Friday, June 8, 2012

මමත් මෙහෙම හිටි හැටි මතකයි... මට හොද හැටි මතකයි....


පොසොන් කලාපය අහවර කිරීමෙන් සිටි සෑමාට වැදගත් පොටෝවක් ෆේස් බුකියේදී හමුවිය. එය ඉරිදා කැළණි දහම් පාසලේ සිසු සිසුවියන් උඩ මලුවේ වන්දනා කරන පො‍ටෝවක්ය. පොටෝව අරන් තිබුනේ සෑමාගේ මාමාගේ පුතාය. සුළු මොහොතකදි වැඩි ප්‍රමාණයෙන් ‍ඒ පොටෝව ෂෙයාර් වන්නට විය. එය සෑමාගේ කතාවේ උපතට හේතු විය. ඉස්සර අපි දහම් පාසල් යන කාලේද උදේ වරුවේ මෙහෙම වන්දනා කරන අතර සමහර බැතිමතුන් මේ අලංකාර දර්ශණය තම කැමරා කාචවල සටහන් කර ගන්නා අයුරු දැක ඇත්තෙමු. ඒ අතර විදේශිකයන් බහුලය. මෙසේ වන්දනා කරන අතර සිදුවෙන කිසිවෙකුත් නොදන්නා කතා රැසක් සෑමාගේ මතකය අවදි කලේය.


මේ තියෙන්නේ ඉරිදා අප දහම් පාසලේ උදෑසන බෝ මළුවේ වන්දනා කරන අයුරුය. පොඩිම කාලයේ අපි හිටියේ ඉස්සරහමය. පසුව ‍ඉහල ශ්‍රේණිවලට යද්දී ක්‍රම ක්‍රමයෙන් පසු පස පේලි වලට දැමීය. ඒ කියන්නේ පේලි ගැසුවේ ශ්‍රේණි වැඩිවන පිලිවෙලටය. නවය දහය ශ්‍රේණිවලදී අපි සිටියේ මෙහි තිබෙන අවසන් පේලිවලය. ඒවා නිදහස්ය. අවසාන ශ්‍රේණියේදී අප ශිෂ්‍ය නායකයින් වූ නිසා වැඩකරුවන් සේ හිටගෙන සිසුන් මෙහෙය වන්නට සිදුවීය.

සිසුන් අකැමැතිව ක්‍රියාව නම් මෙසේ දෙකට නැමී පැය භාගයකට ආසන්න කාලයක් වදින්නට සිදු වීමය. එහෙත් ඒ අතර එකිනෙකා සාකච්ඡා පැවැත්වීමට පටන් ගන්නෝය. හේතුව ශිෂ්‍ය නායකයින්ට කතා කරන බව නොපෙනෙන නිසාය. අපිත් එලෙස කතා කලා මතකය. විටෙක අපේම එවුන් මළුවේ තියෙන තිරිවානා කැට රැගෙන කැරම් ගසන්නාක් ආකාරයෙන් පුංචි ගල් සිසුන් අතරින් උඩින් ප්‍රක්ෂිප්ත කරන්නෝය. එවිට ගල ආ තැනක් සෙවිය නොහැකි නිසා පහර කෑ පුද්ගලයා සද්ද නැතිව සියල්ල විද දරා ගන්නේය.

නමය වසරින් ඉහලදී සිසුන් ආදර අන්දර අරබන්නෝය. මිශ්‍ර පාසැල්වල අයට නම් දහම් පාසල ඉස්කෝලය කියා වෙනසක් නැතිය. කොහේ ගියත් දෙගොල්ලෝම සිටින නිසා අවුලක් නැත්තේය. එහෙත් පිරිමි පාසල් වල සිසුන්ටත්, ගැහැණු පාසල් වල සිසුන්ටත් දහම් පාසල යනු කදිම ස්ථානයක්ය. තමා කැමති සිසුවිය අසල, ඇය සිටින පේලියට කෙලින්ම පේලියේ සිට වන්දනා කිරීමට බොහෝ අය පෙලබෙන්නේ ඇයව ඒ අතර තුර පවා දැක ගැනීමටය. එසේම ආදරය ප්‍රකාශ කර ආදර සටන් දිනූ බහුතරයක් සිටින්නේ ගැහැණු හා පිරිමි කොටස් වෙන් කෙරෙන සීමාවේය. එවිට ඔවුන් ඔවුන්ට හොදින් කතා බහ කළ හැක්කේය. ඉගි බිගි කළ හැක්කේමය. අපේ කාලයේ ආදරය දැන් කාලේ ආදර අන්දර වලට වඩා බොහෝ වෙනස් බව කිව හැකිය. එය බොහෝ විට අතින් ඇල්ලීමට, කොණ්ඩෙන් ඇදීමට වඩා දුර දිග නොගියේය. දැන් කාලයේ නම් කෙලින්ම සුපර් සික්ස්ය.

පුංචි කාලයේ පාසැල් යෑමට ඉතා කැමති වුවද සෑමා දහම් පාසල අප්‍රිය කලේය. ඒ සරම පටලවාගෙන සිටීමට  ඇති අකැමැත්ත සහ දහම් පාසල් නීති රීති පාසැල් නීති රීති වලට වඩා බරපතල වීම නිසාය. සරමේ ගැටළුව අම්මා විසදා දුන්නාය. ඒ සරම අන්දවා ඉන වටා පටි කැබැල්ලක් ගැට ගැසීම මගින්ය. ඊට අමතරව සරමට යටින් කලිසම් කොටයක් ඇන්දුවේ වැඩි හොදටය. එවිට සරම කැඩුනත් කලිසම ඇතුලේය. එකී පිලියම් යෙදුවද දහම් පාසල අප්‍රිය වුයේ ධර්ම ශාලාවට උදෑසන රැස්වීමට ඇතුල් කර ගනිද්දී නියපොතු පරීක්ෂා කර බල නිසාය. එසේම වාර්ථා පොත අනිවාර්යයෙන් තිබිය යුතුය. එය නොතිබුනොත් ඇතුලට නොගන්නේය. එසේම පිට පිට සති 4ක් නොදන්නවා දහම් පාසල් නාවොත් පන්ති තහනමක් ෂුවර්ය. එකී නීති නිසා සෑමා දහම් පාසල අප්‍රිය කලේය. දිනක් සෑමාගේ තාත්තා වන කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා දහම් පාසල් යන්නට බැරි යැයි කියා පිලිකන්නේ සැගව සිටි සෑමාව සොයා ගත්තේ උදෑසන 8ට පමණය. සෑමාද තාත්තාට අහුවීම ගණන‍කට නොගත්තේ දහම් පාසල ඒ වන විටත් ඇරඹී ඇති නිසා ෂුවර් එකට ගෙදරම තියා ගනී යන චේතනාවෙන් වුවද එදා බලෙන්ම සෑමාව අන්දවා දහම් පාසල් යැව්වේය.

