Tuesday, June 19, 2012

චක්කරේ මතක තියා ගැනීමට "චක්කර කොළ"



සෑමාගේ මහප්පාගේ පුතාට අප ග්‍රාමයේම කමියුනිකේෂන් එකක් තිබෙන්නේය. අපේ ගමේ ඒ කාලේදී මුල්ම ලෑන්ඩ් ෆෝන් එක ලැබුනේ අපේ මහප්පාටය. ඒ ඔහු රජයේ ඉහල පෙලේ ධූරයක් දැරූ නිසාය. ඒ ෆෝන් එකේ බිල ගෙව්වේද එම ආයතනයමය. එසේ තිබියදී ගමේ හැම එකාටම කෝල් ආවේ මහප්පලාගේ ගෙදරටය. ගන්න කෝල් එකක් ගත්තේද එහි පැමිණය. ඒ කාලේ එන කෝල් වලටද අය කළ නිසා ඇමතුම් ලැබෙන ඈයෝ කීයක් හෝ මුදලක් බලෙන් හෝ ගෙදර අය අතට ලබා දෙන්නට කටයුතු කලෝය. ඒ අතර ගන්නා ඇමතුම් වලටද මුදලක් ලබා දුන්හ.

මේ ක්‍රියාවලිය දුටු පොඩි පුතු තමාගේම කියා කමියුනිකේෂන් එකක් ඇරියේය. එය පසු කලෙක අනු ශාඛාද පිහිටුවමින් ප්‍රදේශයේ සුපිරි කමියුනිකේෂන් එකක් බවට පත්වුයේය. අපේ ගමේ හන්දියේ දහසක් කමියුනිකේෂන් දැම්මද ඔහුගේ කමියුනිකේෂන් ආධිපත්‍ය නොබිදී පවතින්නා සේම, එසේ දැමූ එවා දැන් වැහිලාත් අහවරය.

කමියුනිකේෂන් එක සමගම දැන් තවත් අංග එකතු කරමින් බහු ජන සේවා ආයතනයක් ලෙස වැඩකටයුතු කෙරෙන්නේය. ඒ ලිපි ද්‍රව්‍ය, පාසල් උපකරණ, චිත්‍රපට, සුවද විලවුන්, ජංගම දුරකථන, ආදී දේවල් සමගය. ඒ සියල්ලටම ද්‍රව්‍ය පොර රැගෙන එන්නේ පිටකොටුවෙන්ය. ගමේ අයෙක් යම් දෙයක් අවශ්‍යය වුවහොත් කමියුනිකේෂන් එකට පැමින බුද්ධික අයියේ අහවල් එක රැගෙන එන්න කියා ඕඩර් කර යන්නේද ඒ නිසාමය. එසේ ඕඩර් වැඩිවෙද්දී පොරට සමහර ඒවා අමතක වී මග හැරෙන්නට විය. ඒ නිසා ඔහු කරන්නේ කුඩා පොත් පිංචක සියල්ල සටහන් කොට සති අන්තයේ දිනක කොටුවට ගොස් රැගෙන ඒමය.

එසේ පොත රැගෙන ගිය පළමු දිනයේදි පොර පොත කොටුවේ කඩයක දමා ගෙදර ආවේය. පොර කීවේ එදා පොත ගෙනිච්චේ නැති බවක්ය. පසු දවසක කොටුවේ ගිය විටක කඩයක මුදලාලි කෙනෙක් පොරට පෙත දී ඇත්තේ "මේ මහත්තයා එදා දාල ගිය පොත මෙන්න" කියාය. ඊට පසු විසි තිස් වතාවක්ම පොර පොත විවිධ කඩ සාප්පුවල දමා ආ නිසා කොටුවේ මුදලාලිලා පොරගේ පොත දුටු සැනින් හදුනති.

පොතේ කතාව ඉවරය. දැන් පොතේ සීන් එකය. මේ මම කමියුනිකේෂන් එකේ සිටියදී සිදුවූවක්ය.

