පාන්දර රාජකාරීන් සදහා පාරට බැස්ස තැන සිටම අප ගැටෙන්නේ සමාජය සමගය. ගෙදරින් එලියට බසිද්දී ගෙමිදුලේ හෝ තාප්පය අයිනේ තබා ගිය කුණු බෑගයක් දුටු විටක අපට සිතෙන්නේ කුමක්ද? සමාජය පිළිබදම කළකිරීමක් උපදින්නේය. එලෙස සිත සසලව එළියට බැස්ස තැන සිටම අනෙක් අයගෙන් ලැබෙන ප්‍රතිචාර අප්‍රසන්න වුවහොත් ඔබට සිතෙන්නේ කුමක්ද? අද දවසම මහා කාලකන්න දවසක් බව හැගෙන්නේය. එය කාටත් පොදුය. ඔබ සමාජය සමග ගැටී කටයුතු කරද්දී අනෙක් පුද්ගලයා ගැන සිතන ප්‍රමාණය කොපමණද? ආත්මාර්ථකාමී වී තමා ගැන සිතන, තමාට සිදු වෙන කරදර ගැනම පමණක් පසුතැවෙන ප්‍රමාණය කොපමණද කියා ඔබම නිදහස් අවස්ථාවක කල්පනා කර බැලිය යුතුමය.
විටෙක ඔබ ඔබගේ ගමනාන්තය දක්වා ලං වෙන තුරුම බස්රථයක නිදාගෙන යනවා විය හැකිය. එවිට ඔය ජනේලය අසල කෙලවරේ හිදගෙන සිටින්නේ නම්, ඔබ ගමනාන්තයට ලංවෙන තුරුම කිහිප දෙනෙක් ඔබ එහා පැත්තේ හිදගෙන යනවා විය හැකිය. අයෙක් හිදගෙන ගොස් බස් එකෙන් බැසගත් විට තවත් අයෙකු පැමිණ එම ස්ථානයේම හිද ගන්නේය. එය ඔබ නැවත අවදි වන තෙක් නොදන්නේය. එහෙත් ඔබ ඔවුන්ගේ සිරුරට ගැටෙන, ඔවුන්ට බාධාවක් කරදරයක් වන වාර ගණන අනන්තය. එය ඔබ දැන ගන්නා අවස්ථා සීමා සහිතය.
කලකට ඉහතදී දිනක් ආණමඩුව කොළඹ බස්රථයක නැගුනු සෑමා අන්තිම සීට් එකේ හිදගෙන ආවේ වකුටු වීගෙනය. සීට් එක හරි මැද හිදගෙන සිටි බඩ තඩි හාදයෙක් දෙපස සිටි අයට පමණක් නොව අන්තිම සීට් එකේ සිටි සියල්ලටම කරදරයක් බවට පත්වූයේ පරාර්ථකාමීත්වයක් හිත කොනක වත් නැති බවක් පසක් කරමින්ය. එහා පැත්තේ සිටි ඇන්ටී ඔහුගේ බර දරාගෙන ඉතා අප්‍රසන්න ලෙස ඔහු දිහා බලමින් රවමින් ගියේ ඔහු නිතර නිතර නිදි මරගාතයේ ඇගේ ඇගට බරක් වූ නිසාය. විටින් විට අප ඔහුට කතා කරමින් අවවාද කළද ඔහු නිදාගෙනම ගියේය. අවසන එහි හිදගෙන සිටිය නොහැකි තැන සෑමා සීට් එකෙන් නැගිට ගත්තේ හිටගෙන යාම වඩාත් සැපදායී යැයි සිතමින්ය.
