Wednesday, May 15, 2013

පොලිස්කරුවෝද මනුෂ්‍යයෝ නම්... If Cops are Humans !!


මට හිතෙන හැටි ලියන නිශාන්තයා කීවේ සියළු පොලිස්කරුවෝද මනුෂ්‍යයෝ කියාය. ඒ පෝස්ට් එක සුපිරිය. පොලිස්කරුවෝ මනුෂ්‍යයෝනම් ඔවුනටද හැගීම් දැනීම් තිබිය යුතුය. එසේම මිනිස්සුන්ට සිදුවන අනතුරු ඔවුනට සිදුවිය හැකිය. මගතොටදී සිදුවන අනතුරු ගැන තැකීමක් තිබිය යුතුය. එසේම ඒවායෙන් මිදීමට ආරක්ෂක උපක්‍රම භාවිත කළ යුතුය. මිනිසුන්ට සිදුවන දේවල් වලින් ආරක්ෂා නොවන්නේ නම්, සාමාන්‍ය හැගීමක් හෝ නැත්තම් ඔවුන් මනුෂ්‍යයෝ වන්නේද?


ඒත් උන් මනුෂ්‍යයෝය....

39 comments:

  1. මිනිස්සු අතින් වැරදි වෙනවා .ඒක සාමාන්‍යයි .එත් පොලිසියට සමාවක් නෑ

    ReplyDelete
  2. පොලිස් කාරයොත් මනුශ්‍යයෝ පොලිසියට බැ‍ඳෙනකොට.. ඊට පස්සෙ මුලට අයන්න දාගන්නවා.

    ReplyDelete
  3. ඒ උනාට පොලිසියෙ නොවෙන අය මනුස්සයො කියල පොලිස් කාරයො හිතන්නෙ නෑනේ

    ReplyDelete
  4. මම කතා කොරන්න අකමැතිම මාතෘකා 02 තමා පොලීසිය සහ දේශපාලණය....

    ReplyDelete
  5. මොකාද දැන් දඩ ගහන්නේ

    ReplyDelete
  6. හැමෝමත් නරක නැතුව ඇති, ඒත් බහුතරය නිසා තමයි මිනිස්සු එයාලට වෙනස් විදිහට සලකන්නෙ...

    ReplyDelete
  7. අනේ ඒ පොලිස් මාම පාරෙ අතරමං වෙච්ච දරුවෙක්ව බයික්කෙ දාගෙන ගෙදරට ගිහිල්ල දාන්න හදන්නෙ. හදිස්සියට හෙල්මට් එකක් හොයාගන්න බැරිවෙන්න ඇති. :D

    (අර සයිඩ් පැක් එක උඩ තියෙන හෙල්මට් එක ඒ පොඩිඑකාට දාන්න බැරිලු)

    ReplyDelete
  8. පොලීසියෙ ඉන්නෙත් උඹ මම වගේම මිනිස්සු බන්...ඒ මිනිස්සු අතිනුත් වැරදි වෙනවා...හදිසියකට අපි අපේ යාලුවො හෙල්මට් නැතුව බයිසිකල් වල දාගෙන යන්නෙ නැද්ද? ඒ තියරිය ඒ අයටත් අදාළයි..නිළ ඇදුම ඇදලා ඉන්නකොට සීමා තිබුනට සමහර වෙලාවට ඒ ඇතුලෙ ඉන්න මනුස්සයගෙ හැගීම් ඒ සීමා අතික්‍රමණය කරනවා...

    ReplyDelete
    Replies
    1. අවුල කියන්නෙ උබට මට ගහන දඩ කොළේ උන්ට ගහන්න එකෙක් නැති එක !

      Delete
    2. මට කවදාවත් තවම දඩ ගහලා නෑ බොලං....උඹට නම් වතාවක් අපූරු දඩයක් ගැහුවා කියලා මතකයි...ඒ ගැනත් ලිව්වොත් නරකද....

