Tuesday, October 30, 2012

හොදම බොක්ක බිරිදද?? යාළුවද??


කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි බැදපු මිනිහෙක්ගෙ ලගින්ම ඉන්න සාමාජිකාව තමයි බිරිද, ඒවගේම යාළුවො කියන්නෙත් අපේ ජීවිතේ ඉන්න සමීපතම සත්තු කොට්ඨාශයක්. සමහරුන්ගෙ සමහර මිතුරො ජීවිතේදි බිරිදටත් වැඩිය එයාලට සමිපයි. ඔයාල ඒ වගේ සීන් නම් අනුමත කරන එකක් නැහැ. තවත් සමහරුන්ට බිරිද තමයි එයාගෙ හොදම මිතුරිය. මගේ හොදම බොක්ක මගෙ යාළුවද මගෙ බිරිදද කියන එකට  තාම මට හරි උත්තරයක් නැහැ. හැබැයි මේ කතාව අවසානෙදි ඔයාලට පුළුවන් වෙයි මට හරි උත්‍තරේ හොයල දෙන්න. 

මම ජයවීර, මගෙ හොදම මිත්‍රයා රණවීර...

ඇත්තටම කියනව නම් රණවීරයා මාර බොක්කක්. ඉස්කෝලෙ යන කාලෙ ඉදන් රණවීරයා ඒක මට ඔප්පු කරපු වාර අනන්තයි. දවසක් නොකරපු වැරැද්දකට ගුරුතුමා මට ගහන්න හැදුවා. 

“ජයවීර මම අද උබව ඉතුරු කරන්නෑ...“

“අනේ මට ගහන්න එපා සර් මම නෙවේ ඒ වැරැද්ද කළේ...“ මම ගුටිකන්න බයෙන් කෑ ගැහුවා.

“ජයවිරට ගහන්න එපා සර්.. ජයවීර නෙවේ ඒ වැරැද්ද කළේ මං.. මට ගහන්න..“ මට ගුටි කන්න එච්චර හයියක් නැති බව තේරුම් ගත්ත රණවීර මං වෙනුවෙන් වරද භාර අරන් ගුටි කෑවා. 

චටාස්...වටාස්... ආහ්.. ඇහ්..ඇහ්..ඇහ්...

ගුරුතුමා ගහපු සද්දෙත් එක්ක පොර ඇඩුවට, රණවීරට ඒක එච්චර දෙයක් නෙවේ.. ඉස්කෝලෙදි නිතරම ගුටි කන්න වෙන හින්දා රණවීරයා නිතරම කලිසම් දෙක, තුනක් එක පිට එක ඇදලයි ඉන්නේ. ඒකයි ඌ බය නැතුව සර්ට ෆේස් කළේ. 

දැන් ඔයාල හිතයි ඇයි පොර අච්චර සද්දෙන් මීහරකෙක් වගේ ඇයි ඇඩුවෙ කියල.

පුරුදු විදිහට ගුරුතුමා වේවැලෙන් පස්සට කෙලී කියල ඉදිරිපත් වුනාට, එදා ගුරුතුමා ගැහුවේ උගෙ කොන්දට. ඒකයි.

පොඩිකාලෙ නොදන්න කමට යාළුවො වෙනුවෙන් ඔහොම ගොන් කම් කෙරුවට ලොකු වුනාම එහෙම කරන්නැති බව ඔයාල හිතනව ඇති. 

නැහැ... රණවීරයගේ ඒ ගුණේ ලොකු වෙලත් එහෙම්මම තිබ්බා. ලොකු වෙලා අපි දෙන්නම හමුදාවට බැදිලා සාම සාධක භටයෝ විදිහට ඉරාකෙට ගියා. එදා ඒ හතුරු උණ්ඩේ අපි ලගට එනකල් අපි දැක්කෙ නැහැ.

ඩිෂුම්..ඩිෂුම්..සට..සට..සට..සට..සට...

“ඒ ජයවීර ඔන්න වෙඩි උණ්ඩයක් එනවා පස්සෙන්...“ වෙඩි උණ්ඩේ දැකපු එකෙක් කෑගහද්දි මට හෙලවෙන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ. මරණෙ සතුටින් භාර ගන්න කියල හිතාගෙන මම ඇස් දෙක පියා ගත්තා. දැන් මාව මැරෙනව බලන් අකැමැති අය කන් දෙක පියා ගන්න එපා. බය වෙන්න එපා..

ඒ උණ්ඩෙට මාව බිලිවෙන්න රණවීර මට ඉඩ දුන්නෙ නැහැ. මට ආපු උණ්ඩෙට රණවීර පැන්නා. ඒත් ඒ එඩිතර පපුවට වැදුනු උණ්ඩෙ අඩිගානක් පස්සට විසි වුණා. පපුවෙ නෙවේ හොදකම, පපුවෙ බැදල තිබ්බ වෙඩිනොවදින යකඩ පතුරෙ.

ඒ වගේ කල්‍යාන මිතුරෙක් ලෝකෙවත් ඇති කියල මම හිතුවෙ නැහැ. ඒත් ඒ පාර නිවාඩුවට ගියාම සියල්ල වෙනස් වුනා. මට ඒ නිවාඩුවෙදි හම්බුනා අචලා... නොතිසිතු මොහොතක අහම්බෙන් හම්බුනත් එයා මට එයාගෙ ජීවිත කතාව සේරම කිව්වා. 

“අපේ තාත්ත මහ බේබද්දෙක් ජයවීර. අපේ අම්මා මාවයි නංගිවයි ලොකු කරන්න නොවිදිනා දුක් වින්දා... මාත් මේ ලෝකෙ විදපු නැති දුකක් නැහැ. අම්මට අපිට දෙන්න දැවැදිවත් කමකුත් නැහැ ජයවීර. අපෙ අම්මගෙන් අපිට ලැබුන එකම දායාදෙ, අවංක කමයි, ගුණයහපත් කමයි විතරයි.“

එදා මම අචලගෙන සමුගත්තෙ අපි කසාද බදින දිනෙත් නියම කරගෙන. නිවාඩු ඉවර වෙලා ගිහින් ඒ කතාව රණවීරට කියන්න මම මාර ආසාවෙන් හිටියේ. ඒත් මගෙ මූන දැකපු ගමන් රණවීර කියපු කතාවෙන් මම පිස්සු වැටුනා. 

“මචං, මේ පාර මං නිවාඩු ගිය වෙලාවෙ මට මාර කෙල්ලෙක් සෙට් වුනා..මාර අහිංසක හිතහොද චරිතවත් කෙල්ලෙක් බං. නම අචින්තා.. මම ලබන මාසෙ ඒකිව බදිනවා...“

හොදම යාළුව වුනාට උගෙ වෙඩින් එකට මට යන්න බැරි වුනා. මගෙ වෙඩින් එකට ඌට යන්නත් බැරි වුනා. ඒක තමා මේ හමුදා සේවයේ හැටි. ඌ ඒකට තරහ වුනේ නැහැ. අපි අතරෙ තිබ්බෙ ඒ වගේ පුංචි දේවල් වලට තරහ වෙන ෆෙන්ඩ් ෂිප් එකක් නෙවේ. 

වෙඩින් එකට යන්න බැරි වුන එකත් එක්ක මේ පාර නිවාඩුවෙදි අපි දෙන්න සෙට් වුනා. 

“අඩේ මේච්චර ෆ්‍රෙෙඩක් වෙලත් උබ තාම මගෙ වයිෆ්ව දැකල නැහැනේ බං...“

“ඉතිං මචං උබ මගෙ වයිෆ්ව දැකලත් නැහැනේ..“

“ඒකනේ... ඒකනේ මමචං කියන්නේ... මූණු දැක්කෙ නැති වුනාට මචං.. උබයි මමයි වගේ උනුත් අපේ හදවත් වලින් බැදිලා ඉන්නේ...“

“අනිවාහ්..“

අපි දෙන්න එතැනින් එලියට බැහැල ඇවිදන් එන්න ආවා. සමහර විට ඔයාල විශ්වාස කරන එකක් නැති වෙයි. එකපාරට දැකපු දර්ශනෙන් මගෙ ඇග කිලිපොලා ගියා. 

ගෑණු දෙන්නෙක් අපි දෙන්න දිහාට ඇවිදන් එනවා. එක්කෙනෙක් මගෙ වයිෆ්. අනිත් එක්කෙනා....

ඔයාලට විතරක් නෙවේ... මම රණවීරටයට වත් නොකියපු රහසක් තිබ්බා.. මට අචලට අමතරව තව අනියම් බිරිදක් හිටියා. දැන් නම් මට රණවීරට මුහුණ දෙන්න බැහැ. රණවීරට නෝන්ඩි වුණා වගේ නෙවේ. අර ගෑණු දෙන්නට නෝන්ඩි වුනොත් ඉදලා හමාරයි. 

මම පණ කඩාගෙන දුවල ගිහින් හෝටලේක කුස්සිය පිටිපස්සෙ දොර මුල්ලක හැංගුනා. 

හහ්..හහ්හහ්...හහ්..හහ්හහ්...හහ්..හහ්හහ්... හාාාාා

මම එතැන හැංගිලා විනාඩියක් වත් ගියෙ නැහැ. රණවීරයත් දුවන් ඇවිත් ඒ දොර මුල්ලෙම හැංගුනා...

“මොකෝ මචං උබ පණ කඩාගෙන දුවගෙන ආවේ...“

“මට සමාවෙයන් රණවීර මම උඹට නොකියපු රහසක් තියෙනවා...“

“ඒ මොකක්ද බං ඒ..???“

“මට බිරිදට අමතරව අනියම් බිරිදක් හිටිය රණවිර. අර අපි දෙන්න ඉස්සරහට ආවේ මගෙ බිරිදයි, අනියම් බිරිදයි...“

“හ්ම්... එහෙමද???“ රණවීරත් ලොකු සුසුමක් හෙලුවා...

“ඉතිං ඇයි මචං උබ පණ කඩාගෙන දුවගෙන ආවේ...???“

“මෙච්චර කල් උබටත් නොකිව්වට මටත් අනියම් බිරිදක් හිටියා.... මාත් දුවගෙන ආවේ ඒ හේතුව නිසා තමයි. අපි දෙන්න එලියට යද්දි අපේ ඉස්සරහට ආවේ මගෙ බිරිදයි අනියම් බිරිදයි තමා බං..“

දැන් කවුරු හරි මට කියල දෙන්න.. මගේ හොදම බොක්ක මගෙ යාළුවද මගෙ බිරිදද කියන එකට  උත්තරේ ??

sAm_ශ්‍රී_Perera_8.40am_30.10.2012

Sunday, October 28, 2012

විශ්වයේ මහා පිපිරුම සහ නැවත ඉපදීම... !


