Sunday, October 12, 2014

නැති වූ ජොකා නැවත හමුවෙයි.. (2) - Found the Lost Thing !!! (2)


නැති වුණ ජොකාගේ කතාව (මෙතැනින්) ලියන්නට ගොස් අසා ගත් කතන්දර අනන්තය. ලැබූ කමෙන්ට් දැක බඩ දඟලන්නේය. ජොකාගේ ඉතිරිය ලියා දමනවාද මඟ අතෑර දමනවාද  කියා කොමඩ් එක මතදී සිතන්නට වූයේ සෑමාය. එවිට බොගක් පෂ්චාත් භාගයෙන් මදක් දුර ගොස්ය, එහෙත් කොමඩ් එකට පහත් වූවා පමණක්ය. එවන් බොගක් ඇතුලට ඔබා ගැනීම වැනි වැඩකට නැති යමක් කරනවාට වඩා, කොමඩ් එක මතට පතිත කිරීම පහසුය. පුක හැර ගිය බොග නැවත ඇතුලට ඔබා ගැනීම වැනි වැඩක් කරපු එකෙක් ලොවෙත් නැතුව ඇත. එසේ නම් කොටසක් දැමූ බ්ලොගක්, ඉතිරිය නොදා පතිවත රැක ගන්නට යන තරම් අවැඩක් ලොව කොහේ තිබෙන්නේද? කෙහේවත් නැතිය. ඉදින් කතාවේ ඉතිරිය මෙතැන් සිට ලියැවෙන්නේය.


ජොකා එබූ ෂොපින් බෑග් එක අතට ගත් සෑමා කල්පනා කළේ ජොකා මෙතැනට ආවේ කොතැනින්ද කියාය.

එදා සෙනසුරාදා දවසක්ය. උදෑසන හාෆ් ඩේ එක වැඩ කළ යුතුය. හවස ගෙදර යා යුතුය. හාෆ් ඩේ නම් එලෙස විය යුතුය. එහෙත් මීට මාස 6කට පමණ පෙර එදින උදෑසන වැඩ අහවර සෑමා ගොස් ඇත්තේ රාගම පැත්තේ බ්ලොග්කරුවෙකුගේ නිවසටය. එහි උදෑසන සිට කාලය ගත කර තිබුණේ තවත් ප්‍රසිද්ධ බ්ලොග්කරුවන් පිරිසක්ය. සෑමා උදෑසන වැඩ අහවර කර එහි යන විට මිතුරන් පිරිස දහවල ආහාරයද රැගෙන තවත් බොහෝ දුර ගොස් සිටියෝය. මිත්‍රයාගේ නිවස ඉදිරිපිට සිට සෑමාව ඇතුළට රැගෙන යන්නට දෙතුන් දෙනෙක් ආවෝය. ඔවුන් සිටියේ බොහෝදුර ගොස්ය. ක්ලබ් එකක් ඇතුලට එකෙක්ව බලෙන් රැගෙන යන ආකාරයෙන් පිරිස සෑමාව ඇතුලට ඔබා ගත්තෝය. එතැන් සිට ඔවුන් සහ සෑමා අතර දුර නැති කිරීමට සෑමාට වහා ක්‍රියාත්මක වන්නට සිදු වූවා මතකය. උදෑසන ආහාරය මඳ වූ නිසාත්, දහවල ආහාරය පමා වෙන නිසාත් ඒ අතරට වැටෙන ලෝදිය තරමක් බරපතල බව සියළු ලෝක සත්වයෝ දන්නවා විය යුතුය. එහෙත් සෑමා සිටි මහපොළොව සහ මිතුරන් සිටි චන්ද්‍රයා අතර දුර ඇසිල්ලකින් වෙනස් කළ හැකි බව දත් සෑමා වහා ක්‍රියාත්මක වූයේය.

