Monday, May 27, 2013

කුණු හබ්බ සීමා කිරීම - සෑමාගේ වෙසක් කලාපය



අපේ උන් කුණු හබ්බ කීමට පටන් ගත්තේ 8 වසරේ පමණ සිටය. ඒත් පොඩි කාලේ සිටම කුණු හබ්බ කියනා සැට් එකක් සිටියේය. සෑමාට මතක විදිහට අපේ එකෙක් තුන වසරේදී කුණු හරප සිංදුවක් ලියාගෙන ආවේය. එහි කුණු හරප තිබුණේ නැතිය. තිබුණු උපරිම වචනය නම් තිබුණේ ‘පුක‘ කියාය. එය “මහා මෙරක් උසට සිතේ උපන් බරට“ යන ගීතයට තැනූ ආදේශක ගීතයක්ය. එය හැමෝම දන්නවා ඇතිය. ඒත් එදා ඒ සිංදුව සෑමා ලියාගෙන ගෙදර ආවේ අනිත් උන්ට පෙන්නීමටය. එය පොත අස්සේ සගවාගෙන සිටියදී අක්කා අම්මාට දුන් ඔත්තුවක් මත නොසෑහෙන්නට බැනුම් අසා ගීතය ලියූ කඩදහිය අම්මා ලිපට දැම්මාය. එදා ‘පුක‘ මහා කුණු හබ්බයක් වූයේ අපි පොඩි උන් නිසාය.

ඒත් සමහර උන් ඒ කාලේ සිටම කුණු හබ්බ දෙසා බෑවෝය. සෑමා ප්‍රථමයෙන් කුණු හබ්බයක් කීවේ 9 වසරේදීය. 8 වසරේදී හැම එකාම වගේ කුණු හරප කියද්දී අපේ බණ්ඩා කුණුහරප නොකිව්වේය. සෑමා, බණ්ඩා සහ පුෂ්පේ එකට සිටි සැට් එක නිසා 8වසරේදී සෑමාද බේරුණේය. 7 වසරේදී අපේ පන්තියේ කැටයක් තිබුණේය. එය තිබුණේ දඩයක් ගසන්නටය. ටීචර් පන්තියේ කැටය තබා පන්තියේ කෑගසන උන්ට දඩ ගැසුවාය. ඒ අතර කුණු හරප කියන උන් අහු වුවහොත් උන්ට දඩය වැඩිය. ඒ සියල්ල ටීටර්ට අසු වූයේ පාවා දෙන උන් නිසාය. ඉස්සර ලකුණු දමා ගන්නට කෙල්ලෝ පොරකෑවෝය. එසේම සමහර කෙලි කොල්ලෝද ඒවාට අනුබල දුන්නෝය. ඒ නිසාම කුණු හරප කීම අවමයක පැවතුනේය. ඒ අතර ලබ්බ කියා අසුවූ අයෙකුගේ කතාවක්ද සෑමා පෙර ලිපියකින් සදහන් කළේය.

ඉස්සර එහෙමය. ඒත් දැන් කුණුහරප පිළිබද කාගේවත් ගානක් නැත්තේය. තම හොදම මිත්‍රයාට නම කියා කතා කරනවාට වඩා කුණුහරපයක් කීවිට හැරී බලන්නේය. එය ප්‍රිය වචනයක් නොවන්නේය. එහෙත් එය හුදෙක් නාම පදයක් බවට පත්වී ඇත්තේය. මිතුරෙකුට කුණු හරපයක් කියා ආමන්ත්‍රණය කරන වේලාවකට වඩා තරහ ගිය අවස්ථාවක කුණුහරපයක් කියද්දී වෙනසක් ඇත්තේය. එවිට එය ප්‍රිය වචනයක් නොවන්නේය. ඒ නිසා කේන්ති ගිය, ක්‍රෝධයෙන් වෛරයෙන් පිරුණු අවස්ථාවකදී කුණු හරපයක් කියද්දී සහ මිතුරන් සමග සිටිද්දී කුණු හරපයක් කියද්දී සැබෑ වෙනසක් ඇත්තේය. නමුත් අවස්ථා දෙකේදීම කියවෙන්නේ එකම වචනයක්ය. එහෙත් ස්වරූප දෙකක්ය. එහෙත් කුණු හරප හොදින් හෝ නරකින් භාවිත වන වාර ප්‍රමණය වැඩිවීම මගින් තමන්ගේ මට්ටම සමාජයට විදහා දැක්වෙන්නේය. ඒ නිසා කළ යුතු හොදම දේ මිතුරෙකුට වුවත්, තරහා කාරයෙකුට වූවත් භාවිත වන කුණු හරප ප්‍රමාණය අවම කිරීමය.

