Sunday, June 3, 2012

අද බිපාෂා බලා - හෙට පොසොන් සද බැලීම.. - සෑමාගේ පොසොන් කලාපය


සෑමා පොසොන් කලාපය ලියුවේ සිත් නිමා සනසාලන්නටය. එසේම වැදගත් පණිවිඩ සැමට ගෙන ඒමටය. සියල්ල එසේ තිබියදී කිව යුත්ත කිව යුතු තැනදී නොකියා සිටීමට සෑමාගේ සිත සූදානම් නැත්තේමය.

මෑතකදී සෑමාගේ ගමේ අවුරුදු උත්සවයක් තිබුනේය. එය සුපුරුදු පරිදි වාර්ෂිකව පැවැත්වෙන එකක්ය. සෑම වසරකම එය අවසන මහා සංගීත රාත්‍රියක් පැවැත්වෙන්නේය. සියල්ලට මුල් වී කටයුතු කරන්නේ සෑමාගේ ලගම මිත්‍රයෙක්ය. ගිය වර උත්සවයේදී සියල්ලට සහය දුන් ගමේ අයියා කෙනෙක් මිය ගිය නිසා මේ වස‍රේ උත්සවයෙන් සංගීත ප්‍රසංගය ඉවත් කිරීමට කල් තියාම අදහස් කොට තිබිනේය. එහෙත් රාත්‍රියට මුකුත් නැතිවම බැරි නිසා පුංචියට නර්තන ප්‍රසංගයක් සංවිධානය වුවේය. ඒ අතරම ගමේ පන්සලේ පිංකමක්ද රාත්‍රි 8ට පැවැත්වෙන බවක් කී නිසා එකී ප්‍රසංගයද පැය දෙකක් පමණ පමා කරන්නට සංවිධායක මණ්ඩලය තීරණය කලෝය. ඒ ගමේ මිනිස්සු දැහැමිව කටයුතු කරන ආකාරය විදහා දක්වන්නක්ය.

මේ තත්වය ජාතික මට්ටමට එන විටදී අදාල පුද්ගලයන්නේ බුද්ධිය හා දැහැමි බව මීට වඩා උසස් මට්ටමක තිබිය යුත්තේ නොවේදැයි අපේක්ෂා කරන්නේ ඡන්දය ගැසූ ජනතාවය. එසේම එය ඊටත් වැඩිය බලාපොරොත්තු වන්නේ ඡන්දය නොදුන් ජනතාවය.

අද රාත්තිරියේ ලංකාවට වැඩම කරන්නේ හොලිවුඩයේ සරාගීම නිලියක්ය. ඒ බිපාෂාය. ඇය මෙන්ම සමීරා රේඩ් නම් තවත් සරාගී නිලියක් වැඩම කරන්නීය. ඒ ජම්බුද්වීපයෙන්ය. බිපාෂාගේ පරිවාර සේනාව ලෙස තවත් 15ක කණ්ඩායමක්ද ලංකාද්වීපයට වැඩම කරන්නේය. ඒ සියල්ලට ඇස්තමේන්තු කළ මුදල කෝටි 6ක්ය. එසේම සියළු ජම්බුද්වීපයෙන් එන කලාකරුවන් වෙනුවෙන් වියදම රුපියල් කෝටි 15ක්ය. 

හෙට රාත්තිරියේ පායන්නේ පොසෙන් සදය. ඒ අනුබුදු මිහිදු හිමි වැඩම කළ දිනයය. උන්වහන්සේ වැඩියේද ජම්බුද්වීපයෙන්ය. ඒ සරාගී නිලියන් රැගෙන නොව, සිත නිවන උතුම් ධර්මයක් රැගෙනය. ඒ සමග කෝටි ගණන් මුදල් වැය කොට පිරිසක් වැඩම නොකලේය. ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමනේර හා භණ්ඩුක උපාසක යන පිරිසක් වැ‍ඩමකලෝය. සිත අවුල් කරන කාමුකත්වය වෙනුවට ඒ පිරිස වැඩියේ මෙරටටම කියා තවත් කලා ශිල්ප රැසක් (මතක හැටියට 16ක්) රැගෙනය. සියල්ල නොමිලේය. කෝටි ගණන් වියදම් දේවානම්පියතිස්ස රජු නොකලේය.

උන්වහන්සේලා වැඩම කලේ මිහින්තලාවට හෙවත් මිස්සක පව්වටය. රාජ්‍යය පොසොන් උත්සවය පැවැත්වෙන්නේ තන්තිරිමලේය. එහි වරදක් කීම සුදුසු නැත්තේය. ස්ථානය කෙසේ වෙතත් වැදගත් දෙයක් කිරීම උතුම්ය. ගැටළුව ඇත්තේ උත්තරීතර ධර්මයක් වැඩම කරවූ දිනට පෙර දිනයේ, එම ඒ ධර්මය වැඩම වූ දේශයෙන්ම සරාගී නිලියන් ආනයනය කිරීමය.

මිහිදු හිමි නම් මහින්ද හිමිය. එ හිමිගේ ගිහි කළ පියා ධර්මාශෝකය. පිය පුතු දෙදෙන එක්ව ධර්ම ප්‍රචාරයට කැප වූයේය. එහෙත් පිය පුතු වරුන් එක්ව රටක් තනන්නට, දහම් බෙදන්නට වෙහෙසුනේ ඒ කාලයේ පමණක්ය. ධර්මාශෝක රජු දසරාජ ධර්මයෙන් රට කළ ඇත්තෙක්ය. දිග් විජය අතැර ධර්ම විජය ඇසුරු කළ උත්තමයෙක්ය. බුද්ධ ධර්මයේ වදාල එහෙව් දස රාජ ධර්ම මෙසේය. එය වර්ථමානය හා සසදමින් පහල දැක්වෙන්නේය.

  • දානය - දොලොස් මහේ දන්සැල්ය.
  • ශීලය - මසකට වරක් හෝ තෛයිනායික භික්ෂුන් වැද පුදා ගන්නේය.
  • පරිත්‍යාගය - ඒ ගොස් පිරිකර පූජා කරන්නේය.
  • ඍජු ගතිය - පොඩි මිනිසා ඉදිරිපිට සෘජු වූ නීතියද, ලොකු මිනිසා ඉදිරියේ වක් වූ නීතිද ඇත්තේය.
  • මෘදු ගතිය - සම නම් මෘදුය.
  • තපස - උපාසකය.
  • අක්‍රෝධය - වේදිකාවේ කතා කරන විට පවා උතුරන්නේය.
  • අවිහිංසාව - 'අවි'හිංසාව ඇත්තෙය.
  • ශාන්තිය - උපරිමය.
  • මෛත්‍රීය - උතුරන්නේමය.

