Wednesday, October 3, 2012

ගෙදරදී නොමිලේ - පිටතදී අයකෙරේ - SPA සැප පිළිබදවයි...

විටෙක ග්‍රාමීය ලදුන්ය, විටක තායි සුරූපිණියන්ය, දෝතට ගත් තෙල්, ක්‍රීම් හෝ ඔසු, අත් දෙකින් තලා ඇග ගල්වන්නේය. වැතිර සිටින යහනේ උඩු අතට, මුණින් අතර පෙරලන්නේය. ඉන බැදි සාළුව ඈත් මෑත් වෙද්දී ඒ අතරින් ඇගේ දෙඅත් දිවෙන්නේය. අවසන ශක්තිය හිමිදිරියේ වැටි පිණි බිදක් සේ ඇය දෝතට ගන්නීය. ටිෂූ එකක් සේවා ලාභියාගේ අතට ලැබෙන්නේ එය පිහිදා ගැනීමටය.



එය වූ නමින් ස්පාය. නැතිනම් සම්භාහනයක්ය. වාණිජ්‍යය මට්ටමින් කම්සැප බෙදීමේ කාර්යයේ නොයෙදෙන්නේ නම් ස්පා යනු ශරීරයට හිතකර ක්‍රියාවක් බව සෑමා අසා ඇත්තේය. මෙහි වෛද්‍යයමය වටිනාකම පිරික්සීම වෙදමහතාට භාරය.

සෑමාගේ මිතුරෙක් සිටියේය. මෙවන් තැනක පහස ලැබීමේ ආශාවෙන් පෙළුනු හේ දිනක් තමා සමග සිටි මිතුරන් දෙදෙනා ඇමතුවේය. 

“මචං මට යන්නෝනි බං පොඩි මසාජ් එකක් දාගන්න“

“ඇත්තට මාත් ගිහින් නැහැ.. තැනක් තියෙනවද බං?“

“මේ පැත්තේ ඇති.. අද බලමු ස්පොට් එකක් තියෙනවද කියලා..“ එදා ඔවුන් සිටි නගරයේ හැටියට මෙවන් ස්ථාන නොමැති වීම කිසිසේත්ම විය නොහැකි තිදෙනා තැනක් බලමින් වාහනය පැදවූවෝය.

“අර.. අර තියෙන්නෙ බං.. වරෙන් ගිහින් ටෝක් කරමු...“ අයෙක් අත දිග හැර පෙන්නුවේ දුරදී දුටු බෝඩ් ලෑල්ල නිසාය.

නා දළු වන් කොළ අතු එල්ලු මිදුලක් සහිත නිවසක, ඇතුලට මිතුරන් එඹුනෝය. ස්ථානයේ හිමිකාරිය වන් තැනැත්තිය කතා කළාය. සියළු මිල වටිනාකම් මිතුරන්ට පහදා දෙන ලදුව මිතුරෝ visiting කාඩ් එකක් සහිතව එළියට ආවෝය. 

තිදෙනාම වාහනයට නැගී ගුණ දොස් විචාරන්නට වූවෝය.

“මචං ඒක තමා අයිතිකාර කෑල්ල.. ඒකත් අවුලක් නැහැ හැබැයි....“

“එතකොට අර ඇතුලෙ ඉදන් ඔළුව එලියට දැම්මේ??“

“මම දැක්කෙ නැහැනේ බං..“

“උබ කොහෙ දකින්නද, අනිත් පැත්ත හැරිලනේ උබ හිටියේ....“

“ඒක නෙවේ.. මොකද කරන්නේ.. තුන්දෙනාම යනවද වැඩේට??“

“හරි බං.. අපි දැන් ගිහින් දවල්ට කාල එමු මේ පැත්තට..“

*********

කස්ටිය ආහාරයෙන් සන්නද්ධව නැවත උක්ත ස්ථානයට වාර්ථා කලෝය. කළින් සද්ද දැමු කිසිවෙකු ඉදිරියට එන්නේ නැතිය. දැන් එක එක කතන්දරය.

