Sunday, October 21, 2012

බල්ලොත් එක්ක බෑ..


බල්ලොත් එක්ක බැරි බව සැමා දැනගත්තේ පුට් සයිකලය පදින කාලයේය. උන්ව බේරලා ලගින් ගියත් ඇගට පනින්නෝය. සමහරක් බල්ලෝ පාර මැද නිදන් හිද ලගින් පුට් සයිකලය ගියාම එලව එලවා ඇගට පනින්නෝය. ඒ නිසාම බල්ලොත් එක් බැරි බව නිරායාසයෙන්ම සෑමාට තේරුම් ගියේය. 

පසු කළෙක මෝටාර් බයික්කලයක් පදින කාලේ සෑමා යාළුවෙක්ව බයික්කලේ දාගෙන යද්දී බල්ලෙක් පාරට පනිද්දී සෑමාගේ මිතුරා සෑමාට කදිම කතාවක් කීවේය. ඒ බල්ලන්ගේ ගති ගුණයක්ය. “මචං බල්ලෙක් පාර පනිද්දි බයික් එක උගේ හොම්බ පැත්තෙන් පැදපං. ඌව බේරන්න හිතාගෙන නැට්ට පැත්තෙන් පදින්න එපා. මොකද බල්ලා වාහනය දැක්ක හැටියේ අනිත් පැත්ත හැරෙනවා“ කියාය. ඒක සිරාම ඇත්තය. මොටර් බයික්කල් බෝමයක් ඇස්කිඩන්ට් වන්නේද බල්ලෝ පාර පනින නිසාමය. ඒ අතර සෑමාට සිය මිතුරා තව උපදෙසක් දුන්නේය. “හැබැයි මචං හරකෙක් පාර පැන්නොත් උගෙ පස්ස පැත්තෙන් වාහනේ ගනින්, මොකද උන් බල්ලො වගේ අනිත් පැත්ත හැරෙන්නෙ නැහැ. කෙලින්ම හිමීට පනිනවා.“ එසේ කියු මිතුරා සරල සූත්‍රයක් සෑමාට කියා දුන්නේය. මචං මතක තියා ගනින් වාහනවල යද්දි හරක් පුකෙන්, බලු හොම්බෙන්  කියාල. එතකොට වැඩේ ගොඩ.

ඔය මොක කිව්වාත් ගෙදර ඉන්න බල්ලා නම් සිරාය ඌ දෙන දේ කා, ගෙදර ආරක්ෂා කරගෙන හිදින්නේය. ඒත් ගෙදරත් විනාස කොට තමනුත් විනාස වෙවී ඉන්නා බල්ලන්ට “ලුවී පාස්චර්“ මහතා සොයා දුන් පිස්සු බලු එන්නතම වටින්නේය. එය නිට්ටාවට සුව වෙන බෙහෙතක්ය.

මේ අතර සෑමාට කැට්ස් - ඇන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකද මතක් වෙන්නේය. එහි සිටි බල්ලෝ සැට් එක එක පැත්තේය. පූස් සැට් එක තව පැත්තකය. හරියට ආණ්ඩුව හා විපක්ෂය වගේය. දෙගොල්ලෝ දෙපැත්තේය. ඒත් ඒ ෆිල්ම් එකේ ආණ්ඩු පක්ෂයේ සිටින පූසෝ සැට් එක සේම විපක්ෂයේ සිටින බව්වෝ සැට් එක කණ්ඩායම් වශයෙන් ෆිට් එකේ සිටියෝය. ඒක නම් මරුය, මොනවා වුනත් එකට සිටිය යුතුය. ඒ ෆිල්ම් එකේ බව්වන්ගෙන ගන්නට ඇති ආදර්ශය එයමය. 

සමහර බව්වන්ට තම බල ප්‍ර දේශයේ එක වෙන්නට බැරිය. උන් හැමදාම පැත්තකය. ඒත් ඌ බලයේ ඉන්න එකාගේ එදිරිවාදී කණ්ඩායමේ ලොක්කාය. ඌට ඒ ටික ඇතිය. මොනවා වුනත් එහා පැත්තේ ලොක්කා නිසා ඌ ලැබෙන දේ ලබාගෙන පැත්තකට වී හිදින්නේය. ඒ අතර ලොක්කාට සැර දමන්නට තව එකෙක් ආවොත් ඌව නිෂ්ක්‍රීය කරන්නේ ලොක්කා ගේ තැන ඌට යයි කියාය. ඒ නිසා කවදාවත් විපක්ෂයේ ඉන්න මහ එකා පිට එකෙක් එක්ක සැට් වී ලොක්කාට සැර දමන්නේ නැතිය. තම පැත්තේ එකෙක්ද නැගී හිටියොත් පහුවදා ඌව දණ ගස්වන්නේය. පොදුවේ එකට එක්ව, ලොක්කා එලවීමේ කාර්්‍යයට අත නොගසන්නේ විපක්ෂයේ තම තැන පවා නැතිවේ යන කුහකත්වයෙන්ය. 

ඒ නිසාම විපක්ෂයේ හමුදා විනයක් ඇති කළ යුතුය. ඒ ලොක්කාට එරෙහිව පෙළ ගැසෙන අනිත් වුන් දමනය කිරීමටය. එසේම රටේ හතරවන පුරවැසියා වන තමන්ට ඇතිවන කැරලි කෝලාහල නැති කිරීමටය. සිරාය. නොදැනීම අපි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ඇත්තේය. විපක්ෂයක් නැත්තේමය. විපක්ෂයක් හැදීගෙන එනකොට ලොක්කාගේ ගිණිගොඩේ කොස් ඇට අහුලන (බළලා නොව) බව්වා හමුදා විනයක් ඉදිරිපත් කරන්නේය. 

නව හමුදාපති තුමනි උඹට ජය. !

ඉතිං අපි පොලේ යමු !


70 comments:

  1. හරක් පුකෙන් බලු හොම්බෙන් කතාව සිරාය.. මට ඕක කියා දුන්නේ අපේ මාමා.අනික් කතාව එහෙන් මෙහෙන් තේරුණා කිසිම ගානක් නැතිව කොමෙන්ටුව ගහන තැනටත් ඇවිත් ආයේ නිකමට උඩට ආවා මොකක්ද මග ඇරුණේ කියලා බලන්න හපොයි කවුද සැමෝ මේ අසමජ්ජාති වැඩේ කලේ?? පට්ට පොටෝව.....

    ReplyDelete
    Replies
    1. ලිපියට කෙලින්ම අදාල නැති වුණත්

      මෝටර් බයික් වල යද්දි පරිස්සම් වෙන්න ඕනා ප්‍රධාන කාරණා 3 යි.

      1. කෙල්ල - පාරේ සුන්දර දසුන් නරඹන්න යාමෙන්
      2. බල්ලා - සෑම් කියපු හේතුව
      3. වැල්ල - බ්‍රේක් ඇල්ලුවොත් විනාසයි

      Delete
    2. විසිතුරු +++

      අම්මපා සිරා කතාව... අත්දැකීම් අනුව 100%ක් නිවැරදිය ;)

      Delete
  2. බල්ලන් සමඟ පූසන්ද ඒ සමඟම හරකුන්ද එකගොඩට දමා කතාකිරීම අවුලක් නැත‍. එහෙත් අසූචි කන ඌරන් ගැනද ඒ සමඟ කතා කිරීම යටකී සතුන්ට නිග්‍රහයක්ම වන්නේය.