සියල්ල නිසි ලෙස සිදුවූයේය. මිශ්‍ර නොවිය යුතු දෑ මිශ්‍ර වූයේය. සීමාව මායිම සොයා වෙහෙසෙන්නට කළක් නොවූයේය. නොගැලපෙන ගීත, නොගැලපෙන තාල, සහ නොගැලපෙන නර්ථන අතර සෑමා මහ පොළොව සහ අහස අතර දුර මනිමින් සිටියේය. මිතුරන් දහවල ආහාරය ගනිද්දී සෑමා හදේය. හිදගෙන සිටි අසුනින් නැගිට ගත්තේ බොහෝ වෙලාවකට පසුය. නැගිට ගන්න හැකිය. නමුත් ඇසෙනා දේවල් දුර සිට ඇසෙන්නටත්, තමා පවසන දේ තෘවුරතාවය අඩුවෙන් ඇසෙන්නටත් වූ නිසා සෑමාගේ හඬ වැඩි වූයේය. ඇසෙනා හඬ අඩු වූයේය. ඒ අතර ඝෝෂාවය. ස්කයිප් කෝල්ය. බ්ලොග් කළබලය. කාපු බීපු උන් පිටත් වූවෝය. කන්නට තරම් හයියක් නොමැතිව සෑමා වත්ත පහළ වෙල අද්දරට ගොස් කොක්කු ගණින්නට, වූයේය. අප මිත්‍ර බ්ලොග්කරු සෑමා අසල සිටියේය. ගෙදර යන්නේ කෙසේදැයි සිතා ගත නොහැකිව සෑමාට දුරකථන ඇමතුමක් ආවේ මස්සිනාගෙන්ය. ජාඇල සිට පොර ගෙදර බලා යන බවත්, සෑමා කොහේ සිටින්නේදැයි ඇසූ විට සෑමා කීවේ උබ මහබාගෙට වරෙන්, මම ගෙනිහින් දාන්නම් කියාය. ඌව ගන්නටත් සෑමා රාගම සිට මහබාගෙට යා යුතුය. කාලය ගත වෙනවාදැයි නිච්චි නැත. ලොවම නැවතී ඇති බවක්, කාලාන්තරයක් ගෙවුනා හා සමාන බවක් සිතට දැනෙන්නේය. ඒ බව හොදින් දැනුනේ අප මිත්‍රයාගේ ඇද මත හිඳ වෙල දෙස බලාගෙන කබරයෙක් ගේ හිස අතගෑ විට පෙනුනු කට්ට කළුවර නිසාය.

ඇස පියවෙන, හැරෙන හැගීමෙන් තොර මොහොතක සෑමාගේ දුරකථනය නාද වූයේය. සෑමා තම අත දිග හැර එය තම බ්ලොග් මිත්‍රයා අත තැබුවේය. ඔහු දුරකථනය එසවූවා මතකය. මොහොතින් හුරුපුරුදු කටහඩක් බ්ලොග් මිතුරාගේ නිවසේය. ඒ වන විටත් මිත්‍රයා සෑමාගේ මස්සිනාව නිවසට කැඳවාගෙන විත් තිබුනේ රාගම සිට මහබාගේ දක්වා ගිහින්ය. ඇතුලත කාමරයක සිටි සෑමාට සාලයේ සිදුවන දෙබස ඇසෙන්නේය.

මල්ලි කොහෙද හිටියේ..

මම ජාඇල හිටියේ..

හොඳ වෙලාවට මල්ලිව සෙට් වුණේ මූට යන්න විදිහක් නැතුව හිටියේ..

මටත් එච්චර ඩ්‍රයිවින් බැහැ.. ඒත් ෂේප් එකේ යන්න පුලුවන්..

අවුලක් නැහැ.. ලයිෂන් තියෙනව නේ..

ඔව් ඔව්.. ෂෙප්.. ලයිෂන් තියෙනවා..

මල්ලි මොනව හරි කනවද? සෑමා කෑවෙත් නැහැ..

බත් නේද?? අවුලක් නැහැ කමු...

සෑමා ඇතුලේය. ඇතුලේ එකාට මොනවා වූවාදැයි නොබැලූ මස්සිනා එළියේ කෑම කන්නේය. වෙන එකෙක් තමන්ව රවටා නිවසකට රැගෙන ආවේදැයි වත් නොසිතා බත් එක ගිලදැමූ ඔහු කාමරයට පැමිණ සෑමා ඉන්නවාදැයි නොබැලුවේය.

මල්ලි ඩෙසර්ට් ගන්න..

