Sunday, November 22, 2015

හොස්පිට්ල් එකේ අභිරහස - ෂර්ලොක් හෝම්ස් කතාවක් !!


හෝම්ස් මහත්මයා ඔබ දන්නවද ඒ සිද්ධ වුණේ පස්වෙනි ඝාතනය.

ඔබේ ගණනය කිරීම නම් හරි වොට්සන් මහත්මයා, ඒත් ඔබ දන්නවාද එය අත්වැරදීමක් බව?

අත් වැරදීමක්, ඔබ තවමත් ඉන්නෙ පාසල් අවධියේ වොට්සන් මහත්මයා. එකම රෝහලක, විශේෂ ප්‍රතිකාර අංශයේ මරණ පහක් සිද්ධ වෙනවා. ඒ සියල්ලම එකම ආකාරයට. මුළු නගරයම ඩෝසන් වීදියේ තියෙන රෝහලට විරුද්ධව කැරලි ගසන්න සූදානමින්. ඔබ කියනවා එය මිනීමැරුමක් නෙවේ අත් වැරදීමක් කියල? ඔබ කරන්න යන්නෙ මිනීමරුවා රැක ගන්න හොස්පිට්ල් එක බිල්ලට දීමක්.

වෙට්සන්, ඔබ කරන්න යන්නේ මගේ විශ්ලේෂණාත්මක රහස් පරීක්ෂක දැනුම පිළිබඳ සැක කිරීමක්. ඔබට අමතකද විශේෂ ප්‍රතිකාර අංශයේ ජනෙල් බැම්ම? කවදාවත් නොඅරින ඒ බැම්ම මත තිබුණු නියපොතු කැබලි.

ඔව් හෝම්ස්. ඔබ මා සමඟම ගොස් ඒ කොටස් එකතු කර ගත්තා. එහි විශේෂයක් මා දකින්නේ නැහැ.

ඇත්ත එය මටත්  විශේෂයක් නැහැ. ඒත් ඔබ දන්නා සියළු රෝගීන් මරණයට පත් වුණේ රාත්‍රී කාලයේ බවත්.

ඔව්. ඝාතකයාට පහසුම වේලාව එය වෙන්න පුලුවන්. එහෙත් ඔබ රාත්‍රි කාලයේ වූ මරණ හෝ ඝාතන නියපොතු සමඟ ගලපන්නේ කොහොමද? ඇත්තටම හෝම්ස් මෙවර ඔබ හිතන්නේ වැරදි ආකාරයකට.

ඇත්තටම ඔව්. මම හිතන්නේ වැරදි ආකාරයට. රාත්‍රී මරණ, කටින් කඩා දැමූ නියපොතු, දුටු විගස මට සිහිවන්නේ මා කාලයක් ඇසුරු කළ මාගේ මිතුරියක්. ඇය බොහෝ විට රාජකාරී කළේ රාත්‍රී කාලයේ. නිදිමත නිසා ඇහැරී ඉන්නට ඇය බොහෝ කටයුතු කළා. විටක අපි නොසිතන දෑ. ඇය ඇගේ නියමල මතුවන තුරු නියපොතු කටින් කඩා දමන්නට පුරුදු වුණේ රැකියාවේ ඇති කාර්යය බහුලකමත්, රාත්‍රී කාලයේ ඇහැරී සිටීමටත් අවශ්‍ය නිසා.

හෝම්ස් ඇය හෙදියක්ද?

ඔන්න වොට්සන් ඔබ ඒ ගමන කියන්නට යන්නේ මිනී මරුවා හෙදියක් කියලා. අනික රෝහලක. රාත්‍රීයේ. ඔබ හිතනවද රෝහලක රාත්‍රි රාජකාරී කරන හෙදියක් තම ඇසි නොපියවා තබා ගැනීමට කටයුතු කරයි කියලා. කොහෙත්ම නැහැ වොට්සන්. ඔවුන්ට ඇති තරම් ඇඳන් තියෙනවා. ඔවුන් රාත්‍රි රාජකාරියට වඩාත් ප්‍රිය අතිකාල දීමනා වැඩිපුර ලබන්නත්, රාත්‍රියක නිවසකදීටත් වඩා සුවට නිදන්නටත් අවශ්‍ය නිසා වෙන්මයි.