    ReplyDelete
  3. මං ඒත් බැලුවා මේ බලු කතාව මොකක්ද කියලා. අන්තිමටම යද්දිනෙ මීටර් උනේ!

    ReplyDelete
  4. බොලේ ආර් අනිල් ගොයියගෙ ලස්සන හරිම සීදේවි පාටයි..

    ReplyDelete
    Replies
    1. සෑමා ඔන්න දෙලක්ෂෙකට කොඩිය දාලා... දුඹුරු පාට හතරැස් අඩිය බෝතලේකුත් අරන් ඉදගම්මුද සමරන්න ?

      Delete
  5. මේ යකාට ඕක පොටෝ සාප්පු මෙව්වා එකෙන් දැම්මත් පවුය!ඒ තරමටම මේකා *න්න රජෙකි!

    ReplyDelete
  6. හරක් පුකෙන්, බලු හොම්ම්බෙන්..එතකොට මිනිස්සුන්ට කොහොමද සෑමෝ..උන් තමයි භයානකම ජාතිය.

    අනේ පවු අර අහිංසකයට කරල තියන වැඩේ. මූ මේක දැක්කොත් නම් අනිවා ගෙදර යනවා.

    ReplyDelete
  7. සෑමාගේ ලොක්කාට පිට්ටනිය පිරෙන්න සෙනඟ ගෙනා ගන්නට බැරි වුනාට හතරවෙනි පුර වැසියාට කරන්නට දෙයක් නැත , හතරවෙනි ලොක්කා ගේ පලාත් සභා රැස්වීම් වල ඊට වඩා සෙනඟ හිටියාය . සැමාගෙ ලොක්කා වැඩකරුවා නම් මොන හමුදා නිතිය දාන්න හැදුවත් හතරවෙනි පුර වැසියාගේ ගෝලයන් එකතු කර ගන්නට පුලුවන් විය යුතුය . අපිට පේන්නේ භුමි පුත්‍ර පක්ෂයේ වර්ශන් 2 එකය ,

    ලොකුම ලොක්කාට ගේම දෙන්නට එකෙකුටවත් ඕනි කමක් නැය එකෙකු බලන්නේ පුටුව රැක ගන්නය , අනෙකා බලන්නේ ඒ පුටුව උදුරා ගන්නය , සැමාගේ ලොක්කා බලන්නේ තනියම පුටුවක් හදාගන්නය . ඔය තුන් දෙනාගෙන් එකෙකුටවත් ඔය විදිහෙන් ලොක්කාට ගේමක් දෙන්නට බැරිය . අඩුම වශයෙන් 2ක් වත් එකතු විය යුතුය .

    ReplyDelete
    Replies
    1. කතාව නම් ඇත්තය...එදා හේදිලාම ගියද මන්ද SF මහත්තය..සෑමත් හොදට නා ගෙන තිබුන...:D
      ආ බන් සෑම, කව්ද බන් එතකොට 3 වෙනි පුරවැසිය..

      Delete
    2. 4 වැනි පුරවැසියා විධායක තනතුරේ නිර්මාතෘ ජූනියස් පප්පගේ බෑනාය. විධායක තනතුරට චන්දයෙන් දිනා එනවා මිස අරගල කර පත්විය නොහැකි බවත් එසේ තැත් කිරීම නීති විරෝධී ත්‍රස්තවාදී වැඩක් බවත් 4 වැනි පුරවැසියා හොඳින් දනී. ඔය බෑනා නරිබෑනා මෙන් වෙලාව එනකන් බලා ඉන්නවා මිස සල්ලි හම්භ කිරීමට හදිස්සි වී නලියන ගොබ්බ දෙවැනි පෙළ එජාප නායකයින් සහ පාක්ෂිකයන් මෙන් විකාර ගොන් පාට් දාන්නේ නැත. ඔය එජාපයේ රජය පෙරලීමට නලියන අය හදිස්සි වී කෑ ගසන්නේ රටට ආදරයට නොව මුන් කනහැටි බලාන ඉන්න බැරුව අනේ අපිට කන්න ලැබෙන්නේ කවදාද යන සිතුවිල්ලෙනි.

      Delete
    3. //ඔය එජාපයේ රජය පෙරලීමට නලියන අය හදිස්සි වී කෑ ගසන්නේ රටට ආදරයට නොව මුන් කනහැටි බලාන ඉන්න බැරුව අනේ අපිට කන්න ලැබෙන්නේ කවදාද යන සිතුවිල්ලෙනි.//

      :D :D

      Delete
  8. හිකිස් මාත් මේ හරක් පුකෙන්, බලු හොම්බෙන් කතාවනම් අහලා තියනවා..

    ReplyDelete
  9. මටනම් විකාරයි ඕයි මුන්ගෙ නරි නාටක

    ReplyDelete
  10. බලු හොම්බෙන් කියලා කලින් දන්නෙ නෑ! දන්නවනං අක්කගෙ පු*ට අනින්නෙ නෑ කවදාවක්!!

    ReplyDelete
  11. යං යං.... පොලේ යං. ඕක මොකද්ද හැමදාම යන එකනේ සෑමෝ...
    පටන් ගත්තේ බල්ලාගෙන්... ඉවර කරේ.................... අනේ මන්දා... හික්ස්..

    ReplyDelete
  12. හරක් පුකෙන් බලු හොම්බෙන් තියරිය නම් පට්ට ඈ. සමහර බල්ලොත් එක්ක නම් කොහොමත් බෑ.

