Tuesday, November 17, 2015

උස එකකට කොක්ක ගසනා හැටි.. - How to Hang on Roof !!

කොක්ක ගසනවා කිව්වාම ගොඩක් උන් හිතන්නේ කෑල්ලක් සැට් කර ගැනීම ගැනය. අනික උස එකකට කොක්ක ගසනවා කිව්වාම බොහෝ සතුටු වෙන්නේ කෙල්ලට වඩා මිටි කොල්ලෝය. එහෙව් ආදර කතා සෑමා බොහෝ දැක ඇත්තේය. ඉස්කෝලෙ යන කාලේ සමහර කෙල්ලෝ කොල්ලන්ට කියන්නේ අනේ අපි මැච් වෙන්නේ නැහැ කියාය. ඔයා කොටයි කියාය. මම උසයි කියාය. එවිට සිත් තැවුලෙන් ගෙදර එන කොල්ලෝ එල්ලෙන්නේ උළුවස්සේය. මැරෙන්නට නෙවේය. උස යන්නටය. එලෙස බාල්කයේ හෝ උළුවස්සේ එල්ලී බාර් දානවා යනුවෙන් ව්‍යායාම කරන්නේ කෙල්ල කෙරේ ඇති අප්‍රමාණ සෙනෙහස නිසාය. එහෙව් කොල්ලෝ මේ පෝස්ට් එක නොබැලුවාට කම් නැත. මේ කියන්නට යන්නේ උස තැනක ඇති පරාලයකට හෝ ලීයකට ලණුවක් දා ගන්නා ආකාරයය. බොහෝවිට මෙය වඩා වැදගත් වන්නේ මඳුරු දැලක් වැනි දෙයක් එල්ලීමේදීය. කාමරයේ නෙට් එකක් එල්ලන්නට දඟලන බොහෝ අය අතපය කඩා ගන්නේ තාක්ෂණය නැති නිසාය. ඉනිමඟ රැගෙන එන්නට ඇති කම්මැලි කම නිසා කොහේ හෝ අඩිය තමා අඩමානයේ නැග බිම වැටෙන්නෝය. බොහෝ අය නෙට් එල්ලන්නේ ඇද මතට පුටුවක් තබා ඊට අඩිය තබාය. එවිට ඇදේ මෙට්ටය තුල පුටු කකුල් එරීයාමෙන් පුටුව පෙරලී යා හැකිය. සිදුවන්නේ විනාශයක්මය.

දැන් කෙලින්ම උපක්‍රමයන් ටික පහදා දිය යුතුය. මේ ක්‍රමයට කොච්චර උස එකක් වුණත් කොක්ක ගැසිය හැකිය. එල්ලිය හැකිය. සමහරු කියන්නේ උස ගස් ඉරන්නේ බිම පෙරලලා කියාය. මේ ක්‍රමයට වහලය බිම පෙරලිය යුතු නොවේය. අවශ්‍ය වන්නේ පහළ බඩු සැට් එකය.
අවශ්‍යය ද්‍රව්‍ය -
  • වහලයට තරම් දිග කොස්සක්, හෝ ලීයක්
  • ඉස්කුරුප්පුනියනක්
  • ලණුවක්, නූලක් හෝ පටියක්
මුලින්ම නියනෙහි නූල හෝ ලණුව ගැටගසා ගත යුතුය. එය පහත ආකාරයෙන් විය හැකිය.



ඉන්පසුව නියන කොස්ස මිට පැත්තේ කෙළවරට යන්තමින් සවි කර ගත යුතුය. එය ඉතා හොදින් තද නොකළ යුතු අතර පහ වසරේදී සෙලවෙන දතක් ආකාරයෙන් නොගැලවෙන ගැලවෙන මට්ටමේ විය යුතුය. පොඩි තට්ටුවකින් වැටෙන මට්ටමින් සවි වී තිබිය යුතුය.

දැන් වැඩේ සැට්ය. කොස්ස නියන සහ ලණුව එක හුස්මට අතට ගෙන දැන් ඔබ යා යුත්තේ මදුරු දැල එල්ලිය යුතු පරාලය ලඟටය. එතැනට ගොස් නියන පරාලය උඩින් තමා වහලයේ වදින ලෙස සෙල විය යුතුය. එලෙස සෙලවෙද්දී නියන බුරුල් වී ගැලවී වැටිය යුත්තේ පරාලයේ එහා පැත්තෙන්ය. කියනා දේ නොතේරෙන උන්ට පහල රූප රාමුව උපකාරී විය හැකිය.