කිසිම වෙසනක් නොමැති මහා ගෝලයක් වීය. සෞරග්‍රහ මණ්ඩලය නම් තරු, හිරු, වෙනත් ග්‍රහලෝක පිරි විශ්වයක ඒ ගෝලය අතරමංවීය. කිසිම ජීවියෙක් නොමැති, ඒ මහා ගෝලයේ ජලය ස්වල්ප වශයෙන් තිබී එය ඝණී භවණය වී ස්භාවික වශයෙන් යම් පැලෑටි වගයක් (බඩාලතා නම්) හටගෙන ක්‍රමයෙන් සත්වයන් හටගන්නේය. ඩාවින්ගේ පරිණාම වාදයට සමකර මෙය පහදා දිය හැකිය. ඔහු දැක්වූවේත් සත්ත්වයාගේ දීර්ඝකාලීන විකාශනයක් ගැනය.



පැරණි ඉන්දියානු දාර්ශනිකයන් පුරාණ ග්‍රන්ථවල සඳහන් කර තිබෙන්නේ විෂ්ණුගේ දශ අවතාරයක් පිළිබඳ වය. විෂ්ණු කියා හඳුන්වන්නේ එක් ලෝකයක්ය. ඒ අවතාර දහය යනු ඒ ලෝකයේ අවස්ථා දහයක්ය.

එහි මුල් අවස්ථාව ජලජ සත්ත්වයන්ය. එය හරියට ඩාවින් කියන ඇමීබාවා වගේය. ඊළඟට “කූර්ම” කියන ජලයේත් ගොඩබිමත් වාසය කරන ඉබ්බන් වැනි සත්තුන්ය. පසුව “වරාහ” කියන ඌරා වැනි ගොඩ ඉපදිලා ජලයෙත් වාසය කරන අවස්ථාවය. ඊළඟට ‘නෘසිංහ’ (නරසිංහ) ලෙස කියැවෙන ගොරිල්ලන් ආකාරයේ අර්ධ වශයෙන් මනුෂ්‍ය වූ කොටසය. අනතුරුව ‘වාමන’ කියන මිටි පුද්ගලයන්ය. ඉන්පසු ‘බලරාම’ නම් වූ උඩ පැන උඩ තියන යමක් කඩාගන්න හැකියාව තිබෙන ආකාරයේ අවස්ථාවය. ‘පරසුරාම’  ලෙස ලෝහ වර්ග භාවිතා කරන අවස්ථාවට එන්නේ ඉන් පසුවය. අනතුරුව එළඹෙන්නේ ‘බුද්ධ’ හෙවත් බුද්ධිය දියුණු වූ අවස්ථාවය. එකී බුද්ධ නම් වූ අවස්ථාව එලැඹි පසු එක් දිනයක විශ්වයම වෙනස් වූයේය.

විශ්වය උක්ත ආකාරයෙන් විකසනය වී, ලෝකය මනුෂ්‍ය වාසයෙන් පෝෂිතව ඉර, හද, තාරකා ආලෝකයක් ආශිර්වාදයක් වී තිබු එක් දිනෙක පාන්දර යාමයට පෙර රාත්‍රී දොලහට පමණ මුළු ලොවම අදුරේ ගිලුනේය. චන්ද්‍රයා ආලෝකයක් වන්නාවූ අනෙකුත් රාත්‍රීන්ට වඩා මේ රාත්‍රියේ චන්ද්‍රයා සැගව මුළු ලොවම බිහිසුනු වූයේය. මහ රැයේ නිදා සිටි මිනිසුන් අවදිය සරණක් යදින්නට වූවෝය. විදුලි එළියෙන් පවා සහනයක් නොවුනේ විදුලිය විසන්ධිව තිබු නිසා බව කිව යුතුය. ගෙහිමියෝ මිදුලට බැස ලන්තෑරුම් පවා දල්වාගෙන සද ඉල්ලා, ආලෝකය පතා, යාතිකා කරද්දී නිවැසි බල්ලෝ පවා උඩු බිරළුයේ යම් ශාන්තියක් පතන්නාක් සේය.

රැයේ පිපෙන මල් නිසලව සිටියෝය. සිසිල් පවනක් නොමැතිව ගස් අතු නො‍සෙල් වුනේය. කිරි දරුවේ මව් පතා හඩන්නාක් මෙන්, රැයේ වැඩ දමන වවුලෝ, බකමූනෝ හඩ දෙන්නට වූවෝය. එවන් මූසල රැයක මිනිස් ලොවක කුරිරු බව ඇස් පියා ගත් කලෙක මැවී පෙනෙන්නේය. මුහුද අසල නිසලය. නිහඩය. රැයේ කකුල් දගලවමින්, අඩු සොලවමින් වැල්ලේ ඇදේට ඇවිදින කකුලුවෝ පවා ආගිය අතක් නොමැති වූයේය. වෙනදා නිදි ලොවේ සැප විදින සියළු මිනිසුන් මේ රැයේ නිවැසින් එලියට බැස ආලෝකයක් සහනයක් යදින්නට වූවෝය.

ඒ අමිහිරි කටුක පරිසරය පැවැතුනේ පැය දෙකක් පමණ කාලයක්ය. ක්‍රමයෙන් සිසිල් සුලග මුව දැවටෙන්නට වූයේය. මිනිසුන් තව හඩින් සරණක් පතා යදින්නට වූවෝය. ඒ හඩ නැගෙද්දී මහ මුහුද අවදි වන්නට වුයේය. තම රැලි ගොඩබිමට සලන්නට වූයේය. ඒ සුලං සැරෙන් ගොඩබිම පිබිදුනේය. නැවත‍ මිනිස් රුව සිනහ නැගෙන්නට වුයේය. සරණ පතා සැලෙන තෙපුල් වේගෙන් සැලුනේය. හඩ අවදි වූයේය. රැයේ මල් පිබිදුනේය. සුපිපි මල් සුවද දසත ලෙලදී මිනිස් සිත් සැනසුවේය. නැවත මනු ලොව ආලෝකමත් වුයේය.

කොළඹ, ද සොයිසා රෝහල දෙසින් කිරි කැටියෙකුගේ හඩක් නැගුනේය. ලොව පහන් වුනේය. උපන් මොහොතේ හඩන දරුවන් සිටින ලොවක පොඩි එකා මහ හඩින් සිනා සුනේය. සිනාසුන පොඩි එකා මහ හඩින් හඩන්නට වූයේ බඩ ගින්නේ බව දැනගත් මව ඌට කිරි පෙව්වේය. නැවත පොඩි එකා සිනා සුනේය. ලොව සැනසුනේය.

ඒ මහා අදුරු දිනය නිමාව, නැවත මනු ලොව උප්පත්තිය සිදුව අදට වසර 25ක්ය. එදා මව් කිරි බිව් පොඩි එකා  දැන් දේශ ද්‍රෝහියෙක්ය. මොකද දැන් ඌ බොන්නේ coke ය. ලිපි යවන්නේ Gmail මගින්ය. එය නම් Google සේවාවක්ය. එසේම ඌ ලියන්නේ Blogය. දැන් දේශප්‍රේමීන් නැගිට සිටිය යුතුය. ගත යුතු යහපත්ම ක්‍රියාමාර්ගය ගත යුතුය. ඌට සුභ පැතිය යුතුය.



Happy Birth Day එක සමරන පොඩි එකාට ජය !

පලි -


අවසානයේ ‘කල්කි’ කියන විනාශය සිදුවන අවස්ථාවක් එන්නේය. ලෝකය විනාශ වී අවසන් වුණාම ඒ දැවී අළුවී ගිය ස්ථානය අහසේ කලු තිත් ලෙස පෙනෙන්නේය. එලෙස දැවී අවසන් වූ ග්‍රහවස්තු ඉතා වේගයෙන් භ්‍රමණය වන්නේය. භ්‍රමණයෙන් පසුව නැවත ඝනවී ග්‍රහ වස්තු බවට පත්වන්නේය.

මිනිසුන්ගේ දියුණුව නිසාම ඔවුන් වැරැදි කරන්න පටන් ගන්නේය. පහසුකම් වැඩිවෙන කොට වැරැදි කරනවා වැඩිය. වැරැදි වැඩි වෙනකොට සෞඛ්‍යය හා සැපසම්පත් පිරිහෙන්නේය. ආයුෂ අඩුවන්නේය. අවුරුදු හතකට පමණ ආයුෂ අඩුවන්නේය. එවිට ඔවුන් නැවත යහපත් වීමට කල්පනා කරන්නේය. යහපත් වීම සමඟ වසර කෝටි ගණන් ආයුෂ ලබන්නේය.


- විශ්වයේ බිහිවීම පිළිබද යොදා ගැනීම් අග්ගඤ්ඤ සූත්‍රයෙන්

Written_by_sAm_ශ්‍රී_perera_9.34pm_27_10_2012

Thursday, October 25, 2012

සපත්තු ගලවා ‍පොත් කියවී‍මෙන් වලකින්න...


‍මේක යට ගිය කතාවක්ය. සෑමා‍ගේ ඒ.‍ලෙවල් කාලය දක්වාම දි‍වෙන්නේය. මෑතකදී සෑමා පාසලෙන් අස්වීමේ සහතිකය ගැනීමට පාසලට ගියේය. සෑමා ඒලෙවල් කලේ 2006 වසරේය. අස්වීම ගන්නේ 2012 වසරේය. සරල ජ්‍යාමිතික සුත්‍රයකට යොදා බැලුවහොත් සෑමා පාසලෙන් අස්වීමේ සහතිකය ගන්නේ වසර 6ක් පසුවීමෙන්ය. එදා පාසලට ගොඩවැදුනු සෑමාට පුස්ථකාලයට ඔළුව දැමීමට සිද්ධ වූ නිසා මෙවන් යට ගිය කතාවක් මතක් වුයේය. ඒ පුස්ථකාලයේ ජනේලයෙන් තමා උසස්පෙල හැදෑරූ පන්ති කාමරය පෙනුන නිසාය.

සෑමාගේ පාසලේ උ/පෙ ගණිත අංශයේ සිටි තනි ඇටයා කවුරුත් නොදන්නවා විය නොහැක. පොර දැන් බ්ලොග් කරණයේ යෙදෙන්නේ ගැටයා යන නාමයෙන්ය. සෑමාට මතක හැටියට මේ සිද්ධියට මුහුණ දුන්නේ අපේ ඒ ගැටයාය. සෑමාගේ මතකය වැරදි නම් ගැටයාගෙන් සමාව අයැද සිටින්නේය.

ඉස්සර අපි පන්තියේ ගුරුවරයෙක් නැතිව කෑ ගසද්දි සෙක්ෂන් හෙඩ් සර් පැමිණ අපව එලවන්නේ පුස්ථකාලයටය. ඒ පන්තියේ කෑ ගසන නිසා අනිත් පන්ති වලට බාධාවක් නිසාය. එහෙත් පුස්ථකාලයේ මිස් අපිව දැක්කාම අපට වදිමින් කියා සිටින්නේ ‘අපෝ මෙහෙ නම් එන්න එපා‘ කියාය. අපි ඉස්සර සිටම පව්ය. ඇය අපිට කියවීමෙන් සම්පුර්ණ මිනිසුන් වන්නට ඉඩ නොදුන් නිසාම අද අප අසම්පූර්ණ වී සිටින්නේය. දිනක් සෙක්ෂන් හෙඩ් ගුරුතුමා අපව පුස්ථකාලයට එලෙව්වේය. එසේ පන්තියෙන් පිටත්ව එහෙ මෙහෙ රවුම් ගසා අපි පුස්ථකාලයට ලංවෙද්දී විනාඩි 15ක් පමණ ගතව තිබුනේය. එසේ එන අපිට සර්ව මුණ ගැසුනේ අතරමග පඩි පෙලේදීය.

