Thursday, October 22, 2015

මගේ පද සැරයි... - My Thoughts, So Hot !!!


තල දිගේ නලල්
ඇඳි ඇඳී තෙපුල්
පියන් ඇස් තදින්
සිඹිමි මං හොරෙන්

තෙපුල් මත වෙලී
උරහිසේ ගැටී
පපුතුරේ ඇඳී
කලබලෙන් විදී

ලැම මතින් මිදී
උදරයේ හිදී
නාභියේ තුඩේ
පොපියමින් ලගී

සිහින් ඉන කෙලවරේ
දෙපා යුග අතරෙහී
රස ගඟුල් ඇහිරුණේ
සිහින් තොල් මැතිරුණේ

අසනි වැසි ඇඳ වැටී
අහස් කුස ගිගුරුවේ
මුළු රැයම තෙත් වුණේ
මල් යහන බීරිමේ..

31 comments:

  1. මේ ඉන්නේ තවත් දක්ෂ කවි කාරයෙක්....

    කලින් මේ පැත්තට ඇවිත් ගියා..ඒත් පෝස්ට් වැටිලා තිබුනේ නැ.දැන්නම් ලියන්න පටන් අරගෙන වගේ..
    ආයෙත් එන්න ඕන නිසා බ්ලොග් රෝලටත් දාගත්තා.....
    එහෙනම් අපි ගිහින් එන්නම්..ජයවේවා සෑම් !!!

    ReplyDelete
    Replies
    1. ඉස්ටූටියි...
      වාරකන් තිබ්බා.. දැන් මූදු යනවා.. ඒකයි පෝස්ට්..

      ජය වේවා කිව්වා.
      ඒ පැතේ එන්නම්..

      Delete
  2. සුරුංගාරාත්මක කවියක් ලු ඈ...
    මේ හොටි කියන එකට සැරයි කියල දැම්මෙ ඇයි බං...
    නිකං මැගී දයිය වගේද...
    හැක්

    ReplyDelete
    Replies
    1. දයියා කියන්නෙ හොට් තමා යකු..
      මැගී තහනම්.. කන්ඩ එපා..

      Delete
  3. පරණ සැමියා ආයි තිරිහන් වෙන්වා වගේයි දැනුනේ.. ජය වේවා බොට

    ReplyDelete
    Replies
    1. තිරිහන් නෙවේ බං “තිරිසන්“

      Delete
  4. මං හිතුව කැත හිත්වලට ලියපු එකක් කියල.

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවේ එහෙමයං බං නොකිවට.. හැක්

      Delete
    2. හිකිස්...සැවටුනා නේ??

      @රාජ් - බ්ලොග් බලන්න වෙලා තියෙනවද බං? උබ දැන් රගර් ගහනව නේද?
      @දේශක - හැක්..

      Delete
  5. අදාල පාර්ශව දැනුවත් කරලද මේක දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. ඒකත් සාධාරණ ප්‍රශ්නයක්. ගෙදර ගිනි පිටට දෙනවද කීකරු ස්වාමි පුරුසයෙක් නැද්ද මං අහන්නෙ.

      Delete
    2. අනික බබා.. උංකුං

      Delete
    3. @ප්‍රසා - අදාල කොයි පාර්ශවයද බං?
      @රාජ් - ගෙදර ගිණිමද? පිට ගින්නක්ද ? බොලා කෝමද දන්නෙ ? :ඩී
      @දේශක - හැක්...

      Delete
  6. සෑම් ආපහු දිගටම ලියන්න පටන්ගත්තා වගේ.. මමත් බ්ලොග් ලිස්ට් එකට දාගත්තා, ජයවේවා ඔහොම යන්..

    ReplyDelete
  7. එල , ඔන්න සෑමා ඇවිත් . ජයවේවා

    ReplyDelete
    Replies
    1. පොවන්නද හදන්නෙ අහිංසකයට ?

      Delete
  8. සුපිරි.

    සිහින් කෙදිරිය
    මුවින් නොනැගෙන
    හැඟුම් සිරකර
    තවත් කුමටද

    උරා මා කොපුල්
    නිවා හද තැවුල්
    දරා පෙම් පැතුම්
    පෙලයි හද සුවෙන්.....

    ReplyDelete
  9. අම්මපා වනචරකම..... කොයි තරම් වනචර කතාවක් වුණත් සභ්‍යත්වයට හානි නොකර හරිම ලස්සනට ලියලා තියෙනවා... උඹ මාර කවියෙක් සෑමෝ.................

    ReplyDelete
    Replies
    1. කවිම නෙවේ බොල.. ලිව්වා නිකං...
      ස්තුතියි

      Delete
  10. ලස්සනයි බන්.. ඔන්න ඕක තමා සාහිත්තෙ කියන්නෙ. සුරුංගාරෙ උතුරනව හැබැයි ඕන තැනක කියන්න පුලුවන්.කස්ටියකට දුනුදිය අදින්නෙ තව කස්ටියකට උල්දිය දාන්නෙ මොකුත් නෑ හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මේකගේ නමේ හැටියට තමා කමෙන්ට් :ඩී

      Delete
  11. නියමයි..... ලස්සනයි.......... සුන්ගාරාත්මකයි................ වනචර නෑ.............

    ReplyDelete
  12. මෙන්න සෑමා ආයෙත් ඇවිත් ..මම හිතුවේ අර කැත හිත් වලට කියන කවියක් කියලා ...කොහොම උනත් උඹ ආයෙත් ලියන්න පටන් ගත්ත එක හොදයි මචෝ ...

    ගොවිඳුනි මේ සිරි යහනේ
    විරහී වැලහින්නකි මා...
    රතිකෙලි රමණී,
    සිහිකර පැරණී,
    යමුනා නදියද වැලපේ..

    පියයුරු මඬලේ තැවරුන දෙතොලේ
    සුවඳින් සැනහෙම් සොඳුරේ..
    හීසර මෙන් හද දවමින්
    තුරු සිදුරින් එයි සඳ කැන්
    යොවුනන් නැළවෙන මේ රෑ
    වියොවින් කැළඹෙයි රාධා..
    වස්දඬු රාවේ හඬ අනුරාගේ
    පැතිරේ දෙසවන් පෑරේ
    මද රජගෙන් ලැබ රිදවුම්
    සලෙළුන් වෙහෙසෙන මේ රෑ
    වියෝවින් කැළඹෙයි රාධා.....

    ගී පද - සුනිල් ආරියරත්න
    සංගීතය- මෝහන්රාජ්
    ගායනය - නන්දා මාලනී

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...