කොල්ලෝ ලියන්නේම කෙල්ලන් ගැන කතාය. ඒත් සෑමා ලියන්නේ ආච්චිලා ගැනය. කලින් සෑමා නංගී ගම කෑ සැටි ලීවේය. අද ලියන්නේ ආච්චී ගම කෑ හැටිය. ඒ වෙන ආච්චිලා නොව අපේම ආච්චීය. සෑමාට ආච්චිලා දෙන්නෙක්ය. එක්කෙනෙක් සිටින්නේ අපේ ලගමය. ඒ තාත්තාගේ ආච්චීය. සෙන්චරිය ලබා ගැනීමට දක්ෂ ලෙස ක්‍රීඩාකරමින් සිටින්නේ ඇයය. තවමත් කඩේ වැඩ කටයුතු කරන්නේ ඇයය. මාළු වැස්ස මුලින්ම අනාවරණය කර ගත්තේද ආච්චීය. ඒ තරමට මීටරේ හොදය. විටෙක සෑමාට වඩා මීටරේ හොද යැයි කිව හැකිය. ඒ කාලේ කාපු කොස් දෙල් වල පවර් එක තවමත් වැඩ කරනවා කියා සිතිය හැකිය. සෑමා කඩේ සිටින්නේම නැතිය. ඌට ඊට වඩා රාජකාරි ඇත්තේය. ඉදහිට හෝ සිටියොත් කුමක් හෝ නස්පැත්තියක් වන්නේය. කලින් පෝස්ට් එකක ලීව ආකාරයේ ආප්ප සෝඩා ගන්නට ආ නංගි කෙනෙකුට ක්‍රීම් සෝඩා දීලා යැව්වේය. ඒ නිසා සෑමා කඩේ සිටින්නේ අල්ප වශයෙන්ය.
“මල්ලී රුපියල් දෙදාහක් තියෙන්නේ.. මට ටයිම්ස් එකක් දෙන්න..“
“අයියෝ අයියෙ මාරු සල්ලි නැහැ..“ අරින්නේවත් නැතුව එහෙම කියන්නේ මල කරදරේ නිසාය.
“මල්ලි... මාව දන්නෙ නැද්ද.. මම අහවලාගේ අහවලා.. ඔයාලගෙ ගෙදර අය මාව දන්නවා..“ ඌ නෑකම් කියන්නේය.
අඩේ අදුරන එකෙක්ට ණයට නොදුන්නොත් ගෙදරිනුත් කේස්ය. නැති ප්රශ්නය. උබලා ගමේ උන්ව, නෑදෑයින්ව දන්නෙ නැද්දැයි කෝ චෝක්ය. ඊට වඩා ණයට දීම හොදය.
“එහෙමද? එහෙනම් අවුලක් නැහැ අයියෙ... ලබන සතියෙත් එනවනේ.. මේක ගන්න..“ එහෙව් විටක සෑමා ණයට දෙන්නේය.
ඊට පස්සේ ණයට ගත් එකා තියා, කවුරුන් හෝ ණයට ගත්තා දැයි සෑමාට මතක නැතිය. අනික ජොබ් එක අස්සේ සෑමා කඩේ ඉන්නේද නැතිය. ඒ අස්සේ තවත් දිනක එකෙක් කඩේට ආවේය. පොර පත්තරය අරන් යන්නට හැරෙද්දී ආච්චී ඔහු ඇමතුවාය.
“මේ ඔයා නේද එදා ටයිම්ස් එකක් අරන් ගියෙ සල්ලි නොදී??“
“ඒ කවදද?“ පොර මවාගත් මුහුණකින් අසන්නේය.
“ඇයි මෙයා ඉන්නකොටම තමා දවසක් අරන් ගියේ..“
“අහ්.. ඔව් ආච්චී... මටත් අමතක වුණා..“
සෑමා කලින් දවසේ සිටියදී ණයට ගත්ත එකා සෑමාට මීටර් නැතිය. ණයට ගත්ත එකාටවත් මතක නැහැ කියද්දී ආච්චී උගෙ රෙදි ගලවන්නීය. ඒ තරමට මීටරේය. ගණන් හිලව් වලට උපරිම මීටරේය. ඉස්සර අපේ ගමේ නම ගිය සිල්ලර කඩය කර ඇත්තේ, සීයා සහ ආච්චීය. සීයා සමග ඉස්සර කස්ටිය කතා කරන්නට බයය. ඒ පොරගේ දැනුම නිසාය. ඒ වගේම ලොකු සීන්ය. කුල භේදයේ අන්තයට ගිය පොරක්ය. ඒ කාලේ දිනක් මගුල් ගෙදරක මේසයක් පෙරලා ඇත්තේද, අඩු කුලේ අයෙක් එම මේසයට ආ නිසා බව කියන්නේය. දැන් සීයා නැතිය.