“මචං උබ එනවද යන්න ?“

“ඒ මට ATM එකෙන් සල්ලි ගන්න බැරි වුණා.. අද උබල පලයන්...“ අයෙක් කීය.

“මගෙ අතේ තියෙන්නේ 300යි බං.. 1000ක් ඕනෙ නේද වැඩේට??“ තවකෙකු කීය.

කලින් වැඩ දැමූ කිසිවෙකු දැන් සද්ද නැතිය. ඒ අතර වුවමනාව තිබු මිත්‍රයා ඉදිරිපත්ව ඇත්තේ තමා අත තිබි එකම 1000 නෝට්ටුව සමගය.

“මචං උබල ආවත් නැතත් මම යනවා... මට හරියටම 1000ක් තියෙනවා..  මොනවද බං කලින් තුන්දෙනාම යමු කියල දැන් ඇඹරෙන්නේ..“ මිතුරා කෝපයෙන් පවසද්දී, අනිත් මිතුරන් දෙදෙනා හේතු කාරණා පවසා ඇත්තේ මෙසේය.

“මචං මගෙ අතේ තියෙන්නේ 200යි, ATM යන්න හිටිය බැරි වුනානේ..“

“මගෙ අතේ 300ක් තියෙනව බං.. අද උබ පලයන්.. ඇවිත් විස්තර කියපං.. අපි ඊලග දවසේ සෙට් වෙමු..“

මිතුරන්ගේ මග හැරීම නොතකා අප මිත්‍රයා ස්පා ස්ථානයෙන් ලද ටවල් කැබැල්ල ඇග දවටාගෙන ඇතුලට ගොස් තිබුනේය. ඒ අතර අනික් මිතුරන් දෙදෙනා එම ස්ථානයේ පුටු දෙකක බර කථාවක වැටී සිටියෝය.

“මචං...“ කර්ටන් එක අස්සෙන එලියට ආ ඔළුව ඇතුලට ගිය මිතුරාගේ බව එලියේ සිටි මිතුරන්ට පැහැදිලි විය. ඔහු තවමත් ටවල් එක පිටින්ය. හිදගෙන සිටි එක් මිතුරෙක් ඔහු අසලට ගියේය.

“මචං.. උබේ 300යි, අරූගේ 200යි එකතු කරල දියන්.. මම පස්සෙ දෙන්නම්..“ මිතුරා මිමිණුවේය.

එළියේ සිටි මිතුරන්ට ගැටළු රැසක් මවමින්, රුපියල් 500 ගත් මිත්‍රයා ඇතුලට ගියේය. විනාඩි 20කින් පමණ සියළු කටයුතු අහවර වී එලියට ආවේ සම්භාහනය ලද අප මිත්‍රයාය.

“මොකෝ බං වුනේ? 1000ක් මදි වුනාද උබේ ඇග තලන්න..“ මෙතෙක් සිත දැවු ප්‍රශ්නය මිතුරන් ඇසුවෝය.

“මාර සීන් එක බං.. ඔක්කෝම ඉවර වෙලා ඒකි *තේ ගහන්න හැදුවා... මමත් හා කිව්වා.. බලකොට ඒකට ටිප් එක 500යි“

“ඇයි යකෝ තෝ හා කිව්වේ.. උඹ එලියට ආවනම් අපි ඕකම කරල අපේ සල්ලි අපිම තියා ගන්නවා...“

පලි - මිතුරන් ණය සල්ලි පසුව ලබා නොගත් නිසා, අරූ තවමත් බයිට්ය.

Written by sAm_2:56pm_03/10/2012

ඇල් මැරුණ බ්ලොග් ලොවට වෙනසක් කරන්න. මේ දිනවල අමුතු පෝස්ටු එකතු කරන්න. :)

113 comments:

  1. හනේ බං කිව්වලු...

    ReplyDelete
    Replies
    1. කුමක් කෙසේ සැගුවුවද සත්‍යය සැගවිය නොහැක !

      Delete
    2. ඒක ඇත්තය. සෑම තවමත් අර යාලුවෝ දෙන්නගෙන් බයිට් වෙන්නේ ඒ නිසාමය..

