Friday, May 1, 2015

බලමුද මේ පාරත් වෙසක් ??


සෑමා බ්ලොග පටන් ගත්තේ 2011 සැප්තැම්බර් මාසයේය. හරියටම දාහත් වෙනිදාය. එදා පටන් ගත් බොග 2012 වසරේ දී මැයි මාසයේ වෙසක් කලාපයක් කරන්නට තරම් සරු සාර වූයේය. එම වසරේ වෙසක් සතියක් නිමිති කරගෙන ලිපි කිහිපයක් ලියූ සෑමා 2013 වසරේද වෙසක් කලාපයක් කළේය. එතැන් නොනවතී 2014 වසරේදී වෙසක් කලාපයක් ලියන්නට තරම් වාසනාවක් නොලද නිසා විලි ලැජ්ජාව වසා ගන්නට ගැලවිජ්ජා පෝස්ටුවක් දැම්මේය. එය සතියක් පුරාවට වෙසක් කලාපයක් සඳහා ලියුවක් නොවේය. එය හුදෙක් එකම එක පෝස්ට් එකක්ය. එසේම එම සෑම වසරකම පොසොන් පෝස්ට් සැට් එකක් බ්ලොග් ලොවට දායාද කළේය. 



එක දිගට ලිවීම යනු බ්ලොගක ජීව ගුණය රඳා පවතින සාධකයක් යැයි කීවේ සෑමාමය. එලෙස පොර ටෝක් දුන් සෑමාට ගිය වසරේ අග භාගයේ සිට නොනැවතී ලියන්නට වාසනාව නොලැබුණේය. ලියන්නැතිව මඟ හරිනා උන්ට ලොරි ටෝක් දුන් සෑමාට රිටන් එක ලැබුනේ එලෙසය. බුකියේ උන් ඇසුවේ ඇයි බං දැන් ලියන්නෙ නැත්තේ කියාය. එහෙන් මෙහෙන් දාන ඒවා කික් නැතැයිද කීවෝය. එලෙසම කැත හිත් ඇත්තෝ කැත හිත් සඳහා ලියනා කවිද ඉල්ලුවෝය. ඉල්ලීම් තිබුණද සෑමා අසරණව බලා සිටියේය. ලියන්නට දේවල් තිබියදී රසය මතුකොට මුදා හරින්නට සෑමා වරම් නොලද්දේය. 2014 වසරේ වෙසක් උත්සවයට ගැලවිජ්ජා පෝස්ටුවක් දැම්මද දෙසැම්බර් මාසයේ බ්ලොගක කිසිදා නොලියැවුණු වෙඩින් පෝස්ට් ටිකක් දැම්මේය. හරියටම වෙඩින් දවසේ ඔටෝ පබ්ලිෂ් වන ලෙස එම ලිපි සැට් එක සකස් කර සෑමා තනිකඩ දිවිය පල්ලියක් ඉදිරිපිටදී, පෝරුවක් මතදී උකසට තැබුවේය. සියළු කටයුතු මැද බ්ලොගද අතරමග අමතක වූයේය. විටෙක බ්ලොග් ලිපි ලෙස ලියවිය යුතු කතන්දර වාක්‍ය කිහිපයකින් බුකියේ ටයිම් ලයින් එකේ මුදා හලේය.

කොටින්ම කිවතොත් ගොනා කැරකෙන්නේ පොල් පැලය කන්නටය. සෑමාද වටින් ගොඩින් එන්නේ නැවත නොනැවතී ලියනවා කියන්නටය. මීට පෙර වරක්ද නොනැවතී  ලියනවා කියා කෙලවා ගත්තේය. මෙවර එසේ නොවන්නට වෙසක් කලාපය ආරම්භ කරමින් ලිවීම පටන් ගන්නට සූදානම් වන්නේය. බ්ලොග ආරම්භයේ සිට දැමූ වෙසක් පෝස්ට් සියල්ල මෙතැන අමුණන්නේ කියවන්නටය. කියවා ගුණ දොස් වයන්නටය.


2012 - වෙසක් කලාපය

කොයි යන්නෙද සොරකම් කරලා
කූඩුව අපි අරන් ආව පැටව් එක්කම
කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක්
නෑයෝ සහ මීයෝ හදුනාගන්න
නිමා නොවන නිමාවක්... 

2013 - වෙසක් කලාපය

බක්කෝ නැති - තොරණ් නැති - වෙසක් බලන්න එන්න...
දානයට වැට "නො"බැදීම
කුණු හබ්බ සීමා කිරීම
අනිත් උන් ගැනත් හිතන්න
බැලන්ස් කරන හැටි

2014 - වෙසක් කලාපය

අද නම් ඇරලා.. - Its Open Today !!


Written_by_sAm_ශ්‍රී_Perera_1:33pm_01/05/15 

23 comments:

  1. එහෙනං දාමුකො බලන්න වෙසක් කළාපය.

    අද ඇරල උනාට 03, 04 වහල.

    ReplyDelete
    Replies
    1. කලින් අරන් තියා ගත්තා බං..

      Delete
  2. බලමුකෝ........... ඔහොම යමුකෝ............

    ReplyDelete
    Replies
    1. සිල් රෙදි දාන් එන්ඩ දෙයියෝ...

      Delete
  3. අනේ සාදු සැමා ලියමු එල එකක් සැමා

    ReplyDelete
    Replies
    1. සැමා නෙවේ යකූ..
      සෑමා...

      Delete
  4. හැප්පි හැප්පි වෙසක් බලමුකෝ එහෙනං

    ReplyDelete
    Replies
    1. හැප්පුනාට අවුලක් නැහැ.. හේත්තු බෑ හරි??

      Delete
  5. සාදු සාදු...

    ReplyDelete
  6. හා අපිත් බලං ඉන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. බලං ඉදලා මදි ඈ.. සාධු කියන්ඩ අයයෝ සාධු කියන්ඩ..

      Delete
  7. සම්මාදම් එහෙමත් එකතු කරනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව වැඩකට අත ගහන්න බෑ නේ?

      Delete
  8. ඉස්සරහට කොහොමටත් උඹට බ්ලොග් ලියන්ඩ තමා වෙන්නෙ

    ReplyDelete
  9. දන්සැලක් එහෙම දෙන්නේ නැද්ද

    ReplyDelete
  10. දිගටම ලියහං බං, උඹ නැතුව පාළුයි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...