දෙකේ පන්තියේදී කෙල්ලෙක් විරිත්තුවොත් ටීචර් ලගට දිව යන සිතුම්ට එදා ලැබුණේ කුමන ශක්තියක්ද යන්න සිය මිත්‍රයන්ටද ගැටළුවක්ය. විස්කිරිඤ්ඤාවක් උඩ විසිකර බිම වැටෙන්නට යන කාලය යම් ප්‍රමාණයක් වේද ඒ කාල ප්‍රමාණය ඇතුලත සිතුම් තුන් දෙනෙකුට බිම වැටෙන්නට තඩි බා අවසන්ය. උන් හයේ හතරේ එවුන්ය. එලෙස කීවේ සිතුම් දස අත නෙලද්දී බස් හෝල්ට් එක අස්සට වී බස් එකක් එනතුරු මෙන් බලා සිටි අකිලයාය. බස් එකක් එනතුරු සිටින්නාක් මෙන් රඟපෑවේ නැති නම් හෙතෙම අද බලා සිටින්නේ හ(ර්)ස් එකක් එනතුරුය. නොඑසේ නම් අකිලයා මේ වන විටත් අවසන් ගමන් ගොස්ය. සිතුම්, අකිල සහ බුවනෙක යනු එකම පොල් ගසේ හනසුය. පිට පොත්ත පමණක්ය. ඇතුලතින් එතරම් වැඩක් නැතිය. එකම පාසලේ එකම පන්තියේ මුල්ලකට වී සිටින තිදෙනාටම කෙල්ලන්ගෙන් කරදරය. තිදෙනාගේම මුවින් හැමදාකම පිට වූයේ එකම වාක්‍ය ඛන්ඩයක්ය. “මේකුන්ට තියෙන විසේ.. මුං කොල්ලන්ට හපන්“ කියාය.
සිතුම්ගේ සිත තාප්පයට ඇලවූ පෝස්ටරයක් ලෙස ඇලවී තිබුණේ කුසුම්ගේ මුවේය. ඇය සිතුම් දෙස නොබැලුවාම නොවේය. විටක ඈත එන බස් එකකට අප අත දමන්නේ අප යායුතු බස් එක එනවා කියාය. එහෙත් ලඟට ආ බස් රථයේ බෝඩ් එක වෙනස් නම්, යන්නේ වෙන තැනකට නම් අප කරන්නේ බස් එක නොදැක්කා මෙන් සිටීමටය. අත නොදැම්මා මෙන් රැඟීමය. සිතූ හමුවේ කුසූගේත් හැසිරීම එලෙසය. ඇය සිතුම් දෙස බලන්නීය. හදවතට අත දමන්නීය. කළඹන්නීය. එහෙත් සිතුම් ඇගේ සිත මානයේ දැවටෙද්දී ඇය පසකට වන්නීය. එය කාන්තාවන්ට හුරු පුරුදු දෙයක් බව සිතුම්ට කියා තිබුණේ සීයාය. සිතූ ගේ ආච්චී නාන තොටේදී දිය රෙද්ද කඩා නැවත අදින්නේ සීයා දෙස බලාය. ඉන් ෆෝම් වන සීයා ආච්චීගේ පස්සට තට්ටුවක් දමා ඇත්තේ දිය යට සිටියදීය. එහෙත් ආච්චී පෙර පෑ රාගාධික බැල්ම තමා සතු නොවන්නක් මෙන් ගඟ උතුරන සද්දෙන් කෑ ගසා ඇත්තීය. එදා සීයා ගෙදර විත් ඇත්තේ අමුඩය පවා ගඟට පූජා කිරීමෙන්ය. පසු කළෙක සීයාගේ බලහත්කාරකමකින් ආච්චී සීයාට නතු වී ඇත්තීය. එයද පිළිනොගන්නා ආච්චී සිතුම්ට පවසන්නේ ඇය, සීයා ගැන දුක සිතී මේ ගමන ආ බවය. ඒ උදාහරණය සීයා තමන්ට දුන් ආභරණයක් කොට සිතුම් කුසුම් වෙනුවෙන් සැදි පැහැදී සිටින්නේය. එලෙසම ඇය ලඟට යන්නට වාරයක් එනතුරු සිතුම් බලා සිටින්නේය.
