Tuesday, January 6, 2015

මෙත් මඟින් ලොව දිනමු.. !! - The Way to Win the World !!




නහී වේරේන වේරාණී ගාථාවෙන් කියවෙන්නේ සියළු වෛරී සිතුවිලි අත්හැර සිත මෛත්‍රි යෙහි පිරවීමෙන් ඕනෑම වෛරී සතෙකු, සතුරෙකු මර්ධනය කළ හැකි බවක්ය. එම බුද්ධ වාක්‍යය අප රටට කෙතෙකුත් ගැලපුනේද යත්, එය අප සහ ජපානය අතර මිත්‍රත්වය දැඩි කරන හේතුවක් වූයේය. එනම් ජේ.ආර් ජයවර්ධන මහතාගේ පාලන කාලයේය. ජපානය යුධ ක්‍රියාදාමයන් අතැර සාමකාමී පිළිවෙතකට විත් සදාතනිකව යුද්ධයක් ගැන නොසිතන මට්ටමකට ආවේ උක්ත වාක්‍යය ජේ.අර් විසින් ජපාන පාලකයන් හට කියාදීමෙන්ය. ජේ.ආර් ගේ එම වදනත් සමඟ ජපානයේ සිත් පැහැදී ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සම්බන්ධයන් දැඩි වූ බව නොරහසක්ය. එහිම ප්‍රථිඑළයක් ලෙස ශ්‍රී ලංකාවට ජයවර්ධනපුර රෝහලද දායාද වූයේය. එකළ එම රෝහළට ගිලන් ඇඳන් 999ක් (නිවැරදිව ගණන මතක නැත. නැවැරදි කරන්න.) ජපානය විසින් දයාද කරන්නට යද්දී ජේ.ආර් විසින් 999ක් මොකටද තව එකක් වැඩිපුර දමන්න යැයි කියා ඇත්තේය. ඒ ඇයි ලෙස ජපානය විමසූ විට ජේ.ආර්කියා ඇත්තේ එම ඇඳ ඔහුට මරණාසන්න වූ කළෙක භාවිත කළ හැකි බවක්ය. ඒ වෛරී නෙවන තැන, මෛත්‍රිය වඩන තැන ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටකට, බුද්ධ දේශණාවෙන් ලැබුණ ප්‍රායෝගික පිළිගැනීමක්ය.

මෛත්‍රි භාවනාව වැඩිය යුත්තේ සියළු සත්වයින් සුවපත් වේවා යැයි කියා සිතන ඇත්තෝද වන්නේය. එහෙත් නිවැරදි මෛත්‍රි භාවනාව වැඩිය යුත්තේ පිළිවෙලින් සියළුම සත්වයන් සිහි කරමින්ය. එය එකින් එක පිළිවෙලට ගලාගෙන යන මට්ටමක පවතින්නේ නම් වඩා වැඩි කාලයක් භාවනාවේ යෙදීමටත්, වෛරයන් දුරු කොට සිත සැහැල්ලු කරගැනීමටත් හේතු වන්නේය. 

එය හුදෙක් සියළු ලෝ වාසින්ට උතුරු දිශාවේ, දකුණ දිශාවේ, නැගෙනහිර සහ බටහිර ඇතුලු සියළු අනු දිශා දක්වාම විහිදෙන්නාවූ මෛත්‍රියක්ය. නොඑසේනම් දකුණ පමණක්, තමන්ගේ අයට පමණක් වෙන් වූ එකක් නොවේය. සියළු සත්වයෝ ජීවත් විය යුතුය. සියළු සත්වයෝ හිත් පිත් ඇත්තෝය. එක හා සමාන අයිතිවාසිකම් ඇත්තෝය. එනිසාම උතුරු, නැගෙනහිර ඇතුලත්ව දකුණු බටහිර යන සියළු දිශා අනුදිශා සහිතව අප මෛත්‍රී වැඩිය යුතුය. එලෙස මෛත්‍රී වඩන්නාවූ ඇත්තන්ට සත්කාර කළ යුතුය. එවිට අපට හටද සත්කාර ලැබෙන්නේය.

ඉතින් පසෙක වාඩිවී සැහැල්ලුවෙන් පිළිවෙලට පහත වාක්‍යයන් කියවා සියළු සතුනට මෛත්‍රී වඩන්න.
ඔබ සැමට මෛත්‍රී වේවා. වෛරී සත්වයින් මෛත්‍රිෙයන්ම සැනසේවා..

මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව..

අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා..
අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා..
අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා..
සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා..

අහං විය මය්හං – මා මෙන් ම මාගේ,

ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද,
මාතා පිතරෝ – මව් පියවරු ද,
හිත සත්තා – හිතවත් සත්වයෝ ද,
මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද,
වේරීසත්තා – වෛරී සත්වයෝ ද,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

ඉමස්මිං විහාරේ – මේ විහාරයේ සිටින,
ඉමස්මිං ගෝචර ගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින,
ඉමස්මිං නගරේ – මේ නගරයේ සිටින,
ඉමස්මිං ලංකාදීපේ – මේ ලංකාදීපයේ සිටින,
ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිව් තලයේ සිටින,
ඉමස්මිං චක්කවාළේ – මේ සක්වලෙහි සිටින,

ඉස්සර ජනා – අධිපති ජනයෝ,
සීමට්ඨක දේවතා – සීමා වාසී දෙවිවරු,
සබ්බේ සත්තා – සියලු සත්වයෝ,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්ත – තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

පුරත්ථිමාය දිසාය – නැගෙනහිර දිශාවේ සිටින,
දක්ඛිණාය දිසාය – දකුණු දිශාවේ සිටින,
පච්ඡිමාය දිසාය – බටහිර දිශාවේ සිටින,
උත්තරාය දිසාය – උතුරු දිශාවේ සිටින,
පුරත්ථිමාය අනුදිසාය – නැගෙනහිර අනුදිශාවේ සිටින,
දක්ඛිණාය අනුදිසාය – දකුණු අනුදිශාවේ සිටින,
පච්ඡිමාය අනුදිසාය – බටහිර අනුදිශාවේ සිටින,
උත්තරාය අනුදිසාය – උතුරු අනුදිශාවේ සිටින,
හෙට්ඨිමාය දිසාය – යට දිසාවේ සිටින,
උපරිමාය දිසාය – උඩ දිසාවේ සිටින,

සබ්බේ සත්තා – සියලු සත්වයෝ,
සබ්බේ පාණා – සියලු ප්‍රාණීන්,
සබ්බේ භූතා – සියලු භූතයෝ,
සබ්බේ පුග්ගලා – සියලු පුද්ගලයෝ,
සබ්බේ අත්තභාවපරියාපණ්ණා – ජීවිතයක් ලබා ගත් සියලු සත්වයෝ,
සබ්බා ඉත්ථියෝ – සියලු ස්ත්‍රීන්,
සබ්බේ පුරිසා – සියලු පුරුෂයෝ,
සබ්බේ අරියා – සියලු ආර්යයෝ,
සබ්බේ අනරියා – සියලු අනාර්යයෝ,
සබ්බේ දේවා – සියලු දෙවියෝ,
සබ්බේ මනුස්සා – සියලු මනුෂ්‍යයෝ,
සබ්බේ අමනුස්සා – සියලු අමනුෂ්‍යයෝ,
සබ්බේ විනිපාතිකා – සියලු අපායවාසී සත්වයෝ,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!!

Written_by_sAm_ශ්‍රී_Perera_11:12am_06/01/2014

17 comments:

  1. මරා ගන්න එක නවතමු, මෛත්‍රී කරමු!

    ReplyDelete
    Replies
    1. යුද්දේ දිනපු, බය නැතිව ඉන්න රටක් හදපු, කැත නැති නගර හදපු, මාර්ග පද්දතිය දියුණු කරපු. යාපනේට කොච්චි පාර, පුස්තකාලය හදපු. රට හැමතැනටම විදුලිය දුන්න. පොර්ට් සිටි වගේ ව්‍යපෘති හරහා ඉදිරියීදී රටේ ලක්ෂ ගණනකට රැකියා දෙන. අපේ නායකයා අමතක කරලා

      ඊළාම් සංකල්පය ඔලුවේ තියා ගත් TNA සහ බෙදුම් වාදී මුස්ලිම් නඩය සහ ඒවාට උල්පන්දම් දෙන රනිල්, සහ ෆෙඩරල් සිහින දකින චන්ද්‍රිකා කියන මතයට හිස නවන ඒකීය කියා ෆෙඩරල් ලංකාවක් හදන්න හදන සිරිසේන උන්නැහේට චන්දෙ දීලා ඉන්න රටක් නැතිකර ගෙන මුලින් ෆෙඩරල් වී පසුව බෙදී යන ලංකාවක් හදන්න පාර කපන්න.