“තමුසෙල මොනාද මෙතන කරන්නේ????“

“අපි සර් පුස්ථකාලෙට ආවා.“

“මොනවද අයිසේ මෙතන කරන්නේ .. යනවා පන්තියට යනවා..“

“ඇයි සර්ම නේද අපිව පන්තියෙන් පුස්ථකාලෙට එව්වේ??“ කියා නොඅසා අපි නැවත පන්තියට ගියේ පුස්ථකාලයට වඩා පන්තිය ආතල් නිසාය. එහෙත් එදා සර්ගේ මතක ශක්තියේ තරම අපට තේරුනේය. මොනවා වුනත් හිත හොද ගුරුවරයාය.

අපේ ගැටයා ඉස්සර පොත් ගුල්ලාය. නාට්‍ය කාරයාය. පොර ජීවත් වන්නේ පුස්ථකාලයේය. වෙලාවක මූ වේයෙක් හෝ පොත් අස්සේම සිටිම අමුතු ජාතියේ සතෙක් යැයි අපට සිතුනු වාර අනන්තය. ඉස්සර ගැටයා සගරාවක් කළා සෑමාට මතකය. සගරාවක් ලෙස පිටු අමුණා විවිධ ආකාරයේ විහිළු කතා කැටි කරගත්, ගැටයාගේ අකුරින්ම ලියැවෙන ඒ සගරාව නිර්මාණය කොට ගැටයා එය කියවන්නට එක එකාට දෙන්නේය. ගැටයා යනු එවන් ආතල් දුන් පොරක්ය.

කෙසේ වුවද ගැටයා ඒලෙවල් කාලේ පුස්ථකාල ගතව සිටියේ ගණන් හදන්නටය. අපේ අනිත් උන් මෙන් මේස අස්සෙන් පැද්දෙන කකුල් පලල්වු ස්ථාන බැලීමට නොවේය. එහෙව් කාරණා වලට පුස්ථකාලයට එන උන් කවදාවත් පොත් කියෙව්වේ නැතිය. උන් කියෙව්වේ පත්තරය. ඒවා මැදින් කුඩා සිදුරක් හදාගෙන පත්තරය උස්ව තබාගෙන සිදුරෙන් ගැස්සෙන පැද්දෙන හැරවෙන කකුල් බැලිය හැකිය. මේ සෑමාගේ අත් දැකීම නෙවේය. අනිත් උන් කරනවා ඇස් දෙකෙන් දැක්ක හැටිය.

පෙර කී පරිදි ගැටයා නම් ගණන් හදන්නේය. ඔහු තම සපත්තු ගලවා කකුල් මුල තබාගෙන නිදහසේ ගණන් හදන්නේය. විටෙක තමන් සතියම දමන මේස් කුට්ටම වා තලයට මුදා හල විට මැසි මදුරු කරදර නැතිවන නිසා එසේ කළා දැයි සැක සහිතය. ගැටයාගේ සපත්තු ගැලවිල්ල අපේ උන්ට හොදට මීටර්ය. ඒ අතර දිනක් අපේ එකෙක් ගැටයාගේ එක සපත්තුවකට පයින් ගසා ඈතට යැව්වේය. ඈතට ගිය සපත්තුව පුස්ථකාල ජනේල පළුව අස්සෙන් විසික් කළේ අප පන්තිකාමරය ඉදිරියෙන් දිවෙන කොරිඩෝවටය. එය එතැනින් වහා අහුලා ගත්තේ අප පන්තිකාමරය අසල සිටි අයෙක්ය. එය පන්තිය තුලට විසික් කිරීම ඔහු අතනි සිද්ධ විය.

ගැටයා අවකලන අනුකලන අස්සෙන් පිබිද දෙපා මුල තිබි සපත්තුව තිබේදැය පය වැනුවේය. ඒ වන විටත් අපේ සැට් එකම පුස්ථකාලයෙන් නික්ම පන්තියට පැමිණ අහවරය. පන්තියේ සිටින අප ඉදිරියට ගැටයා ආවේය.

ගැටයා පන්තියට පැමිනි විදිහ සෑමාට දැන් නම් හරියට මතක නැතිය. පොර ආවා නම් එන්නට ඇත්තේ පහත ක්‍රම දෙකෙන් එකකට විය හැකියැයි සිතා සටහන් කිරීම උචිතය.

එක කකුලක හොදින් දැමූ සපත්තුවක් සහ අනෙක් කකුල සපත්තු නොමැතිව කොර ගසමින් හෝ සපත්තු දෙකම නොදා සපත්තුව දෙක අතේ රැගෙන හෝ එන්නට ඇතිය.

ගැටයා අද තවමත් නොදන්නේ සපත්තුවට මුල් පා පහර ගැහුවේ කවුද කියාය. ඒ අතර කොරිඩෝවට විසික් වූ  සපත්තුව පන්තියට දැමුවේ කවුද කියාවත් ගැටයා නොදන්නේය. ඌ ඒවා හොයන්නට ගියේ නැතිය. පන්තියේ තිබු සපත්තුව දමාගෙන සිනහවෙන් සිටියේය. කටින් කුණුහබ්බ පිටවුනාදැයි මට නම් මතක නැතිය.

Written by sAm_9.57pm_24.10.2012

Tuesday, October 23, 2012

Rubik's Cube එක විනාඩි දහයෙන් විසදන ආකාරය..


කළවං කර ගත් පසු විසදිය නොහැකි එකම ගැජට් එක රුබික්ස් කියුබය බව සෑමා දැන ගත්තේ ජුන්ඩං කාලයේය. Rubik's Cube එක යනු පාට හයකින් සමන් විත, එක මුහුනතක කුඩා කොටු නමයකින් සමන් විත ඒ කුඩා කොටු නමයම කැරකැවිය හැකි ආකාරයේ අහවල් එකක්ය. එය නොදන්නා කෙනෙකු මිහිපිට සිටිය නොහැකි බව සෑමාගේ මතය වන්නේය.

පුංචි කාලේ ගෙදර තිබු Rubik's Cube එක සෑමා කලවං කර ගත්තේය. එය අවසන් වරට පාට කළවං වී අන්තරස්දාන වෙන තුරුම නැවත තිබු තත්වයට හදා ගැනීමට සෑමාට නොහැකි වූයේය. ඒ නිසාම සෑමා හය හතර තේරෙන කාලේ නැවත Rubik's Cube එකක් මිලදී ගත්තේය. එය නම් කලවං කරගෙන සෑමා දැගලුවේ නැතිය. එසේම තිබියදී තම මිතුරන්ට පෙන්නුවේ තමන් කලවං කර තිබු එකක් නැවත ඒ ආකාරයට සැකසූ බවය.


පසු කලෙක සෑමාගේ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් හොස්පිට්ල් හිටියේය. ඔහුව බලන්නට සෑමා හොස්පිට්ල් ගියේය. ඔහු තම රෝගයට අමතරව මහ විශාල ගැටළුවකට මැදිව සිටියේය. ඒ Rubik's Cube එකක් නිසාය. පොරට සේලයින් ගසා, ඇදට වී විකාරයෙන් සිටියදී ඌව බලන්න ආපු එකෙක් මේකාට Rubik's Cube එකක් ගෙනත් දී තිබුනේය. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා සේ පොර ඇදට වී අහල් එක කරකවමින් සිටියේය. කොල්ලා පව්ය. ඇස් හතරැස් වී පාට පාට කොටු වී සිටියේය.

කොල්ලා දේව පුත්‍ර යෙක් ලෙස පැමිණි සෑමා අතට Rubik's Cube එක දුන්නේය.

“අයියේ මේක හදල දියං කෝ“

“අපෝ බං ඕක මම විනාඩි 10න් හදනවා“

“අම්මට හුඩු ඒමද? “

“ඔව් යකෝ මම හදල තියෙනවා ෂුවර් නැද්ද කෝ දියං..“ සෑමා Rubik's කුට්ටිය අතට ගත්තේය.

ඒ අතර කොල්ලාව බැලීමට තවත් ඥාති පිරිසක් ආවේය. සෑමා අවස්ථාවෙන් ප්‍ර යෝජන ගත්තේය. හොස්පිටලයෙන් එලියට පැමින පාරට බැස්සේය. ක්ෂණික රුපියල් හතලිහක් වියදම් කොට Rubik's Cube එකක් ගත්තේය. පැකට් පිටින්ම එන Rubik's Cube එක පිළිවෙලය. කලවං වී නොමැතිය. මලයාගේ Rubik's Cube එක සාක්කුවේ දමාගත් සෑමා අළුත් Rubik's Cube එක මලයා අතට පත්කලේය.

සරලය, විනාඩි දහයෙන් Rubik's Cube එක විසදිය හැකිය.

Written by sAm_5.25pm_23.10.2012

Sunday, October 21, 2012

බල්ලොත් එක්ක බෑ..


බල්ලොත් එක්ක බැරි බව සැමා දැනගත්තේ පුට් සයිකලය පදින කාලයේය. උන්ව බේරලා ලගින් ගියත් ඇගට පනින්නෝය. සමහරක් බල්ලෝ පාර මැද නිදන් හිද ලගින් පුට් සයිකලය ගියාම එලව එලවා ඇගට පනින්නෝය. ඒ නිසාම බල්ලොත් එක් බැරි බව නිරායාසයෙන්ම සෑමාට තේරුම් ගියේය. 

පසු කළෙක මෝටාර් බයික්කලයක් පදින කාලේ සෑමා යාළුවෙක්ව බයික්කලේ දාගෙන යද්දී බල්ලෙක් පාරට පනිද්දී සෑමාගේ මිතුරා සෑමාට කදිම කතාවක් කීවේය. ඒ බල්ලන්ගේ ගති ගුණයක්ය. “මචං බල්ලෙක් පාර පනිද්දි බයික් එක උගේ හොම්බ පැත්තෙන් පැදපං. ඌව බේරන්න හිතාගෙන නැට්ට පැත්තෙන් පදින්න එපා. මොකද බල්ලා වාහනය දැක්ක හැටියේ අනිත් පැත්ත හැරෙනවා“ කියාය. ඒක සිරාම ඇත්තය. මොටර් බයික්කල් බෝමයක් ඇස්කිඩන්ට් වන්නේද බල්ලෝ පාර පනින නිසාමය. ඒ අතර සෑමාට සිය මිතුරා තව උපදෙසක් දුන්නේය. “හැබැයි මචං හරකෙක් පාර පැන්නොත් උගෙ පස්ස පැත්තෙන් වාහනේ ගනින්, මොකද උන් බල්ලො වගේ අනිත් පැත්ත හැරෙන්නෙ නැහැ. කෙලින්ම හිමීට පනිනවා.“ එසේ කියු මිතුරා සරල සූත්‍රයක් සෑමාට කියා දුන්නේය. මචං මතක තියා ගනින් වාහනවල යද්දි හරක් පුකෙන්, බලු හොම්බෙන්  කියාල. එතකොට වැඩේ ගොඩ.