සුපුරුදු උදෑසනක්ය. හිරු නැගුනේ නැගෙනහිරින්ය. සිතුම් බස් නැවතුමට ආවේය. කුසුම්ද තාත්තාගේ ෆුට් සයිකලයේ නැගී පැත්තට ඉඳගෙන විත් බැස්සේ බස් නැවතුමෙන්ය. ටියුෂන් යෑමට නිසා දෙදෙනාම පාට ඇඳුමින් සැරසී දෙපැත්ත බලා සිටියෝය. කුසුම් සිතුම් දෙස නොබලන්නේ ගමේ බස් හෝල්ට් එක නිසාය. ඇගේ පියාද ඇය බස් රථයකට නගිනාතුරු වෙනදාට බලා සිටින්නේය. එහෙත් එදා ඔහු ඇය හෝල්ට් එකේ තබා නැවත ගෙවල් පැත්තට හැරුණේය. තමාට උරුම නැති වෙනත් ආදර කතන්දර සිතුම්ට සිහි වන්නේය. වෙන කෙල්ලන් බසයට නඟින තුරුම ඇගේ දෙමාපියන් බලා සිටින්නෝය. ඔවුන් දෙමාපියන්ට සමුදී ගොස් කෙලින්ම ඉඳගන්නේ තම සහකරු අසලය. ඉන්පසු සිදුවන්නේ ක්ලාස් එකේ සර් කියා දිය යුතු පාඩම් මාලාව ඇයට ඔහු විසින් කියා දී නිවසට පිටත් කිරීමය. ඒ සිතුම් දන්නා අන් අයගේ ආදර කතන්දරය. එහෙත් සිතුම්ට ඇත්තේ අනෙකක්ය. බලා සිටීම, බවුන් වැඩීම, හැර අන් දෙයක් සිතුම්ට නොතිබියේය. සුපුරුදු පරිදි අකිලයාද පැමිණ සිතුම් එහා පැත්තේ හිට ගත්තේ සිතුම්ගේ දැහැනට බාධාවක් නොවන පරිදිය.
කුසුම් ඇගේ ලේන්සුව ගෙන නහය වසා ගත්තාය. අකිලයාද ඇඟිලිතුඩින් තම නාස් කුහර සිරකර ගත්තේය. සිතුම් දිගු හුස්මක් ගෙන සෙමින් පිට කළේ සිත සැහැල්ලු කරගෙන කුසුම් දිහා නොනැවතී බලා සිටින්නටය. අකිලට, කුසුම්ට ස්වසනයට බාධාවක් වූ නගර සභාවේ කුණු ටැක්ටරය පරිසරය කලතමින් ඔවුන් පසුකර ගියේය. ටැක්ටරයෙන් බිම වැටුණු තැඹිලි කෝම්බයක් පිටුපසින් ආ වාහනයේ ටයර් එකට යට වී පාරෙන් පිටතට විසික් වුයේය. ඒ සමඟම ආවේ ට්‍රේල් වර්ගයේ බයික් එකක්ය. මෑතකදී පාසල හැර ගිය තරමේ උන් කොල්ලෙකු කුසුම් අසල නතර වූයේය. පසු පසින් ආවේ තවත් බයික් එකක්ය. එහි සිටියේ කලින් බයික් එකේ ආ කොලුවාගේ මිතුරන් දෙදෙනෙක්ය. සියල්ල පසෙකට වී නිහඬව බලා සිටින්නට සිතුම්ට හා අකිලට සිදු වූයේය. ප්‍රථමයෙන් ආ කොලුවා මොනවදෝ මිමිණුවේය. කුසුම් නිහඬය. පාර දෙස බලාගෙනමය. නැවතත් ඔහු කුසුම්ගේ ලේන්සුවෙන් ඇද්දේය. අනෙක් උන් දෙන්නා මහ හඬින් සිනාසෙන්නට වූවෝය. සමහර විකට කතා වලට හිනා යන්නේ නැතිය. එවිට කරන්නේ ප්‍රධාන චරිතය කුමක් හෝ කියද්දී පසුබිමින් හිනා හඬක් කතාවට මුසු කිරීමය. මෙතැනදී ඒ කාර්යය පැවරුණේ කොලුවාගේ මිත්‍රයන් දෙදෙනාටය.