දිනක් චංගුමී ගැන මතුවූ කතාවකදී අක්කා කෙනෙක් කීවේ නියම කතාවක්ය. ඇය චංගුමීගේ කොන්ඩ කට්ටක් (ඔය කියන කොණ්ඩ කට්ට කෙසේදැයි මම දැක නැත්තෙමි) ගසාගෙන බස් එකක නැග ඇත්තේය. එවිට එහා පැත්තේ සිටි ආච්චී ඇයට බැන වැදී ඇත්තේය. ඒ ඇගෙන් වූ කිසිදු හානියක් නිසා නොවේය. ඇය ගසාගෙන සිටින කට්ට නිසා එහා පැත්තේ සිටින කිසිවෙකුගේ ඇසක් අන්ධ විය හැකි බව ආච්චී කියා ඇත්තේය. එකී අක්කා කීවේ එම කතාවේ සත්‍යබව නිසාම නැවතත් එම කට්ට ඇය භාවිත නොකළ බවක්ය. එලෙස පරාර්ථකාමීව අනිත් අය ගැන සිතනා පිරිස් කොපමණ නම් අල්පද? විටෙක පදික වේදිකාවේ ඇවිදගෙන යන ඔබේ මුහුණේ ඇතැමුන් ඉහලාගෙන යන කුඩ කොපමණ වැදී ඇත්තේද? එයින් කාටත් හිරිහැරයක් වන බව සිතන්නේ කීයෙන් කී දෙනාද?
ඔබ කරන්නාවූ පුංචි දෙයකින් හෝ කිසියම් අයෙකුට හිරිහැරයක් පීඩාවක් වන්නේ නම්, ඒ පිළිබද දෙවරක් සිතන්නට මැලි නොවිය යුතු බව සෑමාගේ අදහසය. ඒනිසා අප මහා බුදුරජානන් වහන්සේ දේශනා කළ පරිදි සතර සංග්‍රහ වස්තු වලින් තුන්වන කරුණ වන අර්ථ චර්යාව සුළුවෙන් හෝ ප්‍රගුණ කරන්නට අදිටන් කර ගත යුතුය.
අර්ථ චර්යාව නම් ලෝවැඩ පිණිස හෙවත් පරාර්ථය සඳහා කටයුතු කිරීමය. එය රාජ්‍ය පාලක ධර්මයක් වශයෙන් ගත් කළ රට වැසියාගේ ආර්ථික දියුණුව පිණිස කටයුතු කිරීමය. එහිදී ආහාර, ඇඳුම්, වාසස්ථාන සහ බෙහෙත් යන මූලිත මිනිස් අවශ්‍යතා ඇතුළත් වන්නේය.
සිඟාලෝවාද සූත්‍රයට අනුව යුතුකම් පහකින් සේවකයන්ට සැලකිය යුතු අතර එදිනෙදා ජීවිතයේදී ඔවුන්ගේ දුක සැප විමසීම හා මංගල අවමංගල අවස්ථා වලදී වැඩිපුර උදව් පදව් කිරීමද අර්ථ චර්යාව සාර්ථක වීම සඳහා ඉවහල් වන්නේය.
අර්ථ චර්යාව තුළින් ආර්ථික පැත්ත පමණක් නොව අධ්‍යාත්මික පැත්ත පිළිබඳව ද අවධානය යොමු කොට ඇත්තේය. එහිදී රටවැසියා තුළ චතුර්විධ සම්පත්තියක් ඇති කිරීම වැදගත් වන්නේය. එනම්
1. සද්ධා ( තෙරුවන් ගුණ කෙරෙහි පැහැදීම )
2. සීල ( ත්‍රිවිධ ද්වාරය සංවර කර ගැනීම )
3. ත්‍යාග ( පරිත්‍යාගයෙහි පිහිටුවීම )
4. ප්‍රඥා ( ත්රිලක්ෂණය තුළින් ලෝකය හා සත්වයා පිළිබඳ දැනීම හා නිවන් අවබෝධය )
යන ගුණ හතර ජනතා හදවතට කැවීම තුළින් එම රාජ්‍යය නිර්භය ක්ෂේම භූමියක් බවට පත් වන බවද සඳහන් වන්නේය. එපමණක් නොව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් උපලක්ෂිත වීම තුළින් ද අර්ථචර්යාව තව තවත් අර්ථවත්වන්නේය.
ඔබ අන් අය ගැන සිතන්නේ නම්, සමාජයම පරාර්ථකාමී වන්නේ නම්, සියල්ලන්ටම සතුටු දායක සමාජ වටපිටාවක් බිහිවනු නොඅනුමානය.
