Monday, May 20, 2013

බක්කෝ නැති - තොරණ් නැති - වෙසක් බලන්න එන්න...


ඉස්සර අවුරුදු අහවර වෙද්දී, වෙසක් ලං වෙද්දී අපේ සිත් තුල කැරකෙන්නේ අමුතු ප්‍ර බෝධයක්ය. ගියපාර අපේ ගෙදර හැදුවේ අටපට්ටම් සැට් එකක්ය. මේ පාර ඊටත් වඩා දෙයක් කළ යුතුය යන්න හිතේ කැකෙන්නේය. ගෙදර අයගෙන් අහන්නේ මේ පාර වෙසක් එකට මොකද කරන්නේ කියාය. පොඩිම පොඩි කලේ නම් කරන්නේ කාඩ්බෝඩ් බුදුරැස්මාලාවක් රැගෙන පුංචි මෝටරයකට අටවා කැරකැවීමය. බුදුරැස්මාලාව මෝටරයේ කූරට හිර නොවන කරදරයට මුහුණ දෙන්නේ එවිටය. ඉන්පසු දෙපැත්තෙන් කාඩ්බෝඩ් අලවා, පෑන් බට ගසා මෝටරයේ කූරට සිර කර ගන්නා ආතල් එක ලොවෙත් නැතිය. මෝටරය ලී  කැබලි දෙකක් අතර සිරකොට කෙලින් සිටවා ගැනීම, එය බුද්ධ රූපයක් පිටුපසින් සිටවීම වැනි දෑ මහා ලොකු කාර්යයන්ය. ඉන් පසුව කාඩ්බෝඩ් එක සුලගට හසුවී නැමීයාම. මෝටරයේ වයර් ලූස් වීම වැනි කරදර වලට ඉතිරි දියන්වල මුහුණ දෙන්නේ සියල්ල අනිත්‍ය බව පසක් කරමින්ය. ඒත් ඒ කාලේ අනිත්‍ය සිහි නොවන්නේ මහා කෝපයක් සිතට ගෙන දෙමින්ය.

පස්සෙ කාලෙක සෙනිත් එකේ සර්කිට් පොතේ 22k, 470k රෙසිස්ටර්, C828, D400 ට්‍රාන්සිස්ටර, 100uf, වැනි කැපසිටර් යොදාගෙන බුදුරැස් මාලා සදන කාලය උදා වන්නේය. සර්කිට් බෝඩ් නැති විට වේරෝ බෝඩ් යොදාගෙන, නැතහොත් ආදේශක බෝඩ් කැබලි යොදාගෙන රැස් මාලාව ගොඩ දමා ගන්නේ හිතේ ධෛර්යයෙන්ය. ඒ අතර බල්බ්වල අඩු කැඩීයාම, ඊයම් වලින් හරි හැටි පෑස්සීමට නොහැකි වීම, වයර් බුරුල් වී සෙලවීම් බාධා ලෙස නොතකා ඒවා මහා කරුමයන් ලෙස සිතීම ස්භාවිකය. එහෙත් අවසන වෙසක් දින සිට නොනැවතී දැල්වෙන තමන්ම නිවසේ සාදාගත් රැස් මාලාව සිත් පහන් කරන්නේය. එය සදාතනික සතුටක් වන්නේය.

අද කාලේ වෙසක් කූඩු කඩෙන්ය. බල්බ් වැල්, රැස් මාලා කඩෙන්ය. ගෙදරදී අලවන්නට හැකි කූඩුද, නැති නම් අලවා අවසන් කළ කූඩුද කඩේ තිබෙන්නේය. බෞද්ධ කොඩිද කඩෙන් ගත හැකිය. ඒ සියල්ල මැද නිවසේ තැනෙන කූඩුද ඇත්තේය. 