ඒ තාත්තාගේ අම්මා ගැනය. මේ කියන්නට යන්නේ අම්මාගේ අම්මා ගැනය. අපි ආදරේට කියන්නේ කුංකාච්චී කියාය. කුං + ආච්චී = කුංකාච්චී වී ඇත්තේය. පුංචි කාලේ සිට පුංචීට “පිංකා“ කියන්නේ මන්ද? ආච්චීට කුංකාච්චී කියන්නේ මන්දැයි අපි තාම නොදන්නෝය. ඒවා දැන් රෙජිස්ටර් වී ඇති නිසා කරන්නට දෙයක් නැතිය. කුංකාච්චීට දැන් 85ක් පමණය. මැතකදී පෙනහළු වල වතුර යැයි කියා බෙහෙත් කරන්නට සිදු වූයේය. හුස්ම ගන්නට අපහසුවී, ඇගේ මුත්‍රා කරගනිමින්, ජරා කර ගනිමින් සිටියදී, අපේ මාමලා, නැන්දලා, අම්මා, තාත්තා ඇතුළු සියළු දෙනා එක් වී ආච්චීව ගොඩ දැම්මෝය. තවමත් හිටපු ගමන් අවසිහියක් ඇත්තේය. ඒවා අපේ උන්ට දැන් ගානක් නැත්තේය. මොනවා කිව්වත් සිනාසී පිලිගන්නෝය. ඒ අතර සිදුවූ ආතල් කතා කිහිපයක් මෙසේ ලියවෙන්නේය.
මාමා ගමේ පන්සලේ ප්‍රධාන සංවිධායකතුමාය. ලොකු හාමුදුරුවෝ ආච්චී අසණීපව සිටියදී පිරිත් පවා කියන්නට ආවේ අවසන් හුස්ම යැයි කියා සිතාගෙනය. වාසනාවකට, පිනකට ආච්චී ගොඩ ගියාය. මාමා හැමාදාම පන්සලේ කටයුතු වලට යන නිසා පන්සලේ දායක ඇත්තෝ පවා ආච්චී බලන්නට ආවෝය. අසාධ්‍ය තත්වයේ සිටියදී එන්නට බැරි වු අය දැන් දැන් පවා පැමිනේනනෝය. එහෙත් ඉස්සර තත්වය දැන් පෙනෙන්නට නැතිය. ඒ නිසා එන අය සිතන්නේ ආච්චීට එච්චර අමාරුවක් නැහැ කියාය. කුළගන සමිතියේ කස්ටිය පවා කලින් තිබු අසාධ්‍ය තත්වය යටතේ නැන්දාව මුණ ගැසී ඇත්තේ පන්සලේදීය. නැන්දා සියළු විස්තර කියා ඇත්තේ ඉතා දරුණු අන්දමින්ය. ඒවා සත්‍ය තෙරතුරුය. මෑතකදී කුලගන සමිතියේ අගනෝ සෙට් එක ආච්චී බලන්නට ආවෝය.
“කොහොමද අම්මෙ..“
“අනෙ ඉන්නව ලමයිනේ.... “ සිනා සෙමින්..
“කෝමද දැන් අම්මට..“
“මේ ඉන්නෙ යස අගේට..“
“අපිව අදුරන්න පුලුවන්ද??“
“අපෝ මොකද බැරි.. මේ ඉන්නෙ.. මේ ඉන්නෙ.. “ අහවලා අහවලා කියමින් ආච්චී නිවැරදිව කස්ටිය නම් කර ඇත්තේය.