ඉස්සර උඹ, බං බොලං කීවත් කස්ටියට අවුල්ය. දැන් මිත්‍රත්වය වැඩි වූ කලෙක මූනටම කියවෙන්නේ කුණු හබ්බය. එයින් මිතුරු සිත් බිදෙන්නේ නැතිය. අපේ උන්ට සේම හැම එකාටම එහි මාර කික් එකක් ඇත්තේය. සමාජය මැද, දී එහි භාවිතය පිළිබද සැලකිලිමත් විය යුතුය. විටෙක ඔබ ඔබේ මිතුරාට සෙනෙහසින් කරන්නා වූ ආමන්ත්‍රණය කුණුහරප සහිත එකක් විය හැකිය. එය අසා සිටින පොඩි දරුවෙකු එය යහපත් දෙයක් යැයි සිතා නැවත කිසියම් තැනකදී භාවිත කරනු දැකිය හැකිය. එවිට දරුවා පාසලේ හෝ කිසියම් තැනකදී සමාජය මැද කොන් වන්නේ එය නිවසේදී දෙමාපියන්, සහෝදරයන් භාවිතා කරන ආකාරය යැයි සිතමින්ය. ඉන් නම කැතවන්නේ පොඩි දරුවාගේ සේම නිවසේ උදවියගේය.

අප බුකියේ චැට් එකක් දමද්දී වුවද භාවිත වන්නේ දරුණු වචනය. මෙය සෑම කෙනාටම පොදුය. මටද, ඔබටද  පොදුය. මේ මෑතකදී අපේ වෙනි අයියා (ලියන්නා) පවා සමීක්ෂණයක් කරණු මම දුටුවේය. ඔහු රාත්‍රී ජාමයේ තම ලිස්ට් එකේ ඔන් ලයින් සිටින උන් හට අඩෝ කියමින් ආමන්ත්‍රණය කොට ඇත්තේය. බහුතරයක් ප්‍රතිචාර ලබා දී තිබුනේ සුද්ද සිංහලයෙන්ය. ඒ අතර සෑමාද හොද ප්‍රතිචාරයක් දෙන්නට ගොස් නිකං සිටියේය. ඒ අපේ උන්ගේ හැටිය. මිත්‍රත්වය හමුවේ කුණු හබ්බ පවා සාමාන්‍ය මට්ටමට එන්නේය. සමහරුන්ට දැමූ ආදරණීය නම් පවා ප්‍රසිද්ධියේ භාවිත කළ නොහැකි ඒවා වන්නේ ඒ නිසාය.


බුදුරජානන් වහන්සේ සතර සංග්‍රහ වස්තු ඔස්සේ දේශනා කළේ දානය, ප්‍රියවචනය, අත්ර්‍ථචර්යාව, සමානාත්මතාව පිළිබදවය. ඉන් දානයට වැට නොබැදීම පිළබදව පෙර ලිපියේ සදහන් වූයේය. මේ ලිපියෙන් ප්‍රියවචන භාවිතය පිළිබද ඔබේ අවධානය යොමු කරවීම සෑමාගේ අදහසය.

