Monday, June 25, 2012

කොන ආරක්ෂා කර ගැනීම - ජාති වාදය නොවේ....


මුලින්ම කිව යුත්තේ සෑමාට විවිධ ජාතීන් සහ ආගම් වල මිතුරන් සිටින බවත් මෙය ජාතිවාදය ඇවිස්සීමේ පෝස්ටුවක් ‍නොවන බවය.

කොන ආරක්ෂා කිරීම කිව් විගස මතක් වන්නේ මුස්ලිම් තරුණයන්ය. ඒ ඔවුන් උප්පත්තියේදීම ඔවුන්ගේ ආගමික කටයුත්තක් ඉටු කරන නිසාය. එය හුදෙක් ආගමානුකූලව සිදුවන්නකි. එසේම පසුකලෙක වෛද්‍ය අර්ථ දැක්වීම්වලට අනුව පැවසුනේ එය ආගමික කටයුත්තක් ලෙස සිදුවුවද පුරුෂ ලිංගයේ පවිත්‍රතාවය රැක ගැනීමට පවා ඉවහල් වන බවය. දැන් මෙය කියවූ සියළු ස්ත්‍රින් මුස්ලිම් තරුණයන් කරා ඇදී යාමට ඉඩ ඇත්තේය. ඉන්පසු අනෙක් සියළු ජාතීන්, හා ආගම් වල කොල්ලන් රෙදි උස්සාගෙන සෑමා පසු පස ලුහු බදිනු සහතකය. ඒ නිසා සෑමා තරයේ කියා සිටින්නේ හැම කොල්ලාම තම පවිත්‍රතාවය පිළිබද සැලකිලිමත්ව සිටින බවක්ය. ක්‍රිකට් මැච් එකකදී තමා අත ඇති පන්දුව දිලිසෙන තරමට පොලිෂ් කරන කොල්ලෝ, තමන්ගේ දෙයක් ඊට වඩා හොදින් ආරක්ෂා කරන බවට තර්කයක් නැත්තේමය.

සෑමා කොන ආරක්ෂා කරගත් අයුරු මේ කතාවට පසුව බැලිය හැකිය.

එකෝමත් එක රටක සියළු ආගම් වලට ගරු කරන පොරක් සිටියේය. පොර අමාරුවෙන් හරි හම්බ කර වාහනයක් ගත්තේය. වාහනය ගත් විගස පොරට සිහි වුයේ තමා වාහනය සියළු ආගමික සිද්ධස්ථානවලට ගොස් ආරක්ෂා කර ගත යුතු බවය.

පොර පන්සලට ගියේය. පිරිත් සජ්ජායනා කොට, පිරිත් පැන් ඉස වාහනයට සියළු ආගමික වත් පිලිවෙත් ඉටු කරන ලද්දේ පන්සලේ හාමුරුවන් විසින්ය.

පොර කිතුනු පල්ලියට ගියේය. එහිදී විවිධ ගීතිකා ගයමින් පල්ලියේ පියතුමන් විසින් වාහනයට බ්ලෙස් කළ ජලය ඉසින ලද්දේය.

ඉන්පසු පොර ගියේ හින්දු දේවස්ථානයටය. එහිදී දෙහි, මිරිස් අමුණා වාහනයේ ඉදිරියේ එල්ලන ලද්දේ දේවස්ථානයේ සාමි තුමා අතින්ය. තවද සියළු ආගමික වතාවත් සිදු කරන ලද්දේය.

පොර සියල්ල අවසන ගියේ මුස්ලිම් පල්ලියටය. එහිදී පොර වාහනයෙන් බැස පල්ලියේ පියතුමා බැහැ දැක කීවේ තම වාහනයට සියළු ආගමික කටයුතු කර ගත යුතුව ඇති බවක්ය. පල්ලියේ පියතුමා සියළු ආගමක කටයුතු අහවර වන තුරු ඔහුට වාහනයට නැග තම ඇස් පියාගෙන සිටින ලෙස කීවේය. ඔහු පියතුමාට වන්දනා කොට වාහනයේ අසුන් ගත්තේය. ඇස් පියාගෙන සිටින ඔහුට මොහොතකින් වාහනය පිටුපසින් ටකරං කපන හඩක් ඇසී බිමට බැස බැලුවේය.

