සර්ලා කිව්වේ ඇත්තය. ටීචර්ලා කිව්වේ ඇත්තය. එදා අපි සිටියේ ඔවුන් ගැන වෛරයෙන්ය. එහෙත් ඔවුන් අප ගැන දැක ඇති අනාගතය සත්‍යය. අප ගැන දැක්වූ අනාවැකි වඩාත්ම සත්‍යය. දැන් කළ යුත්තේ එදා තරහින් සිටියා වෙනුවට, අප කෙරෙහි දැක්වූ නිවැරදි ආකල්ප පිළිබඳව ඔවුනට ස්තුති කිරීම පමණක්ය. සර්ලා, ටීචර්ලාට පමණක් නොව ගමේ සිටිනා, සිටියා වූ, ඇන්ටිලාට, අංකල්ලාට වුවද මේ ලිපියෙන්ම ස්තුති කළාට පව් නැතිය. උන් එදා සිට අප කෙරෙහි දක්වා ඇත්තේ නිවැරදි ආකල්පයක් බව මොනවට පසක් වන්නේ දැන්ය. ඉතිං නැවතත් ස්තුතියි ඔබ සියලු දෙනාටම.
එදා පාසල් දිනයක්ය. පාසල නම් පටන් ගත්තේ හතටය. හතට පසු එන උන්ට උරුම වන්නේ ගුටි කන්නටය. නැතිනම් සුළු මොහොතක ශ්‍රමදාන ක්‍රියාවලියකට යටත් වන්නටය. ගුටි කන එක හොඳය. ගුට්ට කා පන්තියට එන්නට පමණක් සිදුවන්නේය. නමුත් ශ්‍රමදාන සීන් එක විලි ලැජ්ජා සහගතය. තණකොළ, ගලවන්නට, කානු සුද්ධ කරන්නට ලැබෙන කට්ට ගුට්ටට වඩා ලැජ්ජා සහගතය. අපේ උන් එනිසාම ගුටියට ප්‍රිය කළෝය. හතට පටන් ගන්නා පාසලට හතේ සිට අට දක්වා එන උන් කරන්නේ මහා වරක්ය. ඒ නිසා උන් උක්ත තාඩන පීඩන වලට ලක් වන්නෝය. ඒ බව දත් අපේ උන් බහුතරය කරන්නේ හතට එන්නම බැරි නම් අට පසුවී පාසලට පැමිණීමය. එය සම්පූර්ණ නිදහස් ක්‍රියාවලියක්ය. ප්‍රින්සිපල් කාර්ය බහුල මොහොතේ, ගුරුවරු පන්ති වලට දුවන මොහොතේ ගේට්ටුවෙන් නිදහසේ ඒමට ඇති අවස්ථාව නම් අට පසු වී පාසලට ඇතුළු වීමය.
තත්වය එසේ තිබියදී, අප සියළු දෙන පන්තියේ සිටියදී, අපේ එකෙක් පාසලට ප්‍රමාද වී ඇත්තේය. ඒ බව අපි දැන ගත්තේ ඉහළ මාලයේ ඇති අපේ පන්තියට සමීපව පිහිටි තාප්පය නිසාය. එතැනින්, එහා වත්තේ සිට බඩ ගා හෝ පාසල් වත්තට ඇතුලු විය හැකිය. ඒ එන ගමන දුෂ්කර නැත, චාටර් වන්නේ අපේ පන්ති භාර සර්ට පෙනුනොත් පමණක්ය. එහෙව් ප්‍රසිද්ධ රහස් මාර්ගයෙන් පන්තියට එමින් සිටි අපේ මිත්‍රයා පන්ති භාර සර්ට අසු වූයේ ඒ මොහොතේ අපේ පන්තියේ සිටි හැම එකාම තාප්පය දෙස බලා මහ හඩින් සිනාසුන නිසාය. ඔහු අමතා, සර් කිව්වේ පරිස්සමෙන් පන්තියට වරෙන් කියාය. කිසිම දඩුවමක් නොකළ හෙතෙම තව දුරටත් කියා සිටියේ ඔහොම පමා වෙන උන්ට කැම්පස් නම් යන්න බැහැ කියාය.
ඒ එක් අනාවැකියක් පමණක්ය. එදා ඌ ඇතුළු අපේ උන් හැම එකාම සර් සමඟ තිබුණේ ඔරොප්පුවක්ය. තවත් වෙසක් සමයක කූඩුව වැල්ඩින් කර ගන්නට ගිය අපේ පන්තියේ සිටි නොහඳුනා ගත් හොරෙක් කම්මලේ අයියාගේ ෆෝන් එක ඌ සන්තක කරගෙන තිබුණේය. පන්තිභාර සර්ගේ ඇඟිල්ල දික් වූයේ නියම හොරාට නොව අපේ සමීපතම මිතුරෙක්ටය. සර් නම් කැම්පස් බුවෙක්ය. ඒ නිසා බොහෝ සෙයින් උගත්ය. දැනුම හා අත්දැකීම් පදනම් කොටගෙන නිවැරදි කොල්ලෙක්ට කෙලින්ම අත දික් කළේය. එදාද ඔහු කිව්වේ තොපිට කැම්පස් යන්න බැහැ කියාය. ඇත්තය. අපි කැම්පස් ගියේ නැතිය. කැම්පස් ගිය සර් තුමා අත දිගු කළ මිත්‍රයා නිදොස් වෙද්දී, පෙරදී කැම්පස් යාවි යැයි සර් විසින්ම ලේබල් ගසා තිබූ අයෙක් ඇත්තම ෆෝන් හොරා වූයේය. ඉතිං එදාද අපි සර් සමඟ ඔරොප්පු වුණේ අපිට කැම්පස් යා නොහැකි යැයි සර් කියු නිසාය.
