Tuesday, May 27, 2014

කටේ නොතබා අතේ තබන්න.. - Keep It In Ur Hand !!


කෑමක්, බීමක් නීරස නම් අපි කෙලින්ම කියන්නේ අපෝ කටේවත් තියන්න බැහැ කියාය. ඒ දිවට දැනෙන රස අඩු නිසා මිසක පෝෂණය පිළිබඳ ගැටළුවක් නොවන්නේය. එහෙත් කටේවත් තියන්න බැරි අනන්ත දේවල් අපේ උන්/ අපේ එකියන් කටේ දමා ගන්නේ දිව කොහේ තියාගෙන දැයි නොදන්නේය. ඒ මනුෂ්‍යන්ගේ කට හෙවත් මුඛයය. සෑමා පොඩි කාලේ දිනක සිරස එෆ් එම් එකේ ගිය (මතක හැටියට දහසක් මල්) වැඩසටහනේ ඇසූ ප්‍රශ්නයක “යතුරු කටා“ ලොස නම් කළ හැකි සතා කවුරුදැයි ඇසුවේය. එය එක වරම දිය හැකි උත්තරයක් වුවත් එම නාලිකාවට කතා කොට පිළිතුරු කියන්නට ගිය අය විකාර කියවන්නට වූයෙන් වැඩසටහන ආතල් ගුලක් වූයේය. යතුරු කටා නම්, ඉබ්බා විය යුතුය. සෑමා මේ කියන්නට යන්නේ එහෙව් දොර ලොක් කරන ඉබ්බා ගේ යතුර කටේ නොතබා අතේ තබා ගත යුතුය යන පරමාර්ථයෙන්ය.

හදිස්සියට ගමනක් යද්දී දොර ලොක් කළේ දැයි මතක් වන්නේ කිලෝමීටර 10කට  වඩා ගිය පසුය. හොඳ සිහියෙන් යුතුව දොර ලොක් කර තිබුණද හදිසියේ කිසිවෙකු හෝ “ගෙදර දොරවල් ලොක් කරලද ආවේ??“ කියා ඇසූ තැන සිට සිතට ඇති වන්නේ කුතුහලයක්ය. සැකයක්ය. නිතරම මතක් වන්නේ යකෝ දොර ලොක් කළාද කියාය. ඒ තරමට අපට අපිව ෂුවර්ය. දොර ලොක් කර යතුර තබා යෑම පිළිබඳ පැරණිම රසාංගය ඉතා ප්‍රසිද්ධය. එනම් ගෙදර කවුරුත් නැති වෙලාවක ගමනක් යන්නට පිටත් වන්නේ නම් යතුර පෝච්චිය යට හෝ දොර අසල ඇති යම් රහස්‍ය යැයි සිතනා තැනක තැබීමය. පසු කාලෙක එම රසාංගය වෙනස් වී, යතුර කවුරුත් නොහිතනා තැනක තබා දොරේ බෝඩ් එකක් එල්ලීමය. යතුර අහවල් තැන තැබුවා යැයි දොරේ බෝඩ් එකක් ගසා යතුර සඟවා තැබීම කවුරුත් දන්නා විහිළුවක්ය.

දිනක් අපේ අයියා දොර ලොක් කර ගමනක් ගොස් තිබුණේය. ගේට් එක වසා තිබූ නිසා කිසිම අවුලක් නොවුනත් යතුර තිබුණේ දොරේ කටේය. තාත්තා වත්ත පැත්තට යද්දී දොරේ යතුර තිබෙනු දැක දොර ලොක් කොට යතුර රැගෙන විත් තිබුණේය. ඒ වේලාවේ හොරෙක් ආවා නම් ඌට පට්ට ආතල්ය. දොර කටේම යතුර තබා යෑමේ විපාකය ඉතා බරපතල්ය. ඒ සිද්ධිය මතක් වූ නිසාම මේ ලිපියට “කටේ නොතබා අතේ තබන්න“ යන මාතෘකාව එක්වූයේය. ඊටත් වඩා මේ ලිපිය ලියන්නට හේතුව නුවර යන්නට හදිස්සි එකෙකුට යතුරක් කපා දෙන්නට වූ කතාවක්ය.

