Showing posts with label ආණ්ඩුව. Show all posts
Showing posts with label ආණ්ඩුව. Show all posts

Friday, July 2, 2021

ත්‍රීවීල් අයියා - Three wheel brother !!

හදිස්සියට පාරක් අහ ගන්නට ඉස්සර ඉදන් අපිට උදව් කළේ ත්‍රීවීල් අයියලාය. ඕනෙම වෙලාවක වීල් පාක් එකකට ගියොත් උදව්වක් ගන්නට පුලුවන් බව කිව යුතු මනාය. පාරක් අහන්නට, බාර් එකක් අහන්නට, ඕනිම ගමක අප්ඩේට් එකක්, ගොසිප් එකක් සෙනික අප්ඩේට් වෙන්නේ වීල් පාක් එකටය. ගමේ කෙනෙක් වීල් එකේ යන ගමන් කරන්නේ අර පුටු පුටු සද්දෙ අස්සේ වීල් එකෙ අයියාව කේලමකින්, දේශපාලනයෙන් හෝ තර්ක සාස්ත්‍රයෙන් අප්ඩේට් කිරීමය. ඉන්පසු සියලු ගොසිප් හෝ දැනුම හෝ පාක් එකේ සාමාජිකයන් සෙට් එක අතරේ සංකලනය වී අපූරුම නිවුස් රැසක් සොයාගැනීම් හෝ නිපැයුම් රැසක් සමාජයට එකතු වන්නේ ඇසුරු සැනින් ය.

ගමේ එකා පිට එකා වෙන් කර හදුනා ගැනීමට ඔවුන්ට හැකි ය. ගමට පිටින් ආ එකා, ගමෙන් පිට පැන්න එකා ඔවුන් ගේ දත්ත ගබඩාවේ සටහන්‍ ය. අහිම්සක එකී, අහවල් එකී සහ වල් එකී ඔවුන්ගේ මෙමරියේ අප්ඩේට් ය. එහෙව් තත්වයක් තිබියදී ශ්‍රී ලංකා පොලිසියට ත්‍රීවීල් 2000ක් ගෙන්වන්නේ රාජානුග්‍රහයෙන් ය.

ඉතිං වීල් එක්ක ගණුදෙනු දැන් සුපරික්ෂාකාරී විය යුතුය. වෙනදාට ඕනෑම ගමක බැස මල් කෑල්ලක් සොයන්නට වීල් එකකින් අසන්නට කිසිවෙකු නොපැකිලෙන බව කවුරුත් දන්නා සත්‍යයක් ය. දැන් එහෙම කරන්නට පෙර දෙවරක් සිතිය යුතුය. එවැනි සෑම දෙයක්ම දැන් හරිම රිස්කිය. එලෙසම වීල් සෙට් එකක් බැස අපි පොලිසියෙන් කිව්වොත් අනේ නෑ ඔයාලා පොලිසියේ නෙවේ කියන්නටද බැරිය. කෝකටත් ආරක්ෂාවට පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නුවනට හුරුය. පොලිස් හා සාමාන්‍ය ත්‍රීවීල් වෙන්කර හඳුනාගන්නා තුරු අපිට සමා කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය යුතුය.




⚠️️සෙනික u ටර්න් ගසන වීල් වලට නොබනින්න.


⚠️️වීල් එකකට අත දමන්නට පෙර දෙවරක් හිතන්න.


⚠️️අඩියක් ගසා වෙරි මතේ වීල් වලට නොනගින්න.


⚠️️සිග්නල් නොදමා හරවන හෝ වමට සිග්නල් දමා දකුණට කරකවන වීල් වලට නොබනින්න.


⚠️සියලු ️වීල් වලට ගරු කරන්න.


⚠️️ෆෝන් එක කනේ තියන්නට පෙර දෙපස වීල් තිබේදැයි බලන්න.


⚠️️අධික වේගයෙන් වීල් පසුකර නොයන්න.


⚠️️සැම විටම වීල් වලට ප්‍රමුඛතාවය ලබා දෙන්න.


තත්වය එසේ තිබියදී වෙන්කර හදුනා ගැනීමට පහත ත්‍රීවීල් වැකි හෙවත් වීල් ටැග්ස් සමාජගත කරමි. ඔබේ එව්වාද පහළින් කොටන් යන්න.


කැළණිය බෝඩරේ

අතහිත ඕඅයිසී ගෙන්

මාංජු සාක්කුවේ - චන්ඩි දැන් බෝක්කුවේ

ආවා සොයා ආදරේ

ඉංග්ලිශ් අකුරු තුනේ ලොක්කා

පොලිසිය නෑ ආතල් දන්නේ

විකසිත ආදර ප්‍රාර්ථනා 

ඉන්ස්පෙක්ටර් ලකී


Written_by_sAm_sRi_8:00am_02.07.2021

Monday, March 25, 2019

කරුවලේ සිට ලියමි - Words without Electricity !!


කරන්ට් එක නැත. ලැප් එක ඇත. මතක ඇති අතීතයේ කරන්ට් එක කැපුවේ ච.බ.කු මැතිණිය පමණි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියය. ඇය කැපුවේ අපි පොඩි කාලයේය. ඉන්පසු දන්නා කාලයක නම් අදය. ඒ අපේ රවී කරුණානායක මහත්තයාගේ සුරතින්ය. කළුවරේ ඉන්නා විට මතක් වූයේ අනේ ඒ කාලේ කරන්ට් එක ගියාම අපි කළේ මේවානේ කියලාය. එව්වා ලියන්නට සිතී ලැප් එක අතට ගන්නා විට අඩේ ඒ කාලෙ ලැප් එකක්, ෆෝන් එකක් වත් නැතුව කොහොම කාලය ගෙව්වාද යන්න සිහිවිය.

ඉස්සර ගෙදර ලයිට් ඇරුණාම රෑට පත්තු වුනේ ටීවි එකය. දැන් නම් ටීවී එක බල්ලාට ගිහින්ය. ෆෝන් එක සහ කම්පියුටර් කරලියට ඇවිත් දැන් කම්පියුටර් එකත් පැත්තකය. ටැබ් එක සහ ෆෝන් එකට හොඳ කලක් ගිහින් ය. චබකු කරන්ට් එක කපන කාලයේ කරන්ට් එක කපන්නට නියම හේතුවක් කිව්වා සෑමාට මතකය. ඇය කිව්වේ පාරේ තඩි ජෙනරේටර් එකක් ගෙනියනවා ඒක ගෙනියන වෙලාවට කරන්ට් එක කැපිය යුතුයි කියාය. නැති නම් පාර හරහා ඇති කරන්ට් වයර් වල ෂෝට් වී විශාල හානියක් වෙනවා යැයි කිව්වා වගේ මතකය. එය හදපු කතාවක්ද, නැතිනම් චබකු මෝඩ කමට කිව්වාද කියා සොයා බලන්නට සෑමාට එදා නොහැකි වූයේ එදා සෝෂල් මීඩියා නැති නිසාය. කෙසේ වෙතත් එහෙම කතාවක් මතකය.



කරන්ට් එක යන නිසා ටීවි එකත් අහිමි වූ සෑමා පරණ කාර් බැටරියක් සොයා ගත්තේය. ඒ පහළ කුලියට දී තිබු කඩයෙන් ඉවත් කළ එකක්ය. ඉවත් කළා කිව්වාට ඒ අය පැත්තකට වෙන්නට තබා තිබූ exide වර්ගයේ බැටරියක් අනේ වැඩ කරන්නේ නැති පව් අහිංසක බැටරියක් යැයි සිතාගෙන සෑමා ඔසවාගෙන ආවා මතකය. ඉන්පසු උන් බැටරිය හෙව්වාද නැත්ද යන්න තාමත් දන්නේ නැත. හැබැයි නැවත බැටරිය උන්ට නොපෙනෙන ලෙස තබා ගැනීමට සෑමා උනන්දු වූ බව කිව යුතුය.

එසේ ගෙන ආ බැටරිය කෑලි හයක් හෝ අටක් දැමිය යුතු සිංගර් ඩබල් ඩෙක් කැසට් ප්ලේයර් එකකට ගසා සිංදු ඇසිය හැකි වන පරිදි සාදා ගන්නට සෑමාට හැකි විය. ගෙදර සැවොම ඉන්නා තැන් වලට වී ඉදගෙන මඳ අඳුරේ සිංදු අහන්නට පටන් ගත්තේ ඒ කාලයේය. ටික දවසකින් තාත්තා නියම කේබල් එකක් ගේ අස්සේ තිබී එළියට ගෙන ආවේය. කෙලවරක් බැටරියට ගසන ක්ලිප් දෙකක් සහ අනෙක් කෙළවර තිබුණේ ටීවි එකට ගැසිය හැකි ජැක් එකක්ය. මෙන මල විකාරද මේකෙන් කොහොමද යකඩෝ ටීවි එක බලන්නේ යැයි සිතා සෑමා පැත්තකට වූයේය. අගේට අසන්නට තිබූ රේඩියෝ එකෙ බැටරියටත් කෙලින්න තමයි යන්නේ යැයි සිතා සෑමා අහකට වූයේය. තාත්තා බැටරියට ක්ලිප් දෙක ගසා අනිත් කෙළවර ගේ ඇතුලේ තිබී දූවිලි ගසා ඉවතට ගන්නා ලැබූ Daytron වර්ගයේ අඟල් 12ක පමණ කළු සුදු ටීවි එකට ගැසුවේය. අඩේ නියමෙට වැඩය. තැන් තැන් වලට වී ඒකාත්මික වී ඇස් පියන් සිංදු අහන් හිටිය අපිට තාත්තා ටීවී එකක් ලබා දුන්නේ එලෙසය.

ඉස්සර කරන්ට් එක තිබුණද නැත්ද අදාල නැතිව මිනිස්සු ගෙදර එකට සිටිය බැව් කිව යුතුය. දැන් කරන්ට් එක නැති නිසා හෝ පවුලේ සැවොම එක තැනකට ගන්න බැරි බව සැබෑය. කරන්ට් එක නැති විට පවා තම තමන් ෆෝන් ටැබ් සහ ලැප් ඔන් කරගෙන තමන්ගේ ලෝක වල වෙන වෙනම ජීවත් වන ප්‍රාණීන් වී හමාරය. කරන්නට දෙයක් නැත. තාක්ෂණය එහෙමය.

Written_by_sAmsRi_25/03/19_9:16pm

Thursday, March 14, 2019

ගුරු වර්ජන - Teacher's Strike !!


ගුරු වර්ජන අස්සේ කියවන්නට ලැබුනේ සුන්දරයි සුනන්දා හෙවත් රෝජාගේ පෝස්ට් එකක්ය. ඇය කියන්නේ..

"ගුරුවරු සේවය කරන්නෙ පැය කිහිපයකැයි මම නොකියන්නේ එය පැය කිහිපයකට සීමා නොවන බව අප කවුරුත් දන්නා නිසා වුවද? මෙය ඒක පාර්ශවීය වරදක් නොව ද්වීපාර්ශවීය වරදැකැයි මට සිතෙන නිසා මෙලෙස සටහන් කරමි. දිගින් දිගටම පිරිහෙන සමාජයක ගුරුවරු දුවා දරුවන් පමණක් නොව ඔබද මාද ඇතැම්විට වරදකරුවන් වී හමාරය." (පෝස්ට් එක මෙතැනින්)

ගුරුවරුන් පිළිබඳ සෑමා සතු වූ සුන්දර මතක අසුන්දර වූයේ උසස් පෙළ කාලයේය. ඒවා ගැන කෙටි බ්ලොග් සටහන් බොහොමයක් බ්ලොග් එකේ ලියැවී ඇත්තේ අමිහිරි සුන්දර මතකයන් ලෙසය. ගුරුවරුන්ගේ ඇතැම් දුර්ජන ක්‍රියා හේතුවෙන් ගුරු සංහතියම එපාවන බව නම් කිව යුතුය.



සෑමාට උසස් පෙළ ගණිත සර්ව එපා වූයේ ඔහු කළ අසාධාරණ පළිගැනීමක් නිසාය. එදා මා ඇතුළු පන්තියේ බොහෝ දෙනෙක් ගෙදර වැඩ කරගෙන ඇවිත් නොතිබුණු බව සත්‍යයක්ය. එහෙත් කලින් දිනක පන්තියේ සිසුවෙකු වෙනුවන් සාධාරණය කතා කරන්නට ගිය ඇරියස් එක සර්ගේ හිතේ තිබුණු බව සෑමාට සිහි වූයේ මේ සිද්ධියෙන් පසුය. පන්තියේ ඉතිරි හතලිස් දෙනා සිටියදී සර් ඉදිරියට කැඳවා සෑමාගේ පමණක් ගෙදර වැඩ කළා දැයි පොත පරීක්ෂා කළේය. ඔහු හොඳින් දැන සිටි කරුණ නම් අනිත් අයද ගෙදර වැඩ කරගෙන නොසිටි බවය. සෑමා වැඩ කරගෙන ඇවිත් නැති බව කියමින් පොත විසික් කර පන්තියෙන් එළියට දමා සර් තමන්ට අවශ්‍ය පලිය ගත් බව කිව යුතුය. පන්තියේ අනිත් සිසු සිසුවියන්ටද ඒ බව පසක් වූ බව සැබෑය. තමුන්ගේ තාත්තාත් ගුරුවරයෙක් නේද තමුසෙ දන්නැද්ද ගුරු වරුන්ට සලකන්නන යැයි ඔහුගේ මුවින් පිට වූයේ කළ වරද ගැන පමණක් නොව හිතේ තිබූ තරහවද පිටකරමින්ය. කාලපරිච්ඡේදය අවසන් වන තුරු එළියේ සිටි සෑමා එදායින් පසු ඒ ගුරුතුමා ගැන කිසිම පිළිගැනීමක් හෝ සතුටු සිතක් නොවීය.

රෝජා කියූ පරිදිම ගුරු සේවය උගන්වන කාල සීමාවට පමණක් නොව ජීවිත කාලයටම බලපාන් බව මම උගත්තේ අපේ තාත්තාගෙන්ය. ඔහු උත්සව අවස්ථාවකට ගියත් සැර බීමක් කටේ තිබ්බේ කලාතුරකින්ය. ඒ ගත්තත් බෙහෝ අල්ප වශයෙන්ය. ඒ සියල්ලටම හේතුව වූයේ උගන්වන කාලසීමාවට පමණක් නොව ජීවිත කාලයම ගුරු වරයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිය යුතු නිසාය. දිනක් සෑමා වෙඩිමකට ගොස් අඩියක් ගසනා විට ඈත සිට අංකල් කෙනෙක් ඇසුවේ ආ.. මේ සර් ගේ පුතා නේද කියාය. එතැනින්ම සෑමාට හිතුනේ සර් වගේම දරුවන්ද ගුරුවරයෙකුගේ දරුවෙක් යන හැඟීමෙන් කටයුතු කළ යුතු බව සමාජය බලාපොරොත්තු වන බවය.

