Thursday, May 23, 2013

දානයට වැට "නො"බැදීම - සෑමාගේ වෙසක් කලාපය..


බුදුරජානණ් වහන්සේ අලව් රටට වැඩ සිටින අවස්ථාවේ එම රටේ අත්ථාලවක රජතුමා පන්සීයක් තරම් පිරිසක් සමග බුදුරජානණ් වහන්සේ හමුවට පැමිණි අවස්ථාවේ රටක් පාලනය කරන පාලකයන් තුල, ප්‍රදේශයක් පාලනය කරන පාලකයන් තුල, ගමක් පාලනය කරන ග්‍රාමාරක්ෂකයන් තුල, පවුලක් පාලනය කරන ප්‍රධානියා තුල තිබිය යුතු ගුණාංග සතර සම්පූර්ණ වී තිබිය යුතු බවට අත්ථාලවක රජතුමා උදාහරනයට දේශණා කළෝය.

“චත්තාරිමානි භික්ඛ වේ සංගහ වත්ථූනි
කතමානි චත්තාරි, දානං පෙය්‍යවජ්ජං
අත්ථචරියා සමානත්තතා ඉමානි ඛො

භික්ඛ වේ චත්තාරි සංගහ වත්ථූනී ති” ආදී වශයෙනි.

අන්‍යයන්ට සංග්‍රහ කළ යුතු කරුණු 4 කි කුමක්ද ?

ඒ කරුණු හතර

1. දානය
2. ප්‍රිය වචනය
3. අත්ර්‍ථචර්යාව
4. සමානාත්මතාව නම් වේ.

ඉහත කරුණු සියල්ල බුද්ධ දේශනාවෙන් උපුටා ගත් ඒවාය. සෑමා වෙසක් කලාපය ආරම්භ කළේ කිසිවෙකුට  ඇගිල්ල දිගු නොකොට සිත් සතන් පුරවාලන දහම් කරුණු කිහිපයක් බ්ලොග් ලොවට මුදා හැරීමටය. එහෙත් අද සවස් ජාමයේ එෆ් ඇම් නාලිකාවක ගිය නිවුස් එකක් අසා දානයට වැට බැදීමක් සිද්ද වෙන බවක් දැනුනු නිසාම මේ ටික ලියන්නට සිතුනේය. දන්සැල් පිලිබද කතිකාවක් මේ දින වල ඇති වී ඇත්තේය. සල්ලි කීයක් හරි එකපාර අකවුන්ට එකකට වැටුනොත් ටැක්ස් ගහන්නට බලං ඉන්නවා සේම, කොහේ හෝ දන්සලක් දුන්නොත් ඒකටත් කෙලවන්න හදනවා විය යුතුය.

ඉස්සර අපේ පැත්තේ දින දෙකක් පුරාවට කෝපි දන්සලක් දුන්නේ කලින් ප්ලෑන් කර නොවේය. වෙසක් දවසේ උදෑසන අපි දන්සලක් දෙමු කියා එකපාර සිතාගෙන බඩු මුට්ටු සැට් කරගෙන කට්ටියගේ එකමුතුවෙන් දන්සැල හවස් ජාමයේ ඇරඹෙන්නේය. කිසිම පෙර සූදානමක් නැතිව පැවැත්වෙන එවැනි දන්සල් බොහෝය.  එසේ හදිසියේ පහලවෙන පිං සිතුවිලි වලට බධා පමුණුවෙන්නේ මෙවන් ක්‍රියාවලි නිසාය. දන්සැලකට පර්මිට් ගැනීමට, සිදුවුවහොත් දන්සැල් නැතුව යනවාය. දන්සැල් වල තත්ව සහතික ලබා දෙන්නට ගියත් සිද්ධ වෙන්නේ ඒ ටිකමය. අනික දන්සැලකින් කා බී බඩගිය හෝ අසනීප වූ අයෙක් පිලිබද සෑමා අසා නැත්තේය. 