කල් ගෙවෙද්දී 9 වසර ඇරබෙද්දී සෑමාට දහම් පාසලේ අගය දැනෙන්නට විය. ඒ සැමට පොදු වූ ආදරණීය සිහිවටන ඇරබෙන කාලය නිසාය. එක එකාගේ පෙම් හබ වලට උදව් කිරීම, තම තමන්ගේ පෙම් හබ ගොඩ දා ගැනීම, ආදිය ඉගෙනීම අතර තුර විෂය බාහිර ක්‍රියාකාරම් විය. ඒ අතර පෙරහැර කාලයට මෙන්ම මාස 3කට ආසන්න කාලයක් පැවැත්වෙන පන්සලේ බණ වාරයට වැඩ කිරීම සියල්ලන්ගේම සිත් ගත් ක්‍රියාකාරකම් බව නිසැකය. එම ක්‍රියාකාරකම් වලට ගිය විට ලැබෙන කෑම එක තේ එක නිසා ඒවාට සහභාගි වන්නට බොහොමයක් දෙනා උත්සුක වූවද උපරිම අකාරයෙන් ඒවාට අත හිත දෙන්නට සියල්ලෝම වගබලා ගත්හ.

ශිෂ්‍ය නායක සමයේ සැම දුරුතු පිංකම් මාලාවකට පෙරම ධර්මශාලාව, බුදුමැදුර සේදීම සිදු කළ යුතුය. එයට දායක වන්නේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිටින 100කට ආසන්න පිරිසක්ය. බුදු මැදුර සේදීම අපේ එවුන්ට ගෙන ආවේ ඉමහත් සතුටක්ය. මහ රෑ වන තුරු වැඩ කටයුතු කර ගෙදර යන්නට සිදුවන්නේ කාගේ හෝ ෆුට් බයිසිකලයකය, නැතොත් කිලෝමීටර් 5ක් පයින්ය, එහෙමත් නැතොත් පන්සලේ බංකුවක නිදාසිට පහුවදා උදේ බස් එකේය. ඒවා අපේ එවුන්ට ආතල්ය.

පසු කලෙක දහම් පාසලේ හැම ‍පෝයකටම සිල් ගැනීමට සීල සමිතියක් බිහි වුයේ අපේ එවුන් ගේ ශක්තියෙන්ය. එක ශ්‍රේණියක් අනිවාර්්‍යයෙන් පෝය දින දායකත්වය ගත යුතුය. ඒ අතර අනෙක් සිසු සිසුවියන් සීල ව්‍යාපාරයට සහභාගි විය යුතුය. සමහර විටෙක කිසිවෙකු තමන් ට්‍රයි කරන ගෑණු දැරිවිය සිටින පන්තියට වැඩි පීඩනයක් එල්ල කලේ ඇයව සිල් ගන්නා දිනට ගෙන්වා ගත යුතු නිසාය. එදිනට තමන්ට  සිල් ගැනීමට පාළුවක් නැතිය. ඇය දෙස හොරෙන් බැලීම හෝ කතා කිරීම සිදු කල හැකි නිසාය. සෑමා වසර දෙකක් නොනවත්වා සිල් ගත්තේ ඒ නිසා නොවේය. දිනක් සෑමාගේ තාත්තා කීවේ යකෝ ඉස්සර ඉරිදට දහම් පාසල් නොගිය එකා දැන් හතර පෝයටත් යනවා කියාය.

ඒ සමිතියේ සභාපති වුයේ අපේම කොල්ලෙක්ය. සමිතියේ භාණ්ඩාගාරිකද අපේමය. පිරිකර ආදියට මුදල් එකතු කිරීම, සියල්ල සිදු වූයේ අප අතින්ය. අපිට වුවත් අතමාරුවක් ගැනීමට හැකි වූයේ භාණ්ඩාගාරික ගෙන්ය. හැබැයි එම ණය පියවීම නොවැරදීම සිදු කළ බව කිව යුතුය. පෝ දිනකට එසේ මුදල් එකතු කොට තිබියදී, එයිට පෙර දිනයේ අපේ එවුන් සෙල්ලම් කිරීමට ෆුට් බයික් වලින් පිට්ටනියට ගියා මතකය. ක්‍රීඩා කර එන අතර තුර අපේ සභාපතිතුමාගේ බයිසිකලය විශාල කානුවකට වැටී ඉස්සරහ ඇලෝයි වීල් එක ඇඹරුනේය. භාණ්ඩාරික මහතා නොහිටින්න සභාපතිතුමාගේ නිල රථය සෑදීමට අපි මුදල් තවමත් එකතු කරනවා ඇත.

ඉස්සර සෑම දහම්පාසල් දිනෙකම සියළු කටයුතු හමාර කොට ශිෂ්‍ය නායක මණ්ඩලය පොතේ අත්සන් කර නිවෙස් වලට යන්නට පෙර ගුරුවරු හමුව වැද අවසර ගන්නා සිරිතක් විය. බොහෝ විට අපි කරන්නේ කාර්්‍යාලයට රිංගා ඇතුලේ සිටින පිරිසට පෝලිමේ වැදීමය. එවන් අවස්ථාවල බොහෝවිට කාර්්‍යයාලය ඇතුලේ ඔවුන් සිටින්නේ අඩ කවයක් ආකාරයට සිට ගෙනය. අපේ මුලින්ම යන එකා කරන්නේ එක කොනකින් දණ ගසා ඒ සිටියදීම එහා පැත්තේ දෙදෙනෙක්ට ද වැද, ආයෙත් නැගිට හතර වෙනි ගුරුතුමා අසල නැවත දණ ගසා එසේ දණ ගසාගෙනම එහා පැත්තේ දෙදෙනෙකුට වැදීමය. එසේ සිදු කලේ කොන්දේ අමාරුව හදාගෙන නැගිට, නැගිට, දණ ගැසීම අවම කිරීමටය.

එදින මුලින්ම ගියේ තිලාන්ය. සෑමා සිටියේ 4 වෙනියාට පමන වන්නටය. කට්ටිය ගුරුවරුන්ගේ මුහුනක් වත් නොබලා දණ ගසා බඩගාගෙන වැදගෙන යන්නෝය. ඒ අතර සෑමාද අඩ කවයක් ආකාරයට සිටින ගුරුවරු නමදිමින් පෙරට ආවේය. අවසාන ගුරුවරු දෙදෙනාට පෙර ගුරුතුමා අසල දණ ගැසූ සෑමා එසේ දණ ගසාගෙනම එහා පැත්තේ ගුරුවරු දෙදෙනාගේ මුහුන වත් නොබලා වැන්දේය. එසේ වැද නැගිට බලද්දී කෙළවර සිටගෙන සිට ඇත්තේ ගුරුවරයෙකු නොව මුලින්ම ඇතුලට ගියා තිලාන්ය. ඔහු සියල්ලට වැද නමස්කාර කොට අවසාන ගුරුතුමා සමග කතා බහ කරමින් සිට ඇත.


සෑමා තිලාන් ගේ දෙපා නැමද නැගිටිද්දී අපේ එවුන් හිනාව තද කරගෙන කාර්්‍යාලයෙන් එලියට පැන ගත්තේ ඇති තරම් සිනා වෙන්නටය. වූ විලි ලැජ්ජාව සෑමා ඉවසා සිටියේ තල්ලේ චුයිංගම් එකක් අලවා ගලවා ගන්නට බැරිව දගලන පොඩි එකෙක් මෙන්ය.

Written by sAm_11.20pm_07.06.2012

‍පො‍සොන් කලාපයක අවසානය.