"බුද්ධික අයියේ අර ‍ෆිල්ම් එක ගෙනාවද?" ඒ කමියුනියට ආ ‍අයෙක්ය.

"මොකක්ද මල්ලී... ෆිල්ම් එකේ නම?"

"අර එදා මම ගේන්න කිව්වේ. ඔයා මට පොතක් දීල කිව්වේ නම ලියන්න කියලා.." පොර අර පොතේ නම ලියා ඇත.

"අහ්.. ඒකද. එහෙම ෆිල්ම් එකක නැහැ කිව්වනේ.. දෙමල එකක් නේද??"

"ඔව් දෙමල එකක් තමා. හැබැයි එහෙම ෆිල්ම් එකක් තියෙනවා. මගෙ යාලුවෙක් ලග තිබිල මම බැලුවත් එක්ක.."

"වෙන්න බැහැ. මම ඒ පොතත් අරන් ගියේ නම අමතක වෙන නිසා. මේ බලන්න මේකෙ මාර්ක් එකක් දාල ඇති ඒක නැහැ කියලා." බුද්ධික අයියා පොත දිගු කරමින් තරයේ කියා සිටියේය.

"කෝ බලන්න.." කියා ඔහු පොත ගත්තේය.

"කෝ ඉතිං මේකේ මාර්ක් එකක් ?? මේ තියෙන්නේ ෆිල්ම් එකේ නම ඒ විදිහටම.. කාල වර්ණ කියලා" සෑමාට නම හරියටම මතක නැතිය. මේ ලගින් යන නමක් තිබ්බා මතකය.

"ඇහ් එහෙම වෙන්නෙ කෝමද? එදා මම චෙක් කරලා එතන මාර්ක් එකක් දැම්මා ඒ කඩේදිම...."

"ඔව් අයි‍යෙ හැබැයි එහා පිටුවේ නම් මාර්ක් එකක් දාල තියෙනවා චක්කර කොල කියල එහෙකට"

"අප්පට හුඩු...." බුද්ධික අයියා හිසේ අත ගසාගෙනම පොත ගන්නට අත දික් කලේය.

"මාර කේස් එක මල්ලි අර ලමයෙක් ඇවිත් ඉස්කෝලෙට ගෙනියන්න චක්කර කොළයක් ගේන්න කිව්වා. මම සීඩි ෂොප් ‍එකෙන් ගිහිල්ල අහල තියෙන්නේ චක්කර කොළ ෆිල්ම් එක තියෙනවද කියල මගෙ හිතේ.."

Written by sAm_18.06.2012_11.05pm

106 comments:

  1. අයියෝ මට හිනා අප්පා මරු ෆිල්ම් එක චක්කර කොල හි හී

    ReplyDelete
    Replies
    1. හෑක්............ මෙන්න සෑමාගේ බ්ලොගේ මම එක වෙලා

      Delete
    2. හුටා බ්ලොග් එකම විනාසයි.. මෙයා එකලු !

      Delete
    3. පවු අනේ එහෙම කියනවද...?

      Delete
    4. අපේ කවි අක්කට එහෙම කියන්න එපා හලී...

      Delete
    5. කෝ බං මෙයා තාම සද්දයක් නැහැනේ..

      Delete
  2. අපේ සෙට් එකේ එකෙක් හිටියා දමිල,උගේ ගෙදර ගිහිල්ලා තුන් පාරක්ම බලන්න ට්‍රයි කරා ඒත් බලන්න බැරි උනා දෙමළ ‍ෆිල්ම් එකක් "සාමි" වගේ නම මතක... ඒ කාලේ සීඩී 3 තිබ්බා ඒ ‍ෆිල්ම් එක...දෙවනි සීඩී එක යනකොට කණ සාක්කුවේ...තුන් වෙනි සීඩී එක කවදාක්වත් බලලා නෑ....