තත්වය එසේය. පොසොන් සදට පෙර දින ලෝකයට ණය වී සරගී නිලියන් ආනයනය කරන්නේය. කුසට අහරක් නැතිව පිරිස් මහ මග හිගා කද්දී රටේ ජනයාගේ බදු මුදලින්, අයෙක් සැප ගන්නේය. කළ යුතු දේ කළ යුත්තේමය. නොකළ යුතු දේ නොකළ යුතුමය. බඩේ හැටියට කෑමට එක කටක් පිහිටියේය. අය වැයේ හැටියට ජනයා තෘප්තිමත් කිරීමටද, අහිතකර නොවැදගත් වියදම් කොට ලෝකයට පරකාසි පෙන්නා ලබන තාවකාලික තෘප්තියට වඩා ජනයා සුඛිත මුදිත කිරීමට සුව පහසුකම් ඇති කිරීම වැදගත්ය.

සෑමා අද දහම් කවි පසෙක තබන්නේය. පසෙකින් චාමර වීරසිංහගේ ගීතයක් වාදනය වන්නේය.


බල උමුතුවෙන් මත් වෙලා
රාගයට ලොල් වෙලා
මනස වීදෝ මුලා
සුමුදු මල පරවෙලා.....

අදුර ලොව රජ වෙලා
මිනිස් සිත ගොලු වෙලා
විශ්වයම වී මුලා
දහම ඇත සැගවිලා.....

සිත නිවන පොසොන් සතිය තුල ද්වේශ සහගත සිතුවිල ඉපදවූයේ නම් සමාව. එහෙත් සෑමා ලීවේ ද්වේශයෙන් තොරව නිසා, ඔබත් ද්වේශයෙන් තොරව කියවන්න.

උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගෙ පුතා ලොකු වෙන්නනේ
- ටිබෙට් ජාතික එස් මහින්ද හිමි.

කිව යුත්ත - කිව යුතු තැන - කිව යුතු මනාය.. 
ඉතිං අද අප ඇය සමග රැය ගෙවා හෙට රාත්‍රිය පොසොන් සද සමග ගත කරමු.

Written by sAm_10.15pm_03.06.2012

පලි / 06.06.2012_11:20pm -

වැදගත් කමෙන්ටු කිහිපයක් වැටුන නිසා ඊයේ ඉරිදා මව්බිම (03.06.2012) පුවත් පතේ මුල් පිටුව මෙසේ අමුණමි. නිලියන් ගෙන්වීමට වඩා මිහිදු ප්‍රතිමාව පිරිසිදු කිරීමට මුදල් යෙදවීමට තරම් රාජ්‍යය අංශය නොසිතීම දුක්ඛිතය.

http://www.mawbima.lk/e-paper.php




104 comments:

  1. මේවා ගැන කථා කරන්න කවුරුවත් නැද්ද? සෝම හාමුදුරුවෝ අපවත් වුන දවසේ ෂාරුක් ඛාන් ගේද්දී පාරට බැහැපු පිරිස අද බිපසා එද්දී සැඟ විලා.

    ReplyDelete
    Replies
    1. ඒකම දේශපාලනේ මචං. පක්ෂ අනුව කස්ටිය‍ගේ විරෝධතාවය වෙනස් වෙනවා.

      සිරසට වෙනස් විදිහකටත්, රාජ්‍යය හිතවාදි මාධ්‍යවලට වෙනත් විදියකටත් සලකන සංස්කෘතිය නිසා තමා හැම‍දේම වෙනස් වෙන්නේ..

      ජය !

      Delete
    2. ඒක දේශපාලනේම විතරක්ම නෙමෙයි යාළුවනේ...
      උඹල දෙන්නගෙන් කාටද පුළුවන් තමන්ගේ ජිවිතේ පරදුවට තියලා ඒ වගේ දේවල් වෙනුවෙන් විරෝධය එල්ල කරන්න....
      අත්තටම මටනම් අපහසුයි. මම කරන යම්යම් දේවල් පවා කරන්නේ මගේ අනන්‍යතාවය සඟවාගෙන....

      සෝම හිමි අපවත් වූ වෙලාවේ සිදු කරන්නට යෙදුනු උත්සවයට විරෝධය එල්ල කරපු මගේ යාලුවෙක් ජිවිතේ බේරාගත්තේ සුනාමියට පිං සිද්ධ වෙන්න.
      එයා කවුද කියන ඒක ගැන මම හරියටම කියන්න යන්නේ නැහැ
      නමුත් ඒ දිනවල රුපවාහිනියේ ඔහුගේ රූපය දමමින් ඔහු සොයා දෙන මෙන් දැන්වීමක් පවා ගියා.
      වෙලාවට සුනාමිය අපු නිසා ඔහු ගැන රටට අමතක වෙලා ගියා.
      මිනිස්සු හැමෝම මේ වගේ දේවලට විරෝධය පාන්න යන්නේ දේශපාලනය නිසාම නෙමෙයි, සැබෑ හැඟීම නිසාත් මිනිස්සු ක්‍රියා කරනවා.

      Delete
  2. හයියෝ සල්ලි........
    ආඩංබර තාත්තා පිටරට ගිහින් දසරාජ ධර්මෙගැන කියනව ඇහුන නිවුස් වලින්.....
    ඒක අහල මට හැමතනින්ම හිනා......

    ReplyDelete
    Replies
    1. ඇයි එතුමා පිටරට ගිහින් කරන ධර්ම දූත සේව‍ය හොද නැද්ද බොල..

      ජය !

      Delete
  3. ශා සිත් පහන් කරගෙනම හෙට සිල් ගත හැකියි

    ReplyDelete
    Replies
    1. සිත් නිවි සැනසේවා.. !

      Delete
  4. ඒක නෙමෙයි කෝ මුවා

    ReplyDelete
  5. කිව යුත්ත - කිව යුතු තැන - කිව යුතු මනාය..

    පෝස්ට් එකනම් මරුය.. පොසොන් වගේද බං තව මාසා ගානකින් ක්‍රීඩා ලොක්ක වෙන්න් ඉන්න අභිශේක්ගෙ ( උබලගෙ ග්‍රාමසේවකගෙ පුතාගෙ ) ආතල්

    මොනව නැතැත් එව්ව වෙලාවට කෙරෙන්න එපැයි

    ReplyDelete
    Replies
    1. අභිෂේක් කොලුවා දිනෙක රාජාභිෂේකය ලබන එක හොද නැතෙයි?

