Tuesday, April 22, 2014

සයිබර් ෆෙස්ටිවල් එකෙන් කතා දෙකක්... - Two Stories From the Fest !!


සයිබර් ෆෙස්ටිවල් ගැන ලියා වැඩක් නැතිය. ලියන්නට ඕනෑ හරිය සහ දමන්නට ඕනෑ පොටෝ රැසක් ජංජාලයේය. ඒවා ඩවුන්ලෝඩ් කරන්නට සේව් කරන්නට ලැප් එකේ ඉඩත් නැතිය. හාඩ් එකේ වැලේ වැල් නැත්තට නැති කර ඒවා සේව් කරන්නට ඉඩ ලබා ගැනීම හෝ කළ යුතුය. සයිබර් ෆෙස්ටිවල් අතරතුරදී ඇසුනු, සහභාගාගී වූ දෙබස් / සිදුවීම් කිහිපයක් මෙසේ සටහන් තැබීම සුදුසු යැයි සිතමි.

දැයෙන් සමුගන්නා තරියා සහ රජා

කකාගේ තට්ටය පැලීම

කනා මුට්ටියට පොල්ලෙන් ගසන්නට ගොස් කකාගේ තට්ටය පැලුනා නොව. මාතර පැත්තේ ගොස් තට්ටය පැලුනු කතාවක්ය. කකා එදින පැමිණ සිටියේ OBEY යැයි තඩි අකුරින් ගැසු තොප්පියක් දමාගෙනය. උදෑසනම කොස්වත්තේ ෆුඩි සිටියට ගොස් වැට් 9 දෙකක් දමාගත් කන්නන්ගරගේ බාර් එක අසල සිටියදී කකාව සැට් වූයේය. ඒ පොත් මිටියක් අත තබාගෙනය.

කකා - ආ.. මේ ස්..ස්..ස්...

සෑම් - ඔව් සෑම් තමයි..

කකා - කවිද කියවන්න කැමති.. කතන්දරද??

සෑම් - කතන්දරකාරයෙක්ගෙන් කවි පොත් ඉල්ලන එක හරි නැහැනෙ.. කතන්දර පොතක් දෙන්න.

සුමිත් අයියාට දුන් පොතේ “ප්‍රහාරය කෝ“ කියා ලියූ කකා නැවත හමු වූයේ කොට්ටා පොර කෙලින තැනදීය.

සෑම් - මොකෑ මේ Obey කියල තොප්පියේ ගහගෙන, Obey the Rules ද? 

කකා - නැහැ. මම මේක දාන්නෙ මගෙ තට්ටෙ පැලුන නිසා.

(ලොකු ජෝනා, කස්සා සහ වටේ සිටි උන් සිනානොවී තද කරගෙන සිටි බවක් දක්නට ලැබුනේය.)

සෑම් - ඇහ්?

කකා - ඔව්.. ලඟදි මාතර ගියා එහෙදි රස්නෙට මගෙ තට්ටෙ පැලෙන්න ගත්තා. ඉතිං මම මේක පාවිච්චි කරනවා එදා ඉදන්.

හිසෙන් තොප්පිය ඉවතා ලා තට්ටය පෙන්වමින් කකා කියද්දි, සෑමාට මතක් වූයේ වතුර නැතිව වියලී යන විට පැලෙන මැටි පොලොවය. ඇත්තටම කකා හමුවීම සතුටක්ය. 

ලොකු ජෝනා කියුවේ එය පෝස්ට් එකක් දැමීමට තරම් සිද්ධියක් කියාය.

