Tuesday, June 10, 2014

සීනි වෙනුවට දෝසි කෑම... - Option for Sugar !!


සෑමා මෑත කාලයේ පලකල ලිපියක නිවසේ අවශ්‍යතා නිවැරදිව කලමනාකරණය කරගැනීම සදහා වටිනා ක්‍රමයක් කියා දුන්නේය. එහි සදහන වූයේ කුස්සියට උවමනා බඩු මුට්ටු නිවැරදිව, කල් ඇතුව නිවසට ගෙන්වා ගැනීමට නම් කුස්සියේ පොත් පින්චක් තැබිය යුතු බවය. ඒ අනුව සෑමාගේ ගෙදර කුස්සියේද නෝට් පැඩ් එකක් තැබුවේය. එහි මුලින්ම ලියන්නට සිද්ධ වන්නේ පෑනක් අවශ්‍ය බවය. මන්ද පොතේ ලියන්නට පෑනක් නොතිබුණු නිසාය. පෑනක් කෝ ඇසූ විට කිටී කීවේ හෑන්ඩ් බෑග් එකේ කියාය. ඉන්පසුව හෑන්ඩ් බෑග් විස්සක් තිහක් අස්සේ පෑන තියෙන එක සොයා ගැනීම අපහසු විය. නැවත සෑමා ඇසුවේ හෑන්ඩ් බෑග් එක කෝ කියාය. පසුව නිවැරදි බෑගය සොයාගෙන පෑන ගන්නට වූයේය. එදා එලෙස ලියවූ ලිපියෙන් කියවුනේ නිවසේ බඩු වැඩි වීමෙන් මුහුණ දෙන්නට වන්නාවූ අකරතැබ්බ සහ නිසි කලමනාකරණයකින්, පෙර සූදානමකින් නිවසට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන ආ යුතු බවක්ය.



එහෙත් හැම ක්‍රමයක්ම සදාකාලික නොවන බව වැටහුනේ විවාහයෙන් මාස කිහිපයකට පසුවය. මුලින්ම බඩු ලිස්ට් පොත අප අතරින් ඉවත්ව ගියේය. තවත් ප්‍රසිද්දියේ කිව නොහැකි ක්‍රම කිහිපයක් නැතිව ගොස් අලුත් ක්‍රම අප සොයා ආවේය. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගැන පොතේ ලියන ක්‍රමය වෙනුවට සතියකට වරක් පොලේ යාම, සුපර් මාකර්ට් යාම අපට හුරු වූයේය. මුල් සතියේ ගමේ පොලට සෑමා බැස්ස දවසේ පොලේ සිටි දන්නා හදුනනා උන් බැලුවේ පිටසක්වල කුමාරයයි, උගේ පවුලයි පොලේ ආ ලෙසින්‍ ය. සමහරු සිත යටින් සිතන්නට ඇත්තේ "ආ ඔය කරගත්තේ.." කියා විය යුතුය. කෙසේ හෝ බැදගත් බෙරේ ගැසිය යුතු බවටත්, මට වෙච්ච දේ එතරම් දෙයක් නොවන බවට සතුටක් දැනුනේ අමිලයාව පොලේදී මුණ ගැසුනු නිසාය.

"අඩෝ, අමිලයා පේනවනේ අපිට වෙච්ච දේ... "

"පිස්සුද බන්.. උබ ඔය බැදලා පොලේ එන්නේ.. මම මේ බදින්නෙත් නැතුව පොලේ එන්නේ.."

අමිලයා සෑමාගේ සිත සනසන වදන් කිහිපයක් කීවේ ඈතින්සිටි තම පෙම්වතිය පෙන්වමින්ය. උගේ වෙඩිමට තවත් තිබ්බේ මාස කිහිපයක්ය. ඊටත් පෙර සිටම කොල්ලා වැඩට බැස තිබ්බේය.

