Friday, May 10, 2013

ඇරයුමක් නැති වෙඩිමකින් කෑවෙමු.. - Attended Wedding W/O Invitations !!


දමියාගේ වාහනයේ නැගී දිලාව නිවසින් බැස්සවීමට, සම්පා සහ සෑමාද පැමිණියේ රාත්‍රී 9ට පමණය. දිලාගේ නිවස පිහිටියේ ඉදිගහමුල පැත්තේය. ප්‍රධාන මාර්ගයේ සිට ඇතුලටද යායුතුය. ගම්පහ සිට පිස්සු කෙළිමින් පැමිණි හතර දෙනා දිලාගේ නිවසට යන මාර්ගයට වාහනය හැරවූයේ ඉක්මනින් ගෙදර යාමට සිතාය. දහවල පවා හරි හැටි ආහාරයක් ගැනීමට නොහැකි වීම ඊට ප්‍රධාන හේතුවක් වූයේය. 

“අඩෝ.. අන්න පට්ට ආතල් එකක් යනවා..“

“තඩි ස්ටේජ් එකක් ගහලා.. වෙඩින් එකක් වගේ..“

“මොනු හු#$ක්ද බං??? අපේ ගමේ මට නොකියා වෙඩින් තියන්න.. නවත්තපං වාහනේ...“

දමියා වාහනය පාරේ පැත්තකින් නැවැත්තුවේය. එය නිවසක පැවැත්වෙන වෙඩිමක්ය. නිවස ඉදිරිපිට පාරේ එහා පැත්තේ වාහනය නැවැත්වූ විටම මල්ලී කෙනෙක් දිව ආවේය. 

“අයියෙ‍්‍ පාර්කින් එක නම් තියෙන්නෙ එහා පැත්තේ.. වාහනේ ඒ පැත්තට දාලා ඇතුලට එන්න...“

ඇතුලට යන්නට පෙරම කොල්ලා අපට වෙඩිමට එන්නට කියන්නේය. මොනවා හරි කේස් එකක් ආවොත් පොරව අල්ලා දෙන්නට පුලුවන්ය. “අපි දන්නෙ නැහැ.. අර මල්ලි වාහනේ නවත්තල ඇතුලට එන්න කිව්වා.. ඒකයි අපි ආවේ..“ කියා දිවි ගලවා ගත හැකිය. දමියා වාහනය එතැනම පාර අයිනට කොට නවත්වා තැබුවේය. අත් දිග කමිසයේ අත් කොටට නමා තිබු අප අත් දිග හැර ගත්තෙමු. දමියා කාර් එකේ තිබූ ඇන්විලොප් එකක් දෙකට නමාගෙන උඩ සාක්කුවේ දමා ගත්තේ හැමෝටම පේන පරිදිය.

වාහනයෙන් බැස සිටියාට ඇතුලට යන්නට තරම් කික් එකක් තිබුනේ නැතිය. එහෙත් දමියා සහ සම්පා වෙඩිමට ආ කොල්ලෝ සැට් එකක් පිටුපසින් නොදන්නා ගානට ඇතුලට ගියෝය. ඇතුලට ගොස් අපිට කතා කරද්දී අපිද ඇතුලට ගියේ කිසිම අවුලක් නැතිවය. ගිය හැටියේම දමියා මේසයක් සොයා ගත්තේය. එහි අංකල්ලා දෙන්නෙක් බ්ලැක් ඕපල් එකකට වග කියන්නෝය.

“අංකල් අපි මෙතන සෙට් වෙන්නද? අවුලක් නැහැනේද??“

“අයියෝ කිසි අවුලක් නැහැ මල්ලී... ඔයාල ඕන දෙයක් ගන්න.. මෙන්න පිපිඤ්ඤා, ඇපල්, චිකන් ඕන දෙයක් තියෙනවා..“

“එල එල අයියා.. අවුලක් නැහැ එහෙනම්.. අපි මෙතන සෙට් වෙන්නම්...“

ෂොට් දෙක තුනක් ලග නමා ගත්තේ ගුටි කන්නට වුනොත් අවුලක් නැති වෙන නිසාය. ඒ අස්සේ ටේබල් වලට බඩු සර්ව් කරන උන් ඇවිත් “මල්ලි කිසි අවුලක් නැහැ.. ඕන දෙයක් ඉල්ලගන්න...“ කියමින් යන්නෝය. ඒ අස්සේ “අයියෙ එහෙනම් අයියගේ කෑල්ල ගෙනත් මෙතැනින් තියන්න“ කියා එකෙක් කීවේ ඕනෑම දෙයක් ඉල්ලන්න කියූ නිසාය.



