අවතැන් වූ වන්ට ඕනෑ දේ.
කොච්චර කළත් හොඳක් අහන්නටම බැරිය. අපේ උන්ට කොච්චර දුන්නත් මදිය. මේ පෝස්ට් එක ලියද්දීද සෑමාගේ නිවස ඉදිරිපිට නවත්වා ඇත්තේ පත ලොරියක්ය. ලොරියක් නොව කන්ටේනර් එකක්ය. දැනට ඉන් තව කුඩා ලොරියකට බඩු බෑවේය. වරක් නොව දැනට දෙවාරයක්ය. තුන්පාරක් අදින්නටද බඩු එහි ඇත්තේය. බෙදන්නේ අවතැන් වූ අයටය. දැන් ඒ අය නැවත නිවෙස් කරා ගොස් අවසන්ය. මේ පැත්තේ නම් අවතැන්ජ වූ අයගේ ජන ජීවිතය යථා තත්වයට හැරිලාය. ඒත් හම්බෙන ඒවා බෙදිය යුතුය. කලින් ලිපියේ කී පරිදි ග්‍රාමසේවිකාව හා පන්සලේ ලොකු හාමුදුරුවන් මැදිහත්ව එකතුවූ භාණ්ඩ ගමේ පාසලේ තියා බෙදා දුන්නේය. කස්ටිය තඩි මලු රැගෙන ගෙදර ගියෝය. අදත් බෙදන්නේය. ඇත්තය. අපෙ උන්ට කොච්චර තිබුණත් මදිය. මා දන්නා වෙනත් පැත්තක නම් එකතු කරගත් බඩු නිසා වසා තිබූ පුංචි කඩයක් නැවත විවෘත වූයේය. ඒක නම් පුංචි කඩයක්ය. ඒ ඇන්ටී එකතු වූ සනීපාරක්ෂක ඒවා පමණක් විකුණා ගොඩ යන්නට හදන්නීය. අවුලක් නැතිය. ඒ ඇයත් ගංවතුරෙන් අසරණ වූ නිසාය.
කෑම බෙදන දවස් වල සමහර පැතිවලට කෑම නොලැබුණු බවට තර්ජන පවා ආවේය. ග්‍රාමසේවක මහත්මිය කාන්තාවක් නිසා අසරණ වූ බොහෝ පුරුෂයන් ඇයට ඇමතුවෝය. බොහෝ ඒවා දුරකථනයෙන්ය. ඒ දිනවල ඇගේ ස්වාමියා ඈ අසලින්ම සිටියේ තමන්ගේ පුද්ගලික රාජකාරි අමතක කරමින් විය යුතුය. එක්කෝ දෙන්නාටම රජයෙන්ප ඩි දෙකක් දිය යුතුය. නැතිනම් ඔහු තම රස්සාවෙන් ඉවත්ව ඇය සමඟ එක්ව සහයෝගය දිය යුතුය. ඒත් ඔවුන්ද ජීවත් විය යුතුය.
දිනක් ග්‍රාමසේවිකාවට ආ ඇමතුමකින් කීවේ ඇයට එහි පැමිණෙන ලෙසය. එතැන ඇගේ ස්වාමියාද සිටියේය. එහා පැත්තෙන් කතා කළ පුද්ගලයාගේ දරුණු බව නිසාම ඇය ලවුඩ්ස් පීකර් දැම්මේ වටේ සිටින අයට ගමේ උන්ගේ තරම කියා දීමට විය යුතුය.
“කෝ නෝනා කෙහෙද ඉන්නෙ..“
“මම අහවල් තැන ඉන්නෙ මොකක්ද ප්‍රශ්නේ..“
“ඔතන ඉදල හරියනවද ඔයා ඉන්න ඕනෙ මෙතන නේ.. අපි මෙහෙ කරගන්න දෙයක් නැතුව ඉන්නේ..“
“අපි දැනටමත් හැමතැනම කෑම බෙදල තියෙන්නේ.. ඔයාට තියෙන්නෙ කෑම ප්‍රශ්නයක්ද??“
“හරි හරි.. ප්‍රශ්නෙ මොකක්ද බලන්න ඔයා මෙහාට එන්න කෝ..“
“ප්‍රශ්නෙ කියන්නෙ නැතුව කොහොමද මං විසදුමක් දෙන්නෙ.. අනික ඔතනට මං නිකං ඇවිල්ල හරියනව ඈ..“
“නෝනා කියන දේ අහල එනවද මේ පැත්තට.. අපිට තියෙන ප්‍රශ්න කියන්න ඔයා මෙහෙට එන්න එපෑ..“
හරි මඟුලක්ය. ප්‍රශ්නයක් නැත, ඒත් ඇය එහි යා යුතුය. සියල්ලට ඇසුනු ටෙලිෆෝන් සංවාදය අවසන එතැන සිටි සිරා ඩෑල් එකක් විසඳුම කිව්වේය.