කෙසේ හෝ නිවසේ නැති බඩු පොත් නොතැබීම නිසාවෙන් තරමක අපහසුතා මතුවන්නට පටන් ගත් බව කිව යුතුය. "ගෙදර පොල් තෙල් නැහැ.. එද්දී අරන් එන්න.." වැනි වචන දුරකතනය ඔස්සේ නිතර ඇසෙන්නට ලැබුනේ පොත නොමැති වීමෙන් පසුය. පොල් තෙල් බිත්තර වැනි දෑ කිටියා රැගෙන එන්නට කියූ කළ ඒවා ගෙදරට ලැබෙන්නේ දින කිහිපයකට පසුවය. ඒ සෑමාගේ කල්පනාවේ හොඳකම නිසාය. එහෙත් ඒවා නොමැතිවද ගෙදර කෑම, බීම සැදෙන්නේය. තෙල් නැත්නම් කෑම හැදෙන්නේ කෙසේද? යන්න සෑමාගේ සිත තුල කැකෑරෙමින් තිබූ ප්‍රශ්නයක්ය. එක්කෝ ගෙදර තෙල් අහවර වීමට ප්‍රථම කිටියා පෙර දැනුම් දීම් කරනවා විය යුතුය. එසේ සිතාගෙන සෑමා දින කිහිපයකට පසුව තෙල් රැගෙන ආවේය.

එහෙත් පසුගිය දිනක සිදුවූයේ මහා ඛේදවාචකයක්ය. දින කිහිපයකට පෙර කිටියා සීනි රැගෙන එන ලෙසට ඉල්ලීමක් කළාය. එය පොතේ හැටියට ගෙදරට රැගෙන එන්නේ දින දෙකකින්ය. මන්ද සෑමාගේ කල්පනාව ඒ තරමට හොඳය. විවාහයට පෙර අම්මාගේ තේ එක උදේම ගසන සෑමා එහි වැඩි සීනි ඇති නිසා ඉතා සතුටින් බිව්වේය. එහෙත් කිටියා අවධානමට පෙර සූදානම කියමින් සීනි දාන්නේ අඩුවෙන්ය. හිත හදාගෙන එම තත්වයට සෑමා දැන් හුරු වී ඇත්තේය. සෑමාගේ තේ එකේ කෝප්පයේ පාවෙන පෙන තිබීම, රස්නය නොමැති වීම, පිටි කැටිති තිබීම වැනි හේතු තේ එක විසි කිරීමට හේතු වන්නේය. රස්නය නැතිව තේ එක බීම සිද්ධ වන්නේ පමා වී අවදි වීමෙන්ය. එය බොන්නටම වූ තැන කරන්නේ ඇස් දෙක තදින් පියාගෙන අරක්කු බොන ආකාරයට එක හුස්මට ගිල දැමීමය. පිටි කැටිති තිබූ විට නම් නැවත තේ එක පෙරීමට සිදුවන්නේය. ඉකුත් දා පාන්දර තේ එක කටේ තබන විටදීම පිටි කැටිති ලෙස දැකීමෙන් සෑමා තේ එක පැත්තකින් තැබුවේය. මල කෙලියක්ය. නිදිමර ගාතයේ තේ එක පෙරන්නට සිද්ධ වන්නේය. එය පෙරා නැවත බිව් සෑමා ඉන් පසුව කිටියා ඇමතුවේය.

“තේ එකේ මොනවද කැට වගේ තිබ්බා.. ඔයා ඒක පෙරුවෙ නැද්ද?“

“නැහැ.. මම පෙරල නේ ගෙනාවේ...“

“මම ආයෙත් පෙරල බිව්වෙ.. මොනවද පා වුණා..“

“අප්පට හුඩු එහෙනම් පුහුල් දෝසි වෙන්න ඇති...“

“මොක?? දෝසි???“

“ඔව් බබා ගෙදර සීනි නැති තැන, පාන්දර මම දෝසි ටිකක් හූරලා තේ එකට දැම්මා.. ඒ කෑලි පොඟලා කැටි ගැහෙන්න ඇති...“

එම වචන ස්වල්පය ඇසී සෑමාගේ ඇඟ කිලි පොලා ගිය අතර ඔක්කාරයට වගේ ආවේය. එහෙත් කතා කළ යුතු තැන එතැන නොවන නිසා සෑමා සද්ද වසාගෙන සිටියේ, කුමක් හෝ ගෙදරට රැගෙන එන්නට කියූ කළ ඒ අවස්ථාවේම රැගෙන ආ යුතු බව සිතේ තබා ගනිමින්ය.

