Friday, April 4, 2014

මහ ඇමතිගේ පළවෙනි ඩියුටිය.... - First Duty of Chief Minister !!!


සෑමා පොලිස් කතාවක් ලිව්වොත් බොලාට වහ කඳුරු වගේය. එක්කෝ ඕවා කතා කරල වැඩක් නැහැ බං. පොලිසිය බැලන්ස් කොරන්න උඹල දන්නැහැ බං වැනි කමෙන්ට් වලින් පෝස්ට් එක අහවර වෙන්නේය. එසේ ගිය පොලිස් කතා කිහිපයක් බ්ලොග් එකේ ඇත්තේය. 


මේ සියල්ල ගේමෙන් ලියපුවා නිසා කස්ටිය කියවනකොට අවුල්  යන්නේය. ඒ නිසාම මේ ලියැවෙන්නේ පොලිස් ආතල් කතාවක්ය. සෑමා ඉන්නේ කැළණිය පොලිසියට අයිති බල ප්‍රෙද්ශයේය. එහෙත් මැතිවරණ කොට්ඨාශය නම් බියගමය. එය කෙසේ ගැලපෙන්නේ දැයි නොදන්නෙමි. නමුත් ඕන කුණු ගොඩකට අපේ ඒරියල් එකට බහින්නේ ඔය කියන පොලිසියෙන්ය. ඒ වගේම අපි ඕනෙම කුණු ගොඩක් ගෙනිහින් ඔබන්නේ ඔය ස්ථානයටමය.

කලින් සිටි ස්ථානාධිපතිගේ තරම දන්නේ අපේ පැත්තේ උන්මය. ඔහු සිටියේ ගේමෙන්මය. හැබැයි ඔහු කරනා දෑ ඇසූ විට හිනා යන්නේ බරපතල විදිහට නීතිය අතට ගෙන සිටි නිසාය. එක අතකට එය හොඳය. අපේ හන්දියේ බියර් ෂොප් එකෙන් බියර් රැගෙන එතැනම සිට කටේ හලා ගන්නා උන් අඩු වූයේ එතුමාගේ ක්‍රියා කලාපයන් නිසාය. එසේම පොලිසියේ අනිත් සේවකයන් පවා ලොක්කාට බය නිසා වැඩිය වැඩ දැම්මේ නැතිය. පසුව කුමන හෝ අටමගුලක් වී ලොක්කාව ස්ථාන මාරුවක් දී යැව්වේය. ඒ යන්නට පෙර කිරිබත්ගොඩ පැත්තේ මැර ඩයල් එකක් සමඟ ගෝරියක් ගොස් ලොක්කා කෑවේ යැයි කතාවක්ද තිබෙන්නේය. මැර ඩයල් එකට පස්සේ හොඳ සම්බුවක් ලැබෙන්නට ඇතත්, ලොක්කා ප්‍රසිද්ධියේ පාරේදී කාපු සීන් එක නම් කුජීතය. ඉස්සර රෑ 9 පසු වී විට පාරේ ගමන් කරන උන් පවා මොබයිල් එකේ දමාගෙන පොලිසියට රැගෙන යන්නේය. ඉන්පසු ප්‍රශ්න කොට ගෙදර එවන්නේය. කරුමෙට හෝ වැඩ ඇරී ප්‍රමාදවී එන එකෙක් සෙට් වුනොත් ඌටත් බඩුය. මොකද කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව ජීප් එකේ දමාගෙන යන නිසාය.