“මචං.. දිනේෂ් අයියා හොද එකා.. අපි පොර වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඕනෙ..“ ඒ දමියාය.

“කවුද බං දිනේෂ්??“ සෑමා සෙමින් ඇසුවේය.

“යකෝ මනමාලයගෙ නම දිනේෂ්ද කොහෙද.. මට එහෙන් මෙහෙන් ඇහුනා..“

“අඩෝ.. එකෙන්ම දිනේෂ් අයිය අපිට ඔෆිස් එකේ වැඩ වලදි පට්ට සපෝට් එකක් දෙන නිසා.. අපි ඌට බොක්කෙන්ම සලකන්න ඕනෙ..“ අපි සද්දෙට කීවෙමු.

අංකල් අයියලා දෙන්නාද ෂොට් දෙක තුන කූල් එකේ නමන්නෝය. ඒ අතර එතැනට පැමිණි අක්කා කෙනෙක්.. අන්න අජිත් අයියලට කතා කරන්න එන්න කීවේය.

“හුටා.. මනමාලයා අජිත්ද කොහෙද බං..“ කියූ අපේ උන් අජිත් අයියා වර්ණනා කරන්නට වූවෝය. ඒ අතර මනමාල මනමාලි ජෝඩුව ටේබල් වලට යමින් පැමිණි පිරිස් සමග කතා කරන්නට වූවෝය. අපේ ටේබල් එකට ආවෙත් කන්නට වෙන්නේද නැතිය. ඒ නිසා නැගිට ෂේප් එකේ බුෆේ එක පැත්තට ගියෙමු. ඒ අතර පැමිණ සිටි ආච්චී කෙනෙකුට දමියා දණ ගසා වැන්දේය. “අනේ අත්තම්මේ.. “ කියා වදිද්දී ඒ ආච්චී ඔහුගේ ඔලුව අතගෑවේය. බුෆේ එකටද වැඩේ දුන් අප ඩෙසර්ට් බෙදා ගත්තෙමු. ඒ අතර බෑන්ඩ් එකේ උන් කීවේ “අද සිට යුග දිවිය අරඹන චන්දන අයියා සහ හිමාලි අක්කට සුභ පතමු කියාය.“ උන් එසේ නොකිව්වා නම් මහ විනාශයක්ය. දිනේෂ්, අජිත්, කෙසේ වෙතත්, චන්දන අයියාම අපට ඇවිත් කෙලිනවාය.

සියල්ල අවසන දමියා එතැන කෙල්ලෙක්ට නම්බර් එකද දුන්නේය. එවිට මැදින් පැන්නේ සෑමාය.

“නංගි ඔයාට මූව මතක නැද්ද??“

“ම්ම්ම්.. නැහැනේ..“ ඒකි කල්පනා කරමින් සිට කීවාය.

“බලපං නෑයෝ අමතක වෙන කැත..“ ඒ දමියාය.

“ඇයි අනේ පළවෙනි දවසෙ ආවේ..“ ඒ සෑමාය.

“පළවෙනි දවසේ...“ කෙල්ලගේ ඇස් උඩ ගොස් හරස් ප්‍රශ්න අසන්නට වූවාය.

“ගණන් ගන්න එපා නංගි.. මූ බීලා ඉන්නෙ..“ ඒ දමියාය.

තව පොඩ්ඩෙන් මල මගුලක්ය. ඒ වෙඩිමේ පළවෙනි දවසක් තිබී නැත්තේය. දමියා වැඩේ බැලන්ස් කොට නම්බර් එක දී එතැනින් පැන්නේය. බෑන්ඩ් එකේ වැඩේද නැගලා යන්නේය. නටන්නටද එකෙක් වත් නැතිය. අපි හතර දෙනා එතැනට බැස නර්ථන කණ්ඩායමක අඩුව පුරවන්නට සමත් වූවෙමු. ඒ අතර ටිකක් වැඩි වූ අංකල් කෙනෙක්ද සෙට් වූයේය. 