    ReplyDelete
    Replies
    1. මටත් මේ ලගදි ඔහොම්මම වුනා බං ඉංගිරීසි එකක් බලන්න ගිහින්. බැරිම තැන ඩි.වි.ඩි එක දීල දැම්ම අයිතිකාරයට.

      කාලෙකින්.. :)

      Delete
    2. අද තමා බං නිවාඩුවක් හම්බුනේ....මේ ටිකේම වැඩ....

      Delete
    3. එලස්.. නිවාඩු දාපං බං... ගෙදර හිටපං.. ඔච්චර කාට හම්බ කරනවද ???

      Delete
    4. @ නොදුටු ලොව :අම්මෝ... ඉන්නවා නේද යහතින්?

      Delete
    5. යන්තං ගොඩ ඒගෙන ආවා විතරයි මචෝ.....තව ටික දවසයි....

      Delete
  3. Replies
    1. දැන් ඉක්කෝලෙ ලමයින්ට තියෙන අලුත් ගැජමන්ට් එකක් බං.

      ප්‍රින්ට් කරපු චක්කර කොළ (ගුණන වගු) ගෙනත් බිත්තියෙ ගැසීම. :)

      Delete
  4. අපේ කාලේ චක්කර තිබුනේ ඇක්සයිස් පොත් පිටිපස්සේ විතරනෙ :P

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මතකද හොරෙන් පිටිපස්ස පෙරලගෙන චක්කරේ පාඩම් දීපු එවුන් හිටියා ?

      Delete
  5. දැන් චක්කරේ තියෙන්නේ අඩිරුලේ ප්‍රින්ට් කරලානේ බං. විභාගෙට කොළ කෑලි අරන් යන්න තහනම් උනාට අඩි රුල අරන් යන්න තහනම් කරලා නෑ නේ ඒ නිසා චක්කරේ දන්නේ නැතත් දැන් අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. බලපං ඉතිං... අපරාදේ අපි පන කඩාගෙන පාඩම් කලේ..

      Delete
    2. අඩි රූල කිව්වම මතක්වුණා. අපේ ගොයියෙක් තර්මො සිලබස් එකම කවකටු පෙට්ටියෙ පැන්සලෙන් ලියාගෙන ගිහින් මාට්ටු වුණා. එහෙම පැන්සලෙන් ලිව්වාම එක ඈන්ගල් 1කට විතරයි පේන්නෙ. වෙලාවටම ඉන්විජිලේටර්ටත් ඒ ඈන්ගල් 1කම සෙටමෝල් වෙලා.

      Delete
    3. @ අකලංක : කවකටු පෙට්ටියද? කැල්කියුලේටරේද?

      Delete
  6. මෙච්චර චිත්‍රපටි හදන තමිල්නාඩුවෙ චක්කර කොල කියලා එකක් හදලා නැද්ද අප්පා.මාර කැත වැඩේ.

    ReplyDelete
    Replies
    1. නියම කෙළිය වෙන්නෙ එහෙම ෆිල්ම් එකක් තිබුණනම් තමයි....

      Delete
    2. ඔව් බං චක්කර නෙවේ කාම සූත්‍ර වගේ එකක් තිබ්බනම්.. :)

      Delete
  7. මෑන්ට පොත පෙරලිලා වගේ... :D

    ReplyDelete
  8. තාම බැරිවුනාද ඕය ‍ෆිල්ම් 2 හොයාගන්න?

    ReplyDelete
  9. ආදර්ශය:- පොතේ ලියාගත්තත් වැරදීමට ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. අර මහදැන මුත්තාටත් පොතක් තිබ්බනේ බං :)

      Delete
  10. හූ ඈ සෑමාගේ පවුලේ අයට වුනොත් වෙන්නේ ඔය වගේ වැඩ.

    ReplyDelete
    Replies
    1. පල පල එදත් නරිය වගේ හූ කිව්වා.. :පී

      නිශාන් = නලියා...

