Tuesday, October 9, 2012

පරාජයට අත වැනූ ‘ම‘ යනු තුන....


සෑමා 20/20 පටන් ගන්නට පෙර කාන්තාවන්ට අවවාද කළේය. එය මෙතැනින් බැලිය යුතුය.

පරාජය අවජාතකය. ජයග්‍රහනයට පියවරු සියයක් බව අසා ඇත්තෙමි. එය සත්‍යයක්ය. සෑමා මැච් එක බැලුවේය. ඒ ඇස් දෙකෙන් නොව මොලයෙන්ය. ඒ ජය ගතොත් හා පැරදුනොත් ඒ ඒවාට අදාල හේතු සෙවීමටය. කවුරු දින්නත් පරාද වුනත් අවුලක් නැහැ යන මතයේ සිටියේ බ.ඉ.කොදෙව්වන්ගේ මනුස්සකම නිසාය. උන් පිට්ටනිය පුරා නටපු හැටියට පකිස්ථානය හෝ ඉන්දියාව හෝ ඕස්ට්‍රේලියාව නැටුවා නම් අපේ උන් ගහනවා ෂුවර්ය. ඒ උන්ගේ අලුගුත්තේරු පන්ඩිතකම නිසාය.

උක්ත කී පරිදි මොලයෙන් මැච් එක බැලූ සෑමාට පෙනුනේ පරාජයට හේතුව ‘‘ යනු තුනක් බවය.

මාලිංග මැච් එක වික්කේය. ඒ ගහන ගහන තරමට පිස්සෙක් ලෙස පැමිණ බෝල් කිරීම නිසාය. සෙමි ෆයිනල් එකේද පන්දු රැකීමෙන් චොර වුයේය. එදා හොදින් පන්දු යැව්වේය. ඒත් මෙදා පන්දු යැවීමේදී ලකුණු 54ක් දී විනාස කලේය. IPL වල බෝල් හයම යෝකර් දාන එකා එදා පිච් එක මැද කොටා පන්දු යැව්වේය. ඒ 54 නැතිව අඩු ගණනක් දුන්නේ නම් ලංකාව අද ගොඩය.

හේල හොදින් ගැහුවේය. ගැහුවේ සංගා, මහේල සහ කුලේ පමණක් යැයි විටක සෑමාට සිතෙන්නේය. ඒත්  ඩන්කන් ලුයිස් අටමගලයට කලබල වී මහේල තමා කැමතිම පහර ගසා විනාස වුයේය. කරන්නට දෙයක් නැතිය. මහේල කළ සේව විශිෂ්ඨය. එක්කෝ මාලිංගයා බෝල් දමන විට ඌව පැත්තකට තබන්නට වත් මහේල අයියා උත්සාහ ගත්තේනම් මරුය.

ලින්ද මාමා ගිය තැන විනාසය. මුල් පුටුවට ආ දවස සිට චොප්ප වොර චොරස්ය. මාලිංග, මහේල ගේ උක්ත ක්‍රියාවන් අංශුමාත්‍රයක වත් වරදක් නැති තරම්ය. ඒ අය පිට්ටනියේ සිටිය යුතුය. මොකද ක්‍රීඩකයෝ නිසාය. ෆයිනල් එන්නට තරම් හොදින් සෙල්ලම් කළ නිසාය. ඒත් මලින්ද මාමා පැමිණ අපේ උන්ගේ මොරාල් එක කෑවේය. අත වැනුවේය. වැස්සේ ගැසු කොත්තුවක් ලෙස බලා සිටියේය. අපේ කොල්ලෝ මෙය දුටුවෝය. දිනුවොත් මලියා කප් එක අරන් දුවනාව ෂුවර්ය. කෞතුකාගාරයට වෙච්ච දේ දන්න උන්ද මේ අතර සිටියහ. උන් කට කොනින් කීවේ කප් එක හංගපිය කියාය. ඒත් මහ පිට්ටනියක් මැද කප් එකක් හංගනවා බොරුය. අධි ආරක්ෂිත කැමරා තිබියදී කඩු පැන්නවූ අයට වෙහෙර ගිලින එක කජ්ජක්ද කියා කියමනක් තිබෙන්නේය. ඒ නිසා කප් එක හංගනවා බොරුය. අපේ එකෙක් අතට ගත්තොත් මලියා පැන එය උදුරා ගන්නවාය. 

අපේ වුන් කල්පනා කලෝය. අපේ එකෙක් ගත්තොත් කප් එක ගැරඩිය ගහ මන්දිරයට යනවා ෂුවර්ය. ඒත් ගේල් අයියා එක්ක ඒවා බැරිය. පොර හයේ හතරේ ඩයල් එකක්ය. කප් එක උදුරා ගැනීමටද බැරිය. කොල්ලෝ සෙට් එක රහසේම සාකච්ඡා කලෝය. ෆයිනල් වෙනකල් දහඩිය වගුරවා කප් එක අරගෙන පැත්තක සිටි මලියා අරන් ගියොත් අපරාදේය. ඊට වඩා හයේ හතරේ කොල්ලෝ සෙට් එකකට කප් එක දී ආරක්ෂා කරගන්නවා හොද යැයි අපේ උන් සිතුවෝය. එය පට්ට සාධාරණය. එනිසා කොල්ලෝ කප් එක අතෑරියෝය. මලියා අසරණව නැවත හොර පාරෙන් ගෙදර ආවේය.

