Thursday, May 1, 2014

කම්කරු දිනය? දේශපාලුවන්ගේ දිනය? - Labor's Day or Politicians Day ??


සොලවමින් කොඩි
තබයි පෙර අඩි
තර කරයි මඩි
ඉතිරි දිනකදි



එක දිනක් ඇති
කම්කරුවො එති
පාට කොඩි ඇති
සෙවනෙ සැනසෙති



ලොකු කරන් ඇස්
පුරවගෙන බස්
පාලකයො ගොස්
කන්න දෙති මස්



කෑම එක ෆ්‍රී
බෝතලය දී
පාට කොඩි දී
දිනය තොපෙ කී
දවසෙ සැනසී



දිනයෙ කම්කරු
මහ එවුන් බොරු
කියාගෙන මරු
කරයි කම්කරු
දිනය මහ සරු



පායපන් හිරු
හෙට දිනත් සරු
වේවි යැයි සිතු
රැවටේය මතු



sAm_ශ්‍රී_Perera_9:15am_01/05/14

60 comments:

  1. / පායපන් හිරු
    හෙට දිනත් සරු
    වේවි යැයි සිතු
    රැවටේය මතු/

    හැමදාම ඔහොමමයි..
    ජය වේවා!!!

    ReplyDelete
  2. ගත වු සියවස්
    ගණනට ම
    ඇස් ඇරි නැත
    හිස් මැරී ඇත

    උස් තැනන් මැත
    බස් අසන් සිත
    හිස් කමින් අත
    රැස් කමින් ඇත...

    ෴ ම‍ඳෙව් විල ෴

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කවිය අපුරුයි...

      Delete
  3. කරයි අරගල
    රජුන් පිට නැග
    දින‍ය අවසන් වන තුරාවට

    හෙටින් පසු යලි
    යලි පුරුදු ලෙස
    රජුන් අප කර
    උඩ නගිනු ඇත.

    ReplyDelete
    Replies
    1. උඩ යට මාරු වීමක් පමයි වෙන්නෙ නේ..

      Delete
  4. අනේ මන්දා බන්...

    ReplyDelete
  5. ඔබේ බ්ලොග් අඩවියත් අපේ බ්ලොග් දර්ශකයට යොමු කරන්න

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  6. හෙට ඉදන් ආයෙත් හිටපු තැනමයි අපි ටික!

    ReplyDelete
    Replies
    1. දැනටමත් එතැනම තමයි නේ..

      Delete
  7. දවසෙ වැඩි වෙනස නෑ. වෙනදට එකතැන ඉඳන් කියවන ටික අද ඇවිද ඇවිද කොඩි උස්සන් රතු ඇඳගෙන කියවනව. එච්චරයි

    ReplyDelete
    Replies
    1. ජුන්ඩක් වත් වෙනස් නැද්ද?

      මහ එකාල ඡන්දෙ කාලෙට ඇරෙන්න පාරට බහින දවසක් වීම...

      Delete
  8. කෑ ගසයි බොරු
    නද දේවි හොරු
    ඒ වුනත් මරු
    හෙට තමයි තරු. :-)

    ReplyDelete
    Replies
    1. දිලිසෙනා තරු
      තුරන් වෙන තුරු
      දඟකරන හොරු
      නිවා දමපන් - පායනා හිරු..

      Delete
  9. ඡන්ද දවස් වගේම තමයි ...........................................

    ReplyDelete
  10. මැයි දින ප්‍රෝඩාව කවදා නම් කම්කරුවෝ තේරුම් ගනියිද?

    ReplyDelete
    Replies
    1. ආතල් ගන්න යන උන් ඉන්නව නේ..

      Delete
  11. අපේ දිනේ
    අපිට ආයෙම
    දීලා
    මකබෑවෙයව්

    ReplyDelete
    Replies
    1. (කොහොමද මගෙ හයිකු කවිය?)

      Delete
    2. හරිම ලස්සනයි.. කියවද්දි ඇඬුනා බං..ඒ තර හිතට දැනුනා :D

      Delete
    3. මතක් වුනා නම් මමත් ලියනවා හයිකුවක්..

      මේක සුප්පා..

      මල පිපුනට පස්සෙ මේකා එලියට බැහැලා.. :)

      Delete
    4. ඔය මලෙත් මොනව හරි තහනං උත්තේජකයක් තියෙනවද දන්නෑ. :D

      Delete
  12. ආවොත් කරු

    පායයි හිරු ..