පිටුපසට ගොස් බලන කළ පියතුමා ඔහුගේ සයිලන්සරයේ කොන් කොටස කපා අවසානය.

සෑමාට පාසල් කාලයේද කොන ආරක්ෂා කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නට වුයේය. ඒ අපේ හැම එකාම කොනට ආසා නිසාය. පන්තියේ බිත්තිය අයිනේ යකඩ දැල අසල හිද ගැනීමට කවුරුත් කැමතිය. පාසල් සමයේ බොහෝ විට සෑමා ඒ කොන ජය ගත්තේය. නමුත් සියළු බලාපොරොත්තු බිද දමමින් සෑමාට කොන බේරා ගැනීමට සටනක් කරන්නට වූයේ ඒ-ලෙවල් පන්තියේදීය. ඒ අපේ පේලියේ කොන සෑමාගේ මිත්‍රයෙක් අල්ලාගෙන සිටි නිසාමය.

පළමු දිනය සෑමා කොන අහිමිව සිටියේය.

දෙවන දිනය සෑමා කොන දිනා ගැනීමේ සටන ඇරඹුවේය. පොතක පිටුවක් කඩාගෙන ‍ගොටුවක් සාදා ගත් සෑමා ‍ගොටුව පිරෙන්නට කෙල පිඩක් මුසු කලේය. එය ‍‍ගොටුව මදක් පොගන ලෙස ටික වේලාවක් මේසය මත තබාගෙන සිටිය යුතුය. නැතිනම් සටනට අව‍ශ්‍ය මූලික කරුණු සම්පූර්ණ නොවන්නේය. ගොටුව හොදින් කෙළ වලින් පෙගුනු පසුව එය ගුලි කර බිත්තිය අයිනේ සිටින පුද්ගලයා අතට යන තුරු අතින් අතට යැවිය යුතුය.

"මේ මොනද බං මේ.."

"ඕක යවහං බං දැලෙන් එලියට විසික් කරන්න කියලා.."

"මොනාද බං තෙතම තෙතයි..."

"හරි හරි ඉක්මනට විසික් කරපං බං..."

එසේ ගොටුව ක්‍රමයෙන් කොනට පාස් වන්නේය. එකිනෙකා ඇගිලි තුඩු වලින් අල්ලා පාස් කරද්දී බිත්තිය අයිනේ සිටිය කොන අල්ලා ගත් ආක්‍රමණිකයා අතේදී...

"මචං ඉක්මනට විසික් කරපං, ඕක දැන් හොදට පොගලා තියෙන්නේ... නැත්තං කෙල බෙට්ට උබේ ඔඩොක්කුවට වැටෙයි" කියා කිව යුතුය. එවිට ඔ‍හු හොද කුණු හබ්බයක් කියමින් එය එලියට විසික් කරන්නේය.

ඕනැම සටනක ජයග්‍රහනය ලැබීමට නොකඩවා තම සතුරාට පහර දිය යුතුය. එසේ දින කිහිපයක් කිරීමේදී ...

"අපෝ අපිට බැහැ බං හැමදාම මුගෙ කෙල ගොට්ට පාස් කරන්න.."

"වද නොදී ඔය මුල්ල සෑම්ට දීපංකෝ..."

කියමින් අනෙක් එවුන් ආක්‍රමනිකයාට බල කරද්දී, ආක්‍රමණිකයා කොන අතැර සෑමා අතට පත්කලේ නිතරගයෙන්ය.

එලෙස බුද්ධිමත් වූ සෑමා කොන බේරා ගත්තේය.

Written by sAm_4.50pm_25.06.2012

සෑමා සමග සිටියේ සිරාම සෙට් එකක්ය. නැතිනම් අද සෑමා බ්ලොග් ලෝකයේ නැත්තේමය.

86 comments:

  1. Replies
    1. ඔය කතාව නම් ද ලාස්ට් රෝ එකේ ගියා වගේ මතකයි.

      ** කොන ආරක්ෂා කිරීම කිව් විගස මතක් වන්නේ මුස්ලිම් තරුණයන්ය **

      බොලාගෙ කැත හිතනේ. වෙන මොකක් ද?