      මනුස්සයෙක්ට තැනකට එන්න දියං මචං.. :)

      ජය !

      Delete
  6. අපේ ගම් ප්‍රදේශයේ ද පොසොන් කලාපයෙකි.
    එහි,භක්තිගීත සංදර්ශනය...පාන්කූඩු තරග ය....රණවිරුවන් උදෙසා සියක් නමක් විෂයෙහි පිරිනැමෙන සංඝගත දක්ෂිනාය...කතුරු ඔන්චිල්ලාය...ධර්ම සාකච්ඡාය...මාරක ළිඳය...අධ්‍යාත්මික වැඩසටහන්ය....මග දිට සැණකෙළිය...පිරිත් ය...දන්සැල්ය..සල්පිල්ය....මේ අතරට බිපාෂා ආවේ වුවද කිසිදු අරෝවක් නැත්තේමය...මොඩ් බෞද්ධයාගේ දිලිසෙන ඇදහිලි වලට එයින් කිසිදු බලපෑමක් නැත්තේමය.මේ වනාහි "බොදු ආතල්"ය. පොඩි වෙනසකට ඇත්තේ ප්‍රංශ විලවුන් සුවඳ සමග පාරෙ වසුරුලන්නන්ගේ දේශයෙන් ආනයනය කරන හඳුන්කූරු සුවඳද කලවම් වීම පමණකි.

    පාලකයා මොකාවුවද මෙවන් මිනිසුන් සිටින තාක්කල් සිදුවීම් සිදුවනු ඇත්තේ මෙයාකාරයටමයි.
    දියසේන කුමාරයාගේ සම්ප්‍රාප්තිය සිද්ධවෙකල් කට ඇරන් බලන් ඉන්නා හැමෝටම කියන්නට ඇත්තේ එපමණයි.

    ReplyDelete
    Replies
    1. //මෙවන් මිනිසුන් සිටින තාක්කල් සිදුවීම් සිදුවනු ඇත්තේ මෙයාකාරයටමයි.//

      ඔවුන්ගේ ආගමනය බොදු සිතට බලපෑමක් නැත්තේමය. එහෙත් වැඩසටහන් සැලසුම්කරනය පිළිබද මීට වඩා සිතිය යුතු බව මගේ මතයයි.

      //දියසේන කුමාරයාගේ සම්ප්‍රාප්තිය සිද්ධවෙකල් කට ඇරන් බලන් ඉන්නා හැමෝටම //

      දියසේන කුමාරයා ආවත් අනේ මන්ද බං..

      ස්තුති - ජය !

      Delete
    2. //පාලකයා මොකාවුවද මෙවන් මිනිසුන් සිටින තාක්කල් සිදුවීම් සිදුවනු ඇත්තේ මෙයාකාරයටමයි. දියසේන කුමාරයාගේ සම්ප්‍රාප්තිය සිද්ධවෙකල් කට ඇරන් බලන් ඉන්නා හැමෝටම කියන්නට ඇත්තේ එපමණයි.//

      සුමිත්ගේ මේ කතාවට මාත් 100%ක් එකඟයි...ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට වෙන මොනවද කරන්න පුළුවන් කියන එක..කතිකාවතක් ඇති කරන්න පුළුවන් නම් සමහර වෙලාවට සෑම් වගේ පෑනෙන්(සොරි කී බෝඩ් එකෙන්) හරඹ කරන අයට මීට බලපෑමක් කරන්න පුළුවන්..
      මොකද මේ හුදකලා සටන් වලින් වෙන සෙතක් නැති නිසා..

      Delete
    3. සැගවුන මර්ධනයක් තියෙනතාක් කවුරුත් හඩක් නගන එකක් නැහැ.

      තැනින් තැන තනියෙන් කෑගහන එකාලත් විනාසවෙනව ඇරෙන්න..

      ස්තුති ‍රූ !

      Delete
  7. අනේ කාලේ වනේ වාසේ..

    ReplyDelete
    Replies
    1. වනේ වාසය හොද බැව් සිතේ.

      Delete
  8. ඒ දේවානම්පියතිස්ස රජුය. එතුමා දුප්පත් රජෙකි.ඒ නිසානොවැ මාලිගාවට අවශ්‍ය මාංස සම්පාදනය කරගන්නට මුව දඩයමේ ගියේ. දැන් එහෙම නැත. මිහිඳු රජු දියුණුය. ඇරත් අපිට එදාට වඩා ආධාර කරන්නට අන්තර්ජාතික පොහොසත් මිතුරන්ද සිටී.ඉතින් පොසොන් සන්දබලන අතරේ බිශාපාගේ සඳත් බැලුවාට මක්කැයි වෙන්නේ සෑමෝ?

    ReplyDelete
    Replies
    1. :)

      සෑමාගේ වචන සිර විය. කියන්නට දෙයක් නැත.

      Delete
  9. මචන් සෑමෝ බොට මතකද අර "තාරාවෝ ඉගිලෙති" වේදිකා නට්ටිය.බොලං ඒකෙ අපූරු සින්දුවක් තියෙනවනේ උබේ පොස්‍ටුවට ගැලපෙන. "සෝබාවදේ මෙපුර සිරි විසිතුරු" කියලා.හැම දේකින්ම සම්පූර්න උනු අපේ රටේ ඔහොම දෙයක් උනාම මක්කෙයි බං.මම කිව්වට ගූගුල් දෙයියන්ගෙන් ඉල්ලලා ඔය සිංදුව අහලා බලපන්.මේ ටික හැර අනික් හැමදේම අපේ රටේ නැති ඒවද කියලා.
    ජේත්තූකාර ලියන් ගත විලවුන් මුහුන සිබින්නා..
    සාටක දූල ඉරන් නාරිලතා මල් පූදින්නා..
    දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ..
    කෙලිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ..

    (හිනාවෙයන්,සෑමෝ හිනාවෙයන්.උන්ට හරි මට හරි උබටම හරි) ජය..!

    ReplyDelete
    Replies
    1. රොඩ්නි මහතගේ නියම ගීතයක් බොලව්.

      මට මතක් වුනා හිනාවෙනයන් කළු හිනාවෙයන් ගීතය.. :))

      ජය !

      Delete
  10. එහෙමත් සීන් එකක්ද බං.. මම දන්නෙත් නෑනේ.. දැන් ඔය එච්චර වියදම් කරල මොකටද බං උන් එන්නේ??

    ReplyDelete
    Replies
    1. ඇයි බොල අපේ එකාලට රස විදින්න මෙච්චර වියදම් කොලාම මොකද ?