ඒ ආතල් එකම මෑතකදී නන්දේට සැට් වෙන්නට ගියේය. නන්දේ, කවුදැයි අමුතුවෙන් කිව යුතු නැතිය. අපේ නිවස අවට සැරිසරන නිදහසේ ආතල් එකේ සොට් එකක් දමාගෙන ජීවත් වෙන නන්දේ කාටවත් කරදරයක් නැතිය. එහෙත් පොලිසිය රෑ ජාමේ එන්නේ විවෘත මනසකින් නොවේය. දකින හැම එකාම වැරදිකාරයෙක් යන මතයේ සිට එන ඔවුන් අහුවෙන හැම එකාම කුදලාගෙන යාමේ සම්ප්‍රදායේ සිටින්නෝය. නන්දේව වරක් දුටු විට මතක හිටිනා නිසා එය ඔහුට පාඩුවක්ය. ඒ නදීක ගුරුගේ වගේ රැවුල වවාගෙන සිටින නිසාය. දිනක් හන්දියේ බියර් ටින් එක වටා වටවෙන පිරිස අස්සේ නන්දේ සිට ඇත්තේය. හදිසියේ පොලිසිය පැමිණීමෙන් පිරිසක් කුදලාගෙන ජීප් එකට දමා ගනිද්දී නන්දේ ඒ මැද්දෙන් පැන වත්තකට රිංගාගෙන ඇත්තේය. ඒ වත්ත තිබෙන්නේ අපේ නිවස ඉදිරිපිටය. තමා ඉනේ තිබූ පිහියක්ද කැළේ වට්ටාගෙන නන්දේ පහුවදා උදේ වෙන තුරු වත්තේ සැඟව සිට එළිබැස්සේය. එදා සිට නන්දේ පොලිසියට බ්ලැක් ලිස්ට්ය. “අර රැවුලා තමා අපි හොයන්නේ...“ ලෙස පොලිසිය කියන්නට පටන් ගත්තේ එදා සිටය. නන්දේ දවල්ට හන්දියේ වල බහිනා අතර රෑ ජාමයේ අපේ ගෙවල් පැත්තට එන්නේ පෙලෝසියෙන් බේරෙන්නටය.

එසේ සිටිනා දවසක නන්දේ සමඟ කයියක් ගසන්නට සැට් වී ඇත්තේ අපේ සැලුන් එක කරන සුරේකයාය. නන්දේට බියර් එකක් ගැස්සවීමට සිතා සුරේකයා නන්දේට වචනය දමා ඇත්තේය. නන්දේ එපාම කියද්දී සුරේකයා බියර් ටින් එකක් රැගෙන විත් ඇත්තේය. ටින් එක කඩා සිගරැට් එකක් ඉවර කරන්නට මත්තෙන් පොලිස් ජීප් එක නවත්වා ඇත්තේ නන්දේ සහ සුරේකයා ඉන්නා තැනමය. නන්දේට බියර් සොට් එකක් ගසනවා තියා එහි ගඳ සුවඳ බලන්නටවත් ඉඩක් ලැබී නැත්තේය. වැඩිදුර නොසිතු නන්දේ අනිත් පැත්ත හැරී දිව ගොස් ඇත්තේ අපේ වත්තටය. සුරේකයා මාට්ටු වී තිබුණේය.

“කෝ ගන්නවා තමුසෙගෙ අයිඩින්ටිය...“

කියා පොලිසිය හැඳුනුම්පත ඉල්ලද්දී සුරේකයා අනිත් පැත්තට දුවා ඇත්තේ තමන් නැවතී සිටින සැලුන් එකේ උඩ තට්ටුවටය. රැවුලා දිව ගිය නිසාත්, සුරේකයා අයිඩින්ටිය ඉල්ලූ විට දිව ගිය නිසාත් කෝප වූ පොලිස් ජනතාව සුරේකයා පස්සේ උගෙ කාමරයට දිව ඇත්තේය. ඉන්පසු අස්සක තිබූ අයිඩින්ටිය ඇද පෙන්වා ඇත්තේය.

“තමුසෙ මොකද ඕයි දිව්වේ ??“

“අයිඩින්ටිය ගන්න සර් දුවලා ආවේ..“

“තමුසෙ මාර මිනිහෙක්නෙ ඕයි.. කියල එන්න එපෑ.. මම හිතුව තමුසෙත් දිව්වා කියල.. කෝ බලන්න.. තමුසෙ ගංජ නේද දුවගෙන ඇවිත් හැංඟුවේ...“

කෝපයට පත් පොලිස් ජනයා සුරේකයාගේ කාමරය සෝදිසි කර ඇත්තේ වෙනත් චෝදනාවක් යටතේය. එසේ කාමරය අවුස්සා දැමූ පොලිසිය සුරේකයාව ජීප් එකට නග්ගාගෙන ගොස් හන්දියෙන් බස්සවා ගෙදර එවා තිබුණේය. සුරේකයා කීවේ නම් පොලිස් සැට් එකත් බීලා සිටි බවක්ය. උන් ටිකක් බිව්වාම අපි බයිට් කියාය.

