Friday, May 23, 2014

බව්වා සමඟ හයර් යෑම.. - Journey with a Dog !!


සුපිරි වාහන වල වීදුරු අස්සෙන් හොම්බ එළියට දාගෙන යන සැපවත් බල්ලෝ බැල්ලියෝ අප අනන්ත දැක ඇත්තෙමු. උන් නිදන්නේ සුවපහසු ඇඳ ඇතිරිලි උඩය. උපතින්ම වංශක්කාරය. එහෙත් ගෙදර මහ එකා මැරුණු දාට, ඌට සැලකිල්ල අඩුවන දාට වංශක්කාර බල්ලා පැත්ත පලාතක නැත්තේය. ඇත්තේ මවා පෑමක් පමණක්ය. මහපාරේ සිටින අනාථ වූ වල් බල්ලෙකු නිවසට ගෙනැවිත් හදා වඩාගෙන පිරිසිදුවට ඇති කරමින් තබා ගත හොත් තමන් මළ දාට මිනී පෙට්ටිය යට ලඟින්නට හෝ එකෙක් ඉතිරි වන්නේය. ඉන් කියවෙන්නේ වල් එවුන් හොඳයි කියා නොවේය. මහ පොලොවේ පය ගසා ඉන්නා උන් කවදා හරි ඉතිරි වෙන බවක්ය.

සෑමා බලු කතා අනන්ත ලියා ඇත්තේය. පොලිස් කතාද එමටය. ඒ නිසා බව්වෝ හෝ පොලිස් කතා ලියනා විටක රසිකයන් වැඩිය ගණන් නොගන්නෝය. එහෙත් මේ කතාව ලිවිය යුතුමය. මන්ද ගුණවත් බල්ලෙකු අගය කිරීමට කල් නොමැරිය යුතුය. ඔබ කුලී රථයක නැගී ගමනක් යන්නට පිටත් වන්නේ නම් ඔබ රථයට නගිනා විටක කොහේවත් සිටින බල්ලෙකු ඇවිත් ඔබ සමඟම ඒ රථයට නගිනා විට ඔබට ඉවසිය හැක්කේද? එහෙත් මේ සිද්ධියේදී ඔබ ඉවසනවා නිසැකය. මන්ද ඌ ගුණවත් නිසාය. ඌ රථයේ ගමන් ගන්නා ඔබට කරදරයක් හිරිහැරයක් වන ලෙසට නොහැසිරෙන නිසාය. ඌ ඔබට හා රථ හිමියාට ආරක්ෂාව සලසන නිසාය. කියවාගෙන යන විට මඤ්ඤං විය හැකිය. එහෙත් මෙකී බව්වා ත්‍රී රෝද රථ හිමිකරුවෙකුගේ පෙර ජාති බැඳීමක් විය හැකිය.