ගුරු ගෞරවය සෑමාගෙන් නොපිරිහෙලා උදුරා ගත් උසස් පෙළ ගුරුවරුන් නිසාම ගුරු වර්ජනය ගැන සෑමාට ඇත්තේ අප්පිරියාවක් ලෙස සටහන් කළ යුතුය. අද ලෙඩ නිවාඩු දමා වැඩට නොගිය ගුරුවරු අපි මහන්සි වෙන්නේ දරුවන් හදන්න යැයි හෙට පාසැල් ගොස් කටපුරා කියන්නේ කෙසේදැයි සෑමාට නම් ප්‍රශ්නයක්ය. ප්‍රසිද්ධ පාසලකට ඔළුව දමාගෙන ටියුෂන් පිටින් ගොඩ යන බුරුතු සිටිනා බහුතරයක් ගුරු කුලකයෙන්, සැබෑවටම සුජාත ගුරුන් පැතීම ඉදිරියටත් නොකළ යුතු බව සෑමාගේ අදහසය.

#sAmsRi_14/03/19_11:59pm

Monday, March 4, 2019

කෙටිම කෙටි හිඟන කතාවක් - A Beggar's Tiny Tale !!




සුපර් මාකට් එකක රථය ගාල් කර ඇතුලට යද්දී හිඟන මනුස්සයෙක් ඉදිරියට ආවේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

"මෙන්න පනහක්..."

ඇතුලේ වැඩකටයුතු නිමා කරමින් එළියට ආවේ ගෙදර යන්නය. ඩෑල් එක නැවතත් ආවේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

"ඇයි දැන් පනහක් දුන්නේ.."

ඩෑල් එක මාරුය. හැමදාම වගේ කිසි ප්‍රමිතියක් නැතිව, කලින් සල්ලි දුන් උන්ගේ අත්සනක් වත් දා ගන්නේ නැතුව පස්සෙන් එලවා නියමාකාරයෙන් නොකරන මේ රස්සාවට බනින එක දැන් කම්මැලිය.

වාහනයට නැග්ගා විතරයි තව කෝල් එකක්ය. එක්කෝ බඩු ලිස්ට් එක වැඩි කර එවන එකක් විය හැකි යැයි එතැනම ආන්සර් කළේ සෑමාය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

ඒ හඬ නැවත ඇසුනේ ෆෝන් එකෙන් නොවන බව පැහැදිලිය. බාගෙට ඇරී ඇති ෂටර් එකෙන් නැවතත් ඩයල් එක පැමිණ තිබුණේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

සෑමාට මරු ජුවල් අස්සේ ආතල් එකක් ගියේය.

"ඇයි හලෝ ඔයාට පනහක් දීගෙන ඇතුලට ගියේ ඒකෙන් ගන්නවකෝ.."

"හරි සර්.. හාල් කිලෝ එක හරි පොල් ගෙඩියක්...!!"

"ඔව් ඕයි ඒ පොල් ගෙඩියට තමා රුපියල් පනහක් දුන්නේ"

ඩෑල් එක මිසින්ය. කෝල් එක අවසන ගේට් එකෙන් එළියට එන්නට හැරෙන විට වාහනයට පැන්නේ නැවතත් ඔහුමය. ඔහුගේ කට සෙලවෙන අයුරු මට පැහැදිලිය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

ගෙදර පැමිණ ටීවී බලන අතර සෑමාට බකස් ගා හිනා ගියේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

කතාව උපහාසයට මිස අපහාසයට නොවුනත්,
හිඟා කෑමත් කලාවක්ය.
මාකටින් නැතුව කිසිත් බැරිය.

#sAmsRi_04/03/19

Monday, February 25, 2019

මගේ කිරි කතාව.. - My Milk Story !!


කිරි පිටි පිළිබඳව කතිකාවක් ඇති වූයේ මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කළ ප්‍රකාශයක් නිසාය. ඔහු සඳහන් කළේ කිරි පිටි වල ඌරු තෙල් අඩංගු බවය. ඊට විරුද්ධව හඬ නඟන රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඌරු තෙල් අඩංගු නැති බව විද්‍යාත්මකව සනාථ කර ඇති බවත් කිරි පිටි භාවිතය පිළිබඳව කිසිඳු ගැටළුවක් ඇති කර ගත යුතු නැති බවත්ය. කතාව තවත් ඉහළ තලයකට ගෙන යන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් කළ ප්‍රකාශයක් නිසාය. තමන් සෞඛ්‍යය ඇමතිව සිටි කාළයේ කිසිදු කිරිපිටි නිශ්පාදක සමාගමක් සමඟ කිසිම ගණුදෙනුවක් නොකළ බවක්ය. එය රාජිතගේ කිරිපිටි ඩීල් ගැන නොකියා කියූ කතාවක් වැනිය. කෙසේ වෙතත් දේශීය කිරි නිශ්පාදනය රටේම අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් නොවන තැනක බොහෝ අය කියන්නේ කිරි පිටි අත්‍යාවශ්‍යය දෙයක් නොවන බවය. ක්ෂීරපායී සත්වයින් ඉපදී මුල් කාලයේ ආහාරයට ගන්නා කිරි නැවත භාවිතයට නොගනිති. එසේ ගන්නේ මිනිසුන් පමණක්මය. 



ඇත්තටම කිරි පිටි මිනිස්සුන්ට බලෙන් එබ්බවූ දෙයක්ය. නුවනක්කාර වන්නට ගැහැණිය මිලට ගත යුත්තේ රත්තී යන වචන ටික නිතරම ඔබේ ඔලුවට දමන්නේ වෙළඳ දැන්වීම් වලින්ය. ජව ශක්තිය පෝෂණය නැතුව හැම උදෑසනක්ම අසාර්ථක වන බව කියන්නේද කිරිපිටි ආයතනයක්ය. සම්පූර්ණ යොදය සහිතව අවශ්‍යය නම් ආහාරයට ගත යුත්තේද කිරි පිටි බව මතක් කර දෙන්නේද වෙළඳ දැන්වීම් මඟින්ය. සියළුම ආයතන විටින් විට රූපවාහිනීයේ ඔබ අප ඉදිරියේ හඬා වැටෙන්නේ ඔවුන්ගේ එක හොඳම එක කියා මතක්කර දෙමින්ය.

කොතරම් කිරිපිටි වැඩක් නෑ යැයි කියෙව්වාට සෑමාද කිරිපිටි ජීවියෙක්ය. මව් කිරි වලින් නතර වී නැවත කිරිපිටි වලට සෑමා හුරු වූයේ කුඩා කාලයේ සිටය. උදෑසන අවදිව උදෑසන ආහාර වේල නොගෙනම පාසැල් යන සෑමාගේ උදෑසන ආහාරය වූයේ අම්මා සාදා දෙන කිරිපිටි එකය. ඉන්පසු උදෑසන කෑම ලෙස ගන්නේ පාසැල් රැගෙන යන කෑම පාර්සලය ය. රාත්‍රී ආහාරයට පසු නින්දට පෙර කිරි බීමද පුරුදු කළේ අම්මාය. අද තවමත් ඒ පුරුද්ද තාත්තාටද තිබෙන්නේ අම්මා නිසාය. උදෑසන අම්මා දෙන කිරි වේල සහ සවස ලැබෙන කිරි වේල තාත්තාටද ආවේණික දෙයක්ය. 

විවාහයෙන් පසුද ඒ පුරුද්ද අතෑරීමට සෑමාට නොහැකි වූයේය. උදේ සවස බොන කිරි එක අත්‍යාවශ්‍යය දෙයක් ලෙස මානසික බලපෑමක් කාටත් හොරා සිතේ රජ කරන නිසාම අතහැරීමට අපහසුය. දින කිහිපයක් සෑමා කිටී සහ ඇගේ අම්මා කිරිපිටි වලට තිත තබමු යන සංකල්පය යටතේ උදෑසන අවදි වූ විට කිරි වෙනුවට උණු වතුර වීදුරුවක් බීමට උත්සාහ කළෝය. දින දෙකක් හෝ තුනක් උපරිමයෙන් එම උත්සාහය සාර්ථක වූ අතර ඉන්පසු ඔන්න ඔහේ කිරි එකක්ම බොමු අප්පා යැයි එකඟතාවයකට පැමිණ නැවත පරාජිත පුරුද්දට වැටුනෙමු.

කිරිපිටි පිළිබඳ නැවතත් ඇතිවූ කතිකාව නිසා ඒ පුරුද්ද අත්හැරීමට නැවත වරක් උත්සාහ ගැනීමට කාලය එළැඹ ඇත. දරුවන්ට සහ ඔබ අප පරිභෝජනය කරන කිරිපිටි වෙනුවට කොළ කැඳ වර්ගයක් හෝ වෙනත් පානයක් ආදේශ කර ගැනීමෙන් මසකට රුපියල් පන්දාහක පමණ අවම ඉතිරියක් පවුලකට සාදාගත හැකි බව සෑමාගේ මතයයි.

මම  කිරි පිටි අතහරින තුරු ඔබට කරන්න යැයි බලපෑම් නොකරමි.
එහෙත් ඔබත් එලෙස අතහරින්නේ නම් සතුටුය.

#sAmsRi_25/02/19

Friday, May 11, 2018

විමල් - කරූ මැයි දිනය දහවෙනිදා සමරයි... - Serious May Day !!


මේ පාර කම්කරු දිනය අති මඤ්ඤංය. ලෝකයටම පළවෙනිදාය. ලංකාවට හත් වෙනිදාය. එජාපයට හය වෙනිදාය. විමල් මාමලෑ ගෙදරට ඊයේය. එනම් දහ වෙනිදාය. ඔය කවදා තිබ්බත් අන්තිමට කම්කරුවාට දිනයක් නැතිය. ඒ බව සෑමා ලිව්වේ පරණ බ්ලොග් එකකය. පළවෙනිදා කවුරුත් කම්කරු දිනය සැමරුවේ නැතිය. සැමරුවේ වෙසක්ය. වෙසක් එකට කැළණි පන්සල් වදින්නට ආ බැති මතුන් නිසා පළවෙනිදාත් කම්කරුවෝ වැඩ කළෝය. ඒ පන්සල වටේ තිබුණු කුණු එකතු කරන්නටය. හය වෙනිදා එජාප කම්කරුවෝ රැස් වූවෝය. ඒ දේශපාලන කම්කරුවෝය. හත් වෙනිදා පක්ෂ වශයෙන් තවත් කම්කරුවෝ බෙදී තමන්ගේ කම්කරු දිනය පවා සැමරුවේ පක්ෂයකට යටත්ව ඔලුව පහත් කරගෙනය. හැමදාම වෙන්නේ ඒ ටිකය. විමල් මාමලෑ ගෙදර නම් කම්කරු දිනය සැමරුවේ ඊයේය. ඒ සැමරුම තරම් ආතල් සැමරුමක් කිසිදාක අපෙ ගමේ උන් වෙඩිමකදීවත් දැකලා නැතිය.



විමල් මාමා පෝට්ටුවේය. ඊට එහා ගෙදර කරුණානායක මාමා එජාපේය. විමල් මාමාගේ පවුල හෙවත් සසී ඇන්ටී කෝකටත් නැතිය. සැප ලැබෙන්නේ කුමන පක්සෙන්ද ඇන්ටී ඒ පක්සයට ප්ලග් වන්නීය. ඒ ගමේ උන් කවුරුත් කියන කතාවක්ය. ඇත්තටම ඇන්ටී හරිය. කන්න බොන්නට දෙන එකාට සැලකුවාට කමක් නැතිය. කම්කාරිනයක් ලෙස ඇය දනින් වැටී ලැබෙන දෙයක් දෙන එකෙක් ගෙන් කටේ දා ගන්නීය. කම්කරු දිනයක් ලෙස විශේෂ දිනයක් නොමැතිව විමල් මාමා නැති විට පවා තමන් සොයා එන සේවා දායකයා ඉදිරියේ වැතිරී සිට උපස්ථාන කරන්නීය. ඇය එවිට ඒ ඒ ස්වාමියා ඉදිරියේ දණින් වැටෙන අහිංසක කම්කාරිනිය වන්නීය.

මේ සියල්ල විමල් මාමා නොදැන සිටියා නොවේය. එහෙත් සාකෂි අතේ තියාගෙන නූලට කතා කිරීම විමල් මාමාගේ උපන් හැකියාව නිසා කොනක් සෙට් වෙනතුරු විමල් මාමා නිහඩව සිටියේය. එහෙත් වැඩේ පත්තු වුණේ දහ වෙනිදාය. ඒ කියන්නේ කම්කරු දිනයේ සැබෑ සැමරුම සිසී ඇන්ටිගේ නිවසට උදා වූයේ එදාය. සීන් එක සරලව මෙසේය.

හැමදාම කම්කරු දිනය සමරන සසී ඇන්ටී මෙදාද කම්කරු දිනයට පිටට නොගියාය. කරුණානායක හෙවත් කරූ අංකල් හය වෙනිදා කම්කරු දිනය සැමරූ නිසා හත් වෙනිදා සිටියේ  ගෙදරය. කම්මැලි කමේය. එදා විමල් අංකල්ගේ කම්කරු දිනයය. ඒ කියන්නේ හත් වෙනිදාය. විමල් අංකල්ද ගෙදර නැති නිසා කරූ අංකල්ට මැසේජ් එකක් යවා ඇත්තේ සසී ඇන්ටීය. එහි විශේෂ දෙයක් කියවන්නට නොතිබුණේය. තිබුණේ වචන කිහිපයක් පමණක්ය. 

ComeKaru Dinaya 07

බැලු බැල්මට ඇත්තේ කම්කරු දිනය හත් වෙනිදා කියාය. ඒත් ඇන්ටිගේ ෆෝන් එක කරේ තියාගෙන කෑගසන්නේ විමල් අංකල්ය. ඔහුගේ අතේ එදා කම්කරු දිනය සමරන්නට රැගෙන ගිය නඟුලක්ය. අද මම මේකිගේ ලියැද්ද හාරනවා කියමින් ඔහු මොර දෙන්නේය. විමල් අංකල්ගේ අම්මාගේ හෙවත් සසි ඇන්ටිගේ නැන්දම්මගේ අතේ වක් වූ දෑකැත්තක්ය. ඒ එදා ඇය අතෙ තිබූ දෑකැත්තය. එය කරේ තියාගෙන ඇය කෑගසන්නේ අහු වුණොත් කරූගේ ගොයම් මිටිය දෑකැත්තෙන් ඔප මට්ටම් කරනවා කියාය. එකම ආතල් එකක්ය. ගමේම උන් එතැනය. සසී ඇන්ටී තමන් නිවැරදි බව කියමින් රතු කොඩියක් ගෙන අහස උසට වනන්නීය. ගමේම උන් එතැනට ආවේ මෙතුවක් කල් පමා වී දහවෙනිදා සමරන මැයි දිනය බලන්නටය. අවේලාවේ පාත් වූ කම්කරු දිනය මොකක්දැයි බලන්නටය.