සිතුම් රතු පැහැ වූයේය. අකිල සිතුම් දෙස බැලුවේය. සිතුම් විමසුවේ මොකක්ද බං අතන වෙන්නේ කියාය. අකිලයා සද්ද නැතිය. ඔහු කියා සිටියේ කුමක් වුවත් නොදැක්කා සේ සිටීම තැනට සුදුසු බවය. එහෙත් එය කළ නොහැකිය. තමාට ආදරය නොකළත්, කුසුම් සිතුම් දෙස විටක බලා මදහසක් පාන්නීය. බොහෝ විට බස් එකේදී කොන්දොස්තර ඇය අසලට එද්දී ඇය සිතුම් දෙස බලන්නීය. එවිට හද තුලින් මෝරා එන සෙනහස සිතුම්ට වචන මතක් කර දෙන්නේය. “හරි.. ඒ නංගිට ටිකට් මම ගන්නම්“ ඒ පැහැදිලි වචන කන වැකුණු තැන සිට ඇය නැවත සිතුම් දෙස බලන්නේ බස් එකෙන් බහින විටය. ඒ කෙසේ වෙතත් සිතුම් තවමත් ඇයට ආදරේය. ඇය වෙනුවෙන් ටිකට් පොතක් වුවද මිලට ගැනීමට තරම් ඔහු ඇයට ආදරේය.
සිතුම් ඉදිරියට ඇදුණේය. අකිල අතකින් ඇද්දේ සිතුම් නවතා ගන්නටය. එවලෙහිම බර්ත්ඩේ කේක් එකක් මත තැබූ ඉටිපන්දමක්, බලා සිටින්නවුන්ගේ සුභ පැතුම් ගීත අහවර වෙද්දී “පුහ්“ ගා ක්ෂණීකවම නිවෙන්නාක් මෙන්, කුසුම්ගේ දෑසේ බැල්ම ක්ෂණිකවම සිතුම් වෙලා ගත්තේය. එය අකිලයාගේ දෑත අතැර ඉදිරියට පනින්නට තරම් ගැම්මක් සිතුම්ට ලබා දුන්නේය.
- සිතුම්ට වෙච්ච දේ ඊලඟ පෝස්ට් එකෙන්..
Written_by_sAm_ශ්‍රී_Perera_02/22/15
එහෙනං ඊළඟ කොටස බලලා කමෙන්ට් එකක් දාන්නම්
ReplyDeleteහා කෝ !
Deleteමේක පට්ටනේ........... ඊළග එක ඉක්මනටම ඕනේ...........
ReplyDeleteඑක කොටසින් අහවර කන්න ගියේ දිග වැඩි වුණා වගේ..
DeleteSak. . Ilanga kella ikkanata..ikkanata. . 😯
ReplyDeletedaami !
Deleteකුතුහලයක් ... මතුසම්බන්ධයි .. :/
ReplyDeleteඊලග එකේ බලමු !
Deleteඅනේ හරිම චොයි .... , සැම් අයියේ ඉතුරු කෑල්ල ඉක්මනටම දාන්න
ReplyDeleteහරි මාමි දාන්නම් ඒ නම්...
Deleteහයමාසයක් වෙනිවැල්ගැට බොන්න වෙන්න ඇති නේද.. බලමුකෝ ඊළඟ එකෙන්..
ReplyDeleteබලමුකො :)
Deleteයකෝ මේකා හොදම ටික ලියන්නේ නැතුව නවත්තලනේ.. ලියපං ඉක්මනට..
ReplyDeleteනවත්තලා නැහැ.. ඉවසපං පපුව !
Deleteබොලොකක් කියවන්නට සෙට්වූයේ සෑහෙන්න කාලෙකින්ය.. ඒකත් මගදී මතු සම්බන්ධ වූයේය... feeling @ මල පනිමින්..
ReplyDeleteඋබව ආයෙ ගෙන්න ගන්න කරපු වැඩක් වගේ නේද?
