Thursday, October 16, 2014

නන්දේ අයිස් බකට් චැලෙන්ජ් එකට මුහුණ දෙයි.. - Nande Faced Ice Bucket Challenge !!


අයිස් බකට් නම් හමාරය. දැන් යන්නේ අමු මිරිස් චැලෙන්ජ්ය. (ෆේස් බුක් ගෘප් එක මෙතැනින්) අයිස් බකට් නාන කාලේ වත්, අමු මිරිස් කන්න පටන් ගන්න කාලේ වත් අපේ නන්දේ ගමේ නොසිටියේය. නන්දේ යනු කවරෙක්දැයි සෑමාගේ බ්ලොග බැලූ සියල්ලෝම දන්නවා ඇතිය. එහෙත් නොදන්නා අය සිටිය හැකි නිසා නන්දේ යනු කවරෙක්දැයි මෙතැනින් බලා ගත හැකිය. අපට සහ ගමටම ආතල් දුන් නන්දේ කිසිම හොරකමකට, ජඩ වැඩකට හවුල් නැතැයි සෑමා තරයේ කියන්නේය. ඔහු කළා නම් කළේ කන පාත්වෙන්නට අඩියක් ගසා සෑමාගේ වත්ත මිදුලේ කොහේ හෝ වැටී නිදා ගැනීම පමණක්ය. ඉන් නිවසට අවශ්‍ය මුරකරුවෙකුගේ සහය නොඅඩුව ලැබුණු බව කිව යුතුය. තත්වය එසේ තිබියදී ගමේ අයෙක් නන්දේට හොර ලේබලයක් ගසා ප්‍රසිද්ධ කළ නිසා නන්දේ නිදි පැදුරටත් නොකියාම ගමෙන් පිටත්ව එහා ගමට වී සිටියේය. මුහුණ පුරා වවා තිබූ “නදීක ගුරුගේ“ වැනි රැවුල කපා දමා නන්දේ එහා ගමට වී සිටියේය. මඟතොටදී සෑමා ඔහුව හමුව කතා බහ කළත් ගමෙන් පිටවූයේ මන්දැයි නන්දේ කියුවේ නැත. ඒ ගැන අසනා විටක “නෑ මහත්තයා.. නෑ..“ කියමින් මඟ හැරියා මිසක කිසිවෙකුට වචනයක් නොකිව්වේය.

නන්දේ ගමෙන් පිටවූ දා සිට එතැන ගන්නට වලි කෑවේ කුලේය. නන්දේට කලින් ගමේ උපන් එකා කුලේය. නන්දේ නම් අල්ලපු ගමේ සිට සංක්‍රාන්ති වූවෙක්ය. එසේ වුවත් කුලේට වඩා ජනාදරය දිනා ගන්නට නන්දේට කෙටි කලෙකින් හැකි වූයේ කුලේ වවන් කුහක ගති ඇත්තෙක් නොවූ නිසාය. ඒ නිසාම කුලේ සිතේ නන්දේ කෙරේ වැඩුනේ ඊෂ්‍යාවක්ය. විටක ක්‍රෝධයක්ය. එහෙත් විශේෂ කාර්යය බලකායේ සිටි නන්දේ වැනි අයෙක්ට කුලේ තම අතටවත් මදි බවත්, වැඩිහිටියෙකු නිසා ප්‍රතික්‍රියා නොදක්වන බවටත් නන්දේ දිනක් කියා සිටියේය. ඒ කුලේ නන්දේට ගසන්නට ගඩොල් ගලක් ඔසවාගෙන පැමිණි විටකය. නන්දේ නොසැලී නොබියව කුලේට හිස දී බලා සිටිනා විට කුලේ ගල උලුක් කොට ඉවත්ව ගියේය. එතැනදි නන්දේ විශේෂ බලකායේ පුහුණු ලද්දෙක් බව සෑමා සැක හැර දැනගත්තේය.

