Tuesday, April 29, 2014

ඩ්‍රැකියාගේ ඉහේ මලක් පිපේ..... - Dracky & the Flower !!!


පහවසරේදී සැමා ඉගෙන ගත්තේ ‘ඒ‘ පන්තියේය. ගමේ පාසලේ හැම ශ්‍රේණියකටම තිබ්බේ පන්ති දෙකක්ය. ඒ සහ බීය. කල්‍යානි ටීචර් ශිෂ්‍යත්වය ගොඩ දමා දෙන තුරු සෑමා සිටියේ ඒ පන්තියේය. ඉගෙන ගන්නා ලමයි යැයි කියා ඒ පන්තියට ලමයි දමා ඉතිරිය බී පන්තියට දැමීම සිරිතක්ය. එහෙත් බී පන්තියේ ඉන්නා උන්ද පන්තියේ පළවෙනියා දෙවෙනියා වෙන්නේ නම්, උන් ඉගෙන ගන්නේ නැති පන්තිය යැයි නම් කිරීම වැරදිය. ඒ පන්තියේ සිටි අපිද ඉගෙන ගන්නා උන් කියා කියන්නේ කෙසේ දැයි මට නිතරම ගැටළුවක් වූයේය. අපේ පන්තියේ ඉගෙන ගන්නා උන් පමණක් සිටින්නේ නම් එහා වත්තට කාක්කෝ ගසා අසුවූයේ, ඒ ගෙදර වහලය වැසෙන්නට එක්සසයිස් පොත් වල පිටු තිබූනේ, ඒ නිසාම පන්තියම ගුටි කෑවේ කෙසේදැයි ගැටළුවක්ය. මෙය  හුදෙක් ඒ වර්ග කිරීමට එරෙහිව ලියන්නට පටන් ගත් ලිපියක් නොවේය.

ඒ‘ පන්තියේ සිටියදී සෑමා කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා සොයා ගියේය. ඒ සෑමාගේ තාත්තාය. නමින් ලාල් සර්ය. තාත්තා පාසලේම ගුරුවරයෙකු වූ නිසා සෑමාට නිදහසක් නැතිය. පන්තියේ කුමකට අසුවුවත් එය තාත්තා ගෙදරදී විචාරයට ලක් කරන්නේය. දිනක් පන්තියේ අත්වැඩ සඳහා ගොක්කොල නිර්මාණ සෑදීමේ සිද්ධියක් තිබුනේය. ඒ සදහා අපේ පන්තියේ නම දිනා සිටියේ චාමරය. ඌ ගොක්කොලයෙන් ලස්සන නෙළුම් මලක් හදන්නේය. ටීචර් පන්තියේම අවධානය චාමරයා වෙත යොමු කරමින්, ඌට හදන්නට දුන්නේ නෙළුම් මලය. තාත්තා ගෙන් ලද ආභාෂය සහ සහජ හැකියාව මත චාමරයා සෙමින් සෙමින් මල හදන්නට වූයේය. එහෙත් අතර මැද අමතක වීම් නිසා නිර්මාණය, අත්කම නිම කරන්නට චාමරයාට බොහෝ වෙහෙසක් දරන්නට වූයේය. ඒ ඌ පහවසරේ සිට එවන් නිර්මාණයක් කරන නිසාය. වැඩේ අමාරුය. ටීචර් විටින් විට චාමරයාට වද දෙන්නීය. මෙය බලා සිටි සෑමා ටීචර්ව ඇමතුවේය.

“ටීචර් ඔය කරන වැඩෙන් චාමරට මල හදන්න නෙවේ, මල පැනලා ඇති ටීචර්...“

ටීචර් නැවතත් මොකක්ද සමින්දික බොලා කීවේ කියා ඇසුවාය. වැඩේ බරපතල් වගේ නිසා සෑමා මුනිවත රැක්කේය. ගෙදර පැමිණි විගස තාත්තා ඇසුවේ මොකක්ද මලේ කතාව කියාය. වැඩේ එතැනින් හමාරය.