      ඔබට මෝඩයෝ මෙන් පෙනෙන මෙම අදහස් දක්වන මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.
      අප කියන මගෙන් මිස ඔබ කියන මගින් සියලු ජාතීන් එකට වෙසෙන පිවිතුරු හෙටක් සහිත සුබ අනාගතයක්ක් ලංකාවට ලබා ගත නොහැකි බව ප්‍රත්‍යක්ෂය.

      සැබෑ ජීවිතයීදී ගන්නා තීරණ undo කල නොහැක. පසු තැවිලි නොවන්න ඕන නම් මහින්දට චන්දය දෙන්න

      Delete
    2. මකසි - මම උඹට මෛත්‍රී කරනව.

      Delete
  2. දිනමු දිනමු සෑම්, මෛත්‍රී කරලා ලෝකයම දිනමු. 8 වෙනිදට වැඩි වැඩියෙන් මෛත්‍රී කරන්න කියලා රටේ ජනතාවට කියමු.

    ReplyDelete
  3. කවුරු කවුරුත් 8 වෙනිදර බොරුවට අපරාදේ 'මරා' ගන්නේ නැතුව හැමෝම හැමෝටම 'මෛත්‍රී' කරමු.

    ReplyDelete
  4. ෙමච්චර දවසක් ඉන්න ඔිෙන වුණාද ෙෙමත්‍රී කරන්න

    ReplyDelete
  5. සෑම්'ස් ට්‍රික්... :)

    ReplyDelete
  6. සාපලත් සඳට තරහින් හීන වීසි කරන
    පාපලත් මිනිස් අහිනක කයිවාරු ඇහෙනවද?
    කා, බිබී නටන, රමණය ජීවිතය කියන
    පාරෙ යන සෙනඟ දෝතින් සාදු කියනවද?

    විද්ද පඳුර යට හාවුන් සින්දු කියනකොට
    දැක්ක ඇස්වලට රහසින් කදුලු උනනවද?
    පත්තු උනු උණ්ඩ දිලිසෙන සාලෙ මැද තියන
    රට්ටුන්ට ගයන කටහඬ මේච්චල් මදිද?

    ඇත්තු හති අරින මුඩු බිම ගිය නුවණ අදින
    ලත්තු බලවත්තු ඉගිලෙන නැට්ටෙ එල්ලලෙමුද?
    යක්කු සිල් ගත්තු නව ගුණ වැලේ ඇට ගනින
    ඉදි කරල පත්තු පය බරවායෙ බඳිනවද?

    - SKITZO

    ReplyDelete
  7. අම්මට හුඩු මාර කැම්පේන් එකක්නේ බොල මේක .... ක්‍රියේටිව් ඈ

    ReplyDelete
  8. මෙත් මල් පිබිදේවා

    ReplyDelete
  9. චන්ද ප්‍රචාරන කටයුතු ඊයෙන් ඉවරයි බං

    ReplyDelete
  10. අපිත් මෛත්‍රි යට කැමැතියි අනිවාර්යෙන්ම මෛත්‍රි කරන්න ඕන මෛත්‍රි පාලනයක් තියෙන්න ඕන.
    නමුත් රට බෙදන නඩය සමග මනාපේ ඉල්ලන මෛත්‍රිපාල සිරිසේන නම් අපට එපා.
    අපට ඕන සියලු ජාතින් එකට වෙසෙන එකම එක රටක්.

    මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි
    සුබ අනාගතයක්, පිවිතුරු හෙටක්.

    ReplyDelete
  11. අපි නම් මෛත්‍රීයෙන් තමයි බං කෝමත්..

    ReplyDelete
  12. හා මචං
    බොලා කොල කියල රැවටිල පාට පාට කටුස්සෙක් එක්කං වරෙල්ල
    ඊට පස්සෙ අඩ අඩ හිටින්ට වෙන්නෙ ඔක්කටම

    ReplyDelete
  13. මාත් හෙට උදෙන්ම මෛත්‍රි කරලා එනවා !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...