Monday, April 14, 2014

බනිස් කෑම තහනම් කළ යුතුය.. - No Competition for Buns Please !!



මුද්දරස්පලම වැනි ඩොට් එක මැදට තබා
හොඳ හැටි රවුම් හැඩවන්නට ගෙඩි පුම්බා
නියමෙට රස්නෙ හින්දා හුලනුත් පිම්බා
බනිසක් කාල බොන්නට ඇත්නම් කුරුම්බා


තරඟෙට කියා පෝලිමෙ කස්ටිය හිදුවා
බනිස එල්ලුවා ලණුවක විනිසුරුවා
මුදලට කඩේ ගොස් බනිසක් කෑවා
නම් හොද කියලා විටකදි සිතුවිලි ආවා


එක දෙක තුන කියා මම ගැනගෙන යද්දි
ඔහෙලා දුවලා ගොස් බනිසක් කද්දි
අත් දෙක පිටු පසින් සිරවී තියෙද්දී
තරඟය කෝම වේදැයි අත්පුඩි දෙද්දී


අවුරුද්දට කියා පොඩි සැපතක් ගන්න
අත්පුඩි මැදින් තෑගිත් අරගෙන එන්න
සිතුවිලි හදාගෙන තරගෙට ඉඩ දෙන්න
අල්ලපු ගෙදර අක්කා පිටියට පැන්න


එක දෙක තුන කියා විනිසුරු කෑ ගෑවා
අක්කලා සැට් එකම දිව ගොස් දණ ගෑවා
ලණුවෙ එල්ලිලා බනිසක් විසි වූවා
අත් නැති නිසා අසු වූ බනිසක් කෑවා


අල්ලපු ගෙදර අක්කා කන කොට ලෙසට
එහා පැත්තෙ අක්කා ආවේ මැදට
එල්ලෙන බනිස අල්ලා ගන්නට බැරිව
විකුවා සැරෙන් කිරි එන්නට ගල් බනිස


එල්ලෙන විටක බනිසක එල්ලී කෑම
අත්දෙක ගැට ගසා සරණක් නැති වීම
හෙල්ලෙන නිසා තරමක් අපහසු වීම
සරල තර්කයකි එය පිළගත යුතු වීම


තරඟය පිටින් දා මෙහෙමත් පලි ගැන්ම
හොඳ නැහැ නේද විටකදි අනෙ රිදවීම
බනිසක් තදට විකලා හපලා කෑම
තහනම් කළ යුතු නොවෙද ?
මෙහෙමත් අවුරුදු කෑම
*
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
*

66 comments:

  1. ඔය තරඟෙට ඉන්න බොට බැරිවුනාද බං.අපරාදෙ නේද.

    ReplyDelete
    Replies
    1. අඩේ.. අපි හිටියනම් වඩාගෙන කන්නෙ...

      Delete
  2. බනිස් වල ලොකු අකුරෙන් "බනිස්" කියලා ගහපල්ලා ..

    නැත්තං අහිංසක කොල්ලො හිරේ යයි !!

    ReplyDelete
    Replies
    1. මැද මුද්දරස් පලම නිසා අදුන ගන්න බැහැනෙ බං..

      Delete
  3. හෙහ්, තරගෙට කලින් බනිස මොන වගේද කියලා පෙන්නලා හිටියනම් හරි.. නැත්නම් ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඒකත් සාර්ථක ක්‍රමයක් !

      Delete
  4. හෑහ්.... දෙන්නටම එක බනිසයිනෙ, ඒක වෙන්නැති අවුල... හැබැයි උඹ කියන අක්කගෙ අත් දෙක ගැටගහලා නැහැනේ...

    ReplyDelete
    Replies
    1. අඩේ අත ගැටගහලත් නැතුව මේකි කුපාඩි කමක්ම තමා කරන්නෙ...

      Delete
  5. මරු පිංතුරේ මේක මං කොහේ හෝ දැක්කා දවසක්. උඹේ කවි ටිකත් පංකාදුයි මලයා

    ReplyDelete
    Replies
    1. ටැංකූ වේවා !

      පොටෝ එක නම් මට ආපු මේල් එකක්...

      Delete
  6. හපොයි..
    කෑයුතු බනිස කුමක්ද, නොකෑයුතු බනිස කමක්ද යන්න සංවිධායක මණ්ඩලය විසින් තරගයට පෙර පෙන්වා පැහැදිලිකල යුතුයි.....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සංවිධායක මණ්ඩලේ වරද මගෙ හිතේ.. ;)

      Delete
  7. අහිංසක බනිස් ගෙඩි බේරනු වස්,
    වහාම ක්‍රියාත්මක වන පරිදි මින් ඉදිරියට පැවැත්වෙන සියලුම අවුරුදු උත්සව වලින් බනිස් කෑමේ තරගය ඉවත් කල යුතුය.

    ReplyDelete
    Replies
    1. එක්කෝ බනිස මොකක්ද කියල තෝරල බේරල දෙන්න එපෑ !

      Delete
  8. ඇස් බැඳලා නෑනේ අත් බැන්දට :D මේක මේ වෙන සීන් එකක් :D :D මරු කයිය :v

    ReplyDelete
    Replies
    1. ඇස් නො-බැන්දත් බනිසම කන කැත බලපං..

      Delete
  9. 20 වෙනිදට සෑමට බනිස් කන තරගෙට ඉන්න දෙන්නෙ නෑ :D

    ReplyDelete
    Replies
    1. බනිසක් හොයාගෙන හරි කනව බොල..

      Delete
  10. හොරි බනිස් එල්ලුවොත් කට්ටිය වැඩි වෙයි.