අයිස් ක්‍රීම් ටිකක් විතරක් ගන්නම්..

මොහොතකින් මිත්‍රයා සහ මෂ්සිනා කාමරය ඔලුව දැම්මෝය.

සෑමා නැගිටපං..

මට විනාඩි දහක් ඇලවෙන්න දියන්..

යකෝ උබ දැන් පැය දෙක තුනක් ඇලවෙලා..

මස්සිනා.. යමං යමං.. මම ඩ්‍රයිව් කරන්නම්...

හරි හරි පොඩ්ඩක් හිටපල්ලා..

හරි.. වරෙන් වොෂ් එකක් දා ගන්න.. වොෂ් එකක් දැම්මම හරි යයි..

හරි බං.. විනාඩි දහයකින් දාමු..

නෑ නැ වරෙන්.. හිටපං මං ටවල් එකක් අරන් එන්න..

ටවල් එක රැගෙන නැගිට ගත් සෑමා වොෂ් එකක් දමන්නට ගියේය. ඊට පෙර දොට්ට යා යුතු බව පවසමින් දොට්ට ගියේය. ඉන්පසුව වතුර නිදහසේ වැටෙන්නට දී මහ වැස්සක් යටට වී සිටින්නාක් මෙන් නිසොල්මනේ සිටියේය. ප්‍රේකෂකයන් දෙපොල මහා බර කතාවකට වැටී සෑමාට උපදෙස් දෙන්නට වූවෝය. සියල්ල අවසන සෑමාව ඔබාගත් රථය නිවෙස බලා පැමිණියේය. ඒ කෙසේ පැමිණියේදැයි සෑමාට මතක නැතිය. පදවාගෙන ආ මස්සිනා දක්ෂ රියදුරෙකු නොවන නිසාම සෑමා දෙනෙත් පියාගෙන සිට වරින් වර ඔහු කොහේ යන්නේදැයි විමසා බැලුවේය. සපුගස්කන්ද හරහා බියගම පාරට වැටෙන ෂෝට් කට් එකෙහි මඟ මහා ප්‍රපාතයක් සමඟ වංගුවක්ය. එතැනදී මස්සිනා හඬ අවදි කළේය.

අඩෝ මෙතැනින් කෙලින්ම නේද?

නැහැ බං වංගුවක් තියෙනවා..

නෑ යකෝ පාර ඉවරයි..

හෙමින් පලයන් දකුණට වංගුව..

හු^%$ යකෝ කෙලින් ගියානම් පත වලක්..

ඒක තමා යකෝ කිව්වේ.. හරවපං කියලා..

එම ජවනිකාවෙන්ම සෑමා සිහියෙන් සිටි බවට මස්සිනා තවමත් පිළිගන්නේය. එහෙත් සිදුවූ සියල්ල තැනින් තැන හිස්ය. ඒවා පිරවීමට දවසක් කල්පනා කළත් ලොවෙත් බැරිය. නිවස කිට්ටුවදී සෑමා මස්සිනාගෙන් ඉල්ලීමක් කළේය.

මචං ගෙදරට යන්න කලින් පොඩ්ඩක් නවත්තලා මට විනාඩි දහක් නිදා ගන්න දියං..

හරි දැන් වෙලාව මෙච්චරයි.. උබ නිදාගනින්.. මම විනාඩි දහයෙන් කතා කරනවා..

නැගිටපං.. දැන් හරි..

අඩෝ විනාඩි දහයක් ගියෙ නැහැ...

පිස්සුද බං විනාඩි පහලොවක් ගියා.. දැන් යමං..

අතරින් පතර හිඩැස් ඇතිව, සියල්ල සෑමාට මතකය. එහෙත් නැති වූ ජොකෙක් ඩිකියෙන් මතු වීමෙන් මතකය අලුත් වූයේය. එදා ජලස්නානයේදී හැදගෙන සිටි ජොකා අප මිත්‍රයා අතින් පාර්සල් ගත වී ෂොපින් බෑගයකට බැස, සෑමාගේ ඩිකියේ සැඟවී මෙහි පැමිණ ඇත්තේය. එහෙත් එය හමුවූයේ මාස කිහිපයකට පසුව වීම, මතකය අලුත් කරමින් බ්ලොග් එකක් ලියැවීමට හේතු වූයේය.