හෝම්ස් ඔබ නම් විහිළුකාරයෙක්. ඔබ ඔය උරන පයිප්පයේ යම් කිසි විහිළු කුඩක් මිශ්‍ර වෙලා ඇති. ඇත්තටම. 

වොට්සන්. ඇත්තටම මේක මිට විහිළුවක්. ඔබ හිතනවද ඝාතකයෙක් මෙච්චර සාක්ෂි මට ඉතිරි කරයි කියලා.

මිනී මැරුම් පහක් හෝම්ස් සහෝදරයා. කිසිම හෝඩුවාවක් නැති ඒවා. ඔබට එතරම් සාක්ෂි ලැබුණයි කියන්නෙ කෝමද? මාත් ඔබ සමඟ හිටියා. ඔබ මා දුටුවේ නියපොතු කිහිපය පමණයි. ඔබ ඒ එක සාක්ෂියෙන් ගොඩක් දුර ගිහින්. හරියට පාසල් කාලේ ආදර කතාවක් වගේ. කෙල්ල හිනා වුණාම කොල්ලා ඒ කෙල්ලව මානසිකව විවාහ වෙලත් ඉවරයි. ඔබ හරි බොලඳයි හෝම්ස්. පාසල් කාලේ ආදරයක් මතක් වෙලාද?

වොට්සන්. ඔබ නොදුටුවාද මේ මිනී මැරුම් පහ කළේ කඩිසර අයෙක් කියලා. සමාවෙන්න. ඔබ කියන ආකාරයට ඒවා මිනී මැරුම්. මම කියන ආකාරයට ඒ අතපසුවීම් පහම කළේ මහ කම්මැලියෙක්.

කම්මැලියෙක්. අනික අතපසු වීම්. හෝම්ස් මිත්‍රයා මට ඔබව කලකිරෙන මට්ටමට ඔබ ආසන්නයි. 

එපා වොට්සන් මිත්‍රයා. කළබල වෙන්න එපා. විශේෂ ප්‍රතිකාර අංශයේ විදුලි පේනු 2ක් නිතරම කිසියම් යන්ත්‍ර වලට සවි කරල තියෙන්නෙ. අනිත් එකම එක පේනුව තියෙන්නේ ඇඳට මදක් ඈතින්. එම පේනුව මෑත දිනයක භාවිත කරලා නැති තරම්. ඔබ දැකල ඇති නිතරම භාවිත කරන පේනු හීරීමකට ලක් වෙනවා. ඒ යන්ත්‍රවල ප්ලග් සවි කරන්නට ගලවන්නට නිතරම භාවිත වෙන නිසා.

ඔව් හේම්ස් ඔබ හරි. එය හෝඩුවාවක් ලෙස ඔබ දැකීම මට නම් විහිළුවක්. 

වොට්සන් මම කැමතී ඔබත් එම රෝහලේම වැඩිදුර ප්‍රතිකාර අංශයට ඇතුලත් වෙනවා නම්. ඔබට තේරෙයි මේ අතපසුවීම් පහටම සම්බන්ධ කුමන අයෙක්ද කියල දැන ගන්න.

ඔබ?? හෝම්ස් වොට්සන් ගේ ජීවිතය සීමා කරන්නද යන්නෙ?

නැහැ වොට්සන්. ඔබ මගේ මිත්‍රයා මාව විශ්වාස කරන්න. අනෙක ඔබට දැන් විවේකයක් අවශ්‍යයි. අද දහවල් ඇතුලත් වෙලා, කාර්යය මණ්ඩලයේ  උදව්වෙන් නීරෝගී ඔබව අපි රෝගි ඇඳකට දමන්නම්. විශේෂ ප්‍රතිකාර අංශයේ නොමිලේ ලැබෙන ඔක්සින් මාස්ක් එකත් එක්කම ඔබ අද රැය විවේක ගන්න.

ඔබට ඇත්තටම මෙය විහිලුවක් හෝම්ස්.

මාව අවිශ්වාස නම්, ඔබ කියන ආකාරයේ ඝාතකයා අල්ලා ගැනීමට පමණක් උදව් වන්න වොට්සන්.

******

වොට්සන් කොහොමද හුස්ම ගැනීම ඉතාම පහසුයි නේද?