      Delete
  11. ෆිල්ම් එක ඉල්ලපු එකාට පොලවේ වැලලෙන්න හිතෙන්න ඇති පණ පිටින්ම

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජාවෙ බැහැ බං.. අරූට හිනා නවත්ත ගන්න බැහැ..

      Delete
  12. බලාගෙන ගිහාම සෑමාලෑ අයියත් සැමා අයියා වගේමනේ...ඈ..

    ReplyDelete
    Replies
    1. පල යන්න.. අපි එච්චර චාටර් වෙලා නැහැනේ :)

      Delete
  13. හිකිස් .. අදනම් මූ ඕපදූපයක් ලියලා පස්ට..! ජය...!

    ReplyDelete
    Replies
    1. ඕපා දූප ලියනව නම් ඉතිං මලු පිටින් බොල... හිටු දාන්න..

      Delete
  14. ෂහ්. සෑමල එසේ මෙසේ ෆැමිලි එකක අය නෙවෙයි නේ. දීප ව්‍යාප්ත ව්‍යාපාර ජාලයක් හිමිකරුවො නෙව. කාටද ආඩම්බර?

    අපේ කාලෙ අඩිරූල්වල මොන චක්කරද? අඩි රූලෙන් කකා පොතෙන් බලන් චක්කරේ පාඩම් කළා මිස. චක්කරේ මතක්වෙන ඕනම වෙලාවක මට මතක්වෙන ටීචර් කෙනෙක් ඉන්නව, අපිට පහේ පන්තියෙ දි උගන්නපු (පන්ති භාර) ටීචර්. ඇරපු අතක් නෑ පිරිමි බාගයක්. මුළු ප්‍රාථමික අංශෙටම සද්දෙ දාගෙන හිටියෙ. ඒ දවස්වල අපිට ටීචර් දැක්කත් චූ යන සයිස්. ටීචර්ගෙ ප්‍රියතම වැඩේ චක්කරේ පාඩම් ගන්නෙක ද කොහෙද. 4-5 පන්තිවලදි ඉතින් නැටිල්ල මිස මොන පාඩම් ද? කෙහොමටත් මට ඒ කාලෙ ඉඳලම කට පාඩම්කරන වැඩ මරන්න වගේ. අනේ ඉතින් අපි ඉහේ කෙස් ගානට ගුටි කාල ඇති චක්කරේ බැරුව. අවුලකුත් නෑ, මුළු පංතියටම ඒ සන්තෑසියම තමා. ඒ දවස්වල චක්කරේ බැරුව ගුටි කෑවට මම හරකෙක් නෙවි ඕං. කොහොම හරි ඔය 7-8 පන්තිවලදි ඕක කටපාඩම් කරන්නැතුව අවබෝධයෙන්ම මතක හිටිය. ඕලෙවල් කාලෙ වෙනකොට මම කැමතිම විෂය ගණිතය. 9 වසරෙන් පස්සෙ හැමදාම විභාගවලට ගණන්වලට මට අසූගණන් අනූගණන් තිබුණ. හැබැයි අපි ඉහළ පන්තිවලට ආවට පස්සෙ නම් අර ටීචර් අපිට හරි කරුණාවයි. දුවෙ පුතේ කියල තමා කථාව. (ඒ දවස්වල තොපි, උඹල කියල බනින්නෙ. ඒ කාලෙ අපි හිතන් හිටියෙ යකින්නක් කියල. :)) හැබැයි මම නම් අදටත් ඒ ටීචර්ට හරි ආදරෙයි. වැඩේ කියන්නෙ අපිට එච්චර සැරෙන් හිටියෙ නැති ගුරුවරු ගැන දැන් මතකයක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. //9 වසරෙන් පස්සෙ හැමදාම විභාගවලට ගණන්වලට මට අසූගණන් අනූගණන් තිබුණ. //

      9 වසරෙන් පස්සේ එහා පැත්තේ ඉන්න කොල්ලා දක්ෂ එකෙක් සෙට් වෙන්න ඇති.. :)

      **වැඩේ කියන්නෙ අපිට එච්චර සැරෙන් හිටියෙ නැති ගුරුවරු ගැන දැන් මතකයක්වත් නෑ.**

      ඇත්ත සීන් එක බං. අපේ එවුන්ට මතක සැර කස්ටිය විතරයි. මතක් කර කර බනිනවා :))

      ජය හොදේ !

