Monday, October 15, 2012

දිවුල් බීම සිසිල් කරන ආකරය - සෑමාගේ ගෘහ විද්‍යාව.


බෝතල් ගත කළ බීමක් සිසිල් කිරීමට ඔබට ශීතකරණයක් අවශ්‍යය වනවා ඇත. එහෙත් සෑමාගේ ගෘහ විද්‍යාවට අනුව බෝතල් ගත කළ බීමක් අයිස් ක්‍රීම් වලින් සංතෘප්ත කොට වෙරලාසන්නයේදී පවා පිළියෙල කොටගෙන පානය කළ හැකිය. එය මෙසේය,

අවශ්‍ය ද්‍රව්‍යය -

  1. සාදා ගත් දිවුල් කිරි බෝතලයක්
  2. කෝන් අයිස් ක්‍රීම් අවශ්‍ය පමණට
  3. මුහුද අසල පිහිටි ගල් තලාවක්
  4. මරුටි කාරයක්


මුලින්ම සාදිගත්  දිවුල් කිරි බෝතලය මරුටි කාරයේ දමාගෙන මුහුද අසල පිහිටි ගල් තලාව ලගට රැගෙන යා යුතුය. ඒ අතර මගදී බෝතලයෙන් දිවුල් කිරි භාගයක් ඉතිරි වනසේ පානය කළ යුතුය. ඉන්පසු ගල් තලාව අසල වාහනය නවත්වා අසල පිහිටි අයිස් ක්‍රීම් වාහනයෙන් අයිස් කෝන් අවශ්‍යය ප්‍රමාණයට මිලදී ගත යුතුය. 

ඉන්පසුව අයිස් කෝනයක කොන කඩා, බෝතලයේ කටෙන් ඇතුල් කළ යුතුය. එසේ තිබියදී ඉතිරි අයිස් කෝනයක උල ආධාරයෙන් බෝතලය මත තිබෙන අයිස් කෝනයේ අයිස් ක්‍රීම් තෙරපමින් ඇතුලට යවන්න. අයිස් ක්‍රීම් සියල්ල තෙරපමින් ඇතුලට යැවිය නොහැක නිසා, මුහුද අසල ගල්තලාව මත තබමින්, මද හිරු එලියේ අයිස් ක්‍රීම් දියවන්නට හරින්න. එවිට කෝනයේ ඇති අයිස් ක්‍රීම් සාර්ථකව බෝතලය ඇතුලට ගමන් කරන්නේය.

ඉන් පසු බෝතලය හොදින් සොලවා පානය කරන්න.







මේ දැන් කළ සොයා බැලීමක්ය, අත්හදා බලා අදහස් ප්‍රකාශ කිරීම වටින්නේය. අදහස් හා අනෙකුත් උපකාර වලින් සහය දුන්නේ ප්‍රවීන සූපවේදීන් වන ලක්ෂාන් සහ දිල්හාර මහත්වරුන්ගෙන්ය.

 සැමට ජය !

Written by sAm_2:50pm_15/10/2012

101 comments:

  1. Elanne, maruti karayak dan koinda hoyanne. Bike eke genihin hariyana ekak natheyi?

    ReplyDelete
    Replies
    1. පුලුවන් හැබැයි මගදීම දියවෙයි :/

      Delete
  2. මරු වැඩේ ඈ... කව්ද මේ ඡායාරූප ගත්ත ප්‍රවීණ මාධ්‍යදවේදී තුමා?

    ReplyDelete
  3. අර උඩ තියෙන ලොරියෙං අයිස් ක්‍රීම් කෑවොත්නං නොමි‍ලේ පිටගැස්මත් හදාගන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ ඕක මුහුදු හුලගටමයි බං මලකඩ කන්න ඇත්තේ !

      Delete
  4. හොඳයි හොඳයි දෙන්නත් එක්ක දිවුල් කූල් කරගෙන බීලා ෆොටෝත් අරගෙන... :) පොඩි පිහියක් තිබුනානම් කෝන් එකේ කොන නොකඩා කපා ගන්නත් තිබුණ..

    ReplyDelete
    Replies
    1. දෙන්න නෙවෙ බං තුන්දෙනා. යටින්ම නම දාල තියෙන්නේ ඒ සූප වේදී මහත්තුරු දෙන්නගේ...:)

      කොන කපන එක තමා මානුෂීය නේද බං ?

      Delete
  5. ඒකත් අනූපමාගෙ වගේ....

    ReplyDelete
    Replies
    1. යටින් තියෙන නම බලන්න රාජ් මහත්තයා !

