Thursday, April 10, 2014

අවුරුද්දට එපා.. අරක්කු.. - No Alcohol for the STN !!!




“අම්මේ... හැම පාරම අපිට තමා නැත්තෙ..“

“මොනවද දැන් නැත්තෙ?? තොපිට හැමදාම නැහීගෙන කරන්නෙ මම.. අප්ප කියල එකෙක් ඉන්නවද? කියලවත් තේරෙනවද???“

“එහෙම නෙවේ අම්මෙ.. අර එහා පැත්තෙ රසිකලා ඔන්චිල්ලාවක් බැඳගෙන දඟලනවා.. මම වැට ලගට ගියාම උන් මට දිව උලුක් කළා..“

“ඔන්චිල්ලා.. දැන් එච්චරයි අඩු...“

“මහ දෙයක්ද අම්මෙ.. අර තැඹිලි බාන ලණුව තියෙන්නෙ.. කොස් අත්තට තියල බැන්ද නම් ඉවරනේ..“

“අම්මද බොල මූ මට ඒ ටිකත් කියල දෙන්න එනවා...“

“මතක නැද්ද අම්මෙ.. ගිය පාරත් ලණුව ගැට ගැහුවෙ අර උඩින් තියෙන මහ කොස් අත්තෙ නේ..“

“දැන් මේ චීත්ත රෙද්දත් ඇඳගෙන මමද මහ කොස් අත්තට බඩ ගාන්න ඕනෙ..“

“නැහැ අම්මෙ.. අම්මා තාත්තට කියන්න.. අපි කිව්වොත් බැනුම් අහන්න වෙයි... පව් අම්මෙ නංගිත් ආස වෙයි ඹන්චිල්ලා පදින්න...“

“නංගිද කැමති උඹද කැමති කියල බලා ගන්නම් බැඳ ගත්තට පස්සෙ... මහ එකාට කියාපිය. අවුරුද්ද කියල බෝතලේ ඉනේ ගහගෙන ගම පුරා ඇවිදින්නෙ ඔය..“

*****

“මොකද බොල අම්ම අරහෙ කෑ ගහන්නෙ??“

“අපි පොඩි බඩ්ඩක් ඉල්ලුවා තාත්තෙ...“

“දැන් මොනවද කියපල්ලා කෙරෙන්න ඕනෙ..“

“නංගිට ඔන්චිල්ලාවක් බැඳලා දෙන්න කිව්වෙ..“

“ඉතිං තොපි ඕක අම්මට කියල හරි යනවද? මට කිව්ව නම් මම කරල දෙනව නේ.. ගිය පාරත් ඔය මඟුල බැන්දෙ මම නේද??“

“හරි ඉතිං තාත්තෙ බැඳල දෙන්න කෝ..“

“අරන් වරෙන් අර තැඹිලි බාන කඹේ.. ඔය එහා පැත්තෙ මඩුවෙ දාල ඇති..“

****

“ඔය ඉනිමඟ තියල නගිනවා මනුස්සයෝ.. වෙරි මර ගාතේ කෝම බඩ ගාන්වද මන්දා..“

“අනේ මේ නිකං කට කියවන්නෙ නැතුව ඉන්නවා.. මේ වගේ ගස් වලද මම නැග්ගෙ...“

“හරි අම්මේ.. තාත්ත වැඩේ කරයි.. කෑ ගහන්න එපා..“

“හරි.. හරි.. තාත්තල පුතාල එකතු වෙලා වැඩේ කර ගන්වලකෝ.. මොනව හරි වුනොත් මම නම් එන්නෙ නැහැ පැත්ත පලාතෙ..“

