Tuesday, April 1, 2014

අපට සිහිනයක් වූ අප්‍රේල් පලවෙනිදා.. - "Fools Day" Its a Dream for Us !!!


ඉක්කෝලෙ යන කාලේ නම් අප්‍රේල් පලවෙනිදා යනු ආතල්ම දවසක්ය. පන්තියේ එහා පැත්තේ පුටුවේ සිටින එකාගේ සිට, පන්තිභාර ගුරුතුමිය, අනෙක් ගුරුවරු සහ ප්‍රින්සිපල් දක්වාම මෝඩයන් කරමින් ආතල් ගැනීම මෙදිනට යෙදෙන සිරිතක්ය. එහෙත් එම උණුසුම පවතින්නේ දහවල් වනතුරු පමණක්ය. විටෙක එය පාන්දරම ගුලිය කෑ විට අවසන්ය. ඉස්සර අප්‍රේල් පලමු වැනිදා මතක් වන්නේ සියල්ල සිද්ධ වුණාට පසුවය. නමුත් අද කාලේ අප්‍රේල් පලමු වෙනිදා කිසිවෙකු ඇන්ඳීම සිහිනයක් වී හමාරය. බුකියෙන්, මේල් වලින් සහ ඇස්.ඇම්.ඇස් වලන් බොහෝ දෙනා කලින්ම අප්ඩේට් වන නිසා බොරුවක් කියා හෝ කිසිවෙකු මුලා කිරීමේ පරම අයිතිය කෙලෙසා හමාරය. මේ වසරේ නම් සිරි ලංකාවේ දකුණු සහ බස්නාහිර පලාත්වල ජනතාව ඇන්ඳීමේ කටයුත්ත අප්‍රේල් පලමු වෙනිදාට පෙර හමාර වූයේය. ඒ මැතිවරණය 29 වෙනිදා යෙදී තිබුණු නිසාය.

අද උදෑසනම සෑමා නම් අප්‍රේල් මෝඩයා බවට පත්වූයේ අහක යන කලඩියක් හිස මත පතිත වීම නිසාය. උදෑසනම අපේ කඩේ පැත්තට ඔළුව දැමූ නිසා හොඳ පෝරියල් එකක් කෑවේය. රාත්තිරියේ ඇඳගෙන නිදා සිටි ගල් ෂෝට් එක උඩින් ෂර්ට් එකක් දමාගෙන පහළට බැස්ස සෑමාට තාත්තා රාජකාරියක් පැවරුවේය. ඒ අපේ කඩෙන් උදෑසන පත්තර කිහිපයක් රැගෙන යන්නට එන ස්කූල් බස් එකකට පත්තර ටික භාරදීමය. එම පත්තර කිහිපය මිටියක ලෙස ගැට ගසා මනාව සකසා තිබුණේය. තාත්තා එය පෙන්වමින් කීවේ මේක අහවල් පාසලේ පත්තර මිටිය, අහවල් ස්කූල් බස් එක ආ විගස භාර දෙන මෙන්ය. සෑමා එය පිළිගෙන පැත්තකට වී සිටියේය. තාත්තාද කොහේ හෝ ගියේය. මොහොතකින් ආවේ ස්කූල් බස් එකය. ඉන් බැස ආ දෙකේ පන්තියේ නංගී කෙනෙකු සිරිකත පත්තරයක් ඉල්ලුවාය. ඉන් පසුව අපේ ඉක්කෝලේ පත්තර ටික දෙන්න යැයි කී නිසා සෑමා ඔය තියෙන්නෙ නංගී ගන්න යැයි කීවේය. ඉන්පසු නංගී සෑමා පෙන්වූ පත්තර ටිකත් රැගෙන බසයේ නැග ගියාය. තාත්තා නැවත කොහේ හෝ සිට පාත් වූයේය. 

කෝ ස්කූල් බස් එක නේද ගියේ?

ඔව්, පත්තර ටික දීල යැව්වා.

එතකොට මේ තියෙන්නෙ???

ආ ඒ ටිකද දෙන්න ඕනෙ?? මම අතන තිබ්බ ටික දීල යැව්වා..

හරි.. මේ ලඟ ඇත්තෙ මම පන්නලා ගිහින් අරන් එන්නම්.

තාත්තා හිසේ අත ගසා ගනිද්දී වැඩේ ෂේප් කරන්නට සෑමාට ඝණ දෙවි නුවණ පහළ වූයේය. වාහනයට නැගී ෆලෝවක් දෙන්නට සෑමා සූදානම් වූයේ හැඳ සිටි ගල් ෂෝට පිටින්මය. හැඩ වැඩ වෙන්නට වෙලාවක් නැතිය. ගල් සෝටක් ගසාගෙන දෙක වසරේ කෑල්ලක් පසුපස එළවන්නට සෑමාට සිද්ධ වූයේය. මඟක් දුර යද්දී ස්කූල් බසයේ පාට අමතකය. ඒත් හැඩය මතක නිසා මුණ ගැසුණු පළමු ස්කූල් බස් රථයක් හරස් කොට නැවැත් වීමට සෑමා සමත් වූයේය.