ඔව් හෝම්ස්. මේ මම අද දවසට ගන්නා අවසන් හුස්ම පොද වෙන්න බැරි නැහැ. ඔබ කෙරේ මා අවිශ්වාසයක් නැති නිසාමයි මෙහි ආවේ. 

ස්තුතියි වොට්සන්. අද රැය ඔබ විශේෂ ප්‍රතිකාර අංශයේ ගෙවන්න. මා ඔබ සමඟම මේ රෝහලේම රැදෙන්නම්.

බොහොම හොදයි හෝම්ස්. හදිසි අවස්ථාවක් වුවොත් මා ඔබ අමතන්නම්.

******

මිත්‍රයාගේ උපාය සාර්ථක කර ගැනීමට වොට්සන් විශේෂ ප්‍රතිකාර අංශයේ ඇඳක් මත හුස්ම ගන්නේය. ඒ ඔක්සිජන් ලබා දෙන මැෂින් එකක ආධාරයෙන්ය. වොට්සන් තනිවම ඇස් කරකවමින් බලා සිටින්නේ ඉතා අපහසු ආකරයේ රෝගියෙකු ලෙසින්ය. එහෙත් ජීවන බය කෙතරම් දැයි මේ ඔහුට දැනෙන ප්‍රථම අවස්ථාවය. ඇසෙන්නේ මැෂින් වල සියුම් හඩ පමණක්ය. ඒ අස්සේ  ඔරලෝසුවේ තප්පර හඬය. රාත්‍රී නවය පසු වූයේය. දහයද ගැටළුවක් නැතුව ගෙවුණේය. රාත්‍රී එකොලහට විශේෂ ප්‍රතිකාර අංශයේ දොර හැරුණේය.

හෙතෙම එතරම් උස නැති සිහින් සිරුරක් ඇති, අපිලිවෙල අයෙක්ය. හැද සිටියේ රෝහලේ සුළු සේවකයින්ගේ ආකාරයේ ඇඳුමක්ය. හෝම්ස් කියු ආකාරයෙන්ම කලබල නැතිය. මෙවර පැමිණෙන්නේ හෝම්ස් කියූ කම්මැලි ඝාතකයාය. නැත. හෝම්ස් කියූ අයුරින් නම් ඒ කම්මැලි අතපසුවීම් කරන්නාය.

අත තිබූ මොප් එක පැත්තකින් තැබූ හෙතෙම ඇඳ අසල වූ පුටුව ගෙන හිද ගත්තේය. ඇත්තටම ඔහු කළබල නැතිය. ඉන්පසු මොහොතක් වටපිට බලමින් සිට ඔහු පුටුව මත නිදිමතේ කිරා බාන්නට වුයේය. හෝම්ස් හරිය. මොහු කම්මැලිය. එහෙත් වොට්සන්ට ඇඳෙන් නැගිටීමට නොහැකිය. තමන් අසාධ්‍ය රෝගියෙක්ය. එහෙත් කම්මැලි ඝාතකයා තමන්ට පහර දුන්නහොත්, තමන් ඝාතනය කළහොත් ඝාතකයා කම්මැලි යැයි කියා හිත හදා ගත නොහැකිය. ජීවිතය අතැර යන්නට වන්නේය. වොට්සන්ට තමන්ගේ හද ගැස්ම තමන්ටම ඇසෙන මට්ටමට පත් වුණේ එවිටය. මැෂින් අවශ්‍ය නැතිය. නොමිලයේම තමන්ගේ හදවත ගැහෙන හඬ ඇසෙන්නේය.

ඝාතකයා නැගිට සිටියේය. තමා අත වූ වැක්‍යුම් ක්ලීනරය අතට ගත්තේය. ඇඳ අසල වූ ප්ලග් දෙකම මැෂින් වලට සම්බන්ධ කොට භාවිතයේ පවතින බව දුටුවේය. තමන්ට දුරින් ඇති පේනුව දෙසද නෙත් හෙලුවේය. ඔහු ඇත්තටම කම්මැලිය. දුර තිබූ පේනුව දෙස බලා දිගු ඈණුමක් ඇර ඔහු ඇඳ අසල තිබූ පේනුවෙන් ඔක්සිජන් මැෂින් එකේ ප්ලග් එක ගලවා පිරිසිදු කිරීම ඇඹුවේය.

හරියටම ඔහු පැය භාගයක් පමණ වැක්‍යුම් ක්ලීනරය භාවිත කළේය.