      Delete
  2. සැහ් එව්වයි ඔව්වත් වෙනවද????

    ReplyDelete
    Replies
    1. ඒ අතුලට ගිය එකා සැමා නෙවෙයි ඈ

      Delete
    2. අඩේ මට මේපාර යටින් දාන්න බැරුව ගියා.. මාව අහුකරන්න එපා කියලා.. :(

      Delete
  3. මගේ යාලුවෙකුත් ඔය වගේ තැනකට ගියා කොල්ලුපිටියේ ඔෆිස් එකෙන් 2 ට විතර පැනල තමා ඕකා ගියේ.
    බලනකොට 2.25 වෙද්දී බුවා ආයෙත් ඔෆිස් එකේ.
    මම ඇහුව මොකෝ උනේ වැඩේ හරිගියේ නැද්ද කියල.
    මූ ගත කටටම කියෆි අනේ මචන් ගිය ගමන් *තේ ගැහුවා ඊට පස්සේ ඉවරයි කියපු නිසා මම ආව කියල.
    අනේ එදා ඉඳල ඌ තාම බයිට්.
    පලි: සෑමෝ මේක උඹට නෙමේ නේද උනේ...:P

    ReplyDelete
    Replies
    1. පව් බං කොල්ලා.. විනාඩි 25න් වැඩේ නිමි !

      Delete
  4. අත වෙනුවට වෙන දේවල් පාවිචි කරන තැන්ද ඇත

    ReplyDelete
  5. ඕවගේ ස්පා තියනවලු නේද විසි තිස්දාස් ගණන් තියන පැකේජ එක්ක, පීඩිත පන්තිය වෙනුවෙන් නැගී සිටින, කතාකරන, ලොකු ලොක්කෝ/ ව්‍යාපාරිකයෝ හෙම ඔව්වට යනවලු පීඩිත පන්තියේම සල්ලි වියදම් කරලා නේද සෑමෝ. අරු රුපියල් 500 යේ මොනවා හරි අරන් කෑවනම් ඒක ඇඟට හරි.

    ReplyDelete
    Replies
    1. කහන සල්ලි නේ බං.. වියදම් වුනාට පස්සෙ තමා තේරුම් ගන්නේ !

      Delete
    2. පැතුම් එව්වායේ වැඩේ පටන් ගන්නේ කකූලේ නියපොතූ කපලා ,සුද්ද කරලා , පොලිෂ් කරලා එහෙමලු, ඉදුනු රැවුල් ගස පවා කපලා දානවලු.

      මට කියපු එකා හරක්ට කන්ඩ සල්ලි තියන එකෙක් නෙමෙයි,
      හැබැයි ඕවට ටිකක් බර පොරක් , අයථා ක්‍රමයකට ලැබුනු මුදලක් හොදවලා දවසක් ගිහිල්ලා ,

      ටික දවසකට පස්සේ කියුවේ.
      අන්තිමට පොර මෙහෙමත් කියුවා.

      ඒ වාගේ කෑල්ලක් බස් එකක සෙට් උනොත් අපි බදින්ඩම ලව් කරයි බං



      Delete
  6. නීතිය අස්සෙන් රිංගීම. ස්පා/කැරෝකේ වලට තහනම් නැති නිසා ඒවා මුවාවෙන් ගණිකා මඩම් පවත්වාගෙන යයි.

    ReplyDelete
    Replies
    1. ඕව මොනාද තහනම් කුඩු පවා රජ ටිකට කෙරෙනකොට :-/

      Delete
    2. අනේ බං ජීනා ඇන්ටි කරගෙන ගියේ ඔය බෝඩ් ගහගෙන යෑ..

      Delete
  7. අකුරු තුනම කැපිටල් හින්දා ස්පා කියලා නෙමෙයි එස් පී ඒ කියලයි කියෙව්වෙ.. :)

    මසාජ් නම් ඇඟට හොදයි කියනවා.. ඒත් ඔය වගේ තැන්වල නියම විදිහට සිප දන්න එවුන් නැතුව ඇති.. මම හිතන්නේ නෑ හරි විදිහට සාස්තරේ දන්න එවුන් ඔය විදිහට ටිප් ගනී කියලත්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සාස්තරේ දන්න උන් නැතුව ඇති ලංකාවේ. අනික නියම ස්ථානයක ස්වය ලබාදෙන තැනැත්තිය ඇල්ලීම කරන්න බැහැලු. ඒත් අපේ උන් බදාගන්නවත් ඇති !

