවරු සාධු ගුණයට හිස නමා සාඩෝ නොකියා පෙරලියක් කළේ රට රැක ගන්නට මිස බඩ රැක ගන්නට නොවේය. අද කිසිවෙක් අන්තවාදීන්ට එරෙහිව කටයුතු කරන්නේ නම් එතැනදී සාධූ ගුණය මැකෙන තැනට පත් නොවිය යුතුය. 

ඉස්සර හිටියේ රතන හාමුදුරුවෝය, ධම්මාලෝක හාමුදරුවෝය, අවසන වටරැක හාමුදුරුවෝය, එහෙත් අද සිටින්නේ රතන, ධම්මේ සහ වටරැක ලාය. ඒ අතර ඥාණසාර හාමුදුරුවෝ වෙනුවට සිටින්නේද ඥාණසාරලාය. පාසල් සමයේ බුද්ධ ධර්මය සටහන් ලියන විට සෑමා “බුදුරජානන්වහන්සේ“ කියා ලියැවෙන තැනට “බුදුන්“ හෝ “බුදුහිමි“ කියා සටහන් පොතේ ලීවේ අකුරි ලිවීමට ඇති කම්මැලිකම නිසා සහ වේලාව ඉතුරු කර ගැනීම මිස අගෞරවයට පත්කිරීමට නොවේය. එහෙත් අද පත්තර පිටු වල ලියැවෙන්නේද  හාමුදුරුවන් කියන කොට නැතිවය. ඥාණසාර හිමි වෙනවුවට, ඥාණසාර කියාය. බහුතරයක් හාමුදුරුවෝ යැයි නොකියවෙන තත්වයට වැටී ඇත්තේය. ඊට හේතුව සිවුර ඇතුලේ සිටින පුද්ගලයාගේ නොදැමුණු, අශාන්ත බවය. අහිමි වූ සාධූ ගුණය නැවත ලබා ගන්නට මුලින්ම කටයුතු කරන්නේ නම් මහ සටනට හයියක් වෙනවා ෂුවර්ය. මන්ද චන්ඩාශෝක ධර්මාශෝක වූයේ කෑගසනා, දඟලනා හිමි නමක් දැක නොව, ශාන්තව ගමන් කරනා සංවර හිමි නමක් දැකීමෙන්ය.

පලි - ලිපියට මුල් වූ නිමිත්ත, මාරයා බුකියේ දැමූ ස්ටේටස් එකක්...

“ඥානසාර කියන්නේ බුදු හාමුදුරුවෝ නෙවෙයිනේ.. නබි කියන්නෙ අල්ලත් නෙවෙයි... මෝසස් කියන්නේ දෙවියනුත් නෙවෙයි... දෙවැනියෝ හැමෝම තම තමන්ගේ දේශපාලන වැඩට පලවෙනියාව පාවිච්චි කරපු අය.. ඒ හින්දා දෙවැනියෝ ඉද්දි කට්ටියම පලවෙනියා අදහගෙන දෙවැනියෝ කියපු කරපුවා අමතක කලානං කිසි අවුලක් නැහැනේ...“

Written_by_sAm_ශ්‍රී_Perera_7:03am_21/06/14

21 comments:

  1. මාරයගෙ කතාව තමා කතාව...
    ඇත්තටම සෑමො අද වෙද්දි ඉන්නෙ පස්සෙං යන්නෙ මිසක් දැන හැදින ශ්‍රද්ධාවන්ත වීමත් නෙවේ..
    ඒකයි නානසාර ල හාමුදුරුමො නොවෙන්නෙ...
    මොකද උම්බෑ කිය කිය පස්සෙන් යන වස්සො වගේ යන මිනිස්සුන්නෙ හිතේ තිවයන්නෙ ශ්‍රද්ධාවක් නෙවීනෙ...
    මේක පස්සෙං ගියොත් ත්‍රිල් කියන හැගීම විතරයි

    ReplyDelete
    Replies
    1. චියර්ස්.........මචං ...අද උඹ එක වෙලා ...

      Delete
  2. මේ මගුල් දැන් එපා වෙලා අෆ්ෆා ,මුන්ට දෙවියන් ගේ හාල් කැවිලා

    ReplyDelete
  3. පොස්ටුව අවසානයට දැක්කත් මාරයා කියා තිබෙන දේ සහතික ඇත්තය ..

    ReplyDelete
  4. //චන්ඩාශෝක ධර්මාශෝක වූයේ කෑගසනා, දඟලනා හිමි නමක් දැක නොව, ශාන්තව ගමන් කරනා සංවර හිමි නමක් දැකීමෙන්ය.// ඔය උඩ දාගෙන ඳගලන ඇත්තො මෙන්න මේදේ තේරුම් ගත්තා නම් සෑහෙන්න වටිනවා බං.

    මාරයා අයියගෙ කතාව ඇත්ත. ඔය ඳග දාන හැමෝම පෘතග්ජනයො නොවැ.

    ReplyDelete
  5. මාරයගෙ කතාව ඇත්ත. ඒත් පලවෙනිය අදහන්න මාර්ගය පෙන්නන ඈයො ඒක නොකර වෙන වෙන කුණුහරුප කරනවනං ඒ මාර්ගය හොයාගන්න සෑහෙන්න උත්සාහයක් දරන්න වෙනව.