කිටියා දිනක් රාජකාරී අවසන් වී පැලවත්තේ සිට නිවසට ආවාය. ඒ ත්‍රී රෝද රථයක නැඟීගෙනය. නිවස අද්දර නතර කළ තුන් රියේ රියදුරු අසුනට යටින් දිව දොට්ට දමාගෙන එළිය බලාගෙන සිටියේ බල්ලෙක්ය. ඒ බල්ලා හා සබැඳි දිගු කතාව අසා ගන්නට අංකල් සමඟ කතා කරන්නට හෝ බව්වාගේ ෆොටෝ එකක්වත් ලබා ගන්නට සෑමාට නොහැකි වූයේය. නමුත් පැලවත්තේදී රථයට ගොඩවන අවස්ථාවේ ඒ තුල සිටියේ ඩ්‍රැයිවර් අංකල් බවත්, අංකල් රථය පණගන්වා හෝන් එක නාද කළ පසු කොහේ හෝ සිට දිව ආ බලු කුක්කා එහි නැගී සීට් එක යට සිට හොම්බ දොට්ට දමා ගත් බවත් කිටියා කීවාය. අංකල් ජයවර්ධනපුර පැත්තේ ඉඩම් හිමියෙකු බවත් තම දරුවන් දීග දී, තමන්ගේ වගා කටයුතු බලාගෙන නිදහසේ හයර් එකක් දුවාගෙන ජීවත් වෙන පුද්ගලයෙකු බවත් කිටියා කතා බහේදී සොයා ගෙන ඇත්තේය. ඒ අතරම බව්වා ගැන අංකල් පවසා ඇත්තේ, අංකල් හැමදාම ෆ්‍රයිඩ් රයිස් එකක් මිලට ගෙන ත්‍රීවීල් පාර්ක් එක අසල සිටින බල්ලන්ට කෑමට දෙන බවක්ය. ඉන් වඩාත් සතුටට පත් බලු කුක්කා අංකල් වෙනුවෙන් සිකියුරිටි ජොබ් එකට බැස ඇත්තේය. අංකල් කොහේ ගියත් බව්වා අංකල් සමඟ ගමන් කරන්නේය. ඒ අතර ට්‍රැෆික් වලදී තමන්ට අවශ්‍ය කටයුතු කර ගැනීමට බව්වා රථයෙන් බැස ගොස් නැවත නියමිත වේලාවට රථයට ගොඩවන්නේය. චූ පාරක් දමන්නට රථයෙන් බැස්සත් මාර්ග තදබදයේ තිබෙන වාහන වලට කකුල නොඋස්සා තාප්ප කැබලි වලට වග කියන්නට බව්වා බුද්ධිමත්ය.

බව්වා සමඟ හයර් යන අංකල් ගැන දැන ගන්නට වූයේ ඒ කතාන්දර ටික පමණක්ය. අනෙක් කාරණය නම් ෆොටෝ එකක් ගන්නට බැරි වීමය. එදා අංකල් සමඟ කතා කළා නම් ෆොටෝ ගත්තා නම් මේ ලිපිය මේ වනවිට ලියා හමාරය.

නැවත සෑමාට අවස්ථාවක් එළැඹුනේ කිටියා මෑත දිනයකදී පැලවත්ත පැත්තෙන් ගෙදර ආ නිසාය.

“මම මේ පැත්තෙන් වීල් එකක එනවා.. අර අංකල් හිටියොත් ඒකෙම එන්නම්..“

ඒ වදන් කිහිපය ඇසුනු සැනින් සෑමා සතුටට පත් වූයේය. කියූ පරිදිම අංකල් පාර්ක් එකේ සිටි නිසා ඇය එහි නැගී ගෙදර ආවාය. කලින් වූ අතපසු වීම් නැවත නොවන්නට සෑමා සූදානමින් සිටියේය. අංකල් හමුවී කතා බහ කොට බව්වාගේ ඡායාරූපයක්ද ගන්නට සෑමාට හැකි වූයේය. ඉන්පසු අංකල් වෙනුවෙන් බව්වා සිකියුරිටි ජොබ් එකද කරනා බව කියැවෙන කතාවක් අංකල් කීවේය.

දිනක් බීමත්ව ආ ඩයල් එකක් අංකල්ගේ රථය නවත්වා ඇත්තේය. ඔහු මෝටර් බයික් එකත් නවතාගෙන කියා ඇත්තේ තමන්ට හොඳටම සූර් නිසා බයික් එකත් වීල් එකේම දමාගෙන තමන්ව නිවසට දමන ලෙසය. බයික් එකක් පටවාගෙන්, වෙරි කාරයෙක් බයික් එකේ දමාගෙන යාම කිසිම ත්‍රී රෝද රථ රියදුරෙකු කරනා වැඩක් නොවේය. අනික මහ රැයක එවන් දෙයක් කිරීම අනාරක්ෂිතය. අංකල් වැඩේ ප්‍රතික්ෂේප කරද්දී ඩයල් එක අංකල්ගේ කොලර් එකෙන් අල්ලාගෙන සත්තමක් දමා ඇත්තේය. එහිදී වහා ක්‍රියාත්ම වූ බව්වා ඩෝප් පුද්ගලයාගේ ඇඟට පැන සපා කා ඇත්තේය. නොනැවතී බව්වා සමඟ පොර බඳින අතර ඔහු අංකල්ට ආයාචනා කර ඇත්තේ තමාව ඉන් මුදවා ගන්නා ලෙසයි. අංකල් බව්වා තමන් ලඟට ගෙන පිටත් වෙන්නට රථය පණ ගන්වා ඇත්තේය. ඩෝප් ඩයල් එක පාර එහා පැත්තට ගොස් බයික් එක මත හිදගෙන නැවත අංකල්ට ගල් ප්‍රහාරයක් එල්ල කරද්දී බව්වා නැවත ක්‍රියාත්මක වී බීමත් පුද්ගලයාගේ ඇඟට පැන ඇත්තේය.