නන්දේ ගිය දා සිට, කුලේ සෑමාගේ ගරාජයට පැන්නේ නන්දේ අනුගමනය කළ ක්‍රම උපායන් අනුගමනය කරන්නටය. නන්දේ නම් සෑමා වැඩ ඇරී නිවසට ආ විගස පාර බලන්නේ, වාහනය පාර්ක් කිරීමට සහය දැක්වීමටය. එන විට ගරාජයේ නිදාගෙන සිටියද, ඔහු ක්ෂණික නැගිට සහයෝගය දී වාහනය ඇතුලට දැමූ පසු ඊට එහා පැත්තේ නිදා ගන්නේය. උදෑසන සෑමාගේ තාත්තා කඩේ විවෘත කරන්නට පැමිණෙන විට, මුහුණට පෙනෙන්නට නොසිටින්නේය. ඒ උදෑසනම තමා මුනිච්චි වේ යැයි සිතාගෙන විය යුතුය. ඒ සියළු ගති සහිත නන්දේ ගිය පසු කුලේ එම ස්ථානය ගන්නට දැගලුවේය. ගරාජය තුල නිදන්නට වූයේය. එහෙත් සෑමා වැඩ ඇරී නිවසට ආ විට ගරාජයට වාහනය දමන්නට සහයෝගයක් නොමැත. සහයෝගයක් තියා නැගිටින්නේ වත් නැතිය. තත්වය එසේ නිසා සෑමා බොහෝ අවස්ථාවල වාහනය පාර අයිනේ දමන්නේ කුලයා නිදි නිසා ඌගේ අතක් පයක් උඩින් ගොස් වාහනය ඇතුලට දමන්නට බැරි නිසාය. ඒ නිසාම නන්දේ නොමැති අඩුව ගමට වඩා දැනෙන්නට වුණේ සෑමාටය. විටෙක සෑමාගේ නිවසේ අයටය.

තත්වය එසේ පැවතුණේ කෙටි කාලයක්ය. කුලේගේ ස්ථානය නැති කරමින් නන්දේ නැවත ගමට ආවේය. ඒ පසුගිය සතියේය. නන්දේ ආ තැන සිට කුලේ ආ ගිය අතක් නොමැත. ඔහු තම අක්කාගේ නිවසේ මඩුවක නිදා ගන්නවා යැයි පැවසෙන්නේය. දහවල නම් ගමේ එහේ මෙහේ ඇවිදින්නේය. විටක කන්නේ බොන්නේද සෑමාගේ අම්මා ලබා දෙන බත් පතක්ය. නන්දේ සුපුරුදු පරිදි රෑට නිදන්නට ගත්තේ ගරාජයේය. විටක බියර් බෝතල පදම වැරදුනු විට හෝ රොකට් සැර වෙනස් වූ විට නන්දේ කෙලින්නේ පිස්සුය. එලෙස පදම වැඩි වූ මොහොතක ඊයේ රාත්‍රි යේ නන්දේ නිදාගෙන ඇත්තේ ඉහළ මාලයට නගින පඩිඩපල අවසන් වන තැන, දොර අභියසය. රැය පහන් කළ නන්දේ අද සෑමාට සහ නිවසේ අයට කියා සිටියේ මෙවන් කතාවක්ය.

“බලන්න නෝනා මම නිදාගෙන ඉද්දි වතුර බාල්දියක් වගේ එකක් ඇඟට වැටුණා..“

“ඒ කෝමද එහෙම වෙන්නේ.. මම හිතන්නෙ වැස්සට තෙමෙන්න ඇති..“

“මොන වැස්සද නෝනා.. මම හිතුවා ලාල් සර් මට වතුර පනිට්ටුවක් ගැහුව කියල..“

“ඒ මනුස්සයා මොකටද නන්දෙව එළවන්නේ..“

“නෑ නෝනා.. මේකයි කතන්දරේ.. කවුද එවුන් දෙන්නෙක් ඇවිත් මට වතුර පුරවපු බෑග් දෙකකින් ගැහුවා..“

“ඒක කෝමද නන්දෙ දන්නේ.. නිදාගෙන නෙවේද හිටියේ..“

“මට වතුර ගහපු හැටියේ මම නැගිට්ටා.. මේ තියෙන්නෙ හිස් ෂොපින් බෑග් දෙක.. පහළට ඇවිත් බලද්දි බෑග් එකෙන් ලීක් වුණ වතුර සිමෙන්ති පඩිය උඩ වැටිල තිබ්බා. මම එහෙම්මම හන්දිය පැත්තට දිව්වා.. තාර පාර දිගේ වතුර අඩි පාරවල් එහෙම්මම තිබ්බා..“

“හරි මඟුලක් නේ යකෝ.. අපේ වත්තට ඇවිත්.. එහෙම වතුර ගහල යන්න..“ ඒ අම්මාය.