නැති නම් ගෙදර දෙහි නැති විටක, ෂැම්පූ පැකට් එකක් කඩා කෑමට දමනවා ෂුවර්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:12am_10/06/14

පලි - අඩේ තෙල් නැති කාලෙ මොනවද මන්දා කෑමට දැම්මේ???

74 comments:

  1. සෑමගෙ කම්පනාවෙ තරම....
    හය්යෝ...
    හොද වැඩේ....
    ආපහු අර පොත දාගත්ත නං ලේසි වෙය් නේහ්...

    ReplyDelete
    Replies
    1. පොත හොදයි වගේ.... මම ඉස්සර හිතුවේ ඒක මහ කරුමයක් කියල..

      Delete
  2. සරත් අයියාගේ පෝස්ට් එක කියවලා හිනා කෝටියක් දාල ඉන්න වෙලාවේ මේක කියවලා හිනා වෙලා මැරෙන්න ගියා ඔයි .... කාලෙකට පස්සේ ඔෆිස් සිට එකේ වාඩිවෙලා ඉන්නේ ..... බොලා අපිට වැඩක් කරන්න දෙන්නේ නෑ හිනා ගස්සනවනේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කාලෙකට පස්සෙත් උඹ වැඩක් කරන්නේ නෑ , අනේ අම්මපා

      Delete
    2. යකෝ අපේ බොසාට නැති අමාරුවක් මුටනේ තියෙන්නේ

      Delete
    3. අඩෝ ඉවන් කියන්නෙ බොලාගේ බොසාද කියල කවුද දන්නෙ???

      Delete
  3. හැබෑට තෙල් වෙනුවට මොනා දානවා ඇද්ද? මේ තාම කල්පනා කරනවා. Shoe Polish ??? තෙල් කරවෙලා වගේ පේනවා නම් ඔන්න හරියටම හරි. :D

    අනේ සෑම් කියන වෙලාවට බඩු ටික ගෙනත් දෙන්ට. :)

    ReplyDelete
    Replies
    1. shoe liquid එක එහෙම තෙල් වෙනුවට දාන්න බැහැ නේද බොල??

      දැන් වෙලාවට බඩු අරන් යන්න තමා කම්පනාව...

      Delete
    2. බටර් වෙනුවට තෙල් ෆ්‍රීස් කරනවද?

      Delete
    3. පොඩ්ඩි අත්දැකීමෙන්ද කියන්නෙ?

      Delete
  4. පොලේ යන්න බඳින්නම ඕනැයැ.. මම ඉක්කෝලෙ යන එකා කී පාරක් පොලේ ගිහිල්ල ඇත්ද.. :3
    නෝට් කෑල්ල ආපහු තියමු නෙහ්..නැත්තං බොට ළඟදිම ඇලජික් එකක් හැදිල තමා නතර වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ යන කාලෙ මොකටද බං පොලේ ගියේ??

      Delete
  5. බඞත් කොරවෙලා හිනාවෙලා.

    ReplyDelete
    Replies
    1. උදේ පවුල හදල දිපු තේ එකට ද බඩ කොර වුනේ??

      Delete
  6. සෑමා ෆුල් බොඩි චෙකප් එකක් කරගැනීම කෝකටත් හොඳය , සමහර විට අර අපේ උන් හොයන ස්වාභාවික ගෑස් නිධිය සෑමාගේ බඩෙන් මතුවීමට හොඳටම ඉඩ ඇත

    ReplyDelete
    Replies
    1. ගෑස් නිධිය කොහොම උනත් සීදූවෙ DCSL එකේ ඉස්ටෝරුව වගේනං ඇති :D

      Delete
    2. ඉවාන් - ගෑස් නිධිය මගෙන් මතු වුනොත් මාව විකුණගෙන ඡන්දයක් තියයි බං..