සෑමාගේ අවවාදය - ජොකා නොමැතිව බාර් ගත වන්න...


Written_by_sAm_ශ්‍රී_Perera_10:24pm_12/10/14

57 comments:

  1. මොන මගුලක්ද යකෝ, කියවපු අපිටත් නිකන් වෙරි වගේ මේ මළදානෙ කියෝල

    ReplyDelete
  2. බොරු නොකියා ඉදපන් කොහොමද එහෙම ජෝක්කු පාර්සල් ගත වෙන්නේ! උඹ සමූහ දුෂණයකට ලක් උනා නේද?

    ReplyDelete
    Replies
    1. //උඹ සමූහ දුෂණයකට ලක් උනා නේද?// +++++++++++++

      අන්න ප්‍රශ්ණෙ! මටත් ඕකම ඇති උනා. :D

      Delete
    2. කොච්චර උනත් දුෂණය කරපු උන් ටික හොද උන් ටිකක්, නැත්තන් ජෝකා එවයිද පාර්සල් කොරලම.

      හේ... හේ.... හේ....

      Delete
    3. උං ඉන්න පැත්ත පළාතකවත් ඒක තියාගන්න බැරි තත්වෙට පත්වෙලා තියෙන්න ඇති බොල.

      Delete
    4. නාඩියා - උබත් ඉතිං දොඩං ඇටේ වගේ ඉදගෙන පැහෙන්න හදනව නේ..

      ප්‍රියා - උබත්..

      නිමෝ - පාර්සලේ අරන් තිබ්බා බර්ත් ඩේ එක කියපං එවන්නම්..

      අ-ප්‍රසා - වත්තේ එල්ලුවා මචං.. මදුරු කරදරේ අහවරයි..

      Delete
  3. අම්මෝ.. පට්ටම පට්ට ඔයි.. ලොල්..

    ReplyDelete
  4. මමනම් හිතුවා වෙලා ඇත්තෙ ඕක තමා කියල.
    උඹට වැද්දා මතකද.බිවුවොත් ඉතින් උගෙ ජොකා යන්නෙත් පාර්සල් වෙලාම තමා.ඌත් බිවුවොත් නානවා.

    ReplyDelete
    Replies
    1. අඩෝ.. වැද්දා මට ලඟදි කෝල් කලා.. ආගිය අතක් නැතුව හිටපු එකා එක පාරට කෝල් කරලා මචං මම “වැද්දා‘ කියද්දි පට්ට කික්.. :))

      මම ඌ එක්ක අඩියක් ගහන්න සැට් වෙලාම නැහැ බං.. :(

      Delete
  5. පලවෙනි එකත් කියවලා එන්නම් ...ජොකාව පාර්සල් කරන්න හැක්

    ReplyDelete
  6. ඒ හිස් තැන වෙච්ච සිද්ධියක් හින්ද ජොකා ඩිකියට ගියා වෙන්න බැරිද? :D

    ReplyDelete
  7. ජොක් කතා වස්තුව නිමියේ ය !! :)

    අර වංගුව ගැන විස්තරේ කියවද්දි නම් මටත් නිකන් වෙරි වුනා වගෙ.

    ReplyDelete
    Replies
    1. ඈ බොල අපැහැදිලි වගේ ද?

      Delete
  8. මට පෙනෙනා ආකාරයට අර හිස්තැන් වලදී බරපතල කාරනා රැසක් සිදුවී ඇත. මූට ළඟ නමන්නට දී ඩෝප් කිරීම සංවිධානාත්මකව සිදුවූ දෙයක් බවට මේ වන විට ආරංචි ලැබෙමින් පවතී. ඊට පසුව ජොකා පමණක් නොව සියලු වස්ත්‍රද ගැලවුන බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

    ReplyDelete
    Replies
    1. ඔහු සමඟ එකට මත් පැන් පානය කෙරූවෙකු ලෙස ඇසින් දුටු සාක්ෂි මා සතුව ඇත.