බැරිම තැන සසි ඇන්ටි ගේට්ටුවට නැග්ගාය. ගමේ ම උන් එකතු වූ තැන තම නිරවද්‍යතාවය සනාථ කිරීමට සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල සටහන සමාජ ගත කළාය. ඇය කීවේ තමන් ඉංග්‍රීසි අසමත් බවය. ස්පෙලින් පවා බැරි බවය. සිංග්ලිෂ් වලින් තමන් කරු අංකල්ට යැවු පණිවිඩය විමල් අංකල් පටලවාගෙන තමන්ට වරද පටවන බවය. අැය කියන්නට උත්සාහගෙන ඇතතේ Kamkaru Dinaya 07 වෙනදා බවය. එහෙත් ඇය වැරදිලා හෝ ටයිප් කර ඇත්තේ Come Karu Dinaya 07 කියාය. එනම් විමල් මාමා ගෙදර නැති දා කරු මාමාට එන්න කියන්නාක් මෙන්ය. කම්කරුවාගේ ලෙයින් නැහැවෙන්නට ගිය රැලියක් ඇන්ටී සාර්ථකව ගොඩ දැම්මේ එලෙසය. දැන් ඇන්ටී හෙට අනිද්දාම ඉංග්‍රිසි ක්ලාස් එකකට යනවා ෂුවර්ය. කරූ අංකල්ද හොඳ ඉංග්‍රිසි ගුරුවරයෙක් බව ආරංචිය.

Written_by_sAm_ශ්‍රී_1:46am_11/05/18

Monday, December 11, 2017

සුනීර මැතිවරණ අපේක්ෂකයෙක්ද.. - Is Suneera Election Candidate ??


සුනීර අයියා අපේ ගමේ එකෙක්ය. ඒ නිසාම හැම එකාම කිව්වේ ගමේ එකාට සපෝට් කරමු කියාය. ඒක ඇත්තය. ගමේ එකෙක්ට වැඩ කළොත් පාරකට තාර ටිකක් බැරි නම් කොන්කිරිට් ටිකක් හෝ වක් කර ගත හැකිය. එහෙම කිව්වේ අපේ අත්තම්මාය. ඒ ඇය ප්ලේන්ටියක් වක් කොරන ගමන්ය. අත්තම්මා පරම්පරා ගත එක්සත් ජාතික පාක්ෂිකාවක්ය. පසුගිය මැතිවරණයකදී අලියා නැතුව හංසයා ඡන්ද පත්‍රිකාවට ආවේය. අවුරුදු අනූවක් ගියත් අත්තම්මා ඡන්ද පෝලිමේ යන්නේ තනිවමය. තනිවම කතිරය ගසා පෙට්ටියට දමන්නේ අලියා රැක ගැනීමටය. එහෙව් පරමාර්ථයෙන් අලියා නැති මොහොතක හංසයා ඡන්ද පත්‍රිකාවේ සිටිනු දැක අත්තම්මා ෆොක්ස් වූවාය. බැරිම තැන එතැන සිටි මැතිවරණ නිලධාරියෙක් ලව්වා අලියා සොයා දෙන ලෙස ඉල්ලා සිටියාය. අවුරුදු උත්සවයේදී අලියා සිටියදී ඇහැ සෙවීමට තරඟකරුවන්ට සිදු වන්නේය. එදා අත්තම්මාට සිදු වූයේ ඇහැ තිබියදී අලියා සෙවීමටය. එහෙත් නිලධාරියා කිව්වේ මේ පාර අලියා නැහැ ඒ වෙනුවට හංසයා ඉන්නවා කියාය. අත්තම්මාට මල පැන්නාය. අලියා කළු පාටය, හංසයා සුදු පාටය. පක්ෂය පාවා දිය නොහැකිය. කියමින් ඡන්දය කටු ගෑවාය. එජාප ඥාතීන් රැසක් ඉන්නා අපේ ගෙදර උන්ට කොකා පෙනුනේ එදාය. අත්තම්මාව කලින් දැනුවත් නොකිරීමේ ආදීනවය මැතිවරණය ජය ගත්තාට පසුවද කම්පාවට හේතුවක් වූයේය. ඒ එක ඡන්දයක හෝ වටිනාකම අපෙ උන් දන්නා නිසාය. අපරාදේය. තාමත් කියන්නේ එලෙසය.

මෙවර අත්තම්මා ජවිපෙට හැරිලාය. අපි නම් දෙන්නේ සුනිර කොලුවාට යැයි කියන්නීය. පැවැත්වෙන්නට තිබෙන්නේ පලාත් සභා ඡන්දය ය. එනිසා පක්ෂය නොබලා පුද්ගලයාට ගැසුවාට කමක් නැතැයි ආත්තම්මා ලැජ්ජා නැතුව කියන්නීය. හංසයාගෙන් මට්ටු වෙලා නැද්දැයි අපේ ගෙදර කසු කුසුවක් යන්නේය. මෙතුවක් ගමෙන් සුනීර කියලා එකෙක් නම් ඡන්දයට ආවේ නැතිය. එහෙව් එකේ අපෙ අත්තම්මා මෙවර එකපාර අප්ඩේට් වූයේ කෙසේද යන්න අපිටත් සැකයක් උපන්නේය. විටෙක රතු කොලුවෝ පැමිණ සමාජවාදය උලුප්පා පෙන්වා දෙන්නට ඇතිය. තරුණ ජවය පෙන්වන්නට ඇතිය. නැතහොත් ආත්තම්මා හපා බිම හෙලන බුලත් විටය රතු පාට බව පෙන්වා දෙන්නට ඇතිය. ආත්තම්මා සහ බුලත් හපය අතර ඇති ආත්මීය බැදීම ආත්තම්මාගේ ඡන්දය ජවිපයට දෙන්නට තරම් ප්‍රබල වූවා දැයි සැක සහිතය. කෙසේ හෝ අපේ ගෙදර උන් මේ දිනවල සොයන්නේ ආත්තම්මාගේ ඡන්දය කොල්ල කෑ එකා කවුද යන්න ය.

පොඩි සෑමාටත් කරන්නට දෙයක් නැතිම තැන ආත්තම්මාට කිට්ටු වූයේ ජවිපෙට බැස්ස හේතුව අසන්නටය. අත්තම්මා පටන් ගත්තේ සමාජවාදයෙන්ය. සීයාගේ ධනවාදයට මින්පසු හසු නොවන බව ඇය කීවාය. සුනීර කොලුවා ගමට වැඩක් ඇති එකෙක් බව ඇය පුල පුලා කිව්වාය. 

"මොකද අත්තම්මේ කෑමක් වත් විස වුණාද මේ පාර අලියා පාවා දෙන්න යන්නේ.." බැරිම තැන පොඩි සෑමා හඩ අවදි කළේය.

"ඇයි දැන් උබ එනවද මට ඡන්දෙ කරන හැටි උගන්නන්න.."

"නෑ අත්තම්මෙ මේකනෙ.. දැන් බලේ තියෙන්නෙ රනිල් ලොක්කටයි, සිරිසේන ලොක්කටයි... ඉතිං අහවල් එකටද ජවිපෙට දෙන්න යන්නෙ.."

"බලේ කන්නද බොලව්.. උන් කරන එකක් කර ගත්තාවෙ.. මම කැපුවත් කොළ.. ඒත් මේ ගමේ එකාට නොදී ගෙදර බතක් උයාගෙන කන්න ලැජ්ජ නැද්ද තොපිට??"

"හරි දැන් ඌ ආවා කියමුකෝ.. කොහොමද බලේ නැතුව ප්‍රතිපාදන වෙන් කරගෙන ගමට වැඩක් කරන්නෙ??"

"කෝම හරි වෙන්නෙ නැතෑ බං.. ඒ වගේද අපෙ එකෙක්.. ඔහොම තැනක ඉද්දි.. "

"දැන් ඕකා කාගෙ කවුද? "

"යකෝ උබලා බජාර් එකේ ඉන්න කොල්ලො නේද? කෙල්ලෝ ගැන නම් දන්නවා ගමේ කොල්ලව දන්නෑ.."

"මට නම් එච්චර නිච්චියක් නැහැ ඒකව.."

"නිච්චි නැත්තං ගීං බලහං.. පාලම යට පොල අයිනේ තඩි කටවුට් එකක් ගහලා තියෙනවා රතු පාටින්ම.. අංක තුන සුනීර දිනවමු කියලා.."

"හෑ.. උන් මේපාර මනාප පොරයටත් බැහැලද??"

"නැතුව.. අංක එකෙන් ඉල්ලන්නෙ.."

සොට් එකටම ආත්තම්මා බුලත් කොළය මැද්දට හොද ටොපියක් තියාගෙන කාලා විය හැකිය. මනාප ඇතුව ජවිපෙ උන් ඡන්දෙට බහිනවා නම් වෙන්න බැරි වැඩක්ය. සෙනිකව පොළ අසලට ගොස් කටවුට් එක බැලිය යුතුය. 



පොළ අසලට යන්නට පෙර සිටම මඟ දෙපස කට්අවුට්ය. පෝස්ටර්ය. ආත්තම්මා රැවටෙන එක සාධාරණය. සුනීරයා රතුපාට පසුබිමක, අංක එකේ ඉලක්කමෙන් තරඟ වදින්නේය. බලනකොට ඉලෙක්ෂන් එකට නෙවේය. තරු තරඟයකටය. 

දැන් ඉතිං ඡන්ද කොළයේ අලියා නැතුව හංසයාට කතිරය නොගැසූ ආත්තම්මාගේ සිත වෙනස් කළ යුතුය. සුනීර යනු ඡන්දය ඉල්ලන්නට ආ අපේක්ෂකයෙක් නොව, තරු තරඟයකට ගිය ඩෑල් එකක් බව ආත්තම්මාට කියා දිය යුතුය. සමාජවාදය රජ කරවන්නට සුනිර පුතාට බැරි බවත්, කැඩිච්ච පාරට තාර දමන්නට ඔහුට නොහැකි බවත් ආත්තම්මාට කියා දිය යුතුය. ජනවාරියට පෙර ආත්තම්මා දැනුවත් නොවුනහොත් පලාත් සභා ඡන්දයද කටු ගානවා ෂුවර්ය.

Written_by_sAm_ශ්‍රී_12:15am_11/12/17

Thursday, November 30, 2017

පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා... - Let us Curse Them !!


දඩු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා
පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා

පෙරහැරට ගමන් කරන්නේ දළ ඇතුන්ය. දළ දිග උන්ය. බර වැඩ කරන උන් පෙරහැරේ යන්නේ නැතිය. ඒ උන්ට දළ නැනි නිසාය. දළ ඇති එකා පෙරහැරේ යන්නේය. ඒ තේජස නිසාය. මිනිසුන්ට වටින්නේ වැඩ කරන එකා නොව කැටයම් දමන එකාය. දළ ඇතෙකු සම්පතක්ය. එකෙක්ට නොව රටටමය. එහෙව් ඇතෙකු මරා දළ කපා තමන්ගේ කර ගන්නවා නම් සාප වෙන්නේ හත්මුතු පරම්පරාවටමය. අහුවෙන හැම අලියාම නසමින් දළ ඇත්තු සොයන කළෙක, ස්භාවධර්මයාද කැළැබෙන්නේමය. ගැසිය යුත්තේ හෙනමය.



සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයනා
අවි ගත්තු සිල්වත්තු දා ගැබට විදලා

හැම එකාම හොයන්නේ අනුන් ගැනය. තමන් ගැන නොවේමය. අනුන් ගැන නොසොයා තම තමන් තමන් ගැන සොයා ගත්තා නම් රටටම සිරාය. ආතල්ය. කරදර ලස් ය. එහා පැත්තෙ එකාගෙ සිල් රෙද්දෙ ලේය. සිල් රෙද්ද යනු දැහැමි බවට සංකේතයක් ලෙස සිතන රටක් ය. එහෙව් රෙද්දෙ ලේ නම් අවුල්ය. ඒ ලේ ගෑවිච්ච එකා ගැන හොයන එකාත් අවි අරන් දාගැබට විදින්න ඇවිල්ලා විය යුතුය. එක්කෝ පිං කැටයට කෙලින්නටය. නැති නම් නිධානය ගොඩ දමන්නටය. නැති නම් ජාති ආගම් වාදය පතුරා තම තැන රැක ගන්නටය. ගැසිය යුත්තේ හෙනමය.

උතුරින්ද දකුණින්ද උඹ අවෙ කියනා
කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කෙ නුඹලා

"සිoහල ජනයනි රුහුණු මායා පිහිටි රටේ... දමිල ජනයනි යාපා පටුනේ මඩකලපුවේ තිරිකුණාමලේ.... මුස්ලිම් ජනයනි බේරුවල හම්බන්තොට තිහාරියේ.... උරය පලා සැතකින් බලන් රුහිරු..... එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු....." එහෙම කිව්වෙ නන්දා මාලිනිය ය. පාට එකම මුත් බෙදී ඇත්තේ අපට ඕනවාට නොවේය. එක එකාගේ දේශපාල උවමනාවටමය. උන්ගේ බලය තර කරන්නටය. අපට ප්‍රශ්න නැති නම් උන්ට තැන නැත්තේමය. අපට ප්‍රශ්නයක් නැති ම තැන උන් මාකට් කරන්නේ ජාතිය, ආගමය. මාකට් කළ හැකි හොඳම භාණ්ඩය එය ය. මැරෙන තුරු කෙළ ගන්නට පුලුවන්ය. අවසන උන්ට බලය හිමි වන්නේය. මරා ගත් උන්ට ලැබෙන ඉටි ගෙඩියක් නැතිය. ගැසිය යුත්තේ හෙනමය.

කෝවිලට ගිනිබින්ද වෙඩිඋන්ඩ නසලා
නිල් අහස පරවින්ට ඉඩ හරිනු සොයලා

කාගේවත් ඇජෙන්ඩා වලට නොනැමිය යුතුය. කළ යුත්තේ මහ උන්ට බලය දෙන්නට ලේ පාට ලෙස නොබෙදා එකා වන්ව සිටීමය. කෝවිලට වෙඩි තිබ්බ එකාද, පන්සලට වෙඩි තිබ්බ එකාද, පල්ලියට වෙඩි තිබ්බ එකාද, කරේ තියා නොගෙන, උණ්ඩය පිට වුණ තැනට කෙලිය යුතුය. නැසිය යුතුය. නිල් අහස, නිදහස් අහස සුදු පරෙයියන්ට මිස, උකුස්සන්ට, රාජ අලියන්ට බිලි නොදිය යුතුය. බිලි දෙන උන්ට ගැසිය යුත්තේ හෙනමය.

දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා
බැත කන්ද දියවෙද්දි මියැදෙන්න හැරලා

වැටෙන දහඩිය බිංදුවක්ම ගෙදර වෙනුවෙන් කරන උන්ය. ගොවියෝය. රටම සරි කරන උන්ය. කම්කරුවෝය. රටේ බර අඳින උන්ය. මැයි පළ වෙනිදාය. පොඩි උන්ට සංතෝසම් දී මහ උන් රඟන දවසය. සියළු දහඩිය ගෙදරට වැය කොට, අස්වැන්න නෙලා ගෙට දාගෙන කන්නට හදන විට මැරෙන්නට ආසන්නය. සියළු දහඩිය ගෙදරට කියා පුදා ඇත්තේ මහ එකාලටය. දහඩියෙන් රැස් කළ දේ බුක්ති විදින්නට යද්දී සැප කෙලවර වී මියෙන්නට ඔන්න මෙන්නය. මහ එකාලට ගැසිය යුත්තේ හෙනමය.