දැන් නම් වැඩේ ගොඩය. කෙල්ලගේ සහ කොල්ලාගේ අතර මැද ඇති කොට්ටය මතින් එහා පැත්තට පනිනා ආකාරය සෑමා පහදා දී අවසානය. කොට්ටය පැන්නාට පසු කරනා දේ සෑමා පැවසිය යුතු නැත. එලෙසම පරාලය එහා පැත්තෙන් දා ගත් ඉස්කුරුප්පුව හෝ නියන නිවැරදි ආකාරයට පහලට ගැනීම කළ යුතුය. ඒ සදහා නූල කෙලවර අල්ලාගෙන සෙමින් සෙමින් සෙලවිය යුතුය. නියන පහලට රූටා එන තුරු නූල සොලවා නියන අතට ගන්න. නියන ගලවා දමා නුලෙහි අවශ්‍ය පරිදි මදුරු දැල හෝ අවශ්‍යය දෑ එල්ලා ගත හැකිය.

Written_by_sAm_ශ්‍රී_Perera_6:56pm_16/1/15

49 comments:

  1. අඩේ ඕකට කොහු නැති කොස්සක් ගත්තට කමක් නෑ නේද .... හිටං

    ReplyDelete
    Replies
    1. කොසු නැති කල එය කොස්සක් නොව නිකංම පොල්ලක් වන්නේය.

      Delete
    2. අම්මට හුඩු කාම පැය ලැබිලා වගේ

      Delete
    3. @මැලේ - ඇයි බං දැන් කොස්ස පරණයි නේ? කොහු හැලිලා ඇත්තෙ. වයසට
      @ප්‍රසා - සහතිකයි
      @ඉවා - අඩේ දවසටම පැයද දෙන්නේ?

      Delete
  2. සෑමා සැමියා වූ පසු ඩූ ඉට් යුවර්සෙල්ෆ් අාකාරයේ ක්‍රියාකාරකම් වල වැඩියෙන් යෙදෙන බව පෙනේ.
    ඔය ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී දිග නූලක් ගත යුතුය. නැත්තං කොස්ස අතැර නූල් කෙලවර අල්ලාගන්නට ට්‍රයි කරන විට සියල්ල සිදුවී හමාරය.

    ප.ලි. ගෙදර සිවිලිම ගහල නැද්ද බං.

    ReplyDelete
    Replies
    1. සැමියා වෙන්නට පෙර සිටම ඩූ ඉට් යුවර් සෙල්ෆ්ය. එදා සිට මම කලේ තනියමය. ;) තාමත් සමහරක් වෙලාවට එහෙම්මය. කිව්වත් වගේ නුල කොට වූ විට සොරිය. ලිදේ ගැඹුරට කඹේ දිග සමාන විය යුතුය.

      පලි - ලබන මාසෙ වෙද්දි ගහල අහවරක් කරන්න ඉන්නෙ.

      Delete
    2. දැන් සිවිළිම ගැහුවම එල්ලන්නෙ කොක්කෙන්ද. xxxගෙ xxන්ද කියාන්කො

      Delete
    3. ඇයි බොල එතකොට අර කොකු තියෙන්නේ සිලිමේ ගහන. ඇණයක් වගේ තියල කරකවන එක. !!

      Delete
  3. මතක ඇතිව කට වසාගෙන සිටිය යුතුය , නැත්තම් ඉස්කුරුප්පු නියන කටට වැටී ගලනාලය අර නාලය මේ නාලය දිගේ ගොස් අධෝ මාර්ගය දිගේ එලියට එන්නට ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. ශෝටක් මිස සරමක් ඇදීමෙන් වලකින්න .....

      Delete
    2. @ඉවා- එසේ ගියත් නූලේ දිග ප්‍රමාණවත් නම් නූල ඇද, අඩෝ මාර්ගයේ සිරවූ නියන, මුඛ මාර්ගයෙන් නැවත එලියට ගත හැකිය.