සිද්ධිය වූයේ පසුගිය සතියේය. සෑමාට මුහුණ දෙන්නට වන්නේ මෙවැනි අධෝ වාත වැඩ වලටය. කොන්ඩේ හරි හැටි ජෙල් පාරක් වත් නොගා රැකියාවට ගියා සෑමා කිරිබත්ගොඩ හොස්පිටල් එකට ගොඩ වූයේය. වාහනය පාර්ක් කොට එළියට බැස්සේ යතුර අතේ තබාගෙනය. නැවත වාහනයට එබී බලන විට ඇතුලේ ජෙල් ඩප්පිය තිබූ නිසා නැවත ඇතුලට ගොස් කොන්ඩේ සකසා ගන්නට සෑමා සිතුවේය. බොන වතුර බෝතලයෙන් ජෙල් කලවම් කොට ගෑමෙන් නම්‍යශීලීව කැමති ආකාරයට කොණ්ඩය මනාව සකසා ගත හැකිය. ඒ නිසාම වතුර සමඟ කලවම් කොට සෑමා කොණ්ඩය සැකසුවේය. නැවත දොර ලොක් කර එළියට බැස යතුර සොයද්දී හිස ගෑ ජෙල් පපුව ගල් කරන්නට සමත් වූයේය. හුටා.. යතුර සීට් එක උඩය. කරන්නට දෙයක් සිතා ගත නොහැකිව වට පිට බලද්දී පාර්ක් එකේ නවතා තිබූ පල්සර් බයික් එකක් දුටු සෑමා ඌව සොයන්නට වූයේය. විටක පල්සරේ යතුර මේ හා සමාන බැවින් උපකාරයක් ගැනීමට එහෙන් මෙහෙන් දෙතුන් දෙනෙක්ට ටෝක් කළ විට ස්කූටියක ආ අයියා කෙනෙක් තමන්ගේ ගෙදර වැඩක් වගේ වැඩේට ඇන්ටර් වූයේය.

මල්ලී මෙතනින් කෝට්ටක් දාමු. යන්තම් ඇරුණු ෂටර් එක පෙන්වමින් අයියා කීවේය. කෝට්ටක් සොයාගෙන දුන් පසු, අඩේ මල්ලි කම්බි කෑල්ල තමා හරි යන්නේ. කම්බියක් හොයා ගමු. පොර බාස් වැඩේට අත ගසා අවසන්ය. බුවා හදන්නේ දොර ගලවා මස් කර අතට දෙන්නටය. ඒත් මීට සමාන යතුරක් සොයා ගත්තොත් වැඩේ ගොඩය. ඒ සමඟම වේගයෙන් ආ වෑන් එකක් එතැනම නැවැත්වූයේය. මැදිවියේ ඩයල් එකක් වෑන් එකෙන් බහිද්දී 

“අයියේ පොඩි උදව්වක් ඕනෙ.. කාර් එක ඇරගන්න යතුර දෙනවද??“ පොර මා දෙස හා වාහනේ අරින්නට දඟලන ඩයල් එක දෙස බලා.. 

“හරි මල්ලි.. ගන්න.. ඉක්මනට වැඩේ කර ගන්න අපි ඇතුලට ගියා ආවා.. නුවර යන ගමන් ආවේ.. හදිස්සියි..“ 

“හරි.. ඔයාලා ඇතුලට ගිහින් වැඩේ කරන් එන්න..“

ඩ්‍රැයිවර් ඩයල් එක ඇතුලට ගියද අනිත් එකා හෙල්ලුනේවත් නැත්තේ අපි වෑන් එක උස්සන්නට ට්‍රයි කරනවා යැයි සිතා විය යුතුය. 

“ඇයි මල්ලි වැඩි පුර යතුරක් නැද්ද??“

“තියෙනවා ඒක පර්ස් එකේ..“

“ඉතිං ඒකෙන් අරින්න බැරිද??“

“අරින්න පුලුවන්.. පර්ස් එකත් ඇතුලෙ නේ.. “

බුවා සද්ද නැත. දොර මස් කරන්නට වෙර දරන අයියා වෑන් යතුර මගෙන් උදුරාගෙන ගොස් තකහනියේ කැරකැවූයේය. 

“හුටා..“

“ඇයි ?????“

“යතුර කැඩුනා මල්ලි. කෑල්ලක් ඇතුලේ..“

ඒ සමඟම ඇතුලට ගිය ඩ්‍රැයිවර් තැන ආවේය. පොරගේ ඇස් දෙක නලලේය.