නිදිවැද්ද රජ ඔටුනු වැජඹෙන්න හරිනා
දෙවියන්ට පිං දෙන්න පුළුවන්ද වැදලා

සියල්ල දහඩියට කැප කළේ කම්කරුවෝය. පොඩි උන්ය. මහ එකාලට හූරා කන්නට දුන්නේ ඒ ටිකය. උන් නිදිය. සැපේය. පොඩි උන් නිදි නැතිව වැඩය. දුකේය. එහෙව් නිදි ගත් ඔටුනු වැජබෙන්නට ඉඩ හැරිය යුතුද? එහෙව් ඔටුනු රැකිය යුතුද? එහෙව් මහ එකාලට වැජබෙන්නට දෙන එහෙයියන්ට දෙවියන්ද සාප කරනු නියතය. එහෙව් එකාලා දෙවියන්ට වත් පිං දෙන්නට නුසුදුසුය. මහ එකාලාගේ වැරැදි දැක දැක නිහඩ උන්ට ගැසිය යුත්තේ හෙනමය. ගැසිය යුත්තේ හෙනමය.

Music composed - Iraj Weerarathna
Lyrics - Wasantha Dukgannarala
Flute - Nuwan

එදා සිට අද දක්වා පාලකයා කිමෙක් වුවත් සිදුවන අලි සංහාරය දැක ඉරාජ් ගේ ගීතය සිහිවිය. මුල් පද කිහිපය පමණක් අලින්ට වූවාට, ඉතිරියද අලි කතන්දරයක්ය. මේ ඉක පුරාජ්, ඉරාජ් කාලයේ කළ ගීයක්ය.

Written_by_sAm_ශ්‍රී_7:00am_30/11/2017

Friday, November 10, 2017

සියාතු සීයාගේ අහේතුවට තෙල් ගැසීම.. Siyathu's Unwanted Top Up !!!


පාර පාළුවට ගිහිල්ලාය. වාහන අඩුය. පැස්ටෝල් වාහන දුලබය. ඩීසල් වාහන සුලබය. පාර අයිනට ගිය සෑමා දත් මැද්දේ වාහන ගණන් කරමින්ය. අම්මට උඩු නැව තාම මඟය. කොලෙස්ට්‍රෝල් ආදී තෙල් ප්‍රශ්න නැති ලොතැරැයි විකුණන අයියා ඈත සිට එන්නේ රූං කියාගෙනය. මෑන්ස්ට ප්‍රශ්න නැතිය. ආතල්ය. පාරේ වාහන අඩුය. ෂෙඩ් එකක් ලඟ පෝලිමකට කිට්ටු වී හිටගෙන සිටියත් ඇතිය. අද බයිසිකලේ පැදිය යුතු නැත. පෝලිමට ලොතැරැයි ටික විකුණ ගත හැකිය. කවදාවත් කොලිටි නැති ලවුස් පීකරෙන් නන්දා මාලනිය ගයන්නීය.

"මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ- අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමග - තනිවම..."

ටිං ටිං ගා මියුසික් සද්දය ආවේ ඒ වකුටු ලවුස් පීකරයෙන්මය. ඒ වර්ස් එක අවසන නැවතත් සුපුදුරු ගීතය ඇසෙන්නේමය.

"රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ..
නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ..."

සුපුරුදු ගීතය අද මහා කික් එකකින් ඇසෙන්නේය. පාර කිසි කලබලයක් නැතිය. ඇඳිරි නීතිය දැම්ම වගේය. ඒ අස්සේ කවදාවත් පාරට දාන්නේ නැති මට්ටමේ වාහනත් පාරට දාලාය. ඉදලා හිටලා හෝ වාහනයක් යන්නේ ගැරේජ් එකක මුල් ඇදලා තිබ්බ එව්වා වගේය. ඈත තියාම පාර පුරා පැමිණි වාහනයක් සෑමා අසල නැවැත්තුවේය. මොරිස් මයිනර් එකක්ය. ඇන්ටික්ය. 

http://www.express.co.uk/news/uk/729595/Morris-Minor-owner-classic-car-John-Neve-reliable


අම්මට උඩු සියාතු සීයා අලුත් වාහනයක් අරන් ය. අලුත් කිව්වාට මොරිස් මයිනර් එකක් ය. සෑමා සීයාව ඉන්ටර්විව් කළේය.

"නෑ පුතා අලුත් එකක් නෙවෙ, මේ අපි වෙසක් බලන්න යන කාර් එකනෙ..."

"ආ.. අර අවුරුද්දකට පාරක් එළියට දාන එකද?"

"හෙහ් හේ.. ඔව් පුතා තෙල් ප්‍රස්න නේ.. ෆුල්ම ටෑන්ක් කළා.."

"හැබැයි බඩු පරණ උනාට තාම ලෙසටම වැඩ නේද සීයේ.."

"නැතුව නැතුව.. උබට කියන්න කොල්ලෝ ආච්චිත් ඔයට ටිකම තමා කියන්නෙ.."

"ඔව් නේ.. හැබැයි චැසිය මැද්දෙන් පොඩ්ඩක් එන්ජිම පාත් වෙලා වගෙ නේද? මම හිතන්නෙ එන්ජින් මවුන්ට් එකක් ගිහිං වෙන්ටෑ.."

"ඒත් මොකැ බං බඩු වැඩනේ.." සීයා කිව්වේ සැකෙන් මා දෙස බලමින්, දඩිබිඩියේ කැහැපොට ගැසූ සරම පහළට දමමින්ය.

"ඇත්තටම සීයේ එන්ජින් අවුල් ගිහිල්ලම නැද්ද, මොනව වුනත් පරණයි නේ.."

"අනෙ මන්ද බං ගිය ආණ්ඩුව කාලෙ එන්ජිම සීසර් වුණා.."

"හෑ සීසර්.."

"ඔව් බං අර බාල තෙල ගහලා සීසර්ද මොකක්ද වෙලා ඇන්ජිම සුද්ද කෙරෙව්වා.."

"ආ සීස් වෙලා.."

"අන්න ඒක වෙලා බං.. ඊට පස්සෙ මමත් ඇරියෙ නැහැ. පදින්නෙ නැතුව ගෙදරම තිබ්බා. නැතුව කෝමද බං මේවා පරිස්සම් කරන්නෙ.."

"සීයා ආච්චිවත් පරිස්සම් කළෙ පදින්නෙම නැතුව තියන් ඉදලද?"

"අනෙ මේ මගෙන් අහංගන් නැතුව ඉදිං. බාල එව්වැං ගැහුවම තමා කෙල වෙන්නෙ. මම ම ගහං ඉන්න කොට අවුලක් වෙන්නෑ.."

"හරි හරි ඉතිං දැන් සීයා කොහෙද යන්නෙ ඕකෙ..??"

"මම කියලා.. කොයි යන්නද පුතා.. ලබන පාර වෙසක් බලන්න යන්න සෙට් වෙමු.. බඩු හෑව්.."

"එහෙනම් සරුයි ඈ..??"

"මොන සරුවක් ද පුතා කෑමට බීමට වියදම් පවා කපලා තියෙන්නෙ, ෆුල්ම ටෑන්ක් ගහලා අතේ සල්ලිත් නෑ.."

"ඉතිං බං සීයේ වැරදි නැද්ද වැඩේ..??"

"ඇයි.."

"මේ තෙල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන අස්සෙ තෙල් ටික ගෙනිහිං ගෙදර තියන් ඉන්න එක??"

"උබට පිස්සුද? දැන් බලහං අපෙ රටේ දහයෙ කාසි හිඟයක් ආවා. තාමත් තියෙනවා. මොන එකාද කාසිය කැටේට ඔබන එක නැවැත්තුවේ?"

"ඒ උනාට සීයෙ.."

"ඒ උනාට නෙවේ. රට ගැන හිතන උන් ඉන්නව නම් යකො දහයෙ කාසි තයෙන්න එපෑ."

"කාසිය වගෙද සීයේ මේ වෙලාවෙ තෙල්??"

"යකෝ මේක රටක්. ගෙයක් දොරක් ඈ. උන්ට රටට ඕනෙ කරන තෙල් අවුරුද්දකටවත් ඇති වෙන්න ඉස්ටොක් කර ගන්න බැරි නම් අහවල් රෙද්දට ද අපි ඇබරෙන්නෙ. අපි ගෙදරට ඕනෙ ප්‍රමානෙන් වත් ඉස්ටොක් කර ගන්නැතුව."

"බලං ගියාම ඒකත් හරි සීයෙ.."

"බල බල ඉදාං.. රට ගැන හිතලා කෙලෝ ගං. නැත්තං උබ ගැන හිතලා වත් හැදියං. මේ සිරිලංකාව හදන්න බොටයි මටයි බෑ. අර ඇතුලෙ ඉන්න උන්ටත් බැරි නම්.. මං යනවා.. දත් මැදලා ඇති නම් කට හෝදලා මූණත් හෝද ගනිං..."

සීයාට මල දෙපිටින් ගිහින්ය. හරියට සෑමා නැව නැවැත්තුවා වගේය. 

"නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ..."

සියාතු සීයා කැපුනේය. මයිනරය පාර පුරා රුවල් බිඳුනු නැවක් සේ නොපෙනේ ගියේය.

Written_by_sAm_ශ්‍රී_6:55pm_10/11/17

Monday, November 6, 2017

ප්‍රශ්ණය තෙල් නොව දාම්ය... - Matter is Dam not fuel !!


හන්දියේ සිට පෝලිමය. ශෙඩ් එකටය. බෝතල් ගත් එවුන්ය. ත්‍රීවීල් බයික් ඈතින් පාර්ක් කරලාය. වාහන පෝලිම අවුල් නිසාය. ඈතින් පාර්ක් කර පෝලිමේය. ඒ අතර ත්‍රීවීල් වලම ආ ඩෑල්ය. දවසම ඉන්න බලාගෙනය. සියළු කටයුතු අත් හැරලාය. එදා වේල සොයා ගන්නටය. පෝලිමේය. පෙට්ට්‍රල් ගහන්නටය. සමහරක් පත්තර දිග හැරගෙනය. සමහරක් නිදිය. කරන්නට දෙයක් නැතිය. පොම්පය හිස්ය. තෙල් නැතිය. එන තුරුය. බවුසරය එනතුරුය. ඊලඟ පැයේ හෝ, වරුවේ හෝ දවසේ හෝ එනතුරුය. බලාපොරොත්තුය. ලැබෙනතුරයා. තෙල්ය. එදා වේලය.



ඒ අස්සේ එකෙක් දාම් බෝඩ් එකක් දිග ඇරගෙනය. තවත් එකෙක් සමඟය. වැඩේ නැගලා යන්නේය. බලා ඉන්නා උන්ට කික්ය. කම්මැලිකම මඟ හරිනා ඔසුවක්ය. කරන්නට දෙයක් නැති උන් වට වෙලාය. අදිනා උන්ට හුරේ කියන්නටය. නැති නම් වෙලාව යවා ගන්නටය. අදිනා උන්ට ගානක් නැතිය. එහෙත් බලන් ඉන්න උන්ට කික්ය. ලොකු ගේමක්ය. අදිනා උන් බර කල්පනාවක්ය. පැයකට වැඩිය. ඉත්තන් දහයක්ය. දෙපැත්තට බෙදිලාය. එකෙක්ට හයක්ය. අනෙකාට හතරයක්. උන් දෙන්නා වට පනහකට වැඩි පිරිසක්ය. සියල්ල තෙල් එනතුරුය. ඒත් ඊටත් වඩා ගේම ලොකුය.

එකෙක් සිරිපාලය. හන්දියේ කඩේ නිතරම දාම් අදින ඩෑල් එකය. චැම්පියන්ය. බුලත් විටක් හපනා, ඇඟිලි අතරේ සිරකර සුරුස් ගා කෙල ගසනා ඩෑල් එකය. ඔස්තාර්ය. දාම් වලට වැඩිය හැඩයට විට හපනා නිසාය. කෙළ රතුය. පොරක්ය. විටක බීඩියක්ය. උණු රොටියක්ය. ප්ලේන්ටියක් සමඟය. බ්‍රිස්ටල් එකක්ය. පොරක්ය. දාම් ද ඔස්තාර්ය..

අනෙකා ජෙහාන්ය. රැඩිකල්ය. වටේම කෙල්ලෝය. සියල්ල බැලන්ස්ය. අත හැර නොයන ඈයෝය. විට කටේවත් නැතිය. හපන්නේ චුයින්ගම්ය. පොරක්ය. කවි අතැඟිලි අගය. කොටන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන්ය. වෙනදාට චෙස්ය. අද දාම්ය. දාම් නම් ගානක් නැතිය. අදින්නේ චෙස්ය. ගේම පිටරටය. දාම් සිරිලංකන්ය. ඒත් ගේමට එන්ටර්ය. සිරිපාල සැලැන්ඩර්ය.

සිරිපාලට ඉත්තෝ හතරයක්ය. ජෙහාන්ට ඉත්තෝ හයක්ය. දෙදෙනාටම දාමෝ දෙක බැගින්ය. පිරිවර පනහකට වැඩිය. ක්ලැප්ය. විසිල්ය. බල්ටිය. සියල්ල තෙල් ගසන්නට ආවෝය. තෙල් එනතුරුය. කතාය. ඩෑල් එක සොයන සටනක්ය. එකෙක් සිරාය. අනෙකා ජෙහාය.

ඊලඟ මූව් එකට පෙර බර කල්පනාය. සිරිපාල විටක් කොටන්නට වීය. අතරතුර ජෙහාන් සුදු කළු කොටු අතර බර ගමන්ය. සිරිපාල විට කටේ දමා ගත්තේය. ජෙහා වයිබර් චැට් එකකය. බර සාර කතාය. කෙල්ලෙක්ය. ඩේට් කිරිල්ලක්ය. බැලන්ස් කළ යුතුය. සැප කනේය. සිරිපාල නැවත සුදු කළු කොටු අතර බර අඩිය. බර ගමන්ය.

පනහකට වැඩි පිරිසක්ය. දෙදෙනා දෙස බලාගෙනය. ඉවරයක් නැතිය. සියල්ල සිටින්නේ තෙල් වලට වැඩි හිතේ බරකින්ය. තෙල් කවදා හෝ පැමිණෙනු නියතය. දැන අවශ්‍යය තෙල් නොවේය. දිනන්නේ කවුද කියාය. පනහකට වැඩි පිරිසක්ය. වාහන පෝලිමේ තබාගෙනය. රියදුරු අසුන හිස්ය. සියල්ල බෝඩ් එක වටේය. සිරිපාල සහ ජෙහාන් සමඟය. කික්ය. තරඟයක්ය. බර හිත් අතැතිවය.