වෙසක් දිනයේ එක එකාට බැනලා වැඩක් නැතිය. දානය හෙවත් දීම නිසා මිනිසුන් අමාරුවේ වැටෙන්නේය. රැවටෙන්නේය. ඒ ගැන යමක් ලියා තැබිය යුතුය. දිනක් ෆුඩ් සිටි එකක් අසලදී කාන්තාවක් දුටුවෙමි. ඇද කුඩා දරුවෙකු වඩාගෙන සිටියාය. ඇය සිගමන් යදිමින් සිටියද සිගන පෙනුමක් නොතිබුණාය. කෙසේ හෝ මොහොතකින් ෆුඩ් සිටිය ඇතුලටද රිංගා ගත් ඇය කැෂියර් එක අසල සිටියාය. කැෂියර් එක අසල තබා ඇති චොක්ලට් වර්ග සහිත රැක් එකට අත දැමූ කාන්තාවගේ පොඩි එකා චොක්ලට් එක අතට ගත් සැටියේම කටස් ගා දෙකට කැඩුවේ පැකට් එක පිටින්මය. කැෂියර් එකේ කාන්තාව, ඇතුලේ සිටි මැනේජර් සහ පිරිස් පැමිණ ඇයට බැන වැදුනෝය. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සාධාරණය. ඇගේ පැත්තෙන් ඈ අසරණය. තත්වය එසේ තිබියදී එතැනට පැමිණි මහතෙකු කීවේ ඇයට බනින්නට එපා තමන් ඒ අලාභය පියවන බවක්ය. එසේ කියා ඔහු අලාභය පියවන ලද්දේය.

සියල්ල අහවර වී දොරෙන් එලියට එද්දී සිකුයුරිටි පොර ඇය කවුද කියා කස්ටියට පහදමින් සිටියේය. ඇය දිනකට හොද මුදලක් උපයන බවත්, විවිධ දරුවන් ඇතැතිව පැමිණ සිගමන් යදින බවත් ඔහු කියා සිටියේය. වෙනදාට කාර් පාර්ක් එක අසල ගැවසෙන ඇය එදින ඇතුලට පැමින ඇත්තේය. එසේම සිද්ධියට මැදිහත්ව මුදල් දුන් පුද්ගලයා ඇයගේ ප්‍රෝඩාව නොදැන රැවටී මුදල් ගෙවූයේ නිරපරාදයේ බවත් ඔහු කියා සිටියේය. මෙවැනි ප්‍රෝඩාකාරී සිගමන් යදින්න්ගේ කතාවක් සෑමා මීට පෙරද ලිව්වේය. එදා හැම එකාම කිව්වේ මෙවැනි කතා අනන්ත බවය. මෙය ඒ කතා අතුරින් තව එකක් පමණක් විය හැකිය.

එහෙත්, ‍ලබන්නාගේ යටි අරමුණ කුමක් වුවද, ඔබ දානය දෙන්නේ සැදැහැති සිතින් නම්, එහි හොද ප්‍රථිඑල ඔබටය. තෙල්, මල්, සුවද දුන් දෝත දරා ආමිස පූජාවට මුල් තැන දෙමින් සතර සංග්‍රහ වස්තු අමතක කළ ඔබට ප්‍රතිපත්ති පූජවෙන් හෙවත්, ක්‍රියාවෙන්ම දැහැමිව කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන පින්බර සුභ වෙසක් මංගල්‍යක් වේවා.

Written by sAm_8:04pm_23/05/13

21 comments:

  1. දානය නම් හොඳ දෙයක්ය.. වඩා වැදගත් වන්නේ චේතනාවය...

    ReplyDelete
  2. //..අත්ථාලවක රජතුමා...//

    රජතුමාගේ නම මට මතක විදිහට නම් හත්ථාලවක. ඒ නම වැටෙන්නේ කුඩා කුමාරයාව රාජ පුරුෂයෝ ආලවක යක්ෂයා අතට බිලි විදිහට දීපුවාම ආලවක යක්ෂයා ඒ වෙද්දී බුදුන් සරණ ගිහින් තිබුණු නිසා ප්‍රාණඝාතයෙන් තොර හින්දා කුමාරයාව බුදුන් වහන්සේ අතට දෙනවා. බුදුන් වහන්සේ ඒ කුමාරයාව නැවත වරක් රාජ පුරුෂයන්ට දෙනවා. අතින් අත ගිය අලව් නුවර මේ කුඩා කුමාරයාව "හත්ථාලවක" නමින් හඳුන්වනවා.

    ReplyDelete
    Replies
    1. මට මතක විදිහට අත්ථාලවක වගේ.. ඒත් හසිතගේ පැහැදිලි කිරීමට අනුව හත්ථාලවක විය යුතු බව තමා හිතෙන්නෙ.

      ස්තුති නිවැරදි කිරීමට !

      Delete
  3. හිතන්න ඕන දෙයක් සෑමා කිව්වේ

    ReplyDelete
  4. හ්ම්ම්.. කාට හරි දෙයක් දුන්නට පස්සෙ ඒ දේ අපේ නෙවෙයි නෙ.