“එහෙම කරන්නෙ කෝමද? මේක හරියට අපිට ගහල ගියා වගේ වැඩක් නේ..“ ඒ නම් සෑමාය.

“හරි මහත්තයා.. අද අපි බලමුකෝ.. අද තමා මම නියම අයිස් බකට් චැලෙන්ජ් එකට මූණ දෙන්නේ..“

හවස් ජාමයේ නන්දේ ගේ කතාව අහවර වුණේය. සෑමා නන්දේගෙන් ඇහුවේ අද මම රෑට ඇලර්ට් එකේ ඉන්නද කියාය. නන්දේ කිවේ, පිස්සුද මහත්තයා මම බලාගන්නම් වැඩේ කියාය. සියල්ල අවසන සෑමා ඩොංගලය ගසාගෙන බුකි ගත වූයේ සිද්ධිය අමතක කරමින්ය. ඒ අතර අපේ ගමේ හර්ෂයා (ධර්මේ ලෙස අනුවර්ථ නාමයකින් හර්ෂගේ කතාවක් ඉස්සර ලියැවුණේය.) චැට් එකට සැට් වුණේය.

හර්ෂ - සෑමා මොකෝ වෙන්නේ??

සෑමා - ඉන්නවා මචං..

හ - අඩෝ ඊයේ අපි මාර සැපක් ගත්තා..

සෑ - මොකෝ කළේ..

හ - බෆලෝයි, මමයි, මධුරංගයයි සෙට් වුණා..

සෑ - ෂික්.. අපි නැතුව??

හ - අහපංකෝ.. උබලගේ පඩිපෙලේ උඩ නිදං හිටපු ඩයල් එකට අපි වතුර පාරක් ගැහුව යකෝ..

සෑ - *කනවා.. යකෝ ඒ නන්දේ බං හිටියේ..

හ - නන්දේ කියන්නේ/?

සෑ - ඇයි බං උබලෑ දන්සලේ එනවුන්සිං පාර දුන්නේ...

හ - &කනවා.. අපි හිතුවේ කුළේ ඉන්නෙ කියලා.. ඒත් ලඟට ගියාට පස්සේ ඌ නෙවේ වගේ.. ඒත් ආපු එකේ ඔන්න ඔහේ ගහලා ආව බං.. අවුලක් නෑනේ..

සෑ - හුකෑස්.. පොර සීන් එකේ ඉන්නේ.. උබලට කෙලී යකෝ..

හ - මායි, බෆයි, මධුවයි ඊයේ මාර ආතල් එකක් ගත්ත ඕයි.. අපි අම්බලමටත් ගියා කුලයව හොයන්න ඌ හිටියේ නැහැ. එතන පැටී හිටියා ඌවත් නාවල තමා උබලගෙ ගෙවල් පැත්තට ආවේ.. කුලේ කොහෙද බං නිදා ගන්නේ?? මට ඌට තමයි දෙන්න ඕනේ පාර...

පලි - මා දැන් කළ යුත්තේ හර්ෂයාව, නන්දේගෙන් ගලවා ගැනීමට නිහඩ සිටීම පමණකි.

Written_by_sAm_ශ්‍රී_Perera_12:21am_16/10/14

61 comments:

  1. හෙක් හෙක්...
    මේ කතාව නන්දයා හොරෙන් හරි කියවත්වා....
    හිහි...
    නන්දේ සෑමාටද පොඩියට හීනි ආතල් එකක් දෙනවා සුවර්ය...
    අරුං දෙන්නාට නං මක්ක වේ දැයි හිතන්ට වත් බෑ ය

    ReplyDelete
    Replies
    1. මොක වුනත් නන්දෙ පව් බං..