සිරිපාල සංයමයෙන්ය. ජෙහාන් නෙත් යොමාගෙනය. දෙදෙනා බලාගෙනය. තරඟය අතරය. කිසිවෙකු ඉක්මන් නැතිය. පැයකට වැඩිය. ඊලඟ පියවර බැලිය යුතුය. හෙන ගේමය. සියල්ල සන්සුන්ය. බලා සිටින සියල්ලම සිත්නනේ දෙදෙනගෙන් කිසිවෙකු හෝ දරුණු ලෙස ඊලඟ පියවර තබාවි යැයිය. කිසිවෙකු සද්ද නැතිය. දෙවෙනි පැයත් එලෙසමය. සියල්ල නිසොල්මන්ය. බලා සිටින උන් දෙදෙනාගේ බුද්ධි මට්ටම විචාරන්නෝය. නිසොල්මන්ය. දෙදෙනාම නිස්කලන්කය. කැලඹිලාය. බලා ඉන්න උන් කැළබිලාය. කිසිවෙකු ඉත්තෙක් අදින්නේ නැතිය. අම්මට උඩුය. දෙන්නාම ඩෑල්ය. මූව් එකකට මෙච්චර කල්පනා කරන්නෝය. 

අවසන හඬක් නැඟුනේය.

"සිරිපාල අයියේ මමද ඊළඟට අදින්න ඉන්නේ නැත්තම් ඔයාද?"

දෙදෙනාම පැටලී ඇත්තේ එකම ප්‍රශ්නයකය. නැතිනම් දාර්ශණික කල්පනා කිරීම් නොවේය.

තෙල් ආවේය.

සියල්ලෝම තෙල් ගසාගෙන ගෙදර ගියෝය. 

Written_by_sAm_ශ්‍රී_Perera_16/11/2017

Saturday, November 4, 2017

තෙල් අර්බුධය - Fuel Crisis.. !!


තෙල් කොහෙවත් නැතිය. ඊයේ සවස සිටය. තියෙනා තැන් වලත් පෝලිම්ය. පෝලිම ඉවර වෙද්දී තෙලුත් ඉවරය. දැවෙනා ප්‍රශ්නයක්ය. පිළිතුරු සොයා ගත යුතුය. ෂෙඩ් ඇරෙන්නට තෙල් තියෙන්නේ සිල්ලර කඩවලය. ලීටරේ ගානට බෝතලයක් සාධාරණ මිලට ගත හැකිය. බෝතලය හා ලීටරය අතර වෙනස නොදන්නා එකාට පට්ටම සාධාරණය. සිල්ලරට පෙට්ට්‍රල් ගත හැකි තැනක් ඇත්තේ පැත්තම එකකි. විල්සන් මාමාගේ කඩේය. ඒ පැත්තට කාලෙකින් ගියේ නැතිය. විල්සන් මාමාගේ නැන්දා කටහැකරය. කවුරුත් කියනා එකක් සාවධානව අසා සිටීමේ පුරුද්දක් නැතිය. විල්සන් මාමා ඒ නිසාම නැන්දාට කිසිත් තේරුම් කර දෙන්නට නොයන්නීය. විල්සන් මාමා නාකි වී බැන්ද නිසා දුව පොඩිය. ඒ ඉස්සරය. දැන් ඇටෙන් පොත්තෙන් මිදි ඇතිය. කාලෙකින් දැක්කේද නැතිය. විල්සන් මාමාගේ නැන්දම්මාද සිටින්නේ එහෙමය. ගෑණිද කියන එකක් නාහන එකියක් නිසා ඒ ආච්චී ගැනද කතා කරලා වැඩක් නැතිය. ඒත් ටෝක්ස් නම් ආතල්ය. බෝතලයක් දෙකක් ගසා ගැනීමට සෑමා ඇදුනේ විල්සන් මාමා ගේ දූගෙන් තෙල් බෝතලයක් ගැනීමටය.




විල්සන් මාමාගේ ගෙට හැරෙන පාරේ සිට පෝලිමය. ගෙදරම සිල්ලර කඩය නිසා සෑමා ගෙදරටම ගියේය. අපිට එදා ඉදන් කවුන්ටර් නැතිය. කෙලින්ම බිස්නස් ගෙදර සාලයේ සිටය. නැන්දා කඩේය. පෝලිම දිගය. මාමා ලන්ච් එකට ඇවිල්ලාය. සාලයේ ටීවී බලන ගමන් බත් කන්නේය. සාලයේම පෙට්ට්‍රල් බූලි දෙකක්ය. ආච්චී එකක් උඩ ඉදගෙන විටක් හපනවාය. 

"විල්සන් මාමේ.."

"ආ.. ඉදගන්න පුතා.. කාලෙකින්.."

කන්වර්සේෂන් එක ඕපන්ය. ආච්චී කට කන ඇහැ ඇරගෙනය. අපි දිහා නොබලාය. ටීවී එක දිහා බලාගෙනය. ප්‍රශ්න අපේ ය. මගෙන් මාමාටය. මාමාගෙන් මයට. විටක පිළිතුරු ආච්චී ගෙන්ය. 

"අද සරුයි වගේ විල්සන් මාමා.."

"හහ්.. හා.. කමුද පුතා බත් ටිකක්.."

"නෑ මාමෙ කාලා ඉන්නෙ.. මොකෝ බිසී වෙලාවෙ නැන්දට කඩේ බාර දීලා.."

"පායනා කාලෙදී.. රෑ දවල් මහන්සි වී.. කන්න දේ රැස් කරයි.. කූඹියෝ..."

ප්‍රශ්නය වෙනස්ය. මාමා දුන් උත්තරය බොහෝම වෙනස්ය. නැවත ප්‍රශ්න කළ යුතුය. නැවතත් ප්‍රශ්නය යොමු කළ යුතුය. පිළිතුරු මෙසේය.

"මේකනෙ පුතා, මේ වගේ රශ් එක තියෙන වෙලාවට අපි වගේ උන් කඩේ ඉදලා බෑ.. අපෙ ගෑණි වගේ කට හැකර ඩෑල් එකක් සීන් එකෙ ඉන්නෝනි. පෝලිමෙ එන උන් මරා ගන්නවා බං නැත්තං..."

ඒ පිලිතුරට ආච්චී ඔරවා බැලීය. තමන්ගේ දුවය. සැටිපිකේට් දෙන්නේ බෑණාය. ඉතිං අවුල්ය. කරන්නට දෙයක් නැතිය. ඇය උගුරේ තිබූ බුලත් හපය කාරා නැවතට කටට ගෙන වැරෙන් හපන්නට වූවාය.

"පුතා ඩිංගක් ඉන්න මම හොදි ටිකක් බෙදං එන්නම්.."

විල්සන් මාමා මාරුය. ආච්චී කට කොනින් හිනාවක් දැම්මාය. චැට් එකකට වේව් කිරීමක්ය. අත වැනීමක්ය. නිහඬව සිටීම අවුල්ය. ආවේ කාලෙකින්ය. පුංචි කාලේ කඩෙන් ජුජුබ්ස් උස්සා මාට්ටු වූ දවසේද වැඩේ ශේප් කළ කාන්තාවය.

"පුතා මොකද කාලෙකින් මේ පැත්තෙ.."

"දන්නැද්ද ආච්චි එහෙමට එළියට බහින්න වෙලාවක් නැහැ දැන්.."

"අපෙ මිණිබිරිත් කිව්වා පුතා ව එහෙන් මෙහෙන් දැක්කා කියලා.."

"හැ.. වෙන්න බෑනෙ ආච්චි.. මට එයාව හම්බුනේම නැ.. දැක්කෙ නෑ කාලෙකින්.."

"නෑ නෑ.. ඔයාගෙ එෆ්.බී එකෙ ඉන්නවලු කිව්වෙ.."

"ආ එහෙමද??"

මා දන්නා එහෙව් එකියක් මගෙ බුකියේ නැතිය. එහෙත් ආච්චිගෙන් එව්වා ප්‍රශ්න කළ යුතු නොවේය. විටක ඒකි ෆේක් එකකින් මගෙ ලිස්ට් එකෙ අරක් ගෙන සිටිනවා ඇතිය. හිටියත් අනික ඒ ඇච්චි කෙල්ලගේ නම දැන් මට දැන් අමතකය.

"බලන්නකො ආච්චී මේ තෙල් ප්‍රශ්නයක් නේ.."

"අපොයි ඔව් බොල. කෝ මුං කියන එකක් අහනවැ. ඔය අපෙ උන්දැ.. විල්සන්ගෙ තාත්තා ඌ නැති වුනෙත් ඔය තෙල් සීන් එකෙන්ම තමා. බලහං ඉතිං මේ විල්සා ටත් තියෙනවා තෙල් ප්‍රශ්නෙ. ඌ කියලත් පරිස්සම් වෙන එකක් අෑ.."

"ඒ මොකක්ද ආච්චි ඒ.. එහෙම එකක් නෙවෙ මම කියන්නෙ.."

"උබ කෝම එකක් හිතුවත්, මම කියන එක පිළිගං. ඒක තමා ඇත්ත. දැවෙන පස්න. ඕකගෙ ට්‍රයිග්ලිසරයිඩ් වැඩියි. ඒකයි ලොකුම හෙනේ. නැත්තං අවුලක් නැහැ. ඉතිං තෙල් අඩුවෙයිද..??"

ආච්චී වෙන ට්‍රැක් එකකය. පැහැදිලි කිරීම් අනවශ්‍යය. කරන්න ගියොත් කතාව වන වෙනවාය. සියල්ලට හිස සැලිය යුතුය. විල්සන් මාමාද මිසින්ය. උෟ හොඳි බෙදාගෙන කුස්සියේම වාඩි වී කනවා විය යුතුය. 

සාලයට යා බද කාමරයෙන් ඔලුව දැම්මේ කෙල්ලෙක්ය. ආච්චී නන්ස්ටොප්ය. හිස දැමූ එකී එළියටම ආවාය. අම්මට උඩු අමන්දා ෆර්ඩිනන්ස්ය. මගෙ බුකියේ මිතුරියය. කන්වර්ෂේසන් වැස්සය. බලනකොට විල්සන් මාමාගේ කෙලීය.

"හායි.. අයියා.."

"ආ නංගී.. කොහොමද??"

"ඉන්නවා අප්පා.. අපෙ ආච්චිගේ කටර් එකට අහු වෙලා වගේ.."

"නෑ අපි මේ තෙල් ප්‍රශ්නෙ ගැන කතා කළා නංගී.."

"අයියෝ අයියේ.. ඇත්තට ඕකට බෙහෙත් එහෙම නැද්ද. මටත් ඔය ප්‍රශ්නෙමයි.."

ඈ මා ඉදිරියේ ඉඳගත්තාය. ආච්චී කට ඇරගෙන කෙලීගේ විගඩම් ගැන කනස්සල්ලෙන් විය යුතුය. ඇගේ කටර් එක වැහෙනා පාටක්ය. අමන්දා ගේ කටර් එක පටන් ගන්නා පාටක්ය.

"ඇයි නංගිටත් අංකල්ට වගේ කලොස්ට්‍රෝල් ද?"

"නෑ අනෙ පිස්සුද.. ඒක නෙවෙ. මගෙ ස්කින් එක හෙන ඔයිලි අප්පා. කරන්නම දෙයක් නැහැ. ට්‍රීට්මන්ට් කළා හරි ගියෙ නැහැ. ස්කින් එක ඩ්‍රයි වෙලා පුපුරන්න ගත්තා. හැම පුපුරන තැනකින්ම සැර පිට වුණා. ඊට පස්සෙ තෙල් එන එක වැඩි වුණාද මන්ද අයියා.. මුකුත් දන්න කියන බෙහෙතක් වත් නැද්ද මට පාවිච්චි කරන්න..."

"එහෙම නම් දන්න එකක් නැහැ නංගි. මම බලන්නම්. දන්න කෙනෙක්ගෙන් අහලා කියන්නම් කෝ.."

විල්සන් මාමා තවමත් මිසින්ය. මාව මුදවා ගන්නා පාටක් නැතිය. විල්සන් නැන්දා ඇවිත් ආච්චී හිඳගෙන සිටි පෙට්ට්‍රල් බූලියත් රැගෙන ගියාය. ඊට පිටුපසින් විල්සන් මාමා අනෙක් බූලියත් රැගෙන ගියාය. 

"පුතා පොඩ්ඩක් ඉන්න මම ඉස්සරහට ගිහින් එන්නම්. ඇන්ටිට කන්න එන්න ෂිෆ්ට් එක මාරු කරන්න ඕනෙ.."

"ඉතිං බලන්න අයියා.. මගේ යාලුවෙක් ට්‍රීට්මන්ට් කරලා ස්කින් එක හදා ගත්තා. එයාගෙ දැන් ඔයිලි ගතිය අඩුයි. ඒත් ඒකි හරි කුහකයි. මට ට්‍රීට්මන්ට් කරපු තැන කියන්නෙ නැහැනේ.. බලන්නකෝ.."

"අපො නංගි.. ඕකුන් ඔහොම තමා කෙල්ලො නේ.."

"එහෙම නෑ අයියා.. හැම කෙල්ලම එහෙම නෑ.. අපි බලන්නකෝ.."

"ආ පුතා.. මොකෝ කරන්නෙ..කාලෙකින්.."

"ඔව් ආන්ටී.. මේ තෙල් ප්‍රශ්නෙ නේ.. ඒකයි ආවෙ මේ පැත්තෙ.."

"අපොයි ඔව් බලන්න තෙල් ප්‍රශ්නෙ.. උදේ ඉදන් කියනවා මේ මිනිහට.. කෝ ගෙනාවද??"

"ඇයි ඇන්ටි තෙල් නැද්ද??"

"නැතුව.. ගේ හරියක පොල් තෙල් බිංදුවක් නැහැ. ඊයෙ රෑ මේකුන් බයිට් හදං අන්තිම බින්දුවත් ඉවර කරලා. පුතා බයික් එකෙ නේද ආවෙ. පුලුවන්නම් ගිහින් පොල් තෙල් ජුන්ඩක් ගේනවද??"

අලි මදිවට කොටිය. බයික් එකෙත් අන්තිම තෙල් ජුන්ඩය. කරන්නට දෙයක් නැතිය. නංගිත් ඉන්න නිසා සපෝට් එකක් දිය යුතුය. ඇන්ටී බෝතලයක් දුන්නේ පොල් තෙල් ගේන්නටය.

"හරි ඇන්ටී මම සුටුස් ගාලා අරන් එන්නම්."

හන්දියට යන්නට ගිය බයික් එකේ අන්තිම තෙල් ජුන්ඩ මිසිං වූයේ පොල් තෙල් අරන් ආපසු හැරෙන විටය. කරන්නට දෙයක් නැතිය. තල්ලු කරගෙන ගෙදර යා යුතුය. ඇන්ටිව සතුටු කළ යුතුය. බයික්කෙකට තෙල් ගසාගෙන ගෙදර හෝ යා යුත්තේ එලෙසය.

"ආනේ පුතා පරක්කු වුණා නේ.. මම මේ පපඩම බදින්නෙත් නැතුව බලං උන්නා.."

"අනෙ ඇන්ටි බලන්නකෝ.. මඟදි බයිකෙක හිට්ටා නේ.. තල්ලු කරගෙනම ආවේ.. තෙල් ටිකක් ගහ ගන්න කියලා.."

"අනෙ පිං සිද්ද වෙනවා පුතා. මේ මිනිහට කියලා වැඩක් කරගන්න බැහැනෙ..."

"'හරි ඇන්ටි තෙල් ටිකක් ගහගන්න පුලුවන් වෙයි නේ..??"

"ඉස්සරහ අංකල් ඇති පුතා ගන්න පුලුවන්.."