    ReplyDelete
    Replies
    1. මම කියන්න ආපු දේ චන්දන අයියා කියල. අපි දෙයක් තව කෙනෙක්ට දුන්නට පස්සෙ ඒක තව දුරටත් අපිට අයිති නෑනෙ. කෙනෙක්ට යමක් දීල ඒක එතනින් අමතක කරල දාන්නෙ නැතුව දිගින් දිගටම අපි ඒ දුන්න දේ ගැන හිත හිත ඉන්නවනම් එතන දීමක් තියෙනව කියල මට හිතෙන්නෙ නෑ.

      Delete
  5. මේක මම අහලා තියන කතාවක්... තමන්ගේ පුතාගේ භයානක අසනීපය ගැන කියලා ටයිගර් වුඩ්ස්ට නිතර ලියුම් එවූ කාන්තාවකට, ටයිගර් වුඩ්ස් මුදලින් උපකාර කලාලු ඒ දරුවට ප්‍රතිකාර කරන්න. ඊට ටික දවසකට පස්සේ ඔහුගේ සේවකයෙක් ඇවිත් කිව්වලු "ඒ කාන්තාවගේ දරුවට එහෙම කිසිම අසනීපයක් නැහැ, සල්ලි ඉල්ලලා තියෙන්නේ බොරු කියලා" බව. ටයිගර් වුඩ්ස් කිව්වලු, "අනේ ඒ දරුවට කිසි අසනීපයක් නැත්නම් කොච්චර දෙයක්ද කියලා"...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා අසනීපයක් නැත්තං මොකට පස්සෙන් පන්නනවද? අනේ හොදා කියල හිත හදාගන්නව ඇරෙන්න.

      ජය !

      Delete
    2. දානය දුන්නාට පස්සේ ඒ ගැන අදහස අත් හරින්න ඕනේ. මොකද ඒ දේ දුන්නා. ආශාව කියන සර්පයා නැවතත් මතුවුනොත් පිනක් වෙන්නේ නැහැ එතනදී

      Delete
  6. පින්වත්නි. මෙතැනදි අප කල්පනා කළ යුතුව ඇත්තේ. ඒ උපාසිකා මතාව, එවන් දෙයකට යොමුවූයේ මන්ද යන කාරණයයි. ඇය සිඳු කළේ වංචාවක් නම් එම වංචාවට සුපර් මාර්කට්ටුවේ ඉහළ නිළධාරීන්ද සම්බන්ධය. මෙවැනි දෑ පොලීසියට වාර්ථා කළ යුතුය. එයින් ප්‍රතිඵලයක් අත් වන්නේ නැතිනම්, අල්ලස් හා දූෂණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුය. ආසියාවේ ආශ්චර්යයක් තුල මෙවන් දෑ සිඳුවීම, බටහිර කුමන්ත්‍රණ කරුවන්ගේ ක්‍රියාවක් විය හැක. බොහෝ විට මේ උපාසිකාව ඇන් ජී ඕ සාමාජිකාවක් වීමට ඉඩ කඩක් ඇත.

    ReplyDelete
    Replies
    1. මූ දොර ලොක් හෝම්ස් වගේ..

      Delete
  7. චේතනාව යහපත්නම් එච්චරයි ..සමහරු දාන දෙන්නේ එක්කෝ නොදී බැරිකමට ...නැත්නම් ලජ්ජාවට..!

    ReplyDelete
  8. \\\\දන්සැල් වල තත්ව සහතික ලබා දෙන්නට ගියත් සිද්ධ වෙන්නේ ඒ ටිකමය. අනික දන්සැලකින් කා බී බඩගිය හෝ අසනීප වූ අයෙක් පිලිබද සෑමා අසා නැත්තේය. /////

    මෙන්න මේකත් ඇත්ත සැමෝ..මමත් ජීවිතේට අහලා නැහැ මේ වගේ කතාවක් කොහෙවත්...

    ධානය ගැන කියනවා නම් කියන්න තියෙන්නේ මචන් දන් දෙන්න ඕනේ.ඒකෙ වාදයක් නැහැ.නමුත් මචන් බල්ලන්ට ආප්ප දෙනවා වගේ දන් දීලා වැඩක් නැහැ..දන් දීමේදී බුද්ධිමත් වෙන්න ඕනේ..දෙන්නන් වාලේ ඔහේ ගඟට ඉණි කපලා වැඩක් නැහැ..ප්‍රයෝජනයක් ඇති කෙනෙක්ට ප්‍රයෝජනයක් ඇති දෙයක් දැන් දෙන්න ඕනේ සැමෝ..