පොසොන් කලාපයට දායකත්වය දුන් ඔබ සැමට සහ 2011 වසරේ සැප්තැම්බර් 17වෙනිදා සෑමාගේ පලමු පෝස්ටුවේ සිට පෝස්ටු 114ක් සමග එකතු වූ, මාස නවයක කාලයක් ඇතුලත බ්ලොග් හිට්ස් 100,000ක් ලබා දෙමින්, ඔබේ මහන්සියෙන් සෑමා ලක්ෂපතියෙක් කරවූ සැමට උතුම් ආරෝග්‍ය සම්පත්තිය ලැබේවා. සියල්ලෝම ලක්ෂපතියෝ වේවා.

සැමට තෙරුවන් සරණයි !!!

පලි - මම අපේ එකෙක්ට කිව්ව මචං "මගේ බ්ලොග් හිට් ලක්ෂයක් වෙලා" කියල, පොර අනිත් පැත්තට කිව්ව "අඩෝ ඉතිං අපරාදෙනෙ තියාගෙන ඉන්නෙ මාරු කරල සල්ලි ගනින්" කියල. පොර බ්ලොග් ගැන නොදන්නා, කොටස් වෙලද පොල ගැන දන්නා මිත්‍රයෙක්ය.

107 comments:

  1. දහම් පාසල ආදර සබදතාවන්ට කදිම තෝතැන්නකි!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔබද අත්දැකීම් ඇත්තෙක්..

      Delete
  2. මම නම් පොඩි කාලේ ඉදන්ම හරි ආසාවෙන් දහම් පාසල් ගියේ. අවුරුදු 23 ක් වෙලත් තාමත් හරි ආසාවෙන් දහම් පාසල් යන්නේ.....

    ඒ ළමයින්ට උගන්වන්න. ඒ කාලේ මට හිතුණු දෙයක් තමා සතියේ දවස් 5 ත් දහම් පාසල් තිබුණා නම් කොච්චර හොඳද කියලා :D

    ReplyDelete
    Replies
    1. මාත් මුලදි අකැමැත්තෙන් ගියාට පස්සේ මාර ආසාවකින් ගියේ.

      කස්ටිය සෙට් වුනාම ගත්ත ෆන් මතක් වෙනවා බං. වැඩක් කරද්දි වුනාත් අකැමැත්තක් නැතිව කරන්න පුලුවන්.

      Delete
  3. මට ආපු ප්‍රශ්නේ ඇයි සැම් එ කාලේ නියපොතු කපන් නැද්ද.. මමත් එ කාලේ ඉස්කොලේ නම් යන්න ආසයි..හැබැ‍යි දහම් පාසල් නම් යන්න අකමැතියි ඇයිද මන්දා..එක නම් මගෙන් දුරු උනේ කොයි කාලේවත්..

    ReplyDelete
    Replies
    1. දැන් ගෑල්ලමයි වගේ අපි නියපොතු වැව්වෙ නැහැ නොවැ.. :)
      කැපුවා කැපුවා. ඒත් පොඩ්ඩක් කොටයක් තිබ්බත් ඒ කාලෙ ඇල්ලුවා..

      ගොඩක් ගෑල්ලමයි දහම්පාසලට අකැමැතියි. මම අත්දැකල තියෙනවා.

      Delete
  4. හි ... හි ... ඔන්න සෑමො කරනව නම් වැඩ. මාරුකරල සල්ලි ගනින්. (රුපියල තව අඩුවෙන්න කලින්)

    හිට්ස් 100,000 ක් කියන්නෙ සුළු ගානක් නෙවෙයි. මගේ සුභ පැතුම් ! තවත් ඉදිරියටත් ලියන්න ශක්තිය, ධෛර්යය, වාසනිව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව !

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ.. තාම ‍බ්ලොග ලිව්වෙ නැද්ද ?

      Delete
    2. මම මේකට ඊයෙ රෑ reply කළානේ. දැන් ඒක නෑනේ. නිදිමතගායෙ මොන මඟුලක් කරලද මන්ද. කමක් නෑ, ඒක ආයෙ දමන්නම්.
      සෑම් මීට කලිනුත් ඔය ගැන අහල තිබුණද කොහේ ද? ස්තූතියි ඔබට, ඒ ගැන උනන්දු උනාට. බ්ලොග් ලිවීමේ අදහසක් නම් නෑ. මම ලියනවට වැඩිය කැමති කියවන්න. අවුරුදු දෙක තුනක් බ්ලොග් කියෙව්වට මම මේ මෑතක් වනතුරු කාටවත් කමෙන්ට් කළෙත් නෑ. ළඟකදි තමා හිතුනෙ ඒකත් කරන්න. ඇනෝ කමෙන්ට් කරනවට වැඩිය හොඳ නිසා තමයි ඔය ප්‍රොෆයිල් එකක් අටව ගත්තෙ.

      Delete
    3. උබ සුමිත් අයියගේ සහෝදරයෙක් වගේ මට පේන්නේ.

      කියවනවා මිසක් ලියන්නේ නැහැ.

      ඒකත් හොදයි මචං.. මටත් වෙලාවකට හිතෙනවා නොලියා කියවන්න. මොකද ලිය ලිය කියවන්න ගියාම වැඩ වැඩී...

      ජය !

      Delete
  5. ඔය පිංතුරෙ දැක්කම අර මුස්ලිම් පල්ලිවල නලල බිම තියාන ඉන්න පිරිමිංගෙ පිංතූරෙ මතක් උනා

    ReplyDelete
    Replies
    1. ලස්සෙට කොඩි දැම්මට ඉරිසියයි බොල.
      දිගටම ලියන්න. කියවන්නෙ ආසාවෙං.

      අර ගහගෙන හිටපු සූප්පුව කොහෙද?

      Delete
    2. දැන් ඒ කාලේ ඉවරලු.:D

      Delete
    3. බණ අවසානේ හාමුදුරුවෝ 'අභිවාදන සීලිස්ස' ගාථාව කියනකොට අපි ඔහොම වදිනව ඉස්සර කෝමත්. දැන් වුනත් බන ගෙවල් වල හාමුදුරුවො ඒ ගාථාව කියනකොට පුරුද්දට ඒ විදිහට වදින්න හැදෙනව. ඒත් එහෙම කලොත් පිස්සු කියල හිතයි.

      සෑමාගේ නැතිවූ සූප්පුව ලගදීම පොඩ්ඩිගේ බ්ලොගේ මතුවේවි. නේද වීනා?

      Delete
    4. https://www.facebook.com/photo.php?fbid=246641448778432&set=a.221292351313342.45934.100002977370027&type=1&theater&notif_t=photo_reply

      Delete
    5. හ්ම් දුටිමි දුටිමි !

      Delete
  6. ඒ කාලේ දහම් පාසල් ගැන නම් කතා බෝමයි...!! මටත් මතක් උනා.! දාන්න ඕනේ post එකක්..
    ප.ලි ඔක්ක්මත් හරි අන්තිම එකකත් හරි

    ReplyDelete
    Replies
    1. මරු දාපිය කොලුවෝ බලන්න..

      Delete
  7. සැමෝ ලක්ෂපති වරමට සුභපැතුම්!!!

