නිතර සුදු අඳින උන් විශ්වාස නොකළ යුතුය. උක්ත ආදර්ශය අපට දුන්නේ ලාංකීය පාර්ලිමේන්තු ක්‍රමයෙන්ය. සියළු ජඩ වැඩ අවසන දෙඅත් නොසෝදාම සුදු හැඳගත් පමණින් උන් සුද්ද වන්තයෝ බව කියැවුණේ දුර්දන්ත දේශපාලන ක්‍රමයෙන්මය. ඉන් කියැවෙන්නේ පාට හැඳගත් උන් සියල්ලෝම ගුණවත් කියා නොවේය. නමුත් යම්තාක් දුරකට පිළගත යුතු සත්‍යය මෙසේය. දුදනෝ සුදු ඇඳුමට මුවා වී තම වැරදි වසාගත් සුදනුන් වන්නට තැත් කරන බවය. අනෙක් සත්‍යය නම් කිසිම වර්ණයක් නොතකා අතට අහු වෙන හැම එකක්ම අඳිනා උන් ඉන්නා නිසා ඇඳුමෙන් පැළඳුමෙන් සමහර මිනිස් කොට්ඨාශ මැනිය නොහැකි බවය.
දැන් ඒ සියල්ල පසෙක තැබිය යුතුය. මේ ලියන්නට යන්නේ ඇඳුමට අදාල දෙයක් නොවේය. මේ ලියන්නේ ආත්ම ශක්තිය ගැනය. පිරිසක් මැද තමන් පිලිගැනීමට ලක්වේදෝ නොවේදේ යන මතය හැම සිතකම කොනක හොලමන් කරන්නාවූ සිතුවිල්ලක්ය. එනිසාම විශේෂ අවස්ථාවකට සහභාගි වෙද්දි තමන් අඳිනා ඇඳුමට පෙර බොහෝ අය සිතන්නේ අනිත් උන් පැමිණෙන්නේ කුමක් ඇඳගෙනද කියාය. එය තමන් කැපී පෙනෙන්නට තිබෙන ආශාව නිසාම කරනා දෙයක් බව කිව හැකිය. නැති නම් තමන්ට ඇති සැටිය අනෙක් අය හමුවේ බාල්දු වේ යැයි එන හැගීම විය යුතුය.
මෑත භාගයේ ඉන්දියාවත් එක්ක හැප්පිය යුතුමයි කියන සංකල්පයේ සිට පැවැත්වුණේ හිරු ගෝල්ඩන් ෆිලුම් අවෝඩ්ස්ය. අපේ උන් ජැන්ඩිය ඇඳගෙන එන අතර ඉන්දියන් නාකි නලු නිලි සැට් එකක් ද ඉවෙන්ට් එකට එන්ටැර් වී තිබුණෝය. ජාත්‍යන්තර මට්ටමට යද්දී ඇඳුම ගැන සිතිය යුතුමය. එය ගැටළුවක් නැතිය. එහෙත් හිරු නිවුස් අස්සේ දුන් ලයිව් අප්ඩේට් එකක ස්වල්පයක් දුටු සෑමා එවලේම බුකියේ දැමුවේ මෙවන් ස්ටේටස් එකක්ය.
සුරාජ මාපා කිව්වා අපි ඉන්දියාව එක්ක හැප්පෙන්නෝනි කියලා.
ඊට පස්සෙ සාරංගා ආවා.
සාරංග කතා කර කර ඉද්දි ජැකී ෂිරොප් එනව කියල සාරංගව නවත්තං හිටියා.ජැකියට සැලුට් ඔක්කොම ගසලා ජැකියා යනකල් ඉදලා සාරංග එක්ක කතා කළා.
අන්න ඒමයි අපි රටක් වශයෙන් ඉදිරියට ගිහින් ඉන්දියාවෙ හැප්පෙන්නෙ !!
#හිරු_ෆිලුම්_අවෝඩ්ස්
ඒ ලංකාවේ හැටිය. තමන්ගේ එකා සිටියදී කොයින්දෝ එන උන්ට තැන දෙන්නේය. ආරාධිතයන්ට තැනක් දිය යුතුය. එය අපේ උන්ගේ සිත් නොතැලෙන ලෙස ප්ලෑන් කළ යුතුය. උත්සවයේ කැපී පෙනෙන සීන් එක සම්මාන ලද පිරිස බව පෙනෙන්නට නැත්තේය. සම්මාන ලබන නොලබන හැම අයම පැමිණියේ තමන්ගේ උපරිමයෙන් සැරසීගෙනය. සම්මාන උලෙලක් අවසන් විය යුත්තේ සම්මාන ලද උන් සමාජයට වැඩිපුර විවර වීමක් ය. කොටින්ම කිවොත් ඔවුන් පොරවල් විය යුතුය. එවැන්නක් නම් සෑමා නොදුටුවේය. සම්මාන උලෙලක් හුදු සංදර්ශනයක් වූවා පමණක් ය.