- බුදුසරණ අන්තර්ජාල කලාපයේද සහය ඇතිව -
වසර 2013ක් වූ වෙසක් මස, 27වන සදුදා.
-සෑම්-
ඇත්ත ඇත්ත..ත්‍රිපිටකය පෙරළන්න කළින් මේ වගේ වැරදි හදාගෙන ඉන්න ඕනේ.මේ තරමින් වත් නිහතමනීත්වයක් , අනුන් ගැන තැකීමක් කරන්න බැරි අයට පන්සිල් මට්ටමට වත් එන්න බැහැනේ..
ReplyDeleteටික ටික හදා ගන්න ඕනේ සැමෝ..මේ පෝස්ට් එක හරි සරළයි..ඔලුව බර වෙන්නේ නැහැ.ඒ උනත් කතා කරන දේවල් හරිම වැදගත්...
වර්තමානයේ බුද්ධ ධර්මය එපා වෙලා තියෙන්නෙම ගොඩක් දෙනෙකුට මහප්‍රාණ දාන්න යෑම නිසා බණ දෙසන ඇත්තෝ..
සැමාගේ , අයිලෂ්ගේ සහ drakiyage වෙසක් කළාප වල මේ වෙනස මම පැහැදිළිව දැක්කා..
ලොකු ලොකු පාලි පාඨ කියනවට වැඩිය උදාහරණ සහිතව සරල බණ දේශනා කරන කාලයක් තමයි අවශ්‍ය බං.
Deleteජය !
පරාර්ථකාමී වෙන්න ගිහින් මම නම් හැමදාම මගේ වැඩ පාඩු කරගන්නවා.මගේ ideas අනුන් හොරකන් කරනවා.මගේ materials අනිත් අය use කරනවා.ඒවා හොද දේවල් ද?මගේ project submit කරන්න පරක්කු වෙනවා.එහෙම වෙන්නේ ඔය කියන විදිහට පරාර්ථකාමී වෙන්න ගිහින්.හැම වෙලාවේදීම පරාර්ථකාමී වෙන්න බෑ සෑම් .බස් එකෙදිනම් මම බෑග් එකක් නොගෙන ඉන්නේ නෑ .සීට් එකක් නොදී ඉන්නෙත් නෑ .but when it comes to projects and marks.i feel like killing all the d... of b... who steal my ideas.
ReplyDeleteIf someone steals your ideas, projects and marks I think you should be happy about that because they are not as creative as you and they think your ideas are great. That's why they copy them. Isn't that the truth?
DeleteIf someone copy you, You are the Original !
Deleteධාරා ++
yes it is dhara.but they get marks 4 my ideas.thtz not fair. @sAm -i think i am.
Deleteමේකාලේ නම් අනුන් ගැන ගොඩාක් අඩුවෙන් තමයි හිතන්නේ.. එක අතකින් අනුන් ගැන නොහිතුවත් කමක් නෑ තමයි හරියට ජීවත් වෙනවා නම්.. එතකොට නිකම්ම තමන් අතින් අනිත් අයට වෙන වැරදිත් නවතිනවා..
ReplyDeleteඅනිත් අයට කරදරයක් වෙන විදියට වැඩ නොකර ඉන්න මාත් ලොකු උත්සහයක් ගන්නවා. හැබැයි ඉතින් අර මගේ තියෙන Fun ගතිය සමහර විට අනිත් අයට කරදරයක් වෙන වෙලාවල් තියෙනවා මටත් නොදැනීම.
ReplyDeleteජය සෑමෝ.
මමත් නම් අනිත් අයට කරදර නොකර මගේ පාඩුවේ තමයි ඉන්නේ, හැබැයි ඉතින් මගේ නිදහස නැති වෙනවා වගේ තේරුනොත් අනිත් අයට කරදර වෙනවා මගෙන්.. :/
ReplyDeleteකවුරු හදන්නත් කලින් ම කළ යුත්තේ තමන් හැදීමනේ. පළමුව මම දෙවනුව මගේ නිවෙසේ පිරිස මේ විදියට හැමෝම හැදුණොත් ලස්සන සමාජයක් ගොඩනැඟේවි සැම්
ReplyDeleteසෑමගෙ කතාව සරළයි වගේ පෙනුනට, මේක තමයි බෞද්ධයෙක් වීමේ හරය. බොදු දහමේ අයිතිකාරයො වෙන බල සේනා කාරයො සහ ප්‍රසිද්ධ බණ කාරයො ළඟ මේ අර්ථචරියාව තියෙනවද ඉතින්?
