Friday, October 5, 2012

ගමේ චාටර් වුණ එකා - ලොවක් සොලවයි !



කොණ්ඩෙ දිගයි පිස්සා සේ හිස සැලුවා
අත්දෙක හරස් කොට මොන මොනවද කෙරුවා
අඩියට දෙකට පැන පැන ලෙසටම නෙළුවා
වැඩ දන්නා අපට ඕවා නම් සුම්මා


බාර් එකේ තැන තැන දා කබරගොයා
කොල්ලො මැද්දෙ නිතරම යැව්වානෙ නයා
හන්දියෙ වීල් කර පෙන්නා දඩු මොණරා
වැඩ්ඩා විලස තටු සැලුවා සමනලයා


නොවරදවා හවස ගෙදරට එනවා බීලා
පොලිසිය ඇල්ලුවා රෑ ඉදලා සමගින් ශීලා
පසුදා පිටිය දෙවනත් කළ රකුසෙකු ලීලා
අපිට ගහනවා බොරු හිතලා බලපං ගේලා


ගමේ හන්දියේ කොල්ලන්ට නයි ඇර චාටර් වූ,
බාර් එකේ කබරයා දමමින් විනාස වූ,
හන්දියේ ෆුට් සයිකලයක් තියාගෙන වීල් කරමින් වැඩ දැමූ,
හවසට බීලා ගෙදර විත් සාටර් වූ,
ශීලා සමග රැය ගෙවා ගමටම නෝන්ඩි වූ,

ක්‍රිස් ගේල්

අද ගහපු ටිකක් විතරයි
ෆයිනල් එකේ ගහනවා බොරු හරිය?

76 comments:

  1. අනිවා ෆයිනල් එකේ මේ කස්ටියට ඇපත් නැති වෙන්ට දෙන්න ඕනේ ...:D

    ReplyDelete
    Replies
    1. මට නම් අපි පාරද වුනත් කමක් නැහැ බං.. ගේල් ගහනව නම් :)

      Delete
    2. තරයේ හෙලා දකිනව

      Delete
    3. අඩේ දෙපාරක් හෙලා දැකලා.. මාත් දේශ ද්‍රෝහි වෙයිද ?

      Delete
  2. ආ .... ක්‍රිකට්, නෙහ්

    ReplyDelete
    Replies
    1. නැහැ කිරිකොට් බං !

      Delete
    2. ටීක් බෝල වෙන්න බැරිද .........ඩී

      Delete
    3. අපොයි පුළුවන් මචං, ඔය වෙලාවකට එහෙමත් වෙන්නෙ.

      Delete
  3. මම හිතුවෙ කුලේ වගේ උඹලාගෙ ගමේ පොරක් කියලා..

    ReplyDelete
    Replies
    1. අඩේ කුලේ උබට තාම මතකයි නේ :)

      ගේලාත් අපේ ගමේ එකෙක් බං!

      Delete
  4. මාත් හිතුවේ ගමේ එකෙක් කියලා...ඔහොම යමුකෝ

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ගමේ එකෙක් තමා බං.. හැබැයි කොදෙව් ගමේ !

      Delete
  5. නියමයි.. !!

    උඹ ගේලා ගැන සෑහෙන්ඩ හොයලා වගේ.. කවුද බන් ශීලා ?

    ReplyDelete
    Replies
    1. මේ ලගදි පොලිසිය පැන්නම මාට්ටු වුනේ... ශිලා අක්කා !

      Delete
  6. අනේ අනේ...ක්‍රිස් ගේල්ට නම් මුකුත් කියන්න එපා..මෙය පව් අප්පා. ඉඳලා හිටලා ආසාවටවත් හයේ පාරවල් ටිකක් බලන්න තියෙන්නෙ මෙයාගෙන් විතරනෙ...

    හැබැයි ඉතින් අනිද්ද මැච් එකේදි නම් ඕවා බෑ කියලා දැම්ම කියලා තියමු. නැත්තම්...මට හිතෙයි මෙයාගෙ දත් ටික කැඩෙන්න ගහලා...අර කොන්ඩෙන් අල්ලලා gangnam style වමාරනකල් නෙලන්න ....

    ReplyDelete
    Replies
    1. අපි පරාද වුනත් ගේලාගේ සොට් ටික බලන්න තියෙනවනම් සාරා බං...

