Monday, October 1, 2012

අපට ලමා දින අනවශ්‍යය...



අපි නම් පුංචි රටක්ය. මහ ලුණු විලකින් වට වෙලාය. උඩ බැලුවොත් නපුරු සහ පිරිපුන් ලය මඩලක් ඇති‘ලය ජලිතා‘ නම් ඇන්ටි කෙනෙක් අප දිහා බලන්නීය. ඇන්ටි සමග හාදව සිටින ‘කරුණා‘වක් නැති අංකල්ද අපට පුස් පාට් දාන්නේය. අපි නම් සිගිත්තෝය. මුළු රටම සිගිතිය. සිගිති ආතල්මය. රට පුරා ලිට්ල් ස්ටාර් තරග පැවැත් වෙන්නේය. ඒ නිසා දක්සයාට නිසා තැනද ලැබෙන්නේය. දක්සයා තේරීමට ප්‍රාදේශීය මට්ටමින්, පලාත් මට්ටමින්, රාජ්‍ය මට්ටමින් තරග පැවැත්වෙන්නේය. ඒවා ලිට්ල් ස්ටාර් තරගමය.

තරග සංවිධායකතුමා විටක සලාක ක්‍රමයට තරග පවත්වන්නේය. ඒ ජය නොලැබේයැයි බයට නොවේය. තරගකාරීත්වය රදවා ගැනීමටය. තරගයේ එදිරිවාදීව එන විපක්ෂයේ ප්‍රධාන සිගිත්තාද සුපිරිය. කට ඇද කොට සිනහ නගන්නේය. ඔහු නොමැතිව සිනහ නගන යුරු මට කියා දී යන්න කියා රාජකීය සිගිත්තා කියන්නේය. එවිට ඔබ රජ වෙන්න රජ වෙන්න මට වාසනා කියමින් විපක්ෂ ප්‍රධාන සිගිත්තා අත්පුඩි ගසන්නේය. එය සිගිති අපිට සතුටක් ගෙන දෙන්නේය. එය සහයෝගීතාවයය. පැසසිය යුතුමය.

විටක මේ සිගිති දූපතේ විභාග පැවැත්වෙන්නේය. එය අධ්‍යාපනය සදහා විශේෂිත හුරුවක් ඇති මහා සිගිත්තෙක් අතින් සිදුවන්නක්ය. එ අසලම තවත් මහා සිගිත්තෙක් සිට ඊට සහය දෙන්නේය. එම අධ්‍යාපන සිගිත්තන් දූපත් වාසී සිගිත්තන්ට විභාග තියන්නේය. 5 වසරේ ප්‍රධාන විභාගයක් තියන්නේය. එය මාර අමාරුය. විභාගය දවසේ උදේ පාසලට යන විට තාප්ප වල පවා ප්‍රශ්න සහ පිළිතුරු සටහන් කර තැබීමට තරම් ඒ අධ්‍යාපන සිගිත්තන් දෙදෙනා උත්සුක වන්නේ ඒ නිසාය. ඒ සිගිති දරුවන්ගේ අනාගතය සදහාමය. විටෙක ඉංග්‍රිසි හෝඩියේ අන්තිම අකුර උපයෝගි කොට ‘ඒ‘ ලෙවල් නම් විභාගය තබන්නේද රට දිනන සිගිත්තන් සදහාය. ඒක මාරම ආතල්ය. පරණ එක හා අළුත් එක මෙව්වා කොට හදන එකක් නිසා ඒක ඇඩ්වාන්ස් වැඩිය.

ලුණු විලෙන් වට වූ දූපත ඇතුලේද තවත් පුංචි දූපතක් ඇත්තේය. එය දිය වන්න-ආව කියා හදුන්වන්නේය. එය මැද පිහිටා ඇත්තේ විශාල ඩේ කෙයාර් සෙන්ටර් එකක්ය. එහි එක එක ජාතියේ පුංචි උන්ය. සමහර පොඩි උන් මේ දියවන්න-ආවේ වතුරට වැටී දියව යාදෝ යැයි විටක සිතෙන්නේය. පුංචි කමට දග කලොත් ඕකට වැටුනොත් ඉවරය. ඒත් ඒකේ සිටින පුංචි උන්ගේ බඩවල් විසාල නිසා බටඩ හුලං පිරවූ ටියුබ් දැම්මාක් සේ පාවෙනවා සුවර්ය. එනිසා අවුලක් නැතිය.