“අම්මට අසනීප නිසා අපි බලන්න ආවේ..“
“අසනීප.. මොන අසනීපද බං.. මට ඇති අසනීපයක් නැහැ.. මුන්ට පිස්සු...“ ආච්චී පෙරටත් වඩා හොදින් සිනා සෙමින් කියන්නට වූවාය. ආපු සැට් එක කොරය. ආච්චී ආතල් එකේ සිටිනවා කියා, ගෙදර කස්ටිය බොරු කියනවා කියා සිතා පුදුම වන්නට ඇතිය. නැන්දා කීවේ විලි ලැජ්ජාවේ සංතෝසෙ බැරුව ගියා කියාය.
සියළු කටයුතු මැද ගමේ ලොකු හාමුදුරුවෝ ආච්චී බලන්නට වැඩියෝය. ඒ අස්සේ ආච්චී හාමුදුරුවන්ට වදින්නට උපරිම ට්‍රයිය. නැමෙන්නට බැරි නිසා හාමුදුරුවෝ ආච්චීව වැලැක්වුවෝය. එහෙත් ආච්චී පට්ට ට්‍රයි එකක් දී හාමුදුරුවෝ යන්නට හදද්දී බිම වැටුණාය.
“අනේ හාමුදුරුවනේ මම හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරන්නයි හිටියේ..“
“ඒ මොකක්ද අම්මෙ ඒ..??“ හාමුදුරුවෝ සහ ගෙදර අය ආච්චීව උස්සන්ට ට්‍රයි කරන්නෝය.
“මගෙ කොල්ලා පන්සලට දෙන්නයි මම කල්පනා කලේ.. හාමුදුරුවො මේකව අරන් හොදට බලා ගන්න ඕනා..“ කස්ටියට හිනාය. ආච්චී මෙච්චර කාලයක් සිට මාමාව පන්සලට දෙන්නට යන්නේය. හාමුදුරුවෝ වැඩ සිටින්නේ තල්වත්ත පන්සලේය. මානෙල් වත්තේද පන්සලක් තියෙන්නේය. මීට පෙර ධාතු වැඩැම්මුවේ ඒ පන්සලටය. එහෙ සිටින්නේ මෙහෙණියන්ය.
“එතකොට මට මොකද අම්මෙ වෙන්නේ...“ මාමාව පන්සලට දෙනවා කී විගස සිනාසෙමින් නැන්දා ඇසුවාය.
“ආහ්.. ඔයාවද? ඔයාව මම දෙනවා... මානෙල්වත්තට..“
Written by sAm_11.17am_06.05.2013

හුකෑස් ය ලොලේ ලොල් ය :D
ReplyDeleteඉස්ටූටී !
Deleteවයසට යනවා කියන්නේ ආයේ ළමා කාලයට යනවා වගේ තමා.අපි එයාලව වගකීමෙන් බලාගන්න ඕනා සෑමා!
ReplyDeleteඒක ඇත්ත මචං..
Deleteහහහා... ඔන්න ඔහෙ දීලා දාන්න බං තියෙන්නේ. :):)
ReplyDeleteඋඹලෑ ආච්චි මරු බං!!
ආච්චිට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එයා මාර කතා බං කියන්නෙ. මට මතක හිටින්නෙ නැහැ..
Deleteජය !
සැමෝ.. පොඩි එකාගේ ලියුම සිස්ටම් එක නම් නරක නෑ.. ඒත් තව පොඩ්ඩක් ව්‍යාකරණ ගැන හිතපං බං....
ReplyDelete//ආච්චී ඔහු ඇමතුවේය.
ආච්චී පට්ට ට්‍රයි එකක් දී හාමුදුරුවෝ යන්නට හදද්දී බිම වැටුනේය.// අනේ බං අපි වගේ එවුන් පවුනේ... කතාවේ වැරදි අල්ලනවා මිසක් වෙන වැඩක් නෑ... හි හි...
ඔය නෑකම් වලට තියෙන නම් ගැන නම් කතා කරලා වැඩක් නෑ... අපෙත් තියෙනවා ඔහොම නම් සෙට් එකක්ම...
බ්ලොග් පෝස්ට් එකක් ලියලා, දෙවන වර කියවීම මම කවදත් කරන්නෙ නැහැ බං හිරුවෝ. ඒකයි ඕව වෙන්නෙ. ස්තුති. නිවැරදි කලෙමි.
Deleteඇයි බොල නැකම් ගැන කතා නැත්තෙ?
ජය !