“උඹ කුස්සියට ගිහින් කන්න මොනව හරි හදපං කට වහගෙන.....“

****

“තාත්තේ මේ කෑල්ල ඇති වෙයිද?“

“හිටු.. තියලම බලන්න..“

“පොල් පිති කෑල්ල නම් ඇති වගේ.. ඒත් හයිය මදි.. බර වැටුනම ඉරෙයිද දන්නෙ නැහැ..“

“දැනට මේකෙන් පදිමු තාත්තෙ.. ලෑලි කෑල්ලක් තමා හරි යන්නෙ හැබැයි..“

“ලෑලි කෑල්ල හයිය වුනාට බොල, ඉදගත්තම පුක රිදෙනවා.. පොල් පිත්ත සනීපයි..“

“එහෙනම් දැනට මේක තියමු..“

“ඕක ඉරුනොත් කියපං.. මම එකක කපල දෙන්න....“

“හරි.. නංගි තල්ලු දායි.. මම ඉඳගත්තා..“

“දැන් තෝ තනියම පඳිනවා නෙවෙ ඕක..“

“හරි තාත්තෙ.. නංගි පනහයි.. මම පනහයි...“

****

“ඔයාට හයියෙන් තල්ලු කරන්න බැහැ නංගි.. බලන්න මම කොච්චර හයියෙන් තල්ලු කළාද??“

“මට ඔච්චර තමා පුලුවන්. බැරිනම් බහිනවා..“

“අනෙ මේ පැත්තකට යනවා. මම තනියෙන් අඩිය ගහලා වේගෙ වැඩි කර ගන්න..“

“හරි.. පැත්තකට වෙන්නම්.. හැබැයි ඔයාගෙ පනහ ඉවර වුණාම බහින්නෝනි..“

“හරි මඟුලක් නේ.. මම පැදගෙන මෙයාව පද්දවන්න... “

“එහෙම බැහැ හරිද? එහෙනම් මම තල්ලු දාන්නම්..“

“අපෝ එපා.. එපා.. ඉන්නවා තව ටිකක් පැදල දෙන්නම්..“

****

“කට කියෙව්වට එයාත් එහෙම තමා..“

“ඇයි මොකෝ..“

“මොනවද අයියෙ නපුරු වැඩ කරන්නෙ.. මටත් දානවාකෝ හයියෙන් තල්ලුවක්..“

“හයියෙන් ඕනෙ නම් මම වගේ අඩිය ගහලා උඩ යනවා..“

“කොහෙ යන්නද?? මගෙ අඩිය වදින්නෙ නැහැනෙ..“

“එහෙනම් කට පියන් ඉන්නවා..“

“අනේ....“

“හරි හරි ඉන්නවකෝ...“

****

“අම්මේ... දුවලා එන්නෝ...“

“මොකෝ බොල බෙරිහන් දෙන්නේ..“

“ලණුව ගැලවුණෝ.. නංගි මඩුවේ වහලෙ උඩට විසික් වුණෝ...“

“මම කිව්ව මේ මිනිහට සිහියෙන් ඉදපන් කියල.. කෝ දැන්...“

****


Written_by_sAm_ශ්‍රී_Perera_8:17am_10/04/14

62 comments:

  1. බොන්න නම් එපෝ...
    කොහොමත් සෑමට මෙදාපාර අවුරුද්දට බොන්ඩ වෙන්නේ නෑ.. සෑමගේ පංගුව තොරණ හදියට ගෙනත් දීහන් :)

    ReplyDelete
    Replies
    1. මම බොන එක නැවැත්තුවා බං. මැච් එක දිනපු දවසෙ.. ඊට පස්සෙ තාම බිව්වෙ නැහැ.. ;)

      මගේ පංගුව තොරණ හන්දියෙදි වාශ්ප වෙයි.. මාතලන් එතැන :)

      Delete
    2. සික්... ඉදලා ඉදලා බොන්න ගියත් එතනත් හෙනහුරෙක් ! :)

      Delete
    3. //මම බොන එක නැවැත්තුවා බං. මැච් එක දිනපු දවසෙ.. //

      ඔය කියන්නෙ මූ "Thursday, December 12, 2013" ගහපු "ජපන් කොඩිය දමා දින පහක ටෙස්ට් මැච් එකක් - Test Match Under Japan Flag !!!" දිනපු දවස ගැන.

      http://samindikasrimantha.blogspot.com/2013/12/test-match-under-japan-flag.html

      Delete
  2. තාත්ත බීලද උඹ බීලද කියල මං මේ කම්පනා කරේ.. :D

    ReplyDelete
    Replies
    1. හැමෝම අමධ්‍යප වෙලා.. :)

      Delete
  3. මාත් තිත තියලා ඔන්චිල්ලා පදිනවා මේ සැරේ හැක් .