“අයියෝ මල්ලි ඔයාල මාර මිනිස්සුනේ.. දැන් මම කෝමද නුවර යන්නේ..“ එතැන කඳුලු ගංගාවක්ය. යතුර කැඩුනාට වඩා ඉවසා ගත නොහැක්කේ පොරගේ කෙදිරිල්ලය. ඒ සමඟම එතැනට ආ තවත් ඩෑල් එකක් වන් ෂොට් ලොක් එක ඇරියේය. ඒකත් බයික් එකක යතුරක්ය. කාර් වලට වඩා බයික් යතුරක් අතේ තබා ගත්තා නම් හොඳ යැයි සිතුනේ එවිටය.

ඒ සැනින්ම වටේ සිටි සැට් එකට උත්මාචාර දක්වා වෑන් යතුරක් කපන්නට යන්නට වූයේය. පැය කාලෙන් යතුර කපාගෙන ආපු නිසා වෑන් ඩ්‍රැයිවර් අයියාට සතුටුය. අපේ එකෙක් නම් කිව්වේ මොන යතුරු කපනවද යකෝ, දොර ඇර ගත්ත නම් තොට එතැනින් මාරු වෙන්න නේ තිබ්බෙ කියාය. එහෙම කළා නම් සෑමාට සාප කරමින් ඩෑල් එක තාමත් එතැනය.

මින් සැමා කියා දෙන පාඩම නම්, කටේ තබා යනවාට වඩා අතේ තබා ගැනීම හොඳ බවය. එසේම වැඩිපුර එකක් ඇත්නම් එයද අතේ තබා ගත යුතුය. කටේ තබා යෑමෙන් මාර ආතල්ය. එහෙත් අතේ තබාගෙන සිටීම කරදර අවම කරන්නේය.

Written_bY_sAm_ශ්‍රී_Perera_7:38am_27/05/14

66 comments:

  1. සෑමටත් මාර වැඩ නෙව වෙන්නෙ....
    බයික් එකෙන් බහින ගමන්ම නොහිතාම යතුර අතටත් එතනින් සාක්කුවටත් යන නිසා මට නං ඔවන් ප්‍රශ්නයක් වී නැතත් වරක් දොරේ යතුර නැතිවී අමතර යතුර හොයා ගන්නට වහලය දිගේ බඩගා ටාසන් ගේමක් නම් දෙන්නට සිදුවිය.
    සෑම්ට යතුර කපල දෙන්න වුනේ මට හිතෙන විදියට සෑම් කරන්න තිබ්බ වැඩේ අර කලබල කාරය කරන්න ගියපු හින්ද නෙව. ඒ හිංද මීට පස්සෙ ඕ වගේ වැඩක් කරන්න ගියාම කලබල කාරයොත් එක්ක පරිස්සමින්

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ අදත් එක නේ?

      මතකද ඉස්සර යතුරට දාන ස්ප්‍රින් එක වගේ දිග වයර් එකක් තිබ්බා. ත්‍රීවීල් අයියලා ගොඩක් පාවිච්චි කළා ඒක. ඒ වයර් කෑල්ල නිසා යතුරු අස්ථාන ගත වෙන එක අඩුවෙනවා. ඕව දාන්න පුලුවනෑ අපිට ;)

      කලබලකාරයා උදව් කරන්න ආපු එකෙක් නිසා විඳදරා ගත්ත මචං.

      ගෙදර යතුර ඇතුලේ දාල ලොක් කරලද බං ඇතුලට රිංගුවේ ??

      Delete
  2. නෑ මචං වැන් එකේ අන්කල්ට බොක්කෙන්ම් ටැංකියුං කිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. බොක්ක ගලවලා දුන්නා පොරට :)

      Delete
  3. උඹ කිව්ව හරි බයිසිකල් යතුරෙන් ගොඩක් පරන කාර්, වෑන් වල ඕන එකක් අරින්න විතරක් නෙමෙයි ස්ටාට් කරන්නත් පුළුවන්...

    අපේ කොල්ලා මේ දවස් වල හැමෝගෙන්ම අහන තේරවිල්ලක් තියෙනවා.. “කෑමත් නෑ බීමත් නෑ ගෙදරදොරේ වැඩ??“

    ReplyDelete
    Replies
    1. ලොක් එක් අවුල් ගිහින් නිසා ඇරෙනවා. ඒත් ස්ටාර්ට් කරන්න බැහැ බොලව්. චිප් සීන් එක නිසා.