පොඩි සෑමෝ අනේ හරි ශොයි.මට අච්චිව අදුන්වලා දෙන්නකො.ඔයාව පන්සලට දෙන්න නම් එපා කියන්න ඕනේ
ReplyDeleteමාව පන්සලට දෙන්නෙ ඇබිත්බයා විදිහටද?
Deleteඅම්මේ මොකටවත් යන්න එපා.මහන වෙන්න කියයි ඔයාගේ මූණ දැක්කාම.ආච්චිට කියන්න අර කාර් එකේ දාගෙන ගිය කෙල්ල ගැන නැත්නම් ඔයාවත් පන්සලට දෙයි.
Deleteඅය්යෝ සල්ලි...
ReplyDeleteසෑමා පන්සලට දුන්නනං නරකද කියා මගෙ පුංචි මොළේට හිතුනාය.
ReplyDeleteදැන්නං මට කරදරයක් නෑය...ව්‍යාකරණ වැරදි හිරුවා අල්ලනවාය
අනේ එපා .. සාසනේ සාසනේ
Deleteහිරුවා අපේ සිංහල පන්තිය වගේය. :ඩී
Deleteඅඩෝව් අපි සාසනේ රකින්න පුලුවං සිංහල, බෞද්ධ දේශ පේමී කෝලලෝ හරිය ?
“කෝලලෝ“ කිව්වෙ බං? අතරමැදි එකක් වත්ද?
Deleteඅඩේ, මුන් ටිකට සෑමගේ වැරදි අල්ලනවා ඇර වෙන වැඩක් නෑ ය.
Deleteආච්චිගේ හුරතල් කතා වලට නං මට ආච්චිව අරං හදාගන්න හිතුනෙමි ය.
අපේ ද ඔවැනි ආච්චියක් සිටියාය. අපේ කීවට අපේම නොව ළඟ ගෙදරකය. පුළුවන් කාලේ ඕපා දුප ප්‍රචාරණ කටයුතු නොපිරිහෙලා ඉටු කලාය. අන්තිම කාලේ හොඳටම මැන්ටල් විය. හිටි ගමන් ගෙදරින් අතුරුදහන් වන අතර කොහේ හෝ පාලු ලිඳක,කානුවක, ඇලක සිට සොයා ගනී. අවසාන කාලයේ සැහෙන ආතල් එකක් ගමටම දුන්න පිනෙන්ම උන්දාට නිවන් සැප ෂුවර්ය.
ReplyDeleteඅපෙ ආච්චී ඕපා දූප නැතිය. කල්පනාව හොදය. මහින්දව දුටු තැන අදුනනවාය. :)
Deleteජය !
ඔහොම ආච්චිලානම් ජොලි බං....!
ReplyDeleteබෝව දෙනව කිව්වෙ...මානෙල්වත්තටද..? නැතනම් වෙන පන්සලකටද...ඒවත් කියපිය.
මුව මානෙල්වත්තට දුන්න නම් තල්වත්තට නිකම්ම කට්ටිය සප්ලයි කරන්න තිබ්බා.
Deleteමා තෝ මරාන කමි සුදීකයෝ !
Deleteඅම්මාගේ අම්ම අපිසමගය .. නමුත් නැන්දම්මා-ලෙලි නොරිස්සුම් නිසා අනිත් ආච්චි ආවත් සිටින්නේ නැතිය
ReplyDeleteඅපෙ තාත්තාගේ අම්මාට දුවලා නැතිය. ඒත් දුවලා දෙන්නෙකුට වැඩිය පණ වගේ ආච්චීව රකින්නේ අපෙ අම්මා සහ, මහප්පාගේ පවුලය. දෙන්නාම ලේලිලාය. ආච්චී කටපුරා කියන්නේ දුවල හිටියා නම් මට මෙහෙම සලකනවා තියා පැත්ත පලාත බලන්නෙ නැහැ කියාය.
Deleteඑවන් ලේලිලා ලද ආච්චී වාසනාවන්තය.
මේවා හොද පාඩම්ය !
ජයය !