ඔය මොක කිව්වාත් ගෙදර ඉන්න බල්ලා නම් සිරාය ඌ දෙන දේ කා, ගෙදර ආරක්ෂා කරගෙන හිදින්නේය. ඒත් ගෙදරත් විනාස කොට තමනුත් විනාස වෙවී ඉන්නා බල්ලන්ට “ලුවී පාස්චර්“ මහතා සොයා දුන් පිස්සු බලු එන්නතම වටින්නේය. එය නිට්ටාවට සුව වෙන බෙහෙතක්ය.

මේ අතර සෑමාට කැට්ස් - ඇන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකද මතක් වෙන්නේය. එහි සිටි බල්ලෝ සැට් එක එක පැත්තේය. පූස් සැට් එක තව පැත්තකය. හරියට ආණ්ඩුව හා විපක්ෂය වගේය. දෙගොල්ලෝ දෙපැත්තේය. ඒත් ඒ ෆිල්ම් එකේ ආණ්ඩු පක්ෂයේ සිටින පූසෝ සැට් එක සේම විපක්ෂයේ සිටින බව්වෝ සැට් එක කණ්ඩායම් වශයෙන් ෆිට් එකේ සිටියෝය. ඒක නම් මරුය, මොනවා වුනත් එකට සිටිය යුතුය. ඒ ෆිල්ම් එකේ බව්වන්ගෙන ගන්නට ඇති ආදර්ශය එයමය. 

සමහර බව්වන්ට තම බල ප්‍ර දේශයේ එක වෙන්නට බැරිය. උන් හැමදාම පැත්තකය. ඒත් ඌ බලයේ ඉන්න එකාගේ එදිරිවාදී කණ්ඩායමේ ලොක්කාය. ඌට ඒ ටික ඇතිය. මොනවා වුනත් එහා පැත්තේ ලොක්කා නිසා ඌ ලැබෙන දේ ලබාගෙන පැත්තකට වී හිදින්නේය. ඒ අතර ලොක්කාට සැර දමන්නට තව එකෙක් ආවොත් ඌව නිෂ්ක්‍රීය කරන්නේ ලොක්කා ගේ තැන ඌට යයි කියාය. ඒ නිසා කවදාවත් විපක්ෂයේ ඉන්න මහ එකා පිට එකෙක් එක්ක සැට් වී ලොක්කාට සැර දමන්නේ නැතිය. තම පැත්තේ එකෙක්ද නැගී හිටියොත් පහුවදා ඌව දණ ගස්වන්නේය. පොදුවේ එකට එක්ව, ලොක්කා එලවීමේ කාර්්‍යයට අත නොගසන්නේ විපක්ෂයේ තම තැන පවා නැතිවේ යන කුහකත්වයෙන්ය. 

ඒ නිසාම විපක්ෂයේ හමුදා විනයක් ඇති කළ යුතුය. ඒ ලොක්කාට එරෙහිව පෙළ ගැසෙන අනිත් වුන් දමනය කිරීමටය. එසේම රටේ හතරවන පුරවැසියා වන තමන්ට ඇතිවන කැරලි කෝලාහල නැති කිරීමටය. සිරාය. නොදැනීම අපි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ඇත්තේය. විපක්ෂයක් නැත්තේමය. විපක්ෂයක් හැදීගෙන එනකොට ලොක්කාගේ ගිණිගොඩේ කොස් ඇට අහුලන (බළලා නොව) බව්වා හමුදා විනයක් ඉදිරිපත් කරන්නේය. 

නව හමුදාපති තුමනි උඹට ජය. !

ඉතිං අපි පොලේ යමු !


Wednesday, October 17, 2012

අහිංසක ආදරය අයිස් ක්‍රීමක්ව අසරණව දියව යයි...



එදා සිකුරාදා. මුළු සතිය තිස්සෙම මම බලන් හිටියේ  මං මේ දවස එනකල්. ඉස්කෝලෙ ඇරෙන බෙල් එක වැදුන ගමන් හොස්ටල් එකට දුව....ගෙන ගිය මං මගෙ සූට් කේස් එකත් අරන් එක පිම්මේ ස්ටේෂන් එකටත් දුව...ගෙන ගියා. හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..

ස්ටේෂන් එකෙන් කෝච්චියට නැගල ගෙදර යද්දි කෝච්චි පෙට්ටියෙදියි පාරෙදියි ඇස් දාස් ගණනක් මට හම්බුනත් මං හෙව්වෙ එකම එක ඇස් දෙකක් විතරයි. ගෙදර ගිය ගමන්ම මූන හෝදගන්නෙ වත් නැතුව ඇදන් ආපු ඇදුම් පිටින්ම මම ටක් ගාලා බත් පිගන් තුන හතරක් කාල දැම්මේ ඒ මූන බලාගන්න කල්  ඉවසීමක් නැති වුන හින්දා. අන්තිම බත් කටත් කාලා, අම්ම දීපු මීකිරි හටිට්යත් උඩින් පල්ලෙන් ඉවර වෙනකල් කාලා දාපු මම, ගේ පිටිපස්සෙ කුරුදු ලන්දෙන් පාරට වැටුනෙ ඒ ඇස් දෙක මම එනකල් පෙරුම් පුරාගෙන මග බලාගෙන ඉන්න බව මං දන්න හින්දා.

කූචු..බීචි..කූචු..බීචි..කූචු..බීචි..

මග දිගට ලන්දෙ හිටුප කුරුලු රංචු කිචි බිචි ගෑවෙත් මගෙ හැගීම් තේරුම් අරන් කියලයි මට හිතුනෙ. ඒත් බලනකොට ගැරඩියෙක් කජු ගහක බෙනේකට රිංගලා ඒකෙ හිටපු මයින පැටව් කනවා. ගැරඩියට බය වෙච්ච පාර තමයි මේ කුරුලු පැටව් කච කච ගාන්නේ. 

කුරුන්දෙ මල් කොමු මැදින් මම පාරට අඩිය තිබ්බා. එතකොටම කොයින්දෝ ඉදල අයිස් ක්‍රීම් කාරයෙක් මං ලගට ආවා. මට ඒ අයිස් ක්‍රීම්කාරයාව පෙනුනෙ හරියට සුර දූතයෙක් වගේ. රුපියල් 60ක්ම දීල ඌ ලග තිබ්බ අයිස් කෝන් දෙකක්ම අරගත්ත මං දුවලා ගියා..

හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හාහාහා...

ඒ යන ගමන් මගෙ අයිස් ක්‍රීම් එක මම මගදිම බස්සල ඇරියා. ඒත් අනිත් අයිස්ක්‍රීම් එක මගෙ අතින්ම පූජට කවලා, කට වටේම අයිස්ක්‍රීම් ගාගෙන පූජ හිනාවෙන හැටි බලන්න තව දෙවැටවල් දෙකයි. 

හික්..හික්..හිකිහිකි...හික්..

පූජගෙ හිනා හඩ දැන් මට නම් ඇහෙනව ඇහෙනව වගේ..
දෙපැත්තෙ ඉදගෙන එක අයිස් පලමක් උලා කනවා.

දැන් මං පූජලගෙ කඩුල්ල ලග. කඩුල්ලෙ උණ බට දෙක අතරින් මම පූජලගෙ මිදුල දිහා බැලුවා. දැන් ඔහෙල හිතයි මම හෙන කොටයි. මම කඩුල්ලටත් වඩා මිටියි කියලා. පිස්සු.... ඒගොල්ලන්ගෙ කඩුල්ල හෙන උසයි.

පූජලගෙ බිත්තියො වැදුන මගෙ ඇස්දෙක බම්පර් වෙලා ගිහින් නැවතුනේ අපි දෙන්න ගිය සතියෙ හදපු පුංචි සෙල්ලම් ගේ ලග. ඒ පුංචි සෙල්ලම් ගෙදර ලග මගුල් පෝරුවෙ මම මනමාලයා. එයා මනමාලි. (දැන් ඔයල අහයි අෂඨක කියන්න ආවෙ එයාගෙ තාත්තද කියලා.)

ඒත් එක පාරටම දැක්ක දෙයින් මගෙ හදවත භූමිතෙල් ඉවර වෙච්ච පැට්ටල් මැක්ස් එකක මැන්ටල් එක වගේ කඩාගෙන වැටුනා. මගෙ සිහින කුමාරි, මගෙ පුංචි සුරංගනාවි, මගෙ පුංචි සමනලී පූජා.. එහා ගෙදර මාටියාගෙ පුතා ‘කරන්‘ට ලංවෙලා දෙපැත්තෙ ඉදගෙන එක අයිස් පලමක් උලා කනවා.

එයාට ගෙනාපු අයිස් ක්‍රීම් එක මගෙ අතේම දිය වෙලා බිම වැටුනා. මම මීහරකෙක් වගේ දුවගෙන ගිහින්....

හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හාහාහා...

අපේ තාත්තට කිව්වා, මම අයිස් ක්‍රීම් අරගෙන යනකොට පූජා කරනයා එක්ක අයිස් ක්‍රීම් කනව දැක්ක කියල. අපේ තාත්ත තමා අපේ එස්ටේට් එකේ ඨාකූර්. මාටියා අපේ වත්තෙ මුරකාරයා. ඒක කියද්දිත් තාත්ත කරනයත් එක්ක මාටියගෙ මුළු පවුලම ගමෙන් එලවල දාලා පූජාව මට අයිති වෙන හැටි මට මැවිල පෙනුනා.

“ආහ්.. උඹ අයිස් ක්‍රීම් දෙකක් අරගෙන යනකොට පූජ කරනයත් එක්ක අයිස් ක්‍රීම් කනවා?? “

“හාහ්.. තාත්තේ.. “ මමත් බොරුවට ඇඩිලා වගේ කිව්වා.

“ඈහ්.. උබට කොහෙන්ද පවන් අයිස් ක්‍රීම් කන්න සල්ලි??? මගෙ කොට්ටෙ යට තිබ්බ රුපියල් සීය නැතිවුනේ කොහොමද කියල මම හොයාගත්ත. මෙහාට වරෙන්..“ තාත්ත මාව ඇදගෙන ගිහින් වත්ත කෙලවරේ බිලිං ගහේ බැදලා, ඇගට දිමි ගොටු දාලා මාව කෝටු මස් කළා..

Written 6:46pm_17/10/12

Monday, October 15, 2012

දිවුල් බීම සිසිල් කරන ආකරය - සෑමාගේ ගෘහ විද්‍යාව.