      මොකක්ද බං ඒ තේරවලිලට උත්තරේ ??

      Delete
    2. යතුර (ගෙදර දොරේ වැඩ)

      Delete
  4. මටත් දවසක් රත්නපුරේදි ඔය වැඩේ උනා. ත්‍රීවීල් අංකල් කෙනෙක් බාසෙක් සෙට් කරගෙන ආව. මිනිහ කළෙත් හයිය කම්බියක් වීදුරු කටට උඩින් දාල අර ලොක් වෙන කෑල්ල උඩට ඇදපු එක තමයි. අපිට ඉතිං ඔය වෙලාවට කම්බි කොහෙන්ද.
    අර කියල තියෙනව වගේ හදිස්සයටනං ඔය වැඩ කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මරුටි ඇල්ටෝ වල ලොක් කැඩීම ප්‍රගුණ කලා බං මම කාලයක්. ජපන් ඒව තමා අමාරු..

      කම්බියක් සාක්කුවෙ දාගෙන හිටියොත් ?? ;)

      Delete
  5. කතාව කවුරුවත් හරි තැනින් අල්ලගෙන නෑ වටේ ඇවිදිනව විතරයි,ඔතන වැරැද්ද තියෙන්නෙ ජෙල් කුප්පියේ යකෝ.ජෙල් කුප්පිය සාක්කුවෙ දාගෙන හිටියනං ඔය මොකුත් ලෙඩ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ජෙල් කුප්පිය ගෙදර තියලා ආවා නම් වැඩියම හොඳයි...:D

      Delete
    2. කුප්පියේ අවුල නම් ඒක අයින් කලාම හරි නේ??

      මීට පස්සෙ ගෙදරදිම ජෙල් උලාගෙන එනවා :)

      Delete
  6. සෑමා දැන් වැඩට යන්නේ අලුත ගෙනා බිරින්දෑවා කාමරයට දමා දොර වසා යතුර අරගනය. මේ කතාවෙන් ගම්‍ය වන්නේ එයයි පින්වතුනි.

    ReplyDelete
    Replies
    1. අඩේ නලින් අයියාගේ කතන්දර වලින් බේරෙන්නත් බැරි කාලයක් උදා වෙලා තියෙන්නේ :P

      Delete
  7. එතකොට අරූ අරින්න ඇත්තේ යතුර කැඩිලා කෑල්ල ඇතුලේ හිටපු දොර නෙවෙයි වෙන එකක් වෙන්නැති නේද?

    උඹ වෑන් කාරයව එතන දාලා පැනලා ගියානම් ඒක ජරා වැඩක් වෙනවා. අනික උඹලට යතුර දීලා හොස්පිටල් එකට යන එක කරන්න පුලුවන් වැඩක් නෙවෙයිනේ. දැන් පොරවල් දෙන ගේමවල් වල හැටියට පොර උඹලට යතුර දීලා ඇතුලට ගියානම් පොර මෝඩයෙක්.

    මීට පස්සෙ ඔලුවේ වතුර ගාලා තෙත ඔලුවේ ජෙල් ගාලා බලාපං.

    ReplyDelete
    Replies
    1. ඇතුලෙ හිර වෙච්ච කෑල්ල නියපොත්තෙන් ඇඳල එලියට ගත්ත බං. නැත්තං කෝමද අලුත් වෑන් යතුරක් කපන්නේ ?

      අඩේ එහෙම කැත වැඩක් කරන්න හොද නැහැ තමා හෙන්රියා..

      තෙත ඔලුවේ ජෙල් ගෑම අති සාර්ථකයි බං. නාලා ආපු හැටියේ ජෙල් කලොත් ගොඩේ ගොඩ :)

      Delete
  8. //එහෙත් අතේ තබාගෙන සිටීම කරදර අවම කරන්නේය.//

    හොස්පිටල් යනවානම් ගෙදරදීම ජෙල් ගාගෙන යාමත් කරදර අවම කරයිනේ?

    ReplyDelete
    Replies
    1. අපේ කකා වගේ තට්ටෙ ගෑවනං හරි ප්‍රා ජේ.. ජෙල් ඕනම නෑනෙ.

