Showing posts with label සිතූ - කුසූ ආදර අන්දරය. Show all posts
Showing posts with label සිතූ - කුසූ ආදර අන්දරය. Show all posts

Wednesday, November 4, 2015

ඇට්ටේරියා ගසක බැඳි ආදරය... 2



සිතුම් ගත් ගැම්ම ඉස්තරම් වූයේය. අකිලයාගේ අත ගිලිහුණේය. ක්ලාස් අහවර වී අන්තිම බස් එකේ ගෙදර එද්දී ෆුට් බෝඩ් එකේ සිතුම් එල්ලෙද්දී, අකිලයාවත් එල්ලා ගැනීමට උත්සාහ කළ දිනය අකිලයාට සිහි වුයේය. සියළු උත්සාහයන් අතහැර සිතුමාට ගෙදර යන්නට දී අකිලයා ආපසු හැරී බස් හෝල්ට් එකට විත් හිට ගත්තේ ඉවසීමෙන්, ප්‍රශ්න ඇති නොකරගෙන, ජීවිතයට මුහුණ දෙන ආකාරය ප්‍රගුණ කර ඇති නිසාය. එදා සිතුමා ඊලඟ නැවතුමෙන් බැස අකිලයා සොයාගෙන නැවත ආ සැටි අකිලයාට මතකය. ඒ සිද්ධිය මතක තිබියදීත් අකිලයා පැත්කට වී බස් එකක් එනතුරු මෙන් බලා සිටියේය. අත්ලෙහි වූ පොරි ගොටුවකට විසිවෙන්නට පහර දෙන්නේ යම් සේද එසේම සිතුමා ඉදිරියට පැන බයික් එකේ සිටි අනංගයාට පා පහරක් එල්ල කළේය. හෙල්මට් එක පාර එහා පැත්තේ කාණුවටද, බයික් එක පාර මැදටද විසිව ගොස් අනංගයාගේ කකුලක් බයික් එකට යටව තිබුණේය. කෙහෙල් ලෙල්ලක් මත නැගි එකෙක් බේරා ගන්නට අල්ලා ගන්නට වෙලාවක් අසල උන්ට නොලැබෙන්නේය. එලෙසම කරකියා ගත දෙයක් නොමැතිව, කිසිවක් සිතා ගන්නට කාලයක් නොමැතිව අනංගයාගේ මිත්‍රයන් දෙදෙනා බලා සිටියෝය.

වරදෙහි බැඳෙන්නට පෙර ඔවදන් දෙන මිතුරන් කොහෙවත් නැතිය. වරදෙහි බැදී කෙළ වූ පසුව උපදෙස් දෙන්නට මිතුරන් බොහෝය. මිතුරන්ගේ දෙමාපියන්ද බොහෝය. අනංගයා බයික් එකට යටව සිටියදී දිව ආ මිතුරන් දෙදෙනා බයික් එක උස්සනවා වෙනුවට කළේ ඔහුට ඇඩ්වයිස් කිරීමය. ඒ හැටිය. ඔහු බයික් එක උස්සපං කියා කෑ මොර දෙද්දී මිතුරන් දෙදෙනා බිමට නැමුනේ තම මිත්‍රයා ගොඩ ගැනිමටය. උන් දෙදෙනාටම පහර දී සිතුමා වැඩ පෙන්වන්නට ගියේය. එක් වරක් වීරයෙකු වූ පසු තවත් වැඩ දැමීම මෝඩ කමක් යැයි සිතුමාට තේරුණේ පසුවය. අනංගයාගේ කකුලක් තුවාල වී තිබියදීත් ඔහුගේ මිතුරන් දෙදෙනා සිතුමා අල්ලාගෙන එක් කනේ පහරක් දුන්නේ එලොව තරු පෙනෙන්නටය. හුලං පිරුණු කන් ගුල් අතරන් සිතුම්ට ඇසුණේ එකම දෙයක්ය. “අහු වෙයන් උබ... අහු වෙයන් උබ... අහු වෙයන් උබ... අහු වෙයන් උබ...“

තුන් දෙනෙකුට සිතුමා තනියෙන් නෙලද්දීද අකිලයා සිටියේ බස්හෝල්ට් බම්බුවට හේත්තු වෙලාය. උන් වගේ උන් පොල් පිත්තෙන් කැපිය හැකිය. එහෙත් මිතුරන් අත් හැරිය නොහැක. අකිලයා කීවේ නම් සිතුමාට සිහිය නැති වුණොත් හොස්පිට්ල් ගෙන යාමට තමන් හොද සිහියෙන් සිටිය යුතු නිසා සීන් එකට එන්ටර් නොවූ බවක්ය. සිතුමා දිවි පරදුවට තියා ගේමට එන්ටෑරු වුවත් අනේ තැන්කියූ කීමටවත් කුසුම්ගේ දිව නොනැමුණේය. කෙල්ලකගේ හැම අහු මුල්ලක්ම නැමෙන්නේය. එහෙත් දිව නොනැමෙන්නේය. කිසියම් කාලකන්නි වැඩක් කොට අනේ සොරි මෙයා කීමට නම් දිව නැමෙන්නේ තැන් හතර පහකින්ය. අකිලයාට කෙන්ති ගියේ සිතුමා එක්ක නොවේය. කුසුම් එක්කය. එය නැවත නැවතත් සිතුම්ට මතක් කරන්නට ඔහු පෙළඹුනේය. සිතුම්ට ගාණක් නැතිය. අකිලයා පසුව බුවනෙකයාවද වැඩේට සැට් කර ගත්තේය. ඒ සිතුම් ඉන්නා තැන කුසුම් වැනි කතකට පෙම් බැදීමේ ආදීනව කියා දීමටය.

මුද්දර එකතු කරන කාලයේදී කරපු අමාරුම වැඩේ ලියුම් කවරයෙන් මුද්දරය ගලවා ගැනීමය. දන්නා උන් කවරය වතුරේ දමා මුද්දරය ආරක්ෂිතව ගලවා ගන්නෝය. එහෙව් බැරි එකා දිව හපාගෙන මුද්දරය අමු අමුවේ ගලවන්නට දගලන්නෝය. සිදුවන්නේ මුද්දරය පළුදු වීම පමණක්ය. කුසුම් ගෙන් සිතුම් ගලවා ගත යුත්තේ බුද්ධියෙන් සිතා බලාය. සිතුම් නම් මුද්දරය කුසුම් නම් තැපැල් කවරයේ ඇලවී ඇත්තේ දිවෙන් කෙල ගා නොවේය. රබර්කිරි බාල්දියක එබීමෙන්ය. සිතුම් මැදි කරගත් බුවනෙක සහ අකිලයා මුද්දරය පලුදු නොකර ගැලවීමේ කටයුත්ත ඇරඹුවෝය. සුපුරුදු ස්ථානයේදීය. සිතුම්ලා සැට් වෙන්නේ එතැනය. වල බසින්නේ එතැනය. කොණ්ඩය කපා ගන්නට ගොඩ වදින්නේද එතැනටය. එතැන ගමේ සැලුන් එකය. එළියේ ඇති අබලන් බංකුව උන්ට සෝෆා සැට් එකක්ය. පසෙක වූ ඇට්ටේරියා ගස සෙවන සලසන්නේය. 

“සිතුමා තෝ දන්නවද ඕකි මහ ඇට්ටර බඩ්ඩ..“ ආරම්භය එසේය. එතැන් පටන් අම්මාගේ අප්පාගේ හිස්ට්‍රියද, අක්කාගේ දැගලිල්ලද. අයියාගේ මැර කම්ද ඇට්ටේරියා ගස යට බංකුව මත තබන්නට වූයේ බුවනෙක හා අකිලයා විසින්ය. උන්ට උවමනා වූයේ මුද්දරය ඉරා දැමීම නොව මුද්දය ගලවා ඇල්බම් එකේ දැමීමය. එහෙත් කාලකන්නි මුද්දරය බලන්නේම දෙකට ඉරී යන්නටය. බලු නකුටට ගල් තබා හෝ කෙලින් කිරීම අසාර්ථක උත්සාහයේ යෙදී සිටියේ මිත්‍රයන් දෙදෙනාය. සිතුම් බල්ලාගේ දෙපැත්තෙන් අල්ලාගෙන සිටියේ බුවනෙක හා අකිලයාය.

“බ්‍රාාාාස්“

මහ පාර අයිනේ පෙනෙන දුරින් නැවැත්වූයේ උස ට්‍රේල් බයික් එකක්ය. බයික් එක පැදන් ආ එකා ආම් කට් එකක් ගසාගෙන සිටියේය. පිටු පස එකා දිග රැවුලක් සහිත අයෙක්ය. අතේ වක් පිහියක්ය. දෙදෙනාම හයේ හතරේය. එච්චර උස ට්‍රේල් බයික් එකක සිට කකුල බිම ගාන්නට හැක මට්ටම් උන්ය. බයික් එක පිටුපස එකා එක වරම අඩිය ගසා බැස්සේ ගේමක් නැතුවය. වක් පිහියෙන් බෙල්ල කසමින් ආ හෙතම කලබලයක් නොපෙන්වා ඇවිදගෙන ආවේ සිතුම් සිටින දිශාවටය. ඔහුව අනුගමනය කරමින් බයික් එකේ ස්ටෑන්ඩ් එක ගසා අනිත් පුද්ගලයාද ඒ දෙසට ඇදුනේය.

පෑඩ් ගැලවී යන තරම් සද්දෙට වැදුනු බ්‍රේක් පාර නිසා සිතුම්, බුවනෙක හා අකිලට ඔවුන්ගේ පැමිණිම වෙන වෙනම පෙන්වීමට උවමනාවක් නොවීය. බ්ලෙන්ඩරයට දැමූ පොල් කුඩු මෙන් සිත තුල දස අතේ කැකෑරෙන කුසුම් ගේ සිද්ධියෙන් තිදෙනාම වික්ෂිප්ත වූවෝය. අකිලයා සුපුරුදු නිර්භීත ස්වරූපයෙන් එතැම වූ කෙටි තාප්පයෙන් එහා වත්තට පැන්නේය. බුවනෙකයා දිව ගොස් සැලුන් එකට රිංගුවේය. කොණ්ඩය කපන පුටුව මත හිඳගත් හෙතෙම සැලුන් එකේ අයියාට කියා සිටියේ තමන්ගේ කොණ්ඩය කපන ලෙසය. කිසිත් නොදත් සැලුන් එකේ ඩෑල් එක බුවනෙකයා වැසෙන්නට රෙද්දක් දමා බෙල්ලෙන් ඉහල පමණක් පෙනෙන්නට ඉතුරු කළේය. සිතුමා තනි වූයේය. බයික් එකෙන් ආ දෙදෙනා ලගම එන්නේය. කිසිවක් හිතා ගත නොහැකිව සිතුමා බංකුවට අඩිය තබා ඇට්ටේරියා ගසෙහි අත්තක එල්ලුනේය. එල්ලී අතු කිහිපයක් උඩට නැගුනේ ජීවිතාශාවේ තරම තේරුම් ගනිමින්ය.

බයික් එකෙන් ආ දෙදෙනාගේ කලබලය වැඩි වූ බවක් සිතුම්ට දැනුනේ තම හදවතේ වූ ගැස්මේ තරම වැඩි වූ බැවින්ය. ගසේ අතු සෙලවෙන බවක් දැනුනේය. එය තම හද ගැස්මට සමාන බවක්ද දැනුනේය. වක් පිහියක් අතින් ගත් පුද්ගලයා බංකුව අසලට විත් වටපිට බැලුවේ කිසිවක් සොයනා පරිදිය. අනෙක් පුද්ගලයා ගසේ කඳ අතගා බැලීය. විටක ගසේ මුල පිරික්සීය. ඔවුන් අමු මැරයන් විය හැකිය. උන්ගේ සෝදිසිය උපරිමයෙන්ය. පොලිස් බල්ලන් මෙන්ය. වැටුනු වැලි කැට පවා ඉව කර බලනා තරම්ය. සිතුම්ට චූ බර හැදුනේය. 

වක් පිහිය අතින් ගත් මැර අයියා එක් වනම ගස උඩ බැලීය. මේසය උඩ තැබූ මාළු කැබැල්ල දුටු බලලෙකු මෙන් හෙතෙම සිතුම් දෙස නෙත් හෙලීය. මාළු කැබැල්ල පැහැදිලිය. බලලාද සූදානම්ය. සිතුම් සිත හදා ගත්තේය. මැර අයියා සිතුම් ඇමතීය. වක්පිහියෙන් බෙල්ල කැසීය.

“මල්ලී.. තමුසෙ මොකද ඔතන කරන්නේ..“

“මං.. මේ.. මං.. මං...“

“මං මං නෙවේ අයිසේ.. මේ පිහිය උඩට දාන්නම් පුලුවන්නම් ඔය උඩ හරියෙන් පොතු ටිකක් රැහැලා බිමට දානවකෝ..“

“ඒ.. ඒ මොකටද අයියා..“ සිතුම් මැර අයියාගේ කෝචෝක් එකට පිලිවදන් දුන්නේය.

“රෙද්දක් කියවන්න එපා අයිසේ.. මේ ලෙඩෙක්ට සිංහල බෙහෙත් වගයක් හොයනවා. බැරි නම් කියපං අපි යට හරියෙන් පොතු ටිකක් කපාගෙන යන්නම්..“

** අහවරයි **

Written_by_sAm_8:53pm_04/11/15

Monday, November 2, 2015

ඇට්ටේරියා ගසක බැඳි ආදරය...


දෙකේ පන්තියේදී කෙල්ලෙක් විරිත්තුවොත් ටීචර් ලගට දිව යන සිතුම්ට එදා ලැබුණේ කුමන ශක්තියක්ද යන්න සිය මිත්‍රයන්ටද ගැටළුවක්ය. විස්කිරිඤ්ඤාවක් උඩ විසිකර බිම වැටෙන්නට යන කාලය යම් ප්‍රමාණයක් වේද ඒ කාල ප්‍රමාණය ඇතුලත සිතුම් තුන් දෙනෙකුට බිම වැටෙන්නට තඩි බා අවසන්ය. උන් හයේ හතරේ එවුන්ය. එලෙස කීවේ සිතුම් දස අත නෙලද්දී බස් හෝල්ට් එක අස්සට වී බස් එකක් එනතුරු මෙන් බලා සිටි අකිලයාය. බස් එකක් එනතුරු සිටින්නාක් මෙන් රඟපෑවේ නැති නම් හෙතෙම අද බලා සිටින්නේ හ(ර්)ස් එකක් එනතුරුය. නොඑසේ නම් අකිලයා මේ වන විටත් අවසන් ගමන් ගොස්ය. සිතුම්, අකිල සහ බුවනෙක යනු එකම පොල් ගසේ හනසුය. පිට පොත්ත පමණක්ය. ඇතුලතින් එතරම් වැඩක් නැතිය. එකම පාසලේ එකම පන්තියේ මුල්ලකට වී සිටින තිදෙනාටම කෙල්ලන්ගෙන් කරදරය. තිදෙනාගේම මුවින් හැමදාකම පිට වූයේ එකම වාක්‍ය ඛන්ඩයක්ය. “මේකුන්ට තියෙන විසේ.. මුං කොල්ලන්ට හපන්“ කියාය. 

සිතුම්ගේ සිත තාප්පයට ඇලවූ පෝස්ටරයක් ලෙස ඇලවී තිබුණේ කුසුම්ගේ මුවේය. ඇය සිතුම් දෙස නොබැලුවාම නොවේය. විටක ඈත එන බස් එකකට අප අත දමන්නේ අප යායුතු බස් එක එනවා කියාය. එහෙත් ලඟට ආ බස් රථයේ බෝඩ් එක වෙනස් නම්, යන්නේ වෙන තැනකට නම් අප කරන්නේ බස් එක නොදැක්කා මෙන් සිටීමටය. අත නොදැම්මා මෙන් රැඟීමය. සිතූ හමුවේ කුසූගේත් හැසිරීම එලෙසය. ඇය සිතුම් දෙස බලන්නීය. හදවතට අත දමන්නීය. කළඹන්නීය. එහෙත් සිතුම් ඇගේ සිත මානයේ දැවටෙද්දී ඇය පසකට වන්නීය. එය කාන්තාවන්ට හුරු පුරුදු දෙයක් බව සිතුම්ට කියා තිබුණේ සීයාය. සිතූ ගේ ආච්චී නාන තොටේදී දිය රෙද්ද කඩා නැවත අදින්නේ සීයා දෙස බලාය. ඉන් ෆෝම් වන සීයා ආච්චීගේ පස්සට තට්ටුවක් දමා ඇත්තේ දිය යට සිටියදීය. එහෙත් ආච්චී පෙර පෑ රාගාධික බැල්ම තමා සතු නොවන්නක් මෙන් ගඟ උතුරන සද්දෙන් කෑ ගසා ඇත්තීය. එදා සීයා ගෙදර විත් ඇත්තේ අමුඩය පවා ගඟට පූජා කිරීමෙන්ය. පසු කළෙක සීයාගේ බලහත්කාරකමකින් ආච්චී සීයාට නතු වී ඇත්තීය. එයද පිළිනොගන්නා ආච්චී සිතුම්ට පවසන්නේ ඇය, සීයා ගැන දුක සිතී මේ ගමන ආ බවය. ඒ උදාහරණය සීයා තමන්ට දුන් ආභරණයක් කොට සිතුම් කුසුම් වෙනුවෙන් සැදි පැහැදී සිටින්නේය. එලෙසම ඇය ලඟට යන්නට වාරයක් එනතුරු සිතුම් බලා සිටින්නේය.