එහි සිටින පුංචි උන් සෙල්ලම් තුවක්කු වලින් සෙල්ලම් කරන්නෝය. විටෙක ගස් මාරු සෙල්ලම් කරන්නෝය. තරගයේදි හොර කළොත් ඒ ගහටම තියා බදින්නේය. ඒක සාධාරණය. ක්‍රීඩාව උනත් පිළිවෙලට කළ යුතුය. විටෙක පොඩි උන් කැලේ ඉන්න වැදි කැකුළෝ සමග කිරිකොට් ගසන්නේය. පුංචි අපිට ආතල් එවිටය. බඩ පිටට ඇලී තිබියදී අපිත් අත්පුඩි ගසන්නේය. 

තවද දුපත් දරුවන්ගේ ආරක්ෂාවට ලොකු ලොකු තනතුරු සහිත සිගිත්තෝ සිටින්නෝය. උන් හරි හුරතල්ය. කෙල්ල තරහා වුනොත් අත් බෝම්බ අතේම පුපුරවා ගන්නේය. ඒ ආදරේ අත පිරෙන තරම් නිසාය. පුංචි වුනත් දූපතේ සිටින පැටව් ආදරය ඉහ වහා ගිය උන්ය. නළු නලියෝ පවා දියවන්නආව තරණය කරන්නේ ආරය ලබන්නටය. තාත්තා නැති මට සරණක් වන්න කියා රූ රැජිණක් වන් ඇය කිසිත් මතක නැති හැදි දැඩි ලමා කටහඩක් සහිත තරුණයෙක් ලගට ගියාය. ඇයට සරණ වුයේ තාත්තා සමග සිටි අයමය. හරිම ආදරණීයය. හැගීම් බරය.

ඉස්සර සිටි පොලිස් පැටව් බඩ ලොකු, තරබාරු උන්ය. දැන් සිටින්නේ නම් බඩ පිටට ඇලුන, යුනිෆෝම් එක ඇගට දැම්මාට පසු කොස්සට, ඉදලට කලිසම් ඇන්දුවා වැනි පොඩිම පොඩි උන්ය. ඒ කලින් සිටි ලොකු රාලහාමිලාගේ දරුවන් කියා දිනක් මට සිතුනේය. එකී පැටව්ද හරි හුරතල්ය. සෙල්ලම් කරන්නේ විස්ස විද්‍යාලයේ පොඩි උන් සමගය. පස්සෙන් පන්නා වීත් පිටට ගසන්නට පෙර විස්ස විද්දාලේ පොඩි උන් ‘ටයිම්‘ කියමින් ගස් බදා ගන්නේය. විටක ඉස්කෝලෙ අවසාන දවස මෙන් පාර පුරා වතුර විද ගන්නේය. කිරිල්ල තුවක්කු වලින් විදගන්නේය. 

එකි මෙකී සියළු ආතල් පිරි මෙවන් මුතු ඇටයකට ලෝක ලමා දිනයක් අවශ්‍ය නැතිය. අපිට හැමදාම ලමා දිනය. අපි සතුටින්ය. ඔය කියන විදේශීය බල පෑම් වලින් අපිව අන්ද මන්ද කිරීමට කිසිවෙකුට නොහැක. එසේ අන්ද මන්ද වී දේශද්‍රෝහී වෙන්නට අපට බැරිය. එසේ වුවොත් අපි අපි පුංචි කාලේ බෙල්ලේ එල්ලාගෙන සිටි පංචා යුධයට එරෙහි වීමක් වෙනවා නිසැකය. මොකද අපි පොඩි කාලේ වත් ඔය යුධය බෙල්ලේ තිබියදී කටේ දමා හැපුවේවත් නැතිය.

ඉතිං අපිට විස්ස ලමා දින එපාය. මෙහේ නම් හැමදාම සිගිති ආතල්ය.

ජය !

Written by sAm_5:50pm_01/10/2012

62 comments:

  1. අපිට කියන්න දෙයක් ඉතුරුකරලා නෑනේ.. ගන්න ආතල් ඔක්කොම උඹ කියලනේ...

    ReplyDelete
    Replies
    1. තව මිස් වුන ඒවඇති බං :)

      Delete
  2. කියන්න දෙයක් නැත සුපිරිය ! :)

    ReplyDelete
  3. //අපිට විස්ස ලමා දින එපාය. මෙහේ නම් හැමදාම සිගිති ආතල්ය//

    අම්මපා සහතික ඇත්තය... මම මේ එකක් අරගෙන ගෙට ආවා විතරය.
    බොරුනං බලහන් බුකියේ ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දුටිමි පෝස්ටුවක් පවා.. තවම කියෙව්වේ නැත.. බලමු.. :)

      ජයෝ !

      Delete
  4. මුළු රටම ළමයින්ට ගොහින් නොවැ :) :) මේ සිඟිති ආතල් තවත් බොහෝ කාලයක් අපට දකින්නට ලැබේවා...