    ReplyDelete
  4. මෙතුවක් කල් සැපට දුකට, තනි නොතනියට, තිබුණු එකම දේ අමතක කොරන්නේ කෝමෙයි බන්ස්...

    වැඩක් නෑ, මේ පාර අවුරුදු දවසෙත් වැඩ,, බොලන්ලට සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. වැඩපලේ ඉදන් බොනව නෙවේ ආ..

      Delete
  5. // අවුරුද්දට එපා.. අරක්කු.. //

    හා මචන්
    ඒත් රම් බෝතල් ඉවර වුනොත්?

    ReplyDelete
  6. බිව්වම පැත්තකට වෙලා ආතල් එකේ උන්නහම ඉවරනේ.

    ReplyDelete
    Replies
    1. බලපං බොන්න එපා කිව්වම විකල්ප විදි හොයනවා..

      Delete
  7. අරක්කු ගේන්නෙ නං නෑ,ඒ වුනාට ගෙදර තියෙන කොටේට මොකද බං කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කොටේ හැමදාම එහෙම නේ.. ඉවර වෙන්නෙ නැහැ නේද කොච්චර බිව්වත්??

      Delete
  8. කතාවනම් පංකාදු පහයි. අමාපා සෑම් මේක ඇත්ත කතාවක් වගේ.

    හරිම දුකයි අනේ. ඊයේ ගෙනාව ගැලරි දෙකටයි ස්ට්‍රොන්ග් කෑන් 10 ටයි මොකද කරන්නේ. හලන්නද අපේ ගේ ළඟින් යන ඇලට?

    ReplyDelete
    Replies
    1. හලන්න එපෝ අවුරුදු උත්සවේ දාට අරගන එන්න ඒ ටික

      Delete
    2. නලියා.. ලෝබයි නේ...

      විචාරක - පිස්සුද බං හලපං..

      Delete
  9. දුක්මුසු කතාවක්..

    ReplyDelete
    Replies
    1. බොන්න එපා කියපු නිසාද දුක?

      Delete
  10. මන් හිතුවෙ තාත්ත ගහෙන් බිමට වැටෙයි කියල, බලද්දි වෙන එකක්නෙ උනේ...

    මේ පාර උබටත් හුලන් තමා, කෝක් එකක් බීල හිත සනසගනින් :D

    ReplyDelete
    Replies
    1. කොහොම කාපු බීපු කොල්ලෙක්ද දෙයියනේ !!! නැද්ද බං.

      Delete
    2. තොපි මාව විනාස කලා යකූ....

      බලපං සෝක් එකේ බීපු එකෙක් දාන පෝස්ට්ද මේ ??

      Delete
    3. @පත්තර කරුමෙ බන් කරුමේ, තව කාලයක් ෆන් එකේ පික්ෂුවක් කෙලින්න තිබ්බ එක නැතිකරගත්තානෙ :D

      @සෑම උබමයි බන් විනාසයට පාර කපා ගත්තෙ, අපි මක් කරන්නද :D

      Delete
    4. අපි කිව්වා.. ඇටෙන් පොත්තෙන් එන්න කලිං පැහෙන් නැතුව හිටු කියලා ..ඇහුවෑ..
      ඉරිසියාවට කියල හිතේ .. දැං සනීපයිනේ !!

      Delete
    5. අඩේ ගෙදර බොනව නම් රෙස්ටුරන්ට් එක වගේ ඩෝ.. බයිට් එක ලගටම එනවා..

      පිට සැට් වෙලා පජාත වුනාම තමා අවුල..
      අටමාට වුනා වගේ..

      Delete
  11. ඔංචිල්ලාව කලින් බැඳලා තියන්ට. :D

    ReplyDelete
    Replies
    1. අඩේ.. පොඩි... නියමයි නේ...

      Delete
  12. මං මේ කල්පනා කලේ අර වහල උඩට ගිය ළමයව ගන්න කාවද යවන්නේ කියල. අවුරුද්දට කලින් හැමෝම සෙට් වෙලාද දන්නෙ නැහැ.

    ඒත් කතාව කියනකොට දුක හිතුනා.නන්දා මාලිනීගේ බුදු තාත්තෙ බොන්න එපා කියල සිංදුවකුත් තියෙනව නේද ?

