Sunday, April 13, 2014

සුභ වෙන හැටි... - How to be HAPPY ??


සුභ වේවා කියූ පමණින් සුභ වෙන්නේද, අසුභ වේවා කියූ සැනින් අසුභ වන්නේ නැත. සුභ හෝ අසුභ බව රඳා පවතින්නේ හැසිරෙන ආකාරයෙන්ය. සිංහල අලුත් අවුරුද්දද එසේමය. සුභ වේවා යැයි පුරුද්දට කියා, සුභ කර ගත හැකි ආකාරයක් ලියා දැක්විය හැකිය. එය නම් මෙසේය.


දිනපතා වැඩට යන, අධ්‍යාපන කටයුතු වල නියැලෙන, නිවසේ රැදී නොසිටින හෝ පවුලෙන් දුරස්ව සිටින අය අද නිවසට පැමිණ සිටිය හැකිය. වෙනදාට වැඩට ගොස් ගෙදර ඇවිත් රූපවාහිනීය ඉදිරිපිට සිටින, පරිඝනකය අසල සිටින අය ගෙදර අය සමඟ කතා බහක් නැති තරමට කාර්යය බහුල වන්නට පුලුවන. එහෙත් අවුරුදු නිවාඩුව සමඟ අද ඒ අය ගෙවල් වලය. එසේම වෙනදාට වැඩිය අදහස් හුවමාරුවක් කතා බහක් ඇති වන්නේ ගෙදර දොර වැඩ කටයුතු සිද්ධ වෙන නිසාය. එනිසා ගෙදර උදවිය සමඟ වැඩිපුර ගැවසෙන්නටත්, එකිනෙකා සමඟ වැඩිපුර කතා බහ කරන්නටත් අවස්ථාවක් ලැබෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභ විය යුතුමය. පැත්තකට වී වෙනදාට සිටින උන් සෙට් එකක් වන නිසා සුභ විය යුතුය.

වෙනදාට පන්සල පැත්තට නොයන අය අද පන්සල් යන්නේ එකම වේලාවකටය. ඒ නොනගතය අවස්ථාවේය. ගමේ හැම එකාම පන්සලේදී මුණ ගැසෙන්නට, ගෙදර අය සමඟ එකට පුන්‍ය කටයුතු වල නියැලෙන්නට ඉඩක් ලැබෙන නිසා ඒ අවස්ථාවන් සුභය. සතුටුය. කැවිලි නැති වුණත් ගෙදරක හැදෙන කිරිබත එක මේසයක් මතට වී, එකම අවස්ථාවක බෙදාගෙන කන නිසා, වැඩිහිටියන් සමඟ එකට හිඳ කන නිසා සතුටුය. සුභය. බුලත් අතක් දී වෙනදාට වදින්නේ නැති වැඩිහිටියන්ට වසරකට වරක් වත් වඳින නිසා සතුටුය සුභය. එකිනෙකා අතර හුවමාරු වන තෑගි බෝග නිසා අවුරුද්ද සතුටුය සුභය.

ඒ හරුණු කොට අවුරුද්දම සුභ කර ගත හැකි ආකාරයක් තිබිය යුතුය. පුරුද්දට මෙන් හැමදාමත් වගේ පුරුද්දට සුභ වේවා යැයි පැතිය හැකිය. එහෙත් සුභ කර ගැනීම, සුභ කරගැනීම සඳහා වෙහෙස වීම අප කාටත් අයිති රාජකාරියක්ය. එනිසා උදාවන අලුත් අවුරුද්දේ කැපවීමෙන්, උත්සාහයෙන් සුභ කර ගැනීමට වෙහෙසෙමු.

පුරුද්දට වගේ...
සුභ අලුත් අවුරුද්දක් වේවා !!
යැයි කියමි...

Written_by_sAm_ශ්‍රී_Perera_8:16pm_13/04/14

17 comments:

  1. අර වගේ බීමක් සහ අපහාසයක් සිද්ධ වෙන ආකාරයේ සුබ නව වසරක් වේවා සෑමට

    ReplyDelete
    Replies
    1. මොන වගේ බීමක්ද බන්ස්.. :o

      Delete
  2. සෑම්ටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. අපි ඉතින් මොන කියන්නද.. සුභ අළුත් අවුද්දක් වේවා කියනු හැර..

    ReplyDelete
  4. සෑමාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා :)

    ReplyDelete
  5. සෑමාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
    ඒ වගේම අනික් හැමෝටමත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
    ජය වේවා........!

    ReplyDelete
  6. සෑම්ට හා සෑමීට සුබ අලුත් අවුරුද්දක්!!! :D

    ReplyDelete
  7. සෑම් ඇතුලු පවුලේ සැමට සුබම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ජය වේවා!!!

    ReplyDelete
  8. සෑමට සහ ප්‍රියාවියට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  9. සෑමාටත් පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා කියලා කුරුටු ගෑ ගී පවුරේ අපි සුභ පතනවා ඔන්න ....................

    ReplyDelete
  10. සෑමාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  11. සෑමටයි කිටියටයි, ලාල් සර් ටයි, අම්මටයි අයියටයි තාත්තටයි, නන්දෙටයි, හැමෝටම එසේම වේවා!

    ReplyDelete
  12. සෑම්ට ත් පවුලේ සැමට ත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  13. http://a-welawa.blogspot.com/2014/04/blog-post_15.html

    ReplyDelete
  14. සුබ අලුත් අවුරුද්දක් වේවා සෑම් !

    ReplyDelete
  15. ස්ට්ත්ුූජ්ජ්ට්ත්ුූට්ත්ිය්ි හ්ැම්ොෝට්ම්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...