මල පනිනවා කියන්නේ කේන්ති යන එකටය. කක්කා පනින එකටත් මල පනිනවා කිව හැකිය. ඒ කේන්ති ගියාම එහෙම වෙන නිසාදෝ කියා සැක සහිතය. මේ ලියැවෙන්නේ ඩ්‍රැකියාගේ මල ගැනය. ඌ මල සොයා ආවේ ගණේමුල්ලේ සිටය. එක්කෝ ඌට පිස්සුය. නැතිනම් මට පිස්සුය. වෙන උන් දුවගෙන එන්නේ සඳ ගමනට මුල් වන, අතේ ඔතා, රෝල් කර ගසන මල හෙවත් මර්ලින් ගැසීමටය. ඒවා නීතියෙන් තහනම් වන්නේ පොලිසිය ආතල් නොදන්නා නිසාය. එහෙත් එදා ඩ්‍රැකියා අපේ ගෙදර ආවේ තම බිරිය සැනසීමට මල් ගසක් වඩම්මවාගෙන යන්නටය. එදා ඩ්‍රැකියාට මල පැන්නේ වැඩිපුර වේලා සෑමාගේ නිවසේ නොරැදී ගෙදර යන්නට වූ නිසාය. මන්ද බාස්ලා සැට් එකක් ඩ්‍රැකියාගේ ගෙදර වැඩක සිටි නිසාය. ඒත් අද ඩ්‍රැකියාගේ ඉහේ මලක් පිපිලාය.

ගිය වසරේ ඩ්‍රැකියා සෑමා සොයා ආවේ සඳ මල හෙවත් Moon Flower ලෙස නම ඇති මල් ගසෙන් පැලයක් ගෙනියන්නටය. එය ඩ්‍රැකියා දැක්කේ බුකියෙන්ය. නමක් නොදන්නා පත සයිස් ගසක තඩි මල් සැට් එකක් පිපී තිබී එහි නම සෙවීමට මල බුකි ගත කලේ සෑමාය. ඉන් අනතුරුව එය Moon Flower ලෙස කස්ටිය නාමකරණයට යටත් කළෝය. එය දුටු ඩ්‍රැකියා සෑමා සොයා එනවා කීවේ මල් අත්තක් රැගෙන යන්නටය. එදා සෑමාගේ අම්මා බෑග් කැබැල්ලක සිටවූ අතු කැබැල්ල ඩ්‍රැකියා එන දිනයේ චූට් පැලයක් වී තිබුනේය. ගනේමුල්ලේ සිට බයික් එකේ පැමිණ එය රැගෙන යන්නට ඩ්‍රැකියා දඟලමින් සිටියදී ටිකට් එක ඇදුන තේ කොළ කඩේ අංකල් එතැනට පැන්නේය.

“මොකක්ද පුතා ඔය??“

“මේක අංකල් මල් පැලයක්..“

“මෙයා කවුද??“

“මගේ යාලුවෙක්.. මේක පන්සලට පූජ කරන්න යන්නෙ...“

“ඇහ්.. කොයි පන්සලටද..“

“මානෙල් වත්ත පන්සලට..“

“අනේ හොදයි පුතා.. ජය වේවා...“

ඩ්‍රැකියා සිනා තද කරගෙන දෝතින් මල් පැලය අල්ලාගෙන සිටියදී අංකල් දොහොත් මුදුන් නොතබා ජය වේවා කීවේය. සෑමා අමුත්තක් නොදක්වා පැත්තකට වී අංකල්ට තත්වය පැහැදිලි කළේ අංකල්ව සම්පූර්ණයෙන් මුලා කරවමින්ය.

ඒ සමඟම එතැනට ආවේ සෑමාගේ පාසල් සමයේ මිතුරියක්ය.

“මොකද මේ..“

“පොඩි පූජාවත් හලෝ..“

“මොකක්ද??“

“මේ පැලේ පන්සලට පූජ කරන්න යන්නෙ..“

“යනව යන්න බොරු නොකියා..“

“සිරාවට ඉතිං.. අත ගහල වඳිනවා පින් සිද්ධ වෙනවා..“

පැලය දෝතින් අල්ලා ඇය තෙවරක් වැන්දේ ඩ්‍රැකියාගේ ඇස් නලලට යවමින්ය...

“උඹ මාර බඩුවක් නෙ සෑමා..“

“මෙහෙ උන් එක්ක ඔහොම නැතුව ජීවත් වෙන්න බැහැ බං..“

ඩ්‍රැකියා එදා ගියාට පසු සද්දයක් තිබුනේ නැතිය. අද කොල්ලාගේ සද්ද පටන් අරන්ය. ඒ අද සෑමාව ටැග් කර දැමූ පොටෝ කැබලි කිහිපයෙන්ය.