      Delete
  11. හනේ මෙව්වට මොනාවත් කියල වැඩක් නෑ අයියෝ......:/

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් දැන් බබී කතා කරනවා..

      Delete
    2. පරන භාෂාවට ගිහින් ආයෙත්.. :)

      Delete
  12. ජම්බුද්වීපයෙන් එදා අපිට ලැබුනේ එවන් වූ වටිනා දෑය. අද මෙවන් වූ විසූක දස්සනයන්ය. එදා ජම්බුද්වීපය වනාහී අපගේ පරම මිතුරෙකි, අද මිතුරු වේශයෙන් පෙනී සිටිනා පරම හතුරෙකි. එක අතකින් ඇමෙරිකන් කාරයා හොඳය, ඌ කෙලින එක කෙලින්ම කෙලින්නේය.. ජම්බුද්වීපයා දිය රෙද්දෙන් බෙල්ල කපන්නේය. එහෙව් රටෙන් මෙවන් වූ අමන .. සාවියන් ගෙන්වන ලංකාද්වීපය සියලු දෙයින් පරිපූර්ණ වී ඇති සෙයකි. අපට ඇති එකම අඩුව මේ ..සාවියන්ව පියවි ඇසින් දැකබලා ගැනීමට නොමැතිකමයයි අප දේශය පාලනය කරන්නා වූ ඒ උත්තමයන් කල්පනා කරනවා නිසැකය. ඉතින් මේ අහිංසක උත්සාහය ඒ මනදොල පුරවාලීමටයි. ලබන වසරේ සිට මේ ..සාවියන් ලංකාද්වීපයට වැඩම කළ දිනය උතුම් වූ පොසොන් දිනයයි නම්කලහොත් ඒ ගැනද පුදුම නොවන්න.

    මේ ඛේතූමතී පුරයයි.

    ReplyDelete
    Replies
    1. ‍උඩ කිව්ව ඔක්කොම තේරුනා..

      ඛේතුමතී පුරය කිව්වේ ?

      Delete
  13. අනේ මන්ද කියන්න දෙයක් හිතට එන්නේම නෑනෙ

    ReplyDelete
  14. ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්න පුලුවන් පාලකයන් ඉන්නකොට මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්ඩ පුලුවන්. සෑමා කෑගැහුවට කරන්ඩ දෙයක් නෑ. මේක යුගයේ අවශ්‍යතාවය ! බණක් අහනවා වගේ යෑ සරාගී නිළියක් එක්ක එක රැයක් ගත කරනවා කියන එක. හික්ස් :)

    අයියෝ සල්ලි !

    ReplyDelete
    Replies
    1. මට වැරදිලාද මන්ද බං.. එච්චර හිතන්නෙ නැතිව පෝස්ටුව දැම්මේ :ඩී

      Delete
  15. සමස්තයක් වශයෙන් අදහසට එකඟ වෙන්න බෑ. පොසොන් සහ බිපාෂා බාසු කියන්නෙ දෙකක්. ජනතා මුදලින් නිලියන් ගෙන්වීම ගැන කතා කරන්න ඕන නම් ඒ ගැන වෙනම කතා කරමු. ඒකෙ වැරැද්දක් නෑ. හැබැයි නිලියන් ආනයනය කලේ රග්බි තරගාවලියට සමගාමීව. පොසොන් පෝය ඊට පසු දිනයේ තිබීම වෙනම කාරණාවක්. පෝය දින කටයුතු වලට බිපාෂගෙ බලපෑමක් සිදුවෙන්නෙ නෑ. මීට කලින් ෂාරුක් ඛාන්ට බෝම්බ ගහපු සිද්ධියෙදි සිද්ධ උනෙත් ඔයවගේ දෙයක් තමයි. සෝම හාමුදුරුවන්ගෙ "අනුස්මරණය යෙදිල තිබුන දවසෙ" අයිතියට ඊනියා සිංහල බෞද්ධය ම්ලේච්ඡත්වය පැතිරෙව්ව. මගේ නං අදහස අවුරුද්දෙ තියන "දවස්" කාගෙවත් තනි බූදලයක් නෙවේ. ඕන කෙනෙකුට නීතියේ රාමුව තුල ඕන දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන. (නිකමට හිතල බලන්න පෝය දවසට බාර් වහල. ඒත් බොන්න ඕන කෙනෙකුට සල්ලි චුට්ටක් වැඩිපුර තිබුනනං ඇති). අනෙක අවුරුද්දෙ ඕනම අවසක තියන අනුස්මරණ ප්‍රමාණය බලල කටයුතු කරන්න උනොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. // මගේ නං අදහස අවුරුද්දෙ තියන "දවස්" කාගෙවත් තනි බූදලයක් නෙවේ.//

      ඇත්ත මචං. එත් පෙර සූදානමක් ඇතිව කරන ඒවා සහ හදිසියේ සිදුකරන කටයුතු අතර වෙනසක් තියෙනවා මගෙ අදහසට අනුව. ගෙදරක මගුලක් තියෙනකොට එහා ගෙදර එකා නැති වුනාම කරන්න දෙයක් නැහැ. දෙගොල්ලෝ සාමකාමීව කාර්යන් ඉටු කර ගන්නවා හැරෙන්න.

      රාජ්‍යය මට්ටමින් සිදුකෙරන කටයුතු මෙහෙම වෙන එක ගැන ඒ කියන්නේ හරි හැටි සූදානමක් නැති එක ගැන කණගාටුවට දැම්මේ. ඒකයි අපේ ගමේ අවුරුදු උත්සවය සමග සංසන්දනය කලේ. සුළුවෙන් කරන කටයුත්තකදි පවා එච්චර හිතනවා නම්, රාජ්‍යය මට්ටමේ ඒවා ගැන එහෙම නොහිතන එක මම හිතන්නෙ නැහැ බුද්ධිමත් කියලා.

      ස්තුති !

      Delete
    2. රාජ්,බොහොම ප්‍රගතිශීලී අදහස් දැක්වීමක්...100%ක් එකගයි.

      Delete
    3. රාජ්ගේ අදහසත් එක්ක 100% එකඟයි , ඒ වගේම තමයි බිපාෂාව හෝ වෙනත් ඕනිම සරාගි නිලියක් ගෙන්නලා ප්‍රසංගයක් තියන එකත් කිසිම ගැටලුවක් තියන දෙයක් නෙවෙයි ,වියදම් වෙන සල්ලි බලන්න එන උන්ගෙන් සහ අනුග්‍රහකයින්ගෙන් ගන්න තාක් කල් .