    ReplyDelete
  6. අඩෝ..........සාඩෝ හරිද? ඊළඟට හැන්දෑ වෙනකොට සා...........ඩෝප්

    ReplyDelete
    Replies
    1. හහා සාඩෝප්ලා වෙන්නැති කැම්පස් ඉන්න කාලෙ හවසට කඩ වලට ඇවිත් බයිට් අරන් වඩිනවා ගිලන්පසට කටගැස්ම වලඳන්න. 

      Delete
  7. ලියල තියෙන දේ සහතික ඇත්ත . ගෞරවය යනු බලෙන් ලබා ගත යුත්තක් නොව තම ක්‍රියාව අනුව උපයා ගත යුතු දෙයකි.

    ReplyDelete
  8. සහතික ඇත්ත. මාරයාගේ මාර වාක්‍යයටද මගේ උත්තමාචාරය!

    ReplyDelete
  9. ඔය ඉන්න එහෙකුටවත් බුද්ධපුත්‍රයෝ කියන්න බැහැනේ. මෙහෙත් පන්සල් නම් 25ක් විතර තියෙනවා. ඒවා ගැන ඉතින් කතා නොකර ඉමු. මගේ යාළුවෙක් නම් කියන්නේ බුදු පිළිමයයි, නමට හරි චීවරය තියෙන නිසායි පන්සල් යනවා කියලා.

    ReplyDelete
  10. මහන වෙන්නෙත් මිනිස්සු නේ..... අපි අතරෙ ඉන්න කීපදෙනෙක් ගැන හිතන්න.... (අපිත් ඇතුලුව) මහන උනොතින් සීයට සීයක් දර්මය අදහාගෙන ඉන්න උපෙශල ශික්ශාකාමී උන්දැලා වෙවිද? අපිත් අපිටම ඔබින වියාපුරුතියක් කරගෙන කීයක් හෝ හම්බ කරමින් කාමෙසුමිච්චාරා එකේ හොඳ එකෙන්ම සැප විඳිමින් ඉඳීවි....

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො
    කම්මණා වසලො වසලො හොති කම්මණා හෝති බ්‍රහ්මණො..

    බුදුන් ඒ කාලේ මේවා කියලා තියෙන්නේ නිකන් නෙවෙයිනේ බන්

    ReplyDelete
  13. මුන්ට දෙන්න ඕනේ රජ කාලේ දඩුවම් බං.සාමය,සහජීවනය හදන්න ඕනේ එවුන් එක නැති කරලා විනාශ කරලා දානවා.
    අනිත් දේ පිදිය යුත්තෝ පිදුම් ගන්න නම් උන් ඒ විදියට හැසිරෙන්න ඕනේ.පිදිය යුත්තෝ කියලා සමාජේ කියන උන් හැසිරෙන්නේ සත්තු වගේ නම් වනචාරීන් වගේනම් කොහොමද උන්ව පුදන්නේ.?

    ReplyDelete
  14. සැමා දීල තියෙන්නෙ ඔය රිදෙන්නම..

    ReplyDelete
  15. //ආගමික, සංස්කෘතික බැඳීම් වලින් ඇතිවෙන නීති රීති වැඩිපුරම ඕනෙ වෙන්නේ තමන් තුළ ස්වයං විනයක්, ස්වයං පාලනයක් ඇති කරගන්න තරම් දියුණු මනසක් නැති මිනිස්සුන්ට... එහෙම ආගම් ඇති වෙන්නේ ඉඳලා හිටලා බිහිවෙන දියුණු මනසක් තියෙන පුද්ගලයෙක්ගේ පස්සෙන් යන්න තරම් දියුණු මනසක් තියෙන පුද්ගලයෝ නිසා.... එහෙම පස්සෙන් ගිහින් හරියට තේරුම් ගන්න අයගෙත් පස්සෙන් යන අය, ඒ අයගෙ පස්සෙන් යන අය, ඒ අයගේ පස්සෙන් යන අය... කිය කිය ඕක කාලාන්තරයක් යද්දි ආයිත් ඒ දියුණු මනසක් තිබ්බ පුද්ගලයන්ගේ පස්සෙන් යන්නේ දියුණු මනසක් නැති අය.... අන්න එතකොට දර්ශනය ආගමක් වෙනවා.... කොටින්ම කිව්වොත් අන්න එතකොට කෙළ වෙනවා..... ඔන්න ඔහොමයි මට හිතෙන්නේ... //

    පරක්කු වෙච්ච වෙසක් පණිවුඩයක් නොවේ.... ඉල්ලීමක් පමණයි....


    කලින් ලියපු එකක්...

    ReplyDelete
  16. සැමා,
    අද සති අන්ත පත්තර වල ලිපියක් තියෙනවා මුගලන් පරම්පරාවේ හාමුදුරුවරුන් ගැන ඥනාසාර හාමුදුරුවෝ කරන විස්තරයක් එකත් බලලම මේ ලිපිය ලිව්වා නම් (සංශෝධනය කළා නම් ) හොඳ නැද්ද?

    ReplyDelete
  17. අනේ ඒ උනාට බං වලියක් මරණයක් නැතුව කිසි කික් එකක් නෑ බං.ඥාණසාරට මගේ ප්‍රණාමය!!

    ReplyDelete
  18. කාලෝචිතයි සෑමා... මේ ෆෝම් වෙච්ච කබ්බොයි, උන්ව ෆෝම් කරන පිස්සු බල්ලයි මේ රට කනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...