"අංකල් පෙට්ට්‍රල් බෝතල් දෙකක් විතර දෙන්නකො.."

"අයියෝ බං කොල්ලෝ උබ මෙච්චර වෙලා අපෙ එකි එක්ක කයිය ගහලා දැන්ද තෙල් ඕනෙ උනෙ. දැන් මොකැ කරන්නෙ. තෙල් ඉවරයි නේ.."

විල්සන් ඇන්ටිට හාල් ගරන්න තෙල් ඉවරය. ඇන්ටිට පපඩම් බදින්න තෙල් හොයන්න ගිහින් පෙට්ට්‍රල් ජුන්ඩට කෙළ විය. කරන්නට දෙයක් ඇත්තේම නැතිය. බයික්කෙක විල්සන් අංකල් ලෑ ගෙදර දමා පයින් යා යුතුය. අංකල් පෙට්ට්‍රල් ගෙනා විටක ඇවිත් අරගෙන යන්නට හිත හදා ගත යුතුය.

සියල්ලට සමුදී ගෙදර යා යුතුය... !

Written_by_sAm_ශ්‍රී_3:44pm_04/11/2017

Thursday, May 1, 2014

කම්කරු දිනය? දේශපාලුවන්ගේ දිනය? - Labor's Day or Politicians Day ??


සොලවමින් කොඩි
තබයි පෙර අඩි
තර කරයි මඩි
ඉතිරි දිනකදි



එක දිනක් ඇති
කම්කරුවො එති
පාට කොඩි ඇති
සෙවනෙ සැනසෙති



ලොකු කරන් ඇස්
පුරවගෙන බස්
පාලකයො ගොස්
කන්න දෙති මස්



කෑම එක ෆ්‍රී
බෝතලය දී
පාට කොඩි දී
දිනය තොපෙ කී
දවසෙ සැනසී



දිනයෙ කම්කරු
මහ එවුන් බොරු
කියාගෙන මරු
කරයි කම්කරු
දිනය මහ සරු



පායපන් හිරු
හෙට දිනත් සරු
වේවි යැයි සිතු
රැවටේය මතු



sAm_ශ්‍රී_Perera_9:15am_01/05/14

Sunday, March 30, 2014

කැරළි වීරයෝ මර්ධන සහ ජයග්‍රහණ... - Protests & Victories !!!




සමාජ ක්‍රමයකට එරෙහිව උඩුගම් බලා පිහිනන පුද්ගලයන් හා ඇලලුනු වීර කතාන්දර කියවා ඇත්තෙමු. කියවා අවසන පොත වසා පැත්තකින් තබා කල්පනා කරන්නේ එවන් වීරයෙකු වන්නටය. එහෙත් මොහොතකින් ඒ සියළු හැගීම් අවසානය. නැවත වැටෙන්නේ පරණ සුපුරුදු ජීවිතයටය. පවතින පාලන ක්‍රමයකට ඇලී එහි බත් බැලයන් වෙමින් ප්‍රමුඛ සුව සැප සොයමින් ජීවත් වන්නෝ කිසිදා ආත්ම තෘප්තියන් නොලබත්. එසේම ලැබෙන සුවයද තාවකාලිකය. අවසන ඉතුරු වන්නේ ‘ඉජු.. ඉජු‘ කියනා කලෙක පස්සෙන් ගොස් ගත් ආතල් පමණක්ය. එය තම කොන්දට මෙන්ම පරම්පරාගත නෑ පිරිවරටද කොන්ද කෙලින් තබා ගැනීමේ උපත් අයිතිය නැති කිරීමක් පමණය. උපතින් කොන්දක් එන්නේ කෙලින් තබා ගන්නට මිසක වකුටු කොට කොන්ද අඟට නැට්ටක් සවිකරගෙන, සිතින් පත් කර ගත් ස්වාමියාට වනන්නට නොවේය.

පවතින ක්‍රමයට විරුද්ධව නැගී සිටින්නට, අසාධරණයන්ට එරෙහිව නැඟී සිටින්නට තරම් ශක්තියක්, බත් බැලයන් දුටු කළ කැළඹෙන රත් වූ ලේ කැටියක් සහිත උපදින්නේ වීරයන්ය. විටක උන් ප්‍රකට නොවන්නෝය. නමුත් අරගලයන්ට නායකත්වය දෙන්නෝය. සාධාරණය වෙනුවෙන්, ඉපදෙන්නට ඉන්න එකා ණය කාරයෙක් නොවන්නට කටුයුතු කොට ඔහේ කැටිවෙන රුධිරයෙන් වැඩක් ගන්නෝය. බත් බැලයන් පැත්තකට වැටී අත ලෙව කමින් පුටු රත් කරමින් එක තැන වැටී ගලා යන ලේ පොඳ කැටි ගැසෙන්නට ඉඩහරිද්දී වීරයෝ තම ලේ පොඳිය රත් කොටගෙන ලෝදිය මෙන් ගලා යන්නට සලස්වන්නෝය. ඒ ගල රත් වූ ලේ දහරින් කරන්නේ පෙරළියක් මිසක කඩේ යාමක් නොවේය.

නඟුට වනමින් පස්සෙන් ගොස් ජීවිතය ගොඩ දා ගත් එකාට කොන්දක් නැතිය. කඩේ යෑම පමණක්ම ඉතුරු වන්නේය. නැත්තං කන බත් පතට කෙළ වන්නේය. එහෙව් එකාට රටක් ජාතියක් ආගමක් වැඩක් නැතිය. කටු උලා කමින් ලඟ දැවටෙමින් සිටින්නෝය. පෙරලියක් නොමැත. අරගල නොමැත. බඩේ දැවිල්ල හැදෙනා විට කට කොනට වැටෙනා දේ සුප්පු කරන්නෝය. වීරයක් පිළිකුල් කරන්නෝය. මහ එකාගේ එක උලා කමින් වැඩෙන්නෝය. විටෙක මහ එකාට වඩා ප්‍රතාපවත්ව වැඩෙන්නෝය. ඒ අස්සේ වීරයා තම දහඩියෙන් මහන්සියෙන් ගොඩ දාගන්නා දේ ඇසුරෙන් හැදී වැඩී අරගල සඳහා ශක්තිමත් වන්නෝය. කොනක සිට, මහා රුධිර වාහිනයේ සිට කේෂ නාලිකාව දක්වා පුපුරමින් බලා සිටින්නේ අසාධාරණය උසුලා ගැනීමට නොහැකිවය. නැතිනම් අනෙක් බත් බැලයන් සේ උලා කන්නට හැකියාවක් නොමැතිව නොවේය. එසේම කඩේ යන්නට නොහැකියාවක් ඇති නිසා නොවේය. හිත් කොනක සිට පුපුරා යන අසාධාරණය අවිනීතිය උසුලා ගැනීමේ අපහසුවක් නිසා මිසක, වීරයෙක් වීමේ පරම අශාවෙන්ද නොවේය.

මර්ධනයට එරෙහිව මංගල වෙඩි මුරය සනිටුහන් වෙද්දී, කැරළි වලින් සාර්ථක ඵලයන් අත් වෙද්දී ජයග්‍රහණයක සේයා ඈතින් දිස් වෙද්දී බත් බැලයෝද සැලෙන්නෝය. ඉරිසියාව උඩු දුවා මහ පාරට වැටේ වී යැයි බියෙන් මහ එකා උස්සාගෙන කැලේ දුවන්නෝය. මහ එකා කැලේ පැන්න විටක කැලේ සිට අරගල කළ වීරයෝ පාරට බසින්නේය. දෙයක් සොයා ගෙන කන්නට බැරි, අතට දෙන දේ කටේ දමා ගත් මහ එකා සේම බත් බැලයාද කැළේ අසරණ වන්නේ පෙර සිටම උපයා ගත් හැකියාවක් නොමැති නිසාය. පොඩි එකාගේ බත් පතට කෙලිමින් සීතල කාමරේ පුටු උඩ කැරකෙමින් කකා බිබී ආතල් ගත් බත් බැලයාගේ සිට මහ එකා දක්වාම කැළේදී අසරණ වන්නෝය. වීරයෝ, කැරළි නායකයෝ, අරගලකරුවෝ, මහ උන් කැළේ පන්නා පොඩි මිනිසාගේ සිට මහ එකා දක්වා එකම මට්ටමක තබමින් ලොවක් දිනන්නෝය. 

ඒ දිනය වැඩි ඈතක නොවේය. එදා සිට පුපුරමින් ගලා හැලෙන විප්ලව වාදී රුධිරය අසාධාරණයට එරෙහිව පමණක්ය. මර්ධනයට එරෙහිව පමණක්ය. කොටින්ම පොඩි මිනිසා වෙනුවෙන් පමණක්ය. බත් බැලයන්ගේ මොල පොඩ්ඩන්ට මෙය නොතේරෙන්නේ නැතිය. උන්ට ඇත්තේ කොන්දක් නැති කම මිසක උවමනාවක් නැති කම නොවේය. තම බුරිය උල්වී එන තරමට කන්නට ලැබෙන මස් කට්ටට ගිජුකමේ උඩ බලාගෙන ලොක්කාගේ කිතුල් ඇටය ලොවන්නට ඉගෙන ගත්තා මිසක ජීවත් වන්නට නොදත් නිසා පව් ගෙවන්නෝය.

මෙය අද ඊයේ පටන් ගත් සටනක් නොවේය. අසාධාරණය දුටු තැන සිට පටන් ගත අරගලයක්ය. විටක නිහඬය. විටක වැටීම් පෙරලීම්ද සහිතය. දැන් අරගලයේ උච්ච තැනය. ජයග්‍රහණයේ සංකේත දකින යුගයක්ය. ඇත් සේනා පෙරටු කොට, ගිණි සිළුවේ ආලෝකය පෙරටු කොට, කස, බෙර හඬ මැද්දේ සීනු හඩින් ජයග්‍රහණයේ සංකේත දකින යුගයක්ය. නව ජීවිතයක සැබෑ අරුණළු දකින යුගයක්ය. යුධ පිටියේදී කඩු පහරින් කැපී රතු ලේ කඩු තුඩේ දිලිසෙන්නේ යම් සේද, දිලිසෙන දිදුලන අනාගතයක පෙර නිමිතිය. එවන් අනාගතයකට හුස්ම පොදක් වූ සැමට ස්තූතිය. බත් බැලයන් වූ සැමට නොවක් ස්තූතිය. මන්ද ඔබ බත් බැලයන් වූ නිසාම අපේ රුධිරය උණු වූයේය. ඒ උණු වූ තැන සිටම අප නොනැවතී සටන් කෙරුවෙමු.

Written_by_sAm_ශ්‍රී_Perera_8:50am_30/03/14

පලි - ලිපිය කී බෝඩ් එක මත අකුරු කරද්දී දෙඅත් වෙව්ලන්නට වූ නිසා නැවත කියවා සංශෝධනය නොකරම පළ කරමි.

Saturday, March 22, 2014

මෙවර මැතිවරණ ජය කාටද? - Who Will be the Winners ???




මෑත දිනකදී සෑමාට පාසලේ නංගී කෙනෙක් මුණ ගැසුනේය. සුළු මොහොතක ඕපා දූප කතා කිරීමකින් අනතුරුව ඇය කෙලින්ම කතාවට බැස්සේ දෙරණ ටීවී එකේද කොහෙදෝ සිටිනා දිල්කී මෙන්ය.

අයියා තාම අතනද වැඩ?

ඔව් එතන තමා.

මේ පාර අපේ ගෙදර ඡන්ද 7ක්ම ජෙනරාල්ට දෙන්නෙ අයියේ..

අඩේ එහෙමද?

ඔව්. අපි ඉතිං පරම්පරාවෙන්ම යූ.ඇන්.පී. ඒත් හරි යන්නෙ නැති නිසා දෙනවා මේ පාර ගණි සිළුවට.

ඒක හොඳයි. ඉතිං මගේ ජොබ් එකෙයි, ජෙනරාල්ගෙයි සම්බන්ධෙ මොකක්ද?

අයියා සර් ලඟ නේද වැඩ??

කට උත්තර නැති වූ තැන සෑමා කීවේ ජොබ කරන අතර වාරයේ පක්ෂයට සපෝට් කරන බවක්ය.

***

තවත් කතන්දරයක් සැට් වුනේ අපේ මිත්‍රෙයකුගේ නිවසේදීය. ඇන්ටී දේශපාලනය පිළිබඳ කලකිරී සිටින්නීය. මා සමඟ සිටි අපේ මිත්‍රයා කෝමත් ආණ්ඩු විරෝධීය. එහෙත් විපක්ෂයේ කුමන පක්ෂයකට කතිරය කොටයි දැයි නොදන්නේය. පොර කතාව ආරම්භ කළේ රත්තරං වාහිණියේ බුජ්ජික වගේය.

ඇන්ටී මේ පාර කාටද ඡන්දෙ දෙන්නේ..

අනේ මන්ද පුතා.. ඔක්කොම එකයි.

ඇයි ඇන්ටි එහෙම කියන්නෙ.

වැඩක් නැහැනෙ. බලන්න දැන් ඉන්න අය කරන විදිහ. අපිට එපා වෙලා ඉන්නෙ.

ඒක නම් ඇත්ත ඇන්ටි. මාත් හිතන් ඉන්නෙ ඡන්දෙ නොදා ඉන්න.

අනේ එහෙම කරන්න එපා පුතා... ඔයාගෙ අයිතිය ඔයා පාවිච්චි කරන්න. අනික ඔයා ඡන්ද පොලට ගියෙ නැත්තං ඔයාගෙ ඡන්දෙ වෙන කාට හරි දාල තියෙයි.

ඒකත් ඇත්ත තමා ඇන්ටී. ගිහිල්ල අවලංගු ඡන්දයක් දාල එන්න ඕනෙ.

එහෙත් මිතුරා නිවසින් පිටත්ව එද්දී කියා සිටියේ, “පිස්සුද මචං. අවලංගු ඡන්ද දාන වෙලා ආණ්ඩුවට පොඩ්ඩක් හරි රිද්දවන්න විපක්ෂයේ පක්ෂයකට ඡන්දෙ දෙන්න ඕනෙ“ කියාය.

***

අපේ මිත්‍රෙයකුගේ ඔපීසිය අසල පුංචි කඩයක් තිබෙන්නේය. උන් ඒකට රිංගන්නේ ප්ලේන්ටි ගැසීමට නොව ඇන්ටීගේ දුව දෙස බලමින් කහට බොන්නටය. එතැනදී ඇන්ටී ජීවත් වන්නට කීයක් හෝ හොයන්නට දෙන ගේම දකින්න හැකි වූයේය. තම ස්වාමියා බරපතල රෝගී තත්වයක සිටියදී තිදෙනාට කන්න බොන්න දෙන්නට ඉගෙනීම් කටයුතු වලට මුදල් සොයන්නේ ඇන්ටීය. මේ ඇන්ටී සමඟ ගිය සාකච්ඡාවක්ය.

මේ පැත්තෙ සැරටම ඡන්ද වැඩ නේද ඇන්ටී.

ඔව් ඉතිං මෙහෙ කොළඹ දිස්ත්‍රික්කෙට නේ අයිති වෙන්නෙ.

ඇන්ටි මේ පාර කාටද දෙන්නෙ??