“අයියේ ඕගොල්ලො නේද ස්කෝලෙ පත්තරේ ගෙනියන්නෙ..“

“නැහැ මල්ලී අපි නෙවෙ...“

“අඩේ සොරි අයියා..“

“මල්ලි පිස්සු කෙලිනවා.. මම හිතුව අපි ලමයෙක්වත් මඟ දාල ඇවිල්ලද කියලා...“

කරන්නට දෙයක් නැත. බස් එක සොයා ගත නොහැකි නම් කළ හැක්කේ පාසල ඉදිරිටට ගොස් දෙකේ පන්තියේ කෙල්ලක් එනතුරු බලා සිටීමය. සෑමා පාසල ලඟට ගියේය. එතැන නවත්වන සෑම බස් රථයක්ම දෙස බලා සිටියේ දෙකේ පන්තියේ නංගී එන තුරුය. ඒත් මුහුණ මතක නැතිය. අතේ පත්තර සැට් එකක් තිබේනම් ඒ ඇයම විය යුතුය යන මතයේ සිට සෑමා පාසල අසල කහ ඉර අසල මුර කළේය. ඒ අතර පුංචි කෙල්ලෝ සැට් එකක් මැද්දේ පත්තර කිහිපයක් තුරුලු කරගෙන කෙල්ලෙක් ඇඳෙන්නීය. සෑමා ක්ෂණිකව වාහනයෙන් බැස උච්චර ස්වරයෙන් “නංගී“ ගෑවේය. උන් හා හූවක් නැතිය. පාර පැන කෙල්ලෝ සැට් එක පිටුපසින් “නංගී“ ගෑ විට දෙයියනේ කියා එක නංගී කෙනෙක් බැලුවාය. 

“නංගී.. අර පත්තර ටික අරන් යන නංගිට කතා කරන්න““

සෑමා කෑ ගැසුවේය. ඒ නංගි ඉදිරියෙන් සිටින වෙනත් කවුදෝ කෙල්ලෙකට තට්ටු කළාය. උන් ඔක්කොටම පිස්සු යැයි සිතින් සිතමින් සෑමා කෙල්ලෝ රැල මැද්දෙන් ඉදිරියටම ඇදෙද්දී ඇන්ටිලා, අංකල්ලා, ටීචර්ලා, සියල්ලෝම බලා සිටින්නේ සෑමා දෙසය. ගල් සෝටක් ගසාගෙන පාසලක් ඉදිරියේ ගේට්ටුව පැත්තට කෙල්ලෝ සැට් එකක් මැද්දේ ගමන් කරද්දී සෝට ඕනා නැතිය. රෙදි කැලේය. විලිලැජ්ජාවේ බැරිය. නැවතත් සිතට දහිරිය ගෙන අවසන් උත්සාහය ගන්නට සිද්ධ වූයේය.

“නංගී... නංගී...“

එවර නම් ඇය හැරී බැලුවාය. නංගී මේක අරන් යන්න ඕක මට දෙන්න යැයි කී විට ඇය කිසිත් නොඅසා සුහද මාරුව සඳහා කැමති වූවාය. එය රැගෙන නැවත පිටුපස වත් නොබලා ඇය ඇතුලට ගියාය. ගේට් එක අසල සිටි අයියා කෙනෙකු මොකැ මල්ලී සීන් එක යැයි ඇසුවේ සැමාගේ හිස සිට දෙපතුල දක්වා බලමින්ය. 

“බලන්න අයියේ මේ ලමය වැරදි පත්තර ටිකක් අරන් ඇවිල්නේ..“

“මල්ලි ඕව පරිස්සමෙන් කරපං. වැරදි පත්තර වැරදි ලමයි අතට ගියොත් විනාසයි...“

අප්‍රේල් පළවෙනිදාවක එහෙව් කෙළවීමක් වූයේ නම් තව කිසිවෙකුට හෝ ගින්නක් දිය යුතුය යන චේතනාවෙන් සෑමා කෝල් එකක් ගත්තේ තම මාමාගේ පුතාටය. කොල්ලා රෝද හතරක් ගත්තේ ඊයේ පෙරේදාය. ඈත පැත්තක රාජකාරි කළත් කොල්ලාගේ හිත තියෙන්නේ ගෙවල් පැත්තේය. ඒ වාහනයේ සිහියෙන්ය. වාහනය පාර්ක් කරන්නේද ගෙදරට යන පාරේ පල්ලමේය. හෑන්ඩ් බ්රේක් ගසා ලෑලි අඩයක්ද තබා ඇත්තේ වාහනයට ඇති ආදරය නිසාමය. සෑමා ඌට ගුලියක් දීමට කෝල් එකක් ගත්තේය.