    ReplyDelete
  13. ආ...එතකොට මෙයාද දැන් ඩික්ටේටර් ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. මොනවා ලියන්නද කියලා බං කල්පනා කලේ... හරියටම කියනවනං රටක හොඳ විපක්ෂයක් තිබිය යුතුයි. එහෙම නොවුනම මහ ජනතාවගේ මුර බල්ලා නැති උනා වගේ තමා. හැබැයි දැනට ඉන්න විපක්ෂයේ කිසිම නායකයෙක් ඒ දේට සුදුසු මට්ටමේ අය නෙමෙයි. මෙහෙම කිව්වම සෑමට තද වෙන්න පුළුවන් ඇයි ෆොන්සේකා මහත්තයා ඒකට සුදුසු නැද්ද කියලා... ඒත් ටිකක් කල්පනා කරලා බැළුවොත් සෑම්ට තේරෙයි උන්නැහේ දේශපාලනයට ගැලපෙන ආකාරයේ විදියේ කෙනෙක් නොවන වග... ඒක තේරුම් ගන්න තරමක් හමුදාමය අත්දැකීම් තියෙන කෙනෙකුට පුළුවන් උනත් පිටස්තර කෙනෙකුට එක පාරට තේරෙන්නේ නැති හින්දා කොච්චර කිව්වත් වැඩක් නැහැ... ෆොන්සේකා උන්නැහේ නෙවෙයි ගෝඨාභය උනත් ඒ අතින් ඒ වැඩේට සුදුසු නැහැ. මේ මෑතකදී රජයට සම්බන්ධ තීන්දු තීරණ ගන්න කෙනෙක්.. (එයා කවුද..? මං දන්නේ කොහොමද කියන ඒවා උවමනා නැහැ..ඒත් යම් කිසි විදියකින් මගේ ගනුදෙනු කරුවෙක් කිවුවම මදෑ) කතා කර කර ඉන්න වෙලාවක කිව්වේ ඊ ළගට ගෝඨා කියලා... ඒත් මං එයාට ඒ වෙලේ පැහැදිලි කරලා දුන්නා (මට තේරෙන තරමින්) ඒක සුදුසු නැත්තේ ඇයි කියන එක... ගෝඨලා ෆොන්සේකලා හොඳ උඩින් කෙනෙක් ඉද්දී ක්‍රියාකාරීව වැඩ කරන්න... මොකද හමුදාමය තීන්දු ගත්තොත් ගත්තා... ඒක හරි හෝ වේවා වැරදි හෝ වේවා කිසිම අවස්ථාවක ප්‍රශ්න කිරීමකට ලක් වෙන්නේ නැහැ.. ඒකට අවස්ථාවක් ඇත්තෙත් නැහැ... හැබැයි වැඩේ කෙරෙනවා..ඒක හොඳ උනත් නරක උනත්... රටක් පාලනය කරද්දී ටිකක් සංවේදී වෙන්න ඕන... (මහින්ද ඕනවට වඩා සංවේදීයි..:D ) අපි හිතමු රජයේ සේවක ප්‍රශ්නය කියලා... (ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ මෙලෝ වැඩක් නැති තනතුරු හරහා පින් පඩි ගන්න පිරිස රටට ලොකු බරක් කියලා තමා.. ඒ කෙටියෙන්...) ඕක විසඳන්න ගියොත් එක රැයින් තීන්දුවක් ගන්න පුළුවන්... රජයේ සේවකයින් බඳුවා ගැනීම කප්පාදුව සහ දැනට ඇති අය ඉවත් කිරීම වගේ... ඒත් එතනදී අමතක කරන්න බැහැ ලංකාවේ හුග දෙනෙකුට මේ රජයේ සේවකයින් ඥාතීන් කියලා... තමන්ගේ අයට.. තමන්ගේ ඥාතීන්ට විරුද්ධව තද තීරණයක් ක්‍රියාත්මක වෙන්න ගියොත් මිනිස්සු ඔය සීයට හයේ ප්‍රශ්න... පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්න වලට වඩා ඇවිස්සෙනවා... ඒක නවත්තන්න අමාරුයි.. අර අර්ථසාධක ප්‍රශ්නයට වඩා ඒක නැගලා යනවා.. ඒත් හමුදාවට සම්බන්ධ කෙනෙක් පාලකයා උන තැන කැරළි ඇති වීම ප්‍රශ්න නෙවෙයි..උත්තර දරුණුවට ලැබෙන්න පුළුවන්... අන්තිමට වෙන්නේ රට ගිනි ගොඩක් වෙන එක විතරයි... අන්තිමට පිටින් අයට මේකට අත දාන්න පාර හැදිල්ලක් විතරයි ඒ හරහා වෙන්නේ... මං ෆොන්සේකටත් ගෝඨාභයටත් විරුද්ධ වෙන්න ඕක එක ප්‍රධාන හේතුවක්... ටිකක් ඒ ගැන හිතන්න කැමති කෙනෙකුට පාකිස්ථානය සහ මුෂාරෆ් ගැන කල්පනා ‍කලාට වරදක් නැහැ...

    ReplyDelete
    Replies
    1. රනිල් ගැන මොනවා හරි කිව්වවොත් බුවාට මාතලංට තද වෙන්න ඇහැකි.. ඒත් ඉතිං පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තමන් පත් කරලා ඒ හරහා තමන් සදා කාලික නායකයා කරගෙන පක්ෂය තුල ඇති වෙන ප්‍රශ්න තිස්ස අත්තනායකත් එක්ක තමන්ට ඕන ඕන අතට විසඳන..පුංචි මිනිස්සුන්ගේ සහ පක්ෂයේ පහළ මට්ටමේ මිනිස්සු කියන්නේ..ඉල්ලන්නේ මොනවද කියන එක ගැන වගේ වගක් නැතිව ඉන්න කෙනෙක් හරි හමන් පාලනයක් අහු උනාම හැසිරෙන විදිය ගැන මං අමුතුවෙන් කියන්න ඒන නැහැ.. අඩුම ගානේ අගමැති උන ටික දවසේ ගහපු සාම ගිවිසුමවත්..ඒ දේවල් කොහොම කෙරෙනවද කියලා පක්ෂයේ හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්වත් නොදැන හිටිය හැටියට වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා හිතලා බලන්නත් වටිනවා... අද මහින්දට බනින උදවියට තියෙන නිදහස රනිල් යටතේ තියෙයිද කියලා මං අමුතුවෙන් කියන්න යන්නේ නැහැ.. කොටින්ම අද බ්ලොග් ලියන බුවාට/ සෑම්ට තියෙන නිදහස එදාට මට නැති වේවී...

      ජේවීපීය ගැන මං කතා කරන්න ඕන නැහැ... ඒ ගැන සෑම්වත් වෙන කවුරුවත් ඒ හැටි හිතන එකක්වත් නැහැ... ඒක අපි අමතක කරමු...

      මහින්දගේ අඩු පාඩු ඕන තරං තියෙනවා..නැතිවා නෙවෙයි... ඒත් මේ ක්‍රමය යටතේ මේවා මෙයිට වඩා හොඳ අතට හැරෙයි කියලා කොහොමද හිතන්නේ..? තියෙන වැරදි වලට එරෙහි වෙන්න ඉන්නේ එයිටත් වඩා පෝරිසාදයෝ නං මිනිස්සු කාගැනද විස්වාසය තියන්නේ...? විපක්ෂයේ ඉඳන් කෑ ගහන උන් බලං ඉන්නෙත් තමන්ව දැනටත් වඩා හොඳින් හූරන්න කියලා දන්න හින්දා මේ තත්වය යටතේ මිනිස්සුන්ව පාරට ගන්න ඔය ඉන්න පතෝල නායකයින්ට මේ කපේට බැහැ... සජිත් ගැන ‍පහළ මට්ටමේ යූ ඇන් පී කාරයින් අතර ලොකු විශ්වාසයකුත් කැමැත්තකුත් තිබුනා.. ඒත් ඒක එයාම නැති කර ගත්තේ තමන්ගේ සගයින් වෙනුවෙන්වත් පෙනී නොසිට ඔවුන්ව පාවා දෙන තරමේ නරුමයෙක් කියලා දැන ගත්තට පස්සේ...