      පත්තර මල්ලි - අඩෝ මොක වුනත් චොකලට් නේ...

      Delete
  7. මරු යකෝ. ඔහොම තමයි රස කෑම බිහි වෙන්නේ. අලුත් රෙසිපි බිහි වෙන්නේ. අලුත් අලුත් දෑ නොතනන...

    ReplyDelete
  8. ලේසියි පහසුයි..විකල්ප. දැක්කනෙ.. :-D

    ReplyDelete
    Replies
    1. විකල්ප.. වලදි මලොත් වග කියයිද?

      Delete
  9. බිත්තර ඉවර උන දාට කියපන් ඩාලින්, සුදු මදේ විතරක් දෙන්න පුළුවන් එම්ලට් කාලක් හදන්න ඔයත් උදවි කළොතේ, අත්නම අත්මසිමේ පිහිට තමා.

    ReplyDelete
  10. පලිය තමයි මටත් ප්‍රශ්නයක් උනේ, එන්ජින් ඔයිල් කෑන් එක අඩුද බලපන්, කෝකටත් කිරි ටොෆි වගේ කෑමක් දුන්නොත් නොකා හිටු.

    ReplyDelete
    Replies
    1. ඔයිල් වෙලාවට මාරු කරන නිසා අඩුවක් නැහැ ;)

      Delete
  11. ජිවිතයේ පාඩම් සෑමා විසින් දැන් ක්‍රම ක්‍රමයෙන් උගනිමින් සිටින්නේය කියා අපට නිගමනය කළ හැක.

    ReplyDelete
    Replies
    1. ඩිග්‍රිය ගහනවා කෝම හරි..

      Delete
  12. කියන මංගල්ලයක් එදාම ගෙනත් දියන් මලේ. නැත්තන් රසබර බ්ලොගක් නැතිවෙනවා ෂුවර්.
    ඔය පිටි කැට වෙන සීන් එකනම් මගෙත් පුෂ්පය පනින දෙයක්. දෙකක් දාලා වැඩි වෙච්ච දවසට පහුවෙනිදා අනිවාර්යෙන් ඔය කැටි ගැහැච්ච පිටි තියෙන ටී එක ලැබෙනවමයි. අමතක වෙලා හරි සද්දෙ දැම්මොත් ලාංකීය වනිතා කටහඩේ මවුලි මංග්ල්ලය උදේ පාන්දරින්ම පටන් ගන්නවා. ඒක නිසා ඒ වගේ දවසට තේ එක සින්ක් එකට දාලා වේස්ට් එකේ ඉතිරිවෙන පිටි කැට ඉක්මනට ඈගිල්ලෙන් දියකරලා පා කර යවනවා.

    ReplyDelete
    Replies
    1. ෂිරාවට.. කෑමක් වැරදුනොත් මරණයක් නේ..

      හිකිස්.. මාත් කැට තිබ්බොත් විසික් කරනව ඉස්සර..

      Delete
  13. අන්න ඒ වගෙ අළුත් ක්‍රම වලට මං නං කැමතියි.. පුහුල් දෝසි කාල තේ බොන්න පුළුවන් හකුරු එක්ක වගේ ඉතිං ඕක තේ එකටම දාල බිව්වම මොකෝ !
    ඔය ලිස්ට් කොච්චර ලිව්වත් ආයිත් අමතක උන දෙ ගන්න යන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ලිස්ට් අසාර්ථකයි තමා.. ඒත් ඕනෙම දේවල් ඒකෙ ලියවෙනවා..

      අමතක වෙන දේවල් විදිහට දැනෙන්නේ නිතරම ඕනෙ වෙන්නෙ නැති දේවල් නේ??

      Delete
  14. හිනා කාලා මැරෙනවා බොල…… :)

    තෙල් නැති වෙලාවට මචෝ ඔය පොඩි මොනවා හරි බැද ගන්න එහෙම බටර් පාවිච්චි කරන්න බැරිද? හැබැයි ඉතිං තෙල් දාන කෑම ජාති වලට එහෙම නම් බටර් දාලා හරි යන්නෑ මයෙ හිතේ. මම හිතන විදිහට තෙල් වෙනුවට බටර් පාවිච්චි කරන්න පුළුවන්.

