Saturday, October 13, 2012

රියැලටිය සහ මල ගෙදර..


විනිෂ්චය මණ්ඩලය.

1. පච්චය අතේ ගැසු සැර අයියා -

සුනිමල් ඔයා කවදාවත් නැතුව අද ගීතය නියමෙට ගායනා කළා. මට කියන්න තියෙන්නේ එක වචනයයි. අද නම් “පට්ට“ ඔයා අනිවා ඉදිරියට යනවා.

2. සාරිය හැදගත් මහත ඇන්ටී -

අනේ සුනිමල් පුතේ මගෙ ඇස් වලට කදුළු ආවා ඔබ වගේ තරුණ පුතෙක් මේ වගේ මහා වේදිකාවක මෙච්චර දක්ෂ විදිහට ගීත ගායනා කරනකොට. ඇත්තටම මම අමන්දානන්දයට පත්වුනා. සුභ පැතුම් පුතේ. ඔයා මගේ ආශිර්වාදයෙන් ජනතා sms මනාපයෙන් තව තවත් ඉදිරියට යනවා.

3. සායම් මකා  ලන්න වෑයම් කරපු මහත අක්කා -

සුනිමල් ඔයා නියමයි. පොඩි තැන් ටිකක අඩුපාඩු ඇරෙන්න මම කිසිම අඩුවක් දැක්කෙ නැහැ. මම ඔයාට මගෙ අසුනෙන් නැගිටලා අත්පුඩි ගහනවා. ඔයා අනිවාර්යයෙන් ජනතා ඡන්දෙන් ඉදිරියට යනවා. මම ජය පතනවා.

4. ආරාධිත විනිෂ්චයකරු -

මම කුමක් නම් කියන්නද? මේ අමරණීය ගීතයේ ඒ කාලේ ඒ ගායකයාට සමකාලිනයෝ නියම තැන දුන්නෙ නැහැ. එක ගායකයෙක්ට ඒ කාලෙ කිව්වේ ‘පිත්තල බෑන්ඩ් කාරයා‘ කියලා. එහෙමයි ඒ කාලේ ඔවුන්ට සමකාලීනයන්ගෙන් ගැරහුම ලැබුනේ. ඔබ තෝරාගත් ගීත අතර මේක අරුමැසි ගීතයක්. fantasy song එකක්. ඔබේ ගීතය ඔබව උස තැනකින් තබාවි. ඔබට ජය !

පසුදා නිවේදක තෙමේ -

ඉතිරි 7ත් දෙනා වැඩි මනාපයෙන් ඉදිරියට යන අතර අපි දැන් වේදිකාවේ ඉතිරි වුණ සුනිමල් සහ මේකලා ගේ අවසන් තීරණය ලබා දෙන්නයි හදන්නේ. සුනිමල් මගෙ වම් අත පැත්තටත්, මේකලා මගේ දකුණු අත පැත්තටත් එන ලෙස මම යෝජනා කරනවා.

ඒ අනුව වැඩිම sms මනාප ප්‍රමාණයක් ලබා මේ තරගයේ ඉදිරියට යන්නේ මගෙ වම් පැත්තේ සිටින සුනිමල් නොව දකුනේ සිටින මේකලා....

සුනිමල් මම ඔබට සුභ ගමනක් පතනවා... !

කවුරු මලත් ගමේ පන්සලේ හාමුදුරුවෝ මල ගෙදරට වඩිති. ගමේ එකාගෙ චරිතය කෝම වුණත් ගුණ කථනය කළ යුතුමය.

මල ගෙදර වැඩි ගමේ පන්සලේ හාමුදුරුවෝ -

මේ උපාසක මහත්තය මොන වැඩේ තිබ්බත් පන්සලේ කටයුත්තට මුල් තැන දුන්නා. මට මතකයි පන්සලේ බලු පැටව් වගයක් අතෑරල ගිහිල්ල තිබුන දවසෙත් ඒ කටයුතු වලට මුල් තැන අරන් කටයුතු කලේ මේ උපාසක තෙමේ. ඔහුගේ පරලොව යහපත් වේවා ! උතුම් නිවන සාක්ෂාත් කර ගනිත්වා කියල අපි පිං අනුමෝදම් කරමු !