සෑමා ක්‍රීම් සෝඩා දෙන ගමන් නංගිගෙ අතෙන් අල්ලලා සෑහෙන ජංජාලයක් උනා නේද ? ඒ නිසා නේද කඩේ පැත්ත පළාතක යන්න බැරි...අනේ මේ වගේ ආච්චිලා වාසනාවන්...මගේ ආයුෂත් අරන් ඉන්න ඕනෙ....මේ ලියන එව්වයෙ උක්ත අඛ්‍යාත සම්බන්ධතා නැද්ද බන්..... //ආච්චී ගොඩ ගියේය// කොහෙන්ද කබුනායක සෑමො බොලා සිංහල ඉගෙන ගත්තෙ.
ReplyDeleteසිංහල ටීචර්ට මම උත්තර බැන්දා බං උඩ කමෙන්ට් එකකින් :))
Deleteතොගෙ ආයුෂ ගන්න?? මගෙ අප්පෙ අපෙ ආච්චි එපා කියයි :ඩී
ආච්චිලා ඔහොම්මයි බං
ReplyDeleteසිරාවට මචං !
Deleteආච්චිගේ මැන්ටෝල් ගතිය මුට මාරු වී තිබේ.
ReplyDeleteඋබ ඕනවට වැඩී සුදීකයෝ... :)
Deleteමම කියුවෙ නැත්තෙ මූනබලාගෙන එහෙම කියන්න බැරිනිසා
Deleteමාත් කිව්වේ නැත්තේ මූණ දැක්කාම පව් කියල හිටෙන හින්දා
Deleteෂෙහ්! උඹලෑ ආච්චි මාර දානපතිනියක්නේ. සෙල්ලම් නෑ සෑමෝ .... උඹවත් දන්දෙයි ඔහොම ගිහින්.
ReplyDeleteඒකත් කියන්න බැහැ මචං.. :)
Deleteමානෙල්වත්ත මොකද්ද බන්? මොනව උනත් උඹව දෙන්න තිබ්බෙ පන්සලට. අපිට වෙන ආගමක් හොයාගන්න බැරුවයැ ආයි...
ReplyDeleteසයියෝ.. උබල සේරම කොන් කපාගෙන වෙන ආගමක ඉදි :)
Deleteආච්චිලා අම්මලාටත් වඩා අපට ආදරේය. ඒ අය ගැන ලිව්ව නිසා අපේ ආච්චිගේ ප්‍රණාමයද සැමාට පුදනවාය. අපිට උන්නේ එක ආච්චි කෙනෙක්ය. තාත්තාගේ අම්මා, තාත්තා කුඩා කාලයේම, නිවන් මාර්ගයට අවතීර්න වෙලා උන්න නිසා, සීයා තවත් නෝනා කෙනෙක් ගෙනාවාය. ඒ අපේ තාත්තාගේ කුඩම්මාය. ඒයා අපේ අනෙක් ආච්චි උනේය. තාත්තාටයි අම්මාටයි, කොකු ඇදපුවා වල පව් ගෙවන්නද කොහෙද, අපට නම් පන මෙන් ආදරය කොලේය. වෙලාවක හිතුනොත් ලියන්නම්ය.
ReplyDeleteඋබ මෙහෙම කතා නොලියන හින්දා ලියන කල් කස්ටිය බලන් ඉදී..
Deleteජය !!!!
අපේ ගෙදරත් ආච්චිකෙනෙක් ඉන්නවා. (අම්මාගේ අම්මා) උන්දෑනම් දැන් සෑහෙන්න අසාදිය තත්වෙන් ඉන්නේ. පොඩි ජොලියක් ගියහම රබන් පද කියනවා හිටු කියලා.
ReplyDeleteසැමාගේ ආච්චිලා දෙන්නාම නිරෝගී වේවා! ආයු බෝ වේවා!!
සැමාට ජය වේවා!!
අයියෝ බණ්ඩා.. බොලාගෙ ආච්චිටත් සුවය පතනවා..
Deleteආච්චි සෑමාගේ හැටි දන්නා නිසා සෑමා පන්සලකට දේ යයි බියවීමට අවශ්‍ය නැත.
ReplyDeleteඅපි පන්සල් ගත වුනොත් බං.. ශාසනය සුඛිත මුදිත කරනවා හරිය?
Deleteපට්ට සෑමෝ....අපිට එක ආත්තම්ම කෙනෙක්වත් නෑ.... දැනට අවුරුදු 10 කට විතර ඉස්සර අම්මගෙ අම්ම නැති උනා... ඊට ගොඩක් ඉස්සර... ඒ කියන්නෙ අපෙ තාත්ත ඉපදෙන කොටම එයාගෙ අම්ම නැති වෙලා තියෙන්නෙ....