      ඡායාරූප අටමා සතුව ඇත

      අපගේ ආරක්ෂාව පිලිබඳ සහතික වන්නේ නම් ඉදිරිපත් කිරීමට කැමත්තෙමු !!!!!

      Delete
    2. -- රහසින් (සෑමාව බ්ලැක් මේල් පාරක් දාන්න තියෙන චෑන්ස් එක.)
      හරි හරි.... අපි සහතික වෙනවා බොලන්ලගේ ආරක්සාව. බය නැතිව ඉදින්.

      Delete
    3. ඔය ඉන්නෙ. පත්තරේ දැම්ම වගේ දීහං මල්ලි.

      Delete
    4. අ ප්‍රසන්න- අඩෝ කවුද බොට ආරංචි මාර්ග දීපු එකා.. උගෙ ගුද මාර්ගෙන්ද ආරංචි මාර්ග ලැබුනේ..

      ප.මල්ලි - අඩෝ එකට බීලා කලින් පැනලා ගිහිල්ලා.. අටමා විතරයි කබරෙ දාද්දි දෝතින් කබරයාව අල්ල ගන්න හිටියේ.. මරු යාලුවෝ..

      නිමෝ - උබේ ආරක්ෂාව ගැන හිතල හිටපං පුතා..

      Delete
  9. අනිත් එවුන්ට ලංවෙන්න බොන එක ප්‍රවේශමෙන් කරන්න ඕන වැඩක් සෑමෝ. මොකද තැපෑලෙන් වදින ටිකටත් ඉඩ වෙන් කරල තමයි වැඩේ කරගන්න වෙන්නෙ. නැත්තං සොරි තමයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට මචං ඒකනෙ කෙළ වුනේ...

      Delete
  10. යකෝ ඡොකා නැතිවුන එකවත් හම්බවුන එකවත් නෙමෙයි ප්‍රශ්නේ බිලා ගිහින් කරදරයක් වුනානම්..

    ReplyDelete
  11. සෑම බීලද නාලද...
    අලේ මං දල්ලෑ අලේ...
    අර නාඩි කියනව වගේ වැඩක් වුණාද දන්නෙත් නෑ...
    හෙක් හෙක්

    ReplyDelete
  12. ඈ බං අර වංගුව ගත්තු විදිහට මම හිතුවෙ උඹට නෙමේ වෙ‍රි, උඹෙ මෂ්සිනාට කියලා.!! තව නූලෙන් උඹට ජොකා විතරක් නෙමේ නැති වෙන්නෙ. :D

    ජොකෙක් ගිය දුරක්! නේද බං? :D

    ReplyDelete
    Replies
    1. උබත් ඒ වෙලාවේ වාහනේ ඇතුළෙද හිටියේ.....!!

      -- ජෝකා කොහෙද බන් දුර ගියේ, ඒකා වැදගත් විදියට ඩිකියෙනේ හිටියේ. :P

      Delete
  13. මූ නිකං මතකයි වගේ ලියලා ..අර මිතුරු බ්ලොග් කරුවාට ටෙලිෆෝන් කරලා අහගත්තු දේවල් ටික , අනේ යකෝ... උඹට ෂුවර්ද කාර් එකේ ගියේ උඹලා දෙන්න විතරයි කියලා

    ReplyDelete
    Replies
    1. ඉවානෝ මමත් ඒකම තමා කල්පනකොලේ, මුට කොහොමද මේ තරම් වත් මතක කියලා.
      රාගම ඉන්න බ්ලොග්කරුවාව අමතලා වැඩි විස්තර දැනගන්න ඕනේ. මෙව්වා රටක් වටින කතා යකූ.....!

      Delete
  14. ඈ... බං සෑමො,
    උබ දුර පරතරය නැතිකොරන්න ගියාද, නැත්තන් ලෝක විනාසේ කියල හිතලා අරක්කු බිව්වද? සික් බන්...., අපිට නම් ඔහොම බොන්න බෑ. ඇත්තමයි.

    හරි කියහන්, දැන් කොම හරි ජොකා ඩිකියට අපු විදිය මතක නෑ.
    උබට මතක නැද්ද, නැත්තන්.... එක්කෝ ඕනේ නෑ........

