Sunday, October 7, 2012

20/20 ඇසුරෙන් කෙල්ලන්ට පාඩමක්...



කෙල්ලෝ යනු නැටුමට උපන් හපන්ය. සෑම ගමක නැට්ටිච්චියෙක් බිහිවෙන්නේ කෙල්ලෝ නිසාමය. උන් හැරුනත් හැඩය. කැරකුනත්, කකුල් පැටලී වැටුනත් හැඩය. ඒත් ලංකාව ලෝකෙටම චාටර් වුනෙත් නටන්න බැරි කෙල්ලෝ ඉන්නවා කියාය. ඒ 20/20 නැට්ටිච්චියෝ නිසාමය. විලි ලැජ්ජාවේ සංතෝසේ බැරිය. උන්ට හැරෙන්නවත් බැරිය. හැරෙන්නේ කොට සායේ අග්ගිස්ස අල්ලාගෙනය. කැරකෙන්න බැරිය. කැරෙකෙන විට සාය වට්ටිය වගේ වී ගල් එලියේ නිසා උන් සාය අග්ගිස්ස සුලැගිලි අස්සේ ගසාගෙන කැරකෙන්නෝය. පාට ගලපන්න බැරි ජාතියේ සාය කොටය ගසාගෙන කැරකෙන එක ගැන කතා කර අපරාදේය. ඒ ගැන ලොවම කතා කර අහවර නිසා තවත් කාලය විනාස නොකළ යුතුය.

මේ ටික ලියන්නේ අපේ රටේ කෙල්ලන්ටය. දැන් බැට් එකක් බෝලයක් හොයාගෙන වත්ත පිටියට බහින්නට කාලය හරිය. විකට් එක පිටිපස්සේ සිටගෙන ලොව හොල්ලන සංගා අයියා, කොල්ලෝ 11ක් මෙල්ල කරන මහේල අයියා, කොණ්ඩය කැරකුනු ස්ලිංග අයියා, දිහා බලා පෙම් කළ කාළය දැනවත් අහවර කළ යුතුය. උන් වෙනුවෙන් දැන් එළිය බැසිය යුත්තේ කෙල්ලෝ ටිකය.

අතට කැච් එක එද්දී අත් දෙක එකතු කොට දෙඇස් වසා ගන්නා කාලය අහවර විය යුතුය. වේග පන්ද එද්දී විකට්ටුව පැත්තකට පැන බලා සිටින කාලය අහවර කළ යුතුය. අපි කෙල්ලෝ කියා විකට්ටු මැද්දේ හෙමින් දිවිල්ල අහවර කළ යුතුය. බැට් බෝල අරගෙන පිටියට බැස ලකුණු රැස් කළ යුතු කාළය එලැබ ඇත.

අපේ කෙල්ලෝ ජාතිය වෙනුවෙන් බුකියේ සැරි සරන්නෝය. ලයික් කළ යුතු, ෂෙයාර් කළ යුතු දෑ, දුටු සැනින් කරන්නෝය. ටීම් එක වෙනුවෙන් ස්ටේටස් කෙලින්නෝය. කවි, පොටෝ දාන්නෝය. තුනේ ඉලක්කම "3" හා ඊතල කොක්ක "<"  දමා කමෙන්ට් කරන්නෝය. එවිට මතු වන්නේ <3 හෙවත් හාර්ට් එකක්ය. උන් එවිට සමාජ මෙහෙවර කර හමාරය.

එහෙව් උන්ව පිට්ටනිකයට තල්ලු කළ යුතුය. බෝල පිති අතට දිය යුතුය. පෑඩ්, හෙල්මට් හැරුණු විට බෝල් ගාඩ් අනවශ්‍යය. වියදම අවමය. පිට්ටනියට බැස්සාම මේකේ තියෙන අමාරුව උන්ට තේරෙනවාය. එතකොට මැච් එක බලද්දී දෙන ලොකු ටෝක්ස් නොදෙනවා ෂුවර්ය. අපිට කරදරයක් නැතිව මැච් එක බලන්න දෙනවාද නියතය. බුකියේ ලොකු ටෝක්ස් දෙමින් ලයික් කිරිලි, ෂෙයාර් කිරිලි අවසනය දකින්නේ එදාටය. 