      Delete
  2. කිසිම ගතියක් නෑ..

    ReplyDelete
  3. ඕන දෙයක් වෙන්න හර්ෂයව නන්දයට අල්ලල දියන් බං..

    ReplyDelete
    Replies
    1. තව බ්ලොග් පෝස්ට් එකක් ඕනෙ නම් එහෙම තමා මම කරන්නේ :ඩී

      Delete
  4. Replies
    1. කොලු කාලේ කරන වැඩ නොවැ !

      Delete
  5. දැන් අපිට තියෙන්නේ නන්දෙට ගින්න දෙන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. අන්න බ්ලොග් පෝස්ට් එකක් :)

      යකූ ගින්න දෙන්නෙ අරුන් ඇවිත් වතුර ගහලා නිවයි කියලද?

      Delete
  6. Replies
    1. වතුරද එපා කිව්වේ??

      නාන්න එහෙම බයයි නේ??

      Delete
  7. යකෝ මේ විදිහට ඇඳේ නිදාගෙන ඉද්දිත් මොකෙක් හරි ඇවිත් නාවලා යයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. //මොනවැයෙන්ද?//
      හොද ප්‍රස්නයක්

      Delete
    2. සිරාවට මෙැනැවයින්ද?

      අඩෝ මේ ප්‍රියා එදා සයිබරේදි දකිත්දි මම හිතුවා හොද අහිංසක කොලුවෙක් කියලා..
      මූ බ්ලොග් නිසාද මන්දා වල් වැදිලා..

      Delete
  8. ඔයවගේ මිනීමැරුමක් ගැනත් මම කියෙව්ව. දෙන්න මාරුවෙලා කරපු

    ReplyDelete
    Replies
    1. ඒ බං අර මිනුවන්ගොඩ රෙස්ටුරන්ට් එකක බිබී හිටපු අහිංසකයෝ දෙන්නෙක් මරපු එක නේද.ඒ සීට් දෙකේ කළින් ඉඳගෙන හිටපු උන් දෙන්නවයි මරන්න ඇවිත් තිබ්බේ.වෙඩි තියන්න ආපු උන් මිනිස්සු අඳුනන්නෙ නෑ.උන්ට කියල තියෙන්නෙ අහවල් මේසෙ ඉන්න උන් දෙන්නට වෙඩි තියපල්ලා කියල.වෙඩි තියන එකා එන ටිකට ඒ දෙන්න මේසෙන් නැගිටල ගිහිං වෙන දෙන්නෙක් ඉඳගෙන තිබුනලු.අපරාදෙ අහිංසකයෝ දෙන්න වෙඩි කෑවා.බලපංකො දෛවය කියන්නෙ මහා පුදුමාකාර දෙයක්.

      Delete
    2. මම ඔයවගෙ එකක් අහල තියෙනව බොන තැනකදි ප්‍රසිද්ධ චන්ඩියෙක්ගෙ නමක කියව මිනිහත් එක්ක හිටපු යාලුවව අනිත් සීකට අදුන්වල දිල.එතන එහා මෙසෙ හිටීකා අනිත් පැත්තෙ එකෙක්ට කොල් එකක් දිල අහවලා මෙතන ඉන්නව කියල එකෙන් මම හිතන්නෙ හතරක් මැරුන. එ රෙස්ටුරන්ට් එකෙ මැනජරුත් එක්ක.

      Delete
    3. හපොයි.. රෙස්ටුරන්ට් වල බොන්නත් බයයි දැන් නම්..

      ඔව්.. මම පාරෙ ඉදන් බොනවා..

      Delete
    4. ඇයි මේ ලඟදි තෙලවල කොන්ඩෙ කප කප හිටපු අහින්සක කොල්ලෙක් මැරුවෙ. මරපු එකාව තාම අල්ලලත් නෑ.