බෝතල් ගත කළ බීමක් සිසිල් කිරීමට ඔබට ශීතකරණයක් අවශ්‍යය වනවා ඇත. එහෙත් සෑමාගේ ගෘහ විද්‍යාවට අනුව බෝතල් ගත කළ බීමක් අයිස් ක්‍රීම් වලින් සංතෘප්ත කොට වෙරලාසන්නයේදී පවා පිළියෙල කොටගෙන පානය කළ හැකිය. එය මෙසේය,

අවශ්‍ය ද්‍රව්‍යය -

  1. සාදා ගත් දිවුල් කිරි බෝතලයක්
  2. කෝන් අයිස් ක්‍රීම් අවශ්‍ය පමණට
  3. මුහුද අසල පිහිටි ගල් තලාවක්
  4. මරුටි කාරයක්


මුලින්ම සාදිගත්  දිවුල් කිරි බෝතලය මරුටි කාරයේ දමාගෙන මුහුද අසල පිහිටි ගල් තලාව ලගට රැගෙන යා යුතුය. ඒ අතර මගදී බෝතලයෙන් දිවුල් කිරි භාගයක් ඉතිරි වනසේ පානය කළ යුතුය. ඉන්පසු ගල් තලාව අසල වාහනය නවත්වා අසල පිහිටි අයිස් ක්‍රීම් වාහනයෙන් අයිස් කෝන් අවශ්‍යය ප්‍රමාණයට මිලදී ගත යුතුය. 

ඉන්පසුව අයිස් කෝනයක කොන කඩා, බෝතලයේ කටෙන් ඇතුල් කළ යුතුය. එසේ තිබියදී ඉතිරි අයිස් කෝනයක උල ආධාරයෙන් බෝතලය මත තිබෙන අයිස් කෝනයේ අයිස් ක්‍රීම් තෙරපමින් ඇතුලට යවන්න. අයිස් ක්‍රීම් සියල්ල තෙරපමින් ඇතුලට යැවිය නොහැක නිසා, මුහුද අසල ගල්තලාව මත තබමින්, මද හිරු එලියේ අයිස් ක්‍රීම් දියවන්නට හරින්න. එවිට කෝනයේ ඇති අයිස් ක්‍රීම් සාර්ථකව බෝතලය ඇතුලට ගමන් කරන්නේය.

ඉන් පසු බෝතලය හොදින් සොලවා පානය කරන්න.







මේ දැන් කළ සොයා බැලීමක්ය, අත්හදා බලා අදහස් ප්‍රකාශ කිරීම වටින්නේය. අදහස් හා අනෙකුත් උපකාර වලින් සහය දුන්නේ ප්‍රවීන සූපවේදීන් වන ලක්ෂාන් සහ දිල්හාර මහත්වරුන්ගෙන්ය.

 සැමට ජය !

Written by sAm_2:50pm_15/10/2012

Saturday, October 13, 2012

රියැලටිය සහ මල ගෙදර..


විනිෂ්චය මණ්ඩලය.

1. පච්චය අතේ ගැසු සැර අයියා -

සුනිමල් ඔයා කවදාවත් නැතුව අද ගීතය නියමෙට ගායනා කළා. මට කියන්න තියෙන්නේ එක වචනයයි. අද නම් “පට්ට“ ඔයා අනිවා ඉදිරියට යනවා.

2. සාරිය හැදගත් මහත ඇන්ටී -

අනේ සුනිමල් පුතේ මගෙ ඇස් වලට කදුළු ආවා ඔබ වගේ තරුණ පුතෙක් මේ වගේ මහා වේදිකාවක මෙච්චර දක්ෂ විදිහට ගීත ගායනා කරනකොට. ඇත්තටම මම අමන්දානන්දයට පත්වුනා. සුභ පැතුම් පුතේ. ඔයා මගේ ආශිර්වාදයෙන් ජනතා sms මනාපයෙන් තව තවත් ඉදිරියට යනවා.

3. සායම් මකා  ලන්න වෑයම් කරපු මහත අක්කා -

සුනිමල් ඔයා නියමයි. පොඩි තැන් ටිකක අඩුපාඩු ඇරෙන්න මම කිසිම අඩුවක් දැක්කෙ නැහැ. මම ඔයාට මගෙ අසුනෙන් නැගිටලා අත්පුඩි ගහනවා. ඔයා අනිවාර්යයෙන් ජනතා ඡන්දෙන් ඉදිරියට යනවා. මම ජය පතනවා.

4. ආරාධිත විනිෂ්චයකරු -

මම කුමක් නම් කියන්නද? මේ අමරණීය ගීතයේ ඒ කාලේ ඒ ගායකයාට සමකාලිනයෝ නියම තැන දුන්නෙ නැහැ. එක ගායකයෙක්ට ඒ කාලෙ කිව්වේ ‘පිත්තල බෑන්ඩ් කාරයා‘ කියලා. එහෙමයි ඒ කාලේ ඔවුන්ට සමකාලීනයන්ගෙන් ගැරහුම ලැබුනේ. ඔබ තෝරාගත් ගීත අතර මේක අරුමැසි ගීතයක්. fantasy song එකක්. ඔබේ ගීතය ඔබව උස තැනකින් තබාවි. ඔබට ජය !

පසුදා නිවේදක තෙමේ -

ඉතිරි 7ත් දෙනා වැඩි මනාපයෙන් ඉදිරියට යන අතර අපි දැන් වේදිකාවේ ඉතිරි වුණ සුනිමල් සහ මේකලා ගේ අවසන් තීරණය ලබා දෙන්නයි හදන්නේ. සුනිමල් මගෙ වම් අත පැත්තටත්, මේකලා මගේ දකුණු අත පැත්තටත් එන ලෙස මම යෝජනා කරනවා.

ඒ අනුව වැඩිම sms මනාප ප්‍රමාණයක් ලබා මේ තරගයේ ඉදිරියට යන්නේ මගෙ වම් පැත්තේ සිටින සුනිමල් නොව දකුනේ සිටින මේකලා....

සුනිමල් මම ඔබට සුභ ගමනක් පතනවා... !

කවුරු මලත් ගමේ පන්සලේ හාමුදුරුවෝ මල ගෙදරට වඩිති. ගමේ එකාගෙ චරිතය කෝම වුණත් ගුණ කථනය කළ යුතුමය.

මල ගෙදර වැඩි ගමේ පන්සලේ හාමුදුරුවෝ -

මේ උපාසක මහත්තය මොන වැඩේ තිබ්බත් පන්සලේ කටයුත්තට මුල් තැන දුන්නා. මට මතකයි පන්සලේ බලු පැටව් වගයක් අතෑරල ගිහිල්ල තිබුන දවසෙත් ඒ කටයුතු වලට මුල් තැන අරන් කටයුතු කලේ මේ උපාසක තෙමේ. ඔහුගේ පරලොව යහපත් වේවා ! උතුම් නිවන සාක්ෂාත් කර ගනිත්වා කියල අපි පිං අනුමෝදම් කරමු !


- වර්ග සැතැප්මයකට ගායකයෝ නම් එකෙක් හෝ සිටින්නේය. උන්ට ගායනා කරන්නට යහපත් මට්ටමේ ගීත රචකයෝ නම් නැතිය. අපිට ගායකයෝ ඇතිය. ඉන්න උන්ට ගයන්න රචකයෝ නම් නැතිය.

Written by sAm_11:10pm_13/10/2012

Thursday, October 11, 2012

දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ..


දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ..
මිතුරනි මේ එක් දේශයන් දෙකක ප්‍රේම කතාවක්...

ඉන්දියාව තමා එකට තිබිලා ඉන්දියා පකිස්ථානෙ කියල දෙකට බෙදුනේ. මගෙ නම වීර්. එයාගෙ නම සාරා. මම කාෂ්මීර දේශසීමාවෙ ඉන්දියාව රකින ‘ඒක් සිපයිහෝ‘ ඔයාල හිතනව ඇති මම මොන සිපයියෙක්ද කියලා. සිපයිහෝ කියල හින්දියෙන් කියන්නෙ සෙබලාට. 

මම හැමදාම උදේ හවස දේශ සීමාව මෙහා පැත්තට වෙලා කම්බි වැටෙන් එහා පැත්තෙ පාළු කාන්තාරෙ දිහා බලන් ඉන්නවා. ඔයාල හිතනව ඇති ත්‍රස්තවාදියො කොයි වෙලේ එයිද කියල මම බලන් ඉන්නව ඇති කියල. නැහැ, දේශ සීමාවෙන එහා පැත්තෙ කුඹුකෙ ලිද කියල හෙන ෆේමස් ලිදක් තියෙනවා. ඒකට උදේ පාන්දර ලස්සන කෙල්ලො රංචු රංචු නාන්න එනවා. මම ඒ ලිද දිහා තමයි බලන් ඉන්නේ.

දවසක් මම බංකරේට වෙලා ටෙලස්කෝප් එකෙන් ඒ ලිද දිහා බලන් හිටියා. බලද්දි ඒ පැත්තෙ කෙල්ලෙකුත් ටෙලස්කෝප් එකකින් මේපැත්ත බලන් ඉන්නවා. අපි දෙන්නගෙ ඇස් දෙක ටෙලස් කෝප් එකේ කාච දෙක හරහා එකිනෙක හම්බුනා. දෙයියනේ ඒ ඇස් පිහාටු දෙක සැලුන හැටි.. හරියට අර කවුද ඇමතිතුමා.. ටීවි එකේ දේශපාලන සංවාදෙකට ඇවිත් වගේ. දැන් කවුද ඒ ඇමතියා කියල අහන්න එපා. මොකද මට මේ තිර රචනය චිත්‍රපටයක් විදිහට එලියට දාන්නෝනි. 

එදයින් පස්සේ මාස ගණනාවක් යනකල් දේශ සිමාවට මීටර් එක්දාස් පන්සීයක් එහා පැත්තෙනුයි මෙහා පැත්තෙනුයි ඉදගෙන අපි දෙන්න ඇස් දෙකෙන් කතා කළා. දැන් ඔයාල අහයි ටෙලිෆෝන් තිබ්බෙ නැද්ද කියල. මොන ටෙලිෆෝන් කෝල්ද? අපි දෙන්න ඉන්නෙ කම්බි වැටෙන් එහා පැත්තෙයි මෙහා පැත්තෙයි වුනාට මේ රටවල් දෙකක්. කෝල් එකක් ගත්තොත් වැටෙන්නේ IDD චාජර්ස්. එච්චර කරන්න අපිට වත්කමක් නැහැ. ඒත් ටික දවසක් යද්දි අපිට දෑසෙ කතාව විතරක් මදි වුනා. 

ඔයාගෙ නම මොකක්ද?????????????????????????????? මම කෑගැහුව්වාම වචන දෝංකාර දුන්නා...

මගෙ නම සාරා.... එයා මට උත්තර දුන්නා.....

ඔයාගෙ නම.... නම.....

මගෙ නම වීර්.....වීර්.....වීර්.....වීර්.....

අපි දෙන්නගෙම උගුරු ගියා...