    දහම් පාසල් නම් ආතල්මය..ශිෂ්‍ය නායක පට්ටම ගසාගත් විට තවත් ආතල්ය... අපේ දහම්පාසලේනම් 9 වසරෙන් ඉහල හැම එකාම ශිෂ්‍ය නායකයින්ය.. එහෙම නැති එකෙක් ඇත්නම් ඌ කුමක් හෝ සමිතියක සභාපතියෙකි.. නැතිනම් වෙනත් බලගතු නිලයකි..

    මීගොඩයාටද පළමු මංගල කිංකිණි හැඩවෙන්නේ දහම්පාසැල් භූමියේදීය.. මීගොඩයා අවුරුදු 3ක් පමන ඒ ගෑල්ලමයා සමග යාලු වී සිටියේය..අවාසනාවට හෝ වාසනාවට ඒ ගෑල්ලමයා ඒ බව දැන සිටියේ නැත
    . ඒ නිසා ඒ ගැන පෝස්ට් ලියා පලක් නැත

    සැමාට ජය.. මටත් ජය.. ඔන්න ඔහෙ අනිත් ඔක්කොටමත් ජය

    ReplyDelete
    Replies
    1. */ මීගොඩයා අවුරුදු 3ක් පමන ඒ ගෑල්ලමයා සමග යාලු වී සිටියේය..අවාසනාවට හෝ වාසනාවට ඒ ගෑල්ලමයා ඒ බව දැන සිටියේ නැත /*

      දවසේ කතාව.

      Delete
    2. විශ්වාසකරපල්ලා මගේ යාලුවෙක් ඉන්නවා, ඌ දාගන හිටපු කෙල්ලට ට්‍රයි කරපු. හිකිස්... අන්තිමට කොහොම හරි බැන්දා...

      Delete
    3. @ මී - උබේ වාසනාව වෙන්න ඇති බං.. වැඩක් නැති වුනාට ඒ කතාව ලිවුවොත් ගතියක් තියෙයි.

      @සැලැන්ඩ්ර් - සිරා තමා බං..

      @සෙන්නා - උබ වගේම යාලුවෙක් තමා..

      Delete
  8. අපරාදේ මේ වගේ දහම් පාසැල්වලට අපට යන්ට බැරි උනානේ.:D

    කතාව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. එන්න තිබ්බෙ.. :)

      ලමාසාරිය ඇදගෙන !

      Delete
    2. // ළමාසාරිය ඇඳගෙන //

      මේ සුද්දියෙක් ... :)

      Delete
    3. මෙච්චර හොඳට සිංහල ලියන කෙල්ල සුද්දියෙක් උනේ කොහොමද? අනෙක ළමාසාරියට පාටෙ බලපෑමක් කොයිංද?

      Delete
    4. හෝව් .. හෝව් ... මේ මාව කන්න හදන්න එපා අනේ. මම විහිළුවක්නෙ කළේ. පොඩ්ඩිම තමා රාජ්ගෙ පෝස්ට් එකකට කමෙන්ට් කරල තිබ්බෙ පොඩි කාලෙ සුද්දියක් කියල හිතාගෙන උන්න, එයාර්පෝර්ට් එකේදි ලංකාවෙ මිනිස්සු දැකල ගෙදරයන්න (ඕස්ට්‍රේලියාවට) ඕන කියල ඇඬුව කියල. ළමාසාරියට විතරක් නෙවි, ඕනම ඇඳුමක් අඳින්න තමන්ගෙ කැමැත්ත මිස වෙන දෙයක් බලපාන්නෙ නෑ. මම කිව්වෙ ලංකාවෙ මිනිස්සු දැක්කම අඬන ගෑනු දැරිවියක් දහම් පාසල් එවුවනම් කොහොමට හිටී ද කියල විතරයි. කරුණාකරල විහිළුවක් කළාම වල්ගෙන් අල්ල ගන්න එපා. මුළු ජීවිත කාලෙම ලංකාවෙ ඉන්න අයටත් සිංහල අමතක වෙන කාලෙක පොඩ්ඩි සිංහලෙන් ලියන එකට මටත් සතුටුයි.

      Delete
    5. හික්ස් .. ඊ මේල් කවිකාරි කියල කමෙන්ට් නම් ඕන තරම් දැකල තිබුණට මම බ්ලොග් එක පැත්තෙ ගියෙ ඔය උඩ තියන කමෙන්ටුව දමල ඉවර වෙල. මම හිතන් උන්නෙ නිකං ඉටිකිරිස් කෙල්ලෙක් කියල. දෙයියනේ අපේ අම්මලගෙ පරම්පරාවෙ ඇන්ටි කෙනෙක් නෙව. මුලින් දැනං උන්න නම් ටිකක් ආචාරශීලීව උත්තර දෙනව. මොනව උනත් අපි වැඩිහිටියන්ට වචනෙකින් හරි ගරු කිරීමක් තියෙන්න ඕන. අඳුරගත්තට සතුටුයි. මීට පස්සෙ ඒ දිහාත් එන්නම්කෝ.

      Delete
    6. //මම හිතන් උන්නෙ නිකං ඉටිකිරිස් කෙල්ලෙක් කියල. දෙයියනේ අපේ අම්මලගෙ පරම්පරාවෙ ඇන්ටි කෙනෙක් නෙව.//

      ""විකාර නැතිව හිටපං. ඒකාලේ ඉටිකිරිස් කෙල්ලෙක් තමාලු""

      මෙයාලගෙ කාලෙ තමා මචං අර සිංදුව ආවේ..

      "කවිකාරියේ සිංදු කියනා ලදේ - උබදෝ රැහේ කෝකිලා..."

      Delete
  9. මිශ්‍ර පාසල්වල උන් දහම් පාසල් යන්න හොරබව මාද අත්දැකීමෙන් දනී

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. දින 5ක ලැබෙන හමුවීම් උන්ට ඉරිදාට අරුමයක් නොවේමය.

      ඒත් මම ගියේ මිශ්‍ර එකකට.. :)
      දහම්පාසලුත් ගියා !

      Delete
  10. මමත් හරිම ආසාවෙන් ගිය තැනක් තමා දහම් පාසල අම වැඩියෙන්ම ආස කලේ හොදම මල් වට්ටියට හම්බෙන ලකුනු දාගන්න

    ReplyDelete
    Replies
    1. :)

      මට අමතක වුනා. මල් වට්ටි කේස් එක තිබ්බ පොඩිම පන්තිවල.
      ඊට පස්සේ දුරුතු පිංකම් මාලාවට හැමදාම පුංචි පෙරහැරක් තියෙනව බණ පටන් ගන්න කලින්. ඒ මල් වට්ටි වලට තෑගි දුන්න. අපේ එවුන් තඩි ට්‍රේ පිරෙන්න මල් ගෙනාව.

      Delete
  11. හිට් ලක්ෂේට ඉස්සෙල්ලම සුභ පතනවා. සුභ පැතුම් !!!

    දහම් පාසලත් මට එපා වුනේ සෑම් අයිය කියන නීති රීති වැඩිපුර තිබ්බ හන්දමයි. අතුගාන්නත් ඕනේ, තණකොළ සුද්ද කරන්නත් ඕනේ. ඒ කාලේ අපේ අතින් වෙන්න ඕනේ වැඩ වුනාට අපි ඒවාට කැමති නෑ. අන්තිමට එක ඉරිදාවක පැය කීපයක් අඬල අඬල දහය වසරෙන් දහම් පාසල් ගමන නතර කර ගත්තා. අම්මට තාත්තට කියන්න, නිදහසට කරුණක් විදහට ඉංගිරිසි පන්තියක් දාගත්ත ඒ වෙලාවට.

