ලැපේ එළිය සාලෙට අරගෙන එනවා
තියා මේසෙ, පුටුවේ මම සැනසෙනවා
බ්ලොගක් ලියපු අතැගිලි මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
තියා මේසෙ, පුටුවේ මම සැනසෙනවා
බ්ලොගක් ලියපු අතැගිලි මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
හිතේ දුකට හිට්ස් සුළඟට වැනි වැනියෝ
පෝස්ට් තොගය රැල්ලට සිඳි සිඳීයෝ
සයිබර් උලෙල සතුටින් පැසි පැසීයෝ
යන්න බැරිව විඳිනා දුක දෙවිඳුට පෙනි පෙනීයෝ
පෝස්ට් තොගය රැල්ලට සිඳි සිඳීයෝ
සයිබර් උලෙල සතුටින් පැසි පැසීයෝ
යන්න බැරිව විඳිනා දුක දෙවිඳුට පෙනි පෙනීයෝ
මලේ මලේ සිහින උලෙල බලා වරෙන්
සරම කැඩෙයි යට ෂෝටක් ගසා වරෙන්
පිටිය පුරා කෑලි බසී පරිස්සමෙන්
හාදු නොදී එන බස් එකෙ නැගී වරෙන්
සරම කැඩෙයි යට ෂෝටක් ගසා වරෙන්
පිටිය පුරා කෑලි බසී පරිස්සමෙන්
හාදු නොදී එන බස් එකෙ නැගී වරෙන්
කුරේ පිටියෙ වට ගහලා අන්න රැගුම්
සෑම් පුතා දැන් බැඳලා, බැහැනෙ කෙලුම්
බ්ලොගේ ළියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවයි සයිබර් කෙතේ නෙලුම්
සෑම් පුතා දැන් බැඳලා, බැහැනෙ කෙලුම්
බ්ලොගේ ළියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවයි සයිබර් කෙතේ නෙලුම්
බ්ලොග් නෙලනා වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන ටැබ්, ලැප් හෙම විසි කරපල්ලා
ඉනේ තියෙන ෆෝන් කට්ට අතට ගනිල්ලා
සුභ මොහොතින් සැප ගන්නට කුරේ වරෙල්ලා
අතේ තියෙන ටැබ්, ලැප් හෙම විසි කරපල්ලා
ඉනේ තියෙන ෆෝන් කට්ට අතට ගනිල්ලා
සුභ මොහොතින් සැප ගන්නට කුරේ වරෙල්ලා
ඉන්නේ මහ දුරයි කැළණියෙ ඇඳක් යට
කන්නේ කටු තමයි නිවසේ වෙසෙනා කලට
බොන්නේ සැර දියයි දුක මැකෙනා ලෙසට
යන්නේ කවදාද සයිබරේ විඳින්නට
කන්නේ කටු තමයි නිවසේ වෙසෙනා කලට
බොන්නේ සැර දියයි දුක මැකෙනා ලෙසට
යන්නේ කවදාද සයිබරේ විඳින්නට
ලබන පාර හමු වෙන්නට සිතා ගෙනේ
සමන් දෙවිඳු පුද පඬුරක් බැඳා ගෙනේ
සංවිධාන කරනා අත් සවිය ගෙනේ
යලිත් යලිත් ලැබ ශක්තිය සතුට ලැබේ
සමන් දෙවිඳු පුද පඬුරක් බැඳා ගෙනේ
සංවිධාන කරනා අත් සවිය ගෙනේ
යලිත් යලිත් ලැබ ශක්තිය සතුට ලැබේ
යලිත් යලිත් පෙර පින් පල දී ඇත්නම්
පවුල අපේ බර බර හෙම නොම දේ නම්
මතු වැරදිත්, පෙර වැරදිත් අමතක නම්
ලබන පාර සයිබරේට මා එන්නම්
sAm_ශ්‍රී_Perera_8:25am_01/05/16
ඔය තියෙන්නෙ ගිනි වගේ කවි පංතිය
ReplyDeleteපිච්චෙයි පුතේ !!
Deleteමාත් යන්න උන්නේ. ඒත් එකෙක්වත් සෙට් උනේ නෑනේ. තනියෙන් ගිහින් ගුටි කන්නය.
ReplyDeleteගුටි ?? තාම පහර දීම් ද බං?