“අඩෝ මාව කවර් කරපං..“ කියමින් දිලා හැංගෙන්නට තැනක් සෙව්වේය.

“ඇයි යකෝ මොකද සීන් එක..“ කියමින් සෙට් එකම දිලාව කවර් කලෝය.

“නැහැ බං.. අපෙ ඉස්සරහ ගෙදර ඇන්ටි ආවා.. ඒකි දැක්කොත් ඔක්කොම සොරි...“

අපේ වෙඩින් එකකවත් අපට ගන්නට බැරි මට්ටමේ ආතල් රැසක් ගෙන, නව යුවල සමග පොටෝවක්ද ගසා ගනිමින් අප වෙඩින් එකෙන් සමුගත්තෙමු. උන් දෙන්නාට ජය මංගලම්ය. දිලාගේ ගෙදර යද්දී සෑමාගේ වාහනේ ලයිට් පත්තු වෙමින් තිබුනේය. උදේ වැස්සට දැමූ ලයිට් නිවන්නට අමතක වෙලාය. ස්ටාර්ට් වුනේ නැතිය. බැට්රිය බැහැලාය. ජම්පර් කේබලයක් ගසා වාහනය ස්ටාර්ට් කරගෙන එද්දී පිටුපස රෝදෙ හුලං නැතිය. හුලං ගහන ජුන්ඩං මැෂිමක් ඇති නිසා ඒකත් හුලං ඔබාගෙන, කාපු බීපුවා බස්සවගෙන ගෙදර ආවේය.

අපේ උන් කීවේ කළකම් පල දෙනවා කියාය.

Written by sAm_7:57am_10.05.2013

92 comments:

  1. අඩෝ උබනම් පට්ටම ආතල් දෙන්නෙ.... කියල වැඩක් නෑ..... සුපිරි...

    ReplyDelete
    Replies
    1. මතක් වෙද්දිත් ආතල් බං.. අපේ වෙඩිමකට වැඩිය සැපක් ගත්ත..

      ජය !

      Delete
  2. “ගණන් ගන්න එපා නංගි.. මූ බීලා ඉන්නෙ..“
    අපේ වෙඩින් එකකවත් අපට ගන්නට බැරි මට්ටමේ ආතල් රැසක් ගෙන, නව යුවල සමග පොටෝවක්ද ගසා ගනිමින් අප වෙඩින් එකෙන් සමුගත්තෙමු.

    එල ඈ.. තව තව වෙඩිමවල් සෙට් වේවා.. :ඩී

    ReplyDelete
    Replies
    1. මලගෙවල් නම් බං කෝමත් හොයාගෙන යන්නෙ..
      මෙහෙම වෙඩිමක් හොයාගෙන ගියාමයි.. :)

      ජය !

      Delete
  3. නොදකුන් අවලමාල, තොපි අපේ වෙම්ඩිමට ආවෙ කියල මෙතනට එකෙක් කමෙන්ට් කලොත් ඉතුරු ආතල් එකත් ගතහැකි.

    ReplyDelete
  4. බොගෙ බඩජාරිකමට මගුලෙන් පස්සෙ හොදම වැඩේ වෙලා තියෙනවා...අනේ පහුවදා උදේ ඉදන්ම වක්කඩ කැඩුවා වගේ සෑමට බඩ ගියා නම් මට තවත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ෆල යන්න.. මොන බඩ යනවද?
      වෙඩින් එකෙන්ම බඩ නොයන බේත් බිව්වා..

      ජය !

      Delete
  5. හප්පා අලුත් ජෝඩුවට මුකුත් නොදී මාරු උනා නේද සිකෙයිය

    ReplyDelete
    Replies
    1. අර ඇන්විලොප් එක දෙන්නෙ කෝමද බං.. ඇතුල හිස් නොවැ..

      Delete
  6. හි හි හරි පෙරේතයි ... :)

    ReplyDelete
  7. මගේ යාළුවෝ දෙන්නෙකුත් කාපු කථාවක් තියෙනවා. වෙලාවත් තිබුනොත් දාන්නම්කෝ. අපිනම් ඉතින් වෙඩින් පැත්ත පලාතේ කැමැත්තකින් යන එවුන් නෙමෙයි නේ.