      Delete
  15. ටැපලීමක් වගෙයි... බුද්ධික අයියාට වැඩ වැඩි නිසා මානසික ආතතිය වාගේය... ව්‍යාපාර සියල්ල සෑමාගේ ආධිපත්‍යට යටත් කර කෙටි කලක් විවේකී සුවයෙන් සිටියා නම් හොදය.....

    ReplyDelete
    Replies
    1. කාලයක් මම තමා ඕකෙ බර දැරුවේ.. :)

      ඕලෙවල් කරල ගෙදර ඉන්න කාලේ..

      Delete
  16. චක්කර කොළ ගැන ඇහුවමයි...

    ReplyDelete
    Replies
    1. නව අද්දියාප ක්‍රම-වේදය

      Delete
  17. පික්සු හැදෙනවා !!!
    චක්කර කොල !!! මාර ෆිල්ම් එක නෙහ්

    ReplyDelete
    Replies
    1. මේක ග්‍රහලෝකාගාරේ පෙන්නන්නේ..

      Delete
  18. අඩේ චක්කරේටත් කොල එනවද බං....හි හි පට්ට කතාව සිරාවටම film එකකට නරකම නෑ ඒ නම

    ReplyDelete
    Replies
    1. අපේ එවුන්ට ෆිල්ම් වලට නම් නැති කාලේ මේක ගනීද දන්නෙ නැහැ බං.. :)

      Delete
  19. ආඩම්බර කාර අයියගේ මල්ලි නේ.

    අපේ ඉස්කෝලේ ගෑණු ළමයෙක හර්ඩ් වෙයාර් එකකට ගිහින් මාළු පාන් ඉල්ලුව වගේ සිද්දියක්.

    ReplyDelete
    Replies
    1. දැන් ආඩම්බරකාර අයියලත් ඉන්නවද බං. මං හිතුවේ තාත්තල විතරයි කියලා.. :)

      අඩේ ඒ කෙල්ලට පිස්සුද බං මාලු පාං ඉල්ලන්නේ හාඩ්වෙයාර් එකෙන්. යකඩ මාළු පාන්ද?

      Delete
  20. ඕකනේ කියන්නේ.. ආණ්ඩුවෙන් බිල ගෙවපු ෆෝන් එකෙන් බොලා හම්බු කොරන් කාලනේ...


    හැක්ක හැක්ක හැක්ක ... ඉල ඇටයක් කැඩූනද මන්දා

    ReplyDelete
  21. ඇත්තමයි...මුංට බොලේ දීපව්‍යාප්ත බිස්නස් ජාලයක් තියෙනවනෙ...ඇත්තටම සැමා මොනවද කරනෙ මචං..!ඔය අමතක වෙන ලෙඩේ අම්බානක මටත් තියෙනව බං..!

    ReplyDelete
    Replies
    1. සැමාට තියෙන්නේ දීප ව්‍යාප්ත ෆාමසි ජාලයක් නේ. ඔය අමතක වෙන ලෙඩේටත් හොද බෙහෙත් සැමා ලග ඇති. ඉල්ලගනින් ඩිස්කවුන්ට් දාල දෙයි :P

      Delete
    2. ෆාමසි ජාලයට අමතරව බිස්නස් ජාලයක් තියෙනව මචං. බෙහෙත් ඕනෙම නම් බෙහෙතුත් තිබේ. අත්දුටුවයි !