      Delete
    4. සරාගි නිලියක් ගෙන්නලා ප්‍රසංගයක් තියන එකත් කිසිම ගැටලුවක් තියන දෙයක් නෙවෙයි ,වියදම් වෙන සල්ලි බලන්න එන උන්ගෙන් සහ අනුග්‍රහකයින්ගෙන් ගන්න තාක් කල්

      බුවා මහත්තය නොදන්නව ඇති එහෙම කරපු හැම ප්‍රසංගයකින්ම අපේ ලොක්කෝ අතිං කයිට් කර ගත්ත කියල. කරපු මොනවගෙද ලාබ තිබ්බෙ. මේක රාජ්‍ය විරොදයට එරෙහි වෙන්න කියන එක නෙවේ හරි ඇත්ත කතා කරන එක.

      සෑම් සුදුවෑන් ??

      Delete
    5. ඇනෝ - ඔබතුමා කියන කථාව හරි , මෙතන අපේ සැම් මහත්තයා හෙට පොසොන් තියාගෙන අද නිලියො ගෙනත් නටන එක වැරදියි කියල කාරණයක් මතු කරනවනේ , අන්න ඒ තර්කය වැරදියි කියලයි මම කියන්නේ , ඒ වගේම ඉතින් කවුරු හරි කෙනෙකුට ලාභ දායකව ප්‍රසංගයක් තියන්න පුලුවන් නම් එන්නේ බිපාෂද , ලේඩි ගාගා ද , ආශා බෝස්ලේද කියන එක ඒ තරම් වැදගත් නැය කියලයි මගේ අදහස . කොටින්ම 'සරාගී' නිලියක් ගේනවය කියන එකේ ඇති වරදක් නැහැය කියන එක තමයි මම මතුකරන්න හදන කාරණය

      Delete
    6. @බුවා -
      //වියදම් වෙන සල්ලි බලන්න එන උන්ගෙන් සහ අනුග්‍රහකයින්ගෙන් ගන්න තාක් කල් .//

      දන්නවද විකුණාගත නොහැකි වූ ටිකට් නොමිලේ බෙදූ වගක්?
      ලද ආදායම වියදම පියවීමට තරම් ප්‍රමාණවත් නැති බවත්?

      එතකොට පාඩු ලැබෙන කඩේ වහන්න වෙන වැඩ නොකර ඉන්න එක තමා හොද.

      Delete
    7. බුවාගේ පැහැදිළි කිරීම් සමග 100% ක් එකගයි. සංවාදයක් ගොඩනගන්න හොඳ මාතෘකාවක් තමයි සෑමා දීලා තියෙන්නෙ.

      Delete
    8. @sam වියදම් පියවා ගන්න බැරි වීම වෙනමම කථාවක් , මම කියන්නේ ඊලඟ දවස පොසොන් වීම සහ ගෙනාවේ සරාගි නිලියක්ය කියන එක එතනට ගැටගැහීමේ තේරුමක් නෑ

      Delete
    9. එදා ශාරුක් ඛාන්ගේ ප්‍රසංගය සෝම හිමි අනුස්මරන දිනයේ පැවැත්වෙන බව ප්‍රකාශයට පත් උනේ මාස ගානකට කලින්! නමුත් එදා දවස වෙනකම්ම ඔය විරෝධතා දැක්වූ පුද්ගලයින් සද්ද නැතුව හිටියේ ඇයි? හේතුව දේශපාලනය! ශාරුක්ගේ ප්‍රසංගයට මහරාජලාගේ MBC එක සම්බන්ධවෙලා තිබීම! නිකං හරි රූපවාහිනිය හරි අයි ටී එන් එක හරි අද කාලේ නම් CSN එක හරි මාධ්‍ය අනුග්‍රහය දක්වලා තිබ්බා නම් කිසි අවුලක් වෙන්නේ නෑ! ඊයේ බිපාශලව ගෙන්නපු එක සිරසෙන් කරලා තිබ්බ නම් අද තත්ත්වය සෑහෙන්න වෙනස්! දේවල් දේශපාලනයෙන් ස්වායක්තව බලන්න අපේ මිනිස්සු පුරුදු වෙලා නෑ!

      Delete
    10. @බුවා- sabith කියපු කාරනෙන්ම රිප්ලයි එකට බහින්නම්. දේශපාලනේ නිසා හැම දේම වෙනස් වෙන බව. මේක ඒ මාධ්‍යයේ නොකර වෙනත් රාජ්‍ය හිතවාදි නොවන මාධ්‍යයක් මගින් කලා නම් ඔවුන් විරුද්ධ වෙයි වැදගත් දිනයකට පෙර දිනයේ මෙහෙම එකක් කලා කියල.

      මම දින පිලිබද සදහන් කරන්නේ පිවිතුරු ධර්මයක් ලංකාවට ගෙන වැඩම කරපු අනු බුදු මිහිදු හිමි වැඩම කළ පොසොන් සතිය තුල මෙවැනි දේ සැලසුම් කිරීම එතරම් හොද දෙයක් නෙවේ කියන්න. ඒක මගේ පුද්ගලික මතය.

      * ගම් මට්ටමෙන් බෞද්ධ පිං කමක් තියෙද්දි සංගීත ප්‍රසංගයක් වගේ දෙයක් එදිනම තියෙනව නම් අපි ඒව වෙනස් දිනවලට දාල කලමනා කරනය කර ගන්න බවක් මම මේ ලිපියේ අඩංගු කලේ ඒකයි. බුවාට තේරෙනව ඇති මේ සංසිද්ධිය රාජ්‍යය මට්ටමෙන් කල්පනා කල යුතු බවක් මේ ලිපියෙන් කියල තියෙනව කියල.

      ඒ වාගේම ඒවට වියදම් දරපු මුදල් වලින් ඔය මම 'පලි' කොටසේ අඩංගු කරපු මහ මිහිදු පිලිමය පවා සුද්ද පවිත්‍ර කරන්න තිබ්බ. ඒකට කෝටි ගණන් වියදම් යන්නෙ නැහැ මයෙ හිතේ.

      Delete
    11. //මම දින පිලිබද සදහන් කරන්නේ පිවිතුරු ධර්මයක් ලංකාවට ගෙන වැඩම කරපු අනු බුදු මිහිදු හිමි වැඩම කළ පොසොන් සතිය තුල මෙවැනි දේ සැලසුම් කිරීම එතරම් හොද දෙයක් නෙවේ කියන්න. ඒක මගේ පුද්ගලික මතය//
      ආයෙත් කියන්න වෙන්නෙ මුලින්ම කිව්ව දේ තමයි. විජය කුමාරය ආව දවසෙ ඉදල මේ වෙනකන් අපේ ඉතිහාසය තුල කොච්චර නම් සැමරුම් ඇද්ද! ඒ දවස් අත්හරින්න ගියොත් අපිට "ආතල් පැත්තෙ" වැඩක් කරන්න දවසක් නැති වෙනව.