      Delete
  6. මට ඔය කොණ එක්ක දාන සෙල්ලම් මුහුදු වෙරලක් වගේ තැනක දාන්න අකමැති හින්දා ගෙදර් ගිහින්ම දිවුල් බොනවා

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මද පවනේ බොනකොට තමා සැරට වදින්නේ !

      Delete
  7. ඈ බං සෑමෝ.. ඒ ක්‍රමේ නං මරු කමයි. පරහකට තියෙන්නේ මට ඔය වගේ අත් දෙක දිකටම දාලා ඉන්ට අමාරු එකනේ.

    ReplyDelete
    Replies
    1. මටත් කලින් තිබ්බ පුරස්නයක්.. දැන් නම් ඒක පුරුදුයි :)

      Delete
  8. අත්හදා බලන්නට වටින අදහසක්..තැන්කූ සෑමෝ..

    ReplyDelete
  9. ක්‍රමේ නං මරු! ඒත් මක්කටෙයි බං වෙරළ අයිනේ ගල්තලාවටම යන්න ඕන ඇ... :ඩි

    ReplyDelete
    Replies
    1. ඇයි බොල ගල් තලාව උඩ තියලා අව්ව වැටුනම තමා හොදට අයිස් කීම දියකරවන්නේ.

      Delete
    2. ගල්තලාවේ කිරිම දියවෙන හැටි

      Delete
  10. ඉතින් ඔය ගල ගාවටම ගිහින්ද ඇතුලට දාන්න කොන කඩ ගන්න ඕන?..

    ReplyDelete
    Replies
    1. කලින් කඩල තිබ්බ නම් කරදර අවමයි !

      Delete
    2. එහෙනං සැමට කරදරයක් නැති වෙන්නැති....

      Delete
  11. රහට හිටීවි...... :P

    ReplyDelete
  12. හත් වලාමේ...... යකෝ අයිස් ක්‍රීම් ඒක

    ReplyDelete
    Replies
    1. ඇයි?? අපි අයිස් කිරිම දිය කරලා ගානට කෝන් එක දිගේ බෝතලයට යැව්වා !

      Delete
    2. දැන් අර කෝන් එකට මක්කෙයි කොරන්නේ.

      Delete
  13. මට හිතුන ටික කියන්නද එපාද සිතමින්....
    මේ ඇයි අත් දිග කමිසයක් ඇදන් ඉන්නෙ?
    ෆොටෝ ගන්නෙ කවුද?
    ඇයි මුහුද ලඟටම යන්නෙ?
    වගේ ප්‍රශ්න පත්තරයක් ඔළුවට එනවා අෆ්ෆා හික් හික්....

    ReplyDelete
    Replies
    1. 1. අත් දිග කමිස හොද නැද්ද?
      2. ෆොටෝ ගන්නේ සෑමා. පොටෝවෙ අත පේන ප්‍රවීන සූපවේදියා ලක්ෂාන්.
      3. ගල් තලාවක් අවශ්‍ය නිසා. අර වගේ අයිස් ක්‍රීම් ලොරියක් අවශ්‍ය නිසා.

      තව ප්‍රශ්න තිබේද ? තිබේ නම් යොමු කරන්න. :)

      Delete
  14. සෑමා සහ මරුටියේ වික්‍රමයන්ද? හෑ... ඇත්තටම සෑම් ටයි පොල්ල එහෙම දාගෙන වගේ වැඩට යන්නේ, කවුද ෆොටෝ ගත්තේ ?

    ReplyDelete
    Replies
    1. ටයි පොල්ල දාගෙන ඉන්නේ අපේ සූපවේදී ලක්ෂාන් මහතා බං :)

      ෆොටෝ සැට් එක මගෙන් !

      Delete
  15. අපිට මරුටි කාර් නැහැ අයිස් ක්‍රීම් ගන්න සල්ලිත් නැහැ ළඟ පාත ගල් තලාවකුත් නැහැ දැන් මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. සරලව දිවුල් ගසකට පොල්ලක් ගසා, කූල් වතුර වීදුරවකින් හදා ගන්න. රසයි. සෞඛ්‍ය සම්පන්නයි !

      Delete
  16. හි හි.... මාර අත්හදා බැලීම්....

    ReplyDelete
    Replies
    1. බීච් එක ලග හිටපු පොඩි කොල්ලො සැට් එකක් දුවගෙන ඇවිත් ඔලුව දාලත් බැලුවා. අපේ වැඩ :)

      Delete
  17. ඔය ඉඳල හිටල උඹ ‘ගෘහ විද්‍යාව‘ ගැන ලියන එකත් හොඳා. ඒත් බං මේක දැක්කම මට මතක් වුනේ වෙන විද්‍යාවක්. ඒක මෙතන නොකිය ඉන්න එක හොඳා වගේ. අපි හොඳ ළමයි හරිය.