රටේ කොල්ලන්ගේ කිරිකොට් ගොඩ බව කෙල්ලන්ට තේරෙන එක ලොකු දෙයක්ය. ඒත් කාන්තා කිරිකොට් අගාධයේ බව නොතේරෙන එක දුකය. ඒවා තේරෙන තරමේ මොල කැටියක් තිබුනා නම් උන් මේ දවස් වල දාන ස්ටේටස් වෙනස් වෙනවාය. එහෙනම් උන් දැමිය යුත්තේ “කොල්ලො වගේ කෙල්ලෝ අපිත් කිරිකොට් වලින් තැනකට එන්නෝනි හයියෝ...“ කියාය. හැම තැනකදීම සමතැන්, උස්තැන් ඉල්ලන කාන්තාවෝ මෙතැනදී එකතු නොවෙන්නේ ඇයි දැයි දුකය. එකොලහක් සෙට් වෙලා ටීම් එකක් හදා ගත්තා නම් අපිත් සපෝට්ය. එදාට අපිත් ඒ සෙට් එකේ පොටෝ ෂෙයාර් කරනවාය. ලයික් කරනවාය. රතිඤ්ඤා ගහන අපේ උන් උඩින්ම අහස් කුරු යවන්නේ එදාටය.

මේ ටික කියවා දෙනෝ දහක් කෙල්ලෝ බැට්, බෝල, විකට් පොලු අතට ගන්නවා ෂුවර්ය. ඒ ජාතික මට්ටමේ ටීම් එකක් හැදීමට නොවේය. සෑමා පසු පස පැන්නවීමටය. එළව එලවා පහර දීමටය. ඒත් මේ පාරවත් ටීම් එකක් ගැන හිතුවොත් ලබන පාරවත් කාන්තා 20/20 කප් එක ඕස්ට්‍රේලියාව උස්සාගෙන නොයනු නිසැකය. අපේ උන්ටම තියා ගත හැකි වනු දැකිය හැකිය.


Written by sAm_6:25pm_07/10/2012 - මැච් එකට පෙර මතට තිත තබමින්

76 comments:

  1. හෙහ් හෙහ් .... මොකද සෑමා නින්දෙන් ඇහැරුන ගමන්මද මේක ලිව්වෙ.

    මොනා උනත් අර අන්තිමට තියෙන ෆොටෝවෙ ලෝක ගෝලෙ අල්ලන්න පනින ගෑල්ලමය මරු, මගේ හිතේ ඊට ලොකු එකක් වුනත් එයාට අල්ලන්න පුළුවන් වෙයි. :)

    ReplyDelete
    Replies
    1. ලෝක ගෝලෙ අල්ලන්න පනිනවා :))

      ඒ ලමයි ඒම තමා සුට්ටි කාලෙ ඉදන් පුරුදු වෙලා තියෙන්නේ. අපේ කොල්ලො කුරුට්ටෝ වුනත් පහු කාලෙක අල්ලන්න පුරුදු වෙන්නේ ඔය තරමට අත ලොකුවට ඈත් කොරලා.. :))

      Delete
  2. අනේ යකෝ ක්‍රිකට් විතරද සෙල්ලමකට තියෙන්නෙ ????
    ලංකාවට පුළුවන් එච්චරයි නිසානෙ මේ පොරකන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අහන්නේ.. ඇයි කෙල්ලො පොර නොකන්නේ ???

      Delete
    2. පුළුවන් එකට පොරකන එක හොදයි කියල තමයි මමත් හිතන්නේ ...... කිව්ව වගේ පොරකන්න කාලේ හරි

      Delete
    3. එහෙනම් රගර් වලට පුරුදු කරමු
      අනේ බන් ඇනෝ මේරටේ වැළලෙන ක්‍රිකට් එහෙම හරි ගොඩ ගන්න ඕනේ

      Delete
    4. මගෙ අප්පේ රගර්... ඒකාධිපති...

      Delete
  3. කෙල්ලෝ එකොළහක් එකතු කරලා කණ්ඩායමක් අටෝගත්තාට ඒක පවත්වාගෙන යන එකය ගේම.