      Delete
    2. ඒත් අව්වට ඉරිතලන සීන් එකක් තිබුන නේද? වාර්නිෂ් කෝටින් එකක් වත් ඕනෑවෙයි

      Delete
    3. තට්ටෙ ඉරි. තලන්නෙ අව්වට නෙවෙලු බං. කියන බොරු වලටලු..

      :))

      කකාට ස්ක්‍රීන් සොට් එකක් වත් යවන්න වෙයි :)

      Delete
  9. සෑම්, ඇල්ටො එකක් නේද තීන්නෙ? හරිම ලේසියි දොර අරින්න. ඉස්සරහ ෂටර් එකේ බීඩින් එක පොඩ්ඩක් උස්සල ලොක් එක ගාවට නවපු කම්බි කොක්කක් දාල ලොක් එක උස්සන්න. සිම්පල් ප්ලෑන් එක හුඟක් පරන වාහනව වලට හරියනව.

    දැන් ඔය ඇරුනෙ පල්සර් යතුරකින් නම්, ඇයි පර්ස් එහෙම ඇතුලෙ තියල බැහැල යන්නෙ?


    මේ උපදේසෙ අලුත් ජපන් යුරෝපීය වාහන පදින අයට. ලීස් කරල ගත්තු වාහනයක් නම්, යතුර නැතිකරගන්න එපා. මොකද සාමාන්‍ය ඩුප්ලිකේට් එකක් කපල ස්ටාර්ට් කරන්න බෑ අලුත් වාහන. ඒජන්ට්ගෙන්ම අලුත් යතුරක් ගන්න වෙනව. හේතුව ඒවගෙ තියෙන මයික්‍රො චිප් එක වාහනයට ප්‍රෝග්‍රෑම් කරල නිසා.

    ReplyDelete
    Replies
    1. ඕනම වාහනයක් පංචිකාවත්තේදි විවෘත කර දෙණු ලැබේ.. දවසක් කැසිනෝ එකක් ගාව බෙන්ස් එකක ඔහොම අවුලක් උනා. ඒ අස්සෙ පොර එදා පැරදිලා. ඔක්කෝම කිව්වා හෙට උදේ කොම්පැණියෙන් එනකන් ඉන්න වෙයි කියලා. එතන හිටපු පොරක් කෝල් කරලා, පංචිකාවත්තේ කුඩ්ඩෙක් වගේ එකෙක් ගෙනාවා. විනාඩී දෙකයි බඩු ඕපන්. ඊට පස්සෙ තමයි නියම සීන් එක උනේ. හැබයි ඒක ළොකු කතාවක්.

      Delete
    2. සෑමගෙ කාර් එක එසේ මෙසේ එකක් නෙමෙයි මාතෙ.. අයිතිකාරයව දාගෙන කාරෙක් තනියෙං ගෙදර යනව ආපු පාර දිගේම එලකිරි වගේ .. මේ ළඟදිත් ගියාලු.බොරුනං අහල බලපං :D

      Delete
    3. ඈ මාතලන් උඹ ඒ ලොකු කතාව ලියනවා නේද.

      Delete
    4. මාතා.....පං.. චිකාවත්ත ගැන ලියපන්කෝ.

      Delete
    5. ඉන්දික - ඇල්ටෝව අවුරුද්දකට කලින් දීල ජපන් එකක් ගත්ත බං. ඇල්ටෝ මරුටි වගේ ඒව අරින එක ගේමක් නැහැ. මේක අමාරුයි බං. මට ඔහොම සීන් එකක් වුනාමයි මේක ගත්තට පස්සෙ.

      ලීස් කරල තමා ගත්තෙ. කම්පැනියෙ යතුරක් නැහැ. ;) මොකද ඒ යතුරත් තියෙන්නෙ මගෙ ලඟ...

      මාතලන් - ඊට පස්සෙ වුණ ලොකු කතාව තමා අපිට වැදගත්. ඒක බ්ලොග් පෝස්ට් එකක් වෙයිද?

      පත්තර මල්ලි - හුකෑස්.. මේක නයිට් රයිඩර් වගේ බං. මම පැත්තක වැටිල හිටියත් වාහනේ ඔටෝ ගෙදරටම එනවා..

      :)

      සීන් එක දන්නව වගේ නේ ??

      Delete
    6. ඒයි මාතා කතාව දාපං...