එලෙස තමන්ට ආරක්ෂාව දෙන ආදර බව්වා ගැන අංකල් කරුණු කාරණා කීවේ සිනා මුසු මුහුණින්ය. සතෙකු හෝ මිනිසෙකු හෝ, තමන්ගේ හොඳම මිතුරෙකු බවට පත්ව තමන්ගේ කටයුතු සොයා බලන්නේ නම් එයින් තමන්ට ලැබෙන සතුට අපමණ බව අංකල්ගේ වචන අතර සැඟවී තිබුණේය.

“අංකල්.. මම ගන්නද බව්වගේ ෆොටෝ එකක්..“

“හා.. ගන්න.. ගන්න..“



පලි - මෙය බ්ලොග් එකක පළවෙන බවක් අංකල් නොදන්නේය. දැක්කොත් බව්වාව සිපගනීවි.

Written_by_sAm_ශ්‍රී_Perera_8:12am_23/05/14

63 comments:

  1. හප්පච්චියේ මාර බව්වෙක්නෙව...
    බලං ගියාම උං හොදයි අපේ සම හරක් මිනිස්සුන්ට වඩා...
    නේද සෑම්
    නැත්තං බත් කන්න දුන්න කියල ඔය වගේ සිකිරිටි ජොබක් කරන්න බාර ගනීවියැ

    ReplyDelete
    Replies
    1. වල් බව්වන්ට ගුණේ තියෙනව බං !

      Delete
  2. අන්න බල්ලෝ...... උසස් ගුණ අැත්තෝ.... නොමවේය දුදන මිනිසුන්..

    ජය වේවා!!!!!!

    ReplyDelete
  3. ඔව් බං බල්ලන්ගේ හොද ගති ගුණ තියෙනවා. අපේ ඔපිසිසේ බැදපු නැති නෝනලා බල්ලන්ට කෑම දෙනවා. ඉතිං මුං නෝනා ගෙදර යනකොට පස්සෙන්ම යනවා. ගෙදරටම යනවද කියල නං මං දන්නෑ..

    ReplyDelete
    Replies
    1. උඹ ගෙදරටම යන හින්ද උං මගින් නවතිනවා.. :D

      Delete
    2. ඕ යේස් බොස් !!!

      බල්ල උනත් උංගෙ මැනර්ස් තියනවා :D

      Delete
    3. නෝනලාගෙන් බව්වන් ප්‍ර වේසම් කරන්නෝනි. මතකද මෑත අතීතය?

      ඉන්දික - බ.අ.සි කිව්වේ??

      Delete
    4. ඉන්දික උඹ අර කකාගේ එකෙත් මොනවද ඉංගිරිස් අකුරු වගයක් ගහල තිබුනා. යකෝ තේරෙන මගුලක් කියන්න බැරිනං ඒක වරහන් ඇතුලේ දාහං.. හැක්..

      Delete
    5. බ. අ.සි = බඩ අල්ලාගෙන සිනාසෙමි මං හිතන්නෙ බං.

      Delete
    6. අඩේ.. මේක බි.පෙ.සි එකේ අනිත් එක නේ...