පසුවදා සිද්ධිය කියා සිටියේ නන්දේය.

“අම්මට හුඩු පොලිස් කාරයෝ දෙන්නෙක් බැස්ස ජීප් එකෙන් මට කර ගන්න දෙයක් නැහැ. මම ගිහින් පිටි පස්සේ තියෙන ඇඳේ ඇලවුණා.“

“යකෝ ඒ පැත්තට ආව නම් මාට්ටු වෙනව නේ..“

“නැහැ නැහැ මහත්තයා මම ගිහින් ඇඳ උඩ තිබ්බ මෙට්ට දෙකෙන් එකක් ඇඟ උඩින් දාගෙන හිටියෙ ලොවෙත් හොයන්න බැහැ.“

“ඉතිං ඇඳ යටට රිංගුව නම් ඉවර නේ..“

“මොන රිංගනවද හදිස්සියට, අනික බඩ උඩ තිබ්බ මෙට්ටෙ මම හුස්ම ගන්න වේගෙට උඩ පහළ යනවා. ආව නම් බඩු බනිස්ම තමා...“

“දැන් ඉතිං රැවුල කපල දාන්න තියෙන්නෙ. නැත්තං අල්ලගෙන යයි..“

“නැහැ.. වැඩේ ගොඩ. මම කෙලින් අජිත් මහත්තය ලව්වා මහ ඇමතිට කියල තියෙන්නෙ. මට ඕන වෙලාවක පොලිසියට යන්න එන්න පුලුවන් කිව්වා..“

“අඩේ මහ ඇමති පත් වෙලත් නැහැ නේද??“

“ඒක තමා කියන්නෙ. මහ ඇමති වැඩ භාර අරන් කරන පලවෙනි රාජකාරිය මේක..“


Written_bY_sAm_ශ්‍රී_Perera_7:10am_04/04/14

58 comments:

  1. ඕං මහඇමතිලගෙ ඩියුටි!
    //උන් ටිකක් බිව්වාම අපි බයිට්// සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. උන් එක්ක සැට් වෙලා මැතිවරන ඩියුටි වෙලාවට ගැහුවට අවුලක් නෑ නේ? ;)

      Delete
  2. සැමෝ , සපුගස්කන්දේ පොලොසියේත් ඉන්නවා හඩු කොස්සෝ සෙට් 1ක් ......යන පළාතම ගදයි
    bike ,ත්‍රී වීලර් පෙන්නන බෑ ,,,,,

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙ බෙනට් ව දන්නවද??

      Delete
  3. “අඩේ මහ ඇමති පත් වෙලත් නැහැ නේද??“

    “ඒක තමා කියන්නෙ. මහ ඇමති වැඩ භාර අරන් කරන පලවෙනි රාජකාරිය මේක..“/////

    ඒක නං පට්ට කතාව.... එතකොට අපි මහ ඇමතිලා පත් කොරන්නේ ඒවටද... හාකො හාකො

    ReplyDelete
    Replies
    1. නැතුව.. සපෝට් කරපු උන් ගොඩ දාන්නෙ කවුද??

      Delete
  4. මහ ඇමතිලා වගේම තමා ගෝලයොත්..

    ReplyDelete
  5. සෑමා මෙදා පාර පට්ට සීන් එකක් උනා බං..අපෙ මාමන්ඩියගෙ ඉන්නව ඔය ජාතියෙ එකෙක් ..රෑට ගහනව
    ෆ්ලැට් වෙන්න්ඩ .මුස්ලිම් හැබැයි වැඩ්ඩා..
    රෑ 1 ට විතර කෝල් එකක් ආව් ගෙදරට අයියෙ ඔයාලගෙ එක්කෙනෙක් පොලිසියෙං ගගහ අරං ගියා කියලා..මාමන්ඩිය මාවත් ඇදං දිව්ව පොලිසියට මූ බේරගන්ඩ..
    වෙලා තියෙන්නෙ මේකයි..පොර හොඳට ගහල පුට් බයිසිකලේ එනගමං පාරෙ රෑ පැට්‍රෝල් ගියපු පොලිස් කාරයො දෙන්නෙක්ගෙ ඇගේ හප්පලා..උං මූට අම්බානක නෙලලා මොබයිල් එකට කතා කරල පටෝල එවලා පොලිසියට..