      Delete
  9. නීතිය රකින උන්ට නීතිය අදාළ වෙන්නෙ කොහොමද බන්? උන් ඉන්නෙ නීතියට උඩින්නෙ.

    ReplyDelete
  10. උඹ පොලෝසියෙ උත්තමයන්ට අනං මනං කියලා අහුවෙන්ඩෙපා මට හරිද?

    ReplyDelete
    Replies
    1. පොලිසියත් එක්ක හෙන්රි හරිම යාලුයි.. මට ඒ පෝස්ට් එක හොයාගන්න බෑ මේ වෙලාවේ

      Delete
    2. අහ් මේ තියෙන්නෙ බඩුත් එක්කම :)

      Delete
  11. යුද්ධය තිබුන කාලේ පොලිස් කොස්තාපල් වරුන් අපේ සොල්දාදුවන් සමග එකම බංකරයේ රාජකාරි සඳහා යොදා තිබුනා. ඒ කාලේ එයාලා කියන දුක්ගැනවිලි අපේ සොල්දාදුවෝ අපට කියනවා. පොලීසිය සහ හමුදාව පාලනය වෙන්නේ ක්‍රම දෙකකට. පොලීසිය කියන්නේ දෙපාර්තමේන්තුවක්. හමුදාව කියන්නේ සන්නද්ධ සේවාවක්. ඒ දෙකට අදාලවූ එකිනෙකට වෙනස් පනත් දෙකකින් පාලනය වෙන්නේ. ඇත්තටම පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි වලට ත්‍රිවිධ හමුදාවේ දුක්ගැනවිලි වලට ලැබෙන තරම් ඉක්මන් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. අපි කොච්චර බැන්නත්, පොලිස්කාරයා ඇතුලේ ඉන්නේ, අපි වගේම හෝ අපිටත් වඩා තැලෙන මිනිහෙක්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  12. අපිත් නීතිය කඩනවා උනුත් කඩනවා.. ආයි ඒවයින් ගැලවෙන්න ක්‍රමත් අපි හොයනවා බැරි වුණාම ආයිමත් උන්ට බනිනවා...මේ ඇවිත් ලාංකිය ජාතියේ හැටි තමා කවදාක කොතැනින් හදන්න පටන් ගන්න හැකිද/

    ReplyDelete
  13. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව?

    ReplyDelete
  14. හ්ම්ම්... අපි බලං ඉමු ඉතිං!!!

    ReplyDelete
  15. ඕවා නම් මොනාද බං ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. අඩේ මුණත් හොඳට පේනවා සයිඩ් කන්නාඩියෙන්....

    අපේ රටේ මිනිස්සු හෙල්මට් දාන්නේ දඩ කොලේට බයේනේ..

    ReplyDelete
  17. පේන්න තියෙන ඔළුව නම් පොඩි එකාගෙ ඔළුවට වඩා ලොකුයි වගේ. අනෙක ඉතිං රජයෙ දේපල තම තමන්ගෙ පුද්ගලික වැඩ කටයුතුවලට යොදා ගැනීමත් වැරදිනේ. ඒ මනුස්සයත් වැරදි තමා, ඒත් ඉතිං නොපෙනෙන්න මහ පරිමාණයෙන් නීති කඩන, රජයෙ මුදල් සාක්කුවෙ දාගන්න තෝරු මොරුන්ට වැඩිය අපිටත් පේන්නෙ අපි වගේම තැලෙන පොඩිවෙන මිනිහෙක්ගෙ වැරැද්දක්ම තමා බං.

    ReplyDelete
  18. මේවා ඉතිං කොහෙත් වෙන දේවල් බන්

    ReplyDelete
  19. ඔය නිශාන්තගේ යාලුවා.පාන්දර ගල් ෂොට් එක දාගෙන බයිසිකලේ තල්ලු කරපු එකාගෙ දරුවා ඉස්කෝලෙ ලගින් ඇරලවගෙන යන්න යන ගමන බං.උගේ මුණ සහ නොම්මරේ පැහැදිලිවම පේන්න දාල.