      Delete
  10. ඈ බං ඒ කියන්නේ කාර් ලෝක චාටර් කියන එක නේ. බයික් එකක යතුරක් අරගෙන කාර් එක අරගෙන යන්න පුළුවන් ලෝකෙක නේ බං අපි ඉන්නේ.. ඕක තාම බජාජ් කාරයා දන්නේ නැතුව ඇති, නැත්තං ඌ ලංකාවට යතුරු පටවන්න ගන්නවා ෂුවර්..

    ReplyDelete
    Replies
    1. හුකෑස්.. :))

      කැත කතා කියන්න එපා යකූ.. මගෙ ලොක් එක අවුල් බං..

      Delete
  11. උඩ ඉන්දික කියල තියන කතාව හරියට හරි සෑමො.. ලේසිම ක්‍රමේ තමා පිටිපස්සෙ දොරේ වීදුරුව ලඟ එන ත්‍රිකෝනයක් වගේ වීදුරුවෙ බීඩින් එක කම්බියක් දාල උස්සල හිමීට වටේට ඇදගෙන යා එක.. ඒක ආපහු දාඅ එකනං දන්න එකෙක් කරානං හොඳයි මොකෝ ප්‍රෙශර් උනොත් ඉරිතලනවා.

    තව සීන් එකක්.සමහර ජපන් වාහන ස්‍ටාට් එකේ තියල ඩොර වහල බැස්සොත් සොරි තමා,යතුර කටේ තියෙද්දි ඔටෝ ලොක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඇංජිම ස්ටාර්ට් එකේ තියෙත්දි ගමන නොයා අතර මගින් බහින උන් ඉන්නවද බං?

      අනික තමන්ගෙ ඇංජිම ස්ටාර්ට් එකේ තියෙත්දි එළියට බහින්න හොද නෑ. රටේ ලෝකෙ උන්ට පේනවා.

      (වචන අවභාවිතයක් නොවූ බව කරුණාවෙන් සළකන්න)

      :D :D :D

      Delete
    2. පිස්සුද තුං හිතකවත් නෑ..

      මං කිව්වෙ බං අර පරණ ටර්බො එන ඇංජින් තියෙන්නෙ ඇංජිම එකපාරට ඕෆ් කරන්න හොඳ නැති . ආං ඒව .. හැක්.
      ඇංජිම ඔන් එකේ තියල දුමක් එහෙම ඇදල එද්දි ඒවගෙ ටයිම් හරි . :D

      Delete
    3. අඩා පත්තරේ!!!! අලුත් බයික් එකක් අරන් වගේ ..! එල එල

      @ප්‍රියා,,
      //අනික තමන්ගෙ ඇංජිම ස්ටාර්ට් එකේ තියෙත්දි එළියට බහින්න හොද නෑ. රටේ ලෝකෙ උන්ට පේනවා.//
      සහතික ඇත්ත මචන්....

      Delete
    4. ඔහොපලයං නිමෝ ..
      දැක්ක කල් ..හැක්. බැන්දද :D

      Delete
    5. @ප්‍රියා - කැතම කතාව බොලව්.. හිනා යනවා..

      @ප . ම - ඌ බැන්දද අහන්නේ ඇන්ජින් කතාවට හවුල් වෙච්ච නිසාද බං?

      Delete
    6. @ පත්තරේ,
      මම බදින්න, ඒකත් දැන්මම ... තො, සෑමා, ප්‍රියා, වැටුණු වලට මාවත් දාන්නද යන්නේ..... මම නම් අහුවෙයි ඔව්වට..
      ඔපීසියේ වැඩ ගොඩයි බන්, ඒකයි...

      Delete
    7. නිමෝ - උබ බැඳල නෑ?? සත්තයි කියපං ....

      Delete
    8. සත්තයි මම බැදලා නෑ...... දැන්ම බදින්නෙත් නැතෝ...

      Delete
  12. අර වෑන් අංකල් අඳෝනාව කියවපු එක ඇති උඹව මරාගෙන කන්නැතුව.

    ඇයි හත් දෙයියනෙ වදින්න ගිය දේවාලා ඔළුවට කඩා වැ‍ටුනා වගේ වැඩක්නෙ.

    //කටේ තබා යෑමෙන් මාර ආතල්ය. එහෙත් අතේ තබාගෙන සිටීම කරදර අවම කරන්නේය.// කොච්චර උනත් බොක්කටම වැදුනා. එක හෙළා පිළිගන්නවා මචෝ උපදෙස.