      Delete
  4. අංකල් මෙන්ම බව්වාද අගය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ලිපිය ලියා අගය කළෙමි :)

      Delete
  5. ෂෝක් බව්වෙක් ...අංකලුත් හොඳයි...සෑමට කතාව හොයලා දුන්නු කිටියා ඊටත් වඩා හොඳයි...:D

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරපු.. දාපු කමෙන්ට් කොහෙද කියල හොයා ගන්න බැරි..
      ඔයාටත් ස්තුති :ඩී

      Delete
  6. දැන් කාලේ සමහර මිනිස්සුන්ට බල්ලන්ගෙන් ඉගනගන්න වෙලා.. කොහොමත් ලංකාව දැන් බල්ලට ගිය රටක් වේගන නේ එන්නේ,..

    ReplyDelete
    Replies
    1. එහෙමයි ඇලා..

      ස්තුති පුනරාගමනයට !

      Delete
  7. බව්වා හොඳයි..
    කිටියා හොඳාආආආයි !

    ReplyDelete
    Replies
    1. මචං උබට වැහිල තියෙන්නේ අකර්නලී දිස්ටිය !

      :))

      Delete
  8. ඔහොම තමයි සෑමෝ.... ගොඩක් මිනිස්සුන්ට වඩා බව්වෝ හොදයි කියන්නේ ඒකයි. අපි මිනිස්සුන්ට බනින්නට බල්ලා කියන වචනය යොදා ගැනීම ඇත්තට ම වැරදියි කියලා දැන් තේරෙනවා නේද??? ඒක බව්වන්ට කරන නිගාවක් .......................... බව්වට ජය වේවා... (නෑ නෑ සෑමට නෙමෙයි)))

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට ගොනා/බල්ලා/හරකා කියල බනින එක වැරදී තමා වෙලාවකට..

      යකූ මට ජය වේවි කියපිය.

      Delete
  9. බල්ලෙක් උනත් මිනිස්කම් ඇති බල්ලෙක්

    ReplyDelete
  10. මේ පසුගිය ආත්මවල එකට හිටි කෙනෙක් සෑමා.

    ReplyDelete
  11. අප්පට බොල .. ඔය ඉන්නෙ සෑම නියමෙට ,.අර කන ළඟ තියන පැල්ලමෙන් අඳුරගත්තෙ..උඹ සුදු වෙලානෙ සෑහෙන්ඩ...මොනවද බං ගාන ක්‍රීම්. :D

    ReplyDelete
    Replies
    1. පෙයා ඇං ලවුලි බොල පෙයා ඇං ලවුලි.

      Delete
    2. මචං පත්තරේ.. උබටත් ක්‍රීම් එවන්නද?

      Delete
  12. ඌනං කළගුණ දන්න බල්ලෙක්.... හි හි

    ගොඩක් බල්ලො හෙන ආසයි බං ත්‍රීවීල් වලට.. මොකක්ද මන්ද හේතුව... අපේ බලු තඩියත් මාමගෙ ත්‍රීවිලර් එක ආපු ගමන් කොහෙ හිටියත් දුවගෙන ඇවිත් ඒකට නඟිනව.. ඌට ත්‍රීවීලර් එක මදි... පස්සෙ එළියෙ නිසා නැට්ටෙන් ඇඳලා එළියට ගන්නව.. සමහර වෙලාවට එහෙම එළියට එන්නෙත් නෑ.. ඒ වෙලාවට වතුර ගහල තමයි ත්‍රිවීලර් එකෙන් බස්ස ගන්නෙ... අපි හිතුව වෙට් ගාවට එක පාරක් ඕකෙ එක්කං ගියොත් ලෙඩේ හොඳ වෙයි කියල.. මොන... ඌ තාම එහෙමයි...

    ReplyDelete
    Replies
    1. පස්සට වතුර ගහන එක හොදා.. සමහරු බලු පස්සට ගහන්නෙ භූමිතෙල්..

      වෙට් කෙනෙක් ලගට නෙවෙ.. සයිකෝ ඩොකෙක් ලගට අරන් යන්න බව්වාව :)

      Delete
  13. නියමයිනේ , අංකල්ටයි බව්වටයි දෙන්නටම පොස්ට් එක පෙන්නන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. බල්ලොත් නොබලන මගෙ බ්ලොග ? බව්ව කෝම බලයිද බං?