      Delete
    2. දෙවන වරටත් සැමාව හෙලා දකිනව

      Delete
  7. මේ "නෙලුම්" කවි නේ.....!?

    ටොස් එක දිනුවොත් ගොඩ, නැත්නම් ලේසි වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. නෙලුම් කවි... ඒක සිරා නම :))

      Delete
  8. කිව්වෙ නම් එහෙම නෙවෙයි නේ... හි හි ..

    Sorry to say Sri Lanka.......... සහ තවත් කෑල්ලක් එක්ක නේද.. මෑන් ඔෆ්ද මැච් වෙච්ච වෙලාවේ.. කියපු විදියට නම් මටත් හිනා ගියා...

    ReplyDelete
    Replies
    1. සිරා ටෝක් එකක් දුන්නේ... අත දිගෑරල ගැහුවත් ෆන් එකේ ඉන්න එකෙක් තමා ගේලා !

      Delete
    2. sorry Sri lanka... we're gonna win කිවුවනෙ ලැජ්ජ් නැතුව

      Delete
  9. දැම්මොත් මාලිංගය බෝල...
    මූ කොහොමත් ගහනව රෝල...
    තදවෙන නිසා මුට නිතරම මෝල...
    යවමුද ජිනා වත් පෑමට කෝල...?

    ReplyDelete
    Replies
    1. ජිනා වෙනුවට යෙදිය හැකි නම් යෝජනා කරන්න පින්වතුනි‍.

      Delete
    2. අහිංසක ජීනා හැම දේටම වැරදී !

      Delete
    3. කොහෙද සිංගප්පූරුද ?

      Delete
    4. ආ...ජිනා ඕනෙ වුනේ නෑනේ....ජිනා වෙනුවට මාලි...

      කොහොමද මගේ අනාවැකිය. ගේල් මාමි නැති උනාට සැමුවෙල් අප්පුහාමි ගැහුවේ රෝල.

      Delete
  10. උගෙ පාඩුවෙ බීල ශීල වෙලා ඉන්න දෙන්නැති හැටි... යකෝ පව්කාර වැඩ ඕව.... :D

    ReplyDelete
    Replies
    1. පව් ඇයි බං.. මේව ගේල්ගුණ වර්ණනා...

      Delete
  11. ක්‍රිස් ගේල් කියන්නෙ සුපිරි ක්‍රීඩකයෙක්. හයේඒවම ගහන නිසා නෙවේ. වැඩි සද්ද නැති නියම මහත්මයෙක්. පිටියේ සිදුකරන ඔහුගේ නැටුම පවා අව්‍යාජයි. පිටියෙන් එලියෙදි ඔහු විනෝදකාමියෙක්. කොදෙව්වො කොහොමත් ආතල් එකේ ඉන්න එවුන්. අවසාන තරගයේදී කොදෙව්වො මුනගැසීමට මම නං උපරිම කැමතියි. මොකද ලංකාව ඇරුනම මම කැමතිම ටීම්එක නිසා.

    ReplyDelete
    Replies
    1. මේ කතාව සහතික ඇත්ත. ගේල්ට තරම් මම ගරු කරන තවත් ක්‍රීඩකයෙක් නැති තරම්. ඉස්සර ඉඳන්ම ඔහුගේ තිබ්බ නිහතමානිකමට මම හරිම කැමතියි. දැන් උනත් අපේ ඔෆීස් එකේ කස්ටිය මට කියන්නෙ ක්‍රිස් ගේල් ගෙ ලව් එක කියලා..

      Delete
    2. උන් ෆයිනල් ආපු එක සිරාය.

      මම කලින් කිව්ව වගේ ගේලා ගසා අපි පරාද වුවත්කම් නැත. තරගකාරීත්වය වටින්නේමය.

      Delete
  12. මටනම් ක්‍රිඩකයෙක්ට් ආදරය කරන්න රට ජාතිය පෞද්ගලිකත්වය අදාල නෑ. ක්‍රිස් ගේල් වගේ එකෙක් අපේ ටීම් එකේ නෑ. හැමෝම ආදරය කරන මාලිංග අර ජාතික ගීය කියන්න යන කොට යන පොඩි එකාගේ අතින්වත් අල්ලන්නේ නෑ. ඒ පොඩි එකා කොච්චර අවාසනාවන්තද කියලා ඒ දරුවට හිතෙනවා ඇති. මොකෝ මාලිංග පොඩි උන්ගේ වීරයෙක්. (මම නම් මැච් බලනකොට මැච් එකට වඩා බලන්නේ මේවා.)
    ෆයිනල් මොකා දින්නත් මට වුලක් නෑ. අර කෑලී ටික පෙන්නුවනම් ඒ ඇති. ඉන්දියන් එකෙක් කොමෙන්ට් එකක් දාලා තියෙනවා රාවණා සීතා පැහැරගෙන එන්න ඇත්තෙ මේ හෙතුව නිසා වෙන්න ඇති කියලා.