“ග්‍රාමසේවක නෝනා මෙහෙම කරල හරි යන්නෑ. කතාකරපු මිනිහට තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක්. ඔයා ඔයාගෙ මහත්තයව මෙතන තියලා කරුවල වැටුනාම ඒ පැත්තට යන්න...“
********
අතුරුදහන් වීම.
ගංවතුර මුල් දින දෙකම පට්ට ආතල්ය. ඒ ගංවතුර ආතල් කිව්වාම මල පනිනවාය. ඒත් කරන්නට දෙයක් නැතිය. ආතල් නම් ආතල් බව කිව යුතුය. මන්ද මුල් දින දෙක කිසිවෙකු මෙහි දරුණු බව නොසිතු නිසාය. අනික වෙනදාට ගංවතුරක් එනතුරු ආතල් ගන්නට බලං ඉන්න කොල්ලෝ කුරුට්ටෝද මේ පාර මුල් දින දෙක පමණක් ආතල් ගත්තෝය. පසුව ව්‍යසනයේ තත්තව තේරුම් ගොස් උන්ද ඇල්මැරුණු ස්භාවයකින් කල් ගෙව්වෝය.
අපේ උන් සමාජ සත්කාර කරන තැනටද ලෑන්ඩ් කළේ ගමේ ඩෑල් එකක්ය. පොරද ආතල්ය. බෝතල් කොහේ හෝ නම් පොර එතැනය. අපේ තැන බෝතල් නැති නිසා ඩෑල් එක එතැනින් පිටත් වූයේ ආපසු එන බව කියමින්ය. කෙසේ හෝ කතාව දිගට ගෙනයාමට පොරට නමක් දැමිය යුතුය. මෙතැන සිට පොර නිව්ටන්ය. නිව්ටා අපෙන් සමුගෙන ගොස් සවස් බාගයේ ඔරුවක වාඩි වී සිටිනු සෑමා දුටුවේය. ඒ ගංවතුර තිබුණු කලාපයේය. ඒ වන විටත් නිව්ටා අඩියක් ගසා ඇති බව තේරුම් ගන්නට සැමට හැකි වූයේ ඔරුව පදින උන්ගේ අවවාද මායිමකට නොගෙන හැසිරුණු නිසාය. බේබද්දෙකු නොවුනත් බොන්නට ඇතිනම් සියළු වගකීම් පැහැර හරින මට්ටමකට සිටි හෙයින් පොරට ඔපිසියෙනුත් බීම සම්බන්ධ කතා කිහිපයක් පටබැඳී තිබුණේය.
ගෙදරට බෑව මඤ්ඤොක්කා ප්‍රමාණය අධික නිසා මහ රෑ වනතුරුත් අස්පස් කිරීම් ආදි වැඩ නිමව නොතිබුණේය. එහෙත් පාර්සල් ගසා බෙදා දීමට පිරිස් පිටව තිබුණු නිසා වැඩේ සාර්ථක බව කිව යුතුය. රාත්‍රී 10 පසුවන විට ආරංචිය ආවේ නිව්ටා මිසින් වූ බවක්ය. ඒ නිසාම ගෙදර උදවිය බුද්ධික අයියාගේ කමියුනිකේෂන් එකට ඇන්ටර් වී ඇත්තේ නිව්ටා ගැන සොයන්නටය. නිව්ටා කෑම හදන තැන සිටි බව බුද්ධික අයියා කියා තිබු නිසා පිරිස ආවේ අපි වැඩ කළ තැනටය. අප අතරින් දහවල සමුගෙන ඩෑල් එක අවසන් වරට කොටු සරමක් ගසාගෙන ඔරුවක නැගි සිටි බව ඇසු ගෙදර උන් විස්සෝප වූවෝය. පොරව ඒ වන විටත් අතුරුදහන් වූවන්ගේ ලිස්ට් එකට දමා හමාරය. ෆෝන් එකද වැඩ නැතිය. ඒ අස්සේ වෝටර් වර්ල්ඩ් එකේ වැඩ කරන කොලුවෙක් පාරුවක ගොස් ටැංකි වසන්නට ගොස් වතුරට වැටී මිය ගිය පුවතක්ද ගම හොල්ලමින් තිබුණේය. ඉතිං නිව්ටා අතුරුදහන් වූ ලිස්ට් එකට දැමීම අසාධාරණ නොවන බව බොහෝ අය සිතුවෝය. රෑ වෙනතුරුම නිව්ටා ගැන තොරතුරක් නැතුව ගෙදර උන් නිව්ටා සොයන වැඩේ අතැර දමන්නට ඇතිය.