    හොද සූපවෙදියෙක්ගෙන් අහගන්න බැරිද දන්නෑ

    ReplyDelete
    Replies
    1. ඇයි එන්ජින් ඔයිල්....! හැක....

      Delete
    2. බටර් වෙනුවට ජෑම් නං පුලුවං :D

      Delete
    3. මේව ගැන කමෙන්ට් දාන්න එපා යකූ මට මේ විදිහට හදල දෙයි අපේ එකී..

      Delete
  15. සෑමෝ මේකට ටැගක් දාපං 'සැමියෙකුගේ ශෝකාන්තය' කියල. මෙකෝ මේක නවතින කතාවකුත් නෙවේනෙ

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ටැග් වුන එකේ වරද නේ/?

      Delete
  16. //ඔව් බබා ගෙදර සීනි නැති තැන, පාන්දර මම දෝසි ටිකක් හූරලා තේ එකට දැම්මා.. ඒ කෑලි පොඟලා කැටි ගැහෙන්න ඇති...//

    මටනං දුක හිතුන. ඒ කෙල්ල උඹ සීනි ගෙනාවෙ නෑ කියල රන්ඩු නොවී කොහොම හරි තේකක් රසට උඹට දෙන්න මොන වදයක් විඳිනැද්ද! තොපි ඔක්කොම ( මාත් එක්කම ) එක ජාතියෙ ජරා උන්. ගෙදර දේ විතරයි අමතක.

    ReplyDelete
    Replies
    1. ඉන්දික අයියා කිටියා ගැන ධනාත්මකව හිතල නොවැ...

      ඇත්තට අපි ජරා උන් නේ ?

      Delete
    2. ඉන්දික අයියේ..... ++++++++++++++++++++++

      Delete
  17. පස්ට කතාව සෑමා................. සීනි වෙනුවට දොසි..............

    මචං මටනම් සීනි නැත්තම් ඉතින් තේ නෑ.... මොන දෝසි ද?????? කිටියා හොදා..........

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ලුණු වත් දාල ඉල්ල ගන්ටෝ

      Delete
  18. කිරිපිටි ඉවරඋනදාට :D

    පුංචි අපිට හොඳ ආදර්ශ ....

    ReplyDelete
    Replies
    1. එහෙම නම් දියර කිරිම බොනවා ;)

      Delete
  19. සැමෝ.....................හොඳ වෙලාවට මේ මුත්‍රා සීනි කියන ඒවා කැටි ගැහෙන්නේ නැත්තේ. හෙහ් හෙහ්.....

    ReplyDelete
  20. ගෙදර පිටි නෑ කියල බොට ගේන්න බැරිවුන දවසක රොටී එහෙම හදල දුන්නොත් කන්න නං එපා පුතෝ.

    ReplyDelete
  21. සෑමාට හොඳ වැඩේ..රූ මහත්තයා නම් කරන්නේ ෆ්‍රිජ් එකේ මැග්නට් එකක් අලෝලා කොල කෑල්ලක් තියන එක..පෑන ෆ්‍රිජ් එක උඩ තිබ්බෑකි..
    මොනවා හරි ගේන්න කියලා ලියලා තිබ්බොත් කොලේ සාක්කුවට දාගෙන තව හිස් කොල කෑල්ලක් අලෝලා යනවා..

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ සිස්ටොම් එක එළ ඈ !!

      Delete
  22. මතක් කරලා අනිත් දවසේ පුහුල් දෝසි ගෙනත් තියපන්

    ReplyDelete
  23. තෙල් ඉවර උනාම සෑමාව එල්ලලා තෙල් හිදියි කඹරයා වගේ.. ඇයි ඉතින් උඹනේ බඩු ගේන්න අමතක කරන්නේ...

    ReplyDelete
    Replies
    1. මාව එල්ලුවොත් ගන්න වෙන්නෙ ඇල්කෝල් බං !