- වර්ග සැතැප්මයකට ගායකයෝ නම් එකෙක් හෝ සිටින්නේය. උන්ට ගායනා කරන්නට යහපත් මට්ටමේ ගීත රචකයෝ නම් නැතිය. අපිට ගායකයෝ ඇතිය. ඉන්න උන්ට ගයන්න රචකයෝ නම් නැතිය.

Written by sAm_11:10pm_13/10/2012

93 comments:

  1. එල කතාව මචං.අපේ රටේ බලං ගියාම හැම එකාම ගායකයො නේ බං.පඳුරකට ගැහුවත් ගායකයෝ දෙතුන් දෙනෙක් විසික්කා වෙනවා.(සින්දු කියලා හති වැටිලා සුළු දිය පහ කිරීමට පඳුර අස්සට රිංගූ එවුන් )

    ප. ලි. මට සින්දු කියන්ඩ බැරිය.ඒ නිසා කුහක කමට සින්දු කියා එකෙක් මිලියනයක් තව එකෙක් සුඛෝපභෝගී නිවසක් තවත් එකෙක් සුඛෝපභෝගී ජීප් රථයක් දිනා ගන්නවාට ඉරිසියාවෙන් මෙසේ කොමෙන්ට් කළෙමි.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ බං, උඹත් ගියා නම් අර ‘සාරිය හැදගත් මහත ඇන්ටි‘ දොස්තර පුතාය කියල කියාවි, අනිත් ස්ටාර්ට මඤ්ඤං වෙන්න.

      Delete
    2. @දිනුක - අවංක ප.ලියට තුති :)

      @DDT - ඒ දොස්-තර පුතා කෝ බං ? ඉප්පිරිතාලෙත් නැහැ. වේදිකාවෙත් නැහැ නේද ?

      Delete
    3. හි ... හි ... ලොවෙත් නෑ.

      Delete
  2. මෙවුවා කොහෙන් එනවද මන්ද අප්පා... හිනා කාල පනයනවා...
    මරු ඈ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. යකෝ මෙයා හිනාවෙනවා. මෙච්චර විනාසයක් වෙලා තීද්දී

      Delete
    2. ඇයි දැන් ඕක කියවල මං පනුච්චි ඇඩුව කියල ඔවුව නවතියිද... නෑ නේ.. නිකන් මොකටෙයි තියෙන ලේ පයින්ට් ටික පුච්චා ගන්නේ.. හ්ම්ම්

      Delete
    3. නැහැ බොල පනුච්චි.. මේක ආදරුසෙට අරන් ලියන එකයි ඇත්තේ සිංදු දෙක තුනක්. ඔය පිපෙන හතු ගායකයින්ට ගායනා කරන්ට !

      Delete
    4. අනේ මට බෑ.. සින්දු ලියල ඊට පස්සේ ඔවුවා එක එකාලා හොරකම් කරලා වෙන සින්දු කියයි. අහක ඉන්න මං පනුච්චිටත් උසාවි ගානේ යන්න වෙයි උන් රණ්ඩු වෙද්දී.. ඔයිට හොඳයි සහෝදර ප්‍රේමයට බ්ලොග් එකේ කවි ටිකක් එහෙම ලියාගෙන ඉන්නවා. ඒක කොච්චර ජොලි වැඩක්ද ....
      ජය වේවා!!!
      සිනා බෝ වේවා!!!

      Delete
    5. හිතල තියෙන දුර යකෝ..

      Delete
  3. සෑමෝ ... උඹ මේව සන්සන්දනය කළා වගේ නෙවෙයි ඕං ඊට පස්සෙ ඔය ස්ටාර්ස්ල විනිශ්චය කරන්න හාන්දුරුවොන්ටත් ආරාධනා ලැබෙන්ට බැරිනෑ.

    ReplyDelete
    Replies
    1. දැන් එන ආරාධිත අය දෙන්නෙත් බණ ටෝක්ස් බං. සිංදුව කිව්වම පිං අනුමෝදන් කරලා මලගිය නෑයන්ට පිං දෙනවත් එක්ක !

      Delete
  4. මම මුකුත් කියන්නෑ..කියන්ඩ දෙයක් නැති නිසා.. කිව්වයි කියලා වැඩකුත් නෑනෙ..ඒ වෙලාවෙ සිංදුවක් කියන්ඩ පුරුදු වෙලා මමත් ඔය තරගෙකටම ගියානම් ඉවරයි..

    ReplyDelete
    Replies
    1. අන්න එදාට අපි ගහනවා ඇස්.ඇම්.ඇස් !