      මාත් වතුර ගහල පොළිසිත් යන්න උනා, ඒ ගල්කිස්සෙ කෙල්ලොන්ට. xරි ත්‍රීවීල් කාරයො සෙට් එකක් අපිව අල්ල දුන්න. හවස ගෙදර ඇවිත්, පහුවෙනිද ඉඳල එක එක ත්‍රී වීල් කුඩු කරා වෙන වෙනම උන්ගෙ ගෙවල් හොයල, මොකද ගැන්සියම ඉන්නෙ පාක් එකේදි විතරනෙ.

      වැරදි වැඩ තමයි, ඒත් ඒ ලෙවල් කියන්නෙ අපේ උණට ලඟින් යන උනුත් වෙව්ලන කාලෙනෙ.

      Delete
  9. නන්දෙගෙ ටැලිපෝන් නම්බර‍යක් වත් නැත්ද බං? ඔත්තුව දෙන්න! :D

    ReplyDelete
  10. අහිංසක මනුස්සයින්ගේ නින්දට බාද කල ඒ අමනයින්ව තරයේ හෙලා දකිමි, ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. ඕ යේස්...

      නින්ද නම් මටත් මාර විදියට වටිනවා..

      Delete
  11. හිටහන් මං පැට්‍රොල් වියදන් කොරගෙන හරි ගිහිං, නන්දෙ හම්බෙලා කියනවා මේක සෑමාගේ අන්තර්ජාතික කුමන්ත්‍රණයක් කියලා. හු හු

    ReplyDelete
    Replies
    1. ඒ පැට්‍රෝල් ටික හලලා අරුං දෙන්නව ගිණි තියමු !!

      Delete
    2. තුන් දෙනක් ඉන්නවා, දෙමු ගේම,,,,,

      Delete
    3. මමත් එනෝ...ඉවර වෙලා බෝතලයක් ගහමු.
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    4. බයිට් එකට වඩේ

      -බ්‍රෑන්ඩ් එක ඕන දෙයක් -
      -ස්තුතියි නැවතත්-

      Delete
    5. එලද බ්‍රා.. මාත් එමි.. !!

      Delete
  12. තොගේ ගෙදර ගේට්ටුව ඕන එකෙකුට open කරගෙන එන්න පුළුවන් එකක්.....ද.....
    නෙදකින් ....උඹේ කාලකන්ණි යාලුවෝ..........
    අපේම සෙට් එකේ එවුන්ට එල විහිළුවක් කලත් අපි......,
    උන්ට කියහන්........ඕව කැරි වැඩ කිව්ව කියල.......... මම........

    ReplyDelete
    Replies
    1. අපි යකෝ ජනතාව වෙනුවෙන්, තාප්ප, ගේට්ටු නොදා ජීවත් වෙන උන්.. (නැත්තං තෝ කියන්නේ ගේට්ටුව ඇරගෙන කඩේට එන්න හදන්න කියලද?)

      උබ ඊටත් වැඩිය කැ% යෙක් නේ බ ං.. ඒම කේලම් කියනවද?

      Delete
  13. අඩෝ හම්ව කුමණ්ත්‍රණ හොඳේ..

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ තරු දදා ලියන්නේ...!!!!

      Delete
    2. උඩ එකේ අකුරු වැරදුනා බොල. :D

      Delete
    3. ************************

      ^ ඔක්කොම වැරදුනා බං..

      Delete
  14. නන්දෙට හරි අසාධාරනයක්නේ බං වෙලා තියෙන්නේ.
    උඹ නන්දෙට සීන් එක කියන්න යන්න එපා, බ්ලොග් එක පොඩ්ඩක් බලන්න කියපන්
    ඒ ඇති...

    ReplyDelete
    Replies
    1. නන්දෙට බොග දුන්නොත්, මට ගමේ ඉන්න බැරුව යනවා බං...

      Delete
  15. එක සැරයක් අපේ යාළුවො සෙට් එකක් බයික් දෙකක ආවා මහ රෑක කඩවත. එකක පිටිපස්සෙ ගිය එකා ෂර්ට් එක ගළවලා නිකං පිටේ දාගෙන හිටියෙ. පස්සෙන් ආව බයික් එකේ ආව උං අර ෂර්ට් එක ඉස්සුවා. උස්සලා අරුංව ඕවටේක් කරලා විදලා ඇවිත්, කඩවත ටවුමෙ හිටිය හිඟන්නෙක්ව ඇහැරවලා අර ෂර්ට් එක ඌට දුන්නා.