Written by sAm_11:36pm_07/10/2012

107 comments:

  1. උදේ පාන්දරම පට්ටම සුපිරිම පෝස්ටුවක් කියවන්න ලැබුනා.. පට්ටයි සෑමෝ !!

    අඩේ මොකෝ බන් කමෙන්ට් බොක්ස් එක ක්ලික් කරද්දිම මේ ලින්ක් එකට යන්නේ.. ‍උඹ කීයක්වත් හොයන්නවත් ට්‍රයිද? ;)
    (http://www.mozook.com/xray.aspx?ref=p175&SUBID=3753626835)

    අෆ්ෆට සිරි. මේන් මං එක වෙලා.. හුරේ!!!

    ReplyDelete
    Replies
    1. අඩේ නැහැ බං.. ඔය මගුල් නිසා තමා මගෙ බොග ස්ලෝ වෙන්නේ..

      ඒව අයින් කරන හැටි කීපිය..


      උබ එක නම් උබට ජය !

      Delete
    2. මතත් ඔය කෙහෙල්මල වද දෙනවා

      Delete
    3. පිලියම් නැද්දෝ ?

      Delete
  2. පළවෙනි මයන්න. මධ්‍යස්ථය
    දෙවැනි මයනන්න . හොදය.
    තුන්වැනි මයන්න කුජීතය...

    ReplyDelete
    Replies
    1. මයනු වලට වටිනාකමක් දුන් බණ්ඩාට තුති !

      Delete
  3. වෙලාවට අපිට "ම" අකුර ගැවිලාවත් නැත්තේ. එහෙනං සෑමා පිනුම් ගහවි.. අන්තිම සුපිරියි

    ReplyDelete
    Replies
    1. ඇයි බං ම‘න්ද බුද්ධික :)

      Delete
  4. අනික් "ම" යන්න සෑ"ම" වැනි කාලකන්නි තවත් රැලක් මැච් එකක් පරදින තුරු මොලේ උඩ වාඩි වී මැච් එක බැලීමයි.

    ReplyDelete
    Replies
    1. පරදින තුරු බලන් ඉන්නේ කෝමද? ඒකට වෙනස් විදියක් තියෙනවද ?

      හරි ආතල් කතාව !

      Delete
  5. මරු පෝස්ටුව සෑම් අයිය. අන්තිම මයන්නෙ තමා ලොකුම හේනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ම‘රු ම‘යන්නක් බොල ම‘ධූ !

      Delete
    2. අපොයි සෑම් අයියෙ මධූ මයන්න හරි ලකී හරිද..... මගෙ නමේ මුලට තියෙන්නෙ හයන්න.

      Delete
    3. නමට මුල තියෙන්නේ හ‘යන්න නම්..

      ඔයාගෙ නම ‘හමධූ‘ ද?

      Delete
  6. අනේ “ම“න්දා බන් “මේ“ “ම“ඟුල් වැස්සකුත් එන්න ආවානේ.

    ReplyDelete
    Replies
    1. ම‘හේල ම‘ගුල් වැස්සට බයේ තමා දැගලුවේ !

      Delete
  7. මේ "ම 3නේ" කතාව වෙන තැනකත් කියෙවුවා මතකයක් තියනවා,
    මොනවා වුනත් ඇත්ත කතාව

    ReplyDelete
    Replies
    1. ඈ.... වෙන තැනක???

      මේක මැච් එක අහවර වෙලා හිතේ කේන්තියට ඩ්‍රාෆ්ට් කරල පෝස්ට් නොකළ එකක් !

      Delete
  8. මලින්ද මාමා ගිය තැන විනාසයි ...

    මලින්ද මාමා මැච් එක බලන්න ආව නිසා වස් වැදිලද දන්නෙනැහැ මටත් මැච් එක බලාගන්න බැරිවෙලා කුජීත වෙලා ගියේ...හය්යෝ සල්ලි ..

    ReplyDelete
    Replies
    1. ඇයි බං උබට බලන්න බැරි වුනේ ?

      Delete
    2. මූ බීලා අහුවෙලා බලු කූඩුවට දාලා

      Delete
    3. ඇයි සැමෝ මම මේ හිතේ දුකට හෑල්ලක් ලියලා තිබ්බේ..