චන්දන, රූපවාහිනිය, සහ ෆැක්ස් එක

රූපවාහිනි රාත්‍රී ප්‍රවෘත්ති සඳහා බ්ලොග් අවකාශය පිළිබද තොරතුරු ලබා දීමේ රාජකාරිය වැදි චන්දන මහතා විසින් කෙරෙනා බව දැන ගත්තේ මේ සිද්ධියට පසුවය. වීඩියෝ කිහිපයක් එම ආයතනයට යවා චන්දනයා බරටම තොරතුරු ටික කොළයක ලියනවා සෑමා දුටුවේය. එයට ඔළුව දමා අකුරු වල පැහැදිලිකම උපරිම නිසා සහ ශරීරගතව තිබූ ඇල්කොහොල් ස්වල්පය නිසා එතැනින් ඉවත්ව ගියේ සෑමාය. එම සිද්ධිය අමතකව ගියේ දහවල් කෑම ගෙන ගෙදර යන්නට උත්සාහ කළ නිසාය. කෑම එනතුරු ඒ මේ අත දිව්වද පමා වෙන නිසා ගෙදර යන්නට සිත හදා ගත්තෙමි. එවිට ඉදිරියට දිව ආවේ ප්‍රදීපයියාය. “මල්ලි උබ ගෙදර යනව නේ මේක ෆැක්ස් එකක් ගහගෙන පලයන් රූපවාහිනී සංස්ථාවට“ මෙවන් වැඩ භාරගත්තද අමතක වන බැව් ෂුවර්ය. ප්‍රදීපයියා කීවේ 2ට කලින් දාපන් කියාය. ඒ ලිපියත් රැගෙන පඩිපෙල නැග්ගේ උදේම වැට් බෝතල් දෙකක් ගන්නට සෑමා සමඟ ෆුඩ් සිටි ගිය කන්නන්ගරයා හමුවන්නටය. එතැන බෝතල් කුඩුය.

“මචං මම යනවා..“

“අඩෝ කලින්ම යනවද??“

“ඔව් බං මේ ප්‍රදීපයා ෆැක්ස් එකක් ගහන්න දුන්නා.. ඒකත් ගහගෙන යනවා..“

“මොකක්ද බං ඔය..“

“මේ රූපවාහනියට දාන්න ඕනෙ එකක් ලු බං..“

“*කනවා... මේක තාම තෝ ලගද??“

“ඔව් බං මට මේ දැන් දුන්නෙ..“

“යකෝ චන්දනයගෙ හිතේ ඒක ෆැක්ස් කරල කියල. ඌ රූපවාහිනයෙ එවුන්ටයි, වටේටම බනිනවා, ෆැක්ස් එක දැම්මා ආවෙ නැද්ද කිය කිය..“

“ඉතිං බං දැම්මද කියල හොයල බලල උන්ට කියන්න එපෑ..“

“මොන කල්පනාවක්ද යකෝ.. දැන් ඕක යවල පැයකටත් වැඩී. උබ ඒක උස්සන් මෙතනටම ඇවිත්.. අනික මම මූගෙන් ඇහුව යැව්වද කියල.. ඌ කිව්වා මම වැඩේ ලස්සනට කරල තියෙන්නෙ කියල...“

“ඔය කරන්නේ මචං ලස්සනට..“

දෑත දුගු කර පෙන්වූයේ බරටම සෙට් වෙන චන්දනයාවය.


බුද්ධදාස ක්‍රීඩාංගනයට ඇතුලු වූ තැන සිටම පිටත්ව යන තුරුම අපට සිනාසෙන්නට දහඩිය වැඟිරූ අයගේ සිනහව දුටුවෙමු. ගම්පහ ගෙට්ටුවෙන් ඒ දහඩියේ රසයද දැනී ඇත්තෙක් වන නිසා වැඩි දෙයක් කියන්නට නැත්තේය. සුපුරුදු ස්තූතිය පුද කරන්නේ ඊට ආදේශක වෙනත් වචන නැති නිසාය. එහෙත් ඒ වචනයට වඩා දෙයක් මේ කටයුත්තට කැපවූ සියළු දෙනා අතර බෙදී යන්නේය.

නැවතත් ස්තූතී !!!

Written_by_sAm_ශ්‍රී_Perera_9:34pm_22/04/14

පලි -


74 comments:

  1. බොලා සයිබර් ෆෙස්ටිවල් ගැන රස කතා දානවා. අවේ නැති අපිට දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. නොදැක සිටි බොහෝ අය හමුවූවා.

      අපරාදේ එන්නට තිබුනේය !

      Delete
  2. කකා ගේ තට්ටේ නම් සුන්දර තට්ටේ තමා!

    ReplyDelete
  3. කකා මගනුත් ඇහුවා තොප්පි දාන්නෙ ඇයි කියලා; මම කිව්වා ඒ මගේ ID එක කියලා. කොහොමත් තට්ට කාරයෝ තොප්පි දැම්මෙ නැත්නම් සොරිම තමයි.

    ReplyDelete
    Replies
    1. හිස් වැසුමද?