    // Preetham Chandu · Subscribe · Rajiv Gandhi aviation academy
    "After looking at the Srilankan cheergirls in Sri lanka, you just can't blame Ravan for kidnapping Sita."
    Reply · 4 · Like · Follow Post · September 25 at 11:17pm //

    http://www.fakingnews.com/2012/09/sri-lankan-cheerleaders-found-better-than-sri-lankan-weather/

    ReplyDelete
    Replies
    1. සිරා කමෙන්ට් එක... :))

      ඇයි බං අකර්නලීව දැම්මෙ නැත්තේ ඔතනට ?

      Delete
    2. මාතලන්ගේ කතාවට සම්පූර්ණයෙන් එකඟයි.

      Delete
    3. ඒ ඉන්දියන් කෙල්ලෝ සෙට් එකක් බං.. රාවණා සීතා ඉස්සුවේ ඒකිව පෙන්නලා පොඩි එවුන්ව බය කරන්න..

      Delete
    4. ක්සැන්ඩර්,

      ++++++++ :-)

      Delete
    5. එකගයි.... ක්සැන්ඩර් :)

      Delete
    6. දැක්කද ෂේන් වොට්සන් ප්ලාස්ටික් සර්ජරි කරන වාටුවකට ගිහින් පොඩි එකෙක් වඩාගෙන ඉන්නවා? සල්ලි දැක්කනම් හොරි තියෙන හිඟන්නියක් හරි බදා ගන්න ජාතියේ මිනිස්සු. ඒ දර්ශනය දකිද්දී මටත් හිතුනේ ඕකම තමයි.

      Delete
    7. මාතලන් ගෙ කතාවට එකඟයි!!

      Delete
  13. මේ කළවැද්ද ෆෝම් කරගත්තොත් සොරිම තමා.

    ReplyDelete
    Replies
    1. කළවැද්දා කීම වැරදිය. ගේලා මනුස්සකම් පිරි එකාය :)

      Delete
  14. කවුද බොලං ඔය ශීලා.... ජයශ්‍රී ගොයියා කිව්වෙත් ඔය ශීලා ගැනමද ?

    ReplyDelete
  15. අඩේ සැමෝ පොඩ්ඩක් හොයල බලපන් ශීලාට ඇවිදින්න පුළුවන්ද කියල දැන්

    ReplyDelete
    Replies
    1. හිකිස්...අම්මපා බොලේ..!

      Delete
    2. ශිලා ඇවිදනවලු... කකුල් දෙක තියන්නෙ හරහටලු !

      Delete
  16. ගේලා පමනක් නොව බටහිර ඉන්දීය ටීම් එකම හොද මිනිසුන්ය...!
    පඩ ෂෝ නැත.

    ReplyDelete
  17. ක්‍රිස් අය්යා ගහයි බං... අර ආව අයට ගහන්න බැරි වෙච්ච ගැහිල්ල මැච් එකේ බෝලෙට ගහනවා කිව්වලු ..

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒ තරහට අපේ පොලෝසියෙ උන්ට ගහන්න තිබ්බේ !

      Delete
  18. ගේලා ගේ කටේ සැර බහින්න
    ගහපියව් කොල්ලනේ වෙස්ට් ඉන්ඩිස් ලෙලි යන්න
    හයේ ඒවා ගැහුවයි මු ඉදිමෙන්න
    දාපිය බෝල මුන්ගේ පොලු පලු යන්න..

    (..මේ මගේ මුණු පොතේ ස්ටේටස් එකක් අද දාපු..)

    ReplyDelete
    Replies
    1. සිරාය.. ඒත් බං ඉන්දියා/පකිස්ථාන්/ඕස්ට්‍රේලියා ඒක්ක ගහල පරාද වුනාම එන තරහ, අපිට බ.ඉ.කොදෙව්වෝ ගැහුවම එන එකක් නැහැ නේද :)

      Delete
    2. සිරාවටම ඇත්ත සෑමෝ...වෙනදනම් සතියක්වත් හූල්ලනවා. මේ සැරේ හීල්ලුවේ රජාගේ සම්ප්‍රාප්තිය ගැන විතරයි.