    ReplyDelete
    Replies
    1. ලේ පිරිසිදු වෙනව නොවැ !

      Delete
  5. මේක නම් පට්ටම සුපිරි. කියන්න තියන ටික කියල තියනව එළටම..

    දෙකක් නෑ.
    සෑමව ටිකදවසකින් අතුරුදන්. එහෙම නැත්නම් දියවන්නාවෙ ඩේ කෙයාර් සෙන්ටර් එකේ ඉඳියි.

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ ඩේ කෙයාර් සැන්ටර් එකේ සැප උබ දන්නෙ නැතුවද ?

      ජය !

      Delete
  6. නිදිමත බ්ලොග් ලෝකයෙන් හා දේශපාලනය මාතෘකාවෙනුත් මේ දිනවල අම්බානක් ඈතට වී සිටින බැවින් කිසිවක්ම නොකියමි :)

    ReplyDelete
    Replies
    1. සිරාවට බ්ලොග් ලෝකේ ඈලි මෑලි වෙලා බං... මොකෑ මේ ?

      Delete
  7. සී.අයි.ඩී- තමුං සෑමව දන්නවද?????
    මම - සෑමයියවද??????? මං අදුරන්නේ නැත...

    ReplyDelete
    Replies
    1. සී.අයි.ඩී - එහෙනම් තොගෙ බ්ලොගේ සෑමාව හම්බුන හැටි පෝස්ට් එකක් දාල තිබ්බේ.. උබ එනවද අපිව අන්දවන්න... නැගපිය ජීප් එකට !

      Delete
  8. ආං .... මේ උඹ කියල තියෙන්නෙ අර බබාලන්තෙ ගැන නෙව.

    ReplyDelete
  9. නියමා....යි... අද දවසේ හොඳම කතාව

    ReplyDelete
  10. පට්ටයි සෑමා... වදින තැන් වලට ඔල්මොරොන්දම් වෙන්නම වැදිලා. අපට විශේෂ ළමාදින අවශ්‍ය නෑ කියන කතාව සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. ස්තුති පැතුමා.. වදින තැන් වලට වැදුනට නොරිදෙන එකයි දුක.. කබර හම නොවැ !

      Delete
  11. හිහ්....හීහ්...මරැ සෑම් බොස්....මට "අර ඉස්සර සිරසේද කොහේ ගිය බබාලන්තේ මතක් උනා..!"

    ReplyDelete
    Replies
    1. රට රවටන.. ඔක්කොම තොත්ත බබාලා.. :)))

      Delete
  12. බබාලන්තේ වගේ බන්.ආතල් කෝටියයි.රජාබබාගෙ බබා හඳට යනවා.අපි හුරේ තියනවා.ආතල් ඈ....

    ReplyDelete
  13. පට්ට විදිහට ලියලා තියෙනවා සෑමෝ.
    එලෑ !!

    ReplyDelete
  14. කියල වැඩක් නෑ. නියමෙටම නියමයි.

    ReplyDelete
  15. ළමා නාට්‍යය බලන එක ශරීර සෞකියට හොඳයිලු සෑමෝ...

    ReplyDelete
  16. එල . ලෙසටම තියනවා....!

    ReplyDelete
  17. ලියල කියන්නේ ලියලා................ (Y)

    ReplyDelete
  18. ළමා දින .....ම්ම්ම්ම් අපිට ඉතින් තිබ්බත් එකයි නැතත් එකයි.... මොකෝ යන්නැයි...!!!

    ReplyDelete
  19. හොඳම දේ දරුවන්ටලු.... හැබැයි සැමයියේ අපිට එහෙම නෙමේ දේශපාලුවන්ගේ ගොබ්බ අමන මන්ධ බුද්ධික දරුවන්ට විතරයි.එකත් එකටම උන්ට අර විශේෂ අධ්‍යාපනයද මොකක්ද එක ඕනේ ඇතිනේ පව් අප්පා...

    ReplyDelete
    Replies
    1. හොදම දේ දෙන්නෝනි මසට හදන එවන් හරකුන්ට බං !

      වටින්නේ බර විතරයි :)

      Delete
  20. එත් මට නම් ඕන ළමා දිනයක්!
    විශේෂ ආතල් ගන්න!

    ReplyDelete
  21. සිඟිත්තන්ගේ හදවත් පිරිසිදුය.. ඒවා ආදරයෙන් කරුණාවෙන් පිරී ඇත.. එබැවින් මෙසේ පවුකාරයින් සිඟිත්තන්ට උපමා කිරීමෙන් සෑමා කල වරදට කවර දඬුවමක් දිය යුතුයි තෙරණය කිරීම කියවන්නන්ට බාර කරමි..