සුපුරුදු උදෑසනක්ය. හිරු නැගුනේ නැගෙනහිරින්ය. සිතුම් බස් නැවතුමට ආවේය. කුසුම්ද තාත්තාගේ ෆුට් සයිකලයේ නැගී පැත්තට ඉඳගෙන විත් බැස්සේ බස් නැවතුමෙන්ය. ටියුෂන් යෑමට නිසා දෙදෙනාම පාට ඇඳුමින් සැරසී දෙපැත්ත බලා සිටියෝය. කුසුම් සිතුම් දෙස නොබලන්නේ ගමේ බස් හෝල්ට් එක නිසාය. ඇගේ පියාද ඇය බස් රථයකට නගිනාතුරු වෙනදාට බලා සිටින්නේය. එහෙත් එදා ඔහු ඇය හෝල්ට් එකේ තබා නැවත ගෙවල් පැත්තට හැරුණේය. තමාට උරුම නැති වෙනත් ආදර කතන්දර සිතුම්ට සිහි වන්නේය. වෙන කෙල්ලන් බසයට නඟින තුරුම ඇගේ දෙමාපියන් බලා සිටින්නෝය. ඔවුන් දෙමාපියන්ට සමුදී ගොස් කෙලින්ම ඉඳගන්නේ තම සහකරු අසලය. ඉන්පසු සිදුවන්නේ ක්ලාස් එකේ සර් කියා දිය යුතු පාඩම් මාලාව ඇයට ඔහු විසින් කියා දී නිවසට පිටත් කිරීමය. ඒ සිතුම් දන්නා අන් අයගේ ආදර කතන්දරය. එහෙත් සිතුම්ට ඇත්තේ අනෙකක්ය. බලා සිටීම, බවුන් වැඩීම, හැර අන් දෙයක් සිතුම්ට නොතිබියේය. සුපුරුදු පරිදි අකිලයාද පැමිණ සිතුම් එහා පැත්තේ හිට ගත්තේ සිතුම්ගේ දැහැනට බාධාවක් නොවන පරිදිය.

කුසුම් ඇගේ ලේන්සුව ගෙන නහය වසා ගත්තාය. අකිලයාද ඇඟිලිතුඩින් තම නාස් කුහර සිරකර ගත්තේය. සිතුම් දිගු හුස්මක් ගෙන සෙමින් පිට කළේ සිත සැහැල්ලු කරගෙන කුසුම් දිහා නොනැවතී බලා සිටින්නටය. අකිලට, කුසුම්ට ස්වසනයට බාධාවක් වූ නගර සභාවේ කුණු ටැක්ටරය පරිසරය කලතමින් ඔවුන් පසුකර ගියේය. ටැක්ටරයෙන් බිම වැටුණු තැඹිලි කෝම්බයක් පිටුපසින් ආ වාහනයේ ටයර් එකට යට වී පාරෙන් පිටතට විසික් වුයේය. ඒ සමඟම ආවේ ට්‍රේල් වර්ගයේ බයික් එකක්ය. මෑතකදී පාසල හැර ගිය තරමේ උන් කොල්ලෙකු කුසුම් අසල නතර වූයේය. පසු පසින් ආවේ තවත් බයික් එකක්ය. එහි සිටියේ කලින් බයික් එකේ ආ කොලුවාගේ මිතුරන් දෙදෙනෙක්ය. සියල්ල පසෙකට වී නිහඬව බලා සිටින්නට සිතුම්ට හා අකිලට සිදු වූයේය. ප්‍රථමයෙන් ආ කොලුවා මොනවදෝ මිමිණුවේය. කුසුම් නිහඬය. පාර දෙස බලාගෙනමය. නැවතත් ඔහු කුසුම්ගේ ලේන්සුවෙන් ඇද්දේය. අනෙක් උන් දෙන්නා මහ හඬින් සිනාසෙන්නට වූවෝය. සමහර විකට කතා වලට හිනා යන්නේ නැතිය. එවිට කරන්නේ ප්‍රධාන චරිතය කුමක් හෝ කියද්දී පසුබිමින් හිනා හඬක් කතාවට මුසු කිරීමය. මෙතැනදී ඒ කාර්යය පැවරුණේ කොලුවාගේ මිත්‍රයන් දෙදෙනාටය.

සිතුම් රතු පැහැ වූයේය. අකිල සිතුම් දෙස බැලුවේය. සිතුම් විමසුවේ මොකක්ද බං අතන වෙන්නේ කියාය. අකිලයා සද්ද නැතිය. ඔහු කියා සිටියේ කුමක් වුවත් නොදැක්කා සේ සිටීම තැනට සුදුසු බවය. එහෙත් එය කළ නොහැකිය. තමාට ආදරය නොකළත්, කුසුම් සිතුම් දෙස විටක බලා මදහසක් පාන්නීය. බොහෝ විට බස් එකේදී කොන්දොස්තර ඇය අසලට එද්දී ඇය සිතුම් දෙස බලන්නීය. එවිට හද තුලින් මෝරා එන සෙනහස සිතුම්ට වචන මතක් කර දෙන්නේය. “හරි.. ඒ නංගිට ටිකට් මම ගන්නම්“ ඒ පැහැදිලි වචන කන වැකුණු තැන සිට ඇය නැවත සිතුම් දෙස බලන්නේ බස් එකෙන් බහින විටය. ඒ කෙසේ වෙතත් සිතුම් තවමත් ඇයට ආදරේය. ඇය වෙනුවෙන් ටිකට් පොතක් වුවද මිලට ගැනීමට තරම් ඔහු ඇයට ආදරේය.

සිතුම් ඉදිරියට ඇදුණේය. අකිල අතකින් ඇද්දේ සිතුම් නවතා ගන්නටය. එවලෙහිම බර්ත්ඩේ කේක් එකක් මත තැබූ ඉටිපන්දමක්, බලා සිටින්නවුන්ගේ සුභ පැතුම් ගීත අහවර වෙද්දී “පුහ්“ ගා ක්ෂණීකවම නිවෙන්නාක් මෙන්, කුසුම්ගේ දෑසේ බැල්ම ක්ෂණිකවම සිතුම් වෙලා ගත්තේය. එය අකිලයාගේ දෑත අතැර ඉදිරියට පනින්නට තරම් ගැම්මක් සිතුම්ට ලබා දුන්නේය.

- සිතුම්ට වෙච්ච දේ ඊලඟ පෝස්ට් එකෙන්..

Written_by_sAm_ශ්‍රී_Perera_02/22/15

Saturday, February 7, 2015

මධුසමයට පසුදා... - Day After Honymoon


දවස් දාහතරක ලස්සන හනිමූන් එක ඉවර වෙලා අපි දෙන්න ආපහු එන්න පිටත් වුණා.

“අනේ හරී ලස්සන පලාතක් සිතූ.. ආසාවේ බෑ.. ම්හ්.. තෑන්ක්ස්.. මම ඇත්තටම හිතුවෙ නැහැ අපි දෙන්නගෙ හනිමූන් එක මෙච්චර ලස්සන එකක් වෙයි කියලා..“ එයා එහෙම කිව්වා.

“ඔව් කුසූ.. මාත් හිතුවෙ නැහැ..“ එහෙම කියද්දි මට මතක් වුනේ අපේ සීයා කියපු කතාව. ඒ කාලෙ නම් එහෙම නෑලු. කසාද බැන්ද එදාම රෑට පවුලව ගෙදරට දක්කන් එනවලු. මොනාද මේ කැලෑ ගානෙයි, කදු ගානෙයි කල් මරන්නෙ කියල සීයා දවසක් ඇහුවා.



“මේ දැන් අපි මෙතැන ඉදන් කෙලින්ම යන්නෙ අපේ අලුත් ගෙදරට නේද සිතූ..“

“ඔව් කුසූ.. කෙලින්ම යන්නෙ අපේ ගෙදරට.. “

“මේ එතකොට ඔයා කිව්වා නේද ඒක තට්ටු සීයක බිල්ඩින් එකක් කියලා..“

“ඔව්, කුසූ.. ඒක ඒ පලාතෙ තියෙන උසම බිල්ඩින් එක.. හන්ඩ්‍රන්ඩ් ප්ලාසා කියල තමා කියන්නෙ. වෙන එකක් තියා අපේ කාමරේ බැල්කනියට ගියාම සමනල කන්දත් පේනවා. “

“ශා.. ඇත්තද සිතූ..“

“ඔව් කුසූ... මං හැමදාම උදේට එතැන ඉදන් බලනවා... “

“හානේ.. මට නම් අපේ ගෙදරට යන කල් ඉවසිල්ලක් නැහැ සිතූ..“

“ඒත් උදේ හවස තට්ටු හැත්තැ පහක් නගින්න බහින්න තියෙනවා..“

කමක් නැහැ සිතූ අපි නගිමු, අපි බහිමු මොකද ඉතිං අපි දෙන්නම නේ..

නගිමු බහිමු කතාවෙන් මගේ හිත ගැස්සුනා. අපේ එවුන් ඒ කාලෙම කිව්වේ මේකි වන්දනා නඩ එක්ක හොඳට නැගපු බැහැපු කෑල්ලක් වෙන්න ඇති කියලමයි. ඒත් මම ඒ සැකය මොහොතකට හංගා ගත්තා.

“නැ කෙල්ලෙ මම ඔයාට බොරු කිව්වේ. ඒ බිල්ඩින් එකේ ලිෆ්ට් එකක් තියෙනවා. ඒ ලිෆ්ට් එකේ බටන් එක ඔබලා මේ බලලා මේ බලද්දි අපි හැත්ත පස්වෙනි තට්ටුවේ... “

“හොර කොල්ලා.. මාව බොරුවට බය කළා.. මෝඩයා..“

 කතාවෙන් කතාව අපි ගේ ලගටම ආවා.

“බහින්න කුසූ...“

“හානේ.. මේ බිල්ඩින් එකේ උසඅඅඅ...“

“අඅ.බ්.. හරි යමු..“ මම බෑග් ටිකත් අරන් ඉස්සර වුණා.

*******

“ෂික්... අදම ලිෆ්ට් එක කැඩිලා.. සොරි කුසූ අපි මොකද කරන්නෙ??“

“මොනා කරන්නද සිතූ කෝමෙන් හරි නගිමු..“

“හරි.. මම විසිපස්  වෙනි තට්ටුවට වෙනකල් ඔයාගෙ පාලු මැකෙන්න සිංදු කිය කියා නගිනවා..“

“ෂාහ්.. නියමයි නේ..“

“හැබැයි ඊට පස්සේ විසිපස්වෙනි තට්ටුවෙ ඉදන් පනස් වෙනි තට්ටුවට වෙනකල් ඔයා සිංදු කියන්න ඕනේ..“

“අනේ.. මට ඔයාට වගේ සිංදු කියන්න බැහැනෙ සිතූ..“

“හරි.. සිංදු බැරි නම් මොනා හරි කියන්න ඕනෙ...“

“ආ.. මං කතන්දර කියන්නම්..“

“හහ්.. ඒක හොදයි..“

“එතකොට පනස් වෙනි තට්ටුවෙ ඉදන් හැත්තැපස්වෙනි තට්ටුවට යනකල්.. “

“ආා.. එතැන ඉදන් මම ආයෙත් සිංදු කියනවා..“

“ෂාහ්.. නියමයි නේ.. එහෙනම් මේ ලිෆ්ට් එක කැඩිච්ච එකමයි හොඳ.. යං...“


කුසූව ඉස්සරකර ගත්ත මම සිංදුවක් කියාගෙනම පඩිපෙල නගින්න ගත්තා.

“බැරි බර කරේ තියන්... දෙපයට වාරු අරන්.. අපෙ බඩ කට පුරවනවා...“

“ෂාහ්.. නියමයි නේ සිතූ...“

“ආන්... ඔන්න හරි.. අපි විසිපස්වෙනි තට්ටුවටම ආවා... දැන් ඔයාගෙ වාරේ..“

 “අනේ සිතූ.. මට ලැජ්ජයි... මම කියන්නම්.... ම්..... පනස් වෙනි තට්ටුවෙ ඉදන් හැත්තැ පහට මම කියන්නම්...ම්.... පනහ වෙනකලුත් ඔයාම සිංදු කියන්න කෝ..“

“හහ්හා.. හහ්හා.. හහ්හා.. (හති යවමින්) හරි මෙතැන ඉදන් පනහට මම ම සිංදු කියන්නම් හැබැයි ඉතිං පනහේ ඉදන් හැත්තෑ පහට ඔයා සිංදු කියන්න ඕනේ..“

“හහ්හා.. හහ්හා.. හහ්හා.. (හති යවමින්) හා.. හරි හරි...“

මං ආයෙත් සිංදුවක් කියාගෙන පඩි නගින්න පටන් ගත්තා...

“ඔබ හා මෙමා.. අතිනත් අරන්.. අපගේ ලොවේ.. තනි වූ එදා..“

“ආහ්.. හරි.. ඔන්න පනස් වෙනි තට්ටුවටත් ආවා.. හහ්.. හහ්.. දැන් ඔන්න ඔයාගෙ වාරේ..“

“ඒ කියන්නෙ දැන් මං කතන්දර කියන්න ඕනෙ නේද සිතූ..“

“ඔව්, ඔව්, ඔව්.. දැන් නම් කියන්නම ඕනේ...“

“අනේ සිතු.. වෙරි සොරි...“

“ඇයි... ? ඇයි කුසූ...“

“මම කතන්දර නම් ඕනෙ තරම් කියන්නම්.. ඒත්...“

“ඇයි කුසූ ඒත් කියන්නේ?????“

“මට ඉස්සෙල්ලාම ඔයාට කියන්න තියෙන්නේ... ගොඩාක් දුක හිතෙන කතාවක් සිතූ..“

“ඒ.. ඒ.. මොකක්ද කුසූ ඒ...??“

“මේකයි ඒ දුක හිතෙන කතාව සිතූ..“

“මොකක්ද කුසූ..“

“ඔ.. ඔයා.. ඔයාා මට දීපු අපේ ගෙදර දොරේ යතුර...“

“ඔව් කුසූ...“

“මං ඒක... ක.. කාර්.. කාර් එකේ අමතක කරලා ඇවිල්ලනේ සිතූ...“

Sunday, February 19, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (6 - අවසන් කොටස)



මෙතෙක් ස්ටෝරිය.....

ගලා යන ග‍ගක එකට ඇලී ගමන් කරන මල් පෙති දෙකක් මෙන් සිතූ - කුසූ ආලෙන් වෙලී,  ආදරය සරි කර ගනිද්දි, ගග මැදට හෙලාලූ මහා රුක්ෂයක් සේ විමලේ මෙකි ජීවිත මැදට පතබෑවෙයි. අවංක ආදරයක කුලුදුලේ පිපි කුසුමක් වු කුසූ හැගීම් අතර අතරමං කොට පෙති කඩාහැලි රෝස මලක් බවට පත්කරන්නේ විමලේය. කිසිත් නොදත් සිතූ තම ජීවිතය ඇගෙන් ලබන්නට වෙර දරයි. 

කිසිත් නොදත් සිතූ කුසූ රැගෙන පුංචි අම්මාගේ නිවසේ රැදෙයි. එදින රාත්‍රියේ... ""අඩේ පාහරයා.. තෝ කොහෙ හිටියත් මම හොයාගෙන එනවා යකෝ.. කෝ මගේ කෙල්ල..."" කියමින් කිසිවෙකු දොරට පහර දේ.