    මම නම් පින් පිණිස දන් දෙන්නේ නැහැ.මම දන් දෙන්නේ තව කෙනෙක්ව දුකින් , විපතින් , බඩගින්නෙන් මුදවන්න..මට නම් පින් වැඩක් නැහැ..පින් බලන් දන් දෙන්න ගියාම තමයි මෝහය ඇති වෙන්නේ..ඔහේ දන් දෙනවා මෙලෝ සතෙක්ට වැඩක් නැහැ..කුණු බක්කි වල බත් ටොන් ගණන්..ඒ දේවල් වලින් ඇත්තටම බඩගින්නේ ඉන්න මිනිස්සු , වැඩිහිටි නිවාස , ළමා නිවාස වලට මාස කීයක් කන්න දෙන්න පුලුවන්ද...?


    මම නම් අවුරුද්දකට හාල් කිලෝ 500 විතර දෙනවා ඒවට හරියන්න හාල් පොල් තුනපහ එක්ක..ඒක තමයි මගේ දන්සල මගේ වියදමෙන් දෙන..පින් වෙනවද නැද්ද කියලා නම් දන්නේ නැහැ මට..

    ReplyDelete
  9. සෑමාට සුබ වෙසඟක් කියා ප්‍රාර්ථනය කරනවා..

    ReplyDelete
  10. සෑමාගේ ලිපිය අගනේ ය. එසේ ම සෑමාගේ වෙසක් කලාපය ද ලස්සණ ය. ඒත් ටෙම්පල් ට්‍රීස් තරම් ලස්සණ නැත. එහෙම කිව්වාට සෑමා තරහා නැති බව දන්නේ ය. ඒක නෙමෙයි, මොකෝ මේ වෙසක් කාලෙත් ඔහේ කලබල?

    ReplyDelete
  11. සුභ වෙසක් මංගල්‍යක් ඔබටත් සෑමා. කරන දේ හොඳින් කලාම කෝකටත් හොඳයි.

    ReplyDelete
  12. සෑමාගේ කතාවේ ගත යුත්තක් ඇත..
    මෙවන් විවාදයට සුදුසු මාතෘකා ගැන බොහෝ කතා කිරීමෙන් අවැඩක් මිස වැඩක් වන්නේ නැත..
    කෙසේ වුවත් වෙසක් කලාපයට සුභ පැතුම්..

    ReplyDelete
  13. දානය යනු අත්හැරීමයි. පසුවිපරම ත්‍රුෂ්ණාවයි.

    ReplyDelete
  14. සමහර ගම්බද පැතිවල දන්සල් තියෙනව ගමේ කොල්ලො හතරපස් දෙනෙක් එක්කහුවෙලා කරන. ඒ වගේ එවුවට ඔය වගේ නීති දාන්න ගියොත් ඒ මිනිස්සු දන්සැල් දෙන එක නවත්තයි. ටවුමෙ කොච්චර දන්සැල් තිබුණත් අරවගේ පැත්තක යනකොට දන්සැල් එකයි දෙකයි තියෙන්නෙ. ඒකත් නැවතුනොත් අපරාධයක්.

    ReplyDelete
  15. සෑමා මතුකරන කතිකාවත්, සහන්ගේ අදහසත් කාලෝචිතයි. පින් බලාගෙන කටයුතු කිරීම අපිට හුරු කරලා තියෙන්නේ බෞද්ධ සාහිත්‍යය බව පේනවා. ඩ්‍රැකියා ඒ ගැන ළඟදිම දිග පෝස්ටුවක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස් වල කරුණු එකතු කරනවා. මේ කතිකාව ඊට මහඟු ශක්තියක්.

    ReplyDelete
  16. අපේ ගමේද දන්සැල් 2 3ක්ම දුන්නේය. එහෙත් ඒ කිසිවකට තත්ව සහතිකනම් ලබාගත්තේ නැති බව නම් කිවයුතුය. දන්සැල් දුන් කිසිවෙකු තත්ව සහතික ගත් බවක් අහන්නටද නැත. තත්වය එසේ තිබියදී රාජකාරියට යන පොලිස් නිලධාරීන් පවා දන්සැල් වලින් සප්පයම් වූ බවද නොරහසකි.

    සැමාගේ කථාවේ ගතයුතුදෑ බොහෝය.වෙසක් කලාපයට තුති පුදකරන්නෙමු.

    සියලු දෙනාටම සුභ වෙසක් මන්ගල්ල්‍යක් වේවා...!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...