//සෑමා දුන්න, කෙල්ලෙක් තුන් පාරක් වැඳපු, අංකල් 'ජයවේවා' කියපු, 'හඳ මල' පැලේ මල් පිපිලා ඕං...//

කියමින් ටැග් වී තිබූ පොටෝ කැබලි ටික දුටු සෑමාගේ අම්මාට ඇතිවු සතුට අප්‍රමාණය.




මල පැඟිරි සුවඳය. රෑට පිපෙන නිසා පැඟිරි සුවඳට මදුරුවෝ නොඑන බැව් කියති. ඒ සඳහා මල් ගස යට පැදුරක් දමා දොයිය ගැනීම සුදුසුය.

පලි - මල් අත්තක් රුපියල් 50ට අලෙවි කෙරේ.

Written_by_sAm_ශ්‍රී_Perera_11:03pm_29/04/14

57 comments:

  1. අඩෙ 50 වැඩියි බන් 20කට දියන්, 20 කට දියන්.මමත් ඔක දැක්ක හැබැයි දැන්නෙ කතාව තෙරුනේ.

    ReplyDelete
    Replies
    1. උපරිම අඩු කරලා.. 60කට දෙන්නම්..

      Delete
    2. 60 ක්, නිකා ඉදින්, ඕනෙම නම් රුපියල් 10ක් දෙන්නම්,

      Delete
    3. මල් ගණන් දන්නෙ නැද්ද උබ?

      Delete
    4. දන්නවා, පැල කරන මල් වල නෙමෙයි, අනික්වා.... හී.......... :D

      Delete
  2. අනේ සාධු....
    අරවගේ වද දෙන ටීචර්වලනං ඉදහිට හම්බෙනවා..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒත් හරි හොද ටීචර් කෙනෙක් බං..

      ජය වේවා !

      Delete
  3. අද තියෙන ඔක්කොම මළ, කක්කා කතානේ. සැමා තමයි දවසකටවත් මිනිහා. ජය...!

    ReplyDelete
    Replies
    1. කස්ටිය අද මල අතේ අරන් නැගිටල තියෙන්නෙ ;)

      Delete
  4. පුළුවන්නම් අර වැඳපු කෙල්ලත් fb ඉන්නවානම් එයාවත් ටැග් කොරා නම් හරි.… අංකල් නම් fb නැතිව ඇතිනෙ.

    ඕක දැකපු ගමන් කෙල්ලට මල පනිනවා ශුවර්. :)

    ReplyDelete
    Replies
    1. ඒ යෝදි ඇප්.බී නැහැ බං.

      දවසක් මම ඇත්තටම පන්සලට දානෙ අරන් යද්දිත් ඕකි මඟදි වැන්දා දානෙ භාජන ටිකට. ඒ නම් ඇත්තට නිසා අවුලක් නැහැ ;)

      Delete
  5. මදුරු කොයිල් ඊට ලාබයි නේද....?

    ReplyDelete
    Replies
    1. සුවඳ නැහැනෙ. අනික කෘතිමයි බොල..

      Delete
  6. හම්මේ කෙල්ලයි අන්කලුයි මේව දන්නවනම් වසල හමාරයි. මදුරු කොයිල් වෙනුවට මල් මාලයක් දාගෙන නිදාගන්න එක ප්‍රමෝට් කලානම් සෑම්ට මල්මාල කඩයක් දාගන්න පුලුවනි.

    ReplyDelete
    Replies
    1. @ බස්සි,

      සෑමා වටේම ඉන්න උන්ට දාන මල් මාල වල හැටියට මල් කඩ ඕනේ නෑ.

      Delete
    2. අඩේ අපි දාන මාල මල්..
      උඹල අපිට දාන්නෙ මාල ගල් නේ..

      Delete
  7. කෝම හරි අංකල් ගෙයි කෙල්ලගෙයි ශ්‍රද්ධාව වික්ක නේද..
    මොනා වුණත් ගහේ මල් පිපිල නෙ.. අර දෙන්න වැන්ද හින්දද දන්නෙ නෑ නේ...?