අපි දෙපැත්තෙ ඉදන් කෑගැහුවේ, වැට ලගට නොගිහින් කතා කලේ, දේශ සීමාව දෙපැත්තෙම බතල හිටවල වගේ බිම්බෝම්බ වලලා නිසා. අඩිය තිබ්බොත් කෑලි.

ඒත් බිම්බෝම්බ වල තියෙන භයානක කමට වඩා ආදරේ බලගතුයි කියල අපි ඔප්පු කළා. 

දවසක් එක වැහි දවසක මම මඤ්ඤොක්කා දඩු ටිකක් බෝම්බ තියෙන පැත්තට විසි කළා. එයත් ඒ වගේම ඒ පැත්තෙ ඉදල බතල දඩු ටිකක් විසක් කළා. වැස්සත් එක්කම ඒ පැත්ත මඤ්ඤොක්කා යායක් වුණා. මේ පැත්ත බතල යායක් වුණා. මේක “අපි වවමු පකිස්ථානෙ නගමු“ කියල ව්‍යාපෘතියක් නෙවේ. එයා වැටෙන් මෙහා පැත්තට බතල දළු විසික්කරද්දි මම වැටෙන් එහා පැත්තට මඤ්ඤොක්කා විසික් කළේ අළ බැස්සම ඒ අළ කන්න ඌරො එයි. ඒ ඌරන්ට බෝම්බ පෑගුනාම බෝම්බ පුපුරයි කියල හිතාගෙන. එතකොට අපිට ලගට ගිහින් කතාකරන්න පුලුවන් වෙයි කියල හිතාගෙන. 

ඒත් අපි දෙන්නටම අල බහිනකල් ඉන්න පුළුවන් වුණාට, ඌරො අල ගලවන කල් ඉන්න බැරි වුනා. 

දවසක් මම බයෙන් වෙව්ල වෙව්ල එපා කියල කෑ ගහද්දි එයා ඒ බෝම්බ මැද්දෙන් මං ඉන්න පැත්තට දුවල ආවා. 

වීර්.....වීර්.....වීර්.....වීර්.....

සාරා එපා....සාරා එපා....“

ඔයාලා බෝම්බ පුපුරයි කියල බයේ කන් දෙක වහ ගත්ත නේද?

මුලදි නම් මාත් බය වුනා. ඒත් 1947 ඉන්දියාව බෙදුන දවසෙ ඉදන් අවුරුදු 60 ගාණක් බෝම්බ වල දාල තියල ඒ බෝම්බ සේරම එක්ස්පයර් වෙලා. එකක් වත් පිපුරුවේ නැහැ.

එයා ඒ පැත්තෙ ඉදන් රූං ගාලා කම්බි වැට ලගට දුවගෙන ආවා...

රූං රූං.....රූං රූං.....රූං රූං.....රූං රූං.....

මම මේ පැත්තෙ ඉදලා දුවල ගියා...

“බ්රූම්... පීප්.... පීප්...“

“වීර්....“

“සාරා... අපේ ආදරේ දිනුව කෙල්ලේ.... හමාරා ප්යාර් හෝගා..“

“දැන් අපි මොකද කරන්නෙ වීර්..“

“අපි තවත් මේ දේශ සීමා දෙකේ ඉදන් දුක් විදින්නෝනි නැහැ සාරා.. ඔය කම්බි වැටෙන් රිංගලා ඔයා මේ පැත්තට එන්න. අපි ජානම් දේක්ලෝ කියාගෙන ගමට යං... “ මම කිව්වා.

එයා පැනගෙන ආවේ...

එත් එයා දේශ සීමාවෙ කම්බි වැටෙන් රිංගද්දි කම්බියට එයාගෙ බෙල්ල සීරුනා.. දේශ සීමාවෙ බෝම්බ වගේම ඒ කම්බි වැටේ කම්බිත් අවුරුදු හැටකට වඩා පරණයි. සාරා දේශ සීමාවෙන් රිංගලා මේ පැත්තට ඇවිත් මට තුරුලු වුණා විතරයි... කම්බියෙ තිබ්බ මලකඩ වල විසට පිට ගැස්ම හැදිල එයා මගෙ ඔඩොක්කුවෙමයි මලේ.


අනූපමා_8:48pm_11/10/2012

Tuesday, October 9, 2012

පරාජයට අත වැනූ ‘ම‘ යනු තුන....


සෑමා 20/20 පටන් ගන්නට පෙර කාන්තාවන්ට අවවාද කළේය. එය මෙතැනින් බැලිය යුතුය.

පරාජය අවජාතකය. ජයග්‍රහනයට පියවරු සියයක් බව අසා ඇත්තෙමි. එය සත්‍යයක්ය. සෑමා මැච් එක බැලුවේය. ඒ ඇස් දෙකෙන් නොව මොලයෙන්ය. ඒ ජය ගතොත් හා පැරදුනොත් ඒ ඒවාට අදාල හේතු සෙවීමටය. කවුරු දින්නත් පරාද වුනත් අවුලක් නැහැ යන මතයේ සිටියේ බ.ඉ.කොදෙව්වන්ගේ මනුස්සකම නිසාය. උන් පිට්ටනිය පුරා නටපු හැටියට පකිස්ථානය හෝ ඉන්දියාව හෝ ඕස්ට්‍රේලියාව නැටුවා නම් අපේ උන් ගහනවා ෂුවර්ය. ඒ උන්ගේ අලුගුත්තේරු පන්ඩිතකම නිසාය.

උක්ත කී පරිදි මොලයෙන් මැච් එක බැලූ සෑමාට පෙනුනේ පරාජයට හේතුව ‘‘ යනු තුනක් බවය.

මාලිංග මැච් එක වික්කේය. ඒ ගහන ගහන තරමට පිස්සෙක් ලෙස පැමිණ බෝල් කිරීම නිසාය. සෙමි ෆයිනල් එකේද පන්දු රැකීමෙන් චොර වුයේය. එදා හොදින් පන්දු යැව්වේය. ඒත් මෙදා පන්දු යැවීමේදී ලකුණු 54ක් දී විනාස කලේය. IPL වල බෝල් හයම යෝකර් දාන එකා එදා පිච් එක මැද කොටා පන්දු යැව්වේය. ඒ 54 නැතිව අඩු ගණනක් දුන්නේ නම් ලංකාව අද ගොඩය.

හේල හොදින් ගැහුවේය. ගැහුවේ සංගා, මහේල සහ කුලේ පමණක් යැයි විටක සෑමාට සිතෙන්නේය. ඒත්  ඩන්කන් ලුයිස් අටමගලයට කලබල වී මහේල තමා කැමතිම පහර ගසා විනාස වුයේය. කරන්නට දෙයක් නැතිය. මහේල කළ සේව විශිෂ්ඨය. එක්කෝ මාලිංගයා බෝල් දමන විට ඌව පැත්තකට තබන්නට වත් මහේල අයියා උත්සාහ ගත්තේනම් මරුය.

ලින්ද මාමා ගිය තැන විනාසය. මුල් පුටුවට ආ දවස සිට චොප්ප වොර චොරස්ය. මාලිංග, මහේල ගේ උක්ත ක්‍රියාවන් අංශුමාත්‍රයක වත් වරදක් නැති තරම්ය. ඒ අය පිට්ටනියේ සිටිය යුතුය. මොකද ක්‍රීඩකයෝ නිසාය. ෆයිනල් එන්නට තරම් හොදින් සෙල්ලම් කළ නිසාය. ඒත් මලින්ද මාමා පැමිණ අපේ උන්ගේ මොරාල් එක කෑවේය. අත වැනුවේය. වැස්සේ ගැසු කොත්තුවක් ලෙස බලා සිටියේය. අපේ කොල්ලෝ මෙය දුටුවෝය. දිනුවොත් මලියා කප් එක අරන් දුවනාව ෂුවර්ය. කෞතුකාගාරයට වෙච්ච දේ දන්න උන්ද මේ අතර සිටියහ. උන් කට කොනින් කීවේ කප් එක හංගපිය කියාය. ඒත් මහ පිට්ටනියක් මැද කප් එකක් හංගනවා බොරුය. අධි ආරක්ෂිත කැමරා තිබියදී කඩු පැන්නවූ අයට වෙහෙර ගිලින එක කජ්ජක්ද කියා කියමනක් තිබෙන්නේය. ඒ නිසා කප් එක හංගනවා බොරුය. අපේ එකෙක් අතට ගත්තොත් මලියා පැන එය උදුරා ගන්නවාය. 

අපේ වුන් කල්පනා කලෝය. අපේ එකෙක් ගත්තොත් කප් එක ගැරඩිය ගහ මන්දිරයට යනවා ෂුවර්ය. ඒත් ගේල් අයියා එක්ක ඒවා බැරිය. පොර හයේ හතරේ ඩයල් එකක්ය. කප් එක උදුරා ගැනීමටද බැරිය. කොල්ලෝ සෙට් එක රහසේම සාකච්ඡා කලෝය. ෆයිනල් වෙනකල් දහඩිය වගුරවා කප් එක අරගෙන පැත්තක සිටි මලියා අරන් ගියොත් අපරාදේය. ඊට වඩා හයේ හතරේ කොල්ලෝ සෙට් එකකට කප් එක දී ආරක්ෂා කරගන්නවා හොද යැයි අපේ උන් සිතුවෝය. එය පට්ට සාධාරණය. එනිසා කොල්ලෝ කප් එක අතෑරියෝය. මලියා අසරණව නැවත හොර පාරෙන් ගෙදර ආවේය.

Written by sAm_11:36pm_07/10/2012

Sunday, October 7, 2012

20/20 ඇසුරෙන් කෙල්ලන්ට පාඩමක්...



කෙල්ලෝ යනු නැටුමට උපන් හපන්ය. සෑම ගමක නැට්ටිච්චියෙක් බිහිවෙන්නේ කෙල්ලෝ නිසාමය. උන් හැරුනත් හැඩය. කැරකුනත්, කකුල් පැටලී වැටුනත් හැඩය. ඒත් ලංකාව ලෝකෙටම චාටර් වුනෙත් නටන්න බැරි කෙල්ලෝ ඉන්නවා කියාය. ඒ 20/20 නැට්ටිච්චියෝ නිසාමය. විලි ලැජ්ජාවේ සංතෝසේ බැරිය. උන්ට හැරෙන්නවත් බැරිය. හැරෙන්නේ කොට සායේ අග්ගිස්ස අල්ලාගෙනය. කැරකෙන්න බැරිය. කැරෙකෙන විට සාය වට්ටිය වගේ වී ගල් එලියේ නිසා උන් සාය අග්ගිස්ස සුලැගිලි අස්සේ ගසාගෙන කැරකෙන්නෝය. පාට ගලපන්න බැරි ජාතියේ සාය කොටය ගසාගෙන කැරකෙන එක ගැන කතා කර අපරාදේය. ඒ ගැන ලොවම කතා කර අහවර නිසා තවත් කාලය විනාස නොකළ යුතුය.