    ReplyDelete
    Replies
    1. මගුලයි.. සෑමා වරදක් කර ඇත.

      ඇගේ කක්කා ගාගෙන, චු නාගෙන ඉන්නා උන් දරුවන්ය. එලෙස ජරා වී හැසිරෙන සියල්ලෝම දරුවන් ලෙස සිතීම වරදක් දැයි පහදනු මැනව !

      Delete
  22. මේ ඔක්කෝම සිඟිති ආතල්ය.. පස්ටය.. මේ බලා ඉන්නා අප වැනි සිඟිත්තන්ට ඉතිං අබ සරණමය!!!

    ReplyDelete
  23. සෑම් මාමා එන්න.. මල් පිබී ඇතිදැයි බලන්න..

    මා හිතවත් සෑම් මාමා වෙතයි,

    මම මාමාගේ ලිවුම් කියවා සිටියෙමු. මාම බබාලන්තය ගැන දියටම ලියාවි කියා අපට සිතුනෝය. විසේසයෙන් සරමන්න දෙයක් නැත්තෙමු. අප පොඩි ලමුන් දිනපතා සරමනවා හා විකට රැගුම් වල යෙදෙනවා මමා රූපවාහිනියෙන් හා නයි ටී එන් එකෙන් බලනවා ඇත්තෙ යයි මට සිතෙන්නෙහිය. මමලාත් අපිව එන්කරෙජ් කරන් එක ගැන අපිට සතුටු සිතුනෙමි. අපි ඉදිරියටත් මාමලාගේ ආතල් වෙනුවෙන් පෙනි සිටින්නෝය. මාමාටත් , නැන්දාටත්. සියළු සාස්තුරුන්ගේ පිහිට ආරස්සාව ලැබෙන්නෙමි.

    මම ලොකු බබා

    ReplyDelete
    Replies
    1. සෑම්ගේ ලිපියයි මාතලන්ගේ පිළිතුරු ලිපියයි දෙකම එළ!

      Delete
    2. ලොකු බබාගේ ලිපිය දැක මහත් සේ සතුටට පත් වුනෙමු. මන්ද ලියු ලිපි කිසිවකට පිළිතුරු නොලද මුත්, ලියනා අකුරු කිහිපය ඇගයීමකට ලක්වුයේ ලොකු බබා මහතා අතින්ය.

      ස්තුතීය..

      නැවත හමුවෙමු.. :)

      Delete
  24. අපි බබාලා වෙමු.. මම දවසක් බුකියේදී කිව්වා මතකද??

    ReplyDelete
  25. මේක ඉතින් බබා ලන්තයනේ සෑමෝ..

    ReplyDelete
  26. තාදු...තාදු...!අපේ බබාලත..ජය වේවා...!

    ReplyDelete
  27. අන්තිම වාක්‍යයට
    +++++++++++++++++++++

    ReplyDelete
  28. එහෙව් එකක් ඕන නෑ නේන්නම්... ඉන්නෙම පොඩි උන් වෙච්චිකොට...

    ReplyDelete
  29. හික් හික් නියමයි...

    ReplyDelete
  30. ලෝකේ වාසනාවන්ත දරු පරපුරක් ඇති එකම රට මේ අපේ රටයි.එය රැකගන්න ඉදිරි මැතිවරණයේදීත් ඔබේ මනාපය දෙන්න..

    ReplyDelete
    Replies
    1. යහ ගුණයෙන් ඉදිරියට !

      Delete
  31. හොඳම දේ (ඒ) දරුවන්ට......!

    ReplyDelete
  32. මරු කතාව හේ හේ.

    ReplyDelete
  33. babalanthaya gana supiriyatama liyalaya

    ReplyDelete
  34. එතකොට මේ කොහෙද???මට මතක නෑනේ????

    ReplyDelete
  35. //අපට ලමා දින අනවශ්‍යය...//

    මේ ඇත්තය. අපිට අවශ්‍ය ගෑනු ලමයින්ගේ දිනයකි.:)

    ReplyDelete
  36. මුල ඉඳලා අගටම කියලා තියෙන්නේ ඇත්ත මචෝ.....එළ......

    ReplyDelete
  37. සිඟිති ආතල් ... භාෂාවේ දියුණුවටත් හවුල් වෙන යෙදුමක් වේවි!!!! :D

    ReplyDelete
  38. ආහ් මෙ බබා ලන්තය ගැනනේ ලියලා තියෙන්නෙ...

    ReplyDelete
  39. පට්ට සුපිරි මචෝ. අනිවා උඹ මේක ලියයි කියලා උන්නේ.

    ReplyDelete
  40. සුදු වෑන් එකක් කෑළනිය පෑත්තට ආවලු

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...