      මෙහෙ ආවොත්..
      පත්තරයක් අරගෙන, කොණ්ඩෙ කපාගෙන, ග්‍රීන් ටී, ටී එහෙම අරගෙන, කෝල් එකක් අරන්, පොටෝ කොපියක් ගහන්, රීලෝඩ් එකක් දාගෙන, පොත් එහෙම බයින්ඩින් කරගෙන, පොටෝ ලැමිනේට් කරගෙන යන්න පුලුවං.

      :ඩී

      Delete
  22. ෆිල්ම්ස්වල නම් දන්නේ නැති හන්දා පොඩ්ඩිත් ඔයදේම කරන්ට ඉඩ තියනවා. :D

    ReplyDelete
    Replies
    1. මෙයා දන්නේ කෑම වල නම් විතරයි නේ !

      Delete
  23. ඔන්න මම අලුත් කෙනෙක් හොදේ..!

    ReplyDelete
    Replies
    1. අළුත උපන් නංගි බබෙක් !

      Delete
  24. සෑමා බලල නැද්ද දෙමල ‍ෆිල්ම් එකක් "පානිය ගෝරේ දාලෙන්ඩ වේලා" කියලා?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අපි දන්නේ ඉතිං පරන ෆිල්ම් එක 'ලාම්පුරේ ප්‍රයාර් කරේ' නේ..

      කිරි ගොට්ටේ බලල් අඩි, ආච්චි දැන් ලොකු ලමයෙක්, එන්න සුදෝ බන්ට් එක දිගේ, හිංගියේ ජලක් වගේ එව්වා තමා අපි දන්න අනිත් ඒවා..

      :)

      Delete
    2. ඇයි "හිංගියේ ජලක් ජලක්"?

      Delete
    3. එවන්ඩ දි ගැරඬියා
      එන්ට එපා දි ඩ්‍රැගන්

      Delete
    4. අප්පද බොල මේ තියෙන්නේ...

      Delete
  25. හිහි....ඔහොම යනකොට හදයි ඒ නමිනුත්....
    නැත්නම් සැමාම හදන්න...සැමා අධ්‍යක්ෂක - නිෂ්පාදක බුද්ධික...
    ඔය ගෙවල් පැත්තෙ ඉන්නවා නේද නිළියෝ සූ ගාලා

    ReplyDelete
    Replies
    1. අප්පේ ‍බ්ලොගේ ඉන්න නිලියෝ ටික දාමු පික්-චැර් එකට :ඩී

      Delete
  26. චක්කර කොළ.. ඔය ටික ඇහුනත් ඕකෙන් උන් හදයි ෆිල්ම් එකක්..

    ReplyDelete
    Replies
    1. ඔව් බං ජාතක කතා වලට ගහනව වගේ..

      Delete
  27. පස්සෙ දවසක අයියා පොඩි එකාට අර ‍ෆිල්ම් 1 ගෙනත් දුන්නලු නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්ලු හොදේ... :)


      ජයෙන් ජය !

      Delete
  28. හි හි.... සෑමාගේ නෑදෑ අයියලා උණත් සෑමාගේ ගතිගුණම පිහිටා ඇති බව පෙනේ... :))))

    ReplyDelete
    Replies
    1. ජීවත් වෙන පරිසරය අනුව ජීවීන්ගේ විවිධ වෙනස් කම් ඇතිවේ.

      මේකා ඉන්නේ කමියුනිකේෂන් එකේමනේ බොල ඒකයි. නැතුව අපේ ජාන අවුලක් නැහැ :පී

      Delete
  29. අයියු..සල්ලි.... අයියාට හැට පැනලාද අප්පා..ඔච්චර ..

    ReplyDelete
    Replies
    1. හැට කෙසේ වෙතත් උගුරු ඇටේ නම් පැනලා.. :)

      Delete
  30. තෝ ඌව වළදලානේ බන්..