අද එතැන් සිට අවසානය තෙක්


***************


""අඩේ පාහරයා.. තෝ කොහෙ හිටියත් මම හොයාගෙන එනවා යකෝ.. කෝ මගේ කෙල්ල...""

තොප්පිගලට කෆීර් ප්‍රහාර එල්ල කරන්නා සේ දොරට තඩි බාමින් හොර බලලෙකු පුරු පුරු ගාමින් කුස්සියේ දොර පහුරු ගාන්නා‍ සේ කිසිවෙකු පුංචි අම්මාගේ දොර කඩන්නට වෙර දැරීය. කුසු, සිතුට තව තවත් තුරුලුවන්නටත්, සිතුගේ පපුවට තද වන්නටත් විය.

පුංචි අම්මාද පශ්චාත් භාගය කඩාගත් කඩියෙකු මෙන් සිතූලා සිටි කාමරයට කඩා පැන්නාය. ඒ ඔවුන් කළ කී දෑ බලන්නට නොව සිදුවන්නට යන සංත්‍රෑන්සිය සැක හැර දැන ගැනීමටය.

"මොකද වෙන්නේ සිතූ පුතේ" පුංචි අම්මා ජනෙල් වලට කර්ටන් දාන්නාක් මෙන් ඇද සිටි චීත්තය කඩා නැවත අදිමින් ඇසුවාය.

"කවුද දන්නැහැ පුංචි අම්මේ" එවර පිළිතුරු දුන්නේ කුසූය. වැල්ලේ කැරකුණු බඹරයේ හැපුණු වැලිකැට ගණන දන්නේ එම බඹරයම මිස අන් කවරෙක්ද ? කුසු පෙර වැරදි සිහි කරමින් තව තවත් තැති ගත්තාය. නමුදු තමා ආදරය කළ තමාට ආදරය කළ සිතූ හැරයන්නට ඇයට බැරිය. කළ වරදට සමාව ලැබීමට තමා දිවිතාක් අවංකව සිතූ සමග සිටිය යුතු බව ඇයට පසක්ව හමාරය.

"මොන බල්ලෙක් වුණත් කමක් නැහැ මම අරිනව දොර" උයන්නට ගෙනා මාලු කූරියෙකු ගිල දමා ගෙදර අයිතිකාරයාට දුටුවිට පැන යන්නේ කෙසේද එලෙසම බියෙන් හා එඩියෙන් ඔද වැඩි සිතූ කුසූවද පෙරලාගෙන ඉදිරියට පැන්නේය.

හලාවත ධීවර ගම්මානයට ගැසූ කදුළු ගෑස් ප්‍රහාරයට මුහුණ දුන් ධීවර ලදක් මෙන් කුසුගේ දෙනෙත් වලින් කදුළු කැට විදින්නට වීය. එකී කදුළු කැට වල තිබුනේ අප ආරම්භක විද්‍යාවට උගත් ලවන නොවේමය. දුක, ත්‍රාසය, ආදරය සහ සිතූ කෙරේ බැදි තෘෂ්ණාව එකතුව ඒ කදුළු කැට නිර්මාණය වී තිබිණ.

"තෝ මොකෙක් වුණත් කමක් නැහැ යකෝ. පොඩ්ඩක් හිටපං දොර නොකඩ. අපේ පුංචි අම්ම මිනිහ නැතිවුණ දවසේ ඉදං පතිවත රැකගත්තේ මේ කොස් ලීයෙන් හදපු දොර හින්ද. තෝ මොකෙක් වුණත් කමක් නැහැ මම දොර අරිනකල් හිටු." සිතු රා බී ඇවිසුන නාලාගිරි හස්තියා මෙන් කුංචනාද කළේය. ඇතෙක් මෙන් කුංච නාද කළද ඇත්තටම සිතු සමසමාජ කාරයෙකි. යු.ඇන්.පී නොවේමය.

"බ්‍රාාාාාර්ස්"


ඒ දොර ඇරුණ හඩ මිසක් සිතූට වාත අමාරුවක් නැත.

මෙතෙක් වෙලා දොර අසලින් නැගූ සද්දය තුරන්ව තිබිණ. දොර ඇරිය විට සිතූ දෙපසින් පුංචි අම්මා සහ කුසුද සිට ගත්තේ සිතූ ගුටි කෑවොත් බේරා ගැනීමටය.
තෝ මොකෙක් වුණත් කමක් නැහැ යකෝ. පොඩ්ඩක් හිටපං දොර නොකඩ. 

කලුවරේ දොර පලු දෙක අතරින් කළු පාට ඡායාවක් දුටුවද කිසිවක් පැහැදිලි නැත. නෙළුම් පොකුනේ පැවැත්වෙන ෂෝ එකක පරිසරයම අදුරු කොට ඇති කලෙක ගායකයා දෙසට පමනක් ස්පොට් ලයිට් එකක් එල්ල කල පරිදි මෙන් සිතු තම අත රැදි කෑලි පහේ ටෝච් එක පිටත සිටි පුද්ගලයාගේ මුහුණට දමා ගැසුවේය.

කැළණි ගගේ ඔබා තිබි හුලං පිරි බැලුම් බෝලයක් අත ඇරියා සේ එකවර මතුවූයේ අන් කවරෙකුවත් නොව විමලේය. කුසු සමග රති නදියේ ගිලුනු විමලේය. බෝ මළුවක දහසක් උපාසක් අම්මලා රැදී සිට ඉවත් වූ කලෙක මෙන් කලින් තිබි ඝෝෂාව සැනින් අහවරය. බෝධියේ වට බෝපතක් වුවත් බිම පතිව වන හඩ ඇසේ.

"අඩේ විමලේ අයියා උඹ.." සිතුගේ ඇස් උඩ ගියේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුන අයිසැක් නිව්ටන් මෙනි.

එකල සරුංගල් වාරයට සිතුටත් වඩා විශාල 'වවුලා' සරුංගලයක් පවා හදා දුන්නේ විමලේය. තමා පුංචි කළ බයිසිකලය කැඩුන විට දි පවා එය හදා දුන් විමලේ දැන් සිතුට තමා විසින්ම කඩා දැමූ චේන් එකක් සහිත බයිසිකලයක් පිරිනමා ඇත. සිතූ හා විමලේ ගේ කුඩා කල බැදීම නොදත් කුසු වික්ෂිප්ත වූවාය.

මලගෙදරක ඕමි තරගයකට මෙන් හතර දෙනා හතර පැත්තේ පුටු හතරක හිද ගත්හ. සියල්ල නිහඩය. නමුත් කුසුගේ හඩා වැටෙන සිත ගෝල් ෆේස් එකේ නූල කැඩි සරුංගලයක් ලෙස සලිතය. හිස මතට හූනු පැටවෙකු වැටුන කලෙක මෙන් සලිත සිත තවත් සලිත වන්නට වුයේ විමලේගේ හඩ අවදි වීමත් සමගය.

"සිතු මලයා මට උබටවත්, මේ බඩේ ඉන්න දරුවටවත්, මේ කුසූ නංගිටවත් බොරුවක් කරන්න බැහැ බං, ඒකයි මම මහ රෑම හො‍යාගෙන ආවේ." රජයේ ඔෆීසියක අඩි උස සපත්තු දෙකක් සහිතව ගමන් කරන කෙල්ලෙකු නගන "ටොකොස්, ටොකොස්" හඩට සමාන හඩකින් සිතුගේ හදවතද සැලෙන්නට වන්නේය. ඒ සැකය අමෝරා නැගුනේ සිතුගේ හඩය.

"මොකක්ද බං අයියේ ඒ කුණු හබ්බේ. මට කෙලින් කියපං මොකද මෙතන වෙලා තියෙන්නේ" සිතු ගණිතය පීරියඩ් එකේ පන්තියේ සිටියත් දෙමල පීරියඩ් එකේ පන්තියේ නොරැදෙන්නේ නොතේරෙන දේවල් ඇසීමට අකමැති නිසාය. නමුත් මේ අණ්ඩර දෙමලයට තමාට මුහුණ දීමට වන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.

"හරි ඒක තමයි මලයා මම කෙලින්ම කතාවට බැස්සේ, ඇත්ත මේකයි. මේ අහිංසක කෙල්ලගේ බඩේ ඉන්නේ මගේ දරුවා. උඹ නම දෙන්න යන්නේ මේ දරුවට." කුසු ගේ දෙනෙත් අග රැදි කදුලු වියැකී නැත. හරියට වැහෙන්නේ නැති ලීක් ටැප් එකක් මෙන් ඇගේ දෙනෙත් අගින් කදුලු බිංදුව බිංදුව වෑහේ. ආදරය හදුනන සිතු කලබල නොවුනේ ඒ කදුලට ඇති බයටවත්, දුකටවත් නොවේ. නෙදැනුවත්ව, හදිසිව කුසූ අතින් වූ වරද ඇය ‍තේරුම් ගෙන ඇති නිසාත්, ඇයට තමා නොමැතිව සිටිනු නොහැකි බව දන්නා නිසාත්ය.

පුංචි අම්මා අන්දොස්ය. ඇය 2 වසරේ දැරිවියකට 9 වරක් චක්කරය පාඩම් කරන්නට දුන්නාක් මෙන් උඩ බිම බලන්නීය. කිසිවක් පැහැදිලි නැති මුත් තේරුම්ගත් ස්වල්පය හිත තබාගෙන ඇය කරපින්නාගෙන සිටියාය.

වසර ගණනාවක් වසා සිටි මාවිල්ලාරු සොරොව්ව එකවර ඇරියා සේ, සිතේ බලය, සිතේ වර්ගඑලයෙන් බෙදා, හිත පීඩනය දරා සිටි කුසූ අසරණව හඩා වැටුනේ සිතූ ලගය. මගුල් ගෙදරක තම සහෝදරිය සරණපාවා ගත් මස්සිනාගේ දෙපා දෝවන ආකාරයෙන් සිතූගේ දෙපතුල් කදුලෙන් දොවමින් කුසූ හඩන්නට වූවාය. ඇගේ කදුලු වචන වලට පෙරලෙන්නට වෙර දරද්දී සිතූ හඩ අවදි කලේ ඇයව තම සුරතින් නැගිටුවමිනි.

"මට කියන්න දැන් කුසූ ඔයා මම ලග ඉන්නවද, නැත්තම් විමලේ අයිය ලගට යනවද ?" ප්‍රථිඑල වැරදියට ආවත් ප්‍රශ්න පත්‍රයට නිවැරදිව පිළිතුරු ලිවිය යුත්තේමය. එලෙසම ඇය මේ ප්‍රශ්නයට හිස සැලුවා පමණි.

"විමලේ අයියා මොකද කියන්නේ. වැරද්ද මොනව වුණත් මම කැමති කුසු මගේ ලග ඉන්නවට." මෙවර පිළිතුරු ලිවිය යුත්තේ විමලේ අයියාය. හිවල් තඩියෙක් මෙන් හූ කියාගෙන කෑගසාගෙන ආවද විමලේ දැන් ශාන්තව හිදගෙන ඔළුවට අත ගසා කල්පනා කරන්නේය.

"සිතූ මලයා දෙන තරම් ආදරයක්, සතුටක් මට දෙන්න බැරි වෙයි මලයා. ඒත් මම කරපු වැරැද්ද ගැන හිතලා මම ‍මේ ආවේ. අනික මේ කෙල්ලට මම ආදරේ නොකර මේ වගේ දෙයක් වුණේ. දෙන්නගෙම සතුට ගැන හිතලා මම පැත්තකට වෙන්නම්. ඒත් මලයා කෝමද ගෙදරට මුහුණ දෙන්නේ...??" තෘෂ්ණාව පෙරටු කොට සිගරැට් ෆිල්ටරය පවා උරන සමාජයක විමලේ ආදර්ශමත් වීය.

අලුත උපන් බලල් පැටියෙකු බැලලි අම්මාට තුරුලුව උණුසුම සොයන්නාක් මෙන් කුසූ සිතූගේ උණුසුමට තුරුලු වෙද්දී සිතූ හඩ අවදි කලේ ඇගේ හිසකේ අතරින් ඇගිලි යවමින් හිස අතගාමිනි.

"එන හැම දේකටම අපි මුහුණ දෙන්නම්, හැබැයි විමලේ අයියා පොරොන්දුවෙන්න මේ දරුපැටියගේ ජීවිතය වෙනුවෙන් අපේ ජීවිතවලට කවදාවත් කරදරයක් වෙන්නෙ නැතිව දුරින් ඉන්නවා කියල" සිතූ කොන්දේසි ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂයට යන විපක්ෂ මන්ත්‍රීවරයෙකු මෙනි.

"හරි මල්ලී මේ කෙල්ලට, දරුවට කරදරයක් වෙන්නෙ නැහැ මම. හොදින් හිටපල්ලා. මම දැන්ම යනවා, මම හොද පාඩමක් ඉගෙන ගත්තා ආයෙත් සල්ලාලකම් නොකරන්න." විමලේ අවංකව සංවේදීව කතා කරන්නේ ඇල්කොහොල් බලයෙන්ද කියා සැක මුත් ඔහු පිටත්ව ගියේය.

විමලේ මෙන්ම කුසුද උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ පොත් කියවූ කළෙක මෙන් තම වැරදි නිවැරදි කොට සිතූ‍ගේ ජීවිතයේ සිරිකත වන්නට ඉඨා ගත්තාය. ඉදින් ඈ හෙමින් කෙදිරුවේ ඔහුට තුරුලුව ඔහුගේ දෙසවනටය.

"සිතූ අපි දැන් මොකද කරන්නේ....??"

විභාගයකට පෙර සූදානමක් නැති සිසුවෙකුගෙන් තමා පිළිතුරු දත් එක ප්‍රශ්නයක් ලැබුණා සේ සිතුට මෙය පිළිතුරු දන්නා ගැටළුවකි.

"මොනා කරන්නද ? විමලේ හැම දේම කරලා මම ඔයාව ඕනෙ කිව්වම අතෑරල ගියා වගේ මගෙ අම්මා මාව අත අරින්නේ නැහැ කුසූ.. අපි හෙට අපේ ගෙදර යනවා.. එච්චරයි.."

හම්බන්තොටට කුරිරු නියගයක් පැවති සමයේ සිරසේ - ශක්තී සහන යාත්‍රාව බෝතල් ජලය සනීපාරක්ෂක ද්‍රව්‍යය රැගෙන හම්බන්තෙට සැරි සැරුවා මතකැති. සිතූගේ නිවසේ කෑම වලදක් ලිපේ තියා නැත. සින්ක් එක‍ට වතුර පොදක් වැටී නැත. ලිපේ ගිණි පෙලෙල්ලක් දැල්වෙනවා වෙනුවට සිතුගේ මව කඩුල්ල අභියස රැදී කදුලු හුරතල් කරන්නීය. එහෙව් කලෙක සිරස - ශක්තී සහන යාත්‍රාව මෙන් සිතූගේ සේයාව ඇදෙන්නට වූයේ ගුරු පාර දිගේය. දෙනෙත් කදුලු වගුරුවමින් සිතූගේ මව පෙර මගට දිව ගියාය. සිතූ තම කුසූ සමග ඉදිරියට ඇදෙද්දී ගුරු පාරේ පස් කැට මඩ වූයේ දෙදෙනාගේ කදුලු පස් සමග මුසු වූ නිසාමය.

"මට සමාවෙන්න අම්මේ... මේ ඉන්නේ....." කුසූ හදුන්වා දීමට පෙර සිතූගේ කට අම්මාගේ අතින් වැසිණ.

"මට උබලා වැඩි නැ‍හැ ම‍යෙ පුතේ..."

සිතූ - කුසූ ආදර අන්දරය මෙතකින් නිමි
(නිමි කීවේ දෙදෙනාගේ ආදරය නෙවේය, කතාව අවසානය)

***************
පෙර සැලැස්මක් නොමැතිව ගෙතුන සිතූ කුසූ ආදර අන්දරයේ තිරයෙන් පිටුපස කතා

සෑමාගේ කතාව කියවන නංගි කෙනෙකුට සෑමා දිනක් විහිළුවට මෙන් "කුසූ" යැයිය ඇමතුවේය. එදා සිට සතියක් පමණ ඇය සෑමා සමග කතා නොකළාය. යලි ඇය සෑමා සමග කතා කලේ දහසකුත් වටහා දීම් සහ නැවත ඒ නම ඇයට භාවිත නොකරන කොන්දේසිය යටතේය. ඒ තරමට කුසූ නම (චරිතය) කැතද බොලව් ?