      @සි.ඇ - රෙද්ද !

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. කොට එවුන්ට තියන ප්‍රශ්ණ වලට විසදුම් දෙන්ඩ පුළුවන් ඉතිං.....
    සැමා බාල්ක වල උළු වහු වල එල්ලෙමින් දුෂ්කරක් ක්‍රියා කරල තියනව වගේ.

    ReplyDelete
    Replies
    1. උළුවස්ස උස මදි හන්දලු බාල්කෙ එල්ලෙන්නෙ.

      Delete
    2. @කම්මල - විසදුම් සහිත පෝස්ට් එකක් දාපංකෝ.
      මම නෙවෙ යකු.. වෙන කොල්ලෝ ගැන කිව්වෙ. :P

      ප්‍රසා - ලණුවක් දාලද?

      Delete
  6. "ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ...
    මේ වගෙ ලොකු කං කවුරු කරාවිද ලංකාවේ... "

    ReplyDelete
  7. මේ එක්කම බල්බ් මාරු කරන්න ක්‍රමයකුත් කියල දීපන්කො ලෝබ නැතුව...

    ReplyDelete
    Replies
    1. ඉතිං හෝල්ඩර් එක වයර් එකට හයි කරන්න කලින් බල්බ් එක දාලා වයර් එකට පූට්ටු කරපං කෝ ලොකු පුතේ !

      Delete
    2. යකෝව්... මම ඇහුවේ බල්බ් මාරු කරන විදිහ මිසක්කා මුල ඉඳල වයරින් කරන හැටි නෙමෙයි, හරිය...

      Delete
    3. ලේසි විදිය කිව්වෙ ඉතිං

      Delete
  8. හරි පෙරෝජනයි... ලයිෆ් හැක් ටිකක් එකතු කරල දාපං තව පොස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. එල එල. වැඩ කිඩ කැටගරියෙ දාන්නයි කල්පනාව !

      Delete
  9. අද අපි පරණ ‍ෆිල්ම් එකක් බැලුවා Carry On England කියල. ඒකෙ මුල හරියේ තියෙනවා කොට කැප්ටන් කෙනෙක් හෙන උස සොල්දාදුවෙකුට කතා කරනවා උඩ බලලා මෙහෙම.
    Hey, you up there!

    ReplyDelete
    Replies
    1. සොල්දාදුවා කුඹ ගහ උඩද හිටියේ ?

      Delete
    2. අන්න එහෙම එකෙකුට කතා කරනවා වගේ තමයි ඌ කතාකලේ . :D

      Delete
    3. "Carry on the bed sheet" කියන පිලිම් එක බලල නැද්ද ? ඒක පට්ට. ලොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ.... ලෝවැඩ සඟරාවෙත්නෑ.....

      Delete
    4. Carry on Behind එතකොට Carry on Nurse හෙමත් තියෙනවා X-Porter සිරාවටම. British Humor.

      Delete
    5. මුං බලල තියෙන්නෙම carry කතානේ ?

      Delete
  10. නියමයි. අනතුරු අඩුයි.........

    ReplyDelete
  11. නොදන්න දෙයක් කියලා දුන්නට ස්තුතියි..දවසක් මගෙ මදුරු දැල කඩාගෙන වැටිලා , ඒක ආපහු සෙට් කර ගන්න බැරිව කොයිල් එකක් පත්තු කරන් නිදා ගත්තෙ.අපරාදෙ මේ ක්‍රමේ දැනන් උන්නා නම් අර තරම් දුක් විදින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අනී.. පව් අයියොා්.. මදුරු කොයිල් නම් බයානකයි.. ඔයාව පිච්චෙයි !

      Delete
  12. අත්දැකීම් බෙදා ගැනීම හරිම වැදගත් තමා සෑමා...... ස්තූතියි

    ReplyDelete
  13. අපි මේ වැඩේ කරන්න ගලක් ගැට ගහලා කෙලින්ම බාල්කෙ උඩින් දාලා. කලබල කාරයන්ට බැරිය.

    ReplyDelete
    Replies
    1. ඒක ගල් මාට්ටුවක් නේ?

      Delete
    2. සුදීකගෙ ගෙදර හෙවිල්ලල නැද්ද?