      කොන්ඩය නොමැතිව හිස් වූ තට්ටය වැසුමද?

      Delete
    2. සුමිත් තට්ටයෙක් නෙවෙයි නේද?

      Delete
    3. සුමිය වහන්නේ හිස :)

      Delete
  4. " සතුට යනු බොහෝ දෙනෙකුට රිසි සේ සතුටුබ්වන්නට ඇවැසි මං පෙත් තනා දී ඒ විඳිනා සතුට දෙස බලා සිටීමයි "
    ( නලීන් දිල්රුක්ශ )

    උඹ ගැන ආඩම්බරයි යාලුවා !!!!!!!!!!!
    මේ මගේ ස්තූතිය උඹ ඇතුලු දාඩිය හලපු හැම එකාටම ..


    ReplyDelete
    Replies
    1. උඹේ එකම මමත් කියනව පත්තරේ කස්ටියට.....

      Delete
    2. ගුටි කන්න සැට් කරන්න එපා බං. අපිට මෙදා සයිබර් ෆෙස්ට් එකේදි දාඩිය දැම්මෙ රස්නෙට මිසක් වැඩ කොරලා නෙවෙ. ;)

      කැප වෙච්ච සැට් එකක්ම ඉන්නවා නම් වශයෙන් නොකිව්වට...

      ජය !

      Delete
    3. ඕ යේස් කෙන්ජි මාමා .සුදුස්ස්සාට සුදුසු තැන..දාඩිය හලපු උන්ට උත්තමාචාරය.!!!

      සෑමා..ප්‍ර්දීප් වත් අමතක කරන්ඩම බෑ නම් වශටෙන් නොකීවට..සාමූහික ජයග්‍රහනයක්

      Delete
    4. මම එක නමක් වත් කිව්වෙ නැහැ බං. අනිත් උන්ට වෙනසක් වෙයි කියල :)

      Delete
  5. නියමයි නේ..

    ReplyDelete
  6. ඒ ලිපිය තාම උඹ ගාවද හික්ස්..!!!

    ReplyDelete
    Replies
    1. අමතක වෙන නිසාම එලියට බැස්ස හැටියෙ දැම්ම බං..

      Delete
  7. සම්බන්ද උන පළවෙනි උත්සවේදිම ඇත්තටම කාලෙකට නොවිදි සතුටක් වින්දා.… ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ මේ වගේ මිතුරන් රැසක් මැද සතුටු උන පළමු අවස්ථාව කියලා බය නැතිව කියන්න පුළුවන්.

    එතනට එත්දි පොඩි සබකෝලයක් තිබුනත් ගේට්ටුවෙන් ඇතුල් වෙත්දි ඔක්කොම නෝමල් උනා.
    සෑම් සමා වෙයන් මම හිතන් හිටියෙ උඹ ටිකක් ආඩම්බරකාරයෙක් කියලා. ඒත් කතා කරපු වචනෙට දෙකට හදුන ගත්තා උඹෙ නිහිතමානිකම.

    පෝස්ටුවකින්, කමෙන්ටුවකින් පමණක් හමුවන බ්ලොග් කරුවන් රාශියක් හැබහින් හදුනා ගැනීමට අමිල මෙහෙයක් කල ඒ වෙනුවෙන් වෙහෙසුන සැමටම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එවලෙ බයට බං කතා කලේ. උබ කනා මුට්ටි ගහන පෝලිමේ නෙ හිටියෙ. පොල්ල අරන් කෙලිය නම් එහෙම ;)

      අඩෝ තව කවුරු ඔහොම හිතන් ඉන්නවද දන්නෙ නැහැ...

      Delete
    2. කොහ්ද බං අපිට චෑන්ස් දුන්නයෑ රජා පැනපු ගමන් කෙළියනෙ මුට්ටියටම. :)

      ඒක නම් කියන්න දන්නෑ මචෝ. ඒත් මම නම් උඹව හරියටම හදුන ගත්තා උඹත් සිරා බොක්කක් බව. :)

      Delete
    3. ඕකා ආඩම්බර කාරයා තමයි , එවෙලී බීලා හිටියේ ..එකයි උඹට නිහතමානී වගේ පෙනුනේ ..හිකිස්

      Delete
    4. මූ ආඩම්බර කාරයා තමයි.. අපි නොදන්නවයි සෑමා ගැන..