      Delete
  8. මේකට කෙල්ලො එන එකක් නෑ නේද සැමෝ...

    /// ඒකට ටිප් එක 500යි///
    මේ ටිකකට කලින් මගේ යාලුවෙක් ඔය ගැන මට කිව්වා..
    මී ගොඩයා අහපු ප්‍රශ්නේ මාත් ඇහුවා... ඌ කිව්වේ හැම තැනම වගේ ඕක තමයි කෙරෙන්නේ කියලා...

    මම කිව්වේ ඔය මාතෘකාවේ දාලා තියෙන එක තමයි.... අඩු ගානේ 250ක් වත් ගන්න වෙනවා.... හි හි

    ReplyDelete
    Replies
    1. අපෝ මේකට කෙල්ලො එන්නෙ නැහැ. එන්නෙ අම්මන්ඩිලා :)

      250ත් වැඩි නොවැ.. :ඩී

      Delete
    2. ඔය ඉතිං.. මූණ බලාගෙන ඔහොම කියන්න එපා ඉතිං... හි හි..

      මම කිව්‌ෙව් නොමිලේ එක ගැන ...

      Delete
  9. ටිෂූ එකක් සේවා ලාභියාගේ අතට ලැබෙන්නේ එය පිහිදා ගැනීමටය.|| උබත් ගියා නෙද බං හොරෙන් :P
    කතාව නම් ඇත්ත සහො..

    ReplyDelete
    Replies
    1. ඇයි බං හොරෙන් යන්නේ :ඩී

      Delete
  10. අපේ අප්පො .... සුපියල් 1500 ක් ! උඹව කාලත් මදිනෙ සෑමො කරගන්න වැඩ වලට, ආ ... වැරදුනා උඹ නෙවිනේ ... ඌ.
    අර මනුස්පය අච්චර කියල, 1500 න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියල, මුන් ඒක පැයට වියදම් කරල. ෂික් ... මෙහෙම එවුන්. :)

    ඇයි යකඩො තව සූට්ටක් මසාජ් එක එහාට ගියානම් තුන් දෙනාට එතන නවතින්නම තමා වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි බොල. තව දාහක් දැම්ම නම් මාසයක් කාල ඉන්න තිබ්බනොවැ..

      එහෙ නැවතුනත් අපේ වුන් වැඩක් පලක් කරගෙන ඉදි !

      Delete
  11. ක්‍රෙස්කැට් රෙසිඩන්ස් වල තියනව පට්ට එකක්. මාස 3 ක පඩියක් ඕනි පැය දෙකකට.

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ.. කාල ඇදල ඉදින් පුතේ !

      Delete
    2. එතනත් කරන්නේ ඔය ටිකම නම් ඉතින් මොකටද බං මාස තුනක පඩියක් වියදම් කරන්නේ? අත කැඩිලද?? :D

      Delete
  12. මචං සැමා , අරුණ දෙන්නගේ සල්ලි දීල දාපන්..

    දන්නැති හින්ද අහන්නේ .. මසාජ් එකට 1000ක් ගන්නවානම් කරන එක්කෙනා මසාජ් කරල 1000 ක ඩිස්කවුන්ට් එකක් ගන්න බැරිද

    ReplyDelete
    Replies
    1. අඩේ මටත් හිතුනේ දැන්.. අපි නොමිලේම එයාව මසාජ් කරල දෙමුකෝ !

      Delete
    2. මාත් එනෝ ඒකිගේ තලන්ඩ....