      Delete
  14. ආදි යුගයේ සිටම බල්ලා මිනිසාගේ මිතුරෙකු ආරක්ෂකයෙකු ලෙස සිට ඇත්තේ මේ බැම්ම නිසාම විය හැකිය. මේ වගේ සත්තු ඉන්නවා සැම්.

    ReplyDelete
    Replies
    1. සිරාවට නලින් අයියා.. ආරක්ෂකයෙක් විදිහට ගන්නෙම බව්වා නොවැ.

      Delete
  15. කිටියෙකුත් ඉන්න එකේ නරකද බල්ලෙකුත් හදාගත්තොත්

    ReplyDelete
    Replies
    1. බව්වොයි පූසොයි කොහෙද බන් එකට ලැග්ගෙ

      Delete
    2. මේ දවස්වල හැම එකාම වද දෙන්නෙ බලු පැටියෙක් හදන්න කියල තමා ;)

      Delete
    3. ඉන්දික
      මෙතනදි නං සිද්ධවෙන්න තියෙන්නෙ එක දෙයයි. බව්වයි පුසයි එකතු වෙලා සෑමට ඇඳෙනුත් යන්න වෙයි.

      Delete
    4. එව්වා සුම්මා !

      Delete
  16. අපේ එකාටත් මගේ පුහ් බයිසිකලේ ලගිජ් එකේ වත් ඉන්න පුරුදු කරන්න ඕනි ... :3

    ReplyDelete
    Replies
    1. උබ හැන්ඩ්ල් එක වනන කොට ඌ මඟ ඉදී

      Delete
    2. වෙන්නෙ ඒකෙ අනික් පැත්ත සෑමො.
      බල්ල නැට්ට වනනකොට සුද්ද බිම ඉඳී

      Delete
  17. පොහ්.......... මාර බව්වෙක්. නරකද මූට පුරුදු කලොත් ත්‍රී වීල් හයර් එක අයකරගන්න. එතකොට කවුරුවත් ගාන වැඩියි කියන්නේ නෑ. මූ ග්ර්ර්...කිව්ව ගමන් හයර් එක ගෙවනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං උබල බල්ලව විකුනගෙන තවත් වැඩ කරගන්න යනවා.. ;)

      Delete
  18. කකුල් දෙකෙන් ඇවිදින සම හරක් ගාවත් නැති ගතිගුණ ඔය කකුල් හතරෙ සත්තු ගාව තියෙනවා බං.

    ReplyDelete
  19. එකට බීල දාලයන් එවුනට වඩ බවුව කොච්චර හොදද නේද බන්.

    ReplyDelete
    Replies
    1. අඩේ උබල එදා ගියා වගේද? :))

      Delete
  20. ඇත්තටම බව්වන්ට හොද ගුන ඇත්තේය මගේ බව්වාද මා කොහේ ගියත් ආරක්ෂාවට පස්සෙන් එයි මා බාත් රූම් එකට ගිය විට කොපමන වේලාවක් ගියත් බාත් රූම් එකට එලියට වී දොර ඉස්සරහා හිටන් ඉන්නේ රාජකාරියට මෙනි.. මා එලියට ආ පසු ඌ උගේ වැඩ කරගැනීමට ආපසු යයි මා පමණක් නොව නංගී ගියත් ඌ ඒ අසල රැදෙන්නේ ආරක්ෂාවටය

    ReplyDelete
    Replies
    1. අන්න බව්වෝ...

      බාත් රූම් ගියත් කරදර නොකර ඉන්නව නේ :)

      Delete
  21. අපෝ බව්වෝ,මම නම් ආසම නැහැ බං.එත් මුනම් හොද බවුවෙක් නේ.....:)

    ReplyDelete
    Replies
    1. පූසාට වඩා බව්වා හොඳයි

      Delete
  22. බල්ලො කියන්නේ සිරා සත්තු බං.ගහලා එළෙව්වත් ආයේ කතා කළාම නැට්ට වනාගෙන එනවා.ගෑනිට එහෙම කරලා බලහංකෝ..