      Delete
  5. සෑමෝ අපි උඹට සලකනවා මදිද මන්දා බං

    ReplyDelete
    Replies
    1. මටත් තැනකට එන්න ගහපං කෝ ඇස්.ඇම්.ඇස් !

      Delete
  6. සමහරවිට ඉස්සරහට LyricistStar එකකුත් පටන්ගනීවි.

    ReplyDelete
  7. මේක බෞද්ද ගතියනේ මල්ලි.

    ReplyDelete
  8. උදේ පාන්දරට බලන්න කදිම පෝස්ට් එකක් :D

    ReplyDelete
    Replies
    1. දවසට වරක් දත් මැද දෙවරක් කියවන්න !

      Delete
  9. ගානක් හම්බ කර ගන්න ගමන් නවකයන්ටත් අත දෙන්න එපැයි...

    ReplyDelete
  10. සල්ලි වලට මොනවද බන් කරන්නේ නැත්තේ. ඔය තරඟ වලට එන්නේ සින්දු කියන්න පුළුවන් කී දෙනාද. වැඩි පිරිසක් නානවා ඒත් අගේ කරනවා. සයිමන් කවෙල් වගේ එකෙක්වත් නෑ. දෙරණ ඩ්‍රිම් ස්ටාර් සින්දු කියන්න පුළුවන් උන් කී දෙනෙක් කැපුනද. ඉන්න ඒවනු අතරේ සින්දු කියන්න පුළුවන් කී දෙනාද ඉන්නේ. නමුත් තව එකක් තියෙනවා. ඔය මහ ලොකුවට විවේචන් කරන උන් කියන්නේ හැම ආරෙකම ගීත කියන්න පුළුවන් වෙන්න ඕන කියලා. උඹ බැලුවද එහෙම කියන උන් දෙරණ 24 පැයේ නාපූ නෑම. එකෙක් කියනවා පුහුණුවෙන්න වෙලා මදි උනාලු. ඌට ඇහුන් නැති උනාට මම කියපුවා අපේ නෝනටනම් ඇහුනා..

    ReplyDelete
    Replies
    1. අපොයි අර පැය විසිහතරක් ජෝති මහත්තයව විනාස කරපු අමරණීය දවස ගැනද බොලා කියන්නේ ?

      එදා උබ කියපු දේ ලංකාවටම ඇහුන නම් වටිනවා බං :)

      Delete
    2. අපේ ගෙදර කට්ටියත් හරියට දුක් උනා මිල්ටන් නැවත ඝාතනය කල එක ගැන

      Delete
  11. සෑමෝ මටත් කියන්න තියෙන්නේ පච්චය අතේ ගැසු සැර අයියා කිව්ව එකම තමයි. පට්ටයි ඈ..

    ReplyDelete
  12. මම කුමක් නම් කියන්නද? මේ අමරණීය බ්ලොග් අඩවියට ඒ කාලේ ඒ සැමාට සමකාලිනයෝ නියම තැන දුන්නෙ නැහැ. එක බ්ලොග් කාරයෙක් ඒ කාලෙ කිව්වේ ‘පිත්තල බෑන්ඩ් කාරයා‘ කියලා. එහෙමයි ඒ කාලේ සැමාට සමකාලීනයන්ගෙන් ගැරහුම ලැබුනේ. ඔබ තෝරාගත් මාතෘකා අතර මේක අරුමැසි මාතීකාවක්. fantasy post එකක්. ඔබේ පෝස්ටි එක ඔබව උස තැනකින් තබාවි. ඔබට ජය !

    තිත් දෙකයි ඩී

    ReplyDelete
    Replies
    1. වෙනත් මාධ්‍ය වලින් නාලිකා වලින් මට මේ තරම් දුරක් එන්න ලැබුනෙ නැහැ සර්. මට මේ තැන ලබා දුන්න මගේ ආදරනීය ජනතාවට මම ස්තුති වන්ත වෙනවා. මම ඔවුන් වෙනුවෙන් ඉදිරියටත් උපරිමයෙන් සාධාරණයක් ඉෂ්ඨ කරනවා.

      ස්තුති සර් !