    'ඕකි කිව්වට මමනං කරයි හුහ්...අපි දන්නැද්ද අම්මණ්ඩිගෙ හැටි.......තේරීම් මණ්ඩලේ උං එක්ක නටලා නටලා ආවා මෙතන අපිට ක්‍රිකැට් කියලා දෙන්ඩ...'

    ආදී සුහද හැඟීම් නිසා කණ්ඩායම තියාගන්න එක ලෝක අමාරුවක් වෙනවාය.අනිත් එක මැච් එකක් ගහන වෙලාවටත් දෙන්නා තුන්දෙනා සෙට් වෙලා පච හලන්නට, එක එකාට පද හදන්නට වාගෙම කේළාම් ආදිය කීමට එක් රැස් වීම නිසා තරඟය වරින් වර නවත්තන්ඩ වෙනවා ද නිසැකය.

    අනික ගෑනුම එකොළහක් හින්දා කොයි දවසේ මැච් එකක් තිබ්බත් එකෙක්ට හරි අර හොඳ නැති දවස් තියෙන හින්දා මැච් එක අස්සේ පොන්ස්ටන් හොයන්ඩත්, විනිසුරුගේ කණට කොඳුරා එකියක් පිටියෙන් ඉවතට ගොස් පැය භාගයකට විතර පස්සේ ආපසු ඒම සිදුවීමත් නිසා තරඟයද වරින්වර නතර කර බලා ඉන්ඩ වෙනවාය.

    ReplyDelete
    Replies
    1. "චක්‍ දේ ඉන්දියා" මතක උනා.ඔය ගෑනු තැනකට ගන්නවා නම් උන්ගේ ඉරිසියාව නැති කරලා ඉන්න ඕන.

      Delete
    2. ව්හිළුවකට කියලා තියෙන නිසා කමක් නෑ... ඒත් ඇත්තටම කෙල්ලොත් ඕනෙම ටීම් එකක සෙල්ලම් කරද්දි ඇත්තටම ගොඩක් සහයෝගෙන් වැඩ කරනවා... කචල් දාගන්නවා තමයි.. මොකෝ කොල්ලෝ ඔය එක එකාගේ කුණු ගොඩවල් අල්ලන් වලි දාගන්නේ නැද්ද....

      ////අනික ගෑනුම එකොළහක් හින්දා කොයි දවසේ මැච් එකක් තිබ්බත් එකෙක්ට හරි අර හොඳ නැති දවස් තියෙන හින්දා ///

      මේක ගැන නම් අහන්න තියෙන්නේ........“ දිනුක ඔයා මොන‌ ලෝකෙද ඉන්නේ....“ කියලා තමා.. හි හි...

      Delete
    3. හිරු - +++++++++++++++++++++++++ :D

      Delete
    4. ඇත්ත ඇත්ත හිරූ කොල්ලෝ වලි දාගන්නවා නේන්නං.ඒ උනාට හොයාගෙන හොයාගෙන යනකොට කොණේම ඉන්නවා මෙන්න කෙල්ලෙක්.හෆොයි.

      අර මෙව්වා කතාවනං කිව්වේ කෙල්ලෙක් නැගිටලා නොගිය ටියුෂන් පන්තියක් ලෙක්චර් එකක් දැකලා නැති හින්දා.

      Delete
    5. දන්නවද කොල්ලො කවුරුත් පිළි නොගන්නා යථාර්ථය...

      “කොල්ලෝ 100ක් එකට හිටියත්, කෙල්ලෝ දෙන්නෙක්ට එකට ඉන්න බැහැ, මරාගන්නවා“

      Delete
    6. සෑම්.. කතාව ටිකක් ඇත්ත උනත් 100%ක් එහෙමයි කියන්න බෑ... මොකද කොල්ලොත් ඉන්නවා එහෙම මරාගන්න.. හි හි...

      දිනුකගේ පළවෙනි කතාව නැම් හැබෑව... හි හි.. මෝඩ කොල්ලන්ට කෙල්ලො හින්දා වලි දාගන්න එකේ තේරුමක් නෑ කියලා තේරෙන්න නැති එකට අහක ඉන්න කෙල්ලෝ පලිද මං අහන්නේ.. හි හි..