      පොලිස් කුඩුවක සිට මැච් එක නැරබුවෙමි

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. උඹ මෙතන කෙළින්ම නොකිව්වත් සමහර තැන්වල තියෙනව දැක්කා ලොක්ක ආපු නිසා පැරදුනා කියල. ඒව නම් මහ විකාර කතා. ඒක අර රනිල්ගෙ ඡන්ද පැරදිල්ලෙ කතාවට දෙවැනි නෑ. ඔය මංගල උන්නැහෙ පස්සෙ කාලෙ කිව්වෙ රනිල්ට ගහපු මඩ තමුන්ගෙ මඩ ෆැක්ටරියෙන් අනාපුවය කියල. ඔය මලින්ද මාමගෙ මැච් බැලිල්ලත් මොකෙක් හරි එකෙක් හදල එලියට දාපු එකක්. එකෙක් දිනන්න අනෙක් එකා කොහොමත් පරදින්න එපායෑ. ඒක හෙන සාමාන්‍ය දෙයක් බං. ක්‍රීඩකයනුත්, ක්‍රීඩා ලෝලීනුත් ජය පරාජය සමව භාරගන්න පුරුදු වෙන්න ඕන. (අර සමහර ක්‍රීඩාවල පරාජය ඉවසගන්න බැරුව බලය වැරදියට භාවිතකරල හතර අතට නෙලන උන් ක්‍රීඩාවක් කරන්න සුදුසු මානසිකත්වයක නෑ, උන් ඉන්න ඕන මානසික රෝහල්වල ප්‍රතිකාර ලබමින්)
    හැබැයි මැච් බැලිල්ල කෙසේ වෙතත් රටේ ක්‍රිකට්වලට කෙලවීමේ වගකීම නම් එදා ඉඳන් හිටපු සියළුම ලොක්කොත්, ගියපු ඇන්ටිත්, අද ඉන්න මාමත් භාර ගන්න ඕන. ආණ්ඩු පවත්වගෙන යන්න සුළු පක්‍ෂවල සහාය ගන්න ඒවයි ඉන්න උන්ට ඕන ක්‍රීඩකයො ටීම් එකට දාන රටක් ලෝකෙ වෙන කොහේද තියෙන්නෙ. සල්ලිවලට කෙල හල හල ආපු එවුන්ට පස්සට එකක් දීල එළවල දේශපාලනයෙන් තොරව ක්‍රීඩාවක් විදියට ක්‍රිකට්වලට ඉදිරියට යන්න අනුග්‍රහය දැක්වුව නම් අද අපිට මෙහෙම කණගාටුදායක ප්‍රවෘත්ති අහන්න වෙනකන් නැතිවෙන්නත් තිබුණ. කොහොම උනත් හැම පරාජයකටම පස්සෙ අරූට මූට ඇඟිල්ල දික්කරකර ලොරි ටෝක්ස් බාන්නෙ, ටික දවසක් ගියාම එකෙක්ටවත් මතක නෑ වෙච්ච දේවල්, ආයි පුරුදු පීල්ලෙමයි යන්නෙ. මුන් පරාජයෙන් ඉගෙන ගන්න පාඩමකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුති කමෙන්ටුවට..

      උබ කොහෙත් ලොවෙත් නැති කමෙන්ට් කෙලින්ම දාන එකා බව මම දනිමි. !

      ඌ ආව කියල අපේ උන් පිට්ටනියෙන් එලියට ගිහින් පැත්තකට වුනේ නැහැනේ බං. උන් සෙල්ලම් කළා දිනන්න බලාගෙන. මම ‘ම‘යනු තුන ගැලපුවා. මගෙ ආතල් එකට. ඒච්චරයි.. !

      * උක්ත පෝස්ටුව ලොල් කතාවක් බව තරයේ සිතට ගන්න :)

      Delete
    2. * උක්ත පෝස්ටුව ලොල් කතාවක් බව තරයේ සිතට ගන්න :)

      උඹේ පෝස්ට් එක සිරාවට අරගෙන නෙවි බං මම කමෙන්ට් කළේ. ඔය සමස්ථය ගැන මට ඇති වෙච්ච අදහස. උඹේ ලිවිල්ලෙ තියෙන හාස්‍යයට ජෝක් එකක් දාල කමෙන්ට් කරනවට වැඩිය යතාර්ථය ගැන මට ගැඟෙන දේ ලියන එක හොඳයි කියල හිතුනු නිසයි ඔය විදියෙ කමෙන්ට් එකක් දැම්මෙ.

      Delete
    3. මෙන්න මූ ආයේ මූන මාරුකරලා

      Delete
    4. “මූනේ“ මිනිහා / මූනේ මිනිහා

      :)

      කෝමද වෙනස ?

      Delete
  11. සෑම්ට කොටන්න ගත්ත කමෙන්ටුව පෝස්ට් එකක් වෙච්ච හින්දා ඔන්න මම මගේ එකේ දැම්මා...

    මැච් එක පැරදුනේ ඇස්වහ හින්දද..?

    ReplyDelete
    Replies
    1. මේ දැන් මම දැක්කා.. බලමුකෝ..