Deleteමාත් මොහොතකට හෝ එන සීං එකේ හිටියේ.. ඒත සොරි වුනා
I was travelling all the day. Missed it.
ReplyDeleteLetz neet at next cyber fest :D
Delete//සෑම් පුතා දැන් බැඳලා, බැහැනෙ කෙලුම්// හැක්... හැක්...
ReplyDeleteමාත් ගියෙ නෑ ඕං.
මේක දැක්කම මට අහන්න හිතුණෙ, බ්ලොග් වලින් හමුවෙලා කපල් වෙච්ච කපල් එහෙම අපි අතර ඉන්නවද කියල.
DeletePrasa - නොබැද ඉන්න උබ ගියෙත් නෑ ද ? :D
Deleteඉයන් - මොකෑ නැත්තෙ, සමහරු බ්ලොග් අතෑරලා බුකියට යනවා, බැදපු උන් පවා ඉන්නව මචං :)
බොටත් හොයල දෙන්නද ?
මරේ මරු
ReplyDeleteතුති !
Deleteයකෝ තොට ජන කවිත් පුලුවන්නෙ
ReplyDeleteවිජාතික ඒවත් පුලුවන් ඩෝ.. ;)
Deleteහැක්, සෑම් අයියා, මටත් යන්න උනේ නැහැ. කවි ටික නම් පට්ට. මෙහෙම හරි ලියවෙනවා නම් මොකද?
ReplyDeleteබොග දැමීම හා අනෙකුත් කටයුතු සඳහා කාලය සොයා ගැනීම පිලිබඳ ගැටලුවක් නේ. :(
Deleteසොමියා උබ එදා දාපු කෝචෝක් එක නිසා, එදා ඉදන් මම දිගට ලිව්වා :P
Deleteඇත්තටම බොක්කෙ දුකෙන් ලියලා තියෙන්නේ ...ඒකයි මෙච්චර රහ.
ReplyDeleteබලපං මගෙ දුක උබලට රසක් :(
Deleteබොහොම අගේ නිර්මාණයක්..මම හිතාගෙන හිටියේ උඹ පැයකට හරි ඇවිත් යයි කියලා. පස්සේ මතක් වුණේ දැන් ඉතින් දරු මල්ලෝ ඉන්න තාත්තලා නේද කියලා
ReplyDeleteකොලුවට අවුරුද්ද ක් වෙන නිසා පාටියකට සැට් වෙනවා බං. ඒකයි.
Deleteපොඩ්ඩක් හරි ඔලුව දාලා යන්න හිටියෙ, බැරි උනා බං.. ජය... !!
උබ ගියෙත් නැද්ද බන්.. අනේ මන්දා දැක්ක ෆොටෝ කැලි වල දන්නා උන්ට වඩා නොදන්නා උන් වැඩි වගේ.... බොග නොදැමිමේ පාඩුව තමා. අපිව ඉතින් ඔය ලොකු මිනිස්සු ගනන් ගන්න එකක් නැහැ ඉතින්
ReplyDeleteකවි කියල බේරෙන්න නේද... ඔහෙ හිටූ.... හැක්!
ReplyDeleteපට්ට කවි ටික සෑම් අයියා...
නියම කවි ටික හැබැයි! ලබන අවුරුද්දෙවත් යන්න බලන්න ඕනෙ ඉතින්..
ReplyDeleteබලනකොට සෑහෙන පිරිසක් ගිහින් නෑනේ. මටත් යන්න බැරිවුනා.
ReplyDeleteමටත් යන්න බැරිවුනා සැමාට කරං දැනෙන විදිහට කියන්න තේරුමකුත් නෑ
ReplyDeleteදැන් ඉතිං එහෙම බෑනේ පවුල් වෙලා සෑම්
ReplyDeleteදුක තමයි නේද?
ReplyDeleteහුඟක් අයට යන්න බැරි වෙලානෙ.
ReplyDeleteකෙලින්ම කියන එක තමා වටින්නේ.. ජය වේවා බැඳ(ද)පු සෑම්ට.. හැක්
ReplyDeletePAU ANE SAM..
ReplyDeleteලිස්සන ගහ ගාව ගැටගහපු බනිස්
ReplyDeleteතවමත් තියේ සෑමා නොමැති සොවින්
ගියපු අයට වඩා නොගියපු අය වැඩිද මංද
ReplyDeleteකවි ටික රහයි සෑමො