    ReplyDelete
    Replies
    1. ගොඩක් එවුන් ක්ලාස් දාගෙන තමා දහම්පාසල් කට් කරන්නේ.

      මම ක්ලාස් දාගන්නෙ නැතිව දහම් පාසල් ගියා.

      ජය !

      Delete
  12. මමත් දහම්පාසල් ගිය හැටි මතක් උනා.. අපේ නම් ඔය තරම්ම නිති තිබුනේ නෑ.. අපේ අම්මත් ගුරුවරියක්නේ.. ඒනිසා හැමදාම යන්න උනා.. දහම්පාසලේ ගුරු හොදම පැමිණිම අම්මට ලැබෙද්දි ළමයින්ගෙන් මට ලැබුනා තෑගි උත්සවේදි... ;)

    ReplyDelete
    Replies
    1. ඒ සිද්දිය මරු බං. මම කලිනුත් දවසක් කිව්ව වගේ වසර දෙකක් සිල් අරන් මට සහතිකයක් ලැබුනා..

      ජය !

      Delete
  13. "මගේ ප්‍රථම ආදරේ සුවද ලග තියා_ඒ උතුම්ම ආදරේ ‍රැගෙන ඔබ ගියා" ඔය සිද්දිය උනෙත් දහම් පාසැලේදි නොවැ.හික්.. මක්කටැයි මතක් කොරන්නේ ඔය යට ගිය දේවල්.ලක්ෂයක් නේද කීවේ. අන්න ඒකට සුභ පැතුවා ඕං..! චිරාත් කාලයක් දැහැමෙන් සෙමෙන් වැජඹේවා.නිවන්... නෑ,නෑ නිරෝගී සුව අත්වේවා.!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      මේ කිව්වේ අර නංගි ගැනද ?

      Delete
  14. අඩේ අපේ දහම් පාසලේ ඔය නීති මොකුත්ම තිබුනේ නෑ නේ බං. අටහමාරට විතර පටන් ගන්නවා. අපිත් ගිහින් එනවා. අනික අපේ ඔක්කොම හිටපු උන් මිශ්‍ර පාසල් වල නිසා ඔකේ මහ ලොකු වෙනසක් දනිලම නෑ. ලක්ෂ පති වරමට සුභ පැතුම් :D
    තවත් ෂෙයාර් මාර්කට්ටුවට කෙලවෙලා යන්න කලින් පුළුවන් නම් ඔය ලක්ශේ මාරු කර ගනින් ඇ.... :P

    ReplyDelete
    Replies
    1. මම හිතින් උබට සරමක් අන්දල බැලුව. දහම් පාසල් යන විදිහ මතක් කරලා..
      නියමෙට ඉන්න ඇති..

      ෂෙයාර් මාර්කට්ටුවට කෙලවෙලා ඉවරයි බං.. අයියෝ සැමගෙ සල්ලි..

      ජය..

      Delete
  15. මුලින්ම කිව යුත්තේ පොටෝ එකනම් සුපිරිය....!

    //අපේ කාලයේ ආදරය දැන් කාලේ ආදර අන්දර වලට වඩා බොහෝ වෙනස් බව කිව හැකිය. එය බොහෝ විට අතින් ඇල්ලීමට, කොණ්ඩෙන් ඇදීමට වඩා දුර දිග නොගියේය. දැන් කාලයේ නම් කෙලින්ම සුපර් සික්ස්ය.//
    සම්පූර්ණ ඇත්ත...!
    ඇත්තමයි..සැමා ඔබ මේ ලියන විදියට අපව..අතීතයට ‍රැගෙන යනවා......!!!
    මමත් දහම් පාසල් ගොස් අවසන ගුරුවරයකු ලෙස එම දහම් පාසලේම සේවය කලෙමි..මෙවැනි අත්දැකීම් මටද ඇතිනිසා ඉතා රසවත් ලෙස විඳගත්තෙමි.
    ස්තුතියි...! (දහම් පාසල් අත්දැකීම් මටත් රසවත් ඒවා ඇත.
    )

    ReplyDelete
    Replies
    1. ස්තුති වී !

      //මමත් දහම් පාසල් ගොස් අවසන ගුරුවරයකු ලෙස එම දහම් පාසලේම සේවය කලෙමි//

      මාත් එසේමය. වසර දෙකක් සිටියෙමි. පොඩි පන්තිවලට ඉගැන්වීම ප්‍රිය නොකලේ පොඩි කොල්ලන් සරම කඩාගෙන අන්දවන්න කියා දිව එන නිසාය. :)

      ජය !

      Delete
  16. පොසොන් කලාපයකින්ම ලක්ෂපතියෙක් වන්න ලැබීම භාග්‍යයක් තමා. කෝටියක් හිට්ස් ප්‍රාර්ථනා කරමි !!!

    ඔය හිට්ස් සල්ලි කරන්ඩ බෑ බන්.. ඕවාට වටිනාකමක් නිර්ණය කරන්ඩ බෑ. ඕවයෙ වටිනාකම අපි දන්න සාමාන්‍ය වටිනාකම් වලින් එහා තියන්නේ.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. //ඔය හිට්ස් සල්ලි කරන්ඩ බෑ බන්.. ඕවාට වටිනාකමක් නිර්ණය කරන්ඩ බෑ. ඕවයෙ වටිනාකම අපි දන්න සාමාන්‍ය වටිනාකම් වලින් එහා තියන්නේ.//

      පට්ට ඇත්ත බං.. හිට්ස් වලට විශේෂ පෝස්ටු නොදා දාන පෝස්ටුවක් අස්සේ එල්‍ලුවේ ඒකයි බං.

      මේ හිට්ස් මගෙ නෙවේ උබලගේ.. මොකද මම ඈ මේව පෙරල පෙරල බලන්නේ..

      ස්තුති හැමෝටම.. උම්මා.. !

      Delete
  17. මටත් කී වෙනි එකද කියලා මතක නෑ...දහම් පාසල් යනකාලයේ උරුතාන්තයක් තිබුණා...ඒක හින්දම තමයි දහම් පාසල් ගියෙත්...ඒත් උගන්නපු හාමුදුරුවෝ මා ගැන වැරදි අවබෝධයක් ඇතිකරගෙන මා එක්ක තරහා වුන නිසා දහම් පාසල් ගමන නතර වුනා.