    ReplyDelete
    Replies
    1. නැහැ මචං බ්‍රා දීලා නැහැ... ටී ෂර්ට් දීල තියෙන්නේ..

      Delete
  16. සෑමෝ....නන්දයාට ඇත්ත කියපන්...වැරදීමක් කියලා පහදලා දීපන්. නන්දෙලා වගේ පොරවල් ඒ වගේ දේවල් තේරුම් ගන්නවා. මොනවා වුනත් උඹ මීට පෙරත් නන්දේ ගැන ලියලා තියෙන නිසා,,,මම නන්දෙලා වගේ පොරවල්වලට හරි කැමතියි.

    ReplyDelete
    Replies
    1. පොර නම් තේරුම් ගනී මචං..ඒත් අපෙ අම්මා තේරුම් නොගනී..

      අරුන් දෙන්නට අපේ පැත්තෙ එන්න නොලැබයෙි.. :((

      Delete
  17. මේ දවස්වල මාර චැලේන්ජ් ගොදක්නේ තියෙන්නේ . :v :v

    ReplyDelete
    Replies
    1. අභියෝග මැද බං ජීවත් වෙන්නේ...

      Delete
  18. පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න අහිංසකයොන්ට කරදර කරන එවුවො නම් මට පේන්න බෑ. මනුස්සයෙක්ට කරදර කරල ලබන්න පුළුවන් මොන විනෝදයක්ද. උඹට උන් ආයෙ හම්බ උනාම මතක ඇතුව කියපන් අපි ඒ වැඩේට බැන්න කියල.

    //ගඩොල් ගලක්//

    උඹට කියන්න මචං, ගඩොලයක්, ගඩොල් කැටයක් වගේ යෙදුමක් ඇරෙන්න ගඩොල් ගලක් කියල කෙනෙක් කියනව මම මේ දැක්කමයි.


    //සෑමා බොහෝ අවස්ථාවල වාහනය පාර අයිනේ දමන්නේ කුලයා නිදි නිසා ඌගේ අතක් පයක් උඩින් ගොස් වාහනය ඇතුලට දමන්නට බැරි නිසාය//

    ඒ කියන්නෙ උඹ හැමදාම ගෙදර එන්නෙ සූර් පිට. ඒ ඩිංගට ඕක ඇතුලට දමාගන්න උඹට වැඩේ ෂුවර් නෑ. :)

    ReplyDelete
    Replies
    1. ගඩොල් ගල කියල මම පොඩි කාලෙ ඉදන් කියල තියෙනවා බං..

      යකූ මට සූර් නෙවේ අරූට සූර් හැමදාම..

      Delete
  19. සෑමාගේ උපදෙස් පරිදි කරන්නා වූ දැනුම් දීමයි....

    සෑමාගේ කොම්පියුටර් යන්තරයේ ‘හු‘ අකුර නොවදින බැවින් ඒ වෙනුවෙන් අවස්ථා කිහිපයක දී * , & වැනි සංකේතයන් යොදා ඇත..

    මීට
    කුගැගීප

    ReplyDelete
    Replies
    1. මල &ත්තයි.. &යන්න වැදිල නැද්ද?

      Delete
  20. නන්දෙ පව් බං, උබ අනිත් දවසේ නන්දෙව නිදාගන්න යනකොට කාමරේට එක්ක පලයන් .. එතකොට ඔය එක එකාට ඇවිත් වතුර ගහලා ආතල් ගන්න බැහැනේ ..

    ReplyDelete
    Replies
    1. උබ බැන්ද නේද යකූ.. තවත් නිදාගන්න උන් හොයන්නේ??

      Delete
  21. නන්දෙට අහු වුනොත් නිදි කරවයි අරුන්ව. කොහොමත් බං අනෙක් විහිළු වගෙ නෙවෙයි, මනුස්සයෙක් ගෙ නින්ද එක්ක විහිළු කරන එක නම් හෙන අවුල්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් පව් සීන් එක තමා බං..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...