      Delete
  13. අනේ sAm පුතේ මගෙ ඇස් වලට කදුළු ආවා ඔබ වගේ තරුණ පුතෙක් මේ වගේ මහා බ්ලොගේක මෙච්චර දක්ෂ විදිහට පෝස්ට් ලියනකොට. ඇත්තටම මම අමන්දානන්දයට පත්වුනා. සුභ පැතුම් පුතේ. ඔයා මගේ ආශිර්වාදයෙන් ජනතා කොමෙන්ට් මනාපයෙන් තව තවත් ඉදිරියට යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති මැඩම්.. මැඩම් මට අම්ම කෙනෙක් වගේ අඩු පාඩු කියල දීල මට ශක්තියක් වුනා.

      tnq madam !

      Delete
  14. ඕකුන් ඉස්සරහට විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුව මමත් ගියා බන් වතාවක්.... පළමු වටය ගොඩ ගිය අතර දෙවැනි වටය කුජීත විය... මම මේ කිව්වෙ රියැලටි මුල් කාලෙ වෙච්ච සන්තෑසියක්... අයියෝ සල්ලි....

    ReplyDelete
    Replies
    1. මුල් කාලෙ එච්චර අවුලක් නැහැ නේ. දැන් තමා මේක වසංගතයක් වුනේ. එදා උබ පිලිවෙලින් ඉදිරියට ඇවිත් ෆයිනල් ආව නම්. ඒ ෆයිනල් බලන්න අපේ ලොකු මාමා ආව නම්. උබ ගෙදර :))

      Delete
  15. මෙයත් ස්ටාර් කෙනෙක් නේද :)

    ReplyDelete
  16. එල කතාව. දැන් නම් මේ රියලිටි බලලම එපා වෙලා ඔක්කාරේ වගේ සුපර්ස්ටාර්, ඩ්‍රීම්ස්ටාර් , මෙගාස්ටාර් , සුප ස්ටාර්, රණවිරු රියල් ස්ටාර්, ලිට්ල් ස්ටාර්, සිරස කුමාරි, මෑන් හන්ට්, ඩාන්සින්ග් ස්ටාර් හෑ තව හට හුටමරක්ම තිබ්බනේ.

    ReplyDelete
    Replies
    1. සිටි ඩාන්ස් / තව ඒවා තිබ්බද කොහෙද කස්සෝ !

      Delete
  17. අයි වොස් වොන්ඩරින්ග්
    මේකලාට මොනවද බන් කියන්න ඇත්තේ?
    නියමයි සෑමෝ

    ReplyDelete
    Replies
    1. මේ-කලා ට කළාද නොදනිමි !

      Delete
  18. නියම පෝස්ටුව සෑමෝ. දක්ෂතාවය කැපවීම තියන එවුන් මහන්සි වෙලා තමුන්ගෙ ගමන යන්න ඕන. එකරැයෙන් ජනප්‍රිය වෙන්න ගියොත් ලෙඩේ.

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙනව නම් රියැලටි ඕනෙත් නැහැ රාජ්. කෙල්ලෝ සෙට් එකක් දාලා වීඩියෝවක් කරල රූප පෙට්ටියට දාන්න තියෙන්නේ :)

      Delete
  19. සිරාවටම ඇත්ත කතාව ඈ..

    ReplyDelete
    Replies
    1. මේ සෑමා බොරු නොලියයි !

      Delete
  20. දැන් උඹ මේ මොකාටද එන්න හදන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මාත් යන්න ඉන්නේ රියැලටියකට !

      Delete
  21. සිරාවට.. දැන් රචකයෝ උක්ත ආඛ්‍යාත කෙසේ වෙතත් අඩු ගානේ පද පේලි ටිකවත් හරියට ගලපන්නේ නෑ.අර ලහිරුගේ රටකජු සිංදුව, රම්බරී එහෙම බලහං. අඩුහානේ තේරුමක් එන විදිහට වාක්‍ය ටිකවත් ගලපලා නෑ!

    ReplyDelete
    Replies
    1. රටකජු සිංදුව ගැන ලහිරුවා කම්පා වෙනවා කියල මම දැක්ක පත්තර කෑල්ලකට කියල තිබ්බා.

      ගීත තෝරා ගැනීමත් ගායකයා සතු වගකීමක් බව දැන් උන් නොදන්නව ඇති බං !

      Delete
  22. වර්ග සැතපුම අගල ෙලස නිවැරදි විය යුතුයි.... අෙන් ගායක උතුමන්ලා ෙලාෙවත් වැඩි ෙවලා ඉන්ෙන්......