      ඒත් දිනුක ක්ලාස් වලදි නම් නැගිටලා යන එක ෂේප් නේ.. මොකෝ අමාරු ගණන් එහෙම හදද්දි එන අමාරු හිර කරන් ඉන්නයැ. හි හි.. කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලම...

      Delete
    7. ෂිකේ මේකට උත්තර දෙන්න පරක්කු වුනානේ... කොහෙද බොලව් සෙල්ලම් කරද්දි කොල්ලෝ වලි දාගන්නේ.මොන මගුල උනත් පස්සේ මරාගන්න තියාගෙන ගේම ගහනවා මිසක්...

      Delete
  4. සමහර වෙලාවට පෑඩ් ද අවශ්‍ය වන එකක් නැත.කතාව ඇත්තය.

    ReplyDelete
    Replies
    1. ලියද්දි මතක් වුනා !

      ඇත්තටම මොන පෑඩ්ද බං ?

      Delete
  5. සෑම්ට කියන්න.. අපේ අම්මා ස්කෝලෙ යන කාලේ ලංකා ටීම් එකට සෙල්ලම් කරලා තියෙනවා... පන්නිපිටිය ධර්මපාලේ කෙල්ලො තුන් දෙනෙක් ඒ ටීම් එකේ ඉඳලා තියෙනවලු.. හැබැයි ඒ කාලේ ක්‍රිකට් එච්චර ප්‍රසිද්ධ නෑ.... මාත් පොඩි කාලේ නම් ඇත්තටම ක්‍රිකට් ගහුවා.... ගෙවල් ළඟ කොල්ලෝ සෙට් එකත් එක්ක.. ඒ දවස්වල මම 6 ක් 4ක් ගැහුවාම අයියලට මාර සතුටුයි.. මොකද එයාලනේ ඉතිං මට උගන්නන්නේ...

    ඒත් ගමේම උන් කතන්දර හදන්න ගත්තම මට අවුරුදු 14 ක් විතර වෙනකොට තාත්තා කිව්වා සෙල්ලම් කරන්න යන්න එපා කියලා..ඔන්න ඔහොමයි මගේ ක්‍රිකට් ගැහිල්ල නතර උනේ.....

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඔය සැමා කිවා වගේ අයේ පටන් ගන්න කාලේ හරි....

      Delete
    2. දැං නං ඉතිං ක්‍රිකට් නෙවෙයි ගහන්න වෙන්නේ.. හි හි....
      නාකියිනේ අනේ අපි....

      Delete
    3. හිරුගෙ තාත්තා කරපු ලොකුම ජාතික මෙහෙවර..

      // තාත්තා කිව්වා සෙල්ලම් කරන්න යන්න එපා කියලා.//

      නැත්තම් කොල්ලන්ගේ ටීම් එකත් මෙලහකට අහවරයි...

      @හිරු- එතකොට දැන් මොනවද ගහන්න වෙන්නේ ???

      Delete
    4. කියන්නම ඕනෙද.. හි හි...

      Delete
  6. මොනා උනත් සෑමාගේ කටේ අත දමන්න ඕනේ මේ කියපු කතාවට ....:P විශිෂ්ඨයි....:D

    ReplyDelete
    Replies
    1. යකෝ කටේ අත දැම්මම කබරයා සෙට් වෙනවනේ..

      Delete
  7. කෙල්ලෝ බැට් විකට් පොලු එහෙම ඇන්න එනවද බලාලා කියපං සෑමෝ. මම එනවා උඹ දුවනකොට සපෝට් කොරන්න වතුර බාල්දියක් ඇන්න.
    හිකිස්..!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සරා සපෝට් කෙල්ලන්ට :)

      Delete
  8. කැකිරාව - වැල්ලවාය - හම්බන්තොට පැත්තෙන් තමයි කෙල්ලො හොයාගන්න ඕන. මධ්‍යම පන්තික මජර ඇගවල්වලනම් ක්‍රිකට් නෑ.