    ඒක වුනේ මෙහෙමයි, හාමුදුරුවොයි මමයි දෙන්නම ජෙප්පො වුනාට අපි දෙන්නා දේශපාලන කටයුතු වලදි එකට මුනගැහිලා තිබුණෙ නෑ. මගේ හිතමිතුරන් වැඩිහරියක් යූ එන් පී, මගේ හොදම යාළුවත් ඇතුළුව (සුපිරි ක්‍රීඩා වෙබ් එක කරන්නෙ පොර තමයි- නිශ්මං රණසිංහ) ඉතින් හාමුදුරුවෝ හිතාගෙන හිටියෙ මාත් යූ එන් පී කියලා.
    දවසක් දහම් පාසලේ දි අංගුලිමාල පිරිත ගැන ඒ හාමුදුරුවෝ අපට ඉගැන්නුවා. බඩ දරු අම්මලාටනේ අංගුලිමාල පිරිත කියන්නෙ, ඉතින් අතුරු ප්‍රශ්න වාරයේදි මම ඇහුවා,හාමුදුරුවනේ.. දැන් ඉතින් අංගුලිමාල පිරිත කීමක් නෑනෙ ක්ලිනික් එකෙන් හැම උපදේශයක්ම හම්බවෙනවනෙ, නේද කියලා...
    හාමුදුරුවන්ට මේකට කේන්ති ආවා...."ආ එහෙමද එහෙනම් සුමිත්ගෙන්ම අහගන්නකො..." කියලා හාමුදුරුවෝ යන්න ගියා.
    කෙල්ලන්ට එකසිය ගානට මල මා එක්ක., මගේ ගෑල්ළමයට අනික් කෙල්ලො රවනවා...ඒකි මට රවනවා....මටත් තද වුනා. එවලෙම දමල ගහලා මාත් ආපහු ආවා. ආයෙ කවදාවත් දහම් පාසල් ගියේ නෑ.
    කෙල්ලන්ට ඒතරම් කේන්ති එන්න හේතුව තමයි ඒ හාමුදුරුවෝ උගන්නන්න ගොඩාක් දක්ෂ වීම. මම අර ප්‍රශ්නෙ ඇහුවෙත් ඒ ඔස්සෙ ගොඩාක් කතාකරන්න පුළුවන් හින්දයි. ඒත් හාමුදුරුවන්ගේ දේශපාලන උනත් එක්ක වැඩේ අල වුනා.
    පසුකාලයේදී හාමුදුරුවෝ උපසම්පදාව එහෙම ලබලා දක්ෂ ධර්මධර විනයධර භික්ෂුවක් වුනා...හැබැයි දේශපාලනය අතහැරියෙ නෑ.මගෙත් හොද මිතුරෙක් වුනා.
    ඒ 88/89 භීෂණයේ උග්‍රතම කාලයයි.අපේ හාමුදුරුවන්ටත් එයින් ගැලවීමක් ලැබුණෙ නෑ. උන් වහන්සේත් ඇතුළු තවත් හාමුදුරුවරු තුන්දෙනෙක් ම්ලේච්ඡ විදියට කපලා කොටලා මරලා කළු ගගෙන් පහලට දාලා තිබුණා. මමත් අත් අඩංගුවට පත්වුනා....

    ReplyDelete
    Replies
    1. සුමිත්, නරකද ඔය කතා එක්ක "ප්‍රහාරය" එල්ල කලොත්.. තාම නෑනෙ !!

      බලා සිටිමි.

      Delete
    2. සුමියා මහ ආඩම්බරකාරයා බං.. කවුරු කිව්වත් නාහෙට අහන්නෙ නැහැ..

      අපි බ්ලොග් නවත්තන කල්ද දන්නෙ නැහැ ඉන්නේ :)

      Delete
    3. සෙනා, සෑම් +++++++

      Delete
    4. @Senna
      කාලය තමයි ප්‍රශ්නෙ....වෙල්කම් පෝස්ට් එක දාලා තිබුණනම් ඉඩක් ලැබෙන වෙලාවක මොනවහරි ලියන්න තිබුනා.

      @ සෑමෝ, මම ආඩම්බර කාරයෙක් නෙවෙයි බං...හෙන අහිංසකයෙක්...:'(
      ලක්ෂෙට සුබ පැතුම්....:-)

      Delete
    5. මම දන්නව බං උබ ගැන. උබ මාව දැකපු හැටියේ අදුන ගත්ත විදිහ මට තාම මතකයි.

      උබ හොද එකා.. බ්ලොග් ලෝකෙ ගොඩක් එවුන් එහෙමයි මයෙ හිතේ..

      ඒකියි උබල මාව ලක්ෂපතියෙක් කලේ..

      Delete
    6. සුමිත්
      ඇත්තම කියනව නම් ඕක වෙලාව නැතිකම නෙවේ. අලුත් වැඩකට අතගහන්න තියන මෙව්වඑක. ලිපි දෙකතුනක් දාල ඉවර වෙනකල් ඕක හරියන්නෙ නෑ. මගේ නිර්දේශය නම් විහිළු කතා දෙකතුනක් දාන්න. ඉස්සෙල්ලම දේශපාලන පෝස්ටු දාන්න එපා.

      Delete
    7. @ අසරණයා
      උඹත් අප්පිතාන් එකක් දැම්ම නේද..? කැතැයි හොදේ...

      @රාජ්
      හරියටම හරි.ඕක තමයි හේතුව.කාලයම නෙවෙයි,හොද උපදේශක් දීලා තියෙන්නෙ.
      ...........ස්තූතියි.........

      Delete
    8. ලිව්වොත් කියෙව්වා ඕං මාත්. ඒ නිසා ලියන්න. මම කියවන්න කැමතියි

      Delete
    9. සුමියා... බේරුමක් නැහැ නේද? ‍මොකද උබ ලිවීමේ වැඩ්ඩෙක් කියල පෙන්නල ඉවරයි. ඒ උබ දාන අසමජ්ජාති (වෙලාවකට වලි ඇදගන්න පුලුවං කමෙන්ට් නිසා බං ඒම කිව්වේ..) කමෙන්ට් නිසා.. :)

      ජය ‍සහෝ !

      Delete
  18. //සිසුන් අකැමැතිව ක්‍රියාව නම් මෙසේ දෙකට නැමී පැය භාගයකට ආසන්න කාලයක් වදින්නට සිදු වීමය// හැබෑම කරදරයක්! බුදු දහම එපාවෙන්නෙ ඔය නීති නිසා.

    උඹලගෙ අරමුණු බුද්ධ ශාසන අමාත්‍යංශය දන්නවනම් දහම් පාසල් නවත්තල ගොඩක් කල්.

    මටත් තියනව කැඩි කැඩි ගිය දහම් පාසල් මතකයක්. අපිට නම් මොනම විදියකවත් නීති දැම්මෙ නෑ.
    එහෙමයි කියල ප්‍රශ්නයක් උනෙත් නෑ. ආසාවෙන් දහම් පාසල් ගියා. කාලෙන් කාලෙට දහම්පාසල වැහෙන අවුල තමයි තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. ලක්ෂෙට කොඩිය දැම්මට සුබපතන්න අමතක උනානේ. ඔන්න සුභපැතුම්!

      Delete
    2. //බුදු දහම එපාවෙන්නෙ ඔය නීති නිසා.//

      බුදු දහමෙ කොහෙවත් නීති නැහැ මචං. "ඒහි පස්සිකෝ" දන්නවනේ ඇවිත් බලන්න කියල දේශනා කලේ. කාවවත් බලෙන් ගත්තෙ නැහැ ඒ ධර්මයට.

      **උඹලගෙ අරමුණු බුද්ධ ශාසන අමාත්‍යංශය දන්නවනම් දහම් පාසල් නවත්තල ගොඩක් කල්.** සද්ද කරන්න එපා බං. අපේ ප්‍රින්සිපල්තුමා දැක්කොත්..