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මම අඩිය දාන්න හදල සදා සාධාරණ විදිහට හැතැප්මය දැම්මේ :)

      Delete
  23. ගීත රචකයන් නැති අඩුව පිරවීමට විසඳුම :- සෑමා අයියට පුළුවන් නොවැ පොඩි ට්‍රයි එකක් දාල බලන්න...කැත හිත් වලට කවි පොඩ්ඩක් වගේ! ;)

    ReplyDelete
    Replies
    1. මල විනාසයක් කරන්න කියන්නේ :ඩී

      Delete
  24. අඩේ සෑම්,
    මේවා ඔය American Idol එක බලලා ඒ අකෘතියට හදලා අපිට දිරවා ගන්න බැරුව ගිය ඒවනෙ. තව තියෙනවා රියැලිටි ෂෝ ඔයිට වඩා විනාසයක් කරන්න පුලුවන් එව්වා. අපේ උන් තාම දන්නෙ නෑ. සමහර ඒවා තියෙනවා, මාස ගනං බලා ඉන්න ඕනෙත් නෑ, ෂෝ එක ඉවරවෙච්ච ගමන් ඩිවෝස් වෙන්න යන ඒවා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  25. මෙහෙව් රටේ....!!!අනාගතයට ජයවේවා..!

    ReplyDelete
  26. පෝස්ටුවේ වචන පේළි අතර කතාවක් තියනවද මන්දා..
    ඒත් මට නම් තේරුනේ නෑ සෑමෝ..

    ReplyDelete
    Replies
    1. ඉදිරියක් නැති වුනත්, දක්ෂතාවයක් නැති වුනත්, අන්දවනවා. අගය කරනවා. ඉදිරියට යනවා කියනවා. ඒත් ඊලග සතියේ ගෙදර එනවා. පාංසකූලෙට වඩින හාමුදුරුවෝ අයහපත් පුද්ගලයා පවා අගය කරනවා වගේ.

      පුංචි මොලේට සැර වැඩිද මන්දා :)

      Delete
  27. දියවන්නාවටත් ඔහොම ස්ටාර්ස්ලා යනවනම්......

    ReplyDelete
    Replies
    1. ඇයි ඉන්නෙ කොමඩි ස්ටාර්ලා !

      Delete
  28. රියැලිටි ශෝ වලින් තිබුණ හොඳම එක මංගල සිහිනය වෙන්ඩ ඕනේ. අනික් එව්වා නම් අඩුම ගානේ ගෙදර හැමෝටම බලන් ඉන්න හරි පුළුවන්.
    තව එකක් තියේ. ලවින් ස්ටාර්!

    ReplyDelete
  29. ඒක නම් ඇත්ත, පඳුරකට පයින් ගැසුවත් විසික් වෙන්නේ ස්ටාර්ලාය. ස්ටාර් තරඟ වලින් පළවෙනියා වෙන එවුන් ගොඩ දෙනෙක් හොයාගන්නවත් නැත. ඔක්කොටම හපන් වන්නේ, "ශ්රුතියට එන්න තව පොඩ්ඩක් හුස්ම අල්ලන් හිටියා නම් හොඳයි" කියන ලොවෙත් නැති විනිශ්යකාර සංගීතඥයන්ය

    ReplyDelete
    Replies
    1. විනිෂ්චය නම් ආතල්මය !

      Delete
  30. මෙතනින් කාට හරි ඒ අඩුව පුර්වන්න පන්නරයක් ගන්න පුලුවන්නම්....

    ReplyDelete
  31. අර පන්සලේ ටික හරියට තේරුනේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. රූ‘ට දැමු කමෙන්ටුව බලන්ට

      //ඉදිරියක් නැති වුනත්, දක්ෂතාවයක් නැති වුනත්, අන්දවනවා. අගය කරනවා. ඉදිරියට යනවා කියනවා. ඒත් ඊලග සතියේ ගෙදර එනවා. පාංසකූලෙට වඩින හාමුදුරුවෝ අයහපත් පුද්ගලයා පවා අගය කරනවා වගේ.//

      Delete
  32. රියලටි ගැන මගේ අත්දැකීම් දෙකක් ඇත.