    ReplyDelete
    Replies
    1. ජය වේවා..

      Delete
    2. කෙලිමින් බොරු
      අරියි පතුරු..
      රැගෙල කතුරු,
      කපයි මිතුරු..

      අපි අහන්නේ හිරු - හිරු කියන්නේ බොරු...

      ජය වේවා!!!

      Delete
    3. @පත්තර මල්ලි - අඩේ කරුවා කියපු වදන නේ..

      @විදානේ - හිරු විතරයි නම්.. ලොල්..

      Delete
  13. හෙට ඉදන් ආයෙම වෙනද වගේ රස්සාවට යන්න එපැයි බං ඔය කොතන කොහොම කෑ ගැහුවත්..

    ReplyDelete
  14. නිල් කොළ රතු කොයි පාට දේශපාලුවොත් එකයි.

    ReplyDelete
    Replies
    1. කම්කරු දිනයට පාට කොඩි ඈදා ගැනීමයි වැරැද්ද. එදාට කම්කරුවොත් බෙදිලා..

      Delete
  15. සහතික ඇත්ත සෑමෝ..

    ReplyDelete
  16. මැයි 1 කම්කරු දිනය වුනාට එය සමරන්නේ පෙළපාලි යන්නේ මෝඩයන්.

    ReplyDelete
  17. මැයි පලමුවනදා තවදුරටත් කම්කරු දිනයක් නෙවෙයි.. ඒක හොරුන්ගෙ දිනයක් වංචාකාරයින්ගෙ දිනයක්

    ReplyDelete
  18. බොරුවට දින සමරලා පහුවදා ඉඳලා සාමාන්‍ය විදිහට ප්‍රශ්න වලට මුහුණ දෙනවා.

    ReplyDelete
  19. පායයි හෙට හිරු
    පෙනෙයි තොපිට තරු

    ReplyDelete
  20. කම්කරුවො ඇති...
    නුමුත්
    දැන් වදව ගොස් ඇති..
    කඩේ යන්න වුන්
    නම් එමට ඇති

    ReplyDelete
  21. මේ මේ.. පොන්සේකා මහත්තයත් කොඩි වන වන තමා ගියේ..

    ReplyDelete
  22. එක බස් එකේ ආපු සන්ධානේ දෙන්නෙක් වතුර බෝතලයට ගහගෙන ඉස්පිරිතාලේ කියලා පත්තරේක තිබුනා.

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම වතුර කියන්නෙත් මාරාන්තික ආයුධයක් නෙ. :)
      ගෑවෙන තැනක මරණයක්.

      නැත්ද මං අහන්නෙ.? :)

      Delete
    2. වතුර බෝතලයක්ද කෂියා බෝතලයක්ද දන්නේ නැහැ :D

      Delete
    3. වහාම ක්‍රියාත්මක වෙන පරිදි වතුර බෝතල් තහනම් කරමු

      Delete
  23. //ලොකු කරන් ඇස්
    පුරවගෙන බස්
    පාලකයො ගොස්
    කන්න දෙති මස්//

    වෙනද යන බස්
    නෑනෙ කම්බස්
    ගමං යන උං
    වෙලා අන්දොස්

    ReplyDelete
    Replies
    1. සිරාවටම තියෙන බස් ටිකේ උන් ගියාම අපි මොකැයි යන්නේ...?

      Delete
  24. අපිට කවිත් බෑ
    අපිට මැයි දිනෙත් නෑ
    බොලට ඒ ඔක්කොම තිබිලත්
    බනිනවා හැර කියන්න කිසි දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. උඹ මෙහෙ හිටියනම් ඉස්සෙල්ලා බනින්නේ උඹට

      Delete
    2. අහවල් දෙයක් කරාටද බෝල මට බනින්නේ ???

      Delete
  25. අපේ දවසත් උන්ගේ කරගෙන,තව කොහේද උන් අපේ අයිතිවාසිකම් රැකලා දෙනවා කියලා විස්වාශ කරන්නේ....?

    ReplyDelete
  26. දැන් මැයි දිනේ අයිතියත් වුන්ට..
    හැමදාම අපි උන්ට රැවටුනා..
    උන්ට අපි රැවටුනා..

    ReplyDelete
  27. ලස්සනයි.. මම කෙහොමත් කැමති උබ ලියන කවි ලස්සනයි, අර්ථවත්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...