    ReplyDelete
    Replies
    1. එහෙම සිංදුවක් තියේ..

      වහලෙ උඩ තමා.. බලන්න බිව්වාම අසිහියෙන් ඔන්චිල්ලා බැඳලා ලමයි විනාස කරන හැටි..

      Delete
  13. ඔය සෑම ඉරිසියාවට කියන කතා. :D

    ReplyDelete
  14. මෙදා සෑමට තහංචි වැටිලා ඒකයි මේ

    ReplyDelete
    Replies
    1. ෆුඩ් සිටියටවත් යන්ඩ දෙන් නෑලු නලින් අයියෙ අරක්කු තියනව කියල.. සෑම හාල් පොල් ගේන්නෙ සමුපකාරෙන්ලු !!!

      Delete
    2. එදා බීල ගිහින් එලියෙලු නිදාගත්තෙත් :D

      Delete
    3. ඔව් ඔව් ..යන්ඩ බෑමයි කිව්වලු ගෙදර. අටම වැඳල වගේලු යැව්වෙ..

      Delete
    4. අඩේ මම ගෙදර ගිය විදිහ අභිරහසක්..

      පුලුවන්නම් හොයා ගනිල්ලා...

      Delete
    5. ඕ යේස් .. අර නයිට්‍රයිඩර් කාරෙක වගේ කාරෙක උඹව පටෝගෙන තනියෙං ගෙදර ගිහිල්ල සාලෙන්
      බාල ගැරිජ් එකට ගිහිං පාක් උනාලු නේ ???
      අඩේ ඕක විකුනනවනං කියහං ඈ !!

      Delete
  15. අටමට කියල පොටෝ ටික අප්ලෝඩ් කරෝගන්ඩමයි හදන්නේ ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් අනිව කරන්න ඕන :D

      Delete
    2. මූ තව ටෝක්ස් දෙකක් ඉශූ කරානං බඩු එන්නෙ පිඹලා.

      Delete
    3. මොන පොටෝද බං..

      බලපං මම බොන්න එපා කියද්දි මුන් බේබද්දො වගේ බොන්නම කියන හැටි...

      සික් අසික්කිතයෝ...

      Delete
  16. මාත් මේ තිත හොයනවා

    ReplyDelete
  17. කොහොමත් බෝතල් සම්බන්ධයක් නෑ අපේ ගෙදර අවුරුද්දටනම්

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මී පැණි බෝතලයක් වත් ගෙට වද්ද ගන්නෙ නැද්ද??

      Delete
  18. මම නම් බීලා මොනවත් කරන්න යන්නේ නෑ. සිංදුවක් අහගෙන ආතල් එකේ ඉන්නවා මිසක්.

    ReplyDelete
    Replies
    1. සික්.. බොන්න එපා කිව්වම අහන්නෙ නැති හැටි ;)

      Delete
  19. අපි ඉතින් කෝමත් බොන්නේ නෑනේ.. සෑමත් දැන්ම ඉදන්ම ටික ටික අඩු කරන පාටක් තමයි පේන්න තියෙන්නෙ.. ;)

    ReplyDelete
    Replies
    1. බොන්න හොද නැහැ යකෝ..

      Delete
    2. සෑමා බොන්නේ නෑ.. නානවලු !

      Delete
  20. අවුරුද්දට අරක්කු එපෝ..අපි ඕවට නැතෝ..

    ReplyDelete
  21. සිංහල අවුරුද්දට හිතා බලන්න වටිනා පනිවුඩයක් සෑමා දීලා තියෙන්නේ.

    ReplyDelete
  22. (සෑම්)රජයේ අවවාදය..
    මත් වතුර පානය කර ඔන්චිල්ල තල්ලු කිරීම එය පදින්නාට අනතුරු දායකය...!!!!

    ReplyDelete
  23. උඹ බොන්න පුලුවන් මිනිහෙක්ද බන්....ගම්පහදි දැක්කා උඹේ බීම...ඒකට නලියා / අටමා....

    ReplyDelete
    Replies
    1. උඹ බොන්න පුලුවන් එකා..
      ඒක ලොකු කමක් කියල හිතනවද?

      Delete
  24. ම..මා..ත්... අමද්යපයි....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...