    ReplyDelete
  23. බල්ලො කොහොමත් කලගුන දන්න සත්තුනෙ.

    ReplyDelete
  24. ඔන්න බව්වෝ, එක අපේ ගෙදර ඉන්න බලල් තඩිය , උ තුන් වෙලා ගිලල යනෝ වෙන ගෙවල් මුර කරන්න, ගිහින් තව ඉතින් අත පය කඩාගෙන ඇවිත් ඉඳලා සතියකින් විතර අයෙත් යනවා, ඇත්තම කියන්න මේක කට ගාවින් මීයෙක් ගියත් අල්ලන් නෑනේ, මීයෝ මුගේ කරේ සීනු බැන්දත් මූට වගේ වගක් නෑ. එත් ලේන්නුන්ව නං පෙන්නන බෑ, පොල් ගැහෙ බද ගලා කරටියටම හරි යයි, ගිහින් බැහ ගන්න බැරිවෙලා ඉතින් මර විලාප තියනවා, අන්තිමේදී අයෙත් කොහොම හරි බැහ ගන්නවා. ආතල්ම සීන් එක කියන්නේ මුගේ හතුරෙක් වෙන බල්ලෙක් සෙට් උනොත් තාප්පේ උඩදී මුන් දෙන්න ටික වෙලාවක් මුනට මුන බලාගෙන සින්දු කියනවා, ඊට පස්සේ යේ කොට්ට පොර ගහ ගන්නනවා, ආයේ මුන බලන් සින්දු කියනවා, එකෙක් වැටෙනකන්ම අයෙත් කොට්ට පොර. :D. අනේ එකට බල්ලෝ. කියල වැඩක් නෑ.

    ReplyDelete
  25. කෙනෙකු උසස් වන්නේ උපතින් නොව කරන ක්‍රියාවෙන්ය කියල බුදු හාමුදුරුවොත් කියල තියෙනවනෙ.
    ඔය පොෂ් එවුවෝ ඉන්නෙ උංට සලකනකං විතරයි. උං පාරට වැටුනම වල් බල්ලෙක්ගෙ තියෙන වටිනාකමවත් නෑ.

    ReplyDelete
  26. අන්න බල්ලෝ. මමත් බල්ලන්ට කැමතියි.
    ඒ වුනාට උඹ අරපළවෙනේ ඡේදයේ කියලා තියෙන දේට මම එකඟ නෑ. ඒක වෙන්නේ බල්ලගේ පෙඩිග්‍රී එක අනුව නෙවෙයි. බල්ලෝ කොහොමත් ස්වාමියට ආදරෙයි.

    ReplyDelete
  27. බව්වාගේ සෙනෙහස ......කළගුණ නොදත් මිනිසුන් සිටිනා ලෝකයේ. මේ බව්වා මිනිසුන්ට ආදර්ශයකි. ඉස්සරනම් මිනිහෙක් නරක වැඩක් කරොත් කියන්නේ බලු වැඩ කරන්න එපා කියලා. දැන් ඒක වෙනස් කරන්න කාලය හරි .

    ReplyDelete
  28. මිනිස්සුන්ට වඩා සත්තු ගුණවත් , විශේෂයෙන්ම බල්ලා කියන සතා. මේ බව්වට නම් කිස් එකක් දෙන්න හිතෙනවා ත්‍රීවීල් අංකල් බේරගත්ත විදිහ දැක්කම.

    ReplyDelete
  29. සෝයි බවුවා.... අපේ බවුව නම් සිකුරිටි ජොබ් එක කරන්නෙ අපි පේන්න ඉන්නකොට විතරයි. නැත්තං පුටුවක් අස්සට වෙලා හොඳට නිදි.

    ReplyDelete
    Replies
    1. බස්C.... ඒක තමයි සෙකුරුටි කියන්නේ...

      Delete
  30. තලවතුගොඩත් හිටියා ඔය වගේ බව්වෙක්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...