    ReplyDelete
    Replies
    1. අටම්පහුරOctober 9, 2014 at 8:17 AM

      නොදකින් මූසලය තෝ ඔය ජොකා දැන් අදින්ඩද යන්නේ , වල්ල කුනුවෙලා වැටෙයි යකෝ , අප්පිරියෙල් මාසේ නේද උඹ අර බීල වැඩිවෙලා නාගන එහෙම ජොකා අතේ අරන් ගෙදර ගියේ , උඹ ඇදුම් මාරුකරනකොට ගත්ත ලස්සන පොටෝ කෑල්ලක් තියනව දාන්නෙයි , හැබැයි ඒක දැක්කහමනං හිතෙනව උඹ මොකට ජොක්කු අදිනවද කියල . හෙන චුට්ටන්නේ බං

      ඔය ඉන්නෙ ඕකට සම්බන්ධ එවුවො තමයි.

      Delete
    2. හයියූ.......!! අනේ කාලේ වනේ වාසේ....!!
      මේ ඇත්තෙයි සෑමෝ. (0 o 0)

      Delete
    3. සහතික ඇත්‍ත..

      අයි විට්නස් - ඕ යේස්

      Delete
    4. නිමෝ - උබ බොන හැටි මම නොදන්නවෑ.. මචං මම කඩවත.. අපි සැට්වෙමුද කියල අහපු ඩෑල් එක මම වෙන්නැති..

      එක්කෝ ඕනේ නෑ හරිය කියපං කෝ.. :ඩී :ඩී

      ප්‍රසා - උබ හිතනවද අටමගෙ අර පෝං කට්ටෙන් මහ කළුවරේ ගහන පොටෝ පේනව කියල. ඌ ඔය ජුන්ඩි ජොකා කියන්නේ පොඩි කෙලී මැජික් පෙන්නන්න හිතං හිල් කරපු උගෙ පරණ ජොකෙක් ගැන. මූ පාර්සල් කලේ ඌවද දන්නෑ මොකද මම බලන්නැතුව විසික් කරල දැම්ම නේ..

      ප. මල්ලි - විට්නස් දෙන්න උබ කොයිද ඒ වෙලාවේ. කලින් මාරු වුණා නේද?

      Delete
  15. හෙක් හෙක් ජෝක් කතා.

    මට මතක් වෙන්නේ මම තුමා කැම්පස් එකේ රග වෙනකොට වෙච්ච අසරණ භාවය, මම තුමත් ජෝක්කු බැලන්ස් කලාට එක ජෝකෙක්කේ පශ්චාත් භාගයේ තඩි මෝටාර් පාරක් තිබුනා, අහෝ මොකක්ද එකක ඉරකි තිතකි, එදා උන්ට අහු වුනේ මම.මගේ අසරණ භාවය දුටු එවුන් අපේ උන්ට කිව්වේ පහුවෙනිදා සත පනහා ගානේ එකතු කරලා කොටුවෙන් මට ජෝක් අරන් දෙන ලෙසය. බකට් එක දවසේ කිව්වත් වගේම මම තුමාට කිරි කිරි ජෝක් තෑගී හම්බ උනා.

    මම හිතුවේ බොලා අර පශ්තාත් බාගෙට වෙඩි කාපු දවසේ අනුමත වෙලා ගඟේ නාල එහෙම්මම ජොකා පාර්සල් ගත කරලා කියලා. හෙක් හෙක්. කතාවට ප්‍රවිෂ්ට වෙච්ච විදිය නම් වලල පට්ට. හෙක් හෙක් ඉලත් නැහැ :D

    සෑම් අයියා මේ දවස් වල ටීවී එකේ යන ජෝක්ස් ඇඩ් එක කොහොමද? සර්ට ඕනා කොටට ගහන්නද? නැත්තන් කොටුවට ගහන්නද?

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම කලින් කියහන්, මෝටාර් පාරක් කන්න උබ කොහෙද ගියේ කියලා......!!

      Delete
    2. හෙක් හෙක් එක මේ කාලයත් සමග හෝදන කොට වැදිච්ච මෝටාර් පාරක් නුල් ගැලවිලා, පසු කාලීනව තරමක් විසාල වෙලා :D.