    ReplyDelete
    Replies
    1. යකෝ මූ ලැජ්ජ බයට හැදිලා.. උබ නොකියන විද්දියාව මොකක්ද බං ? :)

      Delete
  18. හෑ...... :ඕ අදමනේ බොලේ මේ ක්‍රමයක් ඇහුවෙ??? හික්ස්ස්ස්...
    කවුද ඔය කැමරාකරුවා?? නිරූපනය?? අධ්‍යක්ෂණය?? එව්වාත් දැම්මානම්....

    ReplyDelete
    Replies
    1. මේක විද්‍යාත්මක ක්‍රමයක්..

      කැමරාකරනය - සෑමා
      නිරුපනය - සූපවේදි ලක්ෂාන් මහතා
      අධ්‍යක්ෂනය - දිල්හාර මහතා

      :)

      Delete
  19. උඹේ දිවුල් සිසිල් කිරිම කෙසේ වෙතත් නැන්දාගේ ඒ කියන්නේ අපේ සෑමාගේ මව විසින් පිපාසිතව සිටි අපට සාදා දුන් දිවුල් කිරි විදුරුව නම් පංකාදුය

    ReplyDelete
    Replies
    1. අඩේ එදා උබ බිව්වා නේද දිවුල් ??

      බලපං අපෙ අම්මා ගෙදර හිටපු මට දුන්නෙ නැති හැටි.. :(

      Delete
  20. හික්ස්...
    කැමරා කරුවෙකු නං වෙන්න බෑ...
    සුවර් එකටම කැමරා කාරියක් වෙන්න ඕනා...
    මොකද මූදු වෙරලකනේ ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං මාව විනාසකරන්නම දගලන එකා ඇවිත්.

      කාරියක් නෙවේ බොල, පොටෝ ගැහුවේ මම. අනිත් එවුන් දෙන්නා ගේ අදසක් :)

      Delete
  21. ඔන්න මම ට්‍රයි කරලා ට්‍රයි කරලා අන්තිමේදී A වල ඉඳන් Z වෙනකන් කියවල ඉවර කර උඹේ බ්ලොග් ස්ටේටස් ටික...
    විවේචනය හොඳය.එත් අමු අමුවේම කඩේ යාම හිරිකිතය..එත් ඒක උඹේ අතල්ය....එත් උඹ පව්ය..
    උඹේ writing style ඒක නම් එලය..creative ය..විවිධකරය...
    සරලවම කිව්වොත් සටෙටස් ටික මරුය..
    දිගටම උඹට අත සෙලවීමට ලැබේවා..
    එහෙම කෙරුවට පස්සේ මටත් අප්ඩේට් එකක් දාපන් ගොඩ වෙලා යන්න...
    ජය..

    ReplyDelete
    Replies
    1. අත සෙලවීම කළ යුත්තේ රහසේමය. ප්‍රසිද්ධියේ අත සෙලවීම අවුල්ය. :)

      ස්තුති වේවා !

      ජය සිරි !

      Delete
  22. අප්පේ මැදැ ගත්ත වෙහෙසක්.දැන් ඉතින් කොහෙමෙත් වෙහෙස නිවා ගන්න දිවුල් විදුරුවක් පානය කරන්නම වෙනවා

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. මහන්සිවෙලා තමා විවේකයක් ගන්නෝනි :ඩී

      Delete
  23. මගේ ප්‍රියතම පානය.. අරවා ඇරුනම...

    ReplyDelete
    Replies
    1. අරවාට ගහන්නට මේවාට බැරිය !

      Delete
  24. මොකෑ බං හාමිනේ ගෙදර ගියැයි.....ගෘහවිද්‍යාව කොරන්න ගත්තේ..!

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ බං හාමිනේ එන්න කලින් පුරුදු වෙනවා :)

      Delete
  25. මුහුද අසල ගල් තලාවක ඉන්නවා නම් ඕවා බොන්න ඕනෙ නෑ සෑමා... ගහමුකො හොදවායින් රා කට්ටක්...

    ReplyDelete
    Replies
    1. රා නම් සිරාය.

      ඒත් අයිස් ක්‍රීම් දාන්න බැරිය :(

      Delete
  26. අඩෝ හිම කිරම දැම්මම දිවුල් තවත් රසයි නොව.