    අපි යද්දි බුවා ඉන්නව ඉන්දල..මූනත් ඉදිමිලා.පව් වැඩේ.

    HQI එලියට ගියා පොඩ්ඩක් ඉන්න කීවම අපිත් හිටියා..ටිකකින් ලොක්ක ආව .ඌත් අම්බානකට ගහලා..
    කොල්ලො දෙන්නෙක් අරං ඇවිත් කූඩු කරල මං දිහා හොඳට බලලා විස්තරෙ ඇහුවා..: D දුවෙක් වත් ඉන්නවද දන් නෑ !!
    ගෙන්නුව පොලිස් කාරයො දෙන්නව.චෝදනා පත්තරේ දාන්ඩ ..මොබයිල් එකෙන් මෙඩිකල් රිපෝට් දාපු නිසා ප්‍රොඩියුස් කරනඩම වෙනව අඩු කරල දෙන්නං කිව්ව..

    ඇයි මූව ගෙනාවෙ.
    අපි පාරෙ එද්දි ඇඟේ හැප්පුව සර්.කටගහන්නත් ආව .
    වැරැද්ද ???
    අරක්කු බාගයක් ඉනේ .
    කසිප්පුද ??
    නෑ සර් සීල්..
    අම්&%$ %$*ඩද යකෝ සීල් බොන උං අරං ආවෙ ??
    නෑ සර් බීමතින් හැසිරීම..රාජකාරියට බාදා කිරීම.

    රාජකාරි සීන් එපා..බීමතින් කියල ඇපයක් දීල සිකුරාදට උසාවි දානවා..!!! මූව ගෙනියන්ඩ දෙනවා.

    අපේ එකා සිංහය වෙලා කොස්සො ඉස්සරහ දැං ..
    උං මූව බයිට් කරනව අපි එක්ක.
    නම
    $&*--&$
    වයස ?
    47 යි. අඩුවෙන් දාගන්ඩ.
    ආගම ?
    මුස්ලිම්
    ජාතිය සිංහලද ??
    චෑ චෑ මාතියා ඒකත් මුස්ලිම්.

    යන්ඩ යද්දි මූ ගේම ඉල්ලනවා මුගෙන් ඉනේ තිබුන බාගෙ දෙන්ඩලු .. ඒක දුන්නම් කියනවා ඕකෙ මීට වඩා තිබුන තමුසෙල ඒක බීලලු..
    හිනාවෙල මැරුන පොලිසියෙ උන්ටයි අපිටයි බං !!!!

    කමෙන්ට් එක දිග වැඩී නේ ?? මට පාං යැ !!!

    ReplyDelete
    Replies
    1. ආතල් ඩයල් එකක් නේ බොල..
      මුන් වගේ උන් මසුරන් බං.. හිනා වෙන්න වගේම උන්ගෙ හොඳ ගතිත් තියෙනවා...

      ඕව කමෙන්ට් නෙවෙ බං.. පෝස්ට් ;)

      Delete
    2. තැන තැන දමන පඩ ගද ඉවසීමට නොහැක , මේ බොග දැමීමට කාලයයි

      Delete
    3. අටමො .. අවංකවම කියන්නද.මට කම්මැලියි බං...

      Delete
    4. උඹගේ මෙල්ලුව හොයාගන්ඩ බැ බං , දියන්කෝ

      Delete
    5. තැන තැන දමන පඩ ගද ඉවසීමට නොහැක , මේ බොග දැමීමට කාලයයි 2 !!