      මැච් එක පැරදුනේ ඇස් වහ හින්ද නෙවේ.. ඇස් වහගෙන මාලිංගයා බෝල් කරපු නිසා..

      ජය හිරු !

      Delete
    2. සාධාරණ පෝස්ටුවක් හිරු..

      * මලින්ද මාමාගේ පෙර වැරදි නිසා ගිය තැන පොරට මඩ වදින්නේය. එය මලින්ද මාමාට පමණක් නොව අතීතයේ සිටි හැම නායකයාටම වුනේය. ඒ වාගේම එදා මැච් එක දිනුවා නම් මලින්ද මාමා පොර වෙන්නේය. දින්නේ තමන් හිටියා සේ සිතා දගලන්නේය. එසේම පැරදුනාම පැරදුනේ පොර නිසා බව කීමටද පිරිසක් සිටින්නේය.*

      Delete
  12. මැච් එකක් තිබ්බද? කොහෙද තිබ්බේ? මම මොකුත් මතක නැනේ...

    ReplyDelete
    Replies
    1. සිංගප්පුරුවෙද බොල හිටියේ !

      Delete
  13. සිරා එදා රාත්තිරියේ මැච් එක බැලුවෙ මීගමු වැල්ලේ විශාල තිරයකිනි... ඒ අවස්ථාවේ මලින්ද මාමාගේ පින්බර මේක්අප් දැමූ මුහුණ දුටු සැනින්... අද අපි පරදිනවා ෂුවර් කියා මීගමු කොල්ලෝ කියූ කුණු හබ්බ අතර මා එතෙක් මෙතෙක් නෑසු ඒවාද විය.... කුජීතයි බොල...

    ReplyDelete
    Replies
    1. අපොයි ලොක්කා.. :(

      දුක නැහැ ඒත් ඡන්දෙ දිනනවා !

      Delete
  14. මොනවා වුනත් දැන් අපි පරාද වී අවසාන ය.අපිට කප් එක උස්සන්න බැරි වුනත් කොදෙව්වන් එය කල එක ගැන මට නම් පට්ටම සතුටු ය.
    මාමා ගේ මුහුණ තිරයේ දකින විට මාද තාත්තා ට පැවසුවේ "අද නම් අපි ඉවරයි" කියා ය.එය සැබෑවක් බවටම පත් විය.කොහේ ගියත් වැදගත් තරඟයක් එන විට වැස්ස අපිව කුජීත කරන්නේ ය.:( :(

    ReplyDelete
    Replies
    1. අපි සදාතනිකව අමාරුවෙන් ෆයිනල් එන්නෝය. එසේම සදාතනිකව ලේසියෙන් ෆයිනල් පරාද වෙන්නෝය.

      :)

      Delete
  15. තව 'ම' යන්නක් තිබුණනේ සෑම් අයියේ..

    මැතිව්ස් - ඔච්චර දවසක් ත්‍රි ඩවුන් ඇවිත් සෙල්ලම් කරලා එදා ටු ඩවුන් ආවා. ඇවිල්ලා අලුත් පහරක් මැච් එකේදී අත්හදා බලන්න ගිහින් ආපහු යන්න වුණානේ. හැබයි බෝල් කරපු විදියනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. මැතිව් අවුලක් නැහැ බං. පොරව 2ඩවුන් එවන්න ඇත්තේ ‘ම‘හේල ම තමා :)

      Delete
  16. පරදුනානේ . ආපහු කතා කරලා පලක් නැහැ සෑම්

    ReplyDelete
    Replies
    1. ඇහුනෙ නැද්ද මහේල අයියා කිව්වා.. Have to sit together & discuss කියලා..

      පරාජය අමතක නොකර, ප්ලෑන් කරන්නෝනි නොවැ අනාගතය :)

      Delete
  17. මේ දවස්වල මේක ගැන කථා කරලම අලුත් දෙයක් කොටන්න කම්මැලියි බන්. වෙන තැනක දාපු කමෙන්ටුවක් මෙතනම අත අරින්නම්.

    හිරු ට වගේ දෙයක් මටත් ඊයෙ උනා. රාජ්ගේ පොස්ට් එකට කමෙන්ටුවක් කොටල ඒක පෝස්ට් එකක් උනා.

    -------------------------------------------------------------------මාලිංග යනු හුරුපුරුදු බඩුවකි. කටවහරට මරදානේ බඩුවකි. ෆයිනල් එකට එන කවුරු වුනත් හුරුපුරුදු බඩුවල කෙරුම ගැන හොදින් හොයා බලා එති. මේක සරළ කාරණයකි. අනිත් සරළ කාරණය නම් කොදව්වෝ වේග පන්දු හොදින් කියවති. මද වේග පන්දු සහ දග පන්දු වලින් අපිට වැඩි ප්‍රථිපල ලැබුනේ ඒ නිසාය.