    මිනිහට ඔච්චර අමතක වෙනවනම් කොහොමද බන් ඔය බිසිනොස් කරගන යන්නෙ ?

    ReplyDelete
    Replies
    1. තාම වලදලා ඉවර නැහැ මචං. තව තියෙනවා වලදන්න..

      පොර බිසිනොස් කප්පිත්තෙක් බං. හැමාදාම එන සෙනග එනවා. පොරව දාල යන්නෙ නැහැ.
      මූ හැමදාම අදින සරම + ටී-ෂර්ට් එකට ආදරෙයි සෙනග.

      අපි හිටියොත් හැරිල යනවා සමහරු.

      Delete
  31. අනික් ඒවා වගේම මේකත් පහල ඉඳල උඩහට බලාගෙන ගියා....හප්පුච්චියේ...චක්කරේ නේද?

    ReplyDelete
    Replies
    1. අනික් ඒවා වගේ පහල ඉදන් උඩට බැලුව කියන්නේ :o

      ඔයා හැම දේම බලන්නේ එහෙමද කිරිල්ලී.. චීයා නරක එක්කෙනෙක්.. :)

      Delete
  32. සෑමා අයියට කියලා මටත් ඔය ෆිල්ම් එක හොයල දියන්කෝ..

    ReplyDelete
    Replies
    1. පෙර තාම හොයනවා හම්බුනොත් අප්ලෝඩ් කරන්නම් මචං.

      Delete
  33. වටිනා ලිපියකි. කොම් මයෙත් සිහිනයකි. මාත් මෙවැනිම පොතක් තබාගමි......:D

    ReplyDelete
    Replies
    1. කොමක් දමන්නේ නම් සපෝටයක් ඉල්ලනු..

      ජය !

      Delete
  34. කෝ බොල මම කලින් දාපු කොමෙන්ට් එක.....

    ඔව්ව ලේ උරුමෙන් එන අඩුපාඩු බන්.. දැන් බලාපන් උබට කොච්චරනම් මෙව්ව වෙනවද

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් මැකුවෙ නැහැ මීයෝ. හිටු බලන්න ස්පෑම් එකේ...

      ඒ මට වුන මෙව්ව එක කියපං හෙද හිතිං. මේ ගහක් ගලක් වගේ කොල්ලා ඉන්නේ !!

      Delete
  35. "කාල වර්ණ " කියලා ෆිල්ම් එකක් තිබුනද ?

    ReplyDelete
    Replies
    1. නැහැ මචං. මට හරි නම මතක නැති නිසා මම ඔහොම දැම්මේ. ලගින් යන නමක් තිබ්බේ..

      Delete
    2. කාල භෛරව....ලස්සනයි..

      Delete
    3. මට මතක ඕක වගේ..

      ඕකෙද අර ගිය ආත්මෙක ඉදන් එලවගෙන එන සීන් එකක් තියෙන්නේ ??????

      Delete
  36. අමතක වීමත් , සරම ඇදීමත් දෙකම තියන නිසා. අයියව ලැමිනටින් මැෂිමෙන් අයින් කරල තියපන්

    ReplyDelete
    Replies
    1. දැනටමත් වැඩේ වෙලාද දන්නෙ නැහැ.

      මචං උබ කිව්ව වගේ අර පොත් බයින්ඩින් කරන යන්තරේට අහු වුනොත් කෝමද ?

      Delete
  37. චාහ්ක්කර කොළ කියන්නේ මොනවාද ? අපි ඉස්කෝලේ චක්කර ඉගෙන ගැන කාලේ නම් තිබ්බේ ඇක්සයිස් පොත් වල පස්ස පැත්තේ ඔක්කොම චක්කර ටික.

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ කාලෙත් එහෙම.