අනේ මන්ද පුතා. දෙන්න කියල හරි හමං විපක්ෂයක් නැහැනෙ.

ඔව් නේ. රනිල් ලොක්ක ඉන්න කල් ගොඩ ඒමක් නැහැ වගේ.

අපේ මහත්තය නම් කියන්නෙ ජේ.වී.පී එකට දෙන්න කියල.

ඉතිං හොඳයි නේ ඇන්ටි. අනුර කුමාර මේ පාර ලොකු ගේමක් ගහනවා.

පිස්සුද පුතා. ඒ කාලෙ අපි හිටපු විදහ මතක් වෙද්දි දෙන්න හිතෙනවද?

ඇන්ටි ගියපාර දුන්නෙ කාටද?

මහින්ද මහත්තයාට තමා. 

මේ පාරත් දෙයි ඉතිං.

ඇන්ටී සිනා සැලුවාය. ඒ කියන්නේ මේ පාරත් මහින්ද ලොක්කා ගොඩය. ඇන්ටී හෙන ගේමක් දී කන්න බොන්න උත්සාහ කළත් මහින්ද ලොක්කා ගොඩය. එහෙත් ඇන්ටී එදා වෙච්ච දේ ඇසුරෙන් ජ.වි.ප.ය මැන බැලීම පට්ට අසාධාරණය. නැවත එවන් යුගයක් එනවා යැයි කීම මහා මෝඩ සිතුවිල්ලක්ය. එය ජෙනරාල්ට මැතිවරණයට එද්දී, ඉඩි අමීන් පාලනයක් ඒ යැයි, හමුදා පාලනයක් ඒ යැයි, කියා මහින්ද මාමාට කතිරය ගැසුවාක් හා සමානය.

***

මේ සියළු කතාන්දර මැද්දේ ජය ගන්නේ ගම්පහින් සුසාරද, කොළඹින් මරික්කාර් ද, කොළඹින් කිඳෙල් පිටිය යන තිදෙනාය. අවසන ජයග්‍රහණය සිරසටය. ගම්පහින් ආණ්ඩුවට දර දිය ඇද්දා වූ පිරිස සිටියදී සුසාර ජය ගැනීම පක්ෂයේ ප්‍රශ්න ඇති කරන්නක් වේද? බැලිය යුත්තේ ඊට පසුවය. මරික්කාර් සහ කිඳෙල් පිටිය පෙර සිටම විපක්ෂය වෙනුවෙන් පෙනී සිටි නිසා ගැටළු ඇති නොවන්නේය. කෙසේ නමුත් මාධ්‍යට අලුත් දෙයක් කරමින් හැමදාමත් කතන්දර ඇසූ සිරසට මෙවර මැතිවරණ ජය ලැබීම පිළිබඳ සෑමා තුල ඇත්තේද අවිහිංසක සතුටක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:03am_22/03/14

Wednesday, January 22, 2014

කාමුකම පාර්ලිමේන්තුව - Most Sexiest Parliament In the World.. !!


දියවන්නාව වටේට කොල්ලෝ කුරුට්ටෝ පිරිලාය. උදේම ජොගින් කරන්න ආපු නිසා සීන් එක හොඳට බලා ගන්නට හැකි වීම ගැන මට තිබුනේ පට්ට ආතල් එකක්ය. ඈත තියාම එද්දී සිතුනේ මහ සෙනඟක් ජොගින් කරන්න ඇවිත් කියාය. වෙනදාට දියවැඩියාකාරයෝ, ප්‍රෙෂර් කාරයෝ, වගේ උන් එක්ක ඇවිද්ද මට අද ලෙඩක් දුකක් නැති කොල්ලෝ එක්ක මොන ජොගින්ද කියා දුර තියාම සිතුනේය. ලඟ පාතට එද්දී වයසක සීයලා සැට් එකක්ද සරම් කැහැ පොට ගසාගෙන සිටිනවා දුටු නිසා සීන් එකක් කවරක්ද කියා සොයන්නට සෑමා මහා ගේමක් ගැසුවේය. දියවන්නා වතුර වල දෙස බලාගෙන දෙඅත් වලින් කලිසමේ සිප් අල්ලාගෙන සිටි කොල්ලො කුරුට්ටන් සහ සරම් කැහැපොට ගසාගෙන සිටි අංකල්ලා ඈත් මෑත් කොට සිද්ධිය විමසන්නට සෑමා උත්සුක වූයේය. සියල්ලෝම බලා සිටියේ දියවන්නාවෙන් එපිට තිබෙන පාර්ලිමන්ට් එක දෙසය. පාර්ලිමන්ට් ජෝක්ස් බැලුවාට පසු මෙහෙම සීන් එකක් දැක්කාමය. හැම එකාම අහවල් එක අතේ තියාගෙන වතුර පාර දෙස බලාගෙන සිටින්නෝය. විටෙක පාර්ලිමන්ට් එකට යන පාර දෙසද ඇඟිලිවලින් එසැවී බලන්නෝය. හැම එකාගේම බඩ පිටට ඇලිලාය. හැමදාම අතට ගන්නා නිසා කෙට්ටු වීලාදෝ කියා සෑමාට සිතුනේය. එක්කෝ බඩගින්න නිසාදැයි කියාද සැකයක් උපන්නේය.

සෑමා සෙනඟ මැද්දේ සිටියදී තවත් ඔපීසි යන ඩයල් එකක් කට කොනින් චාටර් හිනාවක් දමා සෑමා දෙසද බැලුවේය. ගිණි විජ්ජුම්බරයක්ය, ඌ හිතන්නත් ඇත්තේ සෑමාද පාර්ලිමන්ට් එක බලා අහවල් එක අතට ගත් එකෙක් කියාය. විලි ලැජ්ජාව මකා ගත හැක්කේ එකම ක්‍රමයක් මගින්ය. ජොගින් කිට් එකේ ෂෝටද ගල් දෙක හිරවෙන මට්ටමේ එකක්ය. ඒ නිසා ඌගේ සැකය තවත් තහවුරු විය හැකිය. ජොගින් ෂූස් දෙක සෑමාගේ ගෞරවය රැක්කේය.

“මල්ලී.. මොකෑ බං මේ සීන් එක.. මාත් මේක අස්සෙ රිංගුව මොකද මේ කියල බලන්න..““

“මෙතනින් හැමදාම යන මම හිතුවෙ අලුත් බුවෙක් වැඩේට සැට් වෙලා කියල..“

“ඒ කිව්වෙ මං ගැනද??“

“නැතුව.. හැමදාම මේ සෙට්එක මේ වෙලාවට මෙතැන ඉන්නවා.. අතටම අරගෙන..“

“අඩේ.. අඩේ.. මම මේ ජොගින් ආපු අහිංසක අසරණ මනුස්සයා.. මාව මේ සැට් එකට දාන්න එපා මල්ලි.. මම වෙනදට හවස එන්නෙ.. අද කික් එකටත් එක්ක උදේ ඇවිත් මේ සීන් එක දැක්කෙ.. මොකැ මේ වෙන්නෙ..“

“අයිය රට ඉදලද ආවෙ..“

“නැහැ අයිසෙ.. තමුසෙට වැඩට යන්න පරක්කු වෙන්නෙ නැද්ද.. අගේ කරන්නෙ නැතුව සීන් එක කියනවකෝ..“

“ඇයි අයියේ.. පට්ට කෑලි සෙට් එකක් බැස්සනේ පාර්ලිමන්ට් එකට.. උන් එනව බලාගෙන මුන් මෙතන ඉදන් *තේ ගහනවා..“

“ඈ යකෝ.. වෙනදට වැලක් බලල කරන වැඩේ නේද මුන් මේ දියවන්නා ගැට්ටෙ තියාගෙන කරන්නෙ..“

“අවුලක් ගන්න එපා අයියා මුන් ටිකව ලඟදිම ගෙදර යවනවා..“

“ඒ කිව්වෙ මුන්ව ලොකප් වත් කරන්නද හදන්නෙ..“

“නැහැ අයියා ලොක්කා මුන්ට ගෙදර ඉදන්ම අහවල් එක තනියම කරගන්න වැඩේ සෙට් කරන්න යන්නෙ..“

“ඒ කිව්වෙ.. මට තේරුනේ නැහැ..“

“මේකනේ අයිය සීන් එක.. ඇහුවෙ නැද්ද නිවුස් වලට පහුගිය ටිකේ කිව්වා.. පාර්ලිමන්ට් සීන් ලයිව් දෙන චැනල් එකක් පටන් ගන්නව කියල..“

“අඩේ ඇත්ත තමයි.. මම ඒ කාලෙ හිතුවෙ පොඩි උන්ට බලන්න බැරි කුනු හබ්බ කියන චැනල් එකක් එයි කියල. මගදි බීප් සද්දෙ දාල,, වැඩේ කරගෙන යයි කියල..“

“ඔය තියෙන්නෙ අයියගෙ කුඩා මොලේ.. අන්න දැන් ටික ටික තේරෙනවා..“

“හරි දැන් එතකොට මට මෙහෙම කියනවා.. ඕක පටන් ගත්ත කියල කෝමද මේ අසහන කාරයෝ ටික ගෙදර යවන්නෙ..“

“ඇයි අයියා.. චැනල් එකේ ලයිව් දෙනකොට මුන් ගෙදර ඉදන් බලාගෙන තමන්ගෙ පාඩුවෙ වැඩේ කර ගනීනේ..“

“මල්ලි එතකොට බීප් සද්දෙ මදිවට කොටු දාන්නත් වෙයි නේද චැනල් එක පුරාවට..“

“අයියා පිස්සු කතා කරනව.. මේක ෆිල්ම් එකක් වගේ නැගල යන්න තමා ලොක්ක මේ කස්ටියට නොමිනේෂන් දුන්නෙ..“

“පිස්සු කොර බං මල්ලි.. අපිටත් නිවාඩු දාල ගෙදර ඉන්න වෙයි චැනල් එක බලන්න..“

“ඒව කියන්න බැහැ අයියා.. ඉස්සර ජින්ජර් ස්ටේජ් එකේ ඇඹරෙද්දි, හිරුණිකා උසාවිය වටේ දුවද්දි, රුවන්ති කොන්ඩෙ කඩාගෙන අඩද්දි, අනර්කලී ගෙ කෝටු කකුල් දකිද්දි, කාගෙවත් අහවල් එක සෙන්ටිමෙන්ටල් වුනේ නැහැ කියන්න පුලුවන්ද??“

“ඇත්ත තමා මල්ලි.. අර පාත්තය කියපු ඇන්ටි වුනත් දැක්කම අපේ උන් කොච්චර කික් එකෙන් හිටියද? මල්ලිට ජීවන් අයියගෙ දෝනිව අමතක වුණා නේද??“

“මට නෙවේ අයියට තමා අමතක වුනේ.. ඔය ඔක්කොටම හරි යන්න සුපිරිම කෑල්ලක් ඉන්නවා.. “

“ඈ මල්ලි මගෙ ලිස්ට් එකට අහු නොවුන ඒ කෑල්ල කවුද??“

“කොටින්ම කිව්වොත් මුන් සැට් එක මේ දියවන්නාවෙන් ඉගිලෙන මාළු දිහා බලන් ඉන්නෙ..“

“ඈ එතකොට මුන් *තේ ගහන්නෙ මාළු දිහා බලාගෙන යකෝ...“

“අයිය හරිම ප්‍රාථමිකයි අයියෝ.. අර තාප්පෙට තියාගෙන වඩාගෙන කෙළින කෑල්ල දැක්කෙ නැද්ද.. ඒකිත් මේක ඇතුලෙ තමා ඉන්නෙ..“

“අඩේ.. ගයේෂා...“

Written by sAm_ශ්‍රී_Perera_10:00pm_21/01/2014

Wednesday, November 13, 2013

චෝගම් - ඩ්‍රීම්.... Dream of CHOGM !!!





සුලං පොඳ වැදීගෙන
නිදහසේ පාවෙන්න
හිතාගෙන අපි උන්න
බර වැඩී මහ පොළව


නමාගෙන ඝණකමට
බෝඩ් ටික කපාගෙන
පොඩි කාලෙ මම හැදුව
බර වැඩී ප්ලේන් එක


මහ පොළව බඳාගෙන
දහඩියම වඟුරගෙන
ලයිට් කණු රූටගෙන
ගැටගැහුව සුළං පෙති


බර වැඩී සිරාවට
රටක බර දරාගෙන
කැරකෙන්න මේ හුළඟ
පොඩි වැඩී හැබෑටම


හිතේ දුක් කන්දරා
නොදැනෙනා තරමටම
හිරවෙලා රූං පෙති
බලාගෙන හිදී අද
නිසොල්මන් වී ගෙනම
කියනවා අද අපිට


තද වැඩී
බර වැඩී
සුළං මඳි
කැරකෙන්ට


ගතේ දහඩිය යන්න
රූං පෙති කැරකෙන්න
සිහිනයක් දකින්නට
දහවල නිදියන්න

කැරකියන් රූං පෙති
ගතේ දහඩිය යන්න

Written by sAm_ශ්‍රී_Perera_8:47am_13/11/13

Monday, October 7, 2013

පැරදුනා මදි... - Hate Victories???




අලි පෙරහැර එන්නා සේ හිදිමි
උන් පාර පුරා දිව යන සුව විදිමි
ගුටි පෙරහැර යනතුරු මා නිදමි
උන් පස්ස නොබල දිව ගිය සුව විදිමී..



ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි...
තනතුරු බදා ඉමී..
හෝ..ඕහ්..ඕ...



පොලු - කොඩි බිම වැටිලා සේ දුටිමි
සිරිකොත ඇතුලේ අලි සේරම රකිමී
නිල් එලි මා රකිනා බව දනිමී
ඒ හන්දා මම ඉවසගෙන සිටිමී...



ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි...
දිනයක ජය ගනිමී.. 
හෝ..ඕහ්..ඕ...



ජනපති සේ වඩිනා හැටි දුටිමි
(කොත) ඇතුලෙන් පන්තේරු නැටුම් නටමි..
අලි රැල මා හැර යන බව දනිමි...
දිවි හිමියෙන් මයියා මා රකිමී...



ඒකට කමක් නැති
මා හට බියක් නැති
මයියා රැක ගනිමී
පක්ෂය වැඩක් නැතී..
හෝ..ඕහ්..ඕ...
හෝ..ඕහ්..ඕ...

Written by sAm_ශ්‍රී_Perera_7:05pm_07/10/13

වර්ථමාන අලි පෙරහැර හා සසැදූවගයි..

Thursday, July 25, 2013

දයා රහස් පරීක්ෂකයෙකි...?? - Mr's. Daya Is a Detective ??



දයා යනු තනියෙක් හඩ නගපු එකාය. ඊයේ හදිසියේ එහා පැත්තට පැන්නේය. පනින තුරුම පනින්නේ නැති බව කීවේය. මෙය හදිසි තීරණයක් වන්නේ එනිසාය. කස්ටිය දයාට බනින එක නම් වැරදිය. මෙතන ඇත්තේ රහසිගත මෙහෙයුමක්ය. නැත්තං දයා අච්චර ගිරිය කඩාගෙන කෑ ගසා එහා පැත්තට යන්නෙ නැතිය. මේ පැත්තේ ඉන්නා තුරු දුමියාගේ, සිට කෘමියා දක්වාම ලොකු කුඩා සැමගේ රෙදි ගැලෙව්වේය. එහෙව් කොල්ලෙක් විපක්ෂයට ද්‍රෝහී නොවන්නේය. මේක පොඩි උඩුකුරුඤ්ඤං ප්ලෑන් එකක්ය. ඒක තේරුනේ සෑමාට පමණක්ය.