    එක. මගේ බොක්කේ යාළුවෙක් යස් එෆ් එම් සුපිරි තරු තරඟයට ගිය දා සිට ඇති වුවකි. ඌ උගේ වෙලාවට ඒ තරගය දින්නේය. ඒත් ඌ වියදම් කල තරමේ හැටියට දුන්නු තෑගී මදිය.

    දෙක. මගේ යාළුවාට හැරුණු විට මම එකෙක්ටවත් එස් එම් එස් කලේ නැත./කරන්නෙත් නැත. ඒ මදිවට මම ඒවා බලන්නෙත් නැත. (යාළුවා දින්නාම මට බෙනිෆිට් ඇත. ඒත් වෙන එවුන් දින්නා කියා මට පඩයක වැඩක් නැත. උන් මා ගැන දන්නේ ද නැත.)

    ReplyDelete
    Replies
    1. දන්නා හෝ නොදන්නා හොද එකෙක් පත් කිරීම ජාතික යුතුකමක් :ඩී

      Delete
  33. "පච්චය අතේ ගැසූ අයියා" දැක බලාගන්න වටින පොරක් වෙන්න ඇති.
    පංසලේ හාමුදුරුවොත් සාධු වගේ ඉඳලා ගහන hint තමා මරු.
    කතාව මසුරං ය

    ReplyDelete
  34. උඹ නම් කියාවි සැමෝ..එත් මේවා නවත්තල මේ TV Channel ටිකය් ටෙලෙෆොනේ Company ටිකය් බංකොලොත් කරන්නද හදන්නේ..
    මම නම් කියන්නේ හෙට අනිද්දට porn star වගේ ඒවත් පටන් ගෙන මේ කරුමන්ත ටික දියුණුවෙන් දියුණුවට පත් කර ගන්න ඕන කියලය්.
    නැත්නම් අපේ මේ මහීෂ කෙල්ලෝ කොල්ලොන්ට යන කලදසාවක් නැති වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒ ස්ටාර් එක නම් මරු බං. මාවත් කුල්ප්පු වුනා.. :)

      Delete
  35. වැඩිය උඩ දමන කෙනා නෙවෙයි දිනන්නේ. ලස්සන කෙනා හා අධ්‍යක්ෂකයෝ කැමති කෙනා.

    ReplyDelete
    Replies
    1. වාසනාව බං.. ඒකට ඉරිසියා කරන්න එපා !

      Delete
  36. දෙන්නම් අලුත් අදහසක් කරනවානම්!
    රියැලිටි බ්ලොග්කරණය!:)
    නැගල යාවි වැඩේ!:p

    ReplyDelete
    Replies
    1. ඇයි බං මෑතක තිබ්බේ තරගයක් ?

      Delete
  37. අර හාමුදුරුවන්ගේ කෑල්ල තමයි මරුම! !

    ReplyDelete
  38. onna oya scene eka nisa x factor eken passe mama sindu kiyana eka atha eriya.. Unta munta sindu kohoma kiwwath kiyanta monawaharima thiyenawa... :(

    ReplyDelete
    Replies
    1. අම්මා ටික්කාද ගායකයෙකි :)

      Delete
  39. රියලැටිය කියන්නේ සැමෝ අපි හැමෝම ගායකයෝ.

    ReplyDelete
    Replies
    1. ඒකත් සාධාරන මතයක් නොවැ :ඩී

      Delete
  40. හිකිස්...කථාව ඇත්ත නේන්නම් හලෝ...නියමෙට ගැලපෙනවා...එළ එළ...

    ReplyDelete
    Replies
    1. ජය හලෝ !

      (හලෝ යනු සෑමාට පේන්න බැරි වචනයකි)

      Delete
    2. මටත් ඔය වචනෙ පෙන්නන්ඩවත් බෑ හලෝ.......

      Delete
  41. රොග ලක්ෂණ ඔක්කාරය.....ඔඈග්...ඔං...ග්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ලමයි හම්බෙන්නද බං :)

      Delete
  42. දිස් ඊස්ද ඔරිජිනල් සිරි ලංකන් රියැලිටි පුතා... ම‍‍ට නං පේන්න බැරි වැඩසටහන් ජාතියක් (හැබැයි ලංකාවේ ඒවා)
    -දැං කියයිද දන්නේ නෑ දේස ද්‍රෝහියෙක් කියල.-

    ReplyDelete
    Replies
    1. උබෙ රැවුල කැපෙනකල් උබ දේස ද්‍රෝහි බං :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...