      මුදල් ගැන නං හිතන්න වෙනව තමයි. ඒක වෙනමම කාරණාවක්. අපි සාමාන්‍යයෙන් ඒ ගැන ඇති පදං කතා කරනවනේ.

      Delete
    12. මේ මහත්මාවරු විවිදාකාර අදහස් දක්වලා නොවැ. මට තියෙන පුරස්ණේ මේ වැඩේම වෙන එකෙක් කොලානම්.. දෙකහමාරක් නෑ ඌ දේශද්‍රෝහියා වෙන එක නෙව. මක්ක කොරන්නද මේ ඛේතුමතී පුරේය කීවනේ කව්ද..

      Delete
  16. මහින්ද+මිත්තා දෙන්නා ලංකාවට වැඩියා වගේ බිපාෂා+සමීරා දෙන්නත් ඉතිහාස ගතවේවි නේද? :D

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඇත්තටම අපේ එකාල ඒකත් කරයි..

      Delete
  17. හනේ සන්සාරේ !!!!!!!!!!!!
    සෑමා ගේ ලියවිල්ලට මම බොහොම කැමත්.... සාකෑස්ටික් එකෙ උපරිමේ... ජය!

    ReplyDelete
  18. පොදු සමාජයට.. කියන්න.. ව්වේචනය කරන්න.,විද්වතෙක් නැතිකොට.අවකාශයට ඇස් ඇරවූවාට පිං. ගැලරියට මෝඩ චූන් දෙන සමාජයකට,සුදු පිරුවට ඇඳන් ඉන්න ඈයො..මේ නැතිකරන්නෙ..අපේ පොඩි එවුන්ගෙ අනාගතය නේද ..? කියල අපේ මිනිස්සුන්ට..තේරෙන්නැත්ද..? නැත්තම් නොතේරුනා වගේ ඉන්නවද..අහෝ අපේ බුද්ධශාසනය රකින උත්තමයො...

    ReplyDelete
    Replies
    1. බුද්ධශාසනය රකින උත්තමයෝ කිහිප දෙනෙක් දියවන්නාව තරනය කලා නොවැ..

      ඒ ඇත්තෝ දැන් ගිහි වෙලාද මන්දා. තෘෂ්ණාව වෙන්ට ඇති.

      Delete
  19. "රජුන් පිස්සෝ උනත් එකයි පිස්සෝ රජ උනත් එකයි" මේ වාක්‍යය තියෙන්නේ මට මතක විදියට "උමතුසංවරුසාව"කියන වේදිකා නාට්‍යයේ ඇත්තටම අද අපේ රටට වෙලා තියෙන්නෙත් මේකම නේද?

    ReplyDelete
    Replies
    1. නාට්‍යය නම් බලලා නැහැ මචං.

      ඒත් සහතික ඇත්ත.

      ජය !

      Delete
  20. කට ඇරහන් සැමා අයියේ ටොපියක් දාන්න...(බින්ගෝ එකක්)
    ඕවා ගැන කතා කරනවට වඩා හොදා මචන් කට ගලක උලා ගන්නවා.. :/ :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බිනගෝ නෙවේ මයි ලේඩි ඕනේ..

      මගේ ගැහැනිය = මයි ලේඩි

      Delete
  21. "ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමනේර හා භණ්ඩුක උපාසක යන පිරිසක් වැ‍ඩමකලෝය. සිත අවුල් කරන කාමුකත්වය වෙනුවට ඒ පිරිස වැඩියේ මෙරටටම කියා තවත් කලා ශිල්ප රැසක් (මතක හැටියට 16ක්) රැගෙනය"

    ශිල්ප 18 ක් පැමිණියා. ඒ පැමිණියේ මහින්දාගමනයෙන් පසුව සිදුවුණු දුමින්දාගමනය හෙවත් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමඟයි

    ReplyDelete
    Replies
    1. හසිත, නූතන දුමින්දාගමනයත් හෙට අනිද්දාම වෙනවා කියලා පත්තරේ දැක්කා. :-)

      Delete
    2. @ Senna

      මමත් දැක්කා. කාලෙකට කලින් පෑලියගොඩ හරියේ ලොකු කටවුට් එකක් ගහලා තිබුණා "මහින්දාගමනය කැලණියටත්" කියලා..... බැලින් නම් ජනාධිපතිතුමා එනවා කියලා ඒකට ගහපු එකක්. අපේ ගොන් ලියන අප්පුලයි, දේශපාලන බූරුවොයි ඒ වගේ වටිනා කියන යෙදුම් උන්ගේ විකාර වැඩවලට ගන්න එක ගැන නම් කණගාටුයි

      Delete
    3. ඇයි බොල වැරදිද? දුටුගැමුණුගෙ දේශයට මහිනදාගමනය වුනාම :))

      Delete
    4. @හසිත - නිවැරදි කිරීමට ස්තුති සහෝ..

      Delete
  22. නතිං ටු ඩූ නෙ බං! :(

    ReplyDelete
  23. කතා කරලා වැඩක් නැහැ අයියේ , අපි කොච්චර කිව්වත් රටේ ඉන්නවා මෝඩ යක්කු ටිකක් උන් මොනවා කලත් දේවත්වයෙන් අදහන

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නැහැ මචං. මල්ල පුරවගන්න තියා බඩ පුරව ගන්නවත් බැරිව කඩේ යන එකාල ඉන්නව නොවැ..

      පොසොන් පොසොන්.. සිත නිවියන්..

      Delete
  24. උස්තැන් දැක නොහැකිල ලියූ පෝස්ටුවට උපහාරය..!!

    මෙවන් පෝස්ටු 100ක් 1000ක් ලියැවුනත් මේ උස්තැන් ඒ ගැන කතා කරයිද කියලා හිතෙනවා..

    ReplyDelete
  25. කෝටි 15 ක්. චැහ් ... ඒ මොන හිඟන සල්ලියක් ද? මේ වගේ වැදගත් සිදුවීමක් වෙනුවෙන් ඒ වගේ සුළු මුදලක් ඇස්තමේන්තු කරපු එකාට හොම්බට දෙකක් අනින් ඕන. ශික් .. රටටත් එක්ක නෝන්ඩිය, අඩු තරමෙ කෝටි 150 ක් වත් නම් ඔන්න තව කමක් නෑ ... මොනවද සෑමො මේ කතා. පොසොන් වගේ ද බිපාෂල. ඒ උත්තමයො දන්නව ජනතාවට ඕන හොඳම දේ.