      ස්තුති සහෝ.. උබත් දහම් පාසල් ගිහින් හැබැයි !!

      Delete
  19. අපූරු මතකයන් ටිකක්.
    අපිට නම් ඔහොම දේවල් තිබ්බේ නැහැ බන්.ලක්ෂපතියෙක් වුනාට සුබ පතනවා මචං
    අර යාළුවා කිව්ව දේ කරන්න පුළුවන් නම් නේද? :)

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      අපේත් ඔය වගේ යාලුවො ඉන්නව නොවැ.. :)

      Delete
  20. අපුරු මතකයක් සෑමෝ.. මමත් ලියන්න ඕනේ ටිකක්..
    ලක්ෂේට සුභපැතුම්.. ලක්ෂෙ තවත් ලක්ෂ ගාණක් වේවා..

    ReplyDelete
    Replies
    1. සැමට එසේම වේවා මචං..

      Delete
  21. මම ඉඳල හිටලා දහම් පාසැල් ගියේ. එත වැඩි කල ගියේ නැහැ. දහම්පාසල් ජීවිතය ගැන ලොකු මතකයක් නෑ.

    ලක්ෂේට කොඩිය දමිමට මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අපෝ උබ දහම් පාසල් ගියානම් අපිට වදයක් වෙන්නෙ නැහැ..

      Delete
  22. හිහි.. මරු වැඳිල්ල..
    හරි සුන්දර මතකයන්.. ලස්සනයි..
    ලක්ෂපති සැමාට මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුති දම්මි..

      ඔබටත් ජය !

      Delete
  23. බලන් ගිහාම සැමා හරි හොද බබෙක්නේ...
    හිට්ස් 100,000 ට උණුසුම් සුභ පැතුමු ආ.... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොටත් රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  24. මම ගියෙත් පිරිමි විද්‍යාලයකට. යකෝ දැන් බලන් ගියාම මම විතරක් නෙමෙයිනෙ දහම් පාසැල් යන්න ආස කරපු උන් ඉඳලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හ්ම් දැහැමි ලමයි නොවැ..

      :)

      Delete
  25. ඔන්න සෑමෝ ලස්සෙට කොඩි දැම්ම එකට මගේ සුබ පැතුම් !!!
    මේ පෝස්ට් එක හෙට කියවන්නම්....
    අද වැඩට ගියෙත් නෑ බඩේගායක් හැදිලා !!!
    (දැන් අහන්ඩෙපා උබ මේ කමෙන්ට් එක දාන්නේ ලැට් එකේ ඉදන්ද කියලා.)

    ReplyDelete
    Replies
    1. මාත් දවස් 3ක් දුක් වින්ද බං ඔය කියන බඩේ අමාරුවෙන්..

      ඉක්මනට හොද වෙයන්..

      දෙහි + ප්ලේන්ටියක් ගහපං.. ගොඩ..

      Delete
  26. ලක්ෂපතියෙක් වූ උඹට මගෙන් සුබපැතුම් !!!
    උම්බලය් මිත්තරයෝ නම් ඔහොමම තමය්..

    ReplyDelete
    Replies
    1. උබලත් මිත්රයෝ නොවැ. උබත් ඒමයි.. :)

      ජය !

      Delete
  27. මම දැන් එනකොට හිට්ස් 101333යි. ලක්ෂපතියාට ජය වේවා!

    මම නම් කවදාවත් දහම්පාසැල් ගිහින් නෑ සෑමා (මෙච්චර ගුණයහපත් කමට හිටියට). :D
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ...

      අර වරහන් ඇතුලේ ටික එලියේ නොදැම්මේ සැක හින්දද මචං..

      Delete
  28. අඩේ සැමයියේ ඔක්කෝටම කලියෙන් ලක්ෂපතියෙක් වීම ගැන මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න... ජය වේවා සැමෝ

    //සෑමා දහම් පාසල අප්‍රිය කලේය. ඒ සරම පටලවාගෙන සිටීමට ඇති අකැමැත්ත සහ දහම් පාසල් නීති රීති පාසැල් නීති රීති වලට වඩා බරපතල වීම නිසාය. සරමේ ගැටළුව අම්මා විසදා දුන්නාය. ඒ සරම අන්දවා ඉන වටා පටි කැබැල්ලක් ගැට ගැසීම මගින්ය//

    මටත් ඔය ප්‍රස්නෙම තිබ්බා අන්තිමට මටත් ඔහොම පටියක් ගැට ගැහුවා....

    අපේ පන්සල තියෙන්නේ අල්ලපු වැටේ... දහම් පාසලේ ඉඳලා කම්මැලි දවසට සරම කරේ තියාගෙන තාප්පෙන් පැනලා ගෙදර එනවා... කොහොමත් ඉන්ටවල් එකෙන් පස්සේ සරම කරේ තමා කොට කලිසම පිටින් තමා ගෙදර යන්නේ...

    දවසක් දහම් පාසලට ගියාට මෙලෝ ඉගැන්නිල්ලක් නෑ ලමයිව තරඟවලට ලෑස්ති කොරනවා.ඉන්න එවුන් ටික සන්සුන් කරගන්න ධර්ම ශාලාවේ සමිතියක් තියන්න ලෑස්තිය.මට ඔව්වා දිරවන්නැති නිසා කාටවත් නොපෙනෙන්න මාරු වෙලා තාප්පෙන් පැනලා ගෙදර ආවා.ගෙදර ඇවිත් ටික වෙලාවක් යද්දි කවුරු හරි ගේට්ටුව කඩන්න ලෑස්තිය මම ගිහින් බලද්දි පන්සලේ ලොකු හාමුදුරුවෝ ත්‍රීවිල් එකක් අරන් ඇවිල්ලා මාව හොයාගෙන....

    "මම හිතුවා මූ ගෙදර ඇති කියලා... දහම් පාසලෙන් පැන්නට ඊළඟ සතියෙ අල්ලගන්නම් දැන් එනවා සරමත් අරගෙන රචනා තරඟෙට යන්න"

    මොනා කොරන්නද සරම අතේ අරන් ගියා.වෙලාවට දඬුවමක් ලැබුන්නැ රචනා තරඟෙන් 2ස්ථානය ගත්තා... එදා ඉඳන් හොරෙන් පනිනවා බොරු.... හැබැයි ඉතින් දහම් පාසලේ ලව් කොරන්න විතරයි බැරි වුනේ.ගස්වල තැඹිලි කුරුම්බා එහෙම කාලා අතේ මාට්ටු වානාම අපි අම්බානක අහගෙන ඇති තොපි මේවා කාලා හොඳ පවක් පුරෝගන්නවා කියලා අනේ මන්දා....

    ජය වේවා අයියේ... දිගටම ලියමු නියමයි ඈ

    ReplyDelete
    Replies
    1. උබ ඒකාලෙ ඉදන්න වැඩ්ඩෙක් බං. ඒකනේ හොරෙන් පැනල ඇවිල්ලත් දඩුවමක් නොදී තරගයට යවල තියෙන්නේ. දෙවෙනිය නෙවී ප්ලේස් නැති වුනා නම් උබට හාමුදුරුවෝ බනිනව ෂුවර්..