      Delete
    3. පිස්සුද යකෝ ඒකිව මසාජ් කරන්න තව 1500ක් යනවා ඉස්සරනම්. අපේ එකෙක්නම් හිටියා ගිහිල්ල සල්ලි ඉල්ලන් එන

      Delete
  13. //ටිෂූ එකක් සේවා ලාභියාගේ අතට ලැබෙන්නේ එය පිහිදා ගැනීමටය//
    //වාණිජ්‍යය මට්ටමින් කම්සැප බෙදීමේ කාර්යයේ නොයෙදෙන්නේ නම් ස්පා යනු ශරීරයට හිතකර ක්‍රියාවක් බව සෑමා අසා ඇත්තේය//

    ඒ කියන්නෙ ස්පා යනු ශරීරයට හිතකර ක්‍රියාවක් බව සෑමා අහල තියනව. ඒ කියන්නෙ උඹ ඇත්තම ස්පා එකක් කරගෙන නෑ නේද? ටිෂූ එක ගැනත් හරියටම කියල තියනව. :D:D:D:D:D

    මගේ යාළුවෙකුගෙ කතාවකුත් කියන්නංකො.ගෑල්ලමයි මේක කියවන්න එපා. මේ යාලුව මගේ බ්ලොග් එකේ ඉඳහිට කොමෙන්ටුවකුත් දානව. ඔන්න මෑන් ගියා ස්පා පොට් එකකට. ස්පා කිව්වට අහවල් එක කරන්න තමයි මූ ගියේ. තවත් යාලුවෙක් එක්ක ගියේ. 1000ක්ද කොහෙද ගෙවල ගියාට පස්සෙ අක්ක කෙනෙක් හස්තෝපක්‍රමය කරල ටිෂූ 1ක් දීල. අපේ එකාට මේක හිතට මදි. මූ අහල අහවල් එකම කරන්න බැරිද කියල. අක්ක කිව්වලු මල්ලී සල්ලි ටිකක් වැඩිපුර අරගෙන වෙන දවසක එන්න කියල. හොඳම සීන්එක ඒක නෙවේ. යාලුව ස්පා එක කරගන්න අතරෙ උගේ යාලුව කෑගහන සද්දෙ ඇහිල අල්ලපු කාමරෙන්. ඌට අක්කගෙ "ස්පා" එක රිදිල!

    ReplyDelete
    Replies
    1. අනේ රාජෝ.. අපේ උන් ඇවිත් කතාවක් කියද්දි මම හරි සංයමයෙන් අහං ඉන්නවා. ඒක මම පෝස්ට් එකක් විදියට ලිව්වම බලපං කොච්චර තාත්විකද? රසිකයෝ හිතන්නේ මට වෙච්ච දෙයක් විදිහට, ඒ තරමට ජීවමානයි ! හිකිස්..

      මේ අර අක්ක අරූව හපා කාලාද?

      Delete
  14. මමත් යන්න හිටියේ ගල්කිස්සේ එකකට...
    කොහෙද වෙලාවක් සෙට් උනේ නෑ කියහන්කෝ :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. 0.0 හෑ ගල්කිස්සෙ තියෙනවාද?? හික් හික්...

      Delete
    2. කපටි රජා මම තැන කියයි කියල ට්‍රික් එකක් දාල ගිහින් නේද ?

      :)

      Delete
    3. ට්‍රික් මොනවද ඔය කිව්වේ බම්බා....

      ආ..බම්බා කිව්වහම මතක් උනේ....බම්බලපිටිය බම්බා නම් කිඹුලාපිටිය මොකක්ද බං.?

      Delete
  15. මටත් අත්දැකීමක් තියේ.ලියන්න ලැජ්ජයි බොල :p

    ReplyDelete
    Replies
    1. නිකන්ද තොට වැල කිඳුරා කියන්නේ ...:P

      Delete
    2. හොරෙන් කියපං බලන්න !

      Delete
  16. හික් හික් සිංගප්පූරු ගිහිල්ලා අපේ එකෙක්ටත් ඔය වගේ අංග චලනෙන් විස්තරේ කියලා අන්තිමට ටිප් එකම බර ගානක් දීලා බේරිලා ඇවිල්ලා තියෙන්නේ....කටට ඇගිල්ල දාලා පෙන්නලා ඒ කෙල්ල...ටිප් එක ලොකු ගානක් දෙන්න වෙලා....