      Delete
    6. අටමා - LOL

      ඕනයා - 2 x LOL

      Delete
    7. තෝ බොග දන්නා හිතන්නවත් එපා පත්ත්රයා මම ඉන්නකං...අම්මප මන් තෝව මරනවා .....
      හැබැයි උඹ හීනියට බොගක් දාන්න පටන් ගත්තනම් හොඳයි කියලා මටත් හිතෙනවා මලයා

      Delete
    8. බලපංකෝ ඉදල ඉදල පටන් අරන් බොගක් දැම්මොත් කෝමට සැරට තියෙයිද කියල..

      Delete
    9. ඕනයියේ .. ඕ යෑස් උඹ වගේ ජේස්ට බ්ලොග් කාරයෙක්ගෙං ඔහොම අහන්න ලැබීම සතුටක් බං.

      ඉවානො .. මං බ්ලොග් එකක් ලියන්නෙ තොගෙ හත් දවසෙ දානෙ දීලා..හැක්

      Delete
    10. ඕනා.. හැක්.. පස්ට ප්‍රස්තාව පිරුල..

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. @ ප.ම.
      ඔය මං වගේ එකක් පටංගනිංකො. :D

      Delete
    13. පත්තර මල්ලි කිව්වත් වගේ ප්‍රසන්නය වගේ බ්ලොගක් පටං ගනිං. පස්සෙ උඹ ඇබ්බැහි උනෙත් බ්ලොග නැගල යයි. උඹට කියන්න ගොඩක් දේවල් තියෙන බව පේනවා.

      Delete
    14. ප්‍රසන්න අයීයෙ ..
      උඹේ කතාව තමා බං දවසේ කතාව .හැක් හැක් !!!

      ඩ්‍රැකියා..උඹේ කතාව නං හරි මචෝ..බොහෝම ස්තූතියි දි‍රිමත් කරාට ..කියන්න කතා නං අම්මේ ඩිංගක් සෙට් වෙමුකෝ හවසක කියන්නං එලිවෙනකං හරි : D

      Delete
    15. පට්ටයි බ්න් ඒ කතාව නම්. උඹ පොලීසියට ඇඳගෙන ගියෙත් අර පුකේ හිලක් තියෙන කලසමද..?

      උඹට බොගක් දාන්න කියලා ගොඩක් කල් නේද..? හැබයි උඹ දෙන මේ ආතල් ටික බොග දාන්න පටන් ගත්තාම නැති වෙලා යයිද කියන පෙරේත ඉරිසියාවකුත් මට තියෙනවා. ඔය අද කෙන්ජියට උනා වගේ. ආන් ඌට ඌවම එපා වෙලාලු.

      Delete
    16. හැක් හැක් .. පුකේ හිලක් තියන කලිසම නෙමේ බං රෑට අඳින සෝට :D . ඔය පොර මාමන්ඩිය ලඟ අවු 20ක් තිස්සෙ වැඩ ඈ.. ආතල් ලෝකයක් .!!!
      මෙදා පාර ආවම දුන්න බෝතලයක් ඌට.ඒක රෑම ගහල පොර ෆ්ලැට් වෙලා පහුවෙනිදත් බුදි !! තව තියනවනං දෙන්ඩලු.. : D
      කමෙන්ට් එකක් දාං ඉද්දි හරි නිදහස් ගතියක් දැනෙනවා මාතෙ..උඹ දුන්න අවවාද අද වගේ මතකයි මට.අපේ කෙන්ජි බොස් ඔය ඉන්නෙ දිලිසි දිලිසි : D දැං වැදගත් නොවැ .. !!
      මහණ වෙයිදෝ මන්දා !!




      Delete
    17. පත්තරේ පටන් ගනින් කොල්ලෝ මොකක්හරි කමක් නෑ. ලියහන් ඕන දෙයක්. ජය වේවා...!

      Delete
  6. මේ සෑමෝ, උබව හෙම ඔය කියන පොලීසිය කුදලගෙන ගොහින් නැතෙයි...!

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් තොපි මාව අල්ලල හරි දෙයි...