      ** තමා අත ඇති පන්දුව දිලිසෙන තරමට පොලිෂ් කරන කොල්ලෝ, තමන්ගේ දෙයක් ඊට වඩා හොදින් ආරක්ෂා කරන බව **

      ඇයි බං අර කවුද බ්ලොග් එකක ලියල තිබුණෙ, අයිය අත්වැඩකරනව දැකපු පොඩි එකා කුස්සියට ගියාම අම්ම ඇහැවළු “කෝ අයිය“ කියල. ඌ ගත්කටටම කිව්වළු

      “අන්න අරහෙ, ඇඳ උඩ, චූව පොලිෂ් කරනව“

      Delete
    2. කතාව මේල් එකක් ලෙස ආවේය. :)

      චූවාගේ කතාව නම් පට්ටය.. :ඩී

      Delete
    3. අන්න අරහෙ, ඇඳ උඩ, චූව පොලිෂ් කරනවා......

      හක හක.... හූ ඈ... :-)

      Delete
  2. ක්‍රිකට් මැච් එකකදී තමා අත ඇති පන්දුව දිලිසෙන තරමට පොලිෂ් කරන කොල්ලෝ, තමන්ගේ දෙයක් ඊට වඩා හොදින් ආරක්ෂා කරන බවට තර්කයක් නැත්තේමය

    ReplyDelete
  3. කොහොම හරි සැමා එහෙනම් කොන බේරගත්තා..... එල එල

    ReplyDelete
  4. මොන ප්ලෑනක් ගහලා හරි කොන බේරාගත්ත එක නම් ලොකු දෙයක් මචං.

    ReplyDelete
    Replies
    1. නැතුව බැහැ බං ජීවත් වෙන්න. අඩුපාඩුවක් උනොත් එහෙම අපරාදයක් නොවැ !

      Delete
  5. කොහොමහරි ටික දවසක් කොන නැතුව ඉදලනේ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඇත්ත නේන්නම්..

      ජයම වේවා !

      Delete
  6. අද කාලෙ කොන බේරගෙන විතරක් මදි වෙන්න පුළුවන්. ආන්න ගෙඩිය පිටින් හපලා වෙන් කරන අක්කලාත් ඉන්නවාලු.

    ReplyDelete
    Replies
    1. අප්පද බොල ඒ කොහෙද ඒ ?

      :-0

      Delete
    2. මමත් දැක්කා නිවුස් එක...
      2ක් ද 3ක්ද කොහෙද වෙන් වෙන්නම හපලා..

      Delete
    3. මගුලයි අරූ මැරෙන්න ඇති.. මාව හිරි වැටුනා බොල !

      Delete
  7. කමෙන්ට් නැත. කියවීමි.

    ReplyDelete
  8. හ්ම්ම් සැමා එහෙමනම් කොහොමහරි කොන වෙන් කරගෙන ඉදලා තියෙන්නේ මුල් පන්ති වල ඉදලමයි නේද? ඔය සිරා සෙට් එකත් එක්ක මේ වගේ පට්ට ඩයල් එකක් හිටියහම කොහොම ඉන්න ඇතිද?

    ReplyDelete
    Replies
    1. කොනේ හිටියම ටීචර්ලට ඇවිත් ගහන්න බැහැ මචං ඒකයි.. :)

      Delete
    2. අපිට ඉස්සර හත වසරෙදිද කොහේද සර් කෙනෙක් හිටිය, ළමයිට ගහන්න මහන්සි වෙන්නෙ නැති. ප්‍රශ්නයක් අහල උත්තර බැරි එකෙක් හරි මොකක් හරි වැරැද්දක් කරපු එකෙක්ට හරි ගහන්නෙ මිනිහ ගුරු පුටුවෙ වාඩි වෙල ඉඳන්මයි. ළඟ ඉන්න ළමයට කියනව අරූට ටොක්කක් අනින්න. කලින්ම කියල තියෙන්නෙ, ටොකු අනින එවුන් යාළුව කියල හෙමිහිට ඇන්නොත් සර් ඉස්සරහට ගෙන්නල පොල්ටොක්කක් අනිනව ඌට. අනුන්ගෙ පරිප්පු කන්න කවුද කැමති. කියන පමාවෙන් හෙන ගහන්න වගේ ළඟ ඉන්න එකා අනිනව. සර් ගැහුවත් එච්චර හයියෙන් ගහන්නෙ නෑ.