    ReplyDelete
  17. රුපියල් 500ක් හොඳටම වැඩියිනේ :D
    අපරාදේ නිකන් කරගන්න එක

    ReplyDelete
    Replies
    1. කිව්වට අහන උන් ද බං ඉන්නේ?

      Delete
  18. අපරාදේ සල්ලි................. ඕකට සල්ලි වියදම් කරන්න ඔනාද බන් සැමෝ... මොකටද ඉතින් ඕකට යාලුවෝ අහු කරන්නේ... උබට උනා කියලා අපි දන්නවා

    ReplyDelete
  19. *තේ ගහන්ඩ 500ක් නම්, --- ගන්ඩ කීයද දන්නේ නෑ නෙහ්... :)
    යන්ඩ වටින ප්ලේස් එකක් නෙව :)

    ReplyDelete
    Replies
    1. --- ගන්ඩ ලොකු ගානක් ගනි බං.. අතේ ඇගිලි 5යි. --- දත් 32යි !

      Delete
    2. එතකොට වතුර ටික යවා ගන්ඩ පර්චස් එකක ඉඩම් කෑල්ලක් විකුණන්ඩ වෙයි නෙව... :)

      Delete
    3. මගෙ අප්පේ ඒ ඉඩම් කෑල්ලෙම වතුර පුරවලා වැවක් හදන්න පුලුවන්නේ.. **න්ද චින්තනය යටතේ !

      Delete
    4. එහෙම බලනකොට වැඩේ පාඩුයි...

      Delete
  20. ඕක ගෙදර උන්දැ ලවා කරවා ගත්තනං 1000ත් ඉතුරුයි තවත් 2000ක් විතර ඉතුරුයි.මොකෝ අත්වැඩ කරලා නවත්තන එකක්යෑ නේද?

    ReplyDelete
    Replies
    1. ගෙදර උන්දැලැ නැති කොල්ලන්ට අදාල නොවේ :)

      Delete
  21. හරිම වැරදියි!!! අඩුම ගානේ ඩිස්කවුන්ට් එකක් වත දෙන්න තිබ්බා!!!

    ReplyDelete
  22. ෆූඃ..."අත්"දැකීමක මිළ....?

    ReplyDelete
  23. 500 අප්ලෝඩ් කරනවටද ඩව්න්ලෝඩ් කරනවටද? :D


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  24. මේ ඔහොම වැඩක් අපේ බෝඩිමේ ඉන්න අයියා කෙනෙක්ටත් වෙලා තියනවා.පොර කියපු විදියට දුකත් හිතුනා.

    "විනාඩි පහක් වත් ගියේ නෑ බන්...අර ගෑනි තොක්‌ තොක්‌ ගාල දෙපාරයි කරේ..අපරාදේ 1000 කියලා"

    ReplyDelete
    Replies
    1. අපොයි ඌ දාහක් වියදම් කරලා !

      Delete
  25. අර ආපු වෙලේ කියුවනම් රුපියල් 500ක් ඉතිරිකරගන තිබුනා හික් හික්

    ReplyDelete
    Replies
    1. ඌ කෝමද බං කටක් ඇරල එතන කියන්නේ 500 ගන්නෙ අහවල් එකටැයි කියලා

      Delete
  26. අම්මටසිරි..
    500ක් යනවද වැඩේට...
    වැඩියි වැඩියි..
    හොදටෝම වැඩියි..

    ReplyDelete
    Replies
    1. අත හොලවන්න එච්චර ??? නේද බං ?

      Delete
  27. අපෝ 500 ක් වියදම් කලේ අපරාදේ
    ඔය 500 බඩ පැලෙන්න කාලා හොද වැලක් බලලා හිතට අරන් අතට ගත්තා නම් හරි නේ ;)

    ReplyDelete
    Replies
    1. මඩයා උබේ ආර්ථික විඥ්ඥානය සිරාය !