සෑමාගේ කතාව කියවූ කිසිවෙක් "කුසූ" යන නම තම දරුවෙකුට තියා මිතුරෙකුටවත් භාවිත කරන්නට පෙ‍ළබෙනු නියතය. එසේම සමහරෙක් තමන් තරහා කාන්තාවන්, මිතුරියන් සදහා "අපෝ එයා හරියට කුසූ වගේ" යන්න භාවිත කරනු මම කීපවතාවක් අත් විද ඇත්තෙමි.

සිතූ - කුසූ එක පෝස්ටුවක් දැමූ පසු කස්ටිය ඉතිරිය (guess) ගෙස් කර කතාව ගොතන්නට ට්‍රයි කළහ. එය සෑමාට අසීමිත සතුටක් ගෙන දෙන්නක් මෙන්ම ඒ (guess) ගෙස් කිරීම් වලින් පිට කතාව ලියන්නට මහත් රුකුලක් විය.

ඉකුත් සතියක බණ ගෙදරකදි පවා සියළු දෙනා මැද අපේ ගමේ අංකල් කෙනෙකු (මා මිත්‍රයෙකුගේ පියෙක්) බ්ලොග ගැන කතා කළ අයුරු මතක් වෙද්දී පවා සෑමාට විලි ලැජ්ජාවේ සංතෝසේ බැරිය.

පෝස්ටුවක් දැමූ පසු "මචං ඊලගට මොකද වෙන්නේ" "ඊලග කොටස කවදද ?" වැනි ප්‍රශ්න අසමින්, මා හට දිරි දුන් සැමට තුති.

නොයෙක් ආකාරයෙන් මා දිරිමත් කළ ෆේස්බුකියේ හා බ්ලොග් අවකාශයේ සියළු දෙනාට පෝය දා රෑ අහස බලාගෙන බුර බුරා දගලන බලු කුක්කෙකු මෙන්, හදවත පුරා බුර බුරා නැගෙන ස්තුතිය සැමට පුද කරමි.

සිතූ - කුසූ ආදරය වෙනුවෙන් සහ ඔවුන්ගේ ජීවිතයේ  සුභ අනාගතයක් විශ්වාසනීය වෙනසක් වෙනුවෙන් සුභ පතමු

ඒකත් ජය සිරි මංගලම්... !!

Friday, February 10, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (5 කොටස)


මෙතෙක් ස්ටෝරිය.....

ගලා යන ග‍ගක එකට ඇලී ගමන් කරන මල් පෙති දෙකක් මෙන් සිතූ - කුසූ ආලෙන් වෙලී,  ආදරය සරි කර ගනිද්දි, ගග මැදට හෙලාලූ මහා රුක්ෂයක් සේ විමලේ මෙකි ජීවිත මැදට පතබෑවෙයි. අවංක ආදරයක කුලුදුලේ පිපි කුසුමක් වු කුසූ හැගීම් අතර අතරමං කොට පෙති කඩාහැලි රෝස මලක් බවට පත්කරන්නේ විමලේය. කිසිත් නොදත් සිතූ තම ජීවිතය ඇගෙන් ලබන්නට වෙර දරයි.
අසමජ්ජාති කුසූ විමලේ හමුවේ සිතූ පව්ය... !!


"ආනේ මයේ පුතා.. පුංචි අම්ම හොයාගෙන ආව නොවැ.. මම හිතුවෙ නැහැ උඹ නෑම්බියෙකුත් කුදලං ඒවි කියලා..."

සිතූ හා කුසූ රහසෙම පැනවිත් වැලි යට සැගෙවෙන බිංකුන්ඩං සේ සැගවෙන්නට වෙර දරන්නේ තම දෙමාපියන් සමග උරණව සිටි පුංචි අම්මා තුරුලේය. පුංචි අම්මා බොර දියේ මාළු බාන විට කුසූ හා සිතූ තාච්චි අල්ලගෙන මාළු එකතු කරන්නේ තම දෙමාපියන්ගේ මූනේ ග්‍රීස් ගෑමටය.

"ලොකු උදව්වක් පුංචි අම්මේ... මේ ඉන්නේ කුසූ.. මෙයා තමා එයා.."

"අනේ වාසනාවන්.. උඹ පොඩි කාලේ මම බොලාගේ කිහිලි යටන් අත් දෙක දාලා අහසට උස් කරද්දි. බොලා ඔය හිච්චං චූ පොඩ්ඩා මට උල් කොරල මගේ කටට හුජ්ජ කලා නොවැ. අන්න එදා තමා මට තේරුනේ බොලා ඔය වගේ උල් කිරිල්ලකින් කෙලෝගෙන මා ලගටම එයි කියල."

කුසුගේ සිත ලෑන්ඩ් මාස්ටරයක් මෙන් ගැස්සෙයි. ඇගේ අතින් සිතූගේ අත නොහැරිම තදින් මිරිකුනේ පුංචි අම්මාගේ කතාව නිසාය. විමලේ උල් කල පිහිය අද පාරවන්නේ සිතූටය. ඇය සිතූව රැවටුවද යටි සිත පවසන්නේ සිතූ මේ අසික්කිත කතා අසන්නේ ඇය නිසා බවය. එය තාප්පයක් ඇලවූ මැතිවරණ පෝස්ටරයක් මෙන් ඇයට සදා කාලිකව වද දෙනු ඇත. ජීවිතේ අවසාන මොහොත ඇය‍ගේ මරණය දෑස මානේ තිබියදී පවා සිහිවනු ඇත. 

"හරි පුංචි අම්මා.. කෑගහන්න එපා දැන්. වුණ දේවල් වුණා.. මේ දරු පැටියා මට හදාගන්න ඕනේ. අපේ ගෙදරට කිසි දෙයක් දැනෙන්න තියන්න එපා..."

"හරි හරි බං උඹලගෙ අම්මට ගුණයක් නැතිවට මට එහෙම වැඩ කරන්න බැහැ. මම බොලාලව බලා ගන්නම්, මගෙ මිනිහ මැරුනේ උඹලගෙ අම්ම එක්ක ඉඩමකට පැටලිලා කම්බි කටුවක් ඇනිල. එහෙව් මිනිහ නැති වුණ දවසෙ ඉදන් දරුවෙක්ගෙ මුහුනක් බලන්න මට බැරි වෙච්චි. දැන්වත් බලන්න ඇහැක් නොවැ."

සියලු කතා වාර අවසන සිතූ කුසූ දහවල පුරා තප්පුලමින් ගම පුරා සැරිසරන ගොන් නාම්බන් මෙන් පුංචි අම්මාගේ ගවලෙනේ අරක් ගත්හ. පෙර දින හවස් ජාමයේ අල්ලපු වත්තේ කිකිලිය තම වත්තට විත් කෙකර ගා දැමූ බිත්තර පොඩි කර ඔම්ලට් දමා පුංචි අම්මා රෑ කෑම පිළියෙල කළාය.
සිතූ ඊයේ රැයේ අම්මා ලග සිටි කොල්ලාය. අද ඉසකුඩිච්චියක් සමගය.
සිතූ සහ කුසූ දෙදෙනාම කෑම මේසයේ හිද ගත්තද කුසූ ගේ සිත රැදි සතුට සිතූ සිතේ නැත. අමු අමුවේ අල්මාරියක් ඇතුලත දී සෝඩා බෝතලය කැඩුවා සේ විමලේ ගැලවූ ‍ටොනික් පියන අද සිතූ අතට පත්ව ඇත. කුසූ දිගු සුසුම් සලමින් තුටු වන්නේ එලෙසය. සිතූ සැලෙන සිතින් වුවද ඇයව අවිශ්වාස නොකරන්නේ අවංක ආදරය නිසාමය. කරන්නට දෙයක් නැත. තටු කැපූ පරෙවියෙක් ගෙදර ගෙන විත් නැවත කඩකාරයාට රිට(ර්)න් කළ නොහැක. ඕනෑම නිශ්පාදනයක ස්ටිකරය ඉවත් කලොත් වගකීම අවලංගුය. සිතූ නොදැන පුංචිගේ ගෙදර ගෙනාවේ කඩකාරයාම ගැලවූ ස්ටිකරයක් රහිත බඩුවකි භාණ්ඩයකි.

"ඇයි සිතූ.. ඔයා දාපු බිත්තරයක් වගේ ඔම්ලට් එක නොකා බලං ඉන්නේ..?? මම කවන්නද??" කුසූ සුරතල් වීම ඇරඹීය.

"නැහැ කුසූ මට හිතෙනවා මේ බිත්තරේ දාපු කිකිලිත් එක්ක හිටපු කුකුලා වෙන කුකුලෙක් වෙන්න බැරිද..?" සිතූ දැන හො නොදැන කීවේ කුසූ දැවෙන කතාවකි.

"මොකක්?? මට තේරුනේ නැහැ මයෙ අම්මා.. " (සොරි ඉස්සර වගේ ඇය දැන් මයෙ අම්මා කියන්නේ නැත.)

"නැහැ කුසූ.. මේ බිත්තරේ දාන්න හේතු වුණ කුකුළා කවුද කියල කුකුලට වඩා හොදින් දන්නේ කිකිලි නේද..?"

"අනේ බොල කොල්ලෝ.. මයෙ මිනිහ මලාට පස්සේ.. බෝට්ටු කීයක් ගියාද බොල..? ඒත් මේ පාලම නෙවේ හෙල්ලුනේ.. අහවල් එකක් තියා ගිය බෝට්ටු ගාන පාලමේ කොටල නැහැ නොවැ" මැද්දෙන් පැන්නේ පුංචි අම්මාය. සිතූගේ මාතෘකාවෙන් කුසූට බේරීමට ඇය මහත් රුකුලක් වූවාය.

කුසූ කොහෙඹ ගහේ වෙලෙන කරවිල වැලක් මෙන් සිතූ අස්සේ වෙලෙමින් කෑම ගිලිද්දී සිතූ තම අම්මාගේ මතකයේ සැරි සැරුවේය. අම්ම කැවු බත් කට තරම් පුංචි අම්මාගේ ඔම්ලට් එක රස නැත්තේමය. සයිවර් කඩේ සතියක් පිලිණු වූ වඩය කැරපොත්තාට රස සේම සිතූටද අම්මාගේ කෑම තරම් දෙයක් නොවේය.

"හරි හරි අන්න ඉස්සරහ කාමරේ ලෑස්ති ‍කොරල තියෙනවා. කාල අහවර නම් නිදා ගනිල්ල. ඔය ඇද අපේ මිනිහ බීල ආවහම ඇල වෙච්ච යකඩ දැල් ඇද. ඉස්සර කිරි කිරි ගගා තිබ්බ නොවැ. මයෙ හිතේ තෙල් දැම්මොතින් හරි යයි" සිතු බත් පත අත ගගා සිටින විට පුංචි අම්මා කීවා.

පුංචි අම්මාගේ වදන ඇසී, ගෙදරට අළුතෙන් ගෙනා මී කතුර පළමුවර චෙක් කරන්නට දගලන අයෙකු මෙන් කුසූ ගේ සිත දගලන්නට විය. අලුත් මී කතුරට නතුවන්නට වෙර දරන මී පැටියෙකු මෙන් ඇය දගලන්නීය. මීයා ඇය නම් මී කතුර ඔහු විය යුතුය. වෙනසකට ඇත්තේ කුසූ දගන්නේ මීයා ගිලින්නට දගලන පූසා ආකාරයෙනි.

"සිතූ බලන්න පුංචි අම්මා කියනවා දොයියන්නලු.. දොයියමු නේද..?"

සිතුගේ සිත වටලා ගත් සැකයකි. එදා තමා බඩ අතගා අද දරුවෙකු සමග කුසූ තමා ලගය. තම මිතුරන් කළ කී දෑ මතක් වෙන සිතූට පුදුමය. ඔවුන් තම මිතුරියන් සමග කළ දේ හැටියට තම පාසලේ සියළු කෙලිපොඩිත්තියන් දැන් අම්මලාය. සිතූ සසල සිත සිසිල් කරන්නට වෙර දරන විට වොට් දහසක හීටරයක් මෙන්, නැතොත් කූලිං ෆෑන් එකක් නැති සී.පී.යු එකක් මෙන් තම සිත දැවේමය.

"හරි බබා අපි තුන්දෙනාම යමු..." සිතූ කුසූ බදවටා අත දමා සිහින් හඩින් ඇගේ කනට කොදුලේය.

"අපෝ.. පුංචි අම්මවත් අරං යන්න.. ඔයාට මාව විතරක් මදිද සිතූ..?"

"නැහැ මයෙ කුසූ.. අපි තුන්දෙනා කිව්වේ මේ පැටියා එක්ක..." සිතූ කුසුගේ බන්ඩිය එඹුවේය.

ලියාපදිංචි තැපෑලෙන් පාර්සලයක් යවනවා මෙන් සියල්ල කවරයක දමා, කවරයේ කට ගම් ගා අලවා, නූල් කැබැල්ලකින් වටේට ගැට ගසා, ලාකඩ ස්වල්පයක්ද තැවරුවා සේ පුංචි අම්මා සිතූ සහ කුසූ ඉස්සරහ කාමරයට ගාල් කළාය. 

සිතූ ගේ සිත මුහුදෙන් අල්ලා ගත් මාළුවෙකු වේලා ගත් විට කරවල වූවා සේ හැගීමෙන් තොරය. කාමරයට ලත් වනම හේ ඇද පුරා දපනේ දමා වැතිරුනේය.

"සිතූ.. මොකද මේ.. ෆෝන් එකෙන් දාපු සෙල්ලම් ලග ඉන්න කොට නැද්ද. අපොයි මරු චන්ඩි.."

දැවෙන සිත සනසාලන්නට ඇයට බැරිය. සිතූ ඊයේ රැයේ අම්මා ලග සිටි කොල්ලාය. අද ඉසකුඩිච්චියක් සමගය. මැරුනු සිතින් හෙතෙම කුසූට තුරුලු වුණේය.

ගල් කුලක් මතට මුදු මොලොක් රිජිෆේම් කැබැල්ලක් තැබුවා සේ කුසූ ආදරය සොයමින් සිතූ පපුවේ සැතපුනාය. සිතූ ඇගේ හිසකේ අතර තම අතැගිලි යැව්වේ ඉදියප්ප වංගෙඩියේ සිදුරු තුලින් පිටි එලියට එන්නා සේය. ඇගේ දෙනෙත් පියවිගෙය යද්දී, සිතූ ගේ දෙනෙත් අඩවන් වන්නට විය. එදා විමලේ සමග අල්මාරියවන් අඩි 2 x 4 ස්ථානයක සිදු වු කිසිදු දෙයක් මේ විශාල කාමරයේ නොවූයේ සිතූගේ මල් ඇතුරූ ආසනයක් වන් සිත නිසාය.

වෙනදට මල් ගසා පියවෙන ඇස් අද පියවෙන්නේ ආදරිය ලග සිටින නිසා බව සිතූට දැනුනි. වෙනදාට නිදි නැති කුසූගේ දෙනෙත් අද සිතූ ලග පියවෙන්නේ සියළු බර සිතූ කර පිට දැමූ බව නිසා බව කුසූට පසක් නොවූවාද නොවේය. ඇය සියළු සිතුවිලි මරා දමමින් නිදි ලොවට එළඹියාය. සිතූද එසේමය.

"අඩේ පාහරයා.. තෝ කොහෙ හිටියත් මම හොයාගෙන එනවා යකෝ.. කෝ මගේ කෙල්ල..."

කම්පියුටරේ error මැසේජ් එකක් ආවා සේ "දඩිං" සද්ද නගමින් පුංචි අම්මාගේ දොර කඩන්නට යමෙකු වෙර දරණු ඇසී සියල්ලෝම තිගැස්සී අවදි වූහ.


************
සියල්ල පහලින් කියවන්න.....


************

Sunday, February 5, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (4 කොටස)

මෙතෙක් ස්ටෝරිය.....
ගලා යන ග‍ගක එකට ඇලී ගමන් කරන මල් පෙති දෙකක් මෙන් සිතූ - කුසූ ආලෙන් වෙලී,  ආදරය සරි කර ගනිද්දි, ගග මැදට හෙලාලූ මහා රුක්ෂයක් සේ විමලේ මෙකි ජීවිත මැදට පතබෑවෙයි. අවංක ආදරයක කුලුදුලේ පිපි කුසුමක් වු කුසූ හැගීම් අතර අතරමං කොට පෙති කඩාහැලි රෝස මලක් බවට පත්කරන්නේ විමලේය. කිසිත් නොදත් සිතූ තම ජීවිතය ඇගෙන් ලබන්නට වෙර දරයි.
අසමජ්ජාති විමලේ හමුවේ සිතූ පව්ය... !! 