    ReplyDelete
    Replies
    1. ඒ වැන්ද ඒවයේ අනුහස් තමා මචං..

      Delete
  8. ඊයේ ඩ්‍රැකියා සන්තෝසෙන් උඩ පනිනවා මං දැක්ක තමා..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා සීන් එක..

      Delete
  9. ඩ්‍රැකියා 30ට දෙනව කියන්නේ.....මලත් එක්කම.

    ReplyDelete
    Replies
    1. ඒකෙ මුල නැහැ බං මල විතරයි..

      Delete
  10. හඳ මල පිපුණු හඳ ඇති රාත්‍රියක , ඩ්‍රැකියා සහ හාමිනේ හඳමල් පැලේ යට පැදුරක් දමාගෙන හඳ දිහා බලාගෙන දොයියනවා ඇතිනේද?

    ReplyDelete
    Replies
    1. පිනි බාලා ලෙඩක් හදා ගන්න තමයි.
      ඉවෝන් ගෙ පරිකල්පනය නං අන්තිම ඉහළයි ඈ...

      Delete
    2. ඉවාන් කියන දේවල් කරන්න ගිහින් මේකා සතා සිව්පාවා කවා ගන්න තමා..

      Delete
  11. හෆූ බං, මං ඔය අත්තක් වික්කෙ රුපියල් දෙසීයට බං. දැං ඉතිං මොනව කරන්නද? (මං ලියන ලියන එක පිටිපස්සට වෙලා කියවන ලූස් පොරියක් ඉන්නව. කිසිම දෙයක් ලියාගන්න දෙන්නෑ.)

    අම්මගෙ ආගන්තුක සත්කාරය ඉහළින්ම මතක් කළා කියහං ඈ...

    ReplyDelete
    Replies
    1. හෑ? එහෙම පොරියක් ඉන්නවද? උඹට ලිංගික අතවර හේ කරන්න හැදුවොත් මට කියහං.

      Delete
    2. //උඹට ලිංගික අතවර හේ කරන්න හැදුවොත් මට කියහං//

      ඇයි ඒ ටික උඹට කරවගන්නද?

      Delete
    3. මේ ඉන්දික, උඹ ඩ්‍රැකියව මගේ හතුරෙක් නොකර හිටිං. මම මේ කිව්වේ ජාතික පිරිමි කාර්යාංශයට , පිරිමි කටයුතු අමාත්‍යාංශයට හරි දැනුම් දීලා පිරිමි අයිතිවාසිකම් ‍රැකගන්න පිරිමි හිංසනයට විරුද්ධව කට පියාගෙන නොඉඳ.

      Delete
    4. @ ඉන්දික සහ හෙන්රි

      හයියෙන් හිනා උනා ඕං...

      Delete
    5. //ඇයි ඒ ටික උඹට කරවගන්නද?//
      ඉල ඇදෙනව මේ කතා වලට

      Delete
    6. බලපං මුන්ට මලක් ගැන කිව්වම..

      හද ගැනත් කියල
      පැදුර ගැනත් කියල
      කාන්තාව ගැනත් කියල
      අතවර ගැනත් කියවනවා..

      බ්ලොග් ලෝකේ ගන්න දෙයක් නැහැ බං..

      Delete
  12. ඔන්න මාත් වැන්දා. ආයෙ මොකද මාත් උඹේ පැත්තේ එකානේ.
    මම නම් ඔය මල අඳුනන්නේ නෑ බං.

    ReplyDelete
  13. මටත් අතු කෑල්ලක් දීහන් සෑමෝ.. මම පනහා ගෙවන්නම්. ඔන්න උබ කියන දවසට මම තොරණ හංදියට එන්නම්... කවද්ද ගේන්නේ ? මේ සති අන්තයේ ?

    ReplyDelete
    Replies
    1. @ මධු,

      ඕවා වල් ගස් යකෝ, රැවටෙන්න එපා.

      Delete
  14. හි හි මල් පලෙටත් වන්ධින සැදැහැති උපාසක අම්මලා ඉන්නවානේද? මල් නං ලස්සනයි.

    ReplyDelete
  15. උඹ තමා දවසකටත් මිනිහා. අන්න ඩ්‍රැකියත් වැද වැද ඉන්නවා බුකියේ

    ReplyDelete
  16. අහුවෙන්න එපා..මුන් දෙන්න කතාවෙලා වල් ගස් විකුනන්නයි යන්නෙ ..