      Delete
    5. @ප්‍රියා - උබ මුට්ටියට කෙලින්න ඉන්නකොටම මම කිව්ව නේද පෝලිම යන්න කලින් එකෙක් කෙලිනව කියල. බාර් එක ලග සැට් වෙන්න කලින්ම එකෙක් කිව්වා අන්න ප්‍රියා හිටිය කියල. එවලෙ ඉදන් බොලාව හෙව්වෙ..

      @ඉවා - මචං මම කුනුහරපත් දන්නවා.. අහන්න ආසද?

      @දින්නා - ඉතාලි කුනුහරපත් ටිකක් දන්නව බං..

      Delete
    6. හා එහෙනම් කියපංකෝ බලන්න..

      Delete
  8. මරු මරු...

    මටත් සන්තෝස කකා ගේ තට්ටේ බලාගන්න බැරි උන එක ගැන තමා..

    ReplyDelete
    Replies
    1. ඇකුරු හරියට ලියපං දේශකයා..

      බලාගන්න නෙවෙයි "පලාගන්න" ලෙස නිවැරදි විය යුතුයි

      Delete
    2. @පත්තර මල්ලි ++++

      Delete
    3. ඇත්තටම යකෝ මං ලිව්වේ සන්තෝස කියල තමා..

      Delete
  9. කකාගේ ආනන්දේ තමයි ඉස්කෝලේ පොත හම්බ උනේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් එක මහින්දෙ තමා ඉස්කෝලෙ නේද?

      කකා ආනන්දෙ කියන එක කපලා.. සිව් වසරක් මරදානේ..
      පොත අත උඩ.. කියවන්න ඕනෙ සැනසිල්ලෙ..

      Delete
  10. ආවනං කෂ්ටියත් එක්ක සෙට් වෙන්න තිබුණ.
    ඊගාව පාරවත් බලමු.

    ReplyDelete
  11. සිහින උළෙල සැම් ගේ ඇසින් මරු..

    ReplyDelete
    Replies
    1. බොඳවූ ඇසින් දුටිම් !

      Delete
  12. කකා ගේ තට්ටෙ බලා ගන්න තිබුණා අව නම් හික්

    ReplyDelete
  13. හප්පේ..හැම බ්ලොගයකම තියෙන්නෙ සයිබර් සිහිනය සිත් රැදි දේමයි. :-) ඉර්ෂ්‍යා හිතෙනව අප්පා.

    ReplyDelete
    Replies
    1. ආවනම් දුක හිතෙන්නෙ නැහැනෙ.

      අඩේ සයුරු තරණය කරන් එන්න වෙනව නේ..

      Delete
    2. එකනෙ ළමයො අවුල..මං සයුර තරණය කරන් එන කාලවල කවදාවත් ඕව නැහැනෙ. :-(

      Delete
    3. ගොඩක් අය අවුරුදු නිවාඩුවට ලංකාවට එන නිසා තමා ඒ දවස් වලම මේක තියන්නේ. මෙයා අවුරුද්දටවත් ගෙදර එන්නෙ නැද්ද මන්දා :)

      Delete
  14. පුක කොහෙද හඳ කොහෙද???
    මූට තාම වෙරිද කොහෙද...

    ReplyDelete
    Replies
    1. වැරදිදි බොල තොපි පෙන්නන්නෙ හඳ
      එතකොට එක පුලියේ..

      Delete
  15. සෑමාගේ බක්මහ උළෙල විස්තරය වෙනස් ආතල් එකක්. සංතෝශයි උඹලා විනෝද වෙච්ච එක ගැන.

    ReplyDelete
    Replies
    1. අපිට සන්තෝසයි ඔයත් අපිත් එක්ක විනෝද වෙන්න් එකතුවනු එක ගැන

      Delete
    2. අරූ ආවෙ නැනේ..

      Delete
  16. සෑම් මල්ලි .. අර අසරන කෙල්ලගෙ සැත්කමෙන් පස්සෙ මොකද උනේ කියල හොයල අපිට කියනවද ?