    ReplyDelete
    Replies
    1. අපිත් මනාප මලගෙවල් වලට :) කැරමක් ගහල ආතල් එකක් ගන්න පුලුවන් තැනනේ..

      අර කතාවත් දාපං..

      ජය !

      Delete
  8. Hoda welawata "Long Sleeve" shirt adala hitya.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. :))

      ඒ නැතත් කාල එනව බං :ඩී

      ජය !

      Delete
  9. උඹල තුන් දෙනාම සුපිරි ආතල් නෙ ගන්නෙ. එළ එළ එළ. තවත් වෙඩිමවල් සෙට් වේවා!

    ඔයිට සමාන ෆිල්ම් එකක් තියෙනව බන්, wedding crashers කියලා. මෙන්න ටොරන්ට් එක.
    http://thepiratebay.sx/torrent/6265247/Wedding_Crashers_(2005)_720p_BrRip_mkv_-_550mb_-_YIFY

    ReplyDelete
    Replies
    1. එල ඩ්‍රැකියෝ.. ෆිල්ම් එකත් බලමුකෝ..

      Delete
  10. හහහා...පට්ට යකෝ.
    අපිනං ඔහොම වෙඩිමවල් වලට වැඩිය සෙට් වෙන්නේ නෑ. ඒකට මල ගෙවල්!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මලගෙවල් නම් කෝමත් ආතල්. මම කෝමත් ඉන්වයිට් කරන ඒවට යන්නෙ අකැමැත්තෙන් ;)

      මෙහෙම යන එක ආතල්.. :ඩී

      Delete
  11. අතින් පයින් නොකා සෑමා පැමිණීම ගැන මගේ බලවත් ප්‍රීතිය ...!!!

    ReplyDelete
  12. මේක ඇත්ත සීන් එකක්ද?
    මගුල්/මරන ගෙවල් වලට අනවසරයෙන් ගිය ඒවා මතක් වුනා.
    හැබැයි ඒවාට ගියෙ නද වෙන්න බිලා.

    ReplyDelete
    Replies
    1. අපි ගිහිල්ලා බිව්වේ...

      කතාව ඇත්ත කියල පෘව් කරන්න තමා බං පොටෝ කෑලි ටිකක් ඇල්ලුවේ :)

      Delete
  13. ෆට්ට සින් එක.. පුදුමයි බේරුනා.. කොහොමද අහුඋනානම් චාර්ටර් එක. :v

    ReplyDelete
    Replies
    1. වහ කන්න වෙනවා බං. ඒත් ලග ලග ෂොට් දෙකක් නමලා හිටපු නිසා ඒකත් ගානක් නැති වෙයි. :ඩී

      Delete
  14. හපොයි..පරිප්පු නොකා බේරුනා ඇති..කතාවට ඔහොම කරනවා කියලා කිව්වට කරපු කෙනෙක් ගැන නම් ඇහුවමයි..
    වෙඩින් ඇල්බම් එකේ පෘෆ් ආපුවම දිලාට වැඩේ සෙට් වෙන බව සුවර් කියා මට හැඟී යයි..

    ReplyDelete
    Replies
    1. දිලා තමා එතනින් හැමදාම යන එන එකා. උගෙ වීදුරු සැට් එක ෆුල් ටින්ට් පාරක් දුන්නොත් ජීවිතේ බේරෙයි. නැත්තං විනාසයි...

      Delete
  15. අපෝයි.. කසාද බඳින්නත් බය හිතෙනවා අප්පා මේව ඇහුවම ...

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ කාල සල්ලි දීල යනකක් නැතිවෙයි කියලද? :P

      Delete
    2. බදින්න බය වෙන්න එපා අයියෝ...

      ඒ වුනාට ගේට් එක ලග සැට් එකක් තියන්න. එන්නෙ කවුද කියල චෙක් කරන්න.

      Delete
  16. බඳින උන් හිතේ සතුටින් දෙන එකේ කාලා ගියාම මොකෝ.අනික අපේ උන් වෙසක් එකටයි පොසොන් එකටයි විතරක් දන්සැල් දෙන එකේ වෙනසකටත් එක්ක දන්සැලක් කළිං දුන්නා කියලා උං හිත හදා ගනීනේ.