    පිතිකරුවන්ට වඩා වේග පන්දු යවන්නෝ 'බඩු' වීම ඉතා සුලභය. පිතිකරුවන් තම ටෙක්නික් නිරතුරු වෙනස්කර ගනිති. ඒ එය ප්‍රායෝගික නිසාය. උදා. ඉතා ස්ලෝ බැට්ස්මන් කෙනෙක් උන සනත් මාස්ටර් බ්ලාස්ටර් විය. දිල්ශාන් කොහේදෝ සිට ඇවිත් පොරක් විය. නමුත් වේගපන්දු යවන්නන්ගේ විලාශය කවදාවත් සීග්‍ර පරිවර්තනයකට ලක් නොවීය. ඉතිං මාලිංග දැන් මරදානෙ බඩුවක් ලෙස නොදකින්නේ, පානම් පත්තුවෙ සිට එන සිම්බාබ්වේ, කෙන්යා වැනි රටවල් පමණි.

    මාලිංග නැවත නැවතත් කැදවීම කෙරෙහි මුලදී මගේත් කුතුහලයක් පැවතිණි. නමුත් මීට පෙර මහේල මෙවැනි තීරණ (වැටිච්ච් කටෙන්ම ගොඩ ඒම ) ගෙන සාර්ථක වූ අවස්ථා ඇති බව දැන් ගත් නිසා, මම ඒ ගැන කථා නොකළෙමි. කෙසේ වුවත් මහේලගේ ඒ තීරණය මෙවර නම් වැරදි බව ඔප්පු වී හමාරය.

    මට ඇත්තේ 'ලොක්කා මැච් එක බලන්න ආ නිසා පැරදුනා' කියන තර්කය නම් නොවේය. මේකත් ගොඩ ගියා නම් ඒක ලොක්කාගේ 'වාසනාවේ' ගිණුමට දැමීමට බලා සිටි බැලයින් ගැන විවේචනයකි.

    ReplyDelete
    Replies
    1. දින්නා නම් ලොක්කා ගොඩය. එසේම පරාද වුවාම ලොක්කා පච වීමද දරා ගත යුතුය. එය දේශපාලනයමය.

      මාලිංග කෙරේ මහේල තුල හා සකල ලංකාව තුලම ඇති විශ්වාසය නිසා මාලිංගට ගැහුවාට බනින්නේ නැත. කැච් අතෑරියාම හිනා වෙන්නේය. ඒක විශ්වාසයමය. එය රැකීම මාලිංග සතු විය යුතුය. IPL වල යෝකර්ම දාන එකාට මෙදා යෝකර් වැටුනේම නැත. දුකය. දක්ෂතාවය මුදල් හමුවේ වැඩි පුර ඉස්මතු වන්නේය.

      Delete
  18. මැච් ගැන එතරම් උනන්දුවක් ආසාවක් නැත . පෝස්ටුව බැලුවෙමි .

    ReplyDelete
  19. සෑමෝ..."ම"ට "ම"යනු 3 ගැන කතාවට "ම"ල පැනගෙන එනවා.

    ReplyDelete
    Replies
    1. :)))

      ම‘ධුරංග වැරදි නැහැ නොවැ. !

      Delete
  20. තරහා අවසර සැමො, මටනම් පේන්නෙ මෙය ඔබගේ දෙශපාලන කෝනයෙන් බැලූ ක්‍රිකට් ලිපියක් බවයි. ඔබ දෙශපාලන පැත්තෙන්ම මේ බ්ලොග පවත්වගෙන යන බැවින් එහි වරදක්ද නැත. අර උපකල්පනය නම් මරුය

    ReplyDelete
    Replies
    1. ම‘ලින්ද මාමා නිසා පරාද වූවා කියන්නට තරම් සෑමා පටු නැතිය. ඒත් දින්නාම මලින්ද මාමාට යන ලකුනුම පරාද වූවාම කැපෙන ලකුනු වීම සිරි ලංකාවේ දේශපාලනයමය. එය දරා ගන්නට බැරි නම් පරාජය හමුවේ පිටියෙන් හොරෙන්ම සමුගත්තා සේ උන් දේසපාලනයෙන් පසු බැසිය යුතුය.

      Delete



    2. ඒත් මලින්ද මාමා මෙතන අපි මෙතන කතා නොකල ලකුනක් දමාගත්බව දන්නා කියන කෙනෙකුගෙන් ආරංචි විය (News 1st Developing Story)

      Delete
    3. අඩේ එක මීටර් නැහැනේ මට ?

      Delete
  21. මේක හිරුගේ පොස්ට් එකට මම දාපු කමෙන්ට් එක සහ තවත් කතා...

    අපි කැමති වුනත් අකමැති වුනත් මහින්ද රටේ ජනාධිපති. ඔහුගේ දේශපාලනයටත්, ඔහුගේ දේශපාලන සංස්කෘතියටත් ඒ දේශපාලන සංස්කෘතිය නිසා රට ගිලගෙන තියෙන (ප්‍රතිගාමි)සමස්ථ සංස්කෘතියටත් මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
    ඒත් ඒ විරෝධය පදනම් කරගෙන මෙ වගේ මිථ්‍යා මත ප්‍රමෝට් කරන්න බෑ.