වරෙක අපේ පන්තියේ ගුරුවරයෙක් නැති මොහොතක අපේ උන් ආතල් ගත්තෝය. ආතල් ඩබල් වී සද්දය වැඩි වෙද්දී අපේ සෙක්ෂන් භාර සර්තුමා තොපි කෑගසනවා වැඩියි, යැයි කියමින් අපිව පලවා හැරියේ පාසල් පුස්තකාලයටය. එහි කාලය ගත කොට පන්තිය බලා නැවත පැමිණෙද්දී එම සර්ම අපිව අල්ලා ගත්තේය. තමුසෙලා මොකැ මෙතැන කරන්නේ යැයි ඇසු සර් දිගටම කිව්වේ මෙහෙම රස්තියාදුවේ යන උන් කැම්පස් යන්නේ නැති බවය. ඇයි සර්නේ අපිව ලයිබ්‍රියට එව්වේ යැයි කියු විට සර් අපිව පන්තියටම දැක්කුවේය. එදා සෙක්ෂන් හෙඩ් සමඟද අපි අමනාප නොවූවා නොවේය.
ඉහත සියළු සිද්ධීන් කතන්දර බවට පෙරලා රසවත්ව සෑමා බ්ලොගේ ලියා ඇත්තේය. උක්ත සිද්ධීන් වලින් එකල ගුරුවරු අප ගැන නියම කෝණයකින් බලා ඇති බව සෑමාට වැටහුණේ කැළණි සරසවි සිද්ධියෙන් පසුවය. පාසලේදී කොච්චර ආතල් දැම්මත් ඒවා කැම්පස් වල මට්ටමට බරපතල් නැති බව ගුරුවරු ඒ දවස් වලදීම අපහට කියා දී ඇත්තේය. එදා අපි කරපු කියපු කුප්ප වැඩ කැම්පස් යන අයගේ මට්ටමට නැති බව සර්ලා නොකියා කියා ඇතතේය. මෙතුවක් උබලා කැම්පස් නොයනවා යැයි කියූ අයට ආශිර්වාද කොට, එදා ඔවුන් කියූ වචන පේලිය අපට සාපයක් නොවූ බව අටපාස්, ඕලෙවල් පාස් සහ ඒලෙවල් පාස් වී කැම්පස් නොගිය ජනතාව තේරුම් ගත යුත්තේය.
Written_by_sAm_ශ්‍රී_Perera_8:25am_10/05/16
එකෙම්ම...!
ReplyDeleteනවක වදය කියන්නේ විස්ස විජ්ජලේ උප සඟිස්කුරුතියක්...
ReplyDeleteඉතින් ඒක විවේච්නය කරන්න කිසිවෙකුට අයිතියක් නෑ...
කොටින්ම ඒකට නොගිය එකෙකුට කොහොමවත් බෑ.... :)
විවේචනය විශ්ලේශනය අරක මේක ඕනෙ නෑ. හිංසාව ක්‍රිමිනල් වැඩක්. එච්චරයි
Deleteඅට පහු වෙලා ඉස්කෝලේ එන වැඩේ මරු.. මාත් ඒක තමයි අනුගමනය කරපුපිළිවෙත..
ReplyDeleteඋඹලට කැම්පස් යන්න බෑ බොල.
ReplyDeleteඅපිටත් එහෙම තමයි. හැක්..
අපිට කැම්පස් තහනං බොලං..
ReplyDeleteහැක්... සර් හරි... අපිට එත්තර දස්සකමක් නෑ අපි තාම හිච්චි කොල්ලො
හැක්
යකො ඔහොම සිද්දියක් දන්නවා නම් කැම්පස් යන්න බලන් හරී මීටත් වඩා කුප්ප වැඩ කරන්න තිබ්බා...