    ReplyDelete
  17. අම්මපා බොලව්,, ඒක පට්ටයි.. හෙහ් හෙහ්,, බොලාලා තමයි නියම ආරාධිතයෝ.. :D

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන අමුත්තෝ නොවැ :))

      Delete
  18. හැක හැක.පට්ටයි සෑමෝ.
    බොලාටත් ඉතින් කන්න බොන්න දෙයක් දැක්කම ඔක්කොම අමතක වෙනවනේ :p

    ReplyDelete
    Replies
    1. මාර ආතල් එකක් බොල ගත්තේ.. :)

      ජය !

      Delete
  19. වැඩේ චාටර් උනානං හතර දෙනෙකුටම මලගෙවල් සෙට් කරගන්න තිබ්බ.
    ඇත්තටම උඹල ගිය මගුල් ගෙදර එවුවො ඔක්කොම බීලද හිටියෙ මගුල් ජෝඩුවත් එක්කම.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. උන්ට ගානක් නැහැ බං..

      හතරක් සැට් වෙලා කන බොනකොට, කවුද මැදින් පැනලා උබලා කවුද කියල අහන්නෙ ??

      Delete
  20. අපි නම් ගිහින් ඩ්‍රින්ක් එකක් දාලා කාලා එනවා විතරයි. මුංව නම් හම ගහන්න එපාය...

    ReplyDelete
    Replies
    1. ඉතිං යකෝ අපි කලෙත් ඒ ටිකම තමා :)

      Delete
  21. හික්ස් :D හොඳ වෙලාවට මට බඳින්න තව සෑහෙන්න කාලයක් තියෙනවා. අනේ, ඒ කාලේ වෙනකොට සෑම් අයියාටත් මඟුල් සෙට් වී ගෙදරට කොටු වී සිටීවා! ඒක නෙමෙයි, කොහොම ද ගෙදර ආවේ එදා?

    ReplyDelete
    Replies
    1. සෑම් අදත් කෙල්ලව කාර් එකේ දාගෙන යනවා දැක්කේ නැද්ද?අනේ මන්ද මම පාරේ ගියොත් සෑම් කෙල්ල එක්ක කාර් එකේ යනවා තමයි දකින්නේ.

      Delete
    2. ධාරා - අපි ඇව්ත් කෑම කෑවොත් නරකද ධාරෝ.. එදා බොලා ඇවිත් හිටියද??

      එමෝ - මතක නැද්ද මම ගියේ බොලාව දාගෙනනේ..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  22. ඕක වෙඩිමක් නෙවෙයිනේ බං දන්සැලක්නේ.. හෝටලේක එහෙම තිබ්බනං පිඟානත් ගනං කරලා දෙන්නේ... ඔයාලගේ වෙලාව හොඳයි... හි හි

    ReplyDelete
    Replies
    1. හොටෙල් එකක නම් සොරි වෙනවා. අපිට ඒකත් මතක් වුනා. ප්ලේට් ගණින සීන් එක.

      Delete
  23. මුන් අමාර පොරවල්නේ , අනවසරයෙන් කාලා බිලා මදිවට , තව නටලා ෆොටෝස් සුත් අරගෙන .. ,
    අපරාදේ උබලා අහුවෙන්න තිබුනේ ..ශික්

    ReplyDelete
    Replies
    1. අඩෝ එහෙම කැත ප්‍රාර්ථනාවන් කරන්න එපා හරිය?

      Delete
  24. මටනම් ඔහොම කාපු කෑම දිරවගන්න අමාරුයි.

    වඩාගෙන ගැහුවේ නැති එක වාසනාවක්

    ReplyDelete
    Replies
    1. දිරෙව්වා බං ලෙසටම..

      :)

      Delete
  25. සිරාවට සැමනම් මෙහෙම දේවල් කරන්න ඇති තමා...

    ReplyDelete
    Replies
    1. :)

      මම එච්චර චාටර්ද බං?

      Delete
  26. කාල බීල අර හිස් ලියුම් කවරෙවත් දීල එන්න එපායැ සෑමො

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ, එහෙනම් ගුටි කනව බං..

      දැන් ඉන්න උන් ඇස් පනා පිටම ලෙහනවා ඔය කවර..

      Delete
  27. එදා රෑ.