මීට වසර ගණනාවක ඈත අතීතයට සෑමාගේ මනස දිව යන්නේ මෙවන් අවස්ථාවකය. ඒ කාලේ චන්ද්‍රිකා කියා නැන්දෙක් සිටියාය. ඇයට ඇගේම කියා සහෝදරයෙක් සිටියේය. ඔහු තම පවුලේ පක්ෂය දමා විපක්ෂයට පැන්නේය. විපක්ෂය සිතුවේ කොල්ලා ආ නිසා පක්ෂය ගොඩ කියාය. එසේම චන්ද්‍රිකා නොහොත් අක්කා ඇනගන්නවා කියාය. ඒත් සිදු වූයේ අනෙකක්ය. කොල්ලා ගොඩ ගියේය. විපක්ෂය ගොඩ නොගියේය. ඒකත් දයාගේ ජාතියේ ප්ලෑනක්ය. අනුර කොල්ලා අක්කා අතැර පැන්නේ අක්කාගේ සතුරන් අතර මිතුරෙක් වන්නටය. විපක්ෂයේ ඒවා අක්කාගේ කනේ තියන්නටය. ඒවාට මල්ලීට අක්කා සැලකුවාය. විපක්ෂයද රැවටී මලයාට සැලකුවේය. කොල්ලා ගොඩ ගියේය. අවසන කිසිම ආතල් එකක් නැතුව රට හැර ගියේය. ආත්මයම අතැර ගියේ මුකුත්ම නැතුවමය.

ඉස්කෝලෙ යන කාලේද කොල්ලෝ කල්ලි ගැසෙන්නෝය. ඉගෙන ගන්න උන් වෙනම, පිස්සු කෙලින උන් වෙනම කල්ලි ගැසෙන්නෝය. ඒ අතර පිස්සු කෙලින උන් ගැන කේලාම් කියන්නේ ඉගෙන ගන්න උන්ය. උන් ගොස් පන්තිභාර ගුරුතුමියගේ සිට ප්‍රින්සිපල් දක්වා කේලාම් කියන්නෝය. එය වාවා ගත නොහැකි පිස්සු කෙලින උන් ප්ලෑන් ගසන්නෝය. එහි සාර්ථකම ක්‍රමය නම් ඩබල් ඒජන්ට් ක්‍රමයය. එනම් පිස්සු කෙලින එකෙක් උන්ගේ කණ්ඩායමෙන් මිදී ඉගෙන ගන්න උන්ගේ පැත්තට යන්නේය. ඒ යන්නේ නිකං නෙමේය. සමාජයටම දැනෙන පෙරලියක් කරමින්ය. එක්කෝ වලියක් දමාගෙන සෙක්ෂන් එකටම පේන්නට මරාගෙන තම කණ්ඩායම අත අරින්නේය. එතකොට ඉගෙන ගන්න උන්ට මෙන්ම බලන් ඉන්න උන්ටද අරූව ෂුවර්ය. ඌ සදහටම තම පිස්සු කෙලින කණ්ඩායම අත්හල බවට පත්‍රක්ෂය. 

ගේම පටන් ගන්නේ එතැන් සිටය. කොල්ලා අරුන්ට ප්ලග් වන්නේය. උන් සමග එකට සිට පිස්සු කෙලින උන් ගැන ඉගෙන ගන්න උන් කේලාම් කියන්නට යද්දී තමා කලින් සිටි කණ්ඩායමට ඔත්තුව දෙන්නේය. එතැන් සිට ඉගෙන ගන්න උන් අතර භේද බින්න ඇති වන්නේය. උන්ගේ කණ්ඩායම අතර සිට කිසිවෙකු ඔත්තු දෙන බවට සැක සිතී එක එක අතර සහයෝගය බිදෙන්නේය. අවංක බව පළුදු වන්නේය. ඉතිං පිස්සු කෙලින උන් ගොඩය. කේලාම් කියන උන්, තමන්ට බාධා කරන උන් විනාශ වන්නෝය. එහා පැත්තට ගිය එකාද සතුටු සිතින් නැවත මේ පැත්තට එන්නේය. එවිට අර කණ්ඩායම බිදී අවසන්ය.

දයාගේ- රනාගේ ප්ලෑනද එයමය. රනා සීතල යුද්ධ කාරයාය. මලින්ද මාමාට දයා ප්ලග් කලේ එලෙසය. දයා වැඩ දමාගෙන ගොස් මලින්දයාට සපෝට් වගේ සිට ඩබල් ගේමක් දෙන්නේය. එවිට මලින්ද මාමා සමග වටේ සිටින සෙට් එක කැඩෙන්නේය. මහ ඇමති සීට් එකට පවා කේස් එන්නේය. කොහෙන්වත් ආ දයාට දෙන එක වැරදිය. අපි එදා ඉදන් මේ පැත්තේය කියමින් උන් කෑ ගසන්නෝය. එවිට දයා යකෝ මම කලින් හිටියෙත් මේ පැත්තේ, නම හදාගන්න තමා ඒ පැත්තට ගියේ කියමින් සද්ද දාන්නේය. වැඩේ එවිට ගොඩය. රනාගේ - දයාගේ ප්ලෑන සාර්ථක වන්නේය. එසේම ඇමති සීට් වලටද ගේම ඇදෙන්නේය. කැබිනට් එකේ සිට මරා ගන්නේ එදාටය. එවිට විපක්ෂය ගොඩය. මලින්ද මාමා තම සෙට් එක භේද බින්න වී තැන තැන සී සීකඩව වී සිටිනු දැක අමන්දා නන්දයට පත් වන්නේය. එවිට විපක්ෂය ගොඩ යන්නේය.

සෑමාට කෑමක් විෂ වෙලා හෝ, අහවල් දෙයක් පෑගිලා කියා හෝ සිතෙන උන් මෙතැන් සිට බිහි වනවා ඇතිය. ඒත් මෙවැනි මැජික් ඇත්ත සමාජයේ වීමට බොහෝ ඉඩ ඇති බව සිතිය නොහැක්කේ මන්දැයි සෑමාටම සිතෙන්නේය. මොකද වෙඩි කාපු උන් කිසාම පැල්ලමක් වත් නැතුව නැවත රටට එන එක විශ්වාස කළ හැක්කක් නොවන්නේය. ගස් බැදපු උන් තමන්ම බැද ගත්තා යැයි කියන එක විශ්වාස කළ හැක්කක් නොවන්නේය. එහෙව් රටක මෙවන් සීන් එකක් විශ්වාස කළ හැක්කක් නොවන්නේ මන්දැයි සෑමා ප්‍රශ්න කරන්නේය.

පලි - මෙවන් සිහින මේ දින වල පෙනෙනවා නම්, මෙවන් දේ මේ කාලයේ සිතෙනවා නම්, ඔබ සිරි ලාංකික ආශ්චර්යට ලගා වී ඇත්තේය. එය විදිය යුතුය.

Tuesday, July 23, 2013

ලොක්කා අප සනසන්නට ඇවිත් ගියේය...


කන්න දෙයක් නැතිව කෙදිරි ගාන උන් හැම තැනමය. අවුරුදු කන්නට කස්ටිය ඒ.ටී.එම් පෝලිම් වල සිටියෝය. හැම සතේම එළියට ඇද්දෝය. ඒ අස්සේ රත්තරං බඩු උකසට තිබ්බෝය. අනේ දැන් නම් කාලා හමාරය. මහ එකා කුජීතය. කරන්නට දෙයක් නැතිය. ලබන පාර ගෙදර යවනවාය. කියමින් අපේ ගමේ උන්ද සිටියෝය. හැමදාම එහෙමය. හැබැයි මැතිවරණයේදී මහ එකා දිනුම්ය. ඇයි යකෝ විපක්ෂයේ හරි හමන් එකෙක් නැත්තං ඡන්දය නොදා ගෙදර හිටියත් මහ එකා පරාද විය යුතුය. ඒත් ඒකා දිනන්නේය. ඒ තරම් මැජික් එකක් ලොවෙත් නැතිය.

ඒත් ඒක මැජික් එකක් නොවන බව අද අපට හැගුනේය. අපේ ගම පුරා තොරණ් ගැසුණේය. පාරවල් වල තිබු සමහර තඩි වලවල් ගොඩ වූයේය. දෙපැත්තේ වල් වැදී තිබූ පාරවල් ඩෝසර් කොට පලල් වූයේය. මහ නස්පැත්තියක්ය. සතියකින් වැඩේ අහවරය. වෙනදාට හයියෙන් යන උන්ගේ වේගය අඩු කරන්නට තෙල් සංස්ථාව පැත්තේ දමා තිබූ ගැට්ට පවා කැඩුනේය. ඒ ගැට්ට කැඩුනේද මහ එකා එන නිසාය. සතියකින් මහා විපරියාසියක් වූයේ මහ එකා එන නිසාය. එක අතකට පොරව ගෙදර යවන එක වැරදිය. හැමදාම දිනවිය යුතුය. එසේ බලයේ තබාගෙන රටේ අහුමුලුවල පුංචි ගම් අස්සේ රිංගවිය යුතුය. එවිට සතියකින් වලවල් වැසෙන්නේය. ගැට්ට කැඩෙන්නේය. වල් පැල ඉගිල්ලෙන්නේය.

අල්ලපු ගමේ ජල පිරිපහදුවෙන් අපට මෙන්න මුලු කලාපයටම ජලය ලැබෙන්නට පටන් අරන් මාස ගණනාවක් වන්නේය. ඒ කියන්නේ කලින් ඕපන් වී තිබුණේය. අද ලොක්කා හදිසියේ පාරවල් සුද්ද කරමින් ආවේ නැවත ඕපන් කිරීමටය. වෙනදා මහ එකාට අම්මා මුත්තා නැතුව බනින උන් සුදු පිරුවට ඔතාගෙන කන්ද නැග්ගෝය. “අනේ මොනව වුනත් ටැප් එකෙන් එන වතුර ටිකට පාටක් තියෙනවද අයියෝ??“ කියමින් සැට් එක ලොක්කා පිළිගන්නට ගියෝය. වෙනදාට බඩේ ගින්දරේ දගලන උන් පාන්දර වැටුණු වැස්සට, ඉන්පසු ඇතිවුණ කූෂ්ඨක අව්වට ආලයෙන් වෙලෙමින් තනි රැක්කෝය. ලොක්කා සමග පෙමින් වෙලුනෝය. ආදරෙන් බලා සිටියෝය.

පෝය දවසේ භද්දිය හාමුදුරුවෝ සිරස නාලිකාවේ බණක් දෙසුවෝය. යම් පුද්ගලයෙකු දකින විට පුද්ගලයා ගේ ස්වරූපයෙන් බාහිර පෙනුමෙන් ඔහු පිලිබදව යම්තාක් දුරකට අදහසක් සිත තුල හට ගන්නේය. එය එම පුද්ගලයා සමග කතා බහ කරන්නට පෙර ඇති වන්නක්ය. ඒ අනුව සුදු ඇදගෙන එන අය පිළිබදව මිනිස් සිතේ යහපත් සිතුවිලි එන බව පැහැදිලිය. එසේම කෝට් එකට අපේ සමාජයේද එහෙම යහපත් සිතුවිලි එන්නේය. සක්විතිට අසීමිතව බිලි වූ පිරිස් කෝට් එක ගැන යහපත් හැගීමකින් උන් අයය. සුදු සරම, නැෂනල් කිට් එක, සාටකය අපේ උන්ගේ යහපත් හැගීම් පෙල ගස්වන්නේය. ඉතිං කොනක සිට හුරේ කියන්නේ ඒ පූර්ව ආකල්පය නිසාය. ගමේ උන්ටත් උනේ ඒ ටිකමය. පැත්ත පලාතක ආවේ නැති පළාත් සභා මන්තිරි තුමා ආයෙත් ගමට ආවොත් නෙලනවා කියපු උන් මීයාට පිම්බාක් මෙන් අම්බානක ලව් සික් එකේ සිටියෝය. වේදිකාව බදාගෙන උම්මා දෙන මට්ටමේ පට්ට කික් එකේ සිටියෝය. අනේ අප රජතුමාය. අප ආදරේ නොකළ හොත් ඔහුට ආදරේ කරන්නට වෙන උන් නැතිය. ඉතිං කස්ටිය පෙරමුණ ගත්තෝය.

ප්‍රාදේශීය සභා ඡන්දයට ගොස් පට්ට චාටර් වී උඩුකුරුඤ්ඤං වී සිටි බ්‍රියට්ටිස් අක්කාද අද කන්ද නැග්ගාය. බඩපොත්ත පිට කොන්දේ ඇලී තිබුණද සාරි පොඩිත්තක් දවටාගෙන ඇට මාලය ගැටගසාගෙන ඇය ශාන්තිය සොයා ඇදුණාය. එහෙත් ඇයට හම්බුණ ලොක්කෙක් නැතිය. උස මදි නිසාම කෙලවරක සිට ඇගිලිතුඩු වලින් එසවී ලොක්කාගේ සාටකය දක්වා උඩුකය බලාගෙන ඇය කන්ද බැස්සාය. ගමට පැමිණිය හැකි හැම මාර්ගයකම පාලම් තොරණ් වැදුනද ලොක්කා සුටුස් ගා ඉගිලී ගියේ භක්තියෙන් බලාසිටි එවුන්ට ලගට එන්නට බැරි පරිදිය. පාර දෙපැත්තේ වේලී වේලී සිටි පොලිස් බට්ටන්ට සහ හමුදා භටයන්ට කාරුණික වූයේ අහසේ වලාකුළු පමණක්ය. ඒවා හෝ නොතිබුණා නම් උන් අව්වේය. අපේ ගෙවල් ලග සිටි හමුදා භටයා ටී එකක් බොන්නට තරම් වාසනාවන්ත වුවත් එය බීවේද තිගැස්මෙන්ය. ඒ ඔහුගේ ලොක්කා දැක්කොත් සොරි නිසාය.

ලගදීම ලොක්කා පමණක් නොවේය. සොක්කෝද ගේමට එන්නෝය. ඒ සොක්කන්ට වඩා ලොක්කා හොද බව හිතෙන්නේ උන් දැක්කාමය. පොඩි කෙල්ලන් උස්සන උන්, කසිප්පු පෙරණ උන්, දණ ගස්වන උන්, රට හිනස්සන උන් එක පෙළේ එන්නෝය. මොකා ආවත් කරන්නට ඇත්තේ එක දෙයක්ය. විපක්ෂයේ හරි එකෙක් නැති නිසා යැයි කියමින්, ඡන්දය දී උන්ව ඇතුලට යවන එකය. ඊලගට උන්ට සාප කර කර ලුණු පොල් කට්ටේ උලාගෙන පාන් කන එකය.
Related Posts Plugin for WordPress, Blogger...