    උඹලා මහින්දගේ පක්ෂයට විරුද්ධයි, පුද්ගලයටත් විරුද්ධයි ඒ හින්දා ඡන්දෙ දෙන්නෙ නෑ. හැබැයි මහින්දගෙ සංස්කෘතියට උඹලා විරුද්ධ නෑ.උඹලත් ඉන්නෙ ඒ තුළමයි. (කපිලවස්තු ධාතු ප්‍රදර්ශනය වෙනුවෙන් මහින්දට ස්තූති කරන්නෙ ඒ නිසයි)

    රටට වඩාත් නරක මහින්ද මැච්එක බලන්න ආපු එක නෙවෙයි, ප්‍රශ්න ඔඩු දුවලා තියෙන වෙලාවක මහජනයාගේ නැගෙමින් තිබූ විරෝධය ධාතු කරඩුවක් හරහා සාදුකාරයක් බවට පත්කරපු එකයි.

    මැච් එක පැරදුනේ ඒ මොහොතේ පිටියේ වගකීම් දරපු මහේල ගත් අදූරදර්ශී තීරණ නිසයි.
    අනික සමස්ථයක් විදියට වෙස්ට් ඉන්ඩීස්ලා අපේ කට්ටියට වඩා දක්ෂයි. දක්ෂයා දිනුවා.

    ReplyDelete
    Replies
    1. ///කපිලවස්තු ධාතු ප්‍රදර්ශනය වෙනුවෙන් මහින්දට ස්තූති කරන්නෙ ඒ නිසයි///

      හැමදාම බැනලා සෑමාව සුදු වෑන් එකක දාගෙන යනකොට, බ්ලොගේ පිටු පෙරලලා ‘මම ඔයාගෙ හොදත් කියල තියෙනවා මාමේ‘ කියන්නට එක පෝස්ටුවක් තබා ගතිමි.

      ප්‍රශ්න පිරුනු මොහොතක ධාතු ලවා සාධු කාර දීම, 20/20 ලවා ආචාර්යය වරු පාරට බැසීම වසන් කිරීම වැනි කාරනා එකග විය යුතු ඒව නෙවේ. ඒ නිසා මම උගෙ සංස්කෘතියට විරුද්ධ නැහැ කියන එක වැරදී සහෝ.

      //ඌ ආව කියල අපේ උන් පිට්ටනියෙන් එලියට ගිහින් පැත්තකට වුනේ නැහැනේ බං. උන් සෙල්ලම් කළා දිනන්න බලාගෙන. මම ‘ම‘යනු තුන ගැලපුවා. මගෙ ආතල් එකට. ඒච්චරයි.. !

      * උක්ත පෝස්ටුව ලොල් කතාවක් බව තරයේ සිතට ගන්න :)//

      මේ ටික මම DDT ට දීපු රිප්ලයි එක !

      Delete
    2. හරි හරි....අවුලක් නෑ...

      හොද නිර්මාණශීලීත්වයක් තියෙන පුද්ගලයෙක් විදියට ලොල් කතාවක් වුනත් උඹට තරම් නොවන දෙයක් ලිව්වම මේ විදියෙ විවේචනයක් කරන්න වෙනවා.

      Delete
    3. අම්මෝ මූ සැර වෙලා :)

      ස්තුති සුමියා !

      Delete
  22. මහ එකාගේ කාලකන්නි කම තමා අපිට බලපෑවේ ...

    ReplyDelete
    Replies
    1. එදා විතරද? හැමදාටම ඒමයි !

      Delete
  23. අපි පැරදුනේ ඔය එක හේතුවක්වත් නිසා නෙමේ. බටහිර කොදෙව් ක්‍රීඩකයෝ අපිට වඩා දක්ෂ නිසා. ඒ වගේම මෝරපු වැඩිහිටියෝ විදියට හිතන්ට පුලුවන්කමක් ඒ අයට තියන නිසා...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඇයි අපේ උන්ට 6ක් ගහන්න සක්තිය නැති නිසා ?

      Delete
  24. අම්මපා සෑමෝ කතාවනම් පට්ට පට පට.කතාවනම් අමුලික ඇත්ත.මලින්ද මාමා යන තැන ඉවරයි.අපේ අතිගරු මලින්ද මාමා දැක්ක ගමන් මටත් කියවුනේ "අදනම් අපේ සිංහයෝ කනවා එපා වෙන්නම " කියල.

    ReplyDelete
  25. දැන් ඇති බොල ඔව්වා...වෙන මාතෘකාවක් කතා කොරහං

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ තව හාරවුස්සන්නෝනි !

      Delete
  26. 'ම" යන්න චාටර් උනාට "මී" යන්න එළ නේද සැමෝ.....