    මනාලයා : කවුද ඒ අපිත් එක්ක ෆොටෝස් ගත්තු මල්ලිලා සෙට් එක ඔයාගේ නෑදෑයෝ ද?.
    මනාලි : ඒ ඔයාගේ යාලු නෙවෙයිද?.
    මනාලයා. ඔයාගේ පරණ කොල්ලත් හිටියා නේ එකනේ අඳුන්වල දුන්නේ නැත්තේ.
    මනාලි : ^%^&%(@& %$@$%@

    එහෙම දෙයක් වුනානම් උඹලට වෙන වැඩේ බලපන්. උඹලට බයක් හිතුනෙම නැද්ද බං.

    ReplyDelete
    Replies
    1. එහෙනම්, මල සන්ත්‍රෑනිසියක් වෙන්නෙ යකෝ..

      Delete
  28. ඒ මේ මේන් මෙහේ පොඩියට නයෙක් ඇදිලා යනවා :D

    ReplyDelete
  29. දෙවෙනි මනමාලි ලස්සනෙයි ???

    ReplyDelete
    Replies
    1. ඒ කැටයම් බලන්න ගියා නම් අපි මාට්ටු වෙනවා යකෝ..

      Delete
  30. කාගේ කවුද දන්නේ නැති මළ ගෙවල් වලටනම් රිංගාලා තියෙනවා... ඒ උනාට මඟුල් ගෙයක්....

    ReplyDelete
    Replies
    1. මලගෙවල් නම් පට්ට ආතල් කියල පෝස්ට් එකක් දැම්ම මම කලින්..

      මාත් ඔය ඉන්විටේෂන් නැති මගුලකට ගියාමයි.. :)

      Delete
  31. මේ..අර හිස් ලියුම් කවරේ දීලා ආවද කියපන්!

    ReplyDelete
    Replies
    1. ඒක දුන්න නම් තාම ගුටි කනවා බං..

      ජය !

      Delete
  32. අම්මපා අපිත් මේ වගේ උන්වනේ මඟුලට සම්බන්ද කර ගන්න හිතන් ඉන්නේ..

    ඇයි බං උඹට මගේ එකට එන්න වෙන්නෙත් අරාධනාවක් නැතුව තමා.. මතක නැද්ද?

    ReplyDelete
    Replies
    1. හුටස්.. උබ මට ඉන්වයිට් නොකරද මම එන්න ඕනා.. :ඩී

      සුබ මංගල්ලයක්ම වේවා :))

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  33. ඔය කියන තැන කන්ද උඩ වංගුවත් එක්ක දකුණු පැත්තේ තිබුන ලොකු ගෙයක් වෙන්න ඇති මයෙ හිතේ... පොට් එක ඒකනං උඹ පරිස්සං වෙයං මං මේක අදාල පොරටම පෙන්නන්න.. තොට කැළණියට ඇවිත් ගහලා යයි... :D

    ReplyDelete
    Replies
    1. මාරයියා.. මේ එතැනමද??

      හරියටම තැන කියපං... ආය ඒ පැත්තෙ නොයා ඉන්න..

      Delete
    2. මං හොයලා බැළුවා.. උඹ ගිහිං තියෙන්නේ ආරාධනාවකටනේ බං.. හනේ උඹ වගේ එකෙක්.. :P

      Delete
    3. මොනවයි බං ..මුන් දෙන්න දොඩවන්නෙ..!

      Delete
    4. පිස්සුද බං? මොන ආරාධනාවක්ද?

      උබ හිතනවද අනිත් එවුන් තුන්දෙනත් එක්ක, මම යන්න, අපේ එකෙක් බැන්ද කියල????
      අනික මට ආරාධනා කරන්න ඒ පැත්තෙ එකෙක්????

      Delete
  34. මේක කියවලා ඉවර වෙනකල් මගේ කට කනේ, ඩෝ! පට්ටම පට්ට සුපිරි ආතල් එකක් නේ. ඇත්තෙන්ම අහුවුනානම් උඹලට ගහයිද?

    මට ඔය වැඩේ කරන්න බෑ බං. මොකද මම ඉස්කෝලෙට විතරයි ඔය විදියට ඇඳගෙන යන්නේ. අනිත් ඕනෙ වෙලාවක ඩෙනිම්, ටීෂර්ට්, ෂෝට්.