Delete/බොහෝ විට බස් එකේදී කොන්දොස්තර ඇය අසලට එද්දී ඇය සිතුම් දෙස බලන්නීය. එවිට හද තුලින් මෝරා එන සෙනහස සිතුම්ට වචන මතක් කර දෙන්නේය. /
ReplyDeleteඋපුල් නුවන් විදහා
ඇය සිනා සුනා
මම ගොනා වුනා
කියලා සිංදුවක් දැක්ක කාලෙකට කලිං බුකියෙ...
මචං උබ බුකියෙ දාපු ස්ටේටස් එකක් නේද ?
Deleteසික් විතරක්.. නවත්තල තියෙන කැත....
ReplyDeleteඅකුලෝලම පල....
අනික්කෑල්ල ඉක්මනට දාපිය.....
බංබුව.....
දැම්මා ඕං ගිහිං බලපං සෙද්ද
Deleteපයිට් තුනයි
ReplyDeleteසින්දු පහයි
කොමඩි දෙකයි
එල ද බ්‍රා
ලිය සෑමා ලියපිය ඇට්ටි තියෙද්දි බැට්ටි හැලෙන්ඩ..
එලද බ්‍රා මෙන්ඩියා..
Deleteඅවසන් කොටහ දැම්ම ඕං..
නොදක්කිං කොහෙන්ද බොල මේ නවත්තල තියෙන්නෙ.
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මනට දාපිය.
බැනුම් අහන්න බැරි තැන දැම්මා ඕං.. ගිහිං බලං..
Deleteනෙදකින් කෝ බන් කතාව ..කියවන්න කලින් ඉවර වෙලානේ ..
ReplyDeleteදෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවා ලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිම දෝ දවාලන්නේ..
ගලා යන්නෙ ගඟුලක් වගේ නම්
ලත වෙන්න ඉවුරේ ඉමී...
තරු මල් ඔබේ නම් රාත්‍රියේ
මම අන්ධකාරේ ඉමී...
නෙළා ගන්න ඔබ සිත් බඳී නම්
පර වෙන්න සුපිපී ඉමී..
භවයෙන් භවේ මතු ආත්මයේ
ඉම තෙක් ම පෑහී ඉමී...
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක
මම හිතං හිටියෙ මිල්ටගේ සිංදු ඔක්කොම මම දන්නව කියල නෙ බං..
Deleteමේක දැක්කමයි..
ඔන්න දැම්මා අන්තිම කොටහ..
“පුහ්“ නිවුනා යකෝ .. ඉතුරු ටික ඉක්මනට පත්තු කරපං
ReplyDeleteදැම්ම ඕං
Deleteසිතුම්-කුසුම් එළට මැච් වෙන නම් දෙක.
ReplyDeleteඅමතකද කලකට පෙර දාපු සීරිස් එක?
Deleteමොකක්ද බං ඒ ??
Deleteඋඹ චිත්‍ර කතා පත්තරයක් ලියන්නද යන්නේ?
ReplyDeleteචිත්‍ර නැහැ බං. කතාව විතරයි..
Deleteඅනේ හොදම තැනට ඇවිත් නවත්තලා නෙ..
ReplyDeleteකෝ කෝ ඉක්මනට දාන්න ඉතිරි කොටස..
කතාව නියමයි..
දැම්ම ඕං.. බලමු ගිහින්...
Deleteසැමා ... එළකිරි.... ලියමු ඉක්මනට ඉතුරු ටිකත්... ඉල ඇදෙන පයිට් එක්කම...
ReplyDeleteලිව්වා සාජ්ජෙ.. බලපං..
Deleteහින්දි ෆිල්ම් එකක් වගේ ගුටි කෙලියකින්ම කතාව පටන් අරගෙනනේ...අනිත් කතාවත් ඉක්මනට දාහන්කෝ බලන්න...
ReplyDeleteමොකද අර විස්කිරිඤ්ඤාවක්ම උපමාවට තෝරාගත්තේ බං..
මන්ද බං අහවල් එකකටද මන්දා මතක් වුනේ විස්කිරිම තමයි...
Delete