    පෝස්ට් එක ගැන මොකුත් නොකියමි.. උඹ සිද්දිය දිහා හැමෝම දැකපු දේ එක අකුරකට කැටි කරපු අකාරයට පමණක් සුභ පතමි

    ReplyDelete
    Replies
    1. මී‘ හරකා කියන එකත් සිරානොවැ :))

      ස්තුති මී !

      Delete
  27. අන්තිම "ම" මටනම් අප්පිරියය.. කොහෙ බැලුවත් ඒ "ම" විතරමය!! පත්තරේද, ටීවි එකේද, මහ පාරෙද, බුකියේද, බ්ලොගේද, මැච් එකේද, පන්සලේද, පල්ලියේද, කෝවිලේද, ... දැන් නම්.. ඇතිය!!

    ReplyDelete
    Replies
    1. ඉස්සර ශ්‍රීමත් වගෙ

      Delete
    2. ශ්‍රීමත් මෙච්චර චාටර් වුනේ නැහැ නේද?

      Delete
    3. ඒකාලේ උන්න JVP කාගෙන් හරි ඇහුවනම් කියාවි.

      Delete
  28. මැච් එක ගැන කියවපු මරුම පෝස්ට් එක .
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  29. මැචෙක දිනුවෙ කොදෙවුවන්ගෙ හයියෙන්,අපේ උන්ට හෝම් පිට්ටනියෙදි වත් කඹේට උඩින් එකක් තියාගන්න බැරි වුනා.මේහෙ උන්නම් පිරිමින්ගෙ පරාජෙ ගෑනුන්ගෙ එකවුන්ට් එකෙන් ශේප් කරගන්නව.මලින්ද අංකල් ගැනනම් ඉතින් කවර කතාද,පුස් මූණ දැක්කම මම හිතාගත්ත වැඩේ වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. අපේ උන්ට උගන්නල නැහැ නොවැ 6 පාරක් කියන්නේ ලනුවට එහා පැත්තේ වැටෙන්න ගැහුවම කියලා..

      Delete
  30. Meeka aathal ekak nisa avulak naa eth siraavatama nam me thundenaatama baninavata man ekaga naaa ,:/

    ReplyDelete
  31. මෙන්න මේක තමා සිරාවටම එදා උනේ...

    ReplyDelete
  32. පිස්සු කොර වෙන පෝස්ට් එකක් සැමයියේ... ආයේ නෑ ටොප් එකටම කියලා තියෙනවා සිද්ධිය...

    //දිනුවොත් මලියා කප් එක අරන් දුවනාව ෂුවර්ය. කෞතුකාගාරයට වෙච්ච දේ දන්න උන්ද මේ අතර සිටියහ. උන් කට කොනින් කීවේ කප් එක හංගපිය කියාය.//

    පට්ටම පට්ට පෝස්ටුවක් ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තුති ගැමියෝ..

      ජය වේවා !

      Delete
  33. මට මතක් උනේ...සිරාගෙ කාමරේ කියා තිබුනු දෙයකි.
    අපේ උන්ගේ ගෝෂාව නිසා පන්දු‍රැකීම අසීරු වූ බවකි. එය ඇත්තකි...අපේ එවුන්(ප්‍රේක්ෂකයා) මුලසිටම ගේම දිනා සිටියේ අන්ධානුකරනයෙන්ය. මේක මැච් එකක්බව අවබෝද කරගෙන හිටියේ කී දෙනාද..?
    එහෙම උනාම අපේ උන්ට පීඩනය වැඩිය ඒක පැහැදිලිවම පෙනුනි.

    ReplyDelete
    Replies
    1. අපේ උන් මාරයිනේ බං.. ඉස්සර ඉන්දියාවෙදි බෝතල් වලින් ඉන්දියන් කාරයෝ ගහද්දි දිනපු අපේ උන්. අපේ මිනිස්සු සපෝට් කරන්න කෑගහද්දි පිඩනේ වැඩිවෙනවා..????

      මහ පුදුමයි !

      Delete
    2. මටත් හිතාගන්න බැරි වුනේ එහෙම කිව්වේ අපේම ක්‍රීඩකයෙක් ද කියලයි. මොකද ප්‍රේක්ෂකයෝ කෑගහන්නේ තමන්ගේ සහයට බව තේරෙන්නේ නැති එකෙක් ක්‍රිකට් ගහනවට වඩා ජිල්බෝල ගැහුවානම් හොඳ ය.

      Delete
    3. ජිල් ගැහුවත් වටේ ඉන්න උන්ට බනී බං !

      Delete
  34. අපරාදේ බං අපේ කොල්ලොන්ට මං බැන්න තරම්..
    බැරිනම් උන් පැරදිලා තියෙන්නේ ස්ථානෝචිත පක්යාව දාලා නෙ :ප

    ReplyDelete
    Replies
    1. අපේ උන් හොද වැඩක් කොලේ !