මේ ටික ලියන්නේ අපේ රටේ කෙල්ලන්ටය. දැන් බැට් එකක් බෝලයක් හොයාගෙන වත්ත පිටියට බහින්නට කාලය හරිය. විකට් එක පිටිපස්සේ සිටගෙන ලොව හොල්ලන සංගා අයියා, කොල්ලෝ 11ක් මෙල්ල කරන මහේල අයියා, කොණ්ඩය කැරකුනු ස්ලිංග අයියා, දිහා බලා පෙම් කළ කාළය දැනවත් අහවර කළ යුතුය. උන් වෙනුවෙන් දැන් එළිය බැසිය යුත්තේ කෙල්ලෝ ටිකය.

අතට කැච් එක එද්දී අත් දෙක එකතු කොට දෙඇස් වසා ගන්නා කාලය අහවර විය යුතුය. වේග පන්ද එද්දී විකට්ටුව පැත්තකට පැන බලා සිටින කාලය අහවර කළ යුතුය. අපි කෙල්ලෝ කියා විකට්ටු මැද්දේ හෙමින් දිවිල්ල අහවර කළ යුතුය. බැට් බෝල අරගෙන පිටියට බැස ලකුණු රැස් කළ යුතු කාළය එලැබ ඇත.

අපේ කෙල්ලෝ ජාතිය වෙනුවෙන් බුකියේ සැරි සරන්නෝය. ලයික් කළ යුතු, ෂෙයාර් කළ යුතු දෑ, දුටු සැනින් කරන්නෝය. ටීම් එක වෙනුවෙන් ස්ටේටස් කෙලින්නෝය. කවි, පොටෝ දාන්නෝය. තුනේ ඉලක්කම "3" හා ඊතල කොක්ක "<"  දමා කමෙන්ට් කරන්නෝය. එවිට මතු වන්නේ <3 හෙවත් හාර්ට් එකක්ය. උන් එවිට සමාජ මෙහෙවර කර හමාරය.

එහෙව් උන්ව පිට්ටනිකයට තල්ලු කළ යුතුය. බෝල පිති අතට දිය යුතුය. පෑඩ්, හෙල්මට් හැරුණු විට බෝල් ගාඩ් අනවශ්‍යය. වියදම අවමය. පිට්ටනියට බැස්සාම මේකේ තියෙන අමාරුව උන්ට තේරෙනවාය. එතකොට මැච් එක බලද්දී දෙන ලොකු ටෝක්ස් නොදෙනවා ෂුවර්ය. අපිට කරදරයක් නැතිව මැච් එක බලන්න දෙනවාද නියතය. බුකියේ ලොකු ටෝක්ස් දෙමින් ලයික් කිරිලි, ෂෙයාර් කිරිලි අවසනය දකින්නේ එදාටය. 

රටේ කොල්ලන්ගේ කිරිකොට් ගොඩ බව කෙල්ලන්ට තේරෙන එක ලොකු දෙයක්ය. ඒත් කාන්තා කිරිකොට් අගාධයේ බව නොතේරෙන එක දුකය. ඒවා තේරෙන තරමේ මොල කැටියක් තිබුනා නම් උන් මේ දවස් වල දාන ස්ටේටස් වෙනස් වෙනවාය. එහෙනම් උන් දැමිය යුත්තේ “කොල්ලො වගේ කෙල්ලෝ අපිත් කිරිකොට් වලින් තැනකට එන්නෝනි හයියෝ...“ කියාය. හැම තැනකදීම සමතැන්, උස්තැන් ඉල්ලන කාන්තාවෝ මෙතැනදී එකතු නොවෙන්නේ ඇයි දැයි දුකය. එකොලහක් සෙට් වෙලා ටීම් එකක් හදා ගත්තා නම් අපිත් සපෝට්ය. එදාට අපිත් ඒ සෙට් එකේ පොටෝ ෂෙයාර් කරනවාය. ලයික් කරනවාය. රතිඤ්ඤා ගහන අපේ උන් උඩින්ම අහස් කුරු යවන්නේ එදාටය.

මේ ටික කියවා දෙනෝ දහක් කෙල්ලෝ බැට්, බෝල, විකට් පොලු අතට ගන්නවා ෂුවර්ය. ඒ ජාතික මට්ටමේ ටීම් එකක් හැදීමට නොවේය. සෑමා පසු පස පැන්නවීමටය. එළව එලවා පහර දීමටය. ඒත් මේ පාරවත් ටීම් එකක් ගැන හිතුවොත් ලබන පාරවත් කාන්තා 20/20 කප් එක ඕස්ට්‍රේලියාව උස්සාගෙන නොයනු නිසැකය. අපේ උන්ටම තියා ගත හැකි වනු දැකිය හැකිය.


Written by sAm_6:25pm_07/10/2012 - මැච් එකට පෙර මතට තිත තබමින්

Friday, October 5, 2012

ගමේ චාටර් වුණ එකා - ලොවක් සොලවයි !



කොණ්ඩෙ දිගයි පිස්සා සේ හිස සැලුවා
අත්දෙක හරස් කොට මොන මොනවද කෙරුවා
අඩියට දෙකට පැන පැන ලෙසටම නෙළුවා
වැඩ දන්නා අපට ඕවා නම් සුම්මා


බාර් එකේ තැන තැන දා කබරගොයා
කොල්ලො මැද්දෙ නිතරම යැව්වානෙ නයා
හන්දියෙ වීල් කර පෙන්නා දඩු මොණරා
වැඩ්ඩා විලස තටු සැලුවා සමනලයා


නොවරදවා හවස ගෙදරට එනවා බීලා
පොලිසිය ඇල්ලුවා රෑ ඉදලා සමගින් ශීලා
පසුදා පිටිය දෙවනත් කළ රකුසෙකු ලීලා
අපිට ගහනවා බොරු හිතලා බලපං ගේලා


ගමේ හන්දියේ කොල්ලන්ට නයි ඇර චාටර් වූ,
බාර් එකේ කබරයා දමමින් විනාස වූ,
හන්දියේ ෆුට් සයිකලයක් තියාගෙන වීල් කරමින් වැඩ දැමූ,
හවසට බීලා ගෙදර විත් සාටර් වූ,
ශීලා සමග රැය ගෙවා ගමටම නෝන්ඩි වූ,

ක්‍රිස් ගේල්

අද ගහපු ටිකක් විතරයි
ෆයිනල් එකේ ගහනවා බොරු හරිය?

Wednesday, October 3, 2012

ගෙදරදී නොමිලේ - පිටතදී අයකෙරේ - SPA සැප පිළිබදවයි...

විටෙක ග්‍රාමීය ලදුන්ය, විටක තායි සුරූපිණියන්ය, දෝතට ගත් තෙල්, ක්‍රීම් හෝ ඔසු, අත් දෙකින් තලා ඇග ගල්වන්නේය. වැතිර සිටින යහනේ උඩු අතට, මුණින් අතර පෙරලන්නේය. ඉන බැදි සාළුව ඈත් මෑත් වෙද්දී ඒ අතරින් ඇගේ දෙඅත් දිවෙන්නේය. අවසන ශක්තිය හිමිදිරියේ වැටි පිණි බිදක් සේ ඇය දෝතට ගන්නීය. ටිෂූ එකක් සේවා ලාභියාගේ අතට ලැබෙන්නේ එය පිහිදා ගැනීමටය.



එය වූ නමින් ස්පාය. නැතිනම් සම්භාහනයක්ය. වාණිජ්‍යය මට්ටමින් කම්සැප බෙදීමේ කාර්යයේ නොයෙදෙන්නේ නම් ස්පා යනු ශරීරයට හිතකර ක්‍රියාවක් බව සෑමා අසා ඇත්තේය. මෙහි වෛද්‍යයමය වටිනාකම පිරික්සීම වෙදමහතාට භාරය.

සෑමාගේ මිතුරෙක් සිටියේය. මෙවන් තැනක පහස ලැබීමේ ආශාවෙන් පෙළුනු හේ දිනක් තමා සමග සිටි මිතුරන් දෙදෙනා ඇමතුවේය. 

“මචං මට යන්නෝනි බං පොඩි මසාජ් එකක් දාගන්න“

“ඇත්තට මාත් ගිහින් නැහැ.. තැනක් තියෙනවද බං?“

“මේ පැත්තේ ඇති.. අද බලමු ස්පොට් එකක් තියෙනවද කියලා..“ එදා ඔවුන් සිටි නගරයේ හැටියට මෙවන් ස්ථාන නොමැති වීම කිසිසේත්ම විය නොහැකි තිදෙනා තැනක් බලමින් වාහනය පැදවූවෝය.

“අර.. අර තියෙන්නෙ බං.. වරෙන් ගිහින් ටෝක් කරමු...“ අයෙක් අත දිග හැර පෙන්නුවේ දුරදී දුටු බෝඩ් ලෑල්ල නිසාය.

නා දළු වන් කොළ අතු එල්ලු මිදුලක් සහිත නිවසක, ඇතුලට මිතුරන් එඹුනෝය. ස්ථානයේ හිමිකාරිය වන් තැනැත්තිය කතා කළාය. සියළු මිල වටිනාකම් මිතුරන්ට පහදා දෙන ලදුව මිතුරෝ visiting කාඩ් එකක් සහිතව එළියට ආවෝය. 

තිදෙනාම වාහනයට නැගී ගුණ දොස් විචාරන්නට වූවෝය.

“මචං ඒක තමා අයිතිකාර කෑල්ල.. ඒකත් අවුලක් නැහැ හැබැයි....“

“එතකොට අර ඇතුලෙ ඉදන් ඔළුව එලියට දැම්මේ??“

“මම දැක්කෙ නැහැනේ බං..“

“උබ කොහෙ දකින්නද, අනිත් පැත්ත හැරිලනේ උබ හිටියේ....“

“ඒක නෙවේ.. මොකද කරන්නේ.. තුන්දෙනාම යනවද වැඩේට??“

“හරි බං.. අපි දැන් ගිහින් දවල්ට කාල එමු මේ පැත්තට..“

*********

කස්ටිය ආහාරයෙන් සන්නද්ධව නැවත උක්ත ස්ථානයට වාර්ථා කලෝය. කළින් සද්ද දැමු කිසිවෙකු ඉදිරියට එන්නේ නැතිය. දැන් එක එක කතන්දරය.

“මචං උබ එනවද යන්න ?“

“ඒ මට ATM එකෙන් සල්ලි ගන්න බැරි වුණා.. අද උබල පලයන්...“ අයෙක් කීය.

“මගෙ අතේ තියෙන්නේ 300යි බං.. 1000ක් ඕනෙ නේද වැඩේට??“ තවකෙකු කීය.

කලින් වැඩ දැමූ කිසිවෙකු දැන් සද්ද නැතිය. ඒ අතර වුවමනාව තිබු මිත්‍රයා ඉදිරිපත්ව ඇත්තේ තමා අත තිබි එකම 1000 නෝට්ටුව සමගය.

“මචං උබල ආවත් නැතත් මම යනවා... මට හරියටම 1000ක් තියෙනවා..  මොනවද බං කලින් තුන්දෙනාම යමු කියල දැන් ඇඹරෙන්නේ..“ මිතුරා කෝපයෙන් පවසද්දී, අනිත් මිතුරන් දෙදෙනා හේතු කාරණා පවසා ඇත්තේ මෙසේය.