“අඩෝ... ගුඩ් මෝර්නින්..“

“අහ් ගුඩ් මෝර්නින් මස්සිනා..“

“ගුඩ් මෝර්නින් නෙවේ.. මේ .. උඹ යද්දි කාර් එකේ හෑන්ඩ් බ්රේක් ඇඳල නෙවේද ගියේ??“

“ඇයි බං මොකැ සීන් එක..“

“උබ හෑන්ඩ් බ්රේක් ඇදල නැතුව අන්න කාර් එක පල්ලමට ගිහින්, බිත්තියක වැදිලා..“

“හරි.. බං.. උඹට විෂ් කරන්නත් බැරි වුණානේ.. හැපි බර්ත් ඩේ එහෙනම්...“

හැමදාම බොරු කියන උන්ට, හැමදාම ගුලි දෙන උන්ට විශේෂිත දිනයක් අනවශ්‍ය බව සෑමාට වැටහුනේ ඊට පසුවය. අපි කෙප්පයක් අරින්නට හැදුවොත් අනිත් උන්ට විහිළුය. ගණන් ගන්නේ නැතිය. උන් කියන්නේ අනේ උඹල හැමදාම දෙන ගුලි නිසා අපි ඒවා ගණන් ගන්නේ නැහැ කියාය. ඒ නිසා අපට අප්‍රේල් පළමු වැනිදා සිහිනයක් පමණක්ය. ඒ අපි හැමදාම බොරු කියනා නිසා නොවේය. අපි ඇත්ත කිව්වත් අනිත් උන් පිළි නොගන්නා නිසාය.

ගිය අවුරුද්දෙ අප්‍රේල් පලමු වැනිදා සැප කනේය..

Written_by_sAm_ශ්‍රී_Perera_5:15pm_01/04/14

41 comments:

  1. හොද වැඩේ බොට...යකෝ ගල් ෂෝට ගහන් කෙල්ලො අස්සෙ රිංගන්න ගිහින් වටේපිටේ උන්ගෙන් ගුටිනොකා ආපුඑක ඇති :D
    කොහොමහරි එහෙනම් උබට සුභ උපන්දිනයක් ඈ :D

    ReplyDelete
  2. ///හැමදාම බොරු කියන උන්ට, හැමදාම ගුලි දෙන උන්ට විශේෂිත දිනයක් අනවශ්‍ය බව සෑමාට වැටහුනේ ඊට පසුවය. අපි කෙප්පයක් අරින්නට හැදුවොත් අනිත් උන්ට විහිළුය. ගණන් ගන්නේ නැතිය. උන් කියන්නේ අනේ උඹල හැමදාම දෙන ගුලි නිසා අපි ඒවා ගණන් ගන්නේ නැහැ කියාය. ඒ නිසා අපට අප්‍රේල් පළමු වැනිදා සිහිනයක් පමණක්ය. ඒ අපි හැමදාම බොරු කියනා නිසා නොවේය. අපි ඇත්ත කිව්වත් අනිත් උන් පිළි නොගන්නා නිසාය.//
    සහතික ඇත්තය
    වෙන්නෙම ඔහොමය..

    සුභ උපන්දිනක් වේවා!!
    ජය වේවා!!!


    ReplyDelete
    Replies
    1. එසේම වේවා විදානේ..

      එහෙම සීන් එකකුත් තියෙනවා බං.

      Delete
  3. ගල් ෂෝට කිව්වෙ කොහොම ෂෝටක්ද බං.

    ReplyDelete
    Replies
    1. මාත් මේ අහන්න හැදුවේ ඒකමයි.

      Delete
    2. කොටම කොට සෝට, ගල් සෝට..

      Delete
  4. සුබ ම සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  5. දැන් ඉන්න එවුන් ඇන්දෙන්නෑ අප්ප..තාක්සනේ දියුණුයි නොවැ..

    ReplyDelete
    Replies
    1. සිරාවට ගූගල් දෙයියම් කියනවා අද මෝඩ දවස කියල. ඉතිං කෝමද කාවත් අන්දන්නෙ.

      Delete
  6. වැඩක් නෑ බං.. දැන් ඉස්සර වගේ අප්‍රේල් පළවෙනිදා කියලා කාවවත් අන්දන්න බෑ..