      Delete
  35. මලින්දගෙන් සුදු වෑන් එකක් එයි වගේ!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වෑන් සර්විස් එක කරන්නේ එයා ??

      Delete
  36. මහින්ද මාමා හින්දා නෙවෙයි අපි පැරදුනේ. වෙන හේතුවක්නිසා.

    ReplyDelete
    Replies
    1. ඇල් කෝල වැඩි වුන නිසාද බං ?

      Delete
  37. හ්ම්ම්.. මේ පාරත් අපරාදේ බං.. තව කප් එකක් එනකන් බලං ඉමු.. ලබන අවුරුද්දේ චැම්පියන්ස් එක තියෙනව නේද බං..

    ReplyDelete
    Replies
    1. අපේ උන් ෆයිනල් එනවා කෝම හරි.. ලේසියෙන් පරාද වෙනවා :)

      Delete
  38. ම්ම්ම්ම්.... "ම" යන්න තමයි මයන්න එතකොට..

    ReplyDelete
  39. වැඩක් නෑ කියලා "ම" යන්න ගැන....

    ReplyDelete
    Replies
    1. අම්‘ම‘ තමා මතක් වෙනවා !

      Delete
  40. අඩේ........... කවුද බොලේ මලින්ද මාමා කියන්නේ? :P

    ReplyDelete
    Replies
    1. අපේ හන්දිය සයිවර් කඩේ කරන එක්කෙනා. එයාලගෙ පරම්පාරවම ගොඩ ගියේ ඒ කඩේ නිසා..

      Delete
  41. අහක ඉන්න මහින්ද මාමට බනින එක වැරදි.ඔහු රටේ නායකයා වශයෙන් යුතුකම ඉෂ්ට කළා.කව්රු මැච් එක බලන්න ආවත් දිනන එක අපේ උන්ගේ සූර කම ඒත් මාලින්ගයා ඇතුළු ටීම් එකම අපේ බලාපොරොත්තු සුනේ සුන් කරා ඒත් දැන් අපි උන්ට බැනලා වැඩකුත් නැහැ උන් ටික ෆයිනල් හරි ආවානේ.

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ මලින්ද මාමා පලවෙනි මැච් එක බලන්න ආව නම් අපිට මෙච්චර දුක නැහැ. එහෙනම් අපෙ උන් ෆයිනල් වත් එන්නෙ නැහැනේ :)

      Delete
  42. :D
    මට නම් කියන් තියෙන්නෙ ඔච්චරයි..!!

    ReplyDelete
  43. අපිදු පළවැනි පර්සි රජු දුටුවෙමු. අතවනා විකට් එකට කෙලවෙනවා දුටිමු. මහේල ගේ නායකත්වය මොකක්ද කියලා හිතාගන්න උත්සාහ කළෙමු. මාලිංග සල්ලි වලට වැනෙන එකෙක් බව සිතුවෙමු. අන්තිමේ ප්‍රොජෙක්ටරේ පොලේ ගැසීමට ගොස් ඒ වලකා හිතේ දුකට බී නිදා ගතිමු.. පිල්ලෝ හිතන්නේ දින්නේ අපි කියා ය. අපි දන්නේ දින්නේ කොදෙව්වෝ බවය. ඒත්................. වසර හතරකින් දින්නේ නැති කප් එකක් කවදා දිනන්නද?

    ReplyDelete
  44. අපි පැරදුන හේතුව උඹලා කවුරුත් හරියට දන්නේ නැතිය. සෑමා ට නම් පොටක් පෑදී තිබේ... මැච් එක පරාද උනේ වෙන 'ම' යන්නක් නිසාය. එසේ මෙසේ 'ම' යන්නක් නොව... ආචාර්ය උපාධියකින් පිදුම් ලැබූ, අයාලේ යන අනුන්ගේ එළුවන්ට සහ අයාලේ යන තමන්ගේ කොළුවාට ඉමහත් ආදරය දක්වන 'ම' යන්නකි. මේවා එළිකිරීම කොදෙව් ක්‍රීඩකයන්ට කරන අසාධාරණයක් බැවින්, දැන්ම එළි කිරීමට බැරිය.

    ReplyDelete
  45. mama sAm ge post walata kamati eat Mahinda mahtaya nisa match eka parduna kiyalala sAm hitanwanam..oluwan balu bawa piligana bariya..(sorry).
    Blog nati api wage ayata Anonymous pahasukama dima gana obata boken tank qu
    Jayawewa,
    Sajith

    ReplyDelete
  46. "ම" යනු තුන තමයි පරහට හිට්ටේ සෑම් අයියේ. එහෙමවත් හිතලා සනස්සවා ගම්මු හිත

    ReplyDelete
  47. අනෙ මන්දා ... මොන වුනත් රටෙම අවාසනව තමා... කොහොමත් ක්‍රිඩාව කියන්නෙත් ඔකටමනෙ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...