      තියෙන විපක්ෂ මූණු අතරේ ඉන්න හැමෝම කතා කරන්නේ මහින්දට විරුද්ධව මිස මේ ක්‍රමයට විරුද්ධව නෙවෙයි... ඔය කාටවත් ඕන නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න... හැමෝම බලං ඉන්නේ ඉන්න එකා අහක් කරලා තමන්ටත් ඒකට පැන ගන්න විතරයි... උන් මිනිස්සුන්ට කතා කරන්නේ තමන්ව එතනට ගෙනියන්න මිස වෙන කෙහෙම්මලකට නෙවෙයි... මිනිස්සුත් ඒක දන්න හින්දා අනේ උන්ගේ විරෝධතා කියලා නිකං ඉන්නවා මිසක් ඒ දේවල්වලට කර ගහන්නේ නැහැ... හුගක් බ්ලොග් ලියන දේශපාලන විචාරකයෝ මහ ජනයා කියන්නේ ගොන්නු ටිකක් කියලා සටහන් කලාට ඒ ගොන්නුන්ට මේ දේවල් නොතේරෙනවා නෙවෙයි... ඒත් විපක්ෂයේ ඉන්න උන්වත් විචාරකයිනුත් ඒක තේරුං අරං නැති එකයි අවුල... රජය හදන්න කලින් විපක්ෂය හරියට හැදෙන්න ඕන... තමුන් එකතු වෙන්න ඕන මොකක් වෙනුවෙන්ද කියලයි එයාලා මුලින් තීරණය කරන්න ඕන...

      Delete
    2. මං එක දෙයක් කියන්නං.. ඒක මගේ හිතිවිල්ලක්... ප්‍රායෝගිකව මේකට කරන්න බැරි කරුණු මතු වෙයි.. ඒත් ඒකට තමා මිනිස්සු සාකච්ඡා කරන්න ඕන.. මේක කරන්න ඇයි බැරි සහ ඒ බැරි හේතු හදුනාගෙන ඒ හේතු නැති කරන්න ක්‍රම සෙවීමයි වෙන්න ඕන... එහෙම නැති මාරයට පිස්සු.. උගේ හරක් මොලේට ඕවා තේරෙනවද කියලා තම තමුන්ගේ වගාඩම්බර ගහන එක නෙවෙයි..ඒත් අවාසනාවට සිද්ධ වෙන්නේ ඒක.. ඒ හින්දා හැමදාමත් කට්ටිය ඔතනම තමා...

      මෙන්න මගේ යෝජනාව... විපක්ෂය මේ වෙලාවේ ඉල්ලන්න ඕන විධායක ජනාධිපති ක්‍රමය හා පවතින දේශපාලන ක්‍රමවේදයේ වෙනසක් (ව්‍යවස්ථාමය) කිරීම... ඒකෙන් ප්‍රධාන දේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම... අනතුරුව ඇමති වරු සීමිත ගණනක් පමණක් පත් කල හැකි... වැඩිපුර තනතුරු අරවා මේවා නැති බර අඩු පාලන තන්ත්‍රයක් ඇති කිරීම ගැන ක්‍රමයක් ඇති කිරීම... මේක කෙරෙන්න ඕන ජනමත විචාරණයකින්... මං දන්න තරමින් විධායකය අහෝසි කරන්න ජනමත විචාරණයකට පුළුවන් වෙන්න ඕන... මොකද ඕක ගෙනාවෙත් එහෙමම වීම නිසා... ජනමත විචාරණයක් නිකං හම්බ වෙන්නේ නැති හින්දා මූලිකව විපක්ෂ මංත්‍රීවරු යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න ඕන ජන මත විචාරණයක් තැබිය යුතුයි කියන යෝජනාව.. ඒක පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න ඕන රහස් චන්දයකින් කියන කරුණත් ඇතිව... එහෙම උනොත් පක්ෂ විපක්ෂ භේධයකින් තොරව සාධාරණ තීන්දුවක් ලැබේවි... මොකද පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකගෙම හීනේ විධායක ජනාධිපතිකම දවසකට හරි තමන්ට ගන්න උනත්..ඒක ලොකු හීනයක් කියලා දන්න හින්දා තමුන්ට නැති එක අනුන්ට මොකටද කියලා හිතලා ඕකට විරුද්ධව අත උස්සන්න කෙසේ වෙතත් රහස් චන්දයක් දෙන්න ඉඩ තියෙනවා.. එහෙම උනොත් රටේ ජන මත විචාරණයක් තියලා මේක ඕනද එපාද කියලා අහලා තීරණයක් ගතෑකි... ඒ තීන්දුව හරියට ලැබුනොත්..(මගේ මතේට අනුව තීරණය ලැබෙයි ඕක අහෝසි කරන්න ඕන කියන තැනට..) එයින් පස්සේ පාර්ලිමේන්තුව හරහා අළුත් ක්‍රමයක් හදා ගන්න පුළුවන්... ‍ඒක දෙවැනුව විය යුතු වැඩක්.. ඒ ගැනත් මගේ අදහස් තියෙනවා උනත් මේක දිගින් දිගට ලියන්න කම්මැලි හින්දා දැනට ඇති...

      ඔය විදියේ දේකට මිනිස්සු එකතු කර ගන්න අමාරු වෙයි කියලා මං හිතන්නේ නැහැ... මොකද තියෙන ක්‍රමයට මිනිස්සු කැමැත්තක් නැති හින්දා.. ඒත් විධායකය අහෝසි කිරීම වෙනුවට වෙන එකෙක් මාරු කරන තැනටනං අපේ මිනිස්සු ගෙන්න ගන්න තව දශකයක්වත් බලං ඉන්න වෙයි මහින්ද උපරිම පිස්සුවක් කෙලියොත් ඇර...

      එහෙම නැතිව විපක්ෂයේ උන් හැමදාම ඔහොම බෙලි කපා ගන්නයි බල්ලෝ වගේ පොරකන්නයි ගියොත් වෙන්නේ උඹලා වගේ පාක්ෂිකයෝ ටික හැමදාමත් අනාථ වීම සහ පොදුවේ රටට අහිතකර තීන්දු තීරණ ගැනීමට උනත් පවතින පක්ෂයට නිරායාසයෙන්ම හැකියාව ලැබීම... ඒවට රජයට විතරකි දොස් කියලා වැඩක් නැහැ.. කොහොමත් හැන්ද තියෙන එකා බෙදා ගන්නම තමා බලන්නේ... අනිත් උන් දැන ගන්න ඕන අරූ වැඩියෙන් බෙදා ගද්දී ඒකට එකතු වෙලා විරුද්ධ වෙන්න.. එහෙම නැතිව අනේ මටත් ටිකක් බෙදපං කියලා සද්දේ වහ ගන්න නෙවෙයි....

      ඔය බත් කන හරකෙක් වෙන මගේ අදහස... ඔය ටික කිව්වේ බොහෝම මැදිහත්ව... මේ දවස්වල කට්ටිය වැටිලා ඉන්න වෙලේ පෙරළගෙන ගහන්න උවමනාවක් නැති හින්ද පේන්න තියෙන දේවල් විවෘතව කතා කලාට අවුලක් නැහැනේ... (නැත්තං උඹලා ගිරවු කියෝනවා වගේ කියෝන කොට අපිත් එව්වට උත්තර දෙන්න ඕන ඒ විදියටමනේ.. හා නැද්ද..?)