    ReplyDelete
    Replies
    1. අපිට ඕන හොදම දේ දන්නේ ඒ අක්ක තමා ඇත්තට..

      :))

      Delete
  26. රටට හෙන ගැහුවත් මක්කෙයි,අපේ බේබි හාමුල ටික සන්තෝෂයෙන් ඉන්නවනම්.අපිටනම් ඉතින් පුන්නක්කු බොනවා වගේ වතුර බීලවත් බඩ පුරවා ගන්න බැරිය.

    ReplyDelete
  27. සඳ ට සඳ එලියට
    මල ට මල් ගොමුව ට
    කවියො කවි ලීව ට
    වෙනස් වෙවි ද
    මේ මිනිසුන්ගේ සිත.......

    මේකේ සමහර කමෙන්ට්ස් දැක්ක ම මට එහෙම හිතුණා...

    පෝස්ට් එක නියමයි... :)))

    ~~~**දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. ස්තුති දගමල්ල..

      //මේකේ සමහර කමෙන්ට්ස් දැක්ක ම මට එහෙම හිතුණා...//

      මටත් !

      Delete
  28. සෑමෝ , 2500 කන අපිට තියන එකම ආතල් එක බිපාෂා නංගිගේ සුදු කකුල් බලන එකයි සුපර් සික්ස් ගහන එකයි වෙච්චි කොට ඔහොම කියන්න එපා. යකෝ රටේ කිසිම ප්‍රශ්නයක් නැති හින්දනේ මාලදිවයිනේ මාලෙයි වල පාර මාර්ග සංවර්ධන අධිකාරියෙන් කාපට් කරන්නේ? අර සුට්ටන් ජපානෙට ආව සුනාමියේදී සල්ලි වලින් දොස්තරගොල්ලන්ගෙන් උදවු කරේ? තව සුට්ටෙන් අපි පොදු රාජ්ජ මණ්ඩලේ ක්‍රීඩාවත් ලංකාවේම කනවා. ලංකාවේ න්‍යස්ටිකේ තවම නෑ. තිබ්බනම් ෆුකුෂිමා එකත් හදලයි පස්ස බලන්නේ. රට වටේ එයාපෝට් හාබර්.. ඉතින්? තව මොකෙන්ද අඩු? දෙදාස් පන්සීයෙන් කාල මෙහෙම හරි ඉඳල අපි කරන මේ වැඩ දිහා බැලුවම ඇමරිකන් බඩු ඕනෙත් නෑ. එකනේ වී මල් කිව්වෙත්.. තේරුම් ගනින්.. ඇමරිකාව මොක්කුද? ලංකාවේ අපි නේ පොරවල්.. ඔය කෝටි ගාන මොකද්ද බං, එක ඇස්ටන් මාටින් එකක්ම කීයද?

    ReplyDelete
    Replies
    1. මම එකක් කියන්නම්. සමාවෙයන් මෙච්චර ලොකු කමෙන්ටුවකට එච්චර පොඩි රිප්ලයි එකක් දානවට. ඒත් ඒ ටික හොදටම ඇතිවෙයි.

      ගෙදරට මරගාතේ - ලෝකෙට පරකාසී !

      Delete
  29. හොද සටහනක් සැමෝ. මිහින්තලේ නං බල්ලට ගිහින්. ඔය කැත කුණු තියෙන ප්‍රතිමාවට මීටර කීපයක් එහා උදේ ඉඳං ලවුඩුස්පීකර් දාගෙන සල්ලි හිඟා කනවා.

    ReplyDelete
    Replies
    1. මචං උබ ඒ පැත්තේ ගියාද?

      පොටෝ තිබේ නම් පෝස්ටුවක් දමන්ට..

      ජය !

      Delete
  30. කෝටි 16ක්?? මහ පිස්සුවක් නේ....
    ඇත්තටම කණගාටුයි රට ගැන...‍
    මේක ඉතාම හොද ලිපියක්....

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ කණගාටු ?

      අපිට රසවින්දනය තියෙන නිසා නේ එච්චර වියදම් කරල මේව කරන්නේ.

      Delete
  31. කතාව සහතික ඇත්ත සෑම් අයියේ. සැප ගන්න උන් රටේ මිනිස්සුන්ගේ ජීවිත උකස් තියනවා. අන්තිමට උපදින්න ඉන්න එකාත් ලෝකෙට ණයයි.

    ReplyDelete
    Replies
    1. දැනටමත් අපේ ඉපදෙන්න ඉන්න පොඩි එවුන් ණයයි ලෝකෙටම !

      Delete
  32. අවශ්‍ය දේයට මුල්තැන නොමැත..අනවශ්‍ය දේවල් බැබලේන්නේමය....අහෝ මිහිඳු හිමි දුටු ලක්දිව...

    ReplyDelete
    Replies
    1. හැමදේම මිනිස්සුන්ගේ වැරදි නිසා මචං..

      Delete
  33. නියම ලිපියක්. මොනව වුණත් උඹ සුදු වෑන් එකක් වගේ එනව දැක්කොත් පොඩ්ඩක් හැංගියන්. ඒක ඇඟට ගුණයි.

    ReplyDelete
    Replies
    1. මම සුදු සිල් ඇදුමක් දාගෙන අද ඉන්නේ මාව ගෙනියන එකක් නැහැ එතකොට

      Delete
  34. ආශ්චර්යට යනකොට ඕවා ඔහොම තමා බං. මොකට කෑ ගහලා ලේ රත් කර ගන්නවද? සුභ අනාගතයක්. ජයවේවා !!!!

    ReplyDelete
  35. පෝඩ්ඩක් පරක්කු උනෝ.... මේවා ගැන කතා කරලා වැඩකුත් නෑ සැමෝ එක අතකට මොකද මොනා උනත් උංගේ උවමනාව විතරනේ ක්‍රියාත්මක වෙන්නේ... බොරු සෝබන වලට වියදම් කරන එක අතෑරලා ඔලිම්පික් වගේ තරඟවලට අපේ ක්‍රීඩකයෝ යවන්න අවශ්‍ය පහසුකම් ගන්න මේ මුදල් යට කලානම් මොනා වෙනවද?? වැඩක් නැ අප්පා...අඩු ගානේ ගෙන්නපියව් රගර් පුහුණුකරුවෙක්වවත් ගෙන්නපියව්කෝ...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා මචං. නිලියෝ ආවහම මොකටද රගර් ?