ReplyDeleteඔය පරක්කු වෙලා ඉස්කෝලෙ එන්න රෙජිස්ටර් වෙච්චි එකෙක් හිටියා අපෙ. ඌ පරක්කු වෙලා එන දවසට කලින් දවසෙ අපිට කියලා යන්නෙ " ඒ මම හෙට ෂෝර්ට් ලීව්... උඹලා පරිස්සමෙන් හිටපල්ලා" කියලයි.. සතියට දවස් තුනක් වත් ඌ පරක්කු වෙලා නාවොත් අපි ඒ දවස් වල හිතුවෙ ඌ අසනීපෙන් කියලයි. :D :D
මගෙත් 8 පහුවෙලා එන සිරිත තමා අකුරටම තිබ්බෙ...උප සන්ස්කෘතියෙ නෙමෙ මොන සන්ස්කෘතියෙ උනත් හින්සාව හින්සාවම තමයි..එකට වෙන නිර්වචන නැ
ReplyDeleteමගෙත් 8 පහුවෙලා එන සිරිත තමා අකුරටම තිබ්බෙ...උප සන්ස්කෘතියෙ නෙමෙ මොන සන්ස්කෘතියෙ උනත් හින්සාව හින්සාවම තමයි..එකට වෙන නිර්වචන නැ
ReplyDeleteකැම්පස් කියන්නේ මොකද්ද මල්ලි????
ReplyDeleteමෙය කණ්ඩායම් හතරකට වෙන් කල හැක
ReplyDelete1. කැම්පස් යනවා යයි අනාවැකි පල වී කැම්පස් යන අය
2. කැම්පස් යනවා යයි අනාවැකි පල වී කැම්පස් නොයන අය
3. කැම්පස් නොයනවා යයි අනාවැකි පල වී කැම්පස් යන අය
4. කැම්පස් නොයනවා යයි අනාවැකි පල වී කැම්පස් නොයන අය
//තණකොළ, ගලවන්නට, කානු සුද්ධ කරන්නට ලැබෙන කට්ට ගුට්ටට වඩා ලැජ්ජා සහගතය// අපිටත් තිබ්බෙ මේක. බාලිකා පාසලක් නිසා ගුටි නෑනෙ. අනේ අපිනං රටේම වල් පල් කියව කියව, ගවුම පොඩි නොවෙන්න අමුතු විදියට වාඩිවෙලා, එක අතකින් (අනික් අතේ ලෙන්සුව නිසා ඒකෙන් වැඩ බෑ) තණකොළ ගහක් දෙකක් හිමින් හිමින් ගලවල, යන්න කිව්වම පන්තියට යනව සෑම්. නෝන්ඩිය වහගන්නෙ බිම බලන් ඉඳල.
ReplyDeleteඅපේ පන්තිභාර ගුරුතුමී කිව්ව දවසක් මාරු කතාවක් ඒ ලෙවල් කාලෙදි.මොකක් හෝ මගෝඩි වැඩක් කරලා මාට්ටු වෙලා. "සමීර, රණසිංහ , නයනජිත් , ඔය ළමයි හිත හොඳ ළමයි කියල මම දන්නවා. ඉස්කෝලෙන් අයින් උනාම මට කරදරයක් උනොත් පාරෙදි, වාහනේ කැඩිල මග හිටලා තිබ්බොත් අනිත් ළමයි අහක බලාගෙන යයි. හැබැයි මම දන්නවා ඔයාල වගේ ළමයි කවදාවත් අහක බලන් යන්නේ නෑ. ඒ නිසා මම කියන්නෙ ඉගෙන ගනිල්ලා ළමයිනේ"
ReplyDeleteහැමවෙලේම කට කැඩිච්ච ටෝක් දෙන සමීරය " මිස් ඒ කියන්නෙ අපි පාරෙ නිකං රස්තියාදු ගගහ ඉන්නව අනිත් උන් පාරෙ වාහන වල යද්දී. මිස්ගේ කාර් එක කැඩුනම අපි තල්ලු කරන්න එනවා කියන එකද?"
" තමුසෙලා හදන්න බෑ කවදාවත්. යනව පන්තියෙන් එලියට"
ස්කෝලේ හයියෙන් හූ කිව්වොත් ඇහෙන දුරක තිබිලත් හැමදාම වගේ ගියේ ස්කෝලේ පටන් ගත්තායින් පස්සේ වගේ මතක.අපරාදේ දවල් දොළහට විතර ස්කෝලෙට ගියා නම් කැම්පස් ගිහින් විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ ආතල් රැග් එකත් කාලා ආණ්ඩුවෙන් ජොබ් ඉල්ල ඉල්ලා ආතල් එකේ ඉන්න තිබ්බා අප්පා.
ReplyDeleteඑහෙම වර්ග ගොඩක් නෑ බං සෑමෝ. වර්ග දෙකයි. එක්කෝ කැම්පස් යන සහ ගිය උන්. අනිත් උන් අට පාස් හෝ අටවත් පාස් නැති උං. මම හිතුවේ උඹ මේ වෙනකොට ඒක තේරුම් අරං ඇති කියලා කැම්පස් යන්න බැරිවුනාට.
ReplyDeleteඒ වගේ ගුරුවරු දැන් බොහොම හිගයි සෑමෝ. ඒ මිනිස්සු අර තුන් කල් දකින අය.
ReplyDeleteමමත් ඔය හැමදාම පරක්කු වෙලා ඉස්කෝලෙ ගියපු එක්කෙනෙක් තමයි.. මිස් අහනවා කා ගැන හීන බලලද ඔච්චර පරක්කු වෙලා නැගිටින්නෙ කියල!
ReplyDelete