      (ඔය පහළ තියෙන පින්තූරේ හින්දා පෝස්ට් එක සම්පූර්ණ උනාට ඒක අහක් කරහං බං... ඒකෙන් උඹගේ ෆොන්සේකා උන්නැහේටයි අවනම්බුව.. අර යෝධයට නෙවෙයි...)

      Delete
    3. කොමෙන්ට් එක දිග වැඩි හින්දා තුනට කඩලා දාන්න උනා... කොටලා ඉවර උනාමනේ තේරුනේ දිගයි කියලා... :)

      Delete
    4. මගේ නමත් ගැවිලා තියන නිසා මාරයට යමක් කියන්නම අවශ්යයි, ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයකදී රහසිගතව කටයුතු කිරීම සහ භාෂණයේ නිදහස කියන්නේ සම්පූර්‍නයෙන් දෙකක් . මහින්ද හෝ රනිල් වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකත්වයත් ඇතුලේ සීමිත පිරිසකට සංවේදී බ්ලොග් කරුවන් දඩයම් කරන චීන ක්‍රමයේ පාලනයක් ඇති නොවෙන බව කියන්න ඕනි . භාෂණයේ නිදහස දකින්න පුලුවන් වෙන්නෙ භාහිර සමාජයේ . රනිල්ගේ පාලන කාලය ඇතුලේ රජය රිසි සේ විවේචනය කරන්න මාධ්‍ය වලට තිබුන ඉඩ කඩ තමයි එජාප රජයට එරෙහි මතවාදය ගොඩ නගන්න ජවිපය සහ හෙල උරුමය භාවිතා කලේ . දිවයින වගේ පත්තර බොහොම ප්‍රසිද්ධියෙත් හෙල උරුමය අන්තර්ජාලයෙත් "කිසිම වාරණයකින් " තොරව ඕක කරගෙන ගියා . රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහිව කටයුතු කලත් අද අයිටීන් එක හෝ ජාතික රූපවාහිනිය තරම් බලාඉන්න අසික්කිත විදිහට කඩේ ගියේ නෑ , සියලුම චැනල් බදු අරගෙන ජනහමු තියන්න , පක්ෂ සම්මේලනත් ලයිව් පෙන්වන්න කටයුතු කලෙත් නෑ වැදගත්ම කාරණය මාධ්‍ය වේදීන් ඝාතනය වුනේ හෝ රට හැර ගියේ නෑ , මේ තත්වය නොදැක්කා නම් ඒ මාරයා ඔය කාලේ දි ඇස් කන් පියාගෙන හිටපු නිසා හෝ හිතා මතාම පිලිගන්න අකමැති නිසා . ලංකාවේ භාෂනයේ නිදහස පිලිබඳ මම දකින හොඳම යුගය රනිල්ගේ අවුරුදු 2 (මේක සර්ව සම්පූර්න නැ කොහෙත්ම ) , භයානකම යුගය ප්‍රේමදාස උන්නැහෙගේ යුගය . මහින්ද ඉන්නේ අතර මැද , රනිල් ගේ බරපතල අඩුපාඩු කම් රාශියක් තියෙයි නමුත් මහින්ද ගේ පාලනයට විකල්පයක් (රට ගමන් කරන දිශානතියට විකල්පයක් අවශ්‍යයි කියල හිතෙන කෙනෙකුට ) අවශ්‍ය නම් තියන හොඳම විකල්පය රනිල් (මේ හොඳ නිර්ණය වෙන්නේ සාපේක්ෂව . හැබැයි රට මේ යන විදිහ ගැන සතුටු නම් රනිල්ගේ ලිංගිකත්වයට උනත් මඩ පාර ගහගෙන විවේචනය කරන්න ඕනි තරම් හැකියාවත් තියනවා . යුධ හමුදාවක සිටීම හෝ නොහිටීම ගැටලුවක් නොවෙයි අදාල පරිසරයට අනුව හැඩ ගැහෙන්න පුලුවන් නම් . සාර්ථක රාජ්‍ය නායකයින් වුනු හිටපු හමුදා නායකයින් ඕනි තරම් ඉන්නවා . කොහොම වුනත් ෆොන්සේකාගේ හෝ ගෝඨාගේ ඒ තත්වය නෑ කියන එකට මම එකඟයි , නමුත් සංවේදී තාවය කියන "විකුණන " නිර්නායකයෙන් නෙමෙයි , උපාය ශිලි දේශපාලන බුද්ධිය අනුව . උදාහරණයක් විදිහට ගෝඨාබය මහත්තයා පලාත් සභා අහෝසි කල යුතුයි කියල ඍජුව කරපු ප්‍රකාශය මහින්ද මහත්තය ඇත්තටම් කරන්න හිතුවත් ඔය වගේ එක පාරටම එලියට දන්නෙ නෑ

      Delete
    5. මාරයියා කියපු කාරණා එකින් එක අරන් රිප්ලයි කරන්න බැරුවට ම‍ගෙත් ඇහැ ගි‍යේ ‍මේ වචන කීපයට...

      //අද මහින්දට බනින උදවියට තියෙන නිදහස රනිල් යටතේ තියෙයිද කියලා මං අමුතුවෙන් කියන්න යන්නේ නැහැ.. කොටින්ම අද බ්ලොග් ලියන බුවාට/ සෑම්ට තියෙන නිදහස එදාට මට නැති වේවී...

      ජේවීපීය ගැන මං කතා කරන්න ඕන නැහැ... ඒ ගැන සෑම්වත් වෙන කවුරුවත් ඒ හැටි හිතන එකක්වත් නැහැ... ඒක අපි අමතක කරමු...//

      බුවා උඩින් කිව්වා ව‍ගේ රනිල් ඒ කා‍ලේ මාධ්‍යය අනිසි විදිහට භාවිත කලා කියල ‍දොස් කියන්න බැහැ. ‍මොකද TNL එක පවා ඒ කා‍ලේ අසරන ‍වෙලා හිටි‍යේ.තවත් ‍දෙයක් මාධ්‍ය නිදහස ගැනත් ඒකා‍ලේ අර්බුධ තිබු‍‍‍නෙ නැහැො!

      මාරයියා‍ගේ ‍/ බුවා‍ගේ සවිස්තරාත්මක ක‍මෙන්ට් වලට ස්තුතියි.

      මාරයියා සදහන් කරල තිබ්බ ව‍ගේම ‍පොදු ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය පැහැදිලියි. මාත් ඒ ම‍ත‍යේ. ඒත් ‍පොදු‍වේ එකගතාවයකට එන්න බැරි එකා මහ කුහක‍යෙක් කියල හිතන මත‍යේ සෑමා ඉන්න නිසා තමා ‍මේක ලියවු‍නේ.

      ජය !

      Delete
    6. @මාරයියා - කිව්වත් ව‍ගේ පොටෝව ‍වෙනස් කළා.. වැඩි ‍වෙනසක් ක‍ලේ නැහැ හැබැයි !

      Delete
    7. බොහොම හොඳයි මල්ලි... ඒ ඇති...