    ReplyDelete
    Replies
    1. ඔය ටික කිව්වේ ආරක්සාවට :)

      Delete
  13. සෑමා ඔලුවේ ජල්ලි ගාන්න ගොස් වැඩ වරද්දා ගනී. හැක්

    ReplyDelete
  14. ඕකෙන් ඉගෙන ගන්න ඕනේ පාඩම තමයි තමන්ට කරදරයක් වූ විට උදව්වට එන අයගෙන් පරිස්සම් විය යුතු බවයි. මොක ද ඔවුන් දොරවල් ගලවන, යතුරු කඩන අයයි. මෙය මනාව සිතට ගන්නවා හොදයි....

    ReplyDelete
    Replies
    1. යකෝ මාර උපදේශයක් නේ :)

      Delete
  15. මට නම් මේ ටිකේම වෙන්නෙ යතුරෙන් දොර ඇරලා යතුර නොගෙන ඇතුළට ගිහින් එන්ජිම ස්ටාර්ට් කරන්න යතුර හොයන්ඩ වීම.

    ReplyDelete
  16. නියම විකට ජවනිකාවක් සෑමෝ කෙටි විකට නාට්‍යයකට මරේ මාරු.

    ඔන්න මම සහ අපගේ පවුලේ අය ගියා පොළොන්නරුවේ සංචාරයක ඔය කතාවේ කියන දේම වුණා. යතුර කාරෙක ඇතුලේ. අනේ සෑමෝ ග්‍රහචාරයේ හොඳ කියන්නේ, ගැරේජ් ඒකක හිටිය වයසක (මම වගේ කොල්ලෙක් නෙවෙයි) බාස් උන්නැහේ කෙනෙක්, එයා ලඟ තිබුණු යතුරු ගොඩකින් එකක් දාලා ඇරලා දුන්න දොර සුටුස් ගාලා.

    දැනට අවුරුද්දකට විතර උඩදී අපේ උන්දැගේ බූමිතෙල් මොලේ හොඳ කමට ගෙදර ඉස්සරහ දොර නිකම් වහලා (යතුර දාන්න අමතක වෙලා) පැය 5 ක ගමනක් ගිහින් ආවට පස්සෙත් බල්ලෙක් වත් ගෙට ඇවිත් නෑ. ඔය හිඟන්නාගේ ගෙදර මොනවද බොල හොරකං කරන්න තියෙන්නේ කියලා හිතෙන්න ඇති. ලැජ්ජාවේ තන්තෝසේ බැරුවා.

    ReplyDelete
    Replies
    1. හොරකම් කරනවටම නෙවේ නේ බං දොරවල් වහන්නේ..

      හිතපං කවුරු හරි එකෙක් කෙල්ලෙක් ඇදගෙන ඇවිත් උබලෑ ගෙදර දොයිය ගත්තා.. කාට කියන්නද ලැජ්ජයි නේ :))

      Delete
  17. වෑන් එකේ ඩයල් එක හිතා ගත්තෑකි කොහොමට තියෙන්න ඇද්ද කියල හෙක්...හෙක්...
    උඹ නම් අම්බ ගොනෙක් බං ..ස්පෙයාර් කී එක වොලට් එකේ දාල ඒක වාහනේ දාල යන්න.... අනිත් එක ලංකාවෙ ....???

    ReplyDelete
    Replies
    1. අපෝ මතක් කරන්න එපා වෑන් එකේ ඩෑල් එකේ ඇඩියාව..

      ඇයි යකෝ ලංකාව කියල මේකට හෙන ගැහිලද? එංගලන්තෙ ඒම වුනත් ලංකාවේ ඒම වෙන්නේ නෑ...

      Delete
  18. හෙක් හෙක් සෑම් අය්යටත් වෙන වැඩ. අපේ කට්ටියත් ඔය හොරුන්ට පාර කපල යන්නේ දොර කටේ යතුර ගහලා, අනේ මදා එක නිසාම මන් මධිහත් වෙලා එකාට එක ගානේ කපල දුන්න, දැන් ඉතින් ඒවා න්නති කොරන් මන් එනකං ඉන්නෝ එලියට වෙලා මට අමතා අමතා, යකෝ මන්ද පලි

    ReplyDelete
    Replies
    1. යතුරක් කපල දීලත් යකෝ පරිස්සම් කර ගන්න බැරි නම් උබ පලිද බං?