      Delete
    3. //කියන පමාවෙන් හෙන ගහන්න වගේ ළඟ ඉන්න එකා අනිනව. සර් ගැහුවත් එච්චර හයියෙන් ගහන්නෙ නෑ.//

      මෙහෙම සීන් ඉස්සර තිබ්බ. හැබැයි සමහර වයසක ගුරුවරු තමා කලේ..

      සිරා බං !

      Delete
  9. මුස්ලිම් පල්ලි වල ඉන්නේ පියතුමන්ලා නෙවෙයි වෙන නමක් කියන්නේ මතක නැහැ දැන්..

    අවිහිංසාවාදීයෙන් ජයගත් තවත් සටනක්.

    ReplyDelete
    Replies
    1. මටත් මතක නැහැ බං.. එකයි එහෙම දැම්මේ.. නැවැරදි කරන්න තවම නම මතක් කරමි.. :)

      ජය හොදේ !

      Delete
    2. මුතව්වා/ ලෙබ්බේ

      Delete
    3. එතකොට උලමා කියන්නෙ ?

      Delete
    4. ඇහ් සුමිත් අයියා අකුරු වැරදිලාද? මම අහල නැහැ මෙහෙම එකක් කියනවා..

      Delete
    5. මුස්ලිම් පල්ලිය එහෙමත් නැත්නම් මස්ජදියේ ඉන්නේ මවුලවිතුමා

      Delete
    6. නෑ බං උලමාවරු කියලා කට්ටියක් ඉන්නවා. මට ඒ ගැන වැඩි තේරුමක් නෑ.

      Delete
  10. මුස්ලිම් පල්ලියේ සිටින්නේ ඉමාම් වරුය. පාදිලි වරු නැත. (පියතුමන්ලා)

    කෙසේ හෝ කොන බේරා ගැනීම යහපත් යැ. මම නම් කොනේ සිටින්නේ නැත. මැද ඉන්න එක ඇඟට ගුණදායකය.

    ReplyDelete
    Replies
    1. අසරණයාට කමෙන්ට්ටුව දමා බලද්දී පිලිතුර කැසැන්ඩර් ලබා දී තිබේ... වෙනස් කරමි.

      ස්තුති හොදේ...

      Delete
    2. ඉමාම් කියන්නේ වඳින්න කියල දෙන එක්කෙනා නේද..... හරියට අපිට පන්සිල් දෙන හාමුදුරුවෝ වගේ

      Delete
    3. ඔය වචන නොදන්න නිසා තමා බං අර විදිහට ලිව්වේ. මට කොයිල් වගේ..

      Delete
  11. උඹ තමයි ඉතින් මිනිහා, ටිකිරි මොලෙන් වැඩ අරන් තියෙනවා වගේ :ප

    ReplyDelete
    Replies
    1. අපේ එකෙක් දැක්කොත් ආය ගුටි කනවා බං..

      Delete
  12. මොනා කලත් කොන බේරගන්ඩ ඕනා !
    කොන නැත්නම් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒත් කවදාවත් කොන් වෙන්න එපා මචං :)

      Delete
  13. කොන කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා දන්නේ කොනේ හිටපු කෙනෙක්ම තමා ,සයිලන්සර් කතාව පැට්ටා "අන්තිම පේලියට "ලියලා තිබුනා මීට කලින්

    ReplyDelete
    Replies
    1. ඕක ඉපැරණි මේල් එකක ආපු කතාවක් මචං.

      මම මගේ අතීත කතාවකට එකතු කලා.. ;)

      Delete
  14. වැඩේ හරියන්නේ නැත, අද සිට කොනට ෆයිට් කල යුතුය

    ReplyDelete
  15. අපිත් ආව කියන්න කමෙන්ට් කලේ...

    ReplyDelete
  16. මමත් කියෙව්වා, අද එච්චර ගෝ එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. ගෝ එකක් නැහැ කිවවේ යන්න හිතෙන්නෙ නැහැනේද පෝස්ට් එක දාලා :)

      Delete
  17. අනේ මුගෙ කතා..හිකිස්..! පන්තියෙදි නම් කොනේ ඉන්න එකාව තමයි...ඉස්සෙල්ලම පේන්නෙ පන්තියට එන ගුරුවරුන්ට ඉතින් කනවා හැම එකකටම පරිප්පු..!

    ReplyDelete
  18. පට්ට පට // කිව්වලු....... ලයික් හොඳේ.....