විමලේ සමග හැංගිමුත්තං කළ කුසූගේ චක්‍රය ඩෙංගු නාශක ගැසු මදුරුවෙකුගේ ජීවන චක්‍රයට වඩා අවුල් වියවුල් විය. සියළු හැල හැප්පීම් මැද ගලන කුණු දිය කඩිත්තක පාවෙන පත්තර පිටුවකින් සැදි කඩදාසි බෝට්ටුවක් ලෙස අයාලේ ගලා ගිය තම කුළුදුල් ආදරය "සිතූ"ට කළ අසාධාරණය කුසූගේ සිතට වද දෙන්නට විය. පුංචි කාලේ තමන් ලිද ලග නාපු සිමෙන්ති ටැංකියේ කූඹි පැට්ටෙකු සිටියත් ගොඩ ගත් අයුරු කුසූට සිහිපත් විය. එවන් පිංවත් තමා තම ආත්මයම දියකර හැරියේ හුදු නිෂ්ඵල විමලේ වෙනුවෙනි. කෙසේ වෙතත් අවංක බිරිදක් වී පොල් කටු හැන්ද හා රයිස් කුකර් එක සමග ඔට්ටු වී තම දිවිය නැවත "සිතූ" සමග ගොඩ නැගිය යුතු කාළය එලඹ ඇත. කරන්නට දෙයක් නැත. ඕලෙවල් කරන්නට පෙර තම ජීවිතයය. කුසූට දැන් කිසිම විභාගයක් ෂුවර් නැත. විභාගය කෙතරම් හොදින් ලිව්වත් ප්‍රථිඑල ෂුවර්ම නැත. නොදන්නා ජාමිතික සූස්තරවලට වඩා විමලේ සමග අල්මාරිය තුල සිරව ගතවූ කාලය තමාට විශ්වාසය.

විමලේ ගේ සිද්ධියෙන් පසු කුසූ - සිතූ අතර කිසිදු අඩදබරයක් නැත. ඒ සිතූ සිද්ධිය නොදන්නා නිසාය. නමුත් එකී මතකය කුසූගේ සිත තුල හිටවූ රෝස පදුරක් මෙන් කටු එකිනෙක තම සිතේ ඇනී විලාප දෙයි. එලෙස සති කිහිපයක් ගෙවී එලැඹුන පුර පෝදාවේ පාන්දර...

"සිතූ.... ඔයා දොයිද ? "

"නැහැ කුසූ.. ඇහැරිලා ඉන්නේ ඒත් තවම ඇදේ..."

"ඇයි අද ක්ලාස් එන්නේ නැද්ද? "

"මේ අද..? ‍පෝය දවසේ ක්ලාස්..??"

"මතක නැද්ද මැට්ටෝ..? නිදි කුම්බරයා වගේ දොයියන්නේ..? අද අතිරේක චිත්‍ර පන්තියක් දැම්මේ.."

"අප්පටු හුඩු ඔව් නේද..? ඔයා ඇදගෙනද ඉන්නේ..?? මම විනාඩි දහයෙන් අතනට එනවා.. ප්ලීස් මම එනකල් ඉන්න..."

"හරි හරි.. පරක්කු වෙන්නෙපා සිතූ.. ඩිපෝවෙ ඉන්න රැවුල වවාගත්ත අයියට මම බයයි. ඒ මදිවට දවසක් මට ඉබ්බි කියල විහිළු කළා. මට එතන වැඩි වෙලා ඉන්න බැහැ.."

"ඕකේ.. බේබි.. අයි විල් බී දෙයාර්... :-*  :-* "

සිතූ මදුරු නෙට් එකත් ඉරාගෙන ඇදෙන් බිමට පැන දඩි බිඩියේ ඇද ගනී. ඒ තම සුමිතුරිය හමුවීමට ඕනෑකම නිසාය. 

"මොකද කොල්ලෝ උදේ පාන්දර නැගිට ගෙන..??" ඒ සිතූ ගේ අම්මාය.

"අද අතිරේක චිත්‍ර පන්තියක් අම්මේ.. කුසූ.. තමා කෝල් කරලා දැන් කිව්වේ මට අමතක වුණා.."

"කවුද බොල කුසූ කිව්වේ.. අර අසමජ්ජාති පීටරයගේ දුවද..??" සිතුට කට උත්තර නැත. කුසූගේ නම කටින් පැන්නේ තමාට නොදැනීමය.

"‍කොහෙ ඉන්න කුසුවෙක්ද අම්මේ..?? මම කිව්වේ "සුසූ" ගැන, අපේ පන්තියේ සුමින්දයා.."

අම්මාගෙන් ප්‍රති උත්තර නැත. සිතූ ගේ අම්මා තම ගොන් පැටියා හැරෙන්නේ පොල් පැලය කන්නට බව ඉවෙන් මෙන් දනී. සීනි බෝතලය, ගිණි පෙට්ටිය පවා ලිප් බොක්කේ හංගන්නේ එනිසාවෙනි.

"අම්මෙ මම යනෝ.." කියමින් සිතූ එළියට පැන්නේය. උරුලෑවගේ අම්මට වුවත් තම පුතා ඌ මැණිකක් බව සැබෑය. සිතූ උරුලෑ ගති පෙන්නන්නේ මෑතක සිට අසුවූ ඉසකුඩිච්චිය නිසාය. සිතූ ගේ අම්මා තම පුතු කොහේ ගියත් පිටවූ පසු අමතක වූ දේවල් බැලීමට පුතුගේ කාමරයට ගොඩ වදින්නීය.

"කොල්ලෝ.. උඹ චිත්‍ර පන්ති යන්නේ තොගේ කුකුල් සායම් එක ගෙදර තියලද??" අම්මා කාමරය අසල හිද කෑගසද්දී, සිතූ වැට අද්දරය. කඩුල්ලෙන් පිටතද දැමූ කකුල නැවත පිටුපසට ගන්නේ අම්මා ලගට දිව ඒමටය.

"අනේ මයෙ අම්මේ.. ඊයේ රෑ මම හා පැටියෙක් පාට කරන්න ගත්තා, එහෙම්මම අමතක වුණා" 

"අද පෝය දවසේ කොහෙ තියෙන පන්තියක්ද බොල.." සිතූ සායම් පෙට්ටිය ගනිද්දී අම්මා දෙනෙතින් තම පොඩි පුතු සිරකර ගත්තාය. ඒ බැල්මට සිතූට වුණදේ හිතාගන්නට බැරිද දණිහ බිම වැදින. දෙඅත් එකතු කොට වැන්දේ ඉස්සර පුරුදු යලි මතක් වීමෙනි.

"රත්නත්තරේ පිහිටයි..." ඇස් කොනින් පැන්න කදුලු බිංදුව ඇය චීත්ත පොටින් පිසදැම්මේ සිතූ ආපසු හැරුණු පසුය. මවක දරුවෙකුට නොපෙනෙන්නට දුක සතුට එසේමය.

"ගුඩ් මෝනිං මැඩම්.." සිතූ පිබිදුනු දෙනෙතින් කුසූට විහිළු කළේය.

"පුහ්.. මෙයාට මොකද වෙලා තියෙන්නේ.. ගුඩ් මෝනිං.. මෝනිං.."

"අද ක්ලාස් යන්නම ඕනෙද..?" සිතූ කපටිකමේ උපතය.

"අනේ මන්දා සිතූ මගේ හිතට අද අමුතුයි. මට මේ පෝය දවසේ පන්සලකට යන්නෝනි.."

"අප්පද බොල මාස ගානකින් මාව හම්බෙලා පන්සල් යන්න අහනවා.. අත්තම්ම එක්ක අද සිල් ගන්න ගියා නම් ඉවරයි නේ... හිකිස්.."

"විහිළු නෙවේ සිතු මට ඔයා එක්ක කතා කරන්න ඕනේ නිදහසේ.. අපි අර වැව ඉස්මත්තේ පන්සලට යමු. අත්තම්මා ගමේ පන්සලටනේ යන්නේ. අනික අදුනන කවුරුත් නැහැ."

අද චිත්‍ර පන්තිය ටවුමෙන් එහා පන්සලකය. සිතූ ඇදන් ආවේ මකරෙකු සිටින ටී-ෂර්ට් එකක් වුනත් කරන්නට දෙයක් නැත. කුසු දුකින් සිටි විට විමලේ දුක නැති කලා සේ කුසූ දුකින් නම් සිතූ ලගින් සිටිය යුතුය. 

කුසූ සහ සිතූ ලඩරං බස් රථයක නැගී ගමන ඇඹීය. කුසූට ජනේලය අසල සීට් එක දුන් කුසූ එහා පැත්තෙන් වාඩි වී සිටියේය. සිතූ ෆේස් බුකියේ කෙල්ලෙක්ගේ නමක් සර්ච් කරන ආකාරයෙන් සුපරික්ෂාකාරීව කුසූ දෙස බලන්නට විය.

"මොනවද හොරෝ බලන්නේ. අපේ අල්ලපු වත්තේ හොර පූසා වගේ.."

"කුසූ.. ඔයා ටිකක් මහත් වෙලා පැටියෝ... අර මැරිච්ච ගිරා පැට්ටව ගිල්ලද?"

"අනේ.. ඔයා හරි නරකයි සිතූ... ඕක්..ඕක්.. ග්ල්බ්...ග්ල්බ්..." කුසූ තම උගුරට ආ කිසිවක් ගිලින්නට තැත් කළේය. 

"ඇයි කුසූ..? ඔයා උදේට කෑවේ නැද්ද? උගුරට එන්නේ.."

"නැහැ සිතූ.. මට දුර ගමන් යන්න බැහැනේ බස් වල.. ඒක නිසා වෙන්න ඇති..." කුසූ උගුරට ආවත්, එය මැඩගෙන කීවාය.

"අපොයි බබා.. හරි හරි අපි ඉස්සරහ හෝල්ට් එකෙන් බහින්න ඕනෙ බබා.. එන්න.."

බස් හෝල්ට් එකට සුදුවතින් බැබලෙන දාගැබ පෙනෙයි. දෙදෙනාගේ සිත් බැති සිතින් ඉතිරෙන්නට විය. සිතූ හා කුසූ අත් එකිනෙක පැටලෙද්දීද කුසූට ඔක්කාරය ආවේය. සිතූ ගණනකට නොගත්තේ දුර ගමන් තම ආදරවන්තියට නුපුරුදු නිසාය. දෙදෙනා නැවතුනේ නිල් මානෙල් පිරි පොඩි කඩයක් ලගය.

"අතන එක ලග තියෙන මල් දෙක දෙන්න" කුසූ හුරතල් වූවාය. සිතූ සාක්කුවෙන් මුදල් එලියට ගත්තේ හදුන්කූරුත් අවශ්‍යය බව කියමිනි.

"ඔන්න මහත්තයෝ නමෝ විත්තියෙන් පාන්දරම කරපු බිස්නස් එක.." සුරතේ ඇගිල්ලක් මිරිකමින් ඇටයක්  ක‍ඩමින් කඩේ අංකල් මල් දෙකක් දෙදෙනාගේ අතට වෙන වෙනම දුන්නේය.

"අපොයි අංකල්, මල් තනි කරන්න හොද නැහැ. දෙන්න දෙකම මට" කුසූ මල් දෙකම තම සුරතට නතුකර ගත්තාය.

හරකා සහ ලණුව මෙන් සුරත් එකිනෙක වෙලී දෙදෙනා පඩිපෙල දිගේ පියමං කලේ උපාසක අම්මලා බිම හිදගෙන සිටියදීය. පඩිපෙල දිගේ කකුල දිගු කොටගෙන සිටි උපාසක අම්මා කෙනෙක්ගේ කකුලේ කුසූගේ දෙපා පැටලී වැටෙන්නට යත්දී මාළුවෙකු ඩැහැගත් ජම්ඹු කොට්ටෝරුවෙකු පිළිහුඩුවෙකු මෙන් ඇයව ඩැහැගත්තේ සිතූය. උපාසක අම්මා සිල් පවාරනය නොකරම කුසූට සිංහලෙන් ආමන්ත්‍රනය කළාය. දැන් හැදෙන එව්වෝ කුලප්පුවෙන් යුත්තෝමය. ඇය කීවාය.

වැලි මළුවේ දණගසා වදින කළ ඇස් පියා සිටින තම පෙම්වතිය සිතූ රිසි සේ දෑහින් විදගත්තේය. තමා පූජා කළ මල ලගින්ම ඇය ඇගේ මලද තැබුවාය.

"පුප්ඵං මිලා යාති යථා ඉදම්හේ - කායෝ තථා යාති විනාසභාවං" මල සේම කයද විනාස වන බව සිතූ දැන සිටියේ තමා සවසට තමා පත්තු කරගන්නා මල නිසාම නොවේ. පත්තු කරනා මලින් සිරුරම දැවෙනා සේම පරව යන මල සේම කයද විනාස වන බව හෙතෙම දත්තේය.
ඇස් පියා සිටින තම පෙම්වතිය 'සිතූ' රිසි සේ දෑහින් විදගත්තේය

බැති සිතින් දෙදෙනාම ආගමික වතාවත් සිදුකර එලැබියේ බෝධීන් වහන්සේ එහා පැත්තේ පිහිටි ගල් කුල මතටයි. කිසිම පුද්ගලයෙක් නොමැති වදුරු රැලක් දග කරන පෙදෙසක් වූ එහි පාළුව දෙදෙනාගේ කතාවට කදිම තෝතැන්නක් විය.

"සිතූ... ඕක්...ඔක්..." නැවත ඇයගේ උගුරට ආවේ වමනය කිරීමට මෙනි.

"ඇයි දෙයියෝ මොකද ඔයාට වෙලා තියෙන්නේ...මට තේරෙන්නෙ නැහැ. ඔයා ඉස්සර ඔහොම නැහැ." සිතු ඔලිම්පික් පහනට වඩා දැවෙන සිතින් ඇසීය.

"සිතූ.. මම ඔයාට කියන්න හිටියේ සිතූ.. හැම දෙයක්ම මට තනියම දරාගන්න බැහැ බබා..." කුසූ කදුලින් තෙත්වූ දෙනෙතින් කීවාය.

"අපි දෙන්නෙක් නෙවේ පැටියෝ... එක්කෙනෙක්... කියන්න මයෙ අම්මා මොකද ඔයාට වුනේ.." සිතූ ගේ කුහුල පුහුලකට වඩා බරින් වැඩි විය.

"මම ඔයා නිසා අම්මා කෙනෙක් වෙන්න යනවා, මගෙ මේ බඩේ ඉන්න පැංචා ඔයාගේ සිතූ.. එයා ඔයාගේ.." සිතූගේ ඇස් දෙක නලල මත සමපාත වී පන්සල් භූමිය කැරකෙනවා සේ දැනෙද්දී කුසූ මහ හඩින් හඩන්නට වූවාය. උදේ පාන්දර හඩලන කිකිලිය බිත්තර දමද්දී එයිට වඩා හොදින් සද්ද කරන්නීය.

"හත් දෙයියනේ.. ඒක කොහොමද වෙන්නේ... මම ඔයාව ඉම්බේ එකම එක පාරයි. එදා ක්ලාස් එකේ පඩි පෙල යටදී විතරයි. ෆෝන් එකෙන් කතා කලාම ලමයි හම්බෙන් නැහැ කුසූ.. ඔයාට වෙන ලෙඩක් වෙන්නැති..." සිතූ කුසූ හමු නොවුනට ෆෝන් එකෙන් කරපු කියපු දේවල් වලට ලමයි හම්බෙන්නේ නැත. එසේ වූවා නම් දෙදෙනා අද පරිවාස හා ලමාරක්ශණ අධිකාරියේය.

"ඔයාට මාව සැකද සිතු.. මට තේරෙන්නේ නැහැ ඔයා මට මොනව කලාද කියල. එදා රෑ මම අසනීප වෙලා ඉන්නකොට ආපු නිසාද දන්නෙ නැහැ. මම අසරණයි සිතූ. ටික දවසකින් අපේ ගෙදරින් හැම දේම දැනගනී. ඒ නිසා අපි කොහෙ හරි ඈතකට යමු සිතූ.. මාව අසරණ කරන්න එපා සිතූ.. ගෙදරින් පන්නයි මාව.." මහ රෑක අමර නිදිමතේ සිටින විට කනට කොදුරන මදුරු ගෑණු සතෙකු ලෙස කුසූ කෙදිරි ගෑවාය. සිතූ අන්දොස්ව බලා සිටියේය.