      Delete
  19. Ai akuru pahdili madi?
    Jayawewa.
    Sajith

    ReplyDelete
    Replies
    1. අකුරු අවුලක් නැහැනේ ???

      Delete
  20. ක්‍රිකට් ගැන වැඩි මෙව්වා එකක් නැත.කොහොමත් විභාගේ නිසා හදිසි ක්‍රිකට් උන්මාදයකටද ඉඩ නැත

    ReplyDelete
    Replies
    1. මටත් මේව්ව එකක් තිබ්බෙ නැහැ.. මේ ලගදි තමා ආයෙත් මෙව්ව එක ආවේ !

      Delete
  21. මං බැලුවා කව්රු ගැනද මේ කියන්නේ කියලා...

    ReplyDelete
  22. අනිවා ෆයිනල් ගහනවා බොරු...

    ReplyDelete
  23. හැමදාම වැඩ පෙන්නන්න බෑ. ෆයිනල් නම් හීනෙන් තමා.

    ReplyDelete
    Replies
    1. අපෝ නිවාඩු දාන්න.. ඉරිදා නේ !

      Delete
  24. ක්‍රිස් ගේල්වා අවුට් කර ගන්නවා නම් මුල හැරියේය. නැත්නම් රණවුට්‍ය. ඒ වගේ කම්මැලි දුවන්නෙක් මා දැක නැත. ඔහු සහ බ්‍රාවෝ අතර නොහොඳ නෝක්කාඩුවක් තිබෙන බව පෙනේ. මාද තරගය බැලුවා.

    ReplyDelete
  25. හෑ ඇත්ත කතාවක්ද? :O :O :O :O :O
    මම අද තමා මෙහෙට ගොඩ බැස්සේ. :) :) :) :) :)

    ReplyDelete
  26. සෑහෙන්න හිතලා ලියපු කවි ටිකක්..
    අපූරුයි සෑමෝ..

    ReplyDelete
  27. උන්ගේ අතල් උන්ට ගන්න දෙන්නේ නැතුව අපේ උනුත් යනවනේ මැද්දට පනින්න!
    කොහොම උණත් ගේල හොඳ එකා!:)

    ReplyDelete
  28. ඉන්දියානුවන්ට වඩා මුන් ඔක්කොම හොදයි බං.. ගේම් එක රියලි එන්ජෝයි කරනවා.. දිනුම පැරදුම එකයි.. අපේ කට්ටියට වගේ.. බලමු හෙට මොනා වෙයිද කියලා..

    ReplyDelete
  29. අයියෝ මම ලියපු එක ඊයේ සර්වර් අවුලකින් මැකුනා. දැං ඉතිං ආයෙත් විමල් වීරවංස වගේ ඒ අදහසම ගන්න අමාරුයි. ආයේ ආපු නිසා ලිව්වා. ජය (රතු රජරට‍ටත් මේකෙංමයි දුන්නේ)

    ReplyDelete
  30. ඉන්දියන් කාරයො වගේ නෙවෙයි බ:ඉන්දියන් අය. හැම වෙලාවේම හිනාවෙලා ජය පරාජය නිහතමානීව බාරගන්න උන්. ගේල් ඒ අතින් ඉදිරියෙන්. පිට්ටනියට බැස්සම පාළුවක් නෑ. අදනම් ගේල්ගෙන් එදාට වඩා ටිකක් ඕනි. (හැබැයි අපේ උන්ගෙන් ඊට වඩා ඕනි. එතකොට තමයි ආසාවෙන් බලන්න පුළුවන්.
    ජයවේවා!!

    ReplyDelete
  31. ඉන්දියන් ටීම් එක තමා එපාම කරපු එක. අනිත්ව එච්චරම අවුලක් නෑනෙ.. ඉන්දියන් අය අනිත් අයට ගරු කරන්න, දන්නෙ නෑ.. :/

    මරු කවි ටික..

    ReplyDelete
  32. ඔය ගැහුවෙ යස අගේට...:))))

    ReplyDelete
  33. හ්ම්ම් දැන් ඉතින් ලියල වැඩක් නැහැනේ .. මන් එනකොට ඔක්කොම ඉතිහාසෙට එකතුවෙලා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...