    ReplyDelete
    Replies
    1. අඩෝ ජපනා මට ඔච්චර ලොකු කොල්ලෙක් නැ හරිය :). යකෝ මේ පොඩි කොල්ලට ගහන මඩ.

      Delete
    2. බොට තේරුම් ගිහින් නැහැ.බොලාගේ පොලෝසියේ යාලුවා ගැන කිව්වෙ :).

      Delete
  20. පොලිස් කාරයෝ කියන්නේ අත පය බැඳලා පීනන්න දාපු ඒවුන් වගේ නොගිලී ඉන්න උන් ඕන දෙයක් කරනවා. අපි බනින කියන කරන හැමදේම උන් දන්නවා ඒ දැනගෙනත් උන් අපිත් එක්ක ජීවත් වෙනවා කියන්නෙත් පුදුම හිතෙන දෙයක්.

    ReplyDelete
  21. මං හිතන්නෙ පොලිස්කරුවන් මනුෂ්‍යයො සෑමො..

    නිරීක්ෂණය - පොලිස්කරුවන් බොහොමයක් විවාහ වෙති..
    නිගමනය - පොලිස්කරුවන්ට හැඟීම් දැනීම් ඇති බව..

    එම නිසා ඔවුන්ද මනුෂ්‍යයෝය..

    ReplyDelete
  22. ඉතින් හරිනෙ බොල, උනුත් මනුස්සයො හින්දනෙ මේ අනිත් මනුස්සයො කරන වැරදිම කරන්නෙ.

    හරි හමන් පොලිස් කාරයෙක් හිටියොත් ඔය පොරට දඩයක් ගැහුවෑකි නේද ?

    ReplyDelete
  23. අනේ මන්දා මට නම් ඕකුන්ව පෙන්නන්න බැහැ.සාධාරණ හේතුවක් නම් නැහැ ඒත් ගිය ආත්මෙක සීන් එකක් හරි තියෙනවා.මහා කුණු බල්ලෝ ජාතියක් ඕකුන් කන්න පුළුවන් තරමක් ජරාව කන්න බලනවා,ජරාව කන්නේ නැති උන් උන්ගේ බලේ අයුතු ලෙස ප්‍රයෝජන ගන්න හදනවා.පාදඩ බල්ලෝ!

    ReplyDelete
  24. සියළුම පොලිස් කාරයෝ මනුස්පයෝය හා හා නියම topic එක, ඒත් මෙහෙමම බනින එක හරි නෑ මොකද හොද පොලිස්කාරයොත් නැතුවම නෙවෙයිනේ.

    ReplyDelete
  25. ඇයිබොට අවුල්ද..?

    දවසක් වරුසාවෙ බයිසිමොටෝව හිටල තල්ලුකරගෙනයනව කවුරුවත් බලන්නෙ වත් නෑ..!

    ReplyDelete
  26. ඔය පොලිස්සියේ එව්වෝ මට පේන්න බෑ...

    ReplyDelete
  27. දැන් අර ෆොටෝවත් උඹම හදපු එකක්ද? සෑම් ක්‍රියේෂන් කියලා ගහගෙන ඉන්නේ. මේ පැතිවල හැම දිය ඇල්ලකම අයියගෙයි, මල්ලිගෙයි පළාතේ ලොක්කගෙයි මූණත් තහඩුව ගහගෙන ඉන්නේ හරියට එයාලා දිය ඇල්ලට වතුර දානවා වගේ. බලාගෙන යනකොට සැමාත් ඒ ජාතියෙමනේ..... :D

    ReplyDelete
    Replies
    1. සැමා පුලුවන්නම් බයික් එකේ නොම්මරේ මකහන්. මොකක් උණත් ඒ මනුස්සයාගේ බඩගෝස්තරේට ෂොට් එකක් වැදුණොත් අර පොඩි එකා පව් නේද....?

      Delete

Related Posts Plugin for WordPress, Blogger...