"එදා අපි අතර එහෙම දෙයක් වුනේ නැහැ. බන්ඩිය අතගෑව විතරයි කුසූ... මෙහෙම ලමයි හම්බෙන්න අපි ගස් නැත්තං මල් වෙන්න ඕනේ.. ඒවා තමා සුළගින්, ජලයෙන්, ස්පෝටනයෙන් පරාගනය වෙන්නේ." සිතු තමා දන්නා විද්දියාව එළියට දැම්මේය.

"එහෙනම් යන්න සිතූ.. දුරකට යන්න. එන්න එපා මගෙ ලගට. මම මැරෙනවා. මගේ බඩේ ඉන්න ඔයාගේ දරුවත් එක්කම මැරෙනවා.." කුසූ කෑගෑවාය. සිතූ සිතුවේ ඇය කියන්නේ ඇත්ත කියාය. තම ආදරවන්තිය තමාට කිසිදා වරදක් කොට නැත්තේමය.

"හරි මම එනවා.. යමු.. "

හරි හැටි රස්සාවක් නැති සිතූ භූමිතෙල් කරත්තය කරගැසීමට සැරසේ. යන්නට තැනක් නැත. ඉන්නට තැනක් නැත. එසේ තිබියදී ඔහු සිතට ආවේ අම්මාගේ නංගී නොහොත් පුංචීය. ඇය සිතූලා සමග ජන්මන්තර වෛරයකට පැටලුනේ ඉඩම් ආරවුලකිනි. සිතූලාගේ ඉඩමට පොර බැදීමට පැමිණි පුංචීගේ ස්වාමියා කම්බි වැටේ කම්බියක් කකුලේ ඇනී මිය ගියේ පිටගැස්ම නිසාමය. එදා සිට ඇය සිතූලගේ පවුලට සාප කළාය. මෙවන් කෙළවු මොහොතක ඇය අනිවා සිතූට උදව් කරනවා ඇත. ඔහු ඇය ඇමතුවේය.

"පුංචි අම්මේ මම මේ සිතූ....මට මේ කරදරයක් වෙලා..." ගත් කටටම ඔහු එසේ කීවේ ඇය ෆෝන් එක කට් කරන නිසාමය. සියල්ල ඇයට තේරුම් කළ පසු පුංචී ඔවුනට සෙවන සැලසීමට, සමෘද්ධිය ලබා දීමට එකග වූවාය.

"කුසූ දැන් අපිට අපි විතරමයි. මම මගේ පැටියව බලා ගන්නම්. අපි අපේ පුංචි ලෝකය අපේ පුංචිලගෙ දෙර හදමු කුසූ"

"සිතූ මම ඔයාට ණය ගැතී.. සිතූ.." කළ වරද ඇයට අමතක මුත් ඇය සිතූ සමග අලුත් ලොවට පිය නගන්නීය.


සිතූගේ පුංචී බොර දියේ මාළු බාද්දී - විමලේ කුමක් කරාවිද ?

ඔබේ අදහස් මා දනිමි. ඔබ ඔහුට සාප කරනු අනිවාර්‍යය "විමලේ, මලේ නම් අගනේය" කියන්නෝද බ්ලොග් අවකාශයේ බොහෝය.

Written by sAm_3.15pm_01.02.'12

************
සියල්ල පහලින් කියවන්න.....


************

Friday, January 27, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (3 කොටස)


කුසූට දැන් සනිපවෙලා සති දෙකක්‍ පිරෙන්නත් ආව. කුසූ වෙනුවෙන් බෝධිපූජා, සෙත් කවි, භක්ති ගිත, බලි තොවිල්, වාද බයිලා සහ හිටිවන කවි වගේ නොයෙක් දේවල් බ්ලොග් අවකාශයේ පැතිරුණා. හැම දේටම සිතූ ඔයාලට ණය ගැති.

එදා සෙනසුරාදා නිසා කුසුමගේ (කසින්) අයියා විමලේ කුසූ ගේ ගෙදර ආවේ ඔට්ටු සෙල්ලම් කරන්නටය. හැමදාම වාගේ කරන ඔට්ටු සෙල්ලම කුසූට දැන් එපා වී ඇත. ඒත් බෑ කියන්නට බැරිය. අයියා නොදන්නා තම අළුත් පෙම්වතා සිතුම් කුසූට දුන් චයිනීස් දුරකතනය අතේ හොරෙන්ම සිරකරගෙන කුසූ විමලේ අයියා සමග දොඩමලු වීය.

"මොකද කුසූ අද අපි කරන්නේ.. ඔට්ටු සෙල්ලම් කරමුද??" විමලේ ඇසුවේ සුපුරුදු ලෙංගතු කමින්ය.

"කුසූ..?? ඔයා එපා මට කුසු කියන්න. මට ආදරේ කරන කෙනා විතරයි එහෙම මට කියන්න ඕනේ" දෙකේ දෙකේ මලක්  ගැසූ අයෙකු මෙන් විමලේගේ ඇස් උඩ ගියේ කුසූ ගේ අලුත් පෙම් හබය නොදන්නා නිසාය...

"අප්පේ දැන් මෙයාගේ ගණන්.. අර ගහෙන් වැටුනට පස්සේ තමා ඔක්කොම.." විමලේ මතක් කළේ අහවල් ගහෙන් වැටුන කතාව නොව, ඇට්ටේරියා ගහෙන් වැටුන කතාවය.

"යනවා යන්න අද අපි හැංගි මුත්තං කරමු" කුසූට ගණ දෙවි නුවන පහල විය. හැංගි මුත්තං පිටින් දමා හැංගී තමාට සිතූ සමග කතා කල හැකි නිසාය.

"ජොනීයි මමයි ගාලුගියා.. ටකා..ටිකා.. හුටා.."

"හරි මම හැංගෙන්නේ..." කුසු මාලු කට්ටක් දුටු බළල් තඩියෙකු මෙන් කෑගෑවාය.

"හරි හරි හැංගෙනවකෝ.. මට බැරිකමක් නැහැ තමුසෙව හොයා ගන්න.. ඔය කරවල සුවද මට කොහොමත් දැනෙනවා" විමලේ කීය.

"එකායි..දෙකායි... අනූනමයායි..." විමලේ z-ස්කෝර් එක හදන්නාක් මෙන් ඇස් පියාගෙන සීයයට ගණිද්දී කුසූ තම වත අල්මාරියේ දොර පිටුපස සගවා ගත්තාය. දොරවසාගෙන ඇය ඇමතුවේ සිතූටය.. තම ආදරණිය සිතූටය...

"සීයායි.. ඔන්න මම එනවා...." විමලේ අයියා කෑගැසීය. 

"රූං.. රූං.. රූං.. රූං... බෘම්..බෘම්..බෘම්..බෘම්.." රබර් ඇටෙන් සැදි රූම් පෙත්තක් මෙන් නිදහසින් කටින් සද්ද දමමින් විමලේ අයියා කුසූව සොයන්නට වූයේය. ඒ අතර කුසු අල්මාරිය ඇතුලට වී දොර වසාගෙන සිතූගේ තුරුලේ සැනසෙමින් සිටියාය.

"ඇයි රත්තරන් තාම පොඩි ලමයෙක් වගේ හැංගිමුත්තං කරන්නේ. අනික නාකි විමලේ අයිය එක්ක" සිතූ ඇසුවේ දුකින් නොව තරමක් කේන්තියෙනි. 

"තේරුම් ගන්න සිතූ එයා මගේ අයියා කෙනෙක්. ඒ ඇරෙන්න දෙයක් අපි අතර නැහැ."

"මම දන්නවා රත්ත‍රනේ. ඒත් මම කැමති නැහැ පැට්ටෝ ඔයා අයියා එක්ක තනි පංගලමේ සෙල්ලම් කරනවට. අනික අම්මලත් ගෙදර නැහැ. ගිරා පැටියා හිටියනම් ඔයාට කරදරයක් වුනොත් කෑගහන්න හරි එයා ඉන්නවා."

"මට බැහැ සිතූ අයියව ඈත් කරන්න. එදා ගග අයිනේ තිබුණ ඇට්ටේරිය ගහෙන් වැටිලා මාව ආතක් පාතක් නැතිව ගගේ ගහගෙන යද්දී විමලේ අයියා එයාගේ යාළු වෙලා හිටපු අක්ක ගැනවත් නොහිත මාව ගොඩට ගන්න පැන්නේ අර අපි ඉස්සර හොරෙන් බලපු ‍බේ-වොච් (Bay-watch)" කතන්දරේ හිටපු අයිය වගේ. ඇස් පියාගෙන හිටපු මට කෘතීම ස්වසනේ දුන්නේ මගේ විමලේ අයියා. එයා දීපු හුස්මෙන් මම තාමත් ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන් සිතූ. ඔයා වෙනුවෙන් විතරමයි."
හොරෙන් බලපු ‍බේ-වොච් (Bay-watch)" කතන්දරේ හිටපු අයිය වගේ
"හරි. ඒක අමතක කරමු. කමක් නැහැ. හැබැයි වැඩිය ලං වෙන්න එපා මයෙ දෙයියෝ. මට මැරෙන්න ගමේ තියෙන නියගලා අල මදි වෙයි මයෙ දෙයියෝ"

"පිස්සු කොල්ලා. මට ඔයාව නැතිවෙන්නේ නැහැ අයියෝ.. උම්හ්හා..." කුසූ ගේ දෙතොල් මයික් එක අතර තද වෙද්දී, සිතුගේ දෙනෙත් පියවින. හැමදාම හවසට ගහන මලේ මිහිර ඔහුට මේ තරම් නොවිණ.

"ක්ර්රාාාාස්..."

දොර දෙකේ අල්මාරියේ සැගවී සිටි සිතූ තිගැස්සින. තමා සිටි පැත්තේ දොර නොව අනිත් පැත්තේ දොර හැරිණ. අත්තම්මගේ පරණ අල්මාරියේ ඇදුම් තිබුනේ කිහිපයක් නිසා එහා පැත්තේ දොර හැරියද තමාව පෙනෙන බව ඇය දනී. ඇය ෆෝන් එක කට් නොකරම ඇස් තදකොට පියා ගත්තේ ගෙදර හිටපු බැල්ලීට ඉන්ජෙක්සන් ගසද්දී ඌ ඇස් පියා ගත්තා සේය.

"කුසූ කුසූ ඔයාට මොකද වුණේ? කතාකරන්න මයෙ දෙයියෝ කතාකරන්න" කුසූ නිහඩය. සිදුවන දේ අසා ගැනීමට සිතූ තම ෆෝන් එක කට් නොකලේය.

"පිස්සු කෙල්ල, තාම ඉස්සර වගේ මෝඩ විදිහට හැංගෙන්නේ. දන්නේ නැද්ද අයියා ඔයාව කෝම හරි හොයා ගන්නව කියලා" විමලේ එහෙම කිව්වේ තමාද අල්මාරියට රිංගමින් කුසූව තුරුලු කරගනිමින්ය.

ඇය සෙමින් ඇස් දෙක හැර බැලුවාය. විමලේ අයියාගේ දිලිසෙන ඇස් දෙක ඇය කලින් දැක තිබ්බේ හවසට  කසිප්පු ගහගෙන පාරේ කෑගසන වෙලාවට පමණි. සිතුවාට වඩා ඔහු ලෙංගතුය. කුසූ ඒ උණුහුමට තුරුලු වූවා නොවේය. ඒත් අසරණ වූවාය.

කුසූගේ දෙනෙත් අ‍ඩවන් වෙද්දී, විමලේ අයියාගේ දෙනෙත් දැල්විණ. ඒ දෙනෙත් එලියෙන් කුසූ ගේ ලෝකය නිලංකාර වන බව සිතූට පෙනුනේ නැත. නමුත් සිහින් වදන්, සිහින් මිමිණිලි, කෙදිරිලි සමග සියල්ල සිතූගේ මනසේ ඇදිනි. අපොයි චයිනීස් ෆෝන් අරන් දෙන වෙලා තව කීයක් හරි දාලා 3-ජී ෆෝන් එකක් අරන් දුන්නා නම් සියල්ල බලා ගත හැකිව තිබිණ.

නාදළු දෙතො‍ලේ
සිරව සිටි රළු විමලේ
කුසූ ලැම මඩලේ
පරව යාවිද කුමරි කටු අකුලේ

සිතූ කන වැකුනේ
හෑන්ඩ්ස් ෆ්‍රී එක සරණේ
ලැම රතට දිලුනේ
විමලේ සහැසිව රතියෙ වෙලුනේ

කුසූ නම් චපලය
සිතූගේ නම් අපලය
විමලේ ලය සිසිලය
කුසූ ඉම්බේ විමලේ නලලය

සිතූ සිත ගත්තේ
කුසූ පෙම මත්තේ
විමලෙ සිප ගත්තේ
කුසූගේ රස නැවුම් **ත්තේ

සිතූට ඇසේ යයි සිතූ
ෆෝන් එක ගත් කුසූ
බට්න් එක පාට රතූ
එබුව සැහැසිව පෙමක් නැහැ මතූ

ලැම ඉහල එ‍සවී
විමලේ සුරත තදවී
තහනම් දොරගුළු හැරී
කුසූ සුර ලොව ගියා තුටිනී

හැගීම් සියල්ල සත්‍යය ආදරයක් ගිලගත්තා. කුසූ දිව දොට්ට දාගෙන හති අරින බලු කුක්කෙක් වගේ හතිලමින් විමලෙ ගෙන් මෑත් වෙද්දී සිතූ කිසිවක් හිතාගන්න බැරිව ඔළුව බිත්තියෙ ගහගෙන කල්පනා කරන්න වුණා.

"විමලෙ අයියා මෙනවද මේ කලේ. ඇයි මට මෙහෙම දෙයක් වුණේ. මම අයිය ලග ඉස්සර හිටපු පුංචි නංගි නෙවේද තාම, කියන්න මට කියන්න ඇයි ඒ සහෝදරකමට මෙහෙම කලේ." අහස් කූරක් පත්තුවෙලා බිම වැටුන වගේ සුළු මොහොතක සතුටක් වෙනුවෙන් දැන් කුසූ කදුලු හෙලනව. විමලෙට දඩි බිඩි ගාලා පහර දෙන ගමන් ප්‍රශ්න අහනව.

"බය වෙන්න එපා නංගියෝ. මම ඔයාව දාල යන්නේ නැහැ. සත්තයි. මගේ වත්තෙ බැදල ඉන්න වැස්සි පල්ලා" විමලේ දිවුරුවා. ඇති තරම් දිවුරුවා.

"බැහැ, මට බැහැ. මට ඕනෙ මගෙ සිතූ. එයා කවදාවත් මාව අත් අරින්නේ නැහැ." කුසූ ඒ තරමට සිතූව විස්වාස කලා.

"හරි නංගියෝ.. මම ඔයාලගෙ ආදරේ වෙනුවෙන් ඕන උදව්වක් කරන්නම්.. බය වෙන්න එපා විමලේ අයිය හැමදාම ඉන්නව" (පුහ් නැතිවට..)

"ඒත් මම කෝමද සිතූට මූණ දෙන්නේ.. එයා හැමදේම අහගෙන ඉන්නැති. අනික මම ෆෝන් එක කට් කලේ මගදි..." කුසූ ඇස් පුංචි කරලා බෝංචි කරල වගේ දෙකට නැමිල කිව්ව.

"නැහැ නංගි දැන්ම කෝල් එකක් අරන් කතා කරන්න. එතකොට වැඩේ ෂේප් වෙයි..."

චයිනීස් ෆෝන් එකකට වඩා වේගෙන් කුසූගේ අත වයිබ්බ්‍රේට් වෙන්න ගත්තා. ඒත් මුකුත් නොවුන ගානට කුසූ කතාකලා.

"සිතූ...."

"කුසූ.. මොකද දෙයියනේ උනේ.. අර පාහර විමලයා ඔයා ලගට ආව නේද? කියන්න ප්ලීස්.. මොනාද උනේ මට පිලිවෙලට කියන්න... මම ඕකව මරනවා..."