ReplyDeleteඅයියෝ.. දුකායි.. උබලට කවුද මෙහෙම ආතල් දෙන්නෙ එතකොට...
Deleteමානෙල් වත්ත කියන්නේ මෙහෙණි ආරාමයක්ද බං සෑම් අයියේ
ReplyDeleteපිටරටින් ආපු මෙහෙණි පිරිසක් ඉන්නව නොවැ.
Deleteඅහා, උඹ නේද අර පත්තරයක් ගන්න ආපු මනුස්සයට බිත්තරයක් දීලා, මුද්දරප්පලං ගන්න ආපු මනුස්සයට මුද්දර පහලවක් විකුණපු එකා? එතකොට ටොයිලට් පේපර් හොයපු කෙනෙකුට, ටොයිලට් පේපර් එක ලේක් හවුස් එකේ ද විජය එකේද ගහන්නේ කියලා අහලා උඹට ගහන්න හදනකොට ආ ටොයිලට් පේපර් නම් නෑ සෑන්ඩ් පේපර් ගන්න හාඩ්වෙයා එකට යන්න කියලා තව පොඩ්ඩෙන් ගුටිකාලා මැරෙන්න ගියේ උඹද?
ReplyDeleteඒකලුනේ උඹව කඩේ නොතියා ආච්චිම කඩේ ඉන්නේ, නේද?
එතකොට ඒ ආච්චිගෙ මැන්ටල් ගතිය සෑමට පිහිටලා වගේ නේද?
Deleteහෙන්රියා.. පරිස්සමෙන් හිටපං..
Deleteඩ්‍රැකියා උඹත්..
>.<
පට්ට පට පට. කියන්න වචන නෑ පට්ටයි ඕයි :D
ReplyDeleteටැංකූ :ඩී
Deleteමාර ජොලි දාන ආච්චිලා ඉන්නවා. මට ආච්චිලා නැහැ අපි පොඩි කාලෙම නිවන් දැකලා.
ReplyDeleteවෙලාවට උබ ලොකු වෙන්න කලින් නිවන් දැක්කෙ බං.
Deleteoluwa aul wena nada uba karna wada walata.
ReplyDeleteJayawewa
පිස්සුද මචං.. කස්ටිය පියවි සිහියෙන් ඉන්නෙ මං නිසා :)
Deleteසැමෝ උබ ෆලෝ කරලා තියෙන්නේ මගේ ඔරිජිනල් බ්ලොග් එක නෙවේ...ෆලෝ කරලා තියෙන්නේ කමෙන්ට් තියෙන එක..ඒ නිසා මෙන්න මේක ෆලෝ කරහන් මචන්...රෝලටත් දාගනින් පුළුවන් නම්..
ReplyDeleteඑදිනෙදා ජීවිතය
ස්ත්‍රියකගේ රසය තුළින් මොන තරම් ආශ්වාදයක් පිරිමි හිතකට ලබන්න පුලුවන්ද.. ..!
බලපං මෙච්චර කල් මම බැලුව උබ මොකද අර බ්ලොග අප්ඩේට් නොකරන්නෙ කියල..
Deleteජය වේවා !
පව් බොලව්,, ඒ වුනාට //හාමුදුරුවෝ සහ ගෙදර අය ආච්චීව උස්සන්ට ට්‍රයි කරන්නෝය// මේක දැක්කාම හිනත් ගියා.. :D
ReplyDeleteඇයි යකෝ සිදුවූ දේ එලෙසින්මයි වාර්තා කලේ.. !
Deleteඋඹව පන්සලට දෙන්ට හැදුවේ නැතෙයි ?
ReplyDeleteදන්නෙ නැද්ද බං, අපෙ ආච්චි සාසනේට ආදරේයි..
Deleteඅපොයි දෙයියනේ .. සාසනේ විනාස වෙන්න ගොස් නූලෙන් බේරුනෝය :P
ReplyDeleteෆල යන්න :)
Deleteසෑම්ගේ ආච්චි මරුනේ. ආච්චිලත් එක්ක ඉන්න ලැබෙන එක පිනක් බොලව්..... අපේ අම්මගේ අම්මත් හිටියේ අපේ දිහාවේ....හැබැයි දැන් අවුරුදු 7කට කලින් නැති වුනා. තාත්තගේ අම්මව නම් මං දැකලත් නෑ. මං ඉපදෙන්නත් කලින් නැති වෙලා.....