ReplyDeleteමහ ලොකුවට බණ අහලා ශ්රද්ධාවන්ත බෞද්ධයෝ වෙනවට වඩා මේ වගේ සරල දේවල් ගැන සැලකිලිමත් වෙනවා නං කොච්චර හොඳ ද? සෑම් අයියගේ ලිපිය නං වටිනවා. ජය වේවා!
ReplyDeleteහ්ම්... ඇත්ත කතාව. හැමෝම තරමක් දුරට හෝ අනෙක් අය ගැනත් හිතනව නම් මහා බරපතල තත්වයන් දක්වා යන ප්‍රශ්න වුනත් පහසුවෙන් විසඳා ගන්න පුලුවන්.
ReplyDeleteඕවා කිඋවට වැඩක් නෑ අයියේ හැදෙන්නේ නැති එකා හැදෙන්නේ නෑ.හැදෙන එකා කොහොමත් හැදිලා නේ ඉන්නේ
ReplyDeleteමොළ හෝදන්න විදියක් තියෙනවනම් හොඳයි. මේ දේවල් වලින් කි දෙනෙක් හැදෙයිද?. තමන් කරන්නේ වරදක් බව දැන දැන ඒවම කරනවානම් මොකද කරන්න පුළුවන්.
ReplyDeleteමාත් ගොඩක් උත්සහා කරන්නේ කාටවත් කරදරයක් නැතුව ඉන්න, එහෙම හිටියම හිතට,මනසට 2 කටම සැහැල්ලුයි. සෑමාට ජයෙන් ජය!
ReplyDeleteබස් එකේ යනකොට බෑග් එක අතට දුන්නාම රවන මිනිස්සු තමයි දැන් ඉන්නේ..ඉස්සර වගේ බලෙන් ඉල්ලලා බෑග් එක ගන්නේ නෑ...(සමහර විට ඕක වෙන්න ඇත්තේ කොටි කලබල කාලේ සීන් එක හින්දද දන්නෙත් නෑ).. ඒ වුනාට මිනිස්සු හොඳටම පිරිහිලා
ReplyDeleteඅනිත් එකාගේ මායිම පනින්නැතුව මගේ සීමාවේ බල්ටි ගගහා ඉන්න කොල්ලෙක් තමයි ඕං මාත්.
ReplyDeleteපෝයක් වෙනුවෙන් හරි කමක් නෑ සෑම් බණත් කියනවනේ. ඒ මැදෑ.
ReplyDeleteචංගුමී කොණ්ඩ කටුත් ගහනවද බං දැන් කෙල්ලො. අපේ මාමගෙ කොලුව ඔය කතාවලට වහවැටිල ටීවී එක ඉස්සරහට වෙල ඉන්නව ඕක දාගෙන, ඒ නිසා මමත් දැකල තියෙනව ඔය කොණ්ඩ කට්ට. ඒව ගහන් මිනිස්සු තෙරපෙන බස්වල යන්නෙ කොහොමද බං. අපේ මිනිස්සුත් දකින ඕන මඟුලක් පැනල බදා ගන්නව.
සරලව දීල තියෙන පණිවිඩය නම් ගොඩක් වටිනවා අද හොයාගන්න නැත්තේම පරාර්ථකාමීත්වය තමා
ReplyDeleteSAMO LANKAWE GODA DENEK BUDUNTA GARU KARANAWA KIYALA KARANNE MAL PHAN PUJA KARAN EKA.NAMUTH BUDUN DESHANA KARALA THIYENAWA YAHAPATH JIVITHAYAK GATHA KARANA HATI.EKA KARANNA KATAWATH UWAMANAWAK NE.
ReplyDeleteCHANGUMIGE KATTA GANANAM OYA APE RAJA POST EKAKMA DALA THIBUNE.