"හිහ්..! හී.. ! රැවටිච්චා.. පොල්කිච්චා.. කෝපි ගහේ දෙමලිච්චා.. ඔයාට තේරුනේ නැද්ද අනේ. අපි හැංගි මුත්තං කලේ ටීවි එක දාලා. විමලේ අයියා අල්මරියේ දොර ඇරල මට කිව්වා මරු ෆිල්ම් එකක් යනව කියල. ඔයා ලයින් එකේ ඉන්නැද්දිම මම එලියට ගියා ෆිල්ම් එක බලන්න."

"බොරු නේද කුසූ ඔයා මට කියන්නේ. එහෙනම් අමුතු සද්ද ආවේ. ඔයාගෙ කටහඩ වගේ. අනික ඇයි මගදි ෆෝන් එක කට් වුණේ??"

"අහ්.. මරු වෙලාවට අපි ෆිල්ම් එක බලන්න සෙට් වුනේ. අපිට සද්දෙ ඇහුනට එවලේ කොටු දාපු නිසා අපි මුකුත් දැක්කෙ නැහැ සිතූ.. බොරු නම් ඔයත් ටීවී දෙරණ දාල බලන්න ලස්සන ෆිල්ම් එක, හැබැයි කොටු විතරයි..."

"අනේ කුසූ මම ගොඩක් බය වුණා. හැබැයි මීට පස්සේ විමලේ එක්ක සෙල්ලම් බැහැ. ඔය පිච්චුන ලේ ටික හොදටම ඇති. මාත් යනවා ඔය කියන ෆිල්ම් එක බලලා යමක් ඉගෙන ගන්න. හිකි..හිකි.. "

"බායි මයෙ අම්මා..." කියමින් කුසු සියල්ල අමතක කර දැම්මේ රැයේ දුටු සිහිනයක් මෙනි.

ගෙදර ‍මාළු ටික හොරෙන් කා, වැලි ගොඩේ ජරා කර, වැලි ටිකකින් වසා දමන්නාවූ වල් බැළලියක මෙන් කුසූ සියල්ල සගවන්නට හදන්නීය. ගමේ අළුතෙන් සවිකල ටැප් එක මෙන් කිසිවක් ලීක් නොකරන බව දිවුරමින් විමලේ පිටත්ව ගියේය. සිතූ මී පාසානම් කෑ මීයා මෙන් කිසිවක් නොතකා මී ගුල ඇතුලට රිංගා ගත්තේය.

******************
කුසූ ගේ අසනීපය දැම්මේ හේතුවක් සහිතවය.
තව කොටස් දෙක තුනකින් කුසූ - සිතු ආදර අන්දරය අහවරය.... එතෙක් විමසිල්ලෙන් සිටින්න

******************

සියල්ල පහලින් කියවන්න.....


************

Wednesday, January 25, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (බලාපොරොත්තුව)

විරහවෙන් මිලිනව ඉරි තැලුන හදවත් වලට, අකාලයේ හෙන ගසන වැස්සක, ජල සම්පාදන මණ්ඩලයේ ටැප් එකකින්, නිරපරාදයේ ඇද හැලෙන ක්ලෝරීන් දිය ඩිංග... කුසූ - සිතූ ආදර අන්දරය


**************************************************
සිතූ සහ කුසූ ආදර අන්දරය:  

තව කතා කිහිපයකින් අහවර විය යුතුයි  19 (50%)
මෙගා කතාවක් ලෙස හැකිතාක් ලිවිය යුතුයි  10 (26%)
අපෝ එපා නවත්තපං  9 (23%)

දැනට පවතින් බහුතර මතය අනුව "සිතූ සහ කුසූ ආදර අන්දරය:  තව කොටස් ස්වල්පයකින් අහවරය"
(සුළුතර 23% මතයට හිස නමමුද ? හිකිස්)
**************************************************

එදා ෆෝන් එකක ඩිස්ප්ලේ එකක් ගහලවත් පාර පේන්නෙ නැති අදුරු රාත්‍රියක්. වෙනදට රෑ තිස්සේ ‍නයිට් ඩියුටි කරන වවුලෝ තටු අකුලගෙන ගස්වල එල්ලිලා. සිතු තාත්තා පොළට එළවලු ගෙනියන බයිසිකලේ හොරෙන්ම තල්ලු කරගෙන පාරට ආවා. සට සට ගාලා තටු වැදිලා බකමූණෝ සෙට් එකක් ඉගල්ලිලා ගියාට සිතූ බය වුණේ නැත්තේ අවංක ආදරේ නිසාම නෙවේ. බයිසිකලේ තිබ්බ ඩයිනමෝව නිසා ටිකක් හරි පැහැදිලිව පාර පෙනුන නිසා. සිතූ බයිසිකලේට උස නැති නිසා පොල්ල අස්සෙන් කකුලක් දාලා එක  හුස්මට පෑගුවේ කුසූගෙ ගෙදරට. බයිසිකලේ ලාම්පුව නිමලා වත්ත ඇතුලට බයිසිකලේ තල්ලු කරගෙන සිතූ ආව. නැවතුනේ කුසූ ගෙ කාමරේ ජනේලෙ ලග.

මෙහෙම නෙවේ, පොල්ල අස්සෙන් කකුල දාලා පැදගෙන ගියේ

"ටොක් - ටොක්" සිතූ තට්ටු කරද්දි, කුසු ජනේලෙ ඇරිය.

බලුපැටියෙක් කකුල උස්සල මුත්තරා කරනව වගේ, කුසූ කදුලු පෙරාගෙන...

"ඇයි කුසු මොකද මයෙ අම්මා.. "
"සිතූ.. මට අද සනීප නැහැ. බන්ඩිය ගොඩක් රිදෙනවා..." සිතූ ගෙ හිත හිරිවැටුනා. සිතූ 9 වසරේ සෞඛ්‍යය පොත කියවල තිබ්බ නිසා සීන් එක තේරුණා. 

"මම බන්ඩිය අතගාන්නම් මයෙ අම්මා.... " සිතූ ගෙ මූණ සද එලියේ දිලිසුනා. කුසූගේ මුණේ කදුලු කැට දිලිසුනා.

"ඔයාට විතරයි සිතූ මේ අමාරුව කවද හරි නවත්තන්න පුළුවං, ඉක්මනට මේක හොද කරල දෙන්න මයෙ දෙයියා.."

සිතූ සහ කුසූ ගෙ කදුලු කැට සද එලියෙ පොර බදිද්දි, සිත් ආදරෙන් වෙලෙද්දි, මහ කැලෑව අස්සේ ඉදන් කපටි රජා නම් ලද හිවලෙක් කෑගහනව වගේ කුසූගෙ බඩ කෙදිරි ගෑවා.

කුසූ අසනීපෙන් ඉන්නකොට සෑමා කෝමද අසමජ්ජාතියෙක් වගේ කතාව ලියන්නේ. දවස් දෙකක් ඉවසමු. කුසූට හොද වෙනකල්.

කුසූ සහ සිතූ ආදර අන්දරය (3 කොටස) ලගදීම.... 


1 කොටහ බලන්න
2 කොටහ බලන්න

හැමෝම සෑමට බනී කුසූගෙ බඩේ අමාරුවත් පෝස්ට් කළා කියල. කල්පනාවෙන් කියවන්න. හැම වචනයක්ම වැදගත්. ඊලග පෝස්ටුවෙන් තේරෙයි සිතූට - කුසූට වෙන්නෙ මොකද කියල.

3 කොටහ ආව මෙන්න..

Thursday, January 12, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (2 කොටස)

විරහවෙන් මිලිනව ඉරි තැලුන හදවත් වලට, අකාලයේ හෙන ගසන වැස්සක, ජල සම්පාදන මණ්ඩලයේ ටැප් එකකින්, නිරපරාදයේ ඇද හැලෙන ක්ලෝරීන් දිය ඩිංග... කුසූ - සිතූ ආදර අන්දරය

"යන්න එපා සිතූ....."

සට පට ගා වැස්ස වැටෙන අදුරැ රාත්‍රියේ කුසූ නිදා සිටි පැදුරෙන් නැගිට්ටේ සිතූ ගේ නම කියාගෙනය. තමා කුඩා කල සීයා ඇති කල වසු පැටියාට කළ ආදරය සහ සිතූ වෙනුවෙන් තමා කරන ආදරය අතර ඇත්තේ සුළු වෙනසක් බව කුසූට සිතී අවසානය. වෙනදාට වහු පැටියා මූන ලෙවකන අයුරැ සිහිනෙන් දැක අවදිවනවා සේම දික් වූ නිකටක්, වක් වූ නහයක් සහිත තම පෙම්වතා වස්සා ගේ බෙල්ලේ සීනුව මෙන් අඩියක පමණ දම්වැල් මාලයක් දමාගෙන සිටින අයුරැ ඈ සිහිනෙන් දකින්නේ මධ්‍යම රාත්‍රියේය.

කලින් දින හවස පන්තියේ පඩිපෙල යටදී සිගරැට් සැර සහිත සිතූගේ තොල් කුසූ ගේ තොල් අතර සිරවුනේ ඇගේ සිරැරට නිකොටින් බෙදා හරිමිනි. වෙනදා මෙන් බන්ටි ටොෆියක් කන්නට අමතක වූ සිතූ සරාගී සිතුවිලි අතර සිරව අසරණ වූ අතර ලැබුණ ක්ෂණික අවස්ථාවේ ඇය ග්‍රහනයට ගත්තාය.

සියළු මතකයන් සමග ඇය ඇගේ සිහින් ඉගට හා කොහු මෙට්ටයට සිරවූ චයිනිස් දුරකථනය ඈ සුරතට ගත්තාය. බට්න් කීපයක් එබූ විට ඩිස්ප්ලේ එක දැල්විණ. ඒ තැලුනු හුරතල් දෙතොල් හෑන්ඩ්ස්  ෆී එකේ මයික් එක අතර තද කොට ඇය ඇමතුවේ සිතූ නොව... තම සිම්පතේ ස්වක්‍රීය සේවාවේ අංශයයි. ඒ බැලන්ස් එක චෙක් කිරීමටය.

කුසූට මහ රෑ සිතූ සමග දොඩමලු වන්නට සිත් විය.

"ඈ බොල කෙල්ලේ මේ මහ රෑ මොකද හුලු අත්තක් පත්තුකරන් තෝ තනියම එලියට යන්න හදන්නේ චූ කරන්නද?...."

කුසූ ගැස්සින. තම ඩිස්ප්ලේ එකේ එලිය අත්තම්මා ගේ මුහුණට වැටී ඇත. ඇගේ ඇද කඩා වැටුන නිසා ඇයද නිදාගත්තේ කුසූ සමග බව කුසූට මතක් වුනේ එතකොටය. 

"නැහැ අත්තම්මේ ‍මේ මගේ මොබයිල් එක.." ලා දලු දෙතොල් සැලී කුසූ තෙපලීය. 

"කොයිල් එක...??? ඇයි කෙල්ලේ අත පුච්ච ගන්න හදන්නේ, මදුරැ කොයිල් එක තියපිය ඇද යටින්" අත්තම්මා ඇයට ආදරේය. ඒත් දැන් ඇයට දැනෙන්නේ තම හදවත බිංකුන්ඩෙකු මෙන් පසාරැ කල සිතූ ගේ ආදරය පමණි.

"අනේ අත්තම්මේ මේ රෑ ජාමේ ඇයි වහලේ උළු උඩ යන්න කෑගහන්නේ.. කන් ඇහෙන්නේ නැද්ද.."

"කොහෙ කං ඇහෙන්නද බොලා මගේ ඉයර් පෝං එක කනේ ඔබාගෙන නේ.." අත්ම්මා කන් ඇහෙන් නැතිවාට ගසන ඉයර් ‍ෆෝන් එක කුසූ හැන්ඩ්ස් ෆ්‍රී එක යැයි සිතා කනේ ගසාගෙනය. කුසූ එය එකවරම අත්තම්මගේ කනේ එබීය.

"අනික උඹ මේ රැ මොනවද ඔය දිස්ටිය ඔබාගෙන කොරන්නේ..."

"මම මේ ඊ-බඩී (E-buddy) ලොග් වුනා අත්තම්මේ" සිතූ ගැන කිව නොහැක. කිව හැකි බොරැව කීවේ ඇය බේරීමටය.

"මොකක්ද බොල ඔය ඊ බඩී කියන්නේ???"

"හෙට උදේට කියන්නම් අත්තම්මේ දැන් නිදියන්න.." ඇයට තේරැම් කල නොහැක. කුසූ මග හැරියාය.

මොහොතකට පෙර තම හිස අතගා දොයි කල සිතූ නැවත ඇහැ ඇරිය නොහැක. නපුරැ සිහිනය පසුව කිව හැක. සිතූ දැන් ගල් බෝර දැම්මාත් ‍නොනැගිටන විපුල් මමලාගේ ගල් කොරියේ බල්ලා මෙන් නිදි ඇති. කුසූ තනිවම සිතුවාය. ඇයත් ඇගේ බෙඩ් ෂීට් එක ඇද ඇග මතට පොරවා නිදාගත්තාය.

"ඈ යකෝ තෝ මගේ චීත්තේ පෙරෝ ගත්තම මම ලැවැන්ඩරිය එලිය දාගෙනද නිදියන්නේ. තොටත් කූඹිවහයි බොල" කුසූ බැරි වී අත්තම්මාගේ රෙද්ද පොරවාගෙන ඇත. ඇය සතර පෝයට සිල් ගත්තද තැනක් නොතැනක් නැත. කියන්නේ කුණු හරපමය. දිනක් සිල් පවාරනය කර ලොකු හාමුදුරැවන්ට බැන්නේත් xxxයා කියාය.

කුසූ දෑස පියා ගත්තාය. නැවතත් විශාල ගල් අතරින් වැටෙන දිය ඇල්ලක් ලග ඇය සිහින ලොව සැරි සැරැවාය. එහි කොනෙක හරක් බලා ගන්නා කොල්ලෙකු මෙන් වස් දඩු වැයුවේ සිතූය. තම සිහිනය, පැතුම, සිතූය....
ඇගේ සිහින් ඉගට හා  කොහු මෙට්ටයට සිරවූ චයිනිස් දුරකථනය ඈ සුරතට ගත්තාය

කුක්කු කූක් කූක්............


"අන්න අත්තම්මේ කිරි කාරයා ඇවිත් කෑගහනවා..." කුසූ නිදි මතින් අත්තම්මාට තෙපලීය.

"බොලාලට ලව් මාන්දමේ රෑ දෙගොට ජාමේ එක එකාට කුක්කු පොවලා නිදාගත්තට අපි පලිද බොල.. කුක්කු කූ ගාන්නේ තොපෙ අප්පච්චියා කැන්දං ආපු කිකිලි..."

අත්තම්මා කෑගසමින් නැගිට (කක්)කුස්සියට යද්දී... කුසූ ‍සලං බලං ගා බිම පතිත වූ තම චයිනීස් ෆෝන් එක බිම අතපත ගා අහුලා ගත්තාය. එහි තිබුනේ පාන්දරම සිතූ තමාට එවූ එස්.එම්.එස් එකයි...

"පිස්සු කොල්ලා.. ‍උදේම මාව මතක් වෙලා... මොකක් හරි කුණු හබ්බයක් වෙන්න ඇති නිදි මරගාතේ එවන්න ඇත්තේ.."

තම දගකාර ආඩම්බර සිතූ ගැන දන්නා කුසූ තම නොකැලැල් ප්‍රථම ආලයෙන් මුසපත්ව එසේ සිතමින් එස්.ඇම්.එස් එක දිග හැරියාය..

"ආදරණීය සුදූට සිතූ අයියාගෙන් සුභ උපන් දිනයකට ආසිරි - ගල්ඹය බෝ සමිදු පිහිටයි"

ජිල් බෝල මෙන් විශාල වූ කුසූගේ සිහින් ඇස් වලින් එලියට පැන්න ලවන සිහිත කදුලු කැටය වැටුනේ ෆෝන් එකේ ඩිස්‍ප්ලේ එකට උඩින් ස්පීකරය සදහා ඇති සිදුර තුලටයි. පුංචි කදුලු බිදුවක් නිසා ෆෝන් එකට අතුරැ අන්තරාවක් නොවුනද ඇගේ හදවත තට්ටු පහකින් බිමට වැටුන පුංචි සමනලයෙක් මෙන් සී සී කඩ විසිර ගියේය.

තවමත් ටෙස්ට් මැච් එකක දින ගනනවත් පසු නොකල තම ප්‍රේමයට මාරයා අත වනන බවක් ඇයට සිතින. කුසූ ගේ උපන්දිනය පහු වී මාස 3ක් වුවද, සිතූ හදිසියේ කාට හෝ යැවු සුභ පැතුමක් තමන්ට ලැබී ඇත. සිතූ විජාතික බලවේග වලට අත වනන තරම් දේශද්‍රෝහියෙකු බව කුසූ සිහිනෙකින්වත් නොසිතුවාය.