පසුදින පාන්දරම අපට නිව්ටා මුණ ගැසුණේය. පොර සිටියේ ගෙදර යන ගමන්ය.
“කොහෙද හිටියේ.. අන්න ගෙදර අය ආව හොයාගෙන.“
“ඔව් මල්ලී මම මේ ගෙදර යන ගමන්..“
“ගෙදර මිනිස්සු බය වෙලා. හිතල තියෙන්නෙ වතුරෙ ගිහින් කියලා..“
“වතුරේ තමයි මල්ලි ගියේ..“
“වතුරේ ගහගෙන ගිහින් කියල හිතල තියෙන්නේ... කොයිද ඉතිං හිටියේ??“
“මම පීටර්ලෑ ගෙදර සෙට් වුණා බං. ඔරුවේ ගිහින් කෙලින්ම ලෑන්ඩ් කලේ එහෙ. උඩ තට්ටුවේ තියාගෙන ගැහුවා..“
“අඩේ එහෙ යට තට්ටුවත් යට වෙලා නේද?“
“ඔව්.. පීටා කිව්වා රෑ වෙද්දි වතුර වැඩිවෙයිද දන්නෑ නිව්ටෝ කියලා.. ඉතිං අපි ඇහැරිලා හිටියා වතුර වැඩිවෙයිද බලන්න. නිදි මරන්න බැරි නිසා හීනියට සැට් වුණා..“
“අප්පට බොල, ගෙදර උන් අන්න ඔයාව අතුරුදහන් ලිස්ට් එකටත් දාලා..“
“අම්මට හැමිනෙන්න.. ඕකි බලං ඉන්නෙ මම අතුරුදහන් වෙනකල් තමයි...“

Written_by_sAm_ශ්‍රී_Perera_05/31/16
සෑමා ගංවතුරේ අතුරු කතා තුනක් ලිව්වේය. ඒවා මෙසේය. කියවා නැති නම් මුල සිට කියෙව්වා නම් හොඳය.
1. කුහක කම
2. නොසෑහීම
3. ආතල් කතා.
තව ටිකක් හෙව්වොත් මේ වගේ කතා සීයක් හමාරක් හොයාගන්ඩ පුළුවන් වෙයි සෑමෝ. පොඩි පොතක් ගහන්ඩ තරම් කතා ඇති.
ReplyDeleteහිකිස්.. සිරාවට බං.. නොදන්න කතා හොයා ගන්ඩ වෙයි !
Deleteහැක්.. නිවුට නියම ඩෑල් එකක් තමයි.
ReplyDeleteඔය පීටර් කියුවෙ අපේ පීටර් තිසරණ නෙමෙයි වෙන්නැති නේද?
පීටරුත් ආදේශ නාමයක් බ්‍රෝ !
Deleteඋඔලගේ පැත්තේ උඹවගේ අප්සට් කේස් නේද බං
ReplyDelete//බෝතල් කොහේ හෝ නම් පොර එතැන.// චී මෙහෙම කතා කියනවද? හැක් හැක්!
Delete@Rohan - //බෝතල් කොහේ හෝ නම් පොර එතැන.// චී මෙහෙම කතා කියනවද? හැක් හැක්! මේක මං අටමට නෙවේ බං කිව්වෙ !!
Deleteඔය පරිප්පුවට කලින්... තුන් සැරයක්ම ඔය පරිප්පුව කාපු නිසා, මාගේ යෝජනාවක් අනුව කැළණියේ නිවස විකුණා දැම්මේය. (වැඩිම පාඩුව උනේ මටය.) ඒ හේතුවෙන් දෙමව්පියන් කන කට්ට නැවතුනද.... නෑයෝ සහ හිතවතුන් කට්ට කන විට බලා ඉන්න බැරි හේතුවෙන් ඒ දිනවල නැවතත් උන්නේ කැළණියේය. ආතල් නම් ගොඩකි... රහමෙරෙන්ද අඩුවක් තිබුනේ නම් නැත.. ආධාර ලෙසද ලැබුන බව සතුටෙන් දන්වා සිටිමි.