වෙසක් අස්සේ අපේ දෝදුවාගේ වෙඩිම 23 වෙනිදා උදා වන්නේය. දෝදුගේ දෙවෙනි මනාලයා වන්නේ සැමාය. ඒ වැඩ කටයුතු වලට සිර වන්නට වුවද සෑමාට බ්ලොග් එකේ අද සිට වෙසක් උදා වන්නේය. මෙතැන් සිට කැත සිත්වලට කවි ලියූ සෑමා ගිය වසරේ මෙන් සතියක් පුරාවට හෝ ඊටත් වැඩි දිනක් ලියන්නේ දැහැමි කතාය. එවන් කතා වලින් සිත් පහන් වේවා යැයි සෑමාගේ එකම පැතුමය. සෑමාගේ වෙසක් කලාපයේ බක්කෝ නැතිය. තොරණ් නැතිය. වෙසක් කූඩුවක් පමණක් ඉහලින් එල්ලුවේය. ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම්මය. ඒ නිසා ගියවර වෙසක් කලාපයේ සිට මතකය අලුත් කොට මේ වසරේ වෙසක් කලාපයට දැහැමි සිතින් පිය නැගිය යුතුය.

සිත් දැහැමි වෙන, ලෝබ, ද්වේශ, මෝහ, ආදියෙන් මිදී සැනසෙන සිතින් මේ වෙසක් සතිය ගත කරන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව උදාවේවා.. !

ඔබ සැමට තෙරුවන් සරණයි.. !

34 comments:

  1. අනේ වාසනාවන්

    ReplyDelete
  2. Replies
    1. ලිපි පෙල බලන්ට එන්ටෝ !

      Delete
  3. බක්කො නැති,තොරණ නැති,කූඩු නැති,දන්සැල් නැති වෙසඟක් පළවෙනි වතාවට බො බ සේ අනුග්‍රහයෙන් උදාවී තිබේ.
    ඔබ සැමට සුබ මූලධර්මවාදී වෙසක් මංගල්‍යයක් වේවා!!!

    ReplyDelete
  4. මට වෙසක් කූඩුවක් ඕනි.

    ReplyDelete

  5. ඉස්සර මමත් ඔය සර්කිට් හදන් දඟලනවා , අපේ අයියල කැරකෙන කූඩු ගහනවා. වෙසක් ඉවර උනාම මම කරන්නේ ඔක්කොම බෝල රේසර් ටික උස්සනවා.ඕව තමයි වැඩ ඉතින් වෙසක් එකට කරන. දැන් ඉතින් ඒවා මතකයන් විතරයි, අනේ මන්දා ජීවිතේ ගෙවෙන හැටි...

    ඉස්සර තාත්තගේ අත අල්ලන් වෙසක් බලන්න ගියා , අද අපේ අත අල්ලන් අපේ දරුවෝ යනවා..

    ReplyDelete
  6. වෙසක් දවසක මම තව පොඩ්ඩෙන් මැරෙනවා බං, කරන්ට් එක වැදිලා

    ReplyDelete
  7. මම නම් කූඩු හදනවා... මෙහෙ ගෙවල් තුනකට බෙදන්නත් එක්ක... හි හි...

    ReplyDelete
  8. ඔය බක්කො නටන එකට කෙල උනේ පාරේ නටන්න පටන් ගත්ත නිසා. මට නම් ඒ නැටිලි හොඳයි, මේ සංඝ බජව් වලට වඩා... අපේ රටේ මිනිස්සු අළුත් අවුරුද්දටත් වඩා විනෝද වෙන්නේ වෙසක් එකට. ඒවත් නැති කරනවා කියන්නේ ආනන්තරීය පාපකර්ම.

    ReplyDelete
    Replies
    1. මේපාර බාර් වහන්නෙ දවස් දෙකයි. කොහොමද ආතල් නැති කරනව කියන්නෙ. වෙනද සතියක් වැහුව මතක විදියට.

      Delete
  9. සාදු...සාදු ..සාදු..!!!!