ගැහෙන ලැමට කොට්ටය තද කොට, සෝඩියම් ක්ලෝරයිඩ් දියර ඇස් කොනින් ගලා ‍වැටෙද්දී ඇය ක්ෂණිකව ඇමතුවේ 119 නොව. සිතූටය... ඔව් සල්ලාල සිතූටය.

"හික්ස්.. හික්.. ඉහි.. ඉහ්ක්... සිතූ මම හිතුවේ නැහැ ඔයා මේ තරම් අමනයෙක් කියලා. මගේ මාල ගිරා පැට්ටා මැරැණ දවසේ මම හිතුවා ඔයා මගේ මුළු ලෝකෙම වෙලා මගේ ලග නවතී කියලා. ඒත් අද ඔයා කරපු වැඩෙන් මගේ මුළු ලෝකෙම නැවතිලා මම අන්ත අසරණ දුක්ඛිත තත්වයට වැටුනා සිතු... ඔයා මාව මැරැව නම් හොදයි සිතූ...මැරැව නම් හොදයි සිතූ... හොදයි සිතූ... සිතූ... " සිතූට හිතා ගන්නට බැරි විය. පාර්ලිමේන්තු සැසි වාරයක් ඇරඹුනාක් මෙන් එක දිගට කුසූ වදන් ඇමිනුවාය.

"ප්ලීස්.. කුසූ.. කූල්.. කියන්න බබා මට මොකද වුණේ කියලා.. කවුද ඔයාව මුලා කලේ.."

"ඔබා  බබා වෙන්න හදනවද මෙතන. කාටද උදේ පාන්දර විශ් කලේ.." කුසූ ප්‍රති උත්තර බැන්දාය.

"අප්පට හුඩු.. පැට්ටෝ ඔයාටද මැසේජ් එක ආවේ... මගුලයි.." සිතූගේ වදන ඇයගේ හදවතට ගල් කටුවෙන් ඇන්නාක් බදු විය.

"ඔයා ලැජ්ජ නැති දේශපාලඥයෙක් වගේ මිනිහෙක් සිතූ.."

"නැහැ.. නැහැ... රත්තරං අහන්නකෝ, උදේ නැගිට්ට හැටියේ අම්ම කීව අද කසුන්තිකා අක්කගේ බර්ත් ඩේ එක කියලා.. මම සටස් ගාලා ගැහුවා මැසේජ් එකක්. ඒක තමා වැරදිලා ඔයාට එන්න ඇත්තේ.. කසුන්ති..කුසූ නම් දෙකම එක ලග බබා කන්ටැක්ට් ලිස්ට් එකේ තියෙන්නේ"

"ඔයා නම් මහා..... ඔයා නම් මහා..... අමුම අමු මැට්ටෙක් සිතූ" ශ්‍රී ලංකාවේ ආදරවන්තියන් දන්නා දරැණුම වචනය කියා කුසූ සිතූට බැන ෆෝන් එක තැබුවාය.

Written by sAm_11:05pm_12.01.'12

සිතූ - කුසූ ගේ ආදර අන්දරයේ පළමු කොටස බලන්න මෙතැනින්...

බහුතර ඉල්ලීම මත ලියැවුණු කුසූ - සිතූ ආදර කතාව... ඛේදාන්තයකින් අවසන් වෙයිද..?



************
සියල්ල පහලින් කියවන්න.....


************

Sunday, January 1, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (1 කොටස)

‍සිතුම්, කුසුම් එක්ක යාළුවෙලා තවම සති දෙකක් විතර. දෙන්නට පැය විසි හතරම කතා කරන්න කපල් සිම් එකක් ගෙනාවේ සිතුම්මයි. තවමත් වයස දහ අටක් නැති සිතුම් වසර දෙකක් බාල කුසුම්ට සිම් එකක් අරන් දෙන්න ගියේ තමන් ඉස්කෝලෙදි කලාපීය ක්‍රීඩා තරග වලට යන්න හදපු තැපැල් අයිඩින්ටිය අරගෙන. ඒත් කුඩේ යට හිටපු සිම් බෙදන අයියා කී‍වේ මල්ලී මේකට සිම් ගන්න බැහැ කියලා. ආයිත් පස්සේ දවසක ගමේ කමියුනිකේෂන් එකේ දන්න හදුනන අයිය කෙනෙක් ලව්වා යන්තම් කපල් සිම් එකක් අටව ගන්න සිතුම්ට පුලුවන් වුණා. සිතුම් සිම් එක අරන් කුසුම් ලගට ගියේ රෝස මල් පොකුරක් වෝල් පේපර් එකට දාපු චයිනීස් ෆෝන් එකත් එක්කමයි.
පස්සෙ දවසක කුසූ එයාගෙම පින්තූරයක් වොල් පේපර් එකට දාගත්තා
එදා ගෙදර ගි‍ය වෙලේ ඉදන් කුසුම් හීන් කෙදිරිලි හඩින් සිතුම් එක්ක මල් කඩන්න පටන් ගත්තා. ලියුම් වල අකුරු කරපු කොච්චර දේවල් සිතුම්ගෙයි, කුසුම්ගෙයි මයික්, ස්පීකර් අහං හිටියද. සිතුම්ගේ අවංක ආ‍දරේ හඩ ධ්වනි තරංග විදියට වාතලයට මුසු වෙද්දී කුසුම්ගේ චයිනීස් දුරකතනයට ඒවා ලැබුනේ විදු්‍යුත් තරංග විදිහට. කුසුම්ගේ මොලකැටි කන් පෙත්තේ හිරවුණ හෑන්ඩ්ස් ෆ්‍රී එකෙන් සිතුම් කුසුම්ගේ මොල කැටියට තවත් ලං වුණා.

එදා පාට පාට බෝල් පොයින්ට් පෑනෙන් ලියපු ආදරනීය වදන් සිතූට ලැබෙන්න ගත්තේ එකම ෆොන්ට් එකේ හතරුස් අකුරු වලින්. අමාරුවෙන් කියෙව්වෙ සිංග්ලිෂ් වලින්. ඉදල හිටල එම්.එම් එස් ආවට ඒවයෙ තිබ්බෙ කෘතිම රෑප. වෙනද සිතූ කුසූට ඇදල දීපු කොන්ඩේ මූනට වැටුන අහිංසක කෙල්ලන්ගෙ රෑප නෙවේ.

"කුසූ.... ආයෙත් මට උම්මා එකක් දෙන්න.."

සිතුම්ට කුසුම් කොච්චර උම්මා දුන්නත් සිතුම් හැමවෙලේම කීවේ "කෝ කුසූ.. මට ඒක ඇහුනේ නැහැ.. ආයෙත් දෙන්න බලන්න" කියල. උම්ම දෙනව වගේම කුසු ගේ ගෙදර ගිරා පැටිය මැරුන වෙලාවේ අම්මට වත් ගිරව මැරුන කියල නොකියම කුසූ දුවල ගියේ සිතූ ලගට. ඒ සිතූ දුන්න චයිනීස් ෆෝන් එක ලගට.

"ඇයි කුසූ ඇයි?? මට කියන්න බබා ඇයි ඔයා අඩන්නේ" වචන ගලපගන්න බැරිව කුසූ දිගටම අඩද්දී සිතූ හොදටම බය වෙලා.

"ඉහික්..ඉහි..ඉහි.. බලන්න සිතුහ්..ඉහි ඉහි...ඉක්.." 

"අනේ ප්ලීස් කුසූ මට කියන්න.. මාව බය නොකර ඔයා අම්මට අහු වුණාද?? අම්ම බැන්නද?? " සිතූ හේතුව හෙව්වෙ මේ විදිහට ෆෝන් එක කනට තද කරගෙන.

"බලන්න සිතූ අපේ ගිරා පැට්ටා මැරිලා... මට හරියට දුකයි...." කුසූ අමාරුවෙන්ම හිතේ දුක දොට්ට දැම්මා.

"ඇයි කුසූ මාව මෙහෙම බය කරන්නේ... මම හිතුවේ ඔයාගේ ආච්චිවත් මැර්ර්.." සිතූ වචන කීපයක් හිර කරගත්තත් කුසූට තේරුනේ නැහැ.

"මම ඔයාව බය කරන්න හීනෙකින්වත් හිතුවෙ නැහැ සිතූ. ඔයා කීව හරි ආච්චි තමා මට ගිරා පැට්ටා බෙල්ලෙ කට්ටක් ඇනගෙන මැරිල ඉන්නවා පෙන්නුවේ" සිතූ ගේ හදවත වැඩ කරන්නට ගත්තේ ආච්චිගේ කතාව කුසූට නෑසුන නිසා.


එදා ගිරා පැට්ටගේ භූමිදාන කටයුතුත් සිතූ හෑන්ඩ්ස් ෆ්‍රී එක කන් බෙරයට අලවාගෙන අහං හිටියේ හරිම සංයමයෙන්. ගිරා පැට්ටා වලට දමන විට එක පාරට කුසූගේ හැඩුම් හඩ වැඩිවීමත් සිතූට ඇසෙද්දී ඔහු හැම‍දේම සිතින් මවා ගත්තා. 

"අනේ මම ලග හිටියනම් ඔයාගේ ඔළුව මගේ උරහිසේ තියාගෙන ඇස් දෙකෙන් ගලන කදුලු කැට මම එකතු කරනවා. ඒවා මුතු කැට වගේ අමුනලා අපේ ආච්චිගේ පබලු මාලෙට මාරු කරලා. ඔයාට ආච්චිගේ පබලු මාලේ දෙනවා." එදා කුසූගෙ හිත හැදෙනකල් සිතූ මොන මොනව හරි කිය කිය ලගින් හිටිය. එදා රෑ කුසූ කෑවෙත් නැතිව හිටපු නිසා කුසූව නිදි කරවලා තමයි සිතුත් නිදා ගත්තේ.

පහුවදා උදේම නැගිට්ට සිතූ ඇද වටේම බඩ ගාලා, බැරිම තැන ඇද යට තිබ්බ ෆෝන් එක අහුලලා කුසූට කෝල් කලා. චයිනීස් වයිබ්රේට් එකට ඇදම හෙලවෙද්දී කුසුම් නැගිට්ටා. ඒත් ෆෝන් එක පේන්න නැහැ. නයිට් ඩ්‍රෙස් එක අස්සෙන් එලියට ඇවිත් තිබ්බ හෑන්ඩ්ස් ‍ෆ්‍රී එකේ වයර් එක ටික ටික එලියට ඇදල අරන් අන්තිමේදී කුසූ ෆෝන් එක හොයා ගත්තා. ෆෝන් එක තෙත් වෙලා. කුසූ හිතුවේ ඒ තමන් අඩපු කදුලු කියලා. ඇත්තටම එහෙම නෙවේ.


"ඔයා කෑවද කුසූ..." කුසූ ආන්සර් කරන කල් බකමූනගේ කැමතිම සිංදුව අහං හිටපු සිතූ හඩ අවදි කලා.

"කොහොමද ම‍යෙ දෙයියො මම කන්නේ??" කුසූ තවමත් දුකින් කියලා සිතූ තේරුම් ගත්තා.

"පිස්සු කරන්න එපා ලමයෝ.. ප්ලීස් කන්න කෝ.." සිතූ බල කරලා කියන්න ගත්තා.

"බැහැ රත්තරං ඔයා කන්න, මම අද උදේ පාන්දර 4ට නැගිටලා ගිරා පැට්ටගේ සොහොන ලග ඉටිපන්දම් දෙකක් පත්තු කලා" කුසූ එහෙම කිව්වට අපිනෙ දන්නේ එයා නැගිට්ට වෙලාව.

"ඇයි මයෙ අම්මා දෙකක් පත්තු කලේ.." සිතූ ප්‍රශ්න කලේ හරිම ලෙංගතුකමින්.

"ඇයි එයා අපි දෙන්නගෙමනේ..."


"ඒක හොදයි.. මාත් අද පන්සල ලගින් මාළු අල්ලන්න යනකොට පඩුරක් දාගෙන යන්නම්" සිතුත් කුසුගේ හිත සැහැල්ලු වෙන ඕනම දෙයක් කරනවා. ඒකයි සැබෑ ආදරය.

"ඒකනේ ඔයාට මම ආ‍දරේ" කුසූ කියද්දී සිතූට ගොඩක් සතුටු හිතුනා. කවදාවත් දැනිල නැති තරම්.

"හරි බබා ඔයා දැන් කාලා මට කොල් කරන්න ඕනේ ඊට පස්සේ තමා මම කන්නේ හරිද??" සිතූ කුසූ ගේ උපවාසයට උපායක් යෙදුවා.

"අනේ ඔයා මම නිසා නොකා ඉන්නෙපා..." කුසූ කම්පා වුනා. කවදාවත් දැනිල නැති දුකක් දැනුනා. ගිරා පැට්ට මලාට වැඩිය දුකක්.

"ඔයාට ඔච්චර දුකනම් ඉක්මනට කාලා මට කෝල් කරන්න.." සිතු හිතුවට වඩා කපටි කොල්ලෙක්.


"හරි බබා මම කාලා කියන්නම්. බලමු කෝ මෙයාගේ ආදරේ තරම.. හිතද පිරෙන තරම්ද, අහසද තරම්ද කියලා" කුසූ, සිතූ ටත්, සිතූ, කුසූ ටත්, කසු කුසු ගා උම්මා පාස් කරගෙන ෆොන් එක තිබ්බා.

කොච්චර මොනව උනත් කුසූට කන්න තරම් හිතක් නැහැ. ගේ පුරා ඇවිද ඇවිද කල්පනා කලා. ටීවී බැලුවා, ඊ මේල් චෙක් කලා, ෆේස් බුක් ගියා.. ඒත් කන්න තරම් හිත නැහැ. පැය දෙකක් තුනක් ගිහින් නිසා සිතූට කෝල් ක‍ලේ තවම කෑවෙ නැහැ කියන්න. ඒත් කබරගොයාගෙ කැමතිම සින්දුව ඉවර වෙනකල් දෙතුන් පාර ගත්තත් සිතූ ආන්සර් කලේ නැහැ.

පැය කාලකින් විතර සිතූ කෝල් කලා........

"මගෙ.. දෙයියා..... කෑවද....??" ආන්සර් නොකල නිසා ෂේප් වෙන්න සිතූ ඇදලා කතා කලා.


"ඔයා කෑවද සිතූ" කුසූ ඇහුවා


"මොන කනවද.. මම කුසූ කතා කරන කල් හිටියේ" සිතූ ඇත්තම කීවා.

"ඇයි බබා ඔයා විකාර කරන්නේ ප්ලීස්.... කන්න..කෝ.." 

"හරි කුසූ ඔයා කෑවහම කෝල් කරන්න.." 

"කොල් කරන්න තමයි, ගත්තාම ආන්සර් කරන්නේ නැහැ.. කොහෙද හිටියේ එවලේ.." කුසූ ඇහුවේ බොරු කේන්තියක් අරගෙන.

"කොහෙ යන්නද බබා.. මම කුස්සියේ හිටියේ.. "


"එතකොට ෆෝන් එක??"


"ෆෝන් එක කාමරේ තිබ්බේ අම්ම මරු අල හොද්දක් හදලා.. ඒකත් එක්ක ඉදිආප්ප විස්සක් කෑවා.." සිතූ කියූ දේ ඉවර වෙන්නට පෙර බීප් නාදය ඇහුනේ කුසූ ෆෝන් එක කට් කරල නිසා.

සිතූ කල්පනා කරලා එස්.එම්.එස් එකක් ගැහුවා කුසූට..

"ඉතින් බබා ඔයාමනේ කීවේ විකාර කරන්නේ නැතිව කන්න කියලා. ඔයා නිසා නොකා ඉන්නත් එපා කිව්වේ.. මම කොහොමද බබා කියන ඒවට පිටින් යන්නේ??"

Written by sAm_11.03pm_20.12.'11
සෑම්ගේ ට්‍රයල් එකකි. තව එපිසෝඩ් දැම්මොත් නැගලා යයිද ? තීරණය ජනතාව සතුය...

නව වසරට ආසිරි පොඩි සෑමා, සහ ලොකු ෂෑමා ගෙන්... 
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා යනු සෑමාගේ පැතුමයි.


************
සියල්ල පහලින් කියවන්න.....


************
Related Posts Plugin for WordPress, Blogger...