“පෙය්‍ය වජ්ජන්ති පියවචනං” යන අඟුත් සඟි අටුවාවේ සඳහන් පාඨයට අනුව ස්ත්‍රී පුරුෂ සමාජයක තිබිය යුතු උසස් ලක්ෂණයක් ලෙස ප්‍රිය වචනය හඳුන්වා ඇත්තේය. ස්වකීය නිලධාරීන් හා වැසියන් සඳහා ළගන්නා සිත් නොරිදෙන වචන භාවිතා කිරීම ප්‍රිය වචනයේ ස්වභාවයය. දෙහදක් අතරේ නිසසල පිරිසුදු සුහද බවක් ඇති කිරීම සඳහා ප්‍රිය වචනය හේතු වන්නේය.

මිනිසුන් පමණක් නොව සතා සිවුපාවන් ද ප්‍රිය වචනයට කැමති බවත් එයින් ද හොඳ වචන කතා කිරීමට පුරුදු වන බවත් සත්තිකුම්භ ජාතකය, නන්දිවිසාල ජාතකය වැනි කතා පුවත් තුළන් පැහැදිලි වන්නේය. බොරුව, කේලම, පරුෂ වචන, හිස් ප්‍රලාප මේවා අප්‍රිය ජනකය. අහිතකරය. ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන අහංකාරාදී කෙලෙස් වලින් හදවත දූෂණය වූ විට එවන් වචන පිට වන්නේය. බුදුරජාණන් වහන්සේ උසස්ම ප්‍රිය වචනය කුමක්ද කියා බලසංගහ වත්ථු” සූත්‍රයේදී මෙසේ දේශනා කොට ඇත්තේය.

“එතදග්ගං භික්ඛවෙ පෙය්‍ය වජ්ජානං යද්දිං අත්ථිකස්ස ඔහිත සෝතස්ස පුනප්පුනං ධම්මං දෙසේති” බණ ඇසීමට කැමති අයට නැවත නැවත ධර්මය දේශනා කිරීම උසස්ම ප්‍රිය වචනය බව එයින් පැහැදිලි වන්නේය. දහම් සොඬ රජතුමා යක්ෂයාගේ කටට පැන්නෙත් බණ ඇසීමට ඇති කැමැත්ත නිසාය. ධර්මය යනු ප්‍රිය වචනයය. එය ඇසීම දැරීම හා චරණය නිවනට ද හේතු වන්නේය.

- බුදුසරණ අන්තර්ජාල කලාපයේද සහය ඇතිව -
වසර 2013ක් වූ වෙසක් මස, 27වන සදුදා.
-සෑම්-

29 comments:

  1. වෙනිගේ ගැටයට සෑමා අසුවී නැති හැඩයි...

    ReplyDelete
  2. Yaluwanta kunu harupen amanthranaya priya wachana thama sam.naththan nikan oya meya kiyala balannako unta mala panina hati.

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒක ඇත්ත තමා දමියා..

      ඒත් සමහර තැන් වලදී අපි ඒක භාවිත කරන ආකාරයත් වැරදී. ලගපාත ඉන්නෙ කවුද කියල නොබල එහෙම කතා කරන එක.

      ජය !

      Delete
  3. මමනං මේ වෙනකල් යාලුවෙකුට කුණුහරුප කියල නෑ.

    හැබැයි ෆිට් එකට කියන ඒවයි තරහ ගිවාම කියන ඒවයි වොයිස් එකෙන් අඳුනගන්න පුලුවං වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මම වුනත් ෆිට් එකට එහෙම කතා කරනව බං. වෙලාවකට වැරදී කියල හිතෙන නිසා මේටික ලිව්වේ.

      ජය !

      Delete
    2. මට ප්‍රසන්නයා නම් හම්බ වෙලාම නෑ, නමුත් ඌ කියන්නේ ඇත්ත කියලා මට හිතෙන්නේ ඇයි?

      Delete
  4. ඔය මේ දැනුවත් කිරීම බොහොම අගෙයි.අද සිට මම කිසිම කැත වචනයක් කියන්නේ නැහැ.

    ඔයා කියද්දී ටිකක් අමුතුයි වගේ බන්..

    ReplyDelete
    Replies
    1. ඔයා හොද වැඩි වෙලා මෙයා.