    හැබැයි ඔය පු‍ටු, හට්, ස්පීකර්, ගෙනාපු එකෙක් වගේ නම් රිංගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක හරි උඹ ටී ෂර්ට් එකකුයි ෂෝටකුයි ගහගත්ත නං ඒ එකෙක් වගෙ රිංගගන්න පුළුවන් ෂුවර් එකටම

      Delete
    2. ගුටි කෑවත් අවුලක් නැහැ කියල හිතාගෙන බං මම ලග ලගම ෂොට් දෙකක් නැමුවේ. පොඩ්ඩක් දාල ඉන්නකොට ලැජ්ජාවක් වුනත් නැහැනෙ. :)

      අපිත් වැඩ ඉවර වෙලා එනවෙලාවක හින්ද බං අත් දිගට දාල හිටියෙ. නැත්තං උබ කියපු විදිහට සවුන්ඩ් සෙට් කරපු උන් වගෙ යන්න වෙන්නෙ.

      අනික මම දැක්ක එදා ආපු පොරක්. ඩෙනිම ගහල. බලනකොට පොර තමා ලයිට් වැල් භාරව හිටපු බුවා. අන්න ඒ වගේ ඇතුලට රිංගන්න තිබ්බ, ඩෙනිම ගහගෙන. හැලපයියත් ඒකම නොවැ කියල තියෙන්නෙ. :))

      ජය.

      Delete
  35. අපි ඉතින් කිට ගහලා ගමනක් යන්නේ කලාතුරකින්නේ

    ReplyDelete
    Replies
    1. වැඩට ගිය ගමන් බං. නැත්තං මාත් ෂෝට.. ඩෙනිම !

      ජය !

      Delete
  36. අනේ අම්මපා මෙහෙමත් උන්...... :p

    ReplyDelete
  37. උඹ බොරු නේ කියන්නෙ...?

    අපිට නම් ඔයිට වඩා වෙනස් සීන් එකක් උනා...!

    ReplyDelete
  38. ලගකදී නම් ඔහොම වැඩක් කරන්න උනේ නැ.... සැමා ගේ වෙඩින් එක තියන දවස හොයාගෙන හොරාටම ඇවිත් යන්න එන්න ඕනා... එත් ඉතින් අමධයප නිසා බයිට් එක තමා ඔහොම කරන්න වෙන්නේ...

    ජය

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මරු අමධ්‍යප.. අපි නොදන්න චෙස් !

      Delete
  39. අපොයි මටත් බය හිතුනා මෙහෙම උන් ඉන්නව කියල හිතද්දි... කොහොමද සෑමගේ වෙඩින් එකට සේරම කතාවෙලා ගියොත්????

    ReplyDelete
    Replies
    1. වරෙල්ලා.. මම පිලියම් යොදන්නම් :)

      Delete
  40. අනේ අය්යේ ඔයා මගේ බ්ලොග් එකට දවසක් දෙකක් ඇවිල්ලා කමෙන්ට් දාලා තිබ්බා. අනේ ආයිමත් සැරයක් එන්නකෝ අය්යේ. ඔයා මාර විදිහට ලස්සනට ලියන්න දක්ෂයි. මම නම් තවම ආධුනික නිසා එච්චර හොඳට ලියන්න බැරිව ඇති. අනේ අය්යේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා කමෙන්ට් කරලා ආධුනික මාව දිරිමත් කලොත් ඔයාට ගොඩාක් පින් සිදු වේවි. ඒ නිසා අනේ අය්යේ එන්න ඇවිල්ලා යන්න එන්නකෝ.මම බලා ඉන්නවා හරිද?

    ReplyDelete
  41. අම්මට සිරි.. උබල මාර පොරවල් නේ.. අඩෝ මට සෙට් වෙන්නෑනෙ බං ඔය වගේ වෙඩිමක්.. :o පට්ට ආ.. අන්තිමේදි කාපුවා බස්සගෙන ආපු විදිහ කදිමයි සහෝ..

    තව තව වෙඩින් උබලට සෙට් වේවා!!!!! :ඩී

    ReplyDelete
  42. ඔයින් ගියා මදැයි අතක් පයක් කඩාගන්නේ නැතිව

    ReplyDelete
  43. සුපිරි මචන් කතාව

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...