    ReplyDelete
    Replies
    1. යශෝධා දැන් ලංකාවට ඇවිත්. සැත්කම සාර්ථකයි. ඇවිදීමට ටිකක් කල් යයි කිව්වා. ෆෙස් බුක් එකේ ඇගේ පොටෝ දාල තිබ්බා.

      https://www.facebook.com/Yashodha.88?fref=ts

      Delete
  17. එන්ඩ බැරි වීම ගැන දුකයි බං...

    ReplyDelete
  18. වල්ල පට්ට .... ඈ හ්හ්හ්හ්...

    ReplyDelete
    Replies
    1. තරියගෙ එකද? රජාගෙ එකද පට්ට?

      Delete
  19. කෝ අපිටත් එන්න බැරි වුනා නොවැ.....:(

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ.. කතා කරන්න එපා බං..

      Delete
  20. යකෝ එන ගමන් චන්දන අයිය මටත් කිව්ව නිවුස් එක යැව්ව කියලනං. යනවද කියල බලාගන්න විදිහක් නැතුව අපේ ගෙදර එකෙක්ට කියන්නලු ජාතික රූපවාහිනී නිවුස් බලන්න කියල. අපේ ගෙදර මොකා නිවුස් බලන්නද :/

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මේ තියෙන්නේ කතාවේ රසකාරකය.. :)))

      ධනා මට බොලා සැට් වුනෙ නෑනේ... :(

      Delete
  21. කොහෙද උබල අපිත් එක්ක වැඩිය බජනෙට ආවෙ නෑ නෙ...

    ReplyDelete
    Replies
    1. පල යන්න උබ ආවෙත් නැහැ.

      Delete
  22. හොඳ වෙලාවට උඹ වේලාසන ගියේ නැත්නම් තව මේ පොස්ට් එක දික් වෙනවා ... හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. බැන්දට පස්සේ මුගේ පොස්ට් එන්න එන්න කොට වෙනවා ... :D

      Delete
    2. ජෝනා හොදම හරිය බං මිස් වුනේ. මීට පස්සෙ දවල් වෙලාම එන්නෝනි..

      @ඉවාන් - පෝස්ට් කොට කර කලින් නිදා ගන්නෝනි බං..

      Delete
  23. මටත් ඊර්ෂ්‍ය ාහිතෙනවා සයිබර් උළෙල ගැන.

    ReplyDelete
  24. මං සෑමා එක්ක කොට්ට පොර ගහන හිටියේ ,කොහෙද මූ බෑ කීවනේ

    ReplyDelete
    Replies
    1. උබ බය වුනානේ..

      වැව් ඉස්මත්ත තමා පට්ට සැපක් දුන්නෙ. මූ කිව්වා අඩේ මම ජිවිතේට ගහල නැහැ ඒ නිසා යන්නෙ නැහැ කියල
      පස්සෙ මම දැක්කා අම්බානක කනවා...

      Delete
  25. ඇයි සෑමා උඹ අපි එන්න කලින් ගියේ ?

    ReplyDelete
    Replies
    1. කලින් දවසෙ ඉදන් අටමාට කෝල් කලා බං නෝ ආන්සර්. උදෙත් එහෙමයි.
      ඉවාන්, වැව් ඉස්මත්ත, දෙන්නම හිටිය. මම උන්ට කිව්ව උබල එන එකක් නැහැ කියල යන්න ගියෙ..

      අටමා සියල්ලට වග කිව යුතුය.

      Delete
  26. මැලේසියාවෙ අවුරුදු උත්සවය 27 ඉරිදා සවස 3 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙනවා...මැලේ රාළගේ ජන නැටුම සහ තවත් විශේෂාංග රාශියක් බලන්න හැකි වේවි. සෑමො උඹත් බලහං...

    ReplyDelete
  27. අලේ මංද අලේ... මේ පාර නිවාඩු දුන්නෙ නෑනෙ.... ඊළග පාර වත් එන්න බලනව... ඒකත් වෙයිද මංද

    ReplyDelete
    Replies
    1. එකපාරක් වත් සැට් වෙලා නැති නිසා එනවා හොදයි..

      Delete
  28. අලේ බොලොගෙන් අයින් වෙලා ඉදලා ආයිත් වැඩ අල්ලන කොට කස්ටිය සැට් වෙලා, දුක කියන්නෙ බත්තරමුල්ලෙ ඉදලත් එන්න බැරි උන එක චෑක් විතරක්, එන වාරෙවත් බලමු.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...