    ReplyDelete
  19. ඒ කියන්නේ ඒක තාම තියනවා ඈ...! මම කිවුවේ කොන...! හික්..! ජය..!

    ReplyDelete
  20. කොන රැකගත්තේ කවර අරමුණක් සඳහාද??? මාගේ මතකය නිවැරදි නම් අල්ලපු ඉඩමේ අක්කා සෙල්ලං දමන විට සැමා සිටි පන්තියට පෙනෙනවාය.සැමා අරගල කරන්නට ඇත්තේ තමන්ගේ දර්ශණ පථය රැකගැනීමටම විය යුතුය... කෙල බෙට්ටකින් යුද්ධය ජය ගැනීම පිලිබඳ මාගේ බලවත් උපහාරය ඔබට....

    ReplyDelete
    Replies
    1. අප්පේ උබට මතක තරම. මම ඒ ගැන මතක් නොකර පෝස්ටුව ලිව්වේ..

      අක්ක පඩිපෙලේ වැටුන හැටි.. ම්ම්ම්ම්.... සාය ඔලුවට වැටිලා..ඉතිරිය එපා.. :)

      Delete
  21. පන්තියේදි දවසක් පොඩි මෑනුත් එකෙක්ට තඩි බෑවේත් ඒ කොණ ඉල්ලලාය.. මක්නිසාදයත් අපි වාඩි උනේ කෙල්ලන්ගෙ පේලියේ පිටිපස්සෙ පේලියේ නිසාත් ඒ පේලියේ හැමදාම කොනේ පස්චාත් ප්‍රදේෂය ඉතා විශාල ස්ත්‍රී පරාණයක් වාඩිවන නිසාත් කොනේ වාඩිවී සිටින එකාගේ දණපොල්කටුවල එය ස්පර්ෂ වින නිසාත්ය ... ඇග්‍රිමට් එකේ හැටියට සතියෙන් සතිය එක එකා මාරුවිය යුතුය... අරූ ඇග්‍රිමන්ට් එක කඩා දැම්මේය.. අහිමිවන්නට යන අනගි අවස්තාව දැක පොඩි මෑන් ඌට අල්ලගෙන නෙලුවේය..

    ReplyDelete
    Replies
    1. බුගග් උදෙසා කළ ‍ඓතිහාසික අරගලයක්....!!!!

      Delete
    2. පොඩි මෑන් සැප ගන්න කොන අල්ලලා... :)

      Delete
  22. සෑමා එහෙනම් එහෙමලු කොන පරිස්සම් කර ගත්තේ.. දැන් මට මේවයේ හිතෙන එවුවා කියන්න බෑ බොල.. ඒ නිසා නොකියමි.. :)

    ReplyDelete
  23. ඔය කතාව ලාස්ට් රෝ එකේ ලිවුවේ අවංක පැට්ට.. අපේ එළකිරි මුස්ලිම් කොලු පැටියෙක්..

    ReplyDelete
    Replies
    1. ඒමැයි.. මට මේලය ආවේ :)

      ස්ටෝරිය නම් පරන එකක් !

      Delete
  24. සෑමා තමා සෑමා

    ReplyDelete
  25. සෑමාගේ කොනට තව පොඩ්ඩෙන් කෙලවෙනවා.. කෙල හින්දා කොන ගොඩ ගියා එහෙනම් ඈ

    ReplyDelete
  26. මේ මේල් එක යාලුවෙක් මට එවා තිබුනේය.:)

    ReplyDelete
    Replies
    1. බලන්න මම නෙවේ නේද කියලා..

      ;)

      Delete
  27. අම්මපා මෙහෙව් අසමජ්ජාති පොරිසාදයෙක්....අලුතෙන් නම දාපන් ගොලුබෙලි සෑමාගේ කතා කියලා...හික්ස්

    ReplyDelete
    Replies
    1. උබත් පටන් ගත්තද අහිංසක ලමයින්ට නම් දාන්න :)

      Delete
  28. සෑමාට ඉස්කෝලෙ පන්තියෙ කොන හැර තවත් කොන් ලියන්නට තිබුනි...
    AC බස් එකේ පිටිපස්සෙ සීට් එකේ කොන
    Film Hall එකේ බැල්කනියේ කොන

    මෙම ස්ථාන ජිවිතයේ සුන්දරත්වය මතුකරන ඒවා වන අතරම නොයෙක් වර ඇසූ කතාන්දර වලට උත්තපත්තියද සපයා ඇත..