      //ගස්වල තැඹිලි කුරුම්බා එහෙම කාලා අතේ මාට්ටු වානාම//

      අපේ නම් හිටිය මරු හාමුදුරු කෙනෙක්. සැර වුනාට පස්ට සිරා. ගස්වල තැබිලි කඩල මාට්ටු වුනාම දඩුවම තමා ඉතිරි ටිකත් කඩල දාන ශාලාවට දාන එක.. එදායින් පස්සෙ කැඩුවෙ නැහැ මයෙ හිතේ..

      ජය කිව්වා !

      Delete
  29. දහම් පාසැල් යන්න බැරි උනා අනේ....ලක්ශෙට සුභ පැතුම්..!!

    ReplyDelete
    Replies
    1. අපරා‍දෙ ගියා නම් මරු..

      ස්තුති වි.කිරිල්ලි !

      Delete
  30. ලක්ිෂට සුභ පැතුම් !!!
    (මට සිංහල typing බැරි්යා...........)

    ReplyDelete
    Replies
    1. ස්තුති පවුල.. :)

      ඇයි ඉස්සර පුලුවං නේද ?

      Delete
  31. අපිටත් ඔහොම ගිය හැටි මතක වෙනව :-/
    දුකි මතක වෙද්දී,ආයේ කවද ඒ වගේ ආතල් 1ක් ගන්නද??
    ඒක නෙමෙයි සැමා ල දහම් පාසල් යන කාලේ කැලණියේ බුදුසාදු හිටියේ නැද්ද??(අපේ ආචාර්යතුමා)
    එතුමා හිටියනම් විනය නීති කඩන්න හම්බුවෙන්නේ නෑ උඹලට ;)
    හිට්ස් ලක්ෂයට සුභපැතුම්!:)

    ReplyDelete
    Replies
    1. අපි යන කාලේ ආචාරිය කොහෙ හිටියද දන්නෙ නැහැ බං.. ඒ හිටිය නම් අපිට දුටුගැමුණු කතාවත් වෙනස් කරල උගන්නනවා.. :)

      තුති සහ ජය !

      Delete
  32. දෙන්නෙක්ව පන්නල යැව්වෙට් ඩහම්පාසලේඩි.............;)

    ReplyDelete
    Replies
    1. ඔයයි ටව එක්කෙලෙක්වයිධ අෆ්පා ?

      Delete
    2. මං බබී නෙමෙයි හලේ හා හා හලි හාවා කලේ මං බබීගෙ හොඩම නාලුවගෙ අක්කියයි ටව අයියෙකුයි..:/

      Delete
  33. සරම ඇදගෙන දහම් පාසැල් ගියකාලේ මතක් වෙද්දීත් සුන්දරයි.වෙල මැද්දෙන්, එදන්ඩ උඩින්..... දවල්ට ඇලට පැනල නාල ,ගස්ගෙඩි ටිකට වගකියල, ගෙදර ඇවිත් සරමෙ තුත්තිරි ගලවපු කාලේ A / L කරන්ඩ ගත්ත ගමන් නැවතුනා ...
    ලක්සෙට කොඩි දාපු අපේ සැමාට ජයවේවා !!!!!!!

    ReplyDelete
    Replies
    1. දහම්පාසල් ගමනින් අපිට වඩා ආතල් එකක් අරගත්ත කොල්ලෙක්..

      ස්තුති සහෝ !

      Delete
  34. සිරාවටම දහම්පාසල් අප්පිරිය කිව්වහම මටනම් මොකක්ද වගේ. ඇයි දෙයියනේ ඉරිදා දවසෙම කෑමක්නෙ තියෙන්නේ.සරම වගේද කෑම.දං ගෙයින් බැරිනම් බුදු ගෙයින් හරි කන්න පුළුවන් එදාට.අපි නම් අම්මා දීපු 5 ඉතිරි කරගෙන එදාට හොදට කාලා තමයි ගෙදර ගියේ.

    ලක්ෂයට සුභ පැතුම් මගෙනුත්.

    ReplyDelete
    Replies
    1. මෙන්න තව එකෙක් දහම්පාසලට කැමැත්තෙන්ම ගිය.. :)
      පන්සලේ කෑම තමා බං කෑම !!

      ස්තුති සහෝ ජය !

      Delete
  35. සල්ලි මාරු කලොත් ණයක් ගහ ගන්න බැරි වෙන එකක් නෑ එහෙනම් ඈ

    ජය වේවා සහෝ!!!!!! තව තවත් ලැබේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. මාරු කර ගන්න පුලුවං උනොත් පොලියට දෙන්නම්.. :)

      උබටත් ජය !

      Delete
  36. එහෙනම් සෑමා ලක්සෙට කොඩි දැම්ම ඈ....
    ‍ජය වේවා!!!!!!
    ලකියා නම් වැස්සට වත් දහම්පාසල් ගිහින් නෑලු.හැබැයි ධාර්ම්ෂ්ට ‍කොලු පැටියා

    ReplyDelete
    Replies
    1. ඇත්ත හැබැයි. දහම්පාසල් නොගියත් හොදට හැදිච්ච එවුන් ඉන්නව නොවැ..

      ජය !

      Delete
    2. අම්මපා... හොදම උදාහරණය ලකියා නොවැ..

      Delete
  37. මම නම් දහම්පාසලට ගොඩ වූයේ වැස්සට මෙන්ය. ඉරිදා දින තරම් එකල මට ලෙඩ රෝග බහුල වූ දිනයක් සතියේ වෙනත් නැත. යන්තමට හෝ දහම් පාසල් ගියේ ඉන්ටවල් එකේ කන්නට හැකි අයිස් පැකට් එක නිසාය.

    ReplyDelete
    Replies
    1. අපෝ ඉක්කෝලෙ හැමදාම අයිස් පැකට් කාලා දහම්පාසලේදිත් කෑවද?

      කෙල්ලෝ දහම්පාසලට ප්‍රිය නොකර බැව් තව දුරටත් තහවුරු කරන්නකි..

      Delete
    2. මා සන්තක පැනය නම් ලෙඩ රෝග බහුල දිනක සහ වැසි දිනක අයිස් පැකට් කෑමෙන් කෙල්ලන්ට අහිතකර තත්වයන් ඇති නොවයෙද යන්නයි

      Delete
  38. හිකිස්...පස්ට සීන් එක...

    ReplyDelete
  39. මුල් විස්තර මම උඩින් පල්ලෙන් කියෙවුවේ බොරු කියන්නෙ මොකටද,., තිලාන්ට වැදපු කතාවනම් අගනේය එල එල ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ඔය අපේ තිලාන් මට වඩා දවසක් බාලයි. එකම අවුරුද්දෙ. එකම මාසෙ. දවසයි වෙනස.

      ඕක තාම ඔය සිද්දිය කියවනවා.. :(

      Delete
  40. දැන්නම් සෑමො උඹ කොහෙ එකෙක්ද කියල සැකයක් එනවා.ඔය ටිකමනෙ බොල අපිටත් උනේ

    ReplyDelete
    Replies
    1. මම කොහෙද කියල බහුතරයක් දන්නව නොවැ.. වැඩි විස්තර සදහා ලියන්න :)

      tosamindika@gmail.com

      Delete

Related Posts Plugin for WordPress, Blogger...