වොට්සන් මැෂින් එකෙන් හුස්ම ගන්නා රෝගියෙකු නොවුනේ වෙලාවටය.

sAm_ශ්‍රී_Perera_10:15pm_22/11/15

33 comments:

  1. අන්තිම වෙනකම් හිතා ගන්න බැරිව හිටියේ.
    // ඇඳ අසල වූ ප්ලග් දෙකම මැෂින් වලට සම්බන්ධ කොට භාවිතයේ පවතින බව දුටුවේය. තමන්ට දුරින් ඇති පේනුව දෙසද නෙත් හෙලුවේය// මේක කියවද්දි නම් වැඩේ තේරුනා..

    මරු කතාව..

    ReplyDelete
    Replies
    1. එලෑ..

      ස්තුතියි.. ට්‍රයි එකක් දුන්නෙ වැඩේ නැගල යයි වගේ.. ;)

      Delete
    2. තව කතාවක් මේ ස්ටයිල් එකටම ලිව්ව නම් මරු ..

      Delete
  2. ඔක්සිජන් දෙන එකට කරන්ට් එක භාවිතා වෙන්නේ නැහැ සෑම්. රහස් පරීක්ෂක කතා ලියන විට ඒවාත් හිතන්න ඕන.

    හීලියම් කාරයක් ගන්න අදහසක් නැද්ද? දැන් ලාබයි.
    http://mahakalu.blogspot.com/2015/11/helium-cars-for-sale-in-sri-lanka.html

    ReplyDelete
    Replies
    1. හයියෝ සෑමා හැමිනෙනවා

      Delete
    2. ම.ක.ල - ඒක නම් දන්නැ. මූණට එන මාස්ක් එකට වත් පාවිච්චි වෙන්නද්ද? ඒක මැෂින් එකක් හරහා නේද දෙන්නෙ?

      අටා - මේ එක්සෑම් එකක් නෙවේ ඩෝ ලියන්නෙ. බොගක් !!

      Delete
    3. මම දැකපු ඒවගේ නම් නැහැ. කොහොම උනත් කතාව සුපිරියි

      Delete
  3. හොඳ උත්සාහයක් මචෝ එක දිගටම කියවන ගියැකි .... මුලින් හිතුවේ ලංකාවේ ඇත්තටම වෙලා තියෙන කතාවක් කියාගෙන යනවා කියලා

    ReplyDelete
    Replies
    1. නෑ මේක මැලේසියාවේ කාම පැයේදී වෙචච එකක්,

      Delete
    2. මැලේ - ස්තුතියි මචං

      ඉවා - පව් යකු.. මැලේව කාම පැයක් අල්ලන් බයිට් කරන්නෙ.

      Delete
  4. පට්ට ඕයි... හොඳ වෙලාවට තමා වොට්සන් බේරුනේ, ඇත්තටම මෙහෙම දේවල් වෙනවා ඇති ඔයි මේ නිදහස් සෞඛ්‍ය සේවයේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.. ‍හෝම්ස් සීන් එක දන්න නිසා බං වොට්සන්ව ඇඩ්මිට් කෙරෙව්වෙ :)

      Delete
  5. සිරාවටම මරු.. මකසිකිව්ව දේ ගැනත් හිතාං..

    ReplyDelete
    Replies
    1. සිරාවට බං. දන්නෑ ඒම සීන් එකක් නම්..

      Delete
  6. අඩේ මේක එල.
    හැබැයි භාෂාව ටිකක් විතර අවුල්. මීට ටිකක් විද්වත් විදියට යෙදුව නං මම කැමතියි. මොකද අපි පරිවර්තන වල දැකල තියෙන්නෙ ඒ විදියට නිසා.

    //හරියට පාසල් කාලේ ආදර කතාවක් වගේ. කෙල්ල හිනා වුණාම කොල්ලා ඒ කෙල්ලව මානසිකව විවාහ වෙලත් ඉවරයි. ඔබ හරි බොලඳයි හෝම්ස්. පාසල් කාලේ ආදරයක් මතක් වෙලාද?//
    මම කිව්වෙ මේ වගේ කෑලි ගැන.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රාජ්. ඒ වාක්‍යය නිකං සිතු - කුසූ එකේ ආරට ලියවුනේ.