    ReplyDelete
    Replies
    1. ඕක කියපු දෙවැනියා තමා සරත් අයියා. පළවෙනියා මිසිස් ඩ්‍රැකියා...

      Delete
  17. ඩ්‍රැකිය ඔය මලෙනුත් හඳේ යන්න හදයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. යමං ප්‍රසා මාත් එක්ක හ‍ඳේ

      Delete
  18. මල් ව්‍යාපාරයකට මුල් තියන්න වගේ යන්නේ උඹලා.

    ReplyDelete
  19. මිනිස්සු නොමග යවන්න කියාපු බඩුව උබ තමා.
    ගිනි ගණන් වලට මල් පැල විකුන්නන්න එපා බන්,

    සැමදා වගේ කතාව සුපිරි.

    ReplyDelete
  20. යකෝ එකම පැල වර්ගය ගොඩවල් තුනකට ගහපන්. එක ගොඩක ඉංග්‍රීසියෙන් ගහපන් හයිබ්‍රිඩ් කියලා. ඒ පැලයක් 150 යි. ඊළඟට දෙවැනි ගොඩේ සිංහලෙන් ගහපන් දෙමුහුන් කියලා. ඒ පැලයක් 100 යි. ඉතුරු පැල මොකුත් නමක් නොගහා එකක් 50 යි. ඔන්න ඔහොමයි බිස්නස් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. අර සුමනගිරි හෝටලේ මාලුවලටයි මස්වලටයි දෙකටම හදන හොද්ද වගේ.

      Delete
  21. ඔය මල් ජාතිය නං මාත් හොඳට දැකල පුරුදුයි සැමෝ අපේ පැත්තෙ ඔව්ව වැටවල් වල හෙම කැලේට හැදෙන ගස් ජාතියක්නෙ බං.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව අපේ ගෙදර උන්දැත් කිව්වා. හැබැයි ඒ මල රෝස පාට වෙන් නෑ...

      Delete
  22. ‘‘ඒවා නීතියෙන් තහනම් වන්නේ පොලිසිය ආතල් නොදන්නා නිසාය‘‘ පිසසුද බං උඹට උන් තමයි ගහන තරමක් මල් ගහන්නෙ. එහෙම නැතුව උඹ හිතන්නෙ ඔය හංදියක් හංදියක් ගානෙ පුල්ලෙයාර දෙයියො ඉන්නව වගේ ඉදගෙන අහිංසක වුන්ට කෙලවන්නෙ හොදට ඉදගෙන කියලද . උන් තමයි බං ගහන තරමක් ගහන්නෙ රටක නැති මල්

    ReplyDelete
  23. මල වැදිල නෑ වගේ තාම. ඒකත් බුකියෙ දායි ඩ්‍රැකිය

    ReplyDelete
  24. අවුරුද්දෙන් පසු නැවතත් සයිබරයේ මඩ වැදීමට පටන් ගෙන තිබේ..ඔබගේ ආරක්ෂාව ඔබ සතුය..

    ReplyDelete
  25. දැන් උඹ මල් බිස්නස් ඒකත් පටන් ගත්තා එහෙනම්!

    ReplyDelete
  26. @ සෑම් & ඩ්‍රැකි.....මලක මෙලෙක තේරෙන්නේ නැති එවුන් ඔය උඩ කියනා එව්වා ගණන් හන්න එපා :D

    මලක මෙලෙක හිතාගන්න බැරි අතකින් මල් නෙලන්න එපා යාළුවේ
    හිතක මෙලෙක හිතාගන්න බැරි හිතකින් පෙම් කරන්න එපා යාළුවේ........

    ReplyDelete
  27. මමනම් පලයක් 100කට හරි ගන්නවා අර අක්කට කියලා ආයෙත් වන්දවලා දෙනවනම්

    ReplyDelete
  28. ලස්සනක් නැති මලක් නේ. නිකන් දෙන්න බැරිද.
    බලු මල දැකලා නැද්ද

    ReplyDelete
  29. යකෝ උබත් මල් බිසිනොස් පටන් ගත්තද ඒ ගමන :D

    ReplyDelete
  30. ඉස්සට මල් ගහපු එකා දැන් මල් විකුණනවද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...