    ReplyDelete
  27. හච්චෝ හි හි :)

    ReplyDelete
  28. දිවුල් කිරියි මරුටි කාර් එකකුයි ළඟ පාතක තිබුණා නම් මටත් මේ විදියට ම හදාගන්න හිතුනා!!!!

    ReplyDelete
    Replies
    1. ත්‍රීවීලයක් වුවද කම් නැත !

      Delete
  29. සෑමා වගේ පුත්‍ර රත්නයක් ලද දෙමව්පියෝ නිවුනේ වෙයි. මොකද වෙන කොල්ලේ නම් වැල්ලට යන්නේ බෝතල් අතැතිවය. අනේ වාසනාවන් සාම.

    ReplyDelete
    Replies
    1. අන්න සෑමාව තේරුම් ගත්ත එකම එක පුද්ගලයා. වෙන උන් සැර බීම ගෙනිය්දි අපි ගෙනියන්නේ සිසිල් නොකල බීම. සිසිල් කරන්න බලාගෙන ;)

      ජය !

      Delete
  30. දිවුලුත් තිෙයනවා... අයිකිරිමුත් තිෙයනවා.... මරුටියක්...??
    බයිසිකලයක් හරියන්නැද්ද

    ReplyDelete
    Replies
    1. බයික්කලේ පට්ට සිරා.. මගදීම අයික්කීම් දියවෙනවා. ගල් තලා අනවශ්‍යයි !

      ජය !

      Delete
  31. අත්දැකීමෙන්ම කිව්ව කතාවක් වගේ පේනවා...අර පොටෝවේ තියන එක මාත් කොහෙදි හරි දැක්කා වගේ මතකයිනේ අප්පා....ඒත් මතක නෑ නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. මාරවිල පැත්තේ තියෙන අයික්කීම් ලොලියක් :)

      Delete
  32. අයිස්ක්‍රිම් දිවුල් ඇත්ත කතන්දරය මෙන්න

    ඔතන හිටපු එකම පිරිමියා සෑමාය

    පින්තුර ගත්තේ සෑමාගේ සල්ලාල දැලට අහුඋන ඩිස්පැන්සරියක වැඩකරන කෙල්ලෙක්ය

    මූ දොස්තරයට බෝලය බස්සන්ඩ ගිය වේලාවක කෙල්ලවද දැපනේ දාගත්තාය

    දැන් කෙල්ල දිවුකිරියි අරකයි මේකයි අරගන ඩිස්පැන්සරිය අරින්ට හෝරාවකට දෙකකට කලින් ගෙදර උන්වත් අන්දලා සැමාගේ කාර් එකට නගිනවාය

    මේ සෑමා කෙල්ලට වැඩ පෙන්නන්ඩ කරපු විජ්ජාවකි

    මෝඩ කෙල්ලන්ට මෙව්වා ලොකු උනාට අපිටනං පඩේකට වැඩක් නැත

    ReplyDelete
    Replies
    1. අටමාගේ උක්ත පරීක්ෂණය/නිරීක්ෂණය ඇසුරෙන්, ඉදිරියේදි කිරිබත්ගොඩ සැරිසරද්දී අටමා තම ජීවිතාරක්ෂාව පිළිබද සැලකිලිමත් විය යුතු බවට සෑමා අවවාද කරන්නේය.

      අහුවෙයන් හන්දියෙදී !!

      Delete
  33. ඔක්කොමත් හරි මරුටි කාරෙක තමා ප්‍රශ්නේ....:D

    ReplyDelete
    Replies
    1. හයිබ්‍රිඩ් හරියන්නෙ නැහැ පො.කු ! :පී

      Delete
  34. හැ වැඩෙත් හොඳයි ... කොරලම බලන්න ඕනි ... මේ .. add එකට කියක් ගත්තද ආ .. :P maruti :D

    ReplyDelete
    Replies
    1. මරුටි ඇඩ් එකට ඉන්දියාවෙන්ද, කාගීල්ස් ඇඩ් එකට අපහාස නඩුද ලැබුනී !

      Delete
  35. ඕක මේ විදිහටත් කරන්න පුළුවන්.. බීමටික බීලා අයිස් ක්‍රීම් ටික ගිල දාලා වෙරළේ උඩ පැන පැන හිටපන්.. එතකොට ඒ ජාති දෙකම බඩේ දී මිශ්‍ර වෙනවානේ..

    ReplyDelete
    Replies
    1. සයියෝ ගල් තලාව අපරාදේ එතකොට. :(

      Delete
  36. නිකමටවත් ඔය වැඩේ නම් ට්‍රයි කොරන්න බැරිය.. ම‍ට දිවුල් කිරි පෙන්නන්න බැරිය! ඒතරමටම පෙරේතය... හිකිස්!