ReplyDeleteහරිම කණගාටුයි සමනළී.. අපි මාර සතුටක් ලබන්නෙ ආච්චිල කරන කියන දේවල් වලින්..
Deleteපුතාව නෙවෙයි! මුනුපුරාව පන්සලකට දෙන්න බැරි වෙයිද දන්නේ නෑ නේ?
ReplyDeleteගන්නෙ නැහැ කියල දන්නව යකෝ.
Deleteහිකිස්.......... මාමව නෙවෙයි සෑමව තමයි දෙන්න තියෙන්නේ දුන්නොත් සාසනෙත් නහි පඬු හැලියත් නහි කිව්වලු.
ReplyDeleteහෙක්...හෙක්...මරු ආච්චි අනේ..අර කිව්වත් වගේ මාමාව නෙවෙයි සෑමාව දෙන්න කියෙන්නෙ..මේක කියවද්දි මට මතක් වුනේ නවල් එකක තිබුන ආච්චියෙක්ගෙ කථාවක්.හොඳ වෙලාවට නවල් එකේ නම මතක නෑ... :P
ReplyDeleteහයියෝ... නම දාපිය කියවන්න...
Deleteඋඹේ ආච්චිගේ කතාව අහලා මටත් අපේ අත්තම්මා මතක් වුණා. දැන් නම් අත්තම්මා නිවන් ගිහින් අපට හුඟක් ඈතයි. ඒ වුණත් මේ වගේ සටහන් කියවන විට අත්තම්මා ගැන සුන්දර කවදාවත් අමතක නොවෙන මතක සටහන් සිහිවෙනවා. ඒකට උඹට බොහෝමත් ස්තූතියි.
ReplyDeleteඒ ගැන පොඩි සටහනක් දාපං..
Deleteආච්චිට උඹව දෙන්න නොහිතේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි..
ReplyDeleteස්තුති !
Deleteආච්චිටත් හිතෙන දේවල්
ReplyDeleteකොහොම උනත් හරිම විනෝද ඇති ආච්චිල එක්ක ඉන්න එක.
නියම කතාව.
හැබැයි සෑම් අයියෙ වියාකරණ නම් නියමයි.
අපේ තාත්තිගේ ආච්චි අන්තිම කාලේ කල්පනාව අඩුවෙලා හිටියෙ, හැමදාම තාත්ති ගියාම කියනවා උඹට මගුලක් බලමු කියලා ඉතින් තාත්ති කියනවා මම බැන්දනේ ආච්චියේ කියල, ආච්චි අහනවා ලමයි ඉන්නවැයි කියලා, තාත්ති කියනවා ඔව් මේ ඉන්නේ කියලා, අපි දෙන්න දිහා බලල කියනවා දෙන්නම කෙල්ලෝද බං? අපි උඹේ ගෑනිට නූලක් බදිමු කොල්ලෙක් හම්බ වෙන්න කියලා..
ReplyDeleteනැතිවෙද්දි අවුරුදු 108-110 අතරලු වයස, කවුරුවත් හරියට අවුරුද්ද දැනගෙන හිටියෙ නෑ..
මම ඉපදෙන කොට ජීවතුන් අතර හිටියේ මගේ සුදු සීයා (අම්මගේ තාත්තා) විතර යි! ඒ සීයත් මගේ පස් වෙනි උපන් දීනේ දවසේ මැරුනා. හ්ම්ම්, සෑම් අයියා නං ඒ අතින් හුඟක් වාසනාවන්ත යි ආච්චිගේ ආදරේ ලබන්න.
ReplyDeleteහුටා
ReplyDeleteකියලා වැඩක් නෑ.. සෑමගෙ ආච්චි නම් එලම තමා..
ReplyDelete@5ක් දමමින්.. :ඩී
මම අලුත් මචං.. වෙලාවක් තිබ්බොත් මේ පැත්තෙත් ගොඩ වෙලා යන්න.. ;)
http://mathakamawatha.blogspot.com/?m=1
උඹ මේක දැක්කද?
ReplyDelete