      යකෝ... සීමා කරන්න මිසක් නවත්තන්න බැරි ඒව අපි නවත්තන්න කියන්නෙ නැහැ නොවැ.
      ඒක කවදාවත් නවතින එකක් නැහැ. ඒත් භාවිත කරන තැන, සහ භාවිතයේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ලිව්වේ.

      ජය !

      Delete
  5. සෑමාගේ ලිපිය ආගමික පැත්තෙන් මෙන්ම සමාජීය පැත්තෙන්ද වටිනා එකක්ය.

    දුලාද කුනුහරුප කීමට පටන් ගත්තේ පරක්කු වෙලාය.අනිත් එවුන් 7 වසරේදීම කුනුහරුප කිව්වත් දුලා කුනුහරුපයක් මුලින්ම කිව්වේ 8 වසරේ අගදීය.

    මොනවා උනත් එක් වැදගත් ලක්ෂණයක් එකල දක්නට ලැබුනි.7 වසරේදී කුනුහරුප කියූ අයත් ඇසූ අයත් දෙගොල්ලෝම එවායේ තේරුම් නොදැන සිටියහ.ඒවායේ තේරුම් හැමෝම පාහේ දැනගත්තේ 8 වසර අන්තිමේය.එයට හේතුව ලෙස මා දකින්නේ මගේ පාසල මිශ්‍ර පාසලක් නොවීමයි.

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක ඇවිත් යන්න අමතක කරන්න එපා සෑමෝ! [dulageadawiya.blogspot.com]

    ReplyDelete
    Replies
    1. අපේ පාසල මිශ්‍ර. කොල්ලො කෙල්ලො එක වගේම කුනුහරප කියනවා. ඒත් කෙල්ලෝ බොහොම අඩුවෙන් කිව්වෙ. හැම පාසලකම එහෙම වෙන්නැති.

      අපේ මිත්‍රත්වය වැඩි වුණාම කුණුහරපෙන්ම ආමන්ත්‍රනය කිරීමක් සිද්ද වෙනවා ඉබේම. ඒක ගැනයි සටහනක් තැබුවේ.

      ජය !

      Delete
  6. මට නම් ඔහොම අතීතයක් මතක නැහැ ..නමුත් 6 වසරේදී සැපටම කුණුහරප ඉගෙන ගත්තා..අපිට උගන්නපු එකා A/L කරද්දී 4 දෙනෙක් මරලා හිරේ ගියා..ඌ වෙනුවෙන් මන් උසාවිත් ගෑටුවා..වැඩක් නැහැ ගොඩ ගන්න බැහැ..කවද හරි එළියට ආව දාක ඉතුරු ටිකත් මරලා ආයේ හිරේ යනවා යකෝ කියලා මූ නඩුකාරයා ඉස්සරහම කිව්වා..මට පුක පොලේ ගහන් මැරෙන්න හිතුණා උසාවියේදී...

    ඔන්න කුණුහරප කියන අයට වෙන දේ.

    ReplyDelete
    Replies
    1. මගේ අප්පේ විලි ලැජ්ජාවක් නේ බොල :)

      ජය !

      Delete
  7. උඹ, බං ,බොලං ඇරෙන්න වෙන එකක් කියවෙන්නේ නෑ බං මට... කරුමේ කරුමේ.. හි හි

    ReplyDelete
  8. කුනුහරුප කිව්වම මතක් වෙන්නෙ ඇම්ඩ සාක්ෂි දෙන්න ගිය හැටි.
    මටත් ඉස්සර කුනුහරුප කියවුනා. රස්සාවට ඇවිල්ල යාලුවන් වෙනස් උනාට පස්සෙ මෝඩ් එක මාරු කරගන්න උනා.

    ReplyDelete
  9. මම කවදත් සැමා අයියා ලියන එවා කියවීමට කැමතිය. කුනුහරුප නොකිම හොදයැයි මගේ අදහසයි. යාලුවෙකුට උවද මල පනින වෙලාවක් තිබෙන නිසාය..