      දැන් දියුනු ලමයි ඉන්න නිසා ඒවා වෙනම බිත්තියේ ගහන පෝස්ටර් ප්‍රමානයට ලොකු කරල ප්‍රින්ට් කරල තියෙනවා. ඒව තමා ඔය "චක්කර කොළ"

      Delete
  38. සැමා තමයි සැමා පෙනේද කපටිකම....

    සැමා දන්නවා මේක බලපු එකෙක් ඉන්නවනම් පට ගාලා ලින්කුවක් හරි දෙනවා කියලා.මෙච්චර වයසට ගිහිනුත් තියෙන ආසාවක් අම්මපා.... දැන් කාලෙ හරි ඈ ඉක්මනට මොකක් හරි කරගත්තොත් හොඳා වගේ....

    හේතුව

    1)හෝල් වල බැරි තැන ග්‍රහලෝකාගාරයට යන්නට තැත් කිරීම
    2)කැත හිත් වලට කවි සෑහෙන කාලෙකින් පසු ලිවීම සහ ඒ කවි සිරාවටම හිත කැත කරන්නට සමත් වීම
    3)මේ පෝස්ටුවේ කතාව... (බලන්න _ _ _ ෆිල්ම් හෙවීම)

    ReplyDelete
    Replies
    1. උබ කියන මේ ඔක්කොම විද දරා ගන්නව ඇරෙන්න කරන්න දෙයක් නැහැ මල්ලී..

      මොකද දන්නවද උඹ මේ දවස්වල ඉන්නේ විද්‍යා ප්‍රබන්ද මානසිකත්වයෙන්. "ගැහැණු ලොවක සිරකරු..." කවුද කියල ඇහුවම හැමෝම කියන්නේ ගැමියා කියලා.. :)

      ජය හොදේ.. අපේ පැත්තේ අය ඕකට කියන්නෙ ඉල්ලගෙන පු* ටිංකිරි ගා ගන්නවා කියල :)

      Delete
    2. අපේ පැත්තේ කියන්නේ ඉල්ලන් පූ මා ගා කියලා.... ටිංකිරි නෙමෙයි මාමයිට්.... සැහ් මමනේ සවුත්තු වුනේ

      ජය ජය වේවා....

      Delete
  39. වෙන කොල ජාතියක් එහෙම නෙමේනේ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නැහැ ර‍ජෝ මල් කොල නෙවේ..

      ජය වේවා !

      Delete
  40. ආ ... සෑම් අර සයිට් එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරල මූන අන්දවගෙන තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් කලින් අන්දපු එකක් බං මේකට එබුවා.. මුං කතන්දර හදනවා අර සූප්පුවට නැත්තං..

      Delete
  41. හිකිස්‌....

    රොබෝලත් ඔහොම තමයි....අවුට් ඔෆ් කොන්ටෙක්ස්ට්...:))

    ReplyDelete
    Replies
    1. එතකොට අරූ රො‍බෝ ටික්කෙක් ද ? :-O

      Delete
  42. අයියෝ මෙහෙමත් පැටලිලි..මටත් ආසයි ඒ කඩේ දවසක් ඉඳලා බලන්න..

    ReplyDelete
    Replies
    1. මළා ! මෙයා මේ හොඳට ඉන්න මිනිස්සුත් පිස්සුවට්ටන්න හදන්නෙ. :)

      Delete
    2. ෂොප් එක වස්සවන්න වගේ අදහස :(

      Delete
  43. හික්ස්.....හයියූ ඩෙයියනේ.....

    ReplyDelete
  44. හප්පේ කාලෙකින් ආවේ සෑමගේ බ්ලොගේට.. හුරේ මම අන්තිම... (ද)

    ReplyDelete
  45. නෑ නෑ මමයි අන්තිම!

    සෑම් අයියාගෙ අයියාට එයාගේම පොත එයාටම පෙරලී ඇත :D
    පරම්පරාවෙ ඔක්කොම එකම වගෙ අය නේද..හූ ඈ!
    ;)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...