දැන් කතන්දරය නන්දා මාලනිය ගේ ඇදුම ගැනය. හැමෝම කැටයම් දාද්දී ඇය සරල, චාම්, සුපුරුදු ඇදුම ඇන්දාය. සෑමා කලින් කීවේ ඒ ගැනය. සුදු පාට, අදින ඇදුම, සියලු මිනිසුන් මනින පොදු සාධකයක් කර ගත යුතු නැත්තේය. සෑමාට අදාල නම් ගායකයෙක් නම් සංගීතයට කළ මෙහෙවරය. නිලියක් නම් චිත්‍රපට හෝ නාට්‍ය කර්මානත්යට කළ මෙහෙවරය. ඉන් එහාට ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් අපිට වැඩක් නැත්තේය. නන්දා නැන්දා ගත හොත් සෑමාට නම් චරිතයක්ය. පවතින රජයකට විරුද්ධව ගායිකාවක ලෙසින් ඇය එදා තනිවම නැගිට සිටියාය. පවතින රජයට, ඔවුන්ගේ ධනවාදී බලයට, ක්‍රියාකාරකම් වලට එරෙහිව හෙන හත වැදෙන්නට යැයි පවසන්නට තරම් ඇය එඩිතර වූවාය. ඉදින් ඇය එවන් එඩිතර කමක් තිබු නිසාම මහා පරිමාණයෙන් පැවැත්වූ සම්මාන දුන් සාදයට පැමිණ සිටියේ සුදු වතින්ය. එය ඇයගේ යුනෆෝම් එකය. සෑමා ඇයව සදාතනිකව දැක ඇත්තේ සුදු වතින් සැරසීගෙනය.
ඉන් පෙන්වූයේ ඇගේ සරල බව, චාම් බව, ගුණවත් බව හෝ සුදන ගුණය ලෙස සෑමා ලේබල් නොගසන්නේය. එය හුදෙක් ඇගේ එඩිතරකමය. පාටියකට යද්දී අපට පොදුවේ දැනෙන චකිතය ඇයට නැති බවය. එන අයෙක් අය කුමක් අඳින්නේද? කෙලෙස නම් එන්නේද යන්න දෙවරක් නොසිතා තමන්ට කැමති සැහැල්ලු ඇඳුම ඇඳීම සමාජ ක්‍රමයට කොටු නොවීමක් ලෙස හැදින්විය හැකිය.
ඇදුම ගැන ඇයට සිතන්නට දෙයක් නැතිය. එය ඇය පෙන්නුම් කළේ ඔය කියන්නාවු සම්මාන සාදයෙන් නොවේය. පවන ඇල්බම් එකෙන්ය. ආණ්ඩු විරෝධී රැල්ලෙන්ය. සප්ත ස්වරයෙන් උද්ගෝෂණ කළ ඇය එඩිතරය. ඒ නිසාම ඇය ගැයුවේ, තද පිරිමි හඩින් කිව්වේ, “උන්ට හෙන හත වැදී නැසේවා නැසේවා“ කියාය. ඒ එඩිතර කම පහත පද වැලෙන් කියවා තේරුම් ගත අයෙකුට ඇගේ සුදු වත අදාලම නැත්තේය.

අබුඩාබියේ දීය දයාබර ස්වාමිනී..
කිළිටි වූ ගැහැණියක ලෙස ඔබට ලියන්නෙමි..
නොකිළිටිව ඔබ සැවොම අහෝ රැක ගත නොහැක..
මගේ පව් සමාකර මේ ලිපිය කියවන්න..
අරාබියෙ මොලේ නැති කාලකණ්ණින් සමග
වැතිර හිද වෛරයේ ගිණිගොඩේ පැහෙන්නෙමි..
මා සිරුර මගේ නොව අනුන්ගේ යයි සිතා
දිරාමය දිරාමය ගනන් කර බලන්නෙමි..
මේ අපා දුකට මා පත් කලේ මගෙ රටයි
මගෙ රටේ මහ එකාලයි උන්ගෙ පන්තියයි..
එන්ට හැකිනම් උන්ට කරන දේ දන්නවා...
ගමන්බල කරදාසි අරාබියෙ උන් ලඟයි..
අනුන් හට අත නොපා දිවි ගෙවූ ජාතියක්..
කාණු හෝදන්ට නොරටක යැවූ අය කවුද...
උන්ට හෙණ හත වැදී නැසේවා නැසේවා..
මා ඔබේ ප්‍රියාදර පියවතී ස්වාමිණී..
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය -රෝහණ වීරසිංහ
ඉතින් නැවත එන්නේ සුපුරුදු තැනටය.
Written_by_sAm_ශ්‍රී_Perera_13/09/16