      Delete
    2. මන් මේ සිද්ධිය අපේ බෝඩිමේ උන් එක්ක කියද්දී ඕක අඩු ගානට කරගන්න තව ක්‍රමයක් මීටර් උනා එත් එක මෙතන දාන්න ගියොත් ප්‍රසිද්ධ බ්ලොග් පාලක මණ්ඩලෙන් මාව වාරණය කරාවි :)

      Delete
  28. කියවන්න පටන් ගනිද්දිම මම පට්ට ෆිල්ම් එකක් මතක් කරගත්තා...

    The client list

    පට්ට ෆිල්ම තමයි ඕක.ඕකෙත් ඔය ස්පා එකක සීන් තියෙන්නේ.හැබැයි මාර සංයමයකින් අධ්‍යක්ෂණය කරලා තියෙන ෆිල්ම් එකක්.... අර අන්තිමට දාලා තියෙන අයිටම් එක දැක්කම හිනා නවත්තගන්නේ කොහොමෙයි ඉතින්...

    මම මේ තාමත් කංපනා කරන්නේ ගෙදරදී නොමිලේ කියලා තියෙන මාතෘකාවේ ඒ කොටස විස්තර වෙලා නෑනේ බොලේ...

    මට teeth කියන ෆිල්ම් එකත් මතක් වුනා.ඒක මතක තියෙනකන් ගෙදර ඇතුලට යන්න කලින් මම මුට්ටියක්නම් යවලා බලනවමයි.නැත්තම් වස නෝන්ඩිය.

    ඒක නෙමේ සැමෝ මම ලඟදි පත්තරේකද කොහෙදෝ දැක්කා කොළඹ පැත්තේ කෙල්ලෙක් කොල්ලෝ කීප දෙනෙක්ගෙම වටිනා ඉන්ද්‍රියක් වෙන් වෙන්නම හපලා තිබුනා කියලා.ඕං නොකීවයි කියන්න එපා ඈ පරිස්සමෙන් සැමෝ...

    ReplyDelete
    Replies
    1. ගැමියෝ sleeping Beauty/ Spread ෆිල්ම දෙකත් ඔය ගොඩ‍ට දාපං.. ;)

      Delete
    2. මගෙ අප්පේ පෝස්ට් එකක් දැම්මමා ෆිල්ම් ලිස්ට් එකක්ම උබල තෑගි කොරනව නොවැ.

      ස්තුති.. බලන්නෝනි ටොරන්ට්පාරක් බාලා..

      ගැමියා - ඒකිට දවල්ට කන්න දෙන්න නැතුව ඇති බං හපාකාල තියෙන්නේ !

      Delete
    3. ගැමියෝ ඒ ෆිල්ම් එක tooth නේද...? ඔය වෙන් වෙන්නම හපන සීන් එක තියෙන්නේ... ඕක බැලුවා නං එකෙක්වත් යන් නෑ ඕවැයැ පැත්ත පලාතේ.. හි හි....

      Delete
    4. ගියත් හපන්න දෙන එකක් නැහැ...

      Delete
  29. මසාජ් එක අවසානයේ ඕක වෙනවා කියල නම් දන්නවා!එත් එකට වෙනම ටිප් එකක් දෙන්න ඕන කියල දන්නේ අද බන්!:D
    ඒ කියන්නේ 1500ක්

    ReplyDelete
    Replies
    1. කඩෙන් කෑම කෑවත් රුපියල් 10ක් විස්සක් තියන්න එපැ බං !

      Delete
  30. ඕවට යනවනම් එකම කෑල්ලක් අල්ලගන්න ඕන. පස්සේ එලියට උනත් අරගෙන යන්න පුළුවන්. මේ කොමෙන්ට් දාපු නොදරුවන්ට උපදේශයක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන් ට්‍රයිකරන්නේ ඒක තමා. ඇතුලේ ටෝක් කරල එලියේ අදින්න..

      බයිට් එකටද මන්දා ‘නොදරුවන්ට‘ කියල දාල තියෙන්නේ :ඩී

      Delete
    2. පළපුරුදු කාරයෙකුගේ උපදේශන සේවාවක්. මමත් ඔය ගැන පෝස්ට් කටුවක් දාන්න හිත හිත ඉන්නේ. දාපු දවසට සැමාටත් කියන්නං

      Delete
    3. ඒකත් බලමුකෝ එහෙනම්..