    ReplyDelete
  11. මැද මුද්දරස් පලම තියෙනා බනිස් කන්නට අපිද මනාපයි

    ReplyDelete
    Replies
    1. සල්ලි වලට හරි කන්න බැරියෑ!

      Delete
  12. බනිස් කෑවම ප්ලේන්ටියකුයි ගෝල්ඩ් ලීෆ් එකකු‍යි දීපං

    ReplyDelete
    Replies
    1. ++++++++++ පට්ට කමෙන්ට් එක යකෝ +++++++++++

      Delete
    2. නැත්තං ඒ වැඩේ කිසි පිලිවෙලක් නෑ නේද බං ????

      Delete
    3. සැනසිලි තෑගි කියලා තරඟෙට ඉදිරිපත් වෙච්ච හැම එකාටම දෙන්න කියමු.

      Delete
    4. සැනසිලි තෑගි කියලා මුදුරස්පලම මැදට තියෙන බනිස් දිගටම කන්න දුන්නනං හරි.

      Delete
    5. අනේ බං විදානෙ... :-D

      Delete
    6. සංවිධායක මණ්ඩලය දැනුවත් කරපල්ලා...

      Delete
  13. කවි ටික නං ශෝක්. හැබැයි කලින් තරම් වල් වෙලා නෑ. බැන්දට පස්සෙ සෑමා වෙනස් වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. ඌ නං කියන්නෙ වයිෆ්ට තියන ගෞරවේට් කියලා.. ඔය පඩත්තල කොල්ලො නං කියන්නෙ බයට කියලා බං .. හිහ් හී

      Delete
    2. කැළණිය පට්ටිවිල පැත්තෙ ‘වයිෆ්ට ගෞරව කරනවයි‘ කියන්නෙ බං, අපේ පැතිවල ‘ගෑණිට බයයි‘ කියන එකට...

      Delete
    3. @ඩ්‍රැකී @පත්තර මල්ලි
      ඒක එහෙම තමා මයේ හිතේ, ඔය කතාවම අටං අයියගේ මඩ පොස්ටුවෙත් තිබුනා නෙව,

      මේ ඇත්තෙයි කියන්නේ සෑමෝ, බොලං ගෑනිට බයයි කියලා?

      Delete
    4. කොහේද යකො මම මඩ ගැහුවේ එව්වා සහතික ඇත්ත ,

      Delete
    5. මේවාට මුකුත් කියල වැඩක් නැහැ බං.. දන්නෝ දනිති ඇත්ත මොකක්ද කියල.. :)

      Delete
  14. හොඳ වෙලාවට බනිස් එල්ලුවෙ. මාළු පාන් එල්ලුවානම් ....

    ReplyDelete
    Replies
    1. මෙයත් දන්න ජාති

      Delete
    2. එහෙනම් දිව කපන්න වෙන්නෙ... ;)

      Delete
  15. බැඳලා මාස තුනකින් සෑමා වල් වී ඇත්තේ
    විමසා බැලිය යුතු නේ නෝනාගෙන් තත්තේ
    කන්නට ඕන අය දුටුවම කබරා මත්තේ
    නැහෙනවා කියන්නේ බොරුවට නොව සත්තේ

    ReplyDelete
    Replies
    1. බනිසක් කියා නූලක හරි මැද එල්ලා
      කන්නට දුන්න විට මට දෝතින් අල්ලා..
      පුරවා ගනු වැරදියී අරගෙන මල්ලා
      කනවා හොදා එල්ලූ බනිසක් හොල්ලා..

      Delete
  16. කුණු හරුප ත් තියෙනවද මංද

    ReplyDelete
  17. නියමෙට රස්නෙ හින්දා හුලනුත් පිම්බා
    බනිසක් කාල බොන්නට ඇත්නම් කුරුම්බා

    ReplyDelete
  18. අඩේ මෙහෙම බනිස් කන්න තියෙනවා නං මාත් යනවා..

    ReplyDelete
    Replies
    1. යන්න එපා එන්න.. 20 වෙනිදා!

      Delete
  19. බනිස්ස්ස්ස්ස්..... :3

    ReplyDelete
  20. Pamela Anderson ආවනම් කොහොමද?

    ReplyDelete
  21. අර බනිස් සුදු පාට වෙලානෙව

    ReplyDelete
  22. අක්ාකක් තැවෙයි බනිසක් පිම්මී නැතිය කියා
    බුවෙක් කිය කිඹුල් බනිස ලංකරනු කියා

    ReplyDelete
    Replies
    1. දෝතින් බදා කන්නට නම් තඩි කිඹුලා
      අක්කට ඉන්න වෙයි දිගටම දණ නමලා..

      Delete
  23. සෑමාට වැරදී ඇත.
    මේ බනිස් කෑමේ තරගයක් නොව
    බනිස් සූප්පු කිරීමේ තරගයකි.

    ReplyDelete
    Replies
    1. බෝතලයට ගැසූ සූප්පවෙන් වතුර බීමේ තරගෙ පටලවගෙනද මන්දා..

      Delete
  24. කට්ටිය ඉස්සරහ ඔහොම බනිස් කනවානම්..ප්‍රයිවට් එකේ හම්බවුනොත් කොහොම කයිද?

    ReplyDelete
    Replies
    1. හප්පේ.. කතා කරන්න එපා...

      Delete
  25. සුට්ටං කාලෙ මමත් බනිස් කෑමේ තරගයකින් දිනලා තියෙනවා බං...මේක හිතන තරම් ලේසි නෑ...කලබලයට කද්දි සමහර වෙලාවට හිර වෙනවා...අවධානමකුත් තියෙන ඉසව්වක්...

    ReplyDelete
    Replies
    1. බනිස් කාල කිරි පැකට් එකක් බිව්ව නම් ෂේප් !

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...