      Delete
  7. කතාව අැත්තට ම සුපිරියි බං..... ෂර්ලොක් හෝම්ස් කෙටි කතා.... කොහොමද මගේ නම....

    මචං අර තාප්පෙ තියෙනවා කිව්ව නියපොතු................... කෝ ඒක.......

    ReplyDelete
    Replies
    1. නම් දාන්න එපා යකු. කැටගරියකට දාලා දිගටම ලියන්න වෙයි එතකොට.

      නියපොතු තමා අරු පුටුවෙ ඉදගෙන කම්මැලිකමට කටින් කඩලා දාපුවා..

      Delete
    2. අන්න අදහස. කැටගරියකට දාල දිගටම ලියන එක..

      ඒක නම් ඇත්තටම මරු සෑම් අයියා. මේ විදියට ශර්ලක් වොට්සන් කතා සෙට් එකක් ලියමුකො.. ඇත්තටම නැගලා යයි..

      Delete
  8. උඹේ පහුගිය පෝස්ට් එක කියවන්නත් බැරි වුනා.මේක නියමෙටම ලියලනේ.සෑම් උඹත් ලියපං රහස්පරික්ෂක කතා පොතක් ...
    මේ ඒ පැත්තේ ඇවිත් පලයං හම ගහන්න කලින්..

    ReplyDelete
    Replies
    1. ඔන්න ගිහින් ෆලෝවක් දීලම ආවා..

      Delete
  9. අන්තිම වෙනකන්ම කුතුහලය තියාගත්තා.. එළ.. පොඩි පොඩි සීන් පෙනෙන්නෙ අපිත් රහස් පරීක්ශක කතා කියවනකොට රහස් පරීක්ශකයො වගේ වැරදිම හොයන නිසා වෙන්න ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අඩුපාඩු ඇති. ලියාගෙන ගියා පෝස්ට් කලා. අනිත් හැම පෝස්ට් එකක්ම වගේ ආයෙ කියවන්නෑ බං. කියෙව්වොත් දාන්න වෙන්නෑ :ඩී

      Delete
  10. එතකොට අර නියපොතු ඩ්‍රැකියුලගෙ ද බං.
    මොනව උනත් කතාව නියමයි. ඔය වගේ එකෙක් දෙන්නෙක් ICU වලට දැම්මොත් ලෙඩ්ඩුන්ට අබ සරණයි.

    ReplyDelete
    Replies
    1. ඇයි බොල තේරෙන් නැද්ද?

      හෝම් අදුරන නර්ස් කෑල්ලත් නයිට ගහද්දි නියපොතු විකලා. ඒ වගේම අරූ පුටුවෙ ඉදගෙන කම්මැලි කමේ කඩලා දාපු නියපොතු තමා ජනෙල් බැම්ම උඩ තිබ්බෙ.

      Delete
  11. මහා රෑ 11 ට මොකට ක්ලින් කරනවද.. මිනීමැරුමක් නෙවෙයි අත්වැරදීමක් වගෙයි... හික්ස්
    කතා ටයිප් එක නම් මරු

    ReplyDelete
  12. වැඩේ හොඳයි... චන්දන මෙන්ඩිස්ට බඩේ පාර ගහන්න නේද හදන්නේ.. ඔව්ව මහා කැත වැඩ බන්..

    ReplyDelete
  13. මේකනං පට්ටයි ඈ......... අවංකවම පට්ටයි.................
    මේං මේකත් හිතට ඇල්ලුවා...........//හරියට පාසල් කාලේ ආදර කතාවක් වගේ. කෙල්ල හිනා වුණාම කොල්ලා ඒ කෙල්ලව මානසිකව විවාහ වෙලත් ඉවරයි.// සුපිරි උපමාව...........

    ReplyDelete
  14. ඔය වගේ ඔක්සිජන් බට ගලවන්න ඕනේ උන් සැහෙන්න ඉන්නවා බං.

    ReplyDelete
  15. අඩේ චන්දන මෙන්ඩියට කෙලින්න නේද හදන්නේ??

    ReplyDelete
  16. පට්ට බං... හිනා වෙන්න පුළුවං හොම්ස් කතාවක් කියෙව්වමයි...

    ReplyDelete
  17. ඔන්න මමත් මේ පැත්තට එල්ලුනා.
    දිගටම එනවෝ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...