ReplyDeleteගංවතුරට ඥාති හිතවතුන් නිසා ආයෙම කැළණි යනවා නං ගේ වික්කෙ අපරාදෙනෙ බං.
Deleteමාතා.....හරි ගානකට ආවොත් කැළණි ගඟම විකුනලා දාමු බං
Deleteතොරණ හන්දියට වතුර දැම්මෙ නැහැනේ බං?
Deleteඅරුණ - ගංවතුර කාලෙට බං විකුණන්නෝනි. වතුර ගොඩාාායි නේ. වැඩි ගානට දෙන්නෝනි.
තොරණ හංදිට කවදාවත් වතුර දන්නේ නෑ... වරාගොඩ පාරේ බයි ලේන් කීප්යක්ම යට වෙනවා....
Deleteමෙහෙ සල්ලි දීල වතුර බෝතලයක් වත් ගන්නෙ නැති සිංහල පොරක් ගැහුව මට කෝල් එකක්. "ආ මචන් ටික්ක මල්ලී.. ලංකාව ෆුල් ෆක්ඩ් අප් බන් ෆ්ලඩ්ඉන් සීන් එකෙන්. යවමු බන් සල්ලි ටිකක් බන්. දුක් සීන් එකනේ" කියල. අයියේ.. ඔක්කොටම කලින් උබට වෙන වැඩක් නැත්නම් &£@නෙ නැතිව ෆෝන් එක තියහන්. ගන් වතුර ආදාර යවන්න උබ ?? ලංකාවට??..!!
ReplyDeleteපවි යකු.. අරුගේ දාන පාරමිතාවට ඉඩ දීලා නෑනේ මේකා...
Deleteඅහෝ ගංවතුර
ReplyDeleteනිව්ටන් බෝට්ටුවේ හිටපු නිසා උඩ තට්ටුවේ නැවතුනේ. සබ්මැරින් එකක් හම්බවුනා නම් යට තට්ටුවේ ඉඳගෙනම බෝතලේ ගහයි.
ReplyDeleteමල සෙද්දයි !
Deleteගං වතුර ආතල්...
ReplyDeleteසමහරුන්ට ආතල් කුඩු !
Deleteලැබෙන ඒව බෙදන එක තමයි අමාරුම දේ නේ සෑම්.....
ReplyDeleteඒක නම් ඇත්ත.
Deleteආයෙත් ගංවතුරක ලකුණු තියනවාලු තවත් රසකතා හමුවේවි
ReplyDeleteබණ ටෝකින්ස්ද බම්? වතුර දාන්නෑ ආයෙ. පව් අර යටවුන එවුන් !
Deleteසෙට් නොවී නිදි මරන්නේ කොහොමද. යකඩෝ අතුරුදහන් වෙන තරමටම ඌ ගහලා අපරාදේ කියන්න බෑ.
ReplyDeleteමර්ලින් වගේ :)
Deleteහැමදාම ගංවතුර ගලන අපේ පැති වල මේ පාර යට උනේ නැහැ, හැබැයි ඔන්න ගිය සතියේ එහෙ ගංවතුර ගලලා කියල ආරංචි උනා...
ReplyDeleteරෝමේ ගිණි ගද්දි නීරෝ විණාව ගැහුවා නම් ඕක මොකක් බං.
ReplyDeleteගං වතුර ආතල් කතා ඒ දවස්වල කිව්වා නං ගුටිත් කනවා. දැන් වතුර බැහැල නිසා ගානක් නෑ. ඒක නෙවෙයි, වෝටර් වර්ල්ඩ් එක යට උනාම හෙන අවුල්නෙ බං. මාලු පැනලා ගිහින්ද?
ReplyDeleteටැංකි වල මාලු පැන්නෙ නැහැ බං. පොන්ඩ් වල හිටපු උන් පැනලා ගමේ උන් ඇල්ලුවා. දැක්ක හින්ද කියන්නෙ ඈ..
Deleteනියමයි :)
ReplyDeletehttp://kalanamithu.blogspot.com/