      Delete
    8. සමස්ථයක් විදියට මාරයාගේ දීර්ඝ කොමෙන්ටුව හා එකගයි.

      //අද මහින්දට බනින උදවියට තියෙන නිදහස රනිල් යටතේ තියෙයිද කියලා මං අමුතුවෙන් කියන්න යන්නේ නැහැ.//
      ඒ ගැන මේ දැන් යමක් කියලා තියෙන එක පවා අනතුරුදායකයි.

      //ජේවීපීය ගැන මං කතා කරන්න ඕන නැහැ... ඒ ගැන සෑම්වත් වෙන කවුරුවත් ඒ හැටි හිතන එකක්වත් නැහැ... ඒක අපි අමතක කරමු...//
      එකගයි....හැබැයි මාරයෝ උඹලා ජේ වී පී ය සම්බන්ධයෙන් ටික් කෘතවේදී වෙනවනම් හොදයි. අපට පක්ෂයක් නැතිවුනෙත් උඹලට (පක්ෂයට) මහින්ද රාජපක්ෂ කියලා රාජ්‍ය නායකයෙක් ලැබුණෙත් ජේ වී පී ය 2005 දි ගත්ත තීරණය නිසයි.

      මාරයා ගෙනත් තියෙන යෝජනා සම්බන්ධයෙන් 100%ක් එකගයි.

      Delete
    9. රනිල් මහතාගේ පාලන කාලයක් ලංකාවේ තිබුනේ නැත. තිබුනේ චන්ද්‍රිකා නමැති ජනාධිපතිවරියගේ කැබිනට් මණ්ඩලය රනිල් ඇතුළු පිරිසගේ වීමය. මේ ආකෘතියේ නියම පාලන සමයක් වන්නේ ව්‍යවස්ථාදායක හා විධායකය යන දෙකම එක පැත්තෙන් සිටින විටය. එනිසා එය රනිල්ගේ පාලන කාලයක් යයි කිව නොහැක. එහෙත් එවැනි අවස්ථාවක මාධ්‍ය නිදහස තිබිය හැක යනුවෙන් සිතිය හැක.

      Delete
    10. සුදීක හරියටම හරි. රනිල් ළග තිබුණෙ කොපුව විතරයි, කඩුව තිබුණෙ චන්ද්‍රිකා ළග.

      Delete
    11. චන්ද්‍රිකා කඩුව භාවිතා කලේ නැත , ඇයට අවශ්‍යතාවයක් වී නම් සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම හෝ වලකා ලන්නට නෛතික හැකියාව තිබිනි .අමාත්‍යධූර තුනක් පවරාගන්නා තෙක් සම්පූර්න රාජ්‍ය පාලනය සිදු කලේ එජාපයට අවැසි ආකාරයටය. ආරක්ෂක මුදල් ජනමාධ්‍ය සියලු අමාත්‍යංශ රිසි සේ පාලනයක කල පාලන කාලය රනිල්ගේ පාලනයක ස්වාභාවය නිරීක්ෂණය සඳහා යොදාගැනීමේ වරදක් නොමැත . එසේ නොමැති නම් සටන් විරාමයට රනිල්ට බැනීමේ තේරුමක්ද නොමැත

      Delete
    12. රනිල් අති දක්ෂ කළමනාකරුවෙකි. ඇත්තටම මේ මනුස්සය මොකට දේශපාලනයට ගියාද මන්ද පුද්ගලික කොම්පැනියක CEO කෙනෙක්ට හොඳයි.

      Delete
  15. මම නම් ඔය මාරයියට මොකුත් කියන්නෙත් නෑ, උඹටත් මොකුත් කියන්නෙ නෑ. ඔය දේශපාලනේ ගැන කමෙන්ට් කරාම පස්සෙන් කස්ටියක් එනව වාදෙට, කමෙන්ට් කොටලම පන යනව. ඊට වැඩිය හොඳයි ඔක්කොම එකයි කියල පාඩුවෙ ඉන්න එක.

    ReplyDelete
  16. හරක් පුකෙන්, බලු හොම්ම්බෙන්......නරකම නෑ .අදයි මේ පැත්තට ගොඩ වුනේ ජය වේවා!!

    ReplyDelete
  17. අපිත් ඉතින් හැමදාම මේ හරක්ගේ පුක පැත්තෙන් යමු.... ඒකනෙමෙ මම මඥ්ඥං වෙලා ගියා මේක මාරයාගේ බ්ලොගවත්ද කියලා..

    ReplyDelete
  18. Cats & Dogs 2 වෙනි කොට‌ෙස් මරු කතාවක් තියෙනවා... පොදු සතුරෙක්ට විරුද්ධව බල්ලොයි පූසොයි එකතුවෙලා වැඩ කරනවා...
    “ Cats & Dogs must work together” කියලා කිව්වම ඔක්කොම බල්ලො පූසෝ ටික උඩ යනවා.... හි හි... ඒත් උන් ඒ වැඩේ කරනවා....

    ඔන්න ඕක තමා මට මතක් උනේ....

    ReplyDelete
    Replies
    1. පොදු සතුරා ඉතින් විධායක ජානාධිපති ක්‍රමය නේ. ඒක නැති කරන්න වුනොත් එකට එකතු වෙයි ඒක බෙර ගන්න. මොකද ඒ හැමෝම මේ ක්‍රමයේ ලාභාංශ ගන්න අය නිසා.

      Delete
  19. කාලයට ගැළපෙන පෙළ ගැස්මක්.කියන්න බොහෝ ඇත.එත්?

    ReplyDelete
  20. සෑමො, දේශපාලනයේදී උඹ තරමටවත් ෆොන්සේකා පරිණත කෙනෙක් නෙවෙයි. ඔහු සෑම විටම කතාකළේ “මම” ගැන, නමුත් දේශපාලනයේදී කතාරකරන්න ඕන “අප” ගැන. ඒ වගේම ක්‍රම විරෝධය මගහැරලා පුද්ගල විරෝධය පදනම් කරගෙන කරන දේශපාලනකදී හොද ඉවක් තියෙන්න ඕන. ඒ ඉව ත් ඔහුට තිබුණෙ නෑ. ඔහු ෆේල්.....
    ඔහු ෆේල් බව ඔහුට නොවැටහුනාට අනෝමා මහත්මියටනම් වැටහිලා වගේ.

    තවත් දෙයක්...... මතකද උඹට ෆොන්සේකාගෙන් සම්මමානයක් ලැබුණ වෙලාවෙ (මට හරියටම කවුද කියලා මතක නෑ) උඹේ අතේ ස්කෑන් පිටපතක් ඉල්ලලා තිබුණා, ඉඹින්න..... දැන් කෝ ඒ අය ? ෆොන්සේකට හිටියෙ අන්න ඒ වගේ මිනිස්සු. පාක්ෂිකයොවත් කාඩර්වරුවත් නෙවෙයි නිකංම නිකං හැගීම්.
    ඉතිං කාටවත් බැනලා වැඩක් නෑ බං......

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.යුධ නායකත්වය සුදුසු කමක් නෙමෙයි ජනතා නියෝජිතයෙකු වන්නට.