      Delete
  36. ලංකාවට මොනාද අඩු? සිතන පතන හැම දේකින්ම සර්ව සම්පූර්ණ රටකට ඔන්න ඔච්චර තමා අඩු..අනේ නොදකින්..!!

    ReplyDelete
    Replies
    1. දැන් ඒ අඩුවත් පිරෙව්ව නොවැ..

      Delete
  37. සුබ අනාගතයක් !! :/

    ReplyDelete
  38. තරහ වෙන්න එපා ඇනෝ විදියට ආවාම, මොකෝ මට ඕනෙනෑ මගෙ බ්ලොගේ මෝඩ පිස්සන්ගෙ වසුරු වලින් නාව ගන්න. (මම අපෘශ්ඨ වංශිකයෙකි, ඔන්න කලින්ම කිව්ව )

    රජා හෝ රජාගෙ පුතාල මේ කරපු වැඩේ වැරදියි කියල මේ කියන මහත්වරුනුත් තමනුත් එක්තරා දේශපාලන සත්වයෙක් බව අමතක කරන එක තමයි කැත. දැන් මේ සෑම හීනියට එස් එෆ් මහත්තයාට කඩේ යන්නෙ නැද්ද, හැබැයි රජාගෙ වංචා දූශන ගැන කොච්චරවත් කිව්වත් ඔයා එස් එෆ් ගෙ ඩොලර් සේප්පුව ගැන කතා කරන්නෙ නෑනෙ, ඒ වගේම තමයි ඔය ගොඩක් දෙනා හැම සිද්දියක්ම බලන්නෙ තමන් දාගෙන ඉන්න කන්නාඩියෙ පාටින්. සමහර විට ඔය උන්දලාම මේක අවුලක් නෑ කියල කියයි මේක එස් එෆ් හරි රනිල් හරි වෙන එකෙක් හරි කෙරෙව්වනම්.
    මම රජාව සුද්ද කරන්නවත් අනිත් උන් කෙලවන්නවත් කියනවා නෙවේ, ඇත්ත ඕකයි.

    අනිත් කාරනෙ, අර රාජ් මහත්තයා කියල තියන දේ, ඔයා කරල තියෙන්නෙ ඔයාගෙ අදහස ඉස්මතු කරන්න එකිනෙකට සම්බන්ද නැති සිද්දි දෙකක් කොහොම හරි පටලවගෙන. අර ඊ නිව්ස් කාරයො වගෙ. පැහදිලි විරෝදයක් තියනවනම්, බොහොම සරලයි, ඒ අදාල දේවල් එක්ක කතා කරන්න, ඒකට රජාවයි උන්ගෙ වංචායි වැඩක් නැහැනෙ, මොකෝ ඔයාට පුලුවන් වෙන්න ඕනෙ ඔයාගෙ ආගමික භක්තිය සහ දැනුම ඒකට පාවිච්චි කරන්න. එහෙම කරල මේක වැරදියි කියල කියන්න, ඔන්න අපි උඹට සපෝර්ට්.

    තව පොඩි දෙයක්, දැන් ඔයා කියන විදියට අපි දවස් කීයක් රැඟුම් වැයුම් ආතල් වලින් තොර වෙන්න ඕනෙද? නිකමට හිතමු, පෝයට කලින් දව, පෝය දවස, පෝයට පස්සෙ දවස, එතකොට අවුරුද්දට දවස් 36, එතකොට ක්‍රිස්තියානි අයගෙ ආගමික උත්සව, හින්දු අයගෙ ආගමික උත්සව, ඉස්ලාම් අයගෙ ආගමික උත්සව.. මල්ලි පට්ට පට පට නේද? උඹලට බර්ත්ඩේ පාටියක් වත් ගන්න බැරිවෙයි.

    ඊලඟ ප්‍රශ්නෙ, බිපාශයි විතරද පොසොන් ශ්‍රධාව නැති කරන්නෙ, එතකොට ටිවි වල යන ඒව, කල්බ් වල සෙල්ලම්, අනික මචන් ඔය දවස්වල හික්කඩුවෙ සුද්දියෝ ඔසරි ඇඳල් පන්සල් යනව ඇති නේද. ඕවත් පැවෙතෙන්නෙ ඒ ඒ කාලෙට තියන ආන්ඩුවලින්ම තමයි, වෙනස එලිපිට නෑ.


    Ano 111

    ReplyDelete
  39. "අර රාජ් මහත්තයා කියල තියන දේ",

    should be

    අර රාජ් මහත්තයා කියල තියන දේ,රාජ් කියල තියන ටික හරි, ඔයා කරල....

    Ano 111

    ReplyDelete
  40. කතාවට කටට මසුරන් දැම්මත් මදිය....

    ReplyDelete
    Replies
    1. මසුරන් කිව්වේ ඩොලර් ද?

      Delete
  41. පොඩ්ඩක් හිටු මේ පැත්තේ සුදු වෑන් වගයක් කැරකෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ටික ගියාම වරෙන් මචං..

      Delete
  42. ඉංදියාවෙන් අපට ලැබුන එකම සහ වටිනාම ත්‍යාගය බුදු දහම විතරයි. හැම නරකකම පුංචි හොඳකුත් තියෙනව කියන්නෙ එකයි..... ඉංදියාවේ අනිත් සියළුම දෙවල් චා... එපාකරපුව...(අපේ වාසනාවට තමයි මිහිඳු රහතන් වහන්සේ ලංකාවට වැඩියේ නැත්නම් අපි මෙලහකටත් කුරුස එල්ලගෙන හරි,කොල්ලන්ගෙ සමහර දෙවල් කපාගෙන -අපේ කෙල්ලො කලුපාට ඇඳුම් වලින් මුලු සිරුරම වහගෙන ඉන්න සමාජයක් තමයි සෙට්වෙන්නේ...)

    ReplyDelete
  43. වැදිය යුතු තැනට නියමෙටම ඉලක්කය ගෙන ගසා ඇත ,., ඉතාමත් වටිනවා,., කතාව 100%ක් ඇත්ත ,.,., ජයෙන් ජය

    ReplyDelete
  44. අද තමයි පොස්ට් එක දැක්කේ.සහතික ඇත්ත මචෝ
    .සැමගේ දේශපාලන දර්ශනයට සම්පූර්ණයෙන්ම එකග නැති උවද කියන දේවල් නම් සම්පූර්ණ ඇත්ත තමා.
    දිගටම ලියන්න.
    ජය වේවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...