      Delete
  24. මේ උඹේ අර නයිට් රයිඩර් කාරෙකට කියපංකෝ ගිහින් බඩු ටික පටෝගෙන එන්ඩ කියලා.. රූං ගාල ගිහිං බඩුටික ගෙනත් කුස්සියෙන් තියලා ගැරිජ් එකේ පාක් වෙයි.. මොකෝ උඹ බීල ඉන්න වෙලාවට විතරෙයි කාරෙකේ සෙල්ෆ් ඩ්‍රයිවින් ඔන් වෙලා ඉබේ ගෙදර එන්නේ ..හැක් බොරුනම් ස්ටාට් කරලා කියල බලපන් ෆුඩ් සිටියට ගිහින් එන්න කියලා. :D

    ReplyDelete
    Replies
    1. කාර් එක දන්නේ ගෙදර එන්න විතරයි බන්....! මුවගේම

      Delete
    2. ඔව් ඔව් , මූ දන්නේ ගෙදරින් යන්න විතරයි,එන්නෙ කාර් එක තනියම :D

      Delete
    3. බලපං උබල තාම අටම කියන දේවල් විස්වාස කොරනව නේ ??

      ;)

      Delete
  25. පිරිමින් වන අපි සියලු දෙනාගේ ගෙදරට අදාල කාර්යන් වලදී ඇති කාර්ය ශුර භාවය මෙවන් නිසා, ඉදිරියේදී තනිකඩයින් පවුල් වෙමෙන් පසු අත්වීමට ඇති ඉරණම ගැන මැනවින් පහදා දීම ගැන සෑමාට ස්තුතිය.....!

    ReplyDelete
    Replies
    1. සැමගෙන් අහ ගනින් වැටෙන්නේ නැතුව බයිසිකල් පදින හැටි

      Delete
    2. හුකෑස් .. ගින්දර ඉවා ගින්දර !!!

      Delete
    3. තොපි දෙන්නට කිව්වා කියලා හිතාගනින්.....!

      Delete
    4. මොකක්ද බං බයිකල් කතාව??

      Delete
  26. ගෑනුන් කෝල් කර ඉල්ල‍න දේ ඒ අවස්ථාවේම ගෙනත් දෙන එක හැම අතින්ම යහපත්ය.
    උඹටනං පුහුල් දෝසි දාල හරි ‍කිරි එක හම්බවෙනව. මෙහේ සීනි නැතුවම තමයි කිරි එක බොන්න‍ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සීනි නැතුව කිරි නං කමක් නෑ ඒකත් නෑ බං :D

      Delete
    2. අඩේ මේ පැත්තේ තත්වය “තාම“ සාමකාමී එහෙනම්...

      Delete
  27. පරිස්සමින් හිටු එහෙනම් භර්යා තෙමෝ තව,තව මොනවා දේවිද මන්ද බොට පහු පහු වෙනකොට ආදේශක විදියට...:D

    ReplyDelete
    Replies
    1. හිත කඩන්න එපා මචං... බය හිතෙනවා..

      Delete
  28. ෂා කිටිය හරි ක්‍රියෙටිවු නේ.කොකටත් කල්පනාවෙන් හිටු

    ReplyDelete
    Replies
    1. පුදුම ඇලර්ට් එකේ බං මම ඉන්නෙ..

      Delete
  29. දැංනං බයේ බෑ දැංම යාලුවෙලා ඉන්න කෙල්ලත් එක්ක ගිවිසුමකි ගහගන්න ඕන කඩේ යාම ගැන

    ReplyDelete
    Replies
    1. පෙර සූජානම හොදා බොලව්..

      Delete
  30. බස්සි හොඳටම පරක්කුයි නෙව.

    අයියෝ බය වෙන්න එපා. තෙල් වෙනුවට දාන්න ඇත්තෙ බටර් හෝ මාජරින්.
    හැබැයි ඒවත් ඉවර වෙලානම්.
    අන්න දැන් පුලුවන් බය වෙන්න... :P

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...