      Delete
  21. කතාවේ තියෙන විදියට බයිසිකලේ කන්දක් පදිද්දී බල්ලෝ අහුවෙන්නේ නැතිවෙන අවස්ථාවල් කොතෙකුත් තියේද? මතක් වෙද්දීත් ඒ වේදනාව දැනෙනවා.

    ReplyDelete
  22. කොල්ල කවුද බල්ල කවුද කියල ජනරාල් තුමා තේරුන් නොගත්ත එක ගැන කණගාටුයි. කොහොම උනත් මොන කෙලි මැද හරි ආපු උන් වෙනුවෙන් එතුම ඉස්සරහට පෙනී සිටින් ව්දිය අනුව තමා ජනාතාව මීළඟ වටේදි ඡන්දෙ දෙන්නෙ කියන එක ලොක්කට මතක් කරහන්.

    ReplyDelete
  23. හිතන්නට යමක ඇත.

    ReplyDelete
  24. සැමා බල්ලන් ගැන සඳහන් කර ඇත.. මටත් පට්ට දුක ඒකය. බුවත් කියන්න තියෙන දේ කියා ඇත. මහරාජාගේ ලනු කාපු ෆොන්සේකා මහත්තයාට ඇක්සිඩන්ටෙකකට පිරෙන සෙන්ගවත් ගෙන්න ගන්න බැරි උනාට රනිල් පලි නැත. ඔබේ නිග්‍රහ කිරීමෙන් පෙනෙන්නේ රනිල්ට ෆොන්සේකා මහත්තයාට වඩා යමක් කල හැකි බව හා. ඒ කෙරේ ෆොන්සේකා මහත්තයා තුල ඇති වේදනාව හා වෛරය ඔබ තුලද ඇති බවකි. යූ ඇන් පීයේ සජිත් එහි නැගී එන පරපුරට දිරච්ච ලනුවක් දුන්නේය. කරූ එය බදාගෙන කා අද කඹ රෙන්නේය. යූ ඇන් පී යේ චරිත වී උන් දයාසිරි බුද්ධික තලතා රෝසි සුජීව යන අයත් ළණුව කා අද කටේ පිට්ටු දමාගෙන ඉන්නේය. සජිත් දිණුවේය. අද සජිත් නිහඬය. සජිත් ඒ ළණුවම ජනරාල්ටද දෙන්න ගියත් ජනරාල් ඒ ලනුව නොකෑවේය. සජිත් ඇරියේ නැත. කරූට කියා ගුලිය ඇඹරුවේය. ජනරාල් එකසිය ගානට කෑවේය. හතේ හත නැති සැමාගේ රනිල් බල්ලාගේ මැක්කන් වන පාලිත රංගේ බන්ඩාර, පාලිත තෙරප්ප්පෙරුම, අනික් එකාගේ නමවත් දන්නේ නැත. මෛත්‍රී හා ශිරල් සමග අපේ රට දිණූ සිංහයා නිදා ගත්තේය.. බල්ලා සිහනද පතුරා එළවා දැමිය හැක එහෙත් බලු මැක්කෝ ඇඟේ එල්ලාගත් සිංහයාට කුමක් වන්නේදැයි අප බලා සිටිමු..

    පොදු සතුරා රනිල්ය... දේශප්‍රේමීනී එක්වවු...

    අපි රනිල් මරමු.....



    ReplyDelete
    Replies
    1. රංගෙ බණ්ඩාර, තෙවරප්පෙරුම වැන්නන් මැක්කන් විය නොහැක. මොකද ඔවුන් දෙදෙනාම ජාතික ලැයිස්තුවෙන් පිනට ආව උන් නොවේ.තමන් නියෝජනය කල දිස්ත්‍රික්ක දෙකෙන්ම වැඩිම මනාප ගත්තේ උන්ය. රනිල් බල්ලාගෙ මැක්කන් නම් තිස්ස,මංගල,වජිර,සාගල,දයා පැල්පොල,මලික් වැන්නවුන්ය. බල්ලා මල දාට මැක්කන් කපෝතිය.

      Delete
    2. මැක්කන් නොවේ නම් එජාපයේන් තොරව මැතිවරණ දිනා පැමිණිය හැකි විය යුතුය . දාමුද ඔට්ටුවක් ඔය තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට්වත් ඒජාපයෙන් හෝ සංධානයෙන් ඡන්දෙට නොගිහින් පාර්ලිමෙන්තු එන්න බෑ

      Delete
    3. දාමුද ඔට්ටුවක් රනිල් නැමති වීරයාටවත් බෑ බන් ප්‍රධාන පක්ෂ දෙකෙන් නැතුව පාර්ලිමෙන්තු යන්න. මම කියන්නෙ මේකයි තමන්ට හොඳයි කියල හිතන පැත්තට පක්ෂග්‍රාහීව ඉන්නකම් හැමෝම හොඳයි,පොඩ්ඩක් හරි එහෙමෙහෙ උන ගමන් මැක්කො වෙලා. ආණ්ඩුවෙ දේශද්‍රෝහී, දේශප්‍රේමී කථාව වගේ.දැන් උඹලට රංගේ බණ්ඩාරල සෙට් එක මැක්කො වෙලා,කරුත් මැක්ක,මෙච්චර කල් කොටස් වශයෙන් ආණ්ඩුවට එකතු උන එවුනුත් මැක්කො,මංගලත් මැක්ක,සජිත්, රෝසි,තලතා,සුජීව,බුද්ධික නඩයත් මැක්කො, දයාසිරිත් මැක්ක, එතකොට මැක්කන් නොවන වීදුරු බට්ටන් කවුද කියල කියපන්.

      Delete
    4. කරූ ගැන ම දරන්නේ මාගේ ඇත්දැකීම් සමග යන්නාවූ මතයකි. කරූ තම සපෝටර්ලාට කරන්නේද ජනරාල්ට කරපු දෙයමය. අනෙක් අය මැක්කන් ලෙස හඳුන්වා ඇත්තේ සැමාගේ තියරිය අනුවය. නමුත් ඔය එකෙක්වත් මැක්කන් නොවේ බොහෝ වටිනාකම් ඇති වෙළඳ භාන්ඩය. නමුත් දයාසිරිට එයත් හරස් වීය.. ඔය නම් කරපු සියලු දෙනාම දේශපාලන ළදරුවෝය. මහින්ද අවුරුදු 30 ක් පමණ ඉවසුවේය. දැන් ඉන්න උන්ට ඉවසීම කියනා දෙය නැත්තේය. හරියට ඉන්ස්ටන්ට් නූඩලස් වගේය. රත්වූ වතුරේ හොඩක් වෙලා තම්බා බෙරිවෙලාය.. ෆොන්සේකා මහතාත් එසේමය.