    ඒ ගමන්ම සැම අයියට ආරාදනාවක් කිරිමට කැමති මාගේ බ්ලොග් එක පැත්තටත් එන්න කියා..
    පන්හිද "panhinda-magazine.blogspot.com"

    ReplyDelete
  10. එක එක ස්ථාන අනුව බාසාවත් වෙනස් වෙනවා.. එහෙම නැත්නම් වැඩේ අවුල්.. පන්සලේ කතා කරන භාෂාව, බාර් එකේ පාවිච්චි කරන්න බෑනේ...

    ReplyDelete
  11. මම නම් කුණු හරුප දන්නෙත් නෑ... අහලත් නෑ.. කියන්නෙත් නෑ... ;)

    ReplyDelete
  12. සෑම් බබා වෙලා.උබ ඔයා වෙලා.අරූ එයා වෙලා.මම ....................වෙලා.

    ReplyDelete
  13. හ්ම්ම්, හොඳ ලිපියක්. යාළුකමට කියන කරන ඒවා සහ කේන්තියෙන් කියන කරන ඒවා අතර ලොකු වෙනසක් තියෙනවනේ. වෙනස අඳුරනවා නං අවුලක් නැහැ.

    ReplyDelete
  14. අඩෝ සෑම්, උඹ දන්නවද චන්ද්‍රරත්න මානවසිංහ ට මදුරාවතී කියලා කෙල්ලෙක් සඟරාවක් ගේන්න කියලා සල්ලි දීලා අහගත්ත කවිය?

    මදුරා වතී මට සූකිරි සහ නෙල්ලී
    සඟරා වකට මොකටද උඹගෙන් සල්ලී
    වඳුරා ගලදි උඹ මගෙ ප*යේ එල්ලී
    උදුරා ගත්ත කැ* ටික දීපිය බැල්ලී

    බලපකො ඒකෙ දෙපැත්තෙම තියෙන එළිසමය විතරක්. මේවත් අපේ සාහිත්‍යය තමයි බං. හැබැයි ‍මේව කියන්න පුළුවන් තැනක් වෙලාවක් තියෙනවා කියන එකට එකඟයි.

    (මතක් වුනාට කිව්වෙ)

    ReplyDelete
    Replies
    1. මගෙ කොමෙන්ටුවෙ අන්තිමේ ඉඳං තුන්වෙනි ලයින් එකේ මුල වචනෙ ‘බලපංකො‘ යනුවෙන් නිවැරදි විය යුතුයි. වැරදි අර්ථයක් ජනනය වීම ගැන කණගාටුව පළකරමි.

      Delete
  15. සෑමා දැන් සෑහෙන්න නිවිලා නෙ...ඇල්වතුරත් නිවලද බොන්නෙ...

    ReplyDelete
  16. මම මේ දකින්නේ හීනයක්ද? සෑමා මෙහෙම එකක් ලියලා?

    අපි වලේ ඉන්න කාලේ අපේ හිට් එකක් තමයි ඔය සෙනග පිරිච්ච බස් වල හෙම,
    "ඒයි **‍තෝ, ඕනැ ***ක් කියහං, කුණුහරප නං කියන්න එපා, හරිද? මෙතන වැදගත් මිනිස්සු ඉන්නවා," එක.

    ReplyDelete
  17. රස්සාවට ආපු මුල දවස් වල නම් කුණුහරුපයක් ඇහුනම හරියට අප්සෙට් වුනා පස්සෙ එච්චර ගානක් නෑ, හැබැයි මම අනුගමනය කරන්නෙ බබා පිලිවෙත, කවුරුහරි එහෙම දෙයක් කියද්දි කවදාවත් අහල නෑ වගේ ඉන්නවා...

    ReplyDelete
  18. වෙසක් දවස්වලට විෂේශයෙන් වැදගත් පාඩමක්..!!

    ReplyDelete
  19. මා දැමූ කෙමෙන්ටුව ඊයෙත් තිබුණා අද නෑ යකා ගිලලද සෑම්...අඩෝව්....

    ReplyDelete
  20. ඕනම දෙයක් තැනට සුදුසු ලෙස කල යුතුයි :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...