    ReplyDelete
    Replies
    1. පුහ්, සුමිත්ගේ නල්ලමලේ නිර්දන පන්තියේ ක්‍රිකට්.එතකොට එංගලන්තයේ ඕස්ට්‍රේලියාවේ පට්ට දුප්පත් කෙල්ලෝ වෙන්න ඇති ඔය ඉන්නේ

      Delete
    2. අනේ සුමිත් බොගේ අම්මගේ රෙද්ද
      ඔය කුනු දේශපාලන කතා බොලොග් වල දාන්න එපා බන්
      ඇත්තටම සැමා අයියේ මේ වගේ කමෙන්ට් වලට ඉඩ නොදෙන එක ඔබේ වැඩක්

      Delete
    3. ඇත්තටම ඇනෝ ඔයාලා මෙහෙම හැම තැනම සුමිත් අයියට බනින්නේ සුමිත් අයියා කියන කතාවලට කැමති නැතුවද නැත්තං එයාගේ මූණට කැමති නැතූවද එහෙමත් නැත්තං දුර ගමක අහිංසක මනුස්සයෙක් බ්ලොග් එකක් ලියනවට කැමති නැති හන්දද.

      Delete
    4. සුමියා ක්‍රික්‍රට් ගැන කතා කරපු විදිහටම මට බ්ලොග් ගැන කතා කරන්න වෙනවා.

      සුමියා කමෙන්ට් කර කර බ්ලොග් එකක් නොලියා ඉන්කල් ඌව කරේ තියාගෙන නටපු උන් දැන් ඌ බ්ලොග ලියනකොට බිම දාගෙන පාගනවා. මේක මහ අසික්කිත බ්ලොග් මාෆියාවක්. හරියට දුර ගමක ඉදන් ආපු කොල්ලෙක් ක්‍රික්‍රට් ටීම් එකට තේරුණා වගේ..

      Delete
    5. මුල්ම කොමෙන්ට් එක මගේ වැඩක් මෙතන mafia වක් නැහැ සුමිත්ගේ අසාදාරන කොමෙන්ටුවට පිළිතුරක් ලිවීමයි කලේ.ක්‍රීඩාවට බොරු පන්ති බේදයක් ඇදගන්න ඕන නැහැනේ.හොදින් බලන්න සුමිත් එක්තරා ආකාරයකින් සමාජයට ද්වේශ කරන පුද්ගලයෙක් වගේ හැසිරෙන්නේ.ඔහු සමහර කොමෙන්ට් දාන්නෙම රළු ප්‍රතිචාර බලාගෙන.

      Delete
  9. ටීම් එකකට ක්‍රිකට් නොගැහැව්වට අපිත් ක්‍රිකට් ගැහුවා ස්කෝලෙදි..අදටත් බැට් එකක් තියනවා අපේ ගෙදරත් පිරිමි ළමෙක් නැතත්..අනික ලංකාවේ තියනවා ගෑල්ලමයිගෙ ටීම් එකක්..ඒත් ක්‍රිකට් කවුන්සිල් එකෙන් තැනක් දෙන්නෙ නෑ..අපේ ඉස්කෝලේ 4ක් විතර ඉන්නවා..ඔයාගේ කතාවත් ඇත්ත වෙන්න ඇති අය්යණ්ඩි..හැබැයි තැනක් නොදෙන නිසා ගොඩක් ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ අය පිටරටවල් වලට යනවා..

    ReplyDelete
    Replies
    1. එකගයි ශම්මි...

      අපෙත් කෙල්ලන්ගෙ ටීම් එකක් තියෙනවා නොවැ. ඒකෙ ඉන්න 11ට බැරිනම් ඇතුලට ගන්න පුලුවන් මට්ටමේ තරගකාරී ක්‍රිඩකයෝ සෙට් එක බිහිවෙලා ඉන්නෝනි. නැත්තම් අනාගතය අදුරුයි. ඒ වගේම තමා කාන්තා එකේ ඉන්න 11ට අමතර වැඩ කාරියෝ සෙට් එකක් ඒ මට්ටමින් එලියේ ඉන්නෝනි. බැරි වුන් පන්නලා ඇතුලට ගන්න බලාගෙන. එතකොට අනාගතේ සුභයි !

      ජය !