    ReplyDelete
    Replies
    1. අපේ ලක්ෂාන් පුත්තලම් ගොස් දිවුල් ගෝනියක් ගෙනත් තිබින. ඒත් බං සිකුරාදා ගෙනාපුවා අපි සදුදා යද්දි ඉවරයි :(

      Delete
  37. මරු ඈ ...කතාව අතරේ උබ අපේ කොම්පැනියේ ඇඩ් එකකුත් දාලා තියෙනවා... එල

    ReplyDelete
    Replies
    1. අහ් උබ කාර්ගීල්ස් මැජික් පොරක්ද ?

      කොම්පැනියට කියල මට ගානක් සෙට් කරපං කෝ !!

      Delete
    2. බැහැ උබ දාලා තියෙන අයිස්ක්‍රීම් වෑන් එකේ කැත බලපන්කො... මේක උබ හිතා මතා අපිට කල අපහාසයක් අපි නඩු මගට බහිනවා...හරිය

      Delete

  38. ඔක්කොම හරි මරුටියක්නෙ බං නැත්තෙ.

    මේකට පේටන්ට් පෙන්ඩිංද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අර වේගෙන් ගිහින් දඩකාපු ජාතියේ සිරා වාහන නම් මේකට මැච් වෙන්නෙ නැහැ හෙන්රි මහත්තයෝ... :)

      පේට්න්ට් ගන්න කලින් පෝස්ට් එක දැම්ම නේ බං. ඒක අමතක වුනා :(

      Delete
  39. Replies
    1. ත්‍රීව්ල්ද ඕකේය !

      ජය !

      Delete
  40. හික්ස්... දිවුල් කිරි රැගෙන වෙරළට යන එකයි වැඩේ.. වෙරලට යන මගදිම ඉවරවෙනවනේ...

    ReplyDelete
    Replies
    1. බෝතලය සීල් කර රැගෙන යන්න.

      ඇත්තම කියන්න මචං.. මේ බෝතලෙත් බාගයක් මම මගදි හොරෙන් බීලා. අපේ උන්ට නෙදැනෙන්න වතුර දාලා ෂේප් කළා !

      Delete
  41. කෝන් නොමැතිව මෙය අත්හදා බලා ඇත පට්ට රසය

    අඩෝ උබ කෙල්ලෙක් එක්ක ප්‍රීතිපුර බීච් එකේ ඉන්න කොට නේද මේ වැඩේ කලේ ?

    ReplyDelete
    Replies
    1. කෝන් එකත් එක් කරල බලපං මාර ආතල්..

      ප්‍රීති පුරයක් නෙවේ බොල මේ. මේක මාර-විල :)

      Delete
  42. ඔය පොටෝ ගහනකොට වට පිට කවුරුවත් උන්නෙ නැද්ද.

    ReplyDelete
  43. කොන කපන එක පජාතාන්තර වැඩේට විරුද්ධයි නේද බං?

    ReplyDelete
  44. අත්හදා බලා ප්‍රතිපල දන්වන්නම්.

    ReplyDelete
  45. කොන කඩන්නම ඕනෙද සෑමෝ ?

    ReplyDelete
  46. පට්ට පට්ට
    ට්‍රයි කරලා බලන්නම්
    කොහොම වෙතත් පට්ට අදහස් ඈ :)

    ReplyDelete
  47. ෂික්.. ඉතාලියේ මරුටි නෑනේ බං.. ලංකාවට එන්නම ඕන මේක අත්හදා බලන්න.. ආවම මතක් කරපං හොදේ... :)

    ReplyDelete
  48. කොකා කොලා සමග අයිස්ක්‍රීම් වගේ ද මන්දා??

    ReplyDelete
  49. ඔය මුකුත් නැත්තම් පළමුව දිවුල් පානය කර, දෙවනුව අයිස් ක්‍රීම් ආහාරයට ගන්න.. එවිට බඩේ දී අයිස් ක්‍රීම් + දිවුල් වේ... සරලයි සුකොමයි... හික්ස්..

    ReplyDelete
  50. මුහුදක් නැත. ලුණු පොල්කට්ට මිදුලේ තැබුවෙමි. ඉර පායා ඇත. ඔහාට පායන එකමද කියා ශුවර් නැතිය. ගල් තලාවක් නැත. බිම වාඩිවී කලවා අතර බෝතලය ගසා ගත්තෙමි. කොන කැඩු පැත්ත ඇතුලට දැමුවෙමි.

    යකෝ මං අව්වේ.ඕක මෙහාටත් හරියනවද කියලා ඉක්මනටම කියාපියෝ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...