      Delete
    2. අඩා මම මේ තාම හොයන්නේ උබ ඉන්නේ කොහෙද කියලා, පොලිසියට ඇඩ්රස් එකත් එක්කම දෙන්න. හික්ස්..@

      Delete
  7. මහ ඇමතිගෙ දෙවෙනි රාජකාරිය උබව බේරගන්න එක වෙයිද මන්ද :D

    ReplyDelete
    Replies
    1. බලමු උබද මම ද කියල ?

      Delete
    2. අපිව ඇතුලට යවන්න අපි මොනාකලාටද, උබලනෙ සමාජ විරෝධී ක්‍රියා හැමඑකක්ම කරන්නෙ :P

      Delete
  8. අපිනං බියගමට පොඩ්ඩක් එහා කඩුවෙල.. මෙහෙනං රෑට ඇලවල් ගාව,බෝක්කු ගාව ඉන්න එවුන් විතරයි කුදලං යන්නෙ...

    ReplyDelete
    Replies
    1. කඩුවෙලට පොලෝසියක් තිබ්බෙ නැහැ නොවැ.. තාමත් නැද්ද?

      Delete
    2. කඩුවෙල කිව්වට බෝමිරියෙ.. :D
      තාම නෑ නොවැ..නවගමුව පොලිස් තමා.. :D

      Delete
  9. මහ ඇමතිටම හරියන ගෝලයෝ...

    ReplyDelete
    Replies
    1. සමාන අදහස් ඇත්තෝ එක්වෙති නොවැ..

      Delete
  10. මම අහල තිබුනෙ සිල් වුනත් කඩපු බොතලයක් නම් පාරෙ ගෙනියන්න බැ කියල

    ReplyDelete
    Replies
    1. උන්ට ඕනැ විදිහට බොල නීති..

      Delete
  11. සමාන අදහස් ඇත්තෝ එක්වෙති නොවැ..

    ReplyDelete
  12. ඔව් ඉතිං ඔය මහා ඇමති කියන එකා ඉන්නේ ඔය වගේ වැඩ වලට තමා

    ReplyDelete
    Replies
    1. ඒකටනෙ බොල කඩේ ගිහින් පත්කොර ගන්නෙ.

      Delete
  13. නිහඩවම සිටිමි මක් නිසාද යත් මෙව්වාට අපිද වගකිවයුතු බැවිනි...

    ReplyDelete
    Replies
    1. ඔහොම කළ දේ පිළිගන්නා මහත්වරු මම දැකලම නැහැ විදානේ..

      ජය වේවා..

      Delete
  14. ඕකනේ කියන්නේ ජනරාළ පත් කරන්න කියලා නේද සැමෝ

    ReplyDelete
    Replies
    1. අඩේ මැතිවරණ කටයුතු ඉවරයි බොල...

      Delete
  15. ඉතිං ඒවා මහ ඇමතිගේ රාජකාරි පථයට අහු වෙන රාජකාරි තමා...

    ReplyDelete
    Replies
    1. නැතුව කෝමැයි ආයෙ දිනන්නේ..

      Delete
  16. සෑමට වෙච්ච දේවල්ට අහිංසක නන්දෙයා පලි...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත වගේ !! :D

      Delete
    2. අන්න හරි, ඕක සෑමාටම තමයි වෙලා තියෙන්නේ.... අහිංසක නන්දෙ.. :පී

      Delete
  17. ඇයි බං පොලෝසිය මේ තරම් චාටර් වෙන්නෙ?

    ReplyDelete
  18. ඔවුවා ඉතින් ඔහොම තමා.. වෙන මොනා කියලා කියන්නද ඉතින්..

    ReplyDelete
  19. සැමෝ.....නන්දෙටනම් හිරිහැරයක් වෙන්න දෙන්න එපා බං අහිංසකයා.

    සෑම් ගම්පහෙන් තේරුනු දෙවැනි ජේවිපි පොර කවුද?

    ReplyDelete
  20. අපට මේ වගේ තව තවත් කතන්දර අහන්න, නන්දෙයා යහතින් වැජඹේවා!

    ReplyDelete
  21. මටනම් භවයෙන් භවයට පොලෝසිය එක්ක තියෙන උන්මාදය වැඩි වී තිබේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...