    ReplyDelete
  10. පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

    ReplyDelete
  11. ගියපාර වෙසක් එකට බල්බ් වැලක් සෙට් කරන්ඩ එක කොණක වයර් එක කටින් සුද්ද කර කර ඉද්දි එකෙක් ප්ලග් එක ගැහැව්වා.වෙලාවට ස්විච් එක දැම්මෙ නැති හින්දා නියුට්‍රල් එක තමයි වැදුනේ.කරන්ට් එක දත හරහා ගිහිල්ලා ඇහෙන් තරු විසි උනා.

    ReplyDelete
    Replies
    1. කරන්ට් එක ඇඹුල් රහයි නේද?

      Delete
  12. මටනම් වෙසක් කිව්වම ඔෆිස් ඒකේ අයිස් ක්‍රීම් දන්සැල මයි මතක් වෙන්නේ..

    ReplyDelete
  13. සෑමගෙ වෙසක් කළාපය කලින් ඒවා වගේම එළකිරියට තිබේවා!
    දෝදුවාගෙ වෙඩිමේ දෙවෙනි තුන්වෙනි මනාමාලියෝ ද ඉටි කිරිස් කෙල්ලන් වේවා!
    උන්ගේ ඇස් සෑමා දිහාට යොමු වේවා!
    සෑමාහට “ප්‍රීති“ වෙසක් එකක් වේවා!

    ReplyDelete
  14. කරන්ට් වද්ද ගන්නෙ නැති,සිතට වේෂි හැගුම් නොඑන සුභ වෙසක් මංගල්ලයක් වේවායි පතමි.!!!

    ReplyDelete
  15. වාසනා වේවා..

    ReplyDelete
  16. පොඩිකාලෙ...වෙසක් කාඩ් වලින් ගහල බුදු‍රැස්මාලා දාල හදපු තොරන් නම් ලොවෙත් නෑ..!දැන් පොඩීවුන් පව් ඕයි..!

    ReplyDelete
  17. පුෂ් බයිසිකලේ ස්පෝක් වලට රෝදය සමග කරකැවෙන ලෙසින් සවිකල විදුලි බුබුළු සමගින් රෑ-පුරා පාපැදි වලින් තොරන් බලන්න ගියපු කාලයක් මටත් තිබුනා.
    වීයා කිව්වා හරි,
    දැන් පොඩීවුන් පව් ඕයි..!

    ReplyDelete
  18. සෑමාගේ වෙසක් කලාපය බලන්නට එමි..
    තෙරුවන් සරණයි..

    ReplyDelete
  19. සෑමාගේ කලාපයට එනවෝ... බක්කො නැතුවට කමක් නැ අවශ්‍ය දේවල් හොයල තියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් මොකටද බක්කෝ

      Delete
  20. මටත් මතකයි අටපට්ටම් කුඩුවකින් කැරකෙන කුඩුවක් හදල ජනෙල් විදුරු බිඳපු සිද්දිය.

    සුභ වෙසක් මංගල්‍යක් වේවා!!

    ReplyDelete
  21. ගිය අවුරුද්දේ වෙසක් කලාපය නම් එල.මේ සැරෙත් කරගෙන යන්න ජය පතනවා!

    ReplyDelete
  22. තොරණ් නැති උනාට මේ ලස්සන වෙසක් කූඩු තියෙන්නෙ. සෑමාගෙ වෙසක් කලාපය බලන්න එන්න ඕන.

    ReplyDelete
  23. ඒක හොදයි. එන්නම් වෙසක් කලාපය බලන්න..

    ReplyDelete
  24. මේ පාර වෙසක් කලාපේ නැතෙයි ? තෙරුවන් සරණයි.

    ReplyDelete
  25. අනේ මේ සුපින්වත් සෑමටත් තෙරුවන් සරණයි...

    ReplyDelete
  26. පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!!!!!!!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...