      Delete
  14. සෑමගෙ පෝස්ට් එක ඉහළ ගිාට පස්සෙ ං.... අනේ මංද සෑමො..
    මේ ඉස්කුරුප්පුව බොගෙ ඔළුවට වැටෙන්න තිබ්බෙ
    හැක්

    ReplyDelete
  15. මට නම් ඔය මදුරු දැල් අස්සේ නිදා ගන්න බැහැ බං.අමාරුයි හුස්ම හිර වෙනවා වගේ.දාඩියත් දානවා.

    දවසක් කෙල්ලගේ ගෙදර ගියාම මට කිව්වා නෙට් එක එල්ලලා දෙන්න කියලා.අම්මෝ ඒ වහලේ උස.මේ ක්‍රමේට ට්‍රයි එකක් දීලා බලන්ට ඕනේ ආයේ ගිය දවසක.

    ReplyDelete
    Replies
    1. //අම්මෝ ඒ වහලේ උස.//

      බොට වහලෙන් වත් පනින්න බැරි වෙන්න හදල තියෙන්නෙ..

      //මේ ක්‍රමේට ට්‍රයි එකක් දීලා බලන්ට ඕනේ ආයේ ගිය දවසක.//

      එදා හයි කරපු නෙට් එක ගලවලා ආයෙ මේ විදියට එල්ලන්නද බොලා හදන්නේ??

      කෙල්ල එක්ක මදුරු දැල් අස්සෙ නෙවේ බං, නිකං නිදා ගත්තත් හිරවෙනවා.. ඔය කාලෙට..

      Delete
  16. හරි, ඔය උඹ කියන්නේ පරාලයක් තියෙන කාමරේකනෙ. දැන් සීලිමක් නැතිනම් කොන්ක්‍රීට් ස්ලැබ් එකක අර හුක් එකක් තියෙනකොට ඔය වැඩේ ඔයිට ලේසියි. නයිලෝන් නූල දෙපොට දාලා කොසු මිටට තියලා කොක්කට ලංකරන එක විතරයි

    ReplyDelete
  17. මේ මචං.... දැං ඕකට කොස්ස වෙනුවට ගන්න වෙන එකක් නැද්ද ?

    ඇයි බං ඔච්චර දුක් විඳින්නෙ.. වහලෙ පහල හරියකිං එල්ලගන්නවනෙ...

    අවශ්‍යය ද්‍රව්‍ය :

    අ). ජනේලයක් සහිත කොට බිත්තියක්
    ආ). මදුරු දැලක්
    ඇ). කොට ලනුවක්

    මුලින්ම සෙරප්පු ගලවන්න. දැන් ජනෙල් පඩියට නැගින්න. ඉන්පසු දකුනු අතින් ග්‍රිල් හො ජනෙල් පොල්ල තදින් අල්ල ගන්න. දැන් වම් අත පුල් දික්කර අහුවෙන යටලීයකට , පරාලයකට හෝ ඕන මරාලකට උඩින් ලනුව මේං මෙහෙම දමා මේං මෙහෙම වටෙං ගෙන කලින් සකසා ගත් මදුරු දැල ගැට ගහන්න.

    හරි සිම්පල්නෙ
    රෙද්ද....

    ReplyDelete
    Replies
    1. සිරාවට යකූ...

      මෙහෙම එල්ලිලාත් නෙට් දාල තියෙනවා.. මගුල.. වම් අත පුල් දික් කරන එක තමා පු@ ඉරෙන වැඩේ...

      Delete
  18. අර සින්දු ඇනෝ ගේඅවවාදය මහඟු යයි අත්දැකීමෙන්ම දනිමි

    ReplyDelete
    Replies
    1. හපුයි.. සි.ඇ. කියන ඒව නඩු බං..

      Delete
  19. මමත් පරිප්පුවක් කෑව නෙට් එක එල්ලන්ඩ ගිහින්. පරාලෙක නෙවෙයි ස්ලැබ් එකේ.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ඉතිං බං දවල්ට කාල ඉවර වෙලා ඕක එල්ලන්ඩ් තිබ්බ නේ...

      Delete
  20. මෙහේ පරාල නැහැ. සිවිලිම තියෙන්නේ.. දැන් කියපන් බලන්න ඔය මගුලෙන් ඒක කොරන හැටි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...