      :)

      Delete
  31. සැමා ඇඟට පතට නොදැනී ලියනව නේද...! යාලුවන්ගෙ පිටදාල.

    ReplyDelete
  32. පෑලියගොඩ මම කාලයක් වැඩ කරපු ඔෆීසිය ලගම තැනක මේ වගේ ස්පොට් එකක් තිබිලා... පොලෝසියෙන් අල්ලනකන් අපි දැනගෙන හිටියෙ නෑනෙ... ඇත්ත කියපන් සෑම රුපියල් 200 තිබ්බෙ උඹ ලග නේද ?

    ReplyDelete
    Replies
    1. අපරාදේ ඔක්කොම ඉවර වුනාම පොට් එක දැනගෙන තියෙන්නේ :(

      අඩේ මම නෙවේ බොල ! ;)

      Delete
  33. ඊ..යා..... චික්...! විතරක්... ඕවා මේහෙම ප්‍රසිද්ධියේ කතා කරනවද.... මම අහන්නේ, අපිනම් වැදගත් ළමයි. (අපිනම් ගෑවු..නමයි දිහා බලන්නේත්, හලි බයෙන් තමා...!)
    ඒත් ඕම තැන් ගැන නම්, අපි ඩන්නෙ නා...... සත්තම සට්ටයි!

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ මූ නරක් වෙයි බබා :)

      Delete
  34. ඉෂ්පා හෝක් හෝක් :ඩි

    ReplyDelete
  35. හය්යෝ සල්ලි..අත හොලවන්න ඔයතරම් ගෙවන්න ඕනෙද බං...

    ReplyDelete
    Replies
    1. නැතුව බං. අත හොලවන්නෝනිලු සාක්කු පිරෙන්න

      Delete
  36. එක පාරකට 500 ගානේ බැළුවොත් මම මටම කීයක්නං ණයයිද? අපෙ අප්පෝ....

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ එහෙනම් උබ කෝටිපතියෙක් :ඩී

      Delete
  37. මචං උඹ ගියෙ නැද්ද වැඩේට.....

    එක පාරක වටිනාකම 500කද මේ ලංකාවේ, ලංකාව දියුණු වෙයි කේද බං අපි හැමෝම උපරිම කලොත්. 500 ඒවම කීයක්ද?

    ReplyDelete
    Replies
    1. අපි වගුරන දාඩිය තරමට තමා බොල ප්‍රතිලාභ !

      Delete
  38. හෙහ්.. 500 ඕනද බං ඕකට.. මෙහේ ස්පා එකට පස්සේ ඒක නිකන් නේ... :)

    ReplyDelete
    Replies
    1. මචං මම වීසා ලෑස්ති කරගන්නද ?

      Delete
  39. අහියූ.. යන්න තිබ්බ අදහස අත ඇර ගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ගීංම බලන්නෝනි !

      Delete
  40. අපොයි සල්ලි.....

    ReplyDelete
    Replies
    1. මොකැ වෙන්නෙ අප්පා.. සතුටටනේ !

      Delete
  41. වෙනත් පැති කඩක් වෙත යන්න හිතක් නැතිද?

    ReplyDelete
  42. හිහ්... මටත් spa කියන දේ ගැන දැනීමක් තිබුනෙ නෑ. දැන්නම් සෑහෙන දැනුමක් ලැබුවා

    ReplyDelete
  43. http://srilankabodymassage.blogspot.com/

    ReplyDelete
  44. අපරාදේ සැමෝ!!!!!! ඇත්ත බං මේ ටිකේ නම් බ්ලොග් ටිකක් ඇල් මැරිලා වගේ තමා!

    ReplyDelete
  45. 500ක් නම් වැඩියි හොදටම...

    ReplyDelete
  46. මටත් හොන්ද තැනක් කියන්න කො..
    …හැබැය් අත හොලවන්න විතරක් නම් වැඩක්නැ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...