    ReplyDelete
    Replies
    1. සිරාවට බං. ඔහෙත් එහෙමද?

      Delete
  7. //ඒ අපි හැමදාම බොරු කියනා නිසා නොවේය.//හැමදාම ඩොකාලව අන්දන බොට මස්සිනාව අන්දන්න බැරි උනානේ...

    ReplyDelete
    Replies
    1. අඩී අපි අන්දන්නෙ නැහැ අරිය..

      Delete
  8. මාත් ඊයේ කිව්ව කිසිම දෙයක් කව්රුවත් පිළිගත්තේ නැහැනේ. (කවදත් එහෙම තමා)

    ReplyDelete
  9. අඩෝ උඹ මට මොනාද කියන්න හැදුව කතාව...?

    ReplyDelete
    Replies
    1. වාහනේ ලීස් එකෙන් ඉස්සුව කියල උබව අන්දන්න හැදුවෙ...

      තෝ එක කියන්න කලින් දැන් දවල් 12 පහුවෙලා කිව්ව නේ :(

      Delete
  10. ඉස්සර අබරපු බොරු දැන් පොඩි ඇච්චෙක්වත් කණකට ගන්නෙ නෑ බන්... ශිට්... මමත් මෙදා පාර ලැජ්ජ උනා බන්...

    ReplyDelete
  11. සන්නාසියෙක් කියල තොව අලගන්න තිබ්බේ ඔය ඡන්ද මගුල ඇර තොට කතාකරන්න වෙන දෙවල් නැද්ද හොඳ පොස්ට් එකක් ලියල උඩ ගූ බෙට්ටක් අතැරල

    ReplyDelete
    Replies
    1. තේරුනේ නැහැ බං..

      //සන්නාසියෙක් කියල තොව අලගන්න තිබ්බේ// ???????????

      Delete
    2. ඇයිබං ඉස්සර ලොකු කස්ටිය අපිව බය කරන්නේ ගොනි බිල්ලො එයි සන්නාසියෝ එයි අල්ලං යන්න කියල හික්ස්

      Delete
  12. ගල් ෂෝට කියන්නේ ඇයි බං ...? ෂෝට කොහොම ඇන්දත් ගල් එලියෙනේ :P

    ReplyDelete
    Replies
    1. ගල් සෝටෙදී ගල වඩාත් එලියෙ බං..

      Delete
  13. හැපි බර්ත්ඩේ මචෝ

    ReplyDelete
  14. එහෙම දවසක් කියලා විශේෂයක් නෑ ,හැමදාම මොකක් හරි මගුලක් තියෙනවා නේ ,මේ සැරේ මටත් සෙට් වුණා හොද එකක් උදේම ශික්

    ReplyDelete
  15. සුභ උපන් දිනක් වේවා මචෝ..

    ReplyDelete
  16. හයියෝ ගල් ෂෝට්...! බොට ඉතින් ලැජ්ජා නහර නෑ නේ. හික්ස්

    :පී

    ReplyDelete
    Replies
    1. ඇනෝවෙක් කිව්වා බං මගෙ අහවල් නහරේ නැහැ කියල..

      Delete
  17. මගේ පොඩි මස්සිනා යුද්දෙදි මැරුණ ආරංචිය ආවේ අප්‍රේල් පළවෙනිදාවක. අපි කොයිතරම් බලාපොරොත්තු වුනත් ඒක අප්‍රේල් බොරුවක් කියලා දැනගන්න ලැබෙයි කියලා, එහෙම වුනේ නෑ. ඊ ලඟට ඒආරංචිය අනිත අයට දෙන්න ගිහිල්ලත් අපි ඊට වඩා කට්ටක් කෑවා කවුරුවත් විස්වාස නොකරන නිසා.

    ReplyDelete
  18. මං දන්න තරමින් පිටරට වල මාධ්‍ය ආයතන ඉහලින් ඔය දිනය සමරනව... ඇත්තේන්ම ඒ බොරුව වුණත් කාටවත් හිනියක් නොවෙන්න අපූරුවට කරන බවයි මගෙ මිතුරෙක් කීවෙ... ඒකට වඩාත්ම ජනප්‍රිය ස්කාඤ්ඤය වගේ රටවල් කියලත් කිව්ව මතකයි

    ReplyDelete
  19. මට තියේන්නේත් ඔය සීන් එකමනේ , අනේ මන්ද ඇයි කියලා. :o

    කවුරු කොහම වුනත් Nokia හා Samsung කියන ආයතන 2 පවා අප්‍රේල් 1 විහිලු කරානේ.
    ඒවට , මුලු ලොකේම , එකටම අහු වුනානේ. අෆ්ෆේ !! :p

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...