      Delete
    5. //දාමුද ඔට්ටුවක් රනිල් නැමති වීරයාටවත් බෑ බන් ප්‍රධාන පක්ෂ දෙකෙන් නැතුව පාර්ලිමෙන්තු යන්න//

      රනිල් කියන පුද්ගල චරිතයට එහෙම අමුතු වටිනා කමක් නැ , වීරත්වයක් තියා ගොඩ දෙනෙක් මිනිහව විග්‍රහ කරන්නේ *න්නයෙක් විදිහට ඉතින් එජාපය නැතුව යන්න බැරි වෙයි , නමුත් වැදගත් වෙන්නේ මිනිහා එජාපයේ නායකයා වෙලා ඉන්න කන් ෆොන්සේකට කිට්ටු කරන්නවත් බැරි තරම් මනාප ගන්න එක . ප්‍රධාන පක්ෂ දෙකෙන් තොරව දේශපාලනය කලොත් සත පහකට වැඩක් නෑ කියන එක ෆොන්සෙකා මහත්තය තේරුම් ගන්න ඔනි . ඕක ලංකාවේ විතරක් නෙවෙයි ඔබාමට වුනත් පොදු කාරණයක්!

      Delete
  25. හිකිස්!!!
    හිනා උනේ නම් අර බලු / හරක් කතාවට..
    අනිත් එවුව ගැන නම් මං දන්නේ නෑ ඕන්...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  26. හිත හදාගනින් සෑම් අපිට බලවත් ආණ්ඩුවක් තියෙනවා කියලා කාටවත් හොල්ලනවත් බැරි.

    ReplyDelete
  27. බල්ලොත් එක්ක බැරි බව සැබෑය. හැබැයි ඕක තෙරුම් ගන්නෙ පරක්කුවෙලානේ එතකොට ඉස්තාලෙත් වහන්න පරක්කුයි. අනික ඔය බල්ලො හීලෑකරගන්න එක හරිම අමාරු වැඩක් ඒකට පල පුරුද්ද තියෙන්න ඕන. බලන්නකො ඔය බුර බුර උන්න බල්ලො කොච්චරනම් කීකර උනාම ස්වාමියට ලැදිද කියලා. බල්ලො පුරුදුකරන්න නොදැන බල්ලොත් එක්ක ලගින්න ආවහම වෙනදේ අනේ පවු කියන එකය.
    එහෙම බලන් ගියාමනම් ,…
    …බල්ලොත් එක්ක බැරි නෑ බල්ලොත් එක්ක තමයි පුලුවන්

    ReplyDelete
  28. නරි බුරති කියන මාතෘකාවෙන් සෑමා මීළඟ පොස්ට් ඒක දමන තුරු බලා හිඳිමි. මේ චායාරුපය දුටු විට හිතෙන්නේ සෑමා ෆොන්සේකා මහතාගේ ගම ප්‍රසිද්ද රැකියාවට දක්ෂ බවය. අම්බලන්ගොඩ යනු වෙස් මුහුණු සහ රූකඩ වලට නම ගිය ගම නිසාය. නැත්නම් මේකෙන් කියවෙන්නේ හමුදා ඇඟකට දේශපාලන ඔලුවක් බද්ද කිරීමෙන් අගනා දේශපාලනයටත් නැති හමුදාවටත් නැති දෙමුහුං වර්ගයේ නායකයෙක් හදා ගත හැකි බවය.

    ReplyDelete
  29. 2010 දී අපේ ලොක්කා දිනුවානම් අද රනිල්ලගෙ, සෝමවංශලගෙ හැමෝගෙම ලොක්කා SF ය. උන් ඒ කාලෙ SF ව නායකය කරගෙන ගෝලයො රොත්ත වගේ පස්සෙන් ගියේය. ඒත් දැන් රනිල කියන්නෙ SF ට උගෙ ගෝලයෙක් වෙන්න කියාය.ඇයි උන්ට දැනුත් SF ව පොදු විපක්ෂයක නායකය කරගෙන බැරි. එහෙම ගියානම් අනිව දිනනවාය. රනිල්,සජිත් දෙන්නම බලු කුහකයන්ය. SF ආවොත් උන්ගෙ place එක නැති වන බව උන් දන්නවාය.

    ReplyDelete
    Replies
    1. 01) දිනන්න පුලුවන් කමක් තිබුනා නම් රනිල් ෆොන්සේකාව නායකයා කරගනියි කියා මා හිතන්නේ නැත

      02) ෆොන්සේකා මහතාට දැන් ඡන්ද ඉල්ලීමේ අයිතියක් නැත , එනිසා ඔහු පොදු විපක්ෂයේ නායකයා කියා තබා ගැනීමෙන් ඇති ඒ තරම් ලොකු වාසියකුත් නැත

      03) අනෙක් අතින් ෆොන්සේකා මහතාට දැනට පිහිටුවා ඇති ඒකා බද්ධ විපක්ෂයට එකතු වන්නට ආරාධනා කර ඇත , එයට එකතු වී නම් මැතිවරණයටඉල්ලන අයිතියත් ලැබුනොත් නැවතත් පොදු අපේක්ෂකයා විමේ බැරි කමක් නැත . එජාපය නොමැතිව මහ මැතිවරණයට ගොස් මන්ත්‍රි ආසන 10 ක් ලබා ගත හැකි නොහැකි ෆොන්සේකා මහතා පිටුපසින් යැමේ අවශ්‍යතාවයක් හෝ එජාපයට නැත

      Delete
    2. ෆොන්සේකා මහත්තයාගේ දේශපාලනය ඔතනින් අහවරය..

      Delete
    3. කවුරු නැතුව ගියත් අපි ඒ නිර්භීත මිනිසාව තනි කරන්නෙ නඇත. මාතලන් අයියා සඳරුවන් සේනාධීර අයියාමද ?? ....

      Delete
    4. ඒ නිර්භීත මිනිසාට ශ්‍රීලංකික 100% තිබූ ආදරය 50% බැස්සුවේ ඔහුව මේ දෙශපාලන නරකාදියට ඇද දැමූ බල්ලන්ය

      මේ ගැන ලියපු එකක්.... ජන(අ)ප්‍රිය

      Delete
  30. බල්ලොත් එක්ක බැරි බව තේරුම් අරන් සෑහෙන්ට කල් උනාට උන් නැතුව බැරි එකනේ සැමෝ පුරස්නෙකට තියෙන්නේ.

    ReplyDelete
  31. යාස්‌!!!!...... බල්ලොත් එක්ක නම් බැරිය..

    ReplyDelete
  32. හරක් පුකයි, බලු හොම්බයි... හික්ස්...

    ReplyDelete
  33. කලකිරෙනවාය.මානවකයා මාමා ගේ හොඳ කකුලකි.පරාක්‍රම ට ගරු කරමි.ජනරාලට අනුකම්පා කරමි.ඉහි ඉහි ...

    ReplyDelete
  34. මේකට දාන කමෙන්ට් එක මේ හිතුවේ.. දේශපාලනේට මම නෑනේ බං..

    ReplyDelete
  35. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... :D

    ReplyDelete
  36. අනේ අප්පේ ඒකටත් දේශපාලනේ..... අනිච්චේ දුක්ඛේ..!!!

    ReplyDelete
  37. අර චිත්තර පටයේ දෙවනි එකේදී බල්ලන් පූසන් හා එක්වේ. එය සෑමාගේ කතාවේද වේවිද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...