      එක සැරයක් පිනාත් ගැහුවා ගහපු පාර ජෝකාගෙන් යන්න. හිතන්නකෝ පාරේ සැර.

      Delete
    3. උබේ පශ්චාත් බාගේ ඉතුරු උනාද බන්???

      Delete
    4. ඩිකියක් නෑ නෙවැ.. මුගේ මොඩල් එක හැච්බැක් :D

      Delete
    5. අෆ්ෆට සිරි,,,, කොට මොඩල් ලග පිකප් නොවැ....!! :P

      Delete
    6. සොමියා - උබ මචං අසරණ බාවය පෙන්නලා ජොක්කු තෑගි ලද කොල්ලෙක් එහෙනම් ;)
      කස්ටිය හිතල කමෙන්ට් දාල තිබ්බ පුකට වෙඩි තිබ්බ සීන් එකේම ජොකා අහිමි වුණා කියල :))

      ඉස්ටූටියි.. ප්‍රවිශ්ටෙට ප්‍රසංසා කළාට..

      නිමෝ - යකූ මූට ජොකා ගැන කිව්වම පට්ට ගැටළු නේ...

      ඈ සොමියෝ පුක පැලුනේ නැද්ද කෝටු පාරට. මූ මාර බඩුවක් නේ.. ජොකා පැලෙනවද බං කෝටු පාරට??

      ප.මල්ලි - මුගෙ පුක දැකල තියෙනවද උබ?

      Delete
  16. මුගේ කාර් එක සෙල්ෆ් ඩ්‍රයිවිං !!! ඕ යේස්,

    කාලකට වඩා ගහපු ගමං ඔටෝපයිලට් දාල ගිහෑකි !!!

    Ex - 2014 - 03 - 21

    ReplyDelete
    Replies
    1. එදා මස්සිනා එන්න ඇත්තේ කාර් එකත් වෙරි නිසා වෙන්ඩෑ....!!

      Delete
    2. හුකෑස්.. දන්නෙම නැහැ ගෙදර බං...

      Delete
  17. ඔය ජොකා සිහිවටනයක් විදිහට රාමු කරල බිත්තියෙ ගහගනිං... :3 :3

    ReplyDelete
  18. සෑමෝ උබ තාම යහතින් නේද බං...?

    ReplyDelete
  19. යකෝ අර කලින් එකේ එක එකලා මුට කියපුවා මදි වෙලාද මන්දා තවත් කොටසක් ලියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ සෑමගේ හිතේ අමාරුව හොදවෙන්නත් එක්ක උබත් මොනා හරි පදයක් හදහන්.....!!! :ඩ්

      Delete
  20. ඔන්න මමනම් අකුරක්වත් කියෙවුවෙ නෑලු ඈ.... ඇස් පියාගෙන බැලුවෙ... >_<

    ReplyDelete
    Replies
    1. ඇස් පියාගෙන හරි උබ බැලුවනේ....!!!

      Delete
  21. ඉස්සර ජොක් කතා ලිව්වේ කකා... දැන් පෝලිමේ දෙන්නේ සැමා...

    ReplyDelete
  22. ඔය ජොකා උඹේ කාරෙකේ අරන් ගිහින් නිතරම අතගාපං.. හැක්..

    ReplyDelete
  23. මේ කතාවෙන් ඒත් කියවෙන්නේ නෑ ජොකා ඔතනට ගියේ කොහොමද කියන එක. මේක එක තියරෛයක් විතරයි. උඹව ඒලියන්ලා පැහැරගෙන කාර් එකේ ට්‍රන්ක් එක උඩ තියාගෙන anal probe එකක් දැම්ම වත්ද?

    ReplyDelete
  24. අඩෝ සෑමෝ තොට හොද වැඩේ අපිට නොකිය සැට් වෙනවට.. තොට ඔහොම වෙලා මදි... අටමගෙන් රූපරාමු ටික ඉල්ලගෙන තොට පෝස්ට් කරල එවනව ගෙදරට... දෙනව නලීන් අයියට පත්තරේට දාන්න කියල...

    ReplyDelete
  25. උබ දුර නැතිකරන්න ගිහින් අන්තිමට පහුකරගෙනත් ගිහින් වගෙ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...