      Delete
  10. සඳකිඳුර නෝ(ර්)මලි මැච් බලන්නෙ නෑ කාලෙ නාස්ති වෙන වැඩක් නිසා.ඒත් අක්කණ්ඩිල ගැහුවොත් නම් මං යනව චිය(ර්) ඩාන්ස් එකට ;)

    ReplyDelete
    Replies
    1. හික් අෆ්ෆා එහෙනම් අපි ක්‍රිකට් ගහන්නම යන්න ඔනි මෙයා චියර් ඩාන්ස් එක කරනවා බලන්නනම හික් හික්...... මැවිලා පෙනුනා වගේ :)

      Delete
    2. බඩ අඩුකරගෙන මාත් එනවා එහෙනම්.. හි හි...

      Delete
    3. "සඳකිඳුරු නාඩගම"......

      Delete
    4. 20/20 වර්ලඩ් කප් එකේ පෙන්නුවේ ... ‘තන්හා,රතී,රගා‘ ගේ නැටුම් නේ ! :)

      Delete
  11. ක්‍රිකට් ගහන කෙල්ලන්ට වඩා පොර ටෝක් දෙන්නෙ උන්ව භාරව ඉන්න මහ එකියක් කියලයි ආරන්චිය... මාධ්‍ය කුටියට ඇවිල්ලා අපි සෙමි ෆයිනල් එනවා කවුද මා එක්ක ඔට්ටු අල්ලන්නෙ කියලා පුරසාරම් දොඩපු එයා දැන් හොයාගන්නත් නෑලු.... පවු මෙයා එයා...

    ReplyDelete
    Replies
    1. ඒක නම් වෙන්නම පුළුවන් දෙයක්....

      Delete
    2. ඇය කවුද සිරා ??

      Delete
  12. ප්‍රථම වතාවට පොලිස් කුඩුවක සිට ලංකාව බැට් කරන සැටි නැරබුවෙමි...කුජීතය ,
    කොදෙව්වන්ට ජය වේවා !!! ජා-ඇල පොලිසියටද ජයවේවා !! හිකිස්

    ReplyDelete
    Replies
    1. ඈ...............................????????????????

      Delete
    2. වැඩි දෙනාගේ ප්‍රශ්න නිසා ඔන්න මම ඒ ගැන පොස්ට්ටුවක්ම දැම්ම .. මේ දැන් කොටලා.
      ප්‍රථම වතාවට පොලිස් කුඩුවක සිට ලංකාව බැට් කරන සැටි නැරබුවෙමි

      Delete
    3. චමියා කස්ටියව කළබල කරල නොවැ !

      Delete
  13. මමත් කැමතියි

    ReplyDelete
  14. දිනෙන් දින අගාදයට යන දෙයක් ගැන කතා කිරීමෙන් පලක් නැත...

    ReplyDelete
  15. What's up all, here every one is sharing such familiarity, thus it's faѕtidious to
    rеad this wеbsitе, and I usеd to go to ѕее this blοg daily.
    My weblog - google +1

    ReplyDelete
  16. ඉඅස්සර මම පහවසරට එනකම් ගියපු ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකේ අක්කි කෙනෙක් හිටියා. ඇත්ත නම මොකද්ද දන්නේ නැ.ඒත් එයාගේ පෙනුමත් කරේ විකට් කීප් කමත් නිසා හැමෝම කිව්වේ කළු
    (කලුවිතාරණ ) කියලා. දැන් නම් මොනවා කරනවද දන්නෑ..

    ReplyDelete
  17. වටිනා අදහසක් ප්‍රකාසයට පත් කරල තියෙන්නේය.. මේක සිද්දවුනොත් අනිවා අවරුද්දකට නිවාඩු දාන දවස්ගාන වැඩි වෙනවා.. ;)

    ReplyDelete
    Replies
    1. එතකොට ටිකට් විකිනීම ?

      Delete
  18. මටනම් ක්‍රිකට් වැඩිය දිරවන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. අර මක්කටෙයි නෝනේ ක්‍රිකට් කන්න ගියේ

      Delete
  19. මුං වර්ල්ඩ් කප් එකක් ගැහුවොත් එහෙම ඉන්න හම්බෙන්නෑ අපේ කොල්ලො ටීම් එකට.

    ReplyDelete
    Replies
    1. අන්න සිරා.. එතකොට අපේ උන් කිච වෙලා ෆෝම් වෙනවා !