“මචං මගෙ අතේ තියෙන්නේ 200යි, ATM යන්න හිටිය බැරි වුනානේ..“

“මගෙ අතේ 300ක් තියෙනව බං.. අද උබ පලයන්.. ඇවිත් විස්තර කියපං.. අපි ඊලග දවසේ සෙට් වෙමු..“

මිතුරන්ගේ මග හැරීම නොතකා අප මිත්‍රයා ස්පා ස්ථානයෙන් ලද ටවල් කැබැල්ල ඇග දවටාගෙන ඇතුලට ගොස් තිබුනේය. ඒ අතර අනික් මිතුරන් දෙදෙනා එම ස්ථානයේ පුටු දෙකක බර කථාවක වැටී සිටියෝය.

“මචං...“ කර්ටන් එක අස්සෙන එලියට ආ ඔළුව ඇතුලට ගිය මිතුරාගේ බව එලියේ සිටි මිතුරන්ට පැහැදිලි විය. ඔහු තවමත් ටවල් එක පිටින්ය. හිදගෙන සිටි එක් මිතුරෙක් ඔහු අසලට ගියේය.

“මචං.. උබේ 300යි, අරූගේ 200යි එකතු කරල දියන්.. මම පස්සෙ දෙන්නම්..“ මිතුරා මිමිණුවේය.

එළියේ සිටි මිතුරන්ට ගැටළු රැසක් මවමින්, රුපියල් 500 ගත් මිත්‍රයා ඇතුලට ගියේය. විනාඩි 20කින් පමණ සියළු කටයුතු අහවර වී එලියට ආවේ සම්භාහනය ලද අප මිත්‍රයාය.

“මොකෝ බං වුනේ? 1000ක් මදි වුනාද උබේ ඇග තලන්න..“ මෙතෙක් සිත දැවු ප්‍රශ්නය මිතුරන් ඇසුවෝය.

“මාර සීන් එක බං.. ඔක්කෝම ඉවර වෙලා ඒකි *තේ ගහන්න හැදුවා... මමත් හා කිව්වා.. බලකොට ඒකට ටිප් එක 500යි“

“ඇයි යකෝ තෝ හා කිව්වේ.. උඹ එලියට ආවනම් අපි ඕකම කරල අපේ සල්ලි අපිම තියා ගන්නවා...“

පලි - මිතුරන් ණය සල්ලි පසුව ලබා නොගත් නිසා, අරූ තවමත් බයිට්ය.

Written by sAm_2:56pm_03/10/2012

ඇල් මැරුණ බ්ලොග් ලොවට වෙනසක් කරන්න. මේ දිනවල අමුතු පෝස්ටු එකතු කරන්න. :)

Monday, October 1, 2012

අපට ලමා දින අනවශ්‍යය...



අපි නම් පුංචි රටක්ය. මහ ලුණු විලකින් වට වෙලාය. උඩ බැලුවොත් නපුරු සහ පිරිපුන් ලය මඩලක් ඇති‘ලය ජලිතා‘ නම් ඇන්ටි කෙනෙක් අප දිහා බලන්නීය. ඇන්ටි සමග හාදව සිටින ‘කරුණා‘වක් නැති අංකල්ද අපට පුස් පාට් දාන්නේය. අපි නම් සිගිත්තෝය. මුළු රටම සිගිතිය. සිගිති ආතල්මය. රට පුරා ලිට්ල් ස්ටාර් තරග පැවැත් වෙන්නේය. ඒ නිසා දක්සයාට නිසා තැනද ලැබෙන්නේය. දක්සයා තේරීමට ප්‍රාදේශීය මට්ටමින්, පලාත් මට්ටමින්, රාජ්‍ය මට්ටමින් තරග පැවැත්වෙන්නේය. ඒවා ලිට්ල් ස්ටාර් තරගමය.

තරග සංවිධායකතුමා විටක සලාක ක්‍රමයට තරග පවත්වන්නේය. ඒ ජය නොලැබේයැයි බයට නොවේය. තරගකාරීත්වය රදවා ගැනීමටය. තරගයේ එදිරිවාදීව එන විපක්ෂයේ ප්‍රධාන සිගිත්තාද සුපිරිය. කට ඇද කොට සිනහ නගන්නේය. ඔහු නොමැතිව සිනහ නගන යුරු මට කියා දී යන්න කියා රාජකීය සිගිත්තා කියන්නේය. එවිට ඔබ රජ වෙන්න රජ වෙන්න මට වාසනා කියමින් විපක්ෂ ප්‍රධාන සිගිත්තා අත්පුඩි ගසන්නේය. එය සිගිති අපිට සතුටක් ගෙන දෙන්නේය. එය සහයෝගීතාවයය. පැසසිය යුතුමය.

විටක මේ සිගිති දූපතේ විභාග පැවැත්වෙන්නේය. එය අධ්‍යාපනය සදහා විශේෂිත හුරුවක් ඇති මහා සිගිත්තෙක් අතින් සිදුවන්නක්ය. එ අසලම තවත් මහා සිගිත්තෙක් සිට ඊට සහය දෙන්නේය. එම අධ්‍යාපන සිගිත්තන් දූපත් වාසී සිගිත්තන්ට විභාග තියන්නේය. 5 වසරේ ප්‍රධාන විභාගයක් තියන්නේය. එය මාර අමාරුය. විභාගය දවසේ උදේ පාසලට යන විට තාප්ප වල පවා ප්‍රශ්න සහ පිළිතුරු සටහන් කර තැබීමට තරම් ඒ අධ්‍යාපන සිගිත්තන් දෙදෙනා උත්සුක වන්නේ ඒ නිසාය. ඒ සිගිති දරුවන්ගේ අනාගතය සදහාමය. විටෙක ඉංග්‍රිසි හෝඩියේ අන්තිම අකුර උපයෝගි කොට ‘ඒ‘ ලෙවල් නම් විභාගය තබන්නේද රට දිනන සිගිත්තන් සදහාය. ඒක මාරම ආතල්ය. පරණ එක හා අළුත් එක මෙව්වා කොට හදන එකක් නිසා ඒක ඇඩ්වාන්ස් වැඩිය.

ලුණු විලෙන් වට වූ දූපත ඇතුලේද තවත් පුංචි දූපතක් ඇත්තේය. එය දිය වන්න-ආව කියා හදුන්වන්නේය. එය මැද පිහිටා ඇත්තේ විශාල ඩේ කෙයාර් සෙන්ටර් එකක්ය. එහි එක එක ජාතියේ පුංචි උන්ය. සමහර පොඩි උන් මේ දියවන්න-ආවේ වතුරට වැටී දියව යාදෝ යැයි විටක සිතෙන්නේය. පුංචි කමට දග කලොත් ඕකට වැටුනොත් ඉවරය. ඒත් ඒකේ සිටින පුංචි උන්ගේ බඩවල් විසාල නිසා බටඩ හුලං පිරවූ ටියුබ් දැම්මාක් සේ පාවෙනවා සුවර්ය. එනිසා අවුලක් නැතිය.

එහි සිටින පුංචි උන් සෙල්ලම් තුවක්කු වලින් සෙල්ලම් කරන්නෝය. විටෙක ගස් මාරු සෙල්ලම් කරන්නෝය. තරගයේදි හොර කළොත් ඒ ගහටම තියා බදින්නේය. ඒක සාධාරණය. ක්‍රීඩාව උනත් පිළිවෙලට කළ යුතුය. විටෙක පොඩි උන් කැලේ ඉන්න වැදි කැකුළෝ සමග කිරිකොට් ගසන්නේය. පුංචි අපිට ආතල් එවිටය. බඩ පිටට ඇලී තිබියදී අපිත් අත්පුඩි ගසන්නේය. 

තවද දුපත් දරුවන්ගේ ආරක්ෂාවට ලොකු ලොකු තනතුරු සහිත සිගිත්තෝ සිටින්නෝය. උන් හරි හුරතල්ය. කෙල්ල තරහා වුනොත් අත් බෝම්බ අතේම පුපුරවා ගන්නේය. ඒ ආදරේ අත පිරෙන තරම් නිසාය. පුංචි වුනත් දූපතේ සිටින පැටව් ආදරය ඉහ වහා ගිය උන්ය. නළු නලියෝ පවා දියවන්නආව තරණය කරන්නේ ආරය ලබන්නටය. තාත්තා නැති මට සරණක් වන්න කියා රූ රැජිණක් වන් ඇය කිසිත් මතක නැති හැදි දැඩි ලමා කටහඩක් සහිත තරුණයෙක් ලගට ගියාය. ඇයට සරණ වුයේ තාත්තා සමග සිටි අයමය. හරිම ආදරණීයය. හැගීම් බරය.

ඉස්සර සිටි පොලිස් පැටව් බඩ ලොකු, තරබාරු උන්ය. දැන් සිටින්නේ නම් බඩ පිටට ඇලුන, යුනිෆෝම් එක ඇගට දැම්මාට පසු කොස්සට, ඉදලට කලිසම් ඇන්දුවා වැනි පොඩිම පොඩි උන්ය. ඒ කලින් සිටි ලොකු රාලහාමිලාගේ දරුවන් කියා දිනක් මට සිතුනේය. එකී පැටව්ද හරි හුරතල්ය. සෙල්ලම් කරන්නේ විස්ස විද්‍යාලයේ පොඩි උන් සමගය. පස්සෙන් පන්නා වීත් පිටට ගසන්නට පෙර විස්ස විද්දාලේ පොඩි උන් ‘ටයිම්‘ කියමින් ගස් බදා ගන්නේය. විටක ඉස්කෝලෙ අවසාන දවස මෙන් පාර පුරා වතුර විද ගන්නේය. කිරිල්ල තුවක්කු වලින් විදගන්නේය. 

එකි මෙකී සියළු ආතල් පිරි මෙවන් මුතු ඇටයකට ලෝක ලමා දිනයක් අවශ්‍ය නැතිය. අපිට හැමදාම ලමා දිනය. අපි සතුටින්ය. ඔය කියන විදේශීය බල පෑම් වලින් අපිව අන්ද මන්ද කිරීමට කිසිවෙකුට නොහැක. එසේ අන්ද මන්ද වී දේශද්‍රෝහී වෙන්නට අපට බැරිය. එසේ වුවොත් අපි අපි පුංචි කාලේ බෙල්ලේ එල්ලාගෙන සිටි පංචා යුධයට එරෙහි වීමක් වෙනවා නිසැකය. මොකද අපි පොඩි කාලේ වත් ඔය යුධය බෙල්ලේ තිබියදී කටේ දමා හැපුවේවත් නැතිය.

ඉතිං අපිට විස්ස ලමා දින එපාය. මෙහේ නම් හැමදාම සිගිති ආතල්ය.

ජය !

Written by sAm_5:50pm_01/10/2012
Related Posts Plugin for WordPress, Blogger...