    ReplyDelete
    Replies
    1. පෙම්මුල්ල ගැන කතා අපෝ කොටු කොටුය..

      Delete
  29. කොන කථාව නම් අහල තියනවා. කෙළ සීන් එකනම් 'ඊයා' ය. ඒත් ඔය කාලෙට කවුරු කවුරුත් 'ඊයා' වැඩ කර තිබේ.

    ReplyDelete
  30. මදෑ ඔයින් ගියා තව පොඩ්ඩෙන් කොනත් නැත...

    ReplyDelete
  31. චූව පොලිශ් එක නම් මරුය..

    //ක්‍රිකට් මැච් එකකදී තමා අත ඇති පන්දුව දිලිසෙන තරමට පොලිෂ් කරන කොල්ලෝ, තමන්ගේ දෙයක් ඊට වඩා හොදින් ආරක්ෂා කරන බවට තර්කයක් නැත්තේමය//
    අනිවා! :D

    සෑම් අයියෙ,ඔයාට කොන ආයෙමත් දීල ගිය එකා,කෙල ගොට්ටෙ සීන් එක ඔයාටම හරෝල එව්වෙ නැතෙයි?ඌ ඩිෆීටඩ්ම වෙලා කිච වෙලා ගියාද?

    ReplyDelete
    Replies
    1. මම නොකිව්වට ඌ එක දවසක් උගෙ අතට ආපු වේගෙට වඩා වේගෙන් උඩින් මගෙ ඇගට දැම්ම.

      මගෙ කෙලනෙ කියල මම අතෑරලා දැම්මා..

      Delete
    2. දිට්ට දම්ම වේදනීය මෙව්වා එක..හූ ඈ :D

      Delete
  32. අපේ යාළුවෙක් හිටියා මුස්ලිම් කොල්ලෙක්. උගේ නික් නේම් එක - කොනකපාල.

    ReplyDelete
  33. කතාව අසා ඇත. සෑමාගෙ කොන ගැන සතුටුය. කැපීමට කලින් පිටුපසට යන "කොන්"ද ඇත.

    ReplyDelete
  34. කොන ආරක්ෂා කර ගැනීම තමන් සතු වගේම රජය සතු වගකීමක්. උතුරු කොන ආරක්ෂා කරගන්න අවුරුදු 30ක්ම ගියානෙ!

    ReplyDelete
  35. උඹ ඔය නරක තැනක් බල්ලෙක් කෑවා කියලා පහුගිය දවසක මාතර පැත්තෙ හොස්පිටල් එකකින් බේත් එහෙම දාගත්තද සෑමා?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මගුලයි.. මාතර දැක්ක කාලයක් මතක නැත.

      අනික මගේ නරක තැන් නැහැනේ මචං. ඔක්කොම හොද තැන් තියෙන්නේ :ඪී

      Delete
  36. හරියකට නාන්නේ වත් නැති තම්බිලා කොන විතරක් පිරිසිදුවට තියා ගත්තොත් මදෑ.

    ReplyDelete
  37. ඒ කොන මේ කොන හැමකොන සතුට..!!
    මේ දැන්වීම ඊළගට ඇහෙන කොට හිනා යනවා සුවර්ය..:)

    ReplyDelete
  38. කොන විතරක් පිරිසිදුවට තියාගන හිටියම ඇද්ද බන්.. අපරාදෙනෙ අපි මේ උදේ හවා නාන්නෙ..

    ReplyDelete
  39. එතකොටබං,පිරිමි විතරද පිරිසිදුව ඉන්නෙ?

    ReplyDelete
  40. :D අයියෝ සෑමා උඹට කොනට ඔච්චර ආසද?

    මේ කිතුනු පල්ලියේ නම් බ්ලෙස් කරන්න ෆාදර්ස්ලා ගීතිකා කියන්නේ නැහැ බං :P

    ReplyDelete
  41. කැපිල්ල කෙසේ වෙතත් පොලිෂ් කිරිල්ල නම් කරන්න ඕනෙ ආමි බූට් වගෙ දිස්නෙ ගහන්නම

    ReplyDelete
  42. කිව්වොත් කියන්නේ ලිව්වොත් ලියන්නේ අපිට කියවන්න බැරි ඒවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...