      Delete
  20. "මේ ටික කියවා දෙනෝ දහක් කෙල්ලෝ බැට්, බෝල, විකට් පොලු අතට ගන්නවා ෂුවර්ය. ඒ ජාතික මට්ටමේ ටීම් එකක් හැදීමට නොවේය. සෑමා පසු පස පැන්නවීමටය"

    අවසානයේ මෙය තිබීම පහසුය.නැත්නම් මේ ටිකත් Type කිරීමට සිදු වේ..

    ReplyDelete
    Replies
    1. පහසුවක් කලේ කස්ටියට :)

      Delete
  21. Replies
    1. කඹ අදින එක ගැන නෙවේ පිණි... මේ කිරිකොට් ගැන !

      Delete
  22. සෝයි වැඩේ අපිත් ෆුල් සප්පෝට් එක දෙනවා...

    ReplyDelete
  23. wenas widhata hitana post eka..elaya........
    Jayawewa,
    Sajth Mendis.

    ReplyDelete
  24. සෑමාගේ කතාව ඇත්ත බව පිළිගනිමි..Runner up forever වෙන නිසා කෙල්ලන්ටත් දැන් අවස්ථාවක් ලැබිය යුතුය..

    එතකොට චියර් ලීඩර්ලා??

    ReplyDelete
  25. කතාවට මම එකෙන් ලයික්ය... කෙල්ලන්ගේ කොමෙන්ටු දකිද්දී වෙව්ලා යන්නේය... මොනා උනත් නංගිලා සැමයියාගේ උපදෙස් ගැනීමේදී ටිකක් පරිස්සම් විය යුතුය... :D

    ReplyDelete
  26. කෙල්ලන් කුස්සිය මුල්ලේ තැබු කාලය දැන් හමාර විය යුතු ඇත
    කතාවය 100% එකඟයි

    ReplyDelete
    Replies
    1. අනේ අවතාර්.. පුළුවන් නම් ඔය විදියට හිතන, ඔය විදියට වැඩ කරන 20ක් හොයා ගෙන ඡන්දේ ඉල්ලන්න.. මම නම් ඡන්දෙත් දීලා මනාප තුනමත් ඔයාට දෙනවා.. හි හි...

      කියනවා විතරයි සුදා..... කවුරුවත් ඔය විදියට වැඩ කරන්නේ නෑ....

      Delete
  27. කෙල්ලෝ ගැන මුට තියෙන අමාරුව!;)

    ReplyDelete
  28. මෙතන ඉන්නවද එක් කෙනෙක් හරි ලංකාවේ කාන්තා තරග නරඹපු? මම බලල තියෙනවා. මගේ හිතවත් නංගිලා ටිකක් ඉන්නවා ටීම් එකේ. එයාල මේ ක්‍රීඩාව කරගෙන යනවට තෑගී දෙන්න ඕනේ. මොකද කාන්තාවෝ වැඩි වෙලාවක් කාලය ගත කරන්නේ ලස්සන වෙන්න. ඒත් මේ කොල්ලේ ක්‍රීඩාව නිසා පිරිමි වගේ ඇඟවල්, අව්වට පිච්චිලා. මේවා කරලා අන්තිමේදී කසාදයකුත් කර ගන්න ඕනෑ. කවුද කැමති හතර්ස් අත්පා තියෙන කොල්ලෝ වගේ ඇවිදින කෙලීක් බඳින්න? පිරිමි කණ්ඩායම 96ට පෙර හිටිය තත්වේ තමයි කාන්තා කන්දයාම දැන් තියෙන්නේ. අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ මානසික තත්වය හොඳ මට්ටමකට ගෙන ඒම.

    ReplyDelete
  29. සෑමා හදිස්සියේම ජාතික මෙහෙවරකට අත දාලා.. ඒකත් නරකම නෑ..

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. දැනට ටිම් එකේ ඉන්න අයට වගේම මටත් පුළුවන් ක්රි කට් play කරන්න.‍හොඳ මතෘකාවක් ජය

    ReplyDelete
  32. Prettу nice poѕt. I just stumbled upon yοur blog and ωished to sау that I have trulу enjoуеd browsing yοuг blog postѕ.
    After all I'll be subscribing to your rss feed and I hope you write again very soon!
    My weblog Deal Dash

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...