      උබ පරක්කු වෙලාම ගෙදර පලයන් ;)

      Delete
  19. මටත් දවසක් 2ක් ඔය වැඩේ උනා ගෙදර යතුර ඇතුලේ දාලා දොර වහලා ගිහින්...අන්තිමට වහලෙන් පැනලා දොර ඇරගත්තේ.....

    ReplyDelete
    Replies
    1. වහලෙන් දෙර හයි කලා නම් හරි වගේ.. :)

      Delete
  20. හොද පාඩමක් යතුර කටේ නොවේ අතේ තියා ගන්න ඕනේ කියන එක.එත් බං වැඩේ තියෙන්නේ ඕවා අතෙත් තියන් ඉන්න බැරි එකනේ...:(

    ReplyDelete
    Replies
    1. අතේ තියන් ඉන්න එක සැපයි බං.. කට වල් වල තියල විනාස කොර ගන්නවට වැඩිය. මොකද උබේ අත උබට සුවර් නැද්ද ?

      Delete
  21. උඹට පිස්සුද බං බැඳලත් ඔලුවේ ඔය දහ ජරාව ගාන්නේ??

    ReplyDelete
    Replies
    1. ඇයි යකො බැන්දම ඒව අකැපද?

      වාහනේ තියෙන්නෙ ජෙල් බං. ගෙදරදි ගාන්න බැරි වුනොත් ගාන්නෙ ඒක. නැත්තං ගෙදර තියෙන්නෙ සාක සාර ජෙල් එකක්. එඩරුද මොනාද මන්දා.. :)

      Delete
  22. බොට හොද වැඩේ සිහිකල්පනාව නැතුවට.. හැබැයි කෝම වුනත් අර බුවාට යතුරක් කපලා දුන්න එක වටිනවා.. නැත්නම් ඒකගේ සාප වලින් බේරෙන්න හම්බුවෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. හම්බෝ ඌ කියවපු කියැවිල්ල !

      Delete
  23. මටත් ඔය වගේම දෙයක් උනා . . සයිට් එකේ ඉඳපු නිසා මෙකනික් එකෙක් යතුර අරගෙන දුන්න

    ReplyDelete
    Replies
    1. බලාගෙන උබ නැති වෙලාවට උන් දොර අරී :)

      Delete
  24. මේකට නම් මට කියන්න තියෙන්නෙ හොඳම වැඩේ කියල තමයි.. :-D

    ReplyDelete
  25. හම්මේ අපේ තාත්තගෙ ජනප්‍රිය රසාංගයක් ඕක. හතරපස් වතාවක්ම උනා. දැන් අපි පිටිපස්සෙ දොරවල් ලොක් කරන්න කලින් පුරුද්දක් වශයෙන් අහනව "යතුර අතේද?" කියල. වෙලාවකට අපි තුන්දෙනාම ඕක අහද්දි නම් තාත්තට මල පනිනව විහිලුවට ගත්ත කියල.

    කම්බි හොයන්න ඇත්තෙ යතුරු කටට දාන්නෙ නෙමෙයි සෑමෝ ෂටර් එක යන්තම් ඇරුන තැනින් කම්බිය රිංගවල සීරුවට යතුර එලියට ගන්න පුලුවන්. ඒකට වෙන්ටෑ....

    ReplyDelete
  26. සෑමා කටේ කියපු ගමන් කට්ටිය හිතන්න ඇති මේකත් අහවල් ගනයේ එකක් කියලා. සමහරු ස්ට්‍රෝ හතරක් ගැට ගහලා වීදුරුව පාත් කරලා ලෝක එක අරිනවා. එකටත් වීදුරුව පොඩ්ඩක් ඇරලා තියන්න ඕනේ.

    ReplyDelete
  27. අර චැස්ටිටි බෙල්ට් කියලා වැදගත් උපකරණයක් හදලා තිබ්බනේ ඉස්සර කාලේ.අන්න ඒකේ යතුර නැති උනාම කොච්චර අවුල් යනවා ඇද්ද කියලා හිතා ගන්ඩ පුළුවන්ද?

    http://thenerdfightingfeminist.files.wordpress.com/2012/12/chastity-belt.jpg

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...