මෙය හුදෙක් අසමජ්ජාති කතාවක් නෙවේ. කට්ටියට සෑමාගේ ටිකිරි මොලෙන් වැඩක් ගන්න කියලා දෙන්න හදන්නේ. අතගාලා හොද කරන්න බැරි ලෙඩ වුනත් හොලවලා කනේ තියා ගත්තම හොද කරන්න පුලුවන් කියල මෑත භාගයේ කරපු සමීක්ෂණයකින් සෑමා හොයාගත්තා. මතකද රුපියල් දෙකක් වියදම් කරල තමන්ගෙ නැති වුණ ෆෝන් එක හොයා ගන්න හැටි සෑමා කියල දුන්න. (මෙතැනින් බලන්න) ඒ වගෙම මේ උප්පර වැට්ටියත් අත් දුටුයි ප්‍රතකෂ්‍යයි.
මෑත භාගයේදී සෑමාගේ දුරකථනයේ චාජරයට හක්ක පටස් වූයේය. ඉන් පසුව චාජරයක් ගන්න ගියා සෑමාට ලිබර්ටියේදී ඔරිජිනල් කියා 1800/-ක් වටින් චාජරයක් දික් කළේ ෆෝන් කම්පැනියේම බලයලත් අලෙවි නියෝජත කෙල්ලෙකි. ඇයට හසු නොවූ සෑමා එය ප්‍රතික්ෂේප කොට ඒ අසලම තවත් ෆොන් ෂොප් එකකින් බාල වර්ගයේ චාජරයක් මිලට ගෙන ගෙදර ආවේය. එය එතැනිදී චෙක් කළ විට වැඩ කළේය. ගෙදර පැමිණ චාජරය ගැසූ විටද හොදින් වැඩ කළ මුත් චාජරය ගසා තිබියදි කෝල් ගන්නට තියා ෆෝන් එක අන්ලොක් කිරීමට පවා නොහැකි තත්වයක් තිබුනේය. එය ගණනකට නොගත් සෑමා සුපුරුදු පරිදි එම චාජරයෙන්ම ෆෝන් එක චාජ් කලේය. අවසන සෑමාට කෙළ වූයේ ෆෝන් එකේ ටච් එක සමහර ස්ථානවලින් වැඩ නොකිරීම නිසාය.
ඉන්පසු සෑමා තුන් මුනින් දාඩිය දමාගෙන මැසේජ් ටයිප් කරන්නට, කෝල් ගන්නට වූයේ ෆෝන් එක ඒ පැත්තට මේ පැත්තට පෙරලමින්ය. මැසේජ් වලදී යම් තැනක අකුරක් ටච් වෙන්නේ නැතිනම් ෆෝන් එක අනිත් අතට පෙරලා කී බෝඩ් එක ලෑන්ඩ්ස්කේප් ලෙසට පැමිණි විට ටයිප් කිරීම වේදනාකාරී වූයේය. එම තත්වය දරුණු අතට හැරුණේ ස්පේස් බාර් එක ගසන හැම වාරයක් පාසා ෆෝන් එක අනිත් අතට කරකවන්නට වූ දා සිටය. ඉන් පසු තත්වය තවත් දරුණු වූයේ ෆෝන් එක අන්ලොක් කිරීමට පවා නොහැකි වූ දාය. බොහෝ අපහසුවෙන් අන්ලොක් කරන ආකාරය වෙනස් කර ගන්නට සෑමාට හැකි වූයේය.
ඉන් පසුව එලැඹියේ රෝගයේ දරුණුම අවස්ථාවය. ස්ලයිඩ් කරමින් ලැබෙන ඇමතුම් ආන්සර් කිරීමට නොහැකි තත්වයක් සෑමාට උදා වූයේය. එය නම් මිහිපිට ඉන්නා වූ ජංගම දුරකථන භාවිත කරන පුද්ගලයෙකුට උදාවන්නාවූ සෝචනීයම කරදරය වන්නේය. ලැබෙන ඇමතුමක් ආන්සර් කිරීමට නොහැකි වූ විට, අදාල පුද්ගලයා අත්‍යාවශ්‍ය කාරණයකට කතා කලාදැයි දැන ගැනීමට සෑමාටම නැවත වරක් කෝල් කරන්නට සිදු වීම අතිශය සෝචනීයය. දින කිහිපයක් එලෙස ගත කළ සෑමා විකල්පයක් සොයා ගැනීමට සෑමා බුකියේ ස්ටේටස් එකක් දැම්මේ කවුරුන් හෝ උදව් කරාවී යැයි බලාපොරොත්තුවෙනි. එහිදී ලැබුනු විකල්ප ක්‍රම වූයේ හෙඩ් සෙට් එකක් හෝ බ්ලූ ටූත් සැට් එකක් භාවිත කිරීම හෝ ඔටෝ ආන්සර් ඇක්ටිව් කර ගැනීමය. හෙඩ් සෙට් එක නැති වූ නිසාත්, ඔටෝ ආන්සර් මහා කරදරයක් නිසාත් (හේතු අනවශ්‍යය) එවා මග හැරීමට සෑමා පියවර ගත්තේය. එසේම ආන්සරින් මෝඩ් එක පවා වෙනස් කළ නොහැකි තත්වයක් තිබුනේය. එසේ කළ හැකි වූවා නම් ස්ලයිඩ් නොකර ආන්සර් කරන ක්‍රමයකට වෙනස් කර ගත හැකිව තිබිණි. සෑමාගේ බ්ලොග් රසිකයෙක් වන නිශාන්තයා තමන්ට පැවරුණු මහා වගකීමක් ලෙස මීට පිළිතුරු සෙව්වේය.
මේ අතර සෑමා ස්ලයිඩ් නොකර ෆෝන් එක ආන්සර් කරන විදි කල්පනා කලේය. ඒ අතර අලුතෙන් තීම් දමමින් එය වෙනස් වනවා දැයි සෑමා ටෙස්ට් කර බැලුවේය. නමුත් වෙනසක් නැතිය. අවසානේ නියම ඇප් එකක් සෑමාට සෙට් වූයේය. එය දැමූ පසු ස්ලයිඩ් නොකර ෆෝන් එක ආන්සර් කළ හැකිය එසේම ඩිස්ප්ලේ එක මත ටච් කළ යුතු නැත්තේමය. ෆෝන් එක රින්ග් වෙද්දී එය කනේ තබා ගැනීමෙන්, සොලවා කනේ තබා ගැනීමෙන්, යන ක්‍රම වලට ෆෝන් එක ඔටෝ ආන්සර් වීම සෑමාගේ ෆෝන් එකේ ලෙඩේ සුව කළේය.
අතින් කරන්න බැරි දේ සොලවා කළ හැකි බවට පසක් කරන එක් වැදගත් අවස්ථාවක් ලෙස මෙම ක්‍රමය ඉතිහාස ගත වන්නේය. මෙය ඔබත් භාවිත කර බලන්න. වෙනස වටහා ගන්න.
අවවාදයයි - සෑමාගේ ෆෝන් එකේ ටච් එක වැඩ නැති නිසා මෙය වඩාත් සුදුසු බවත්, අත වැඩ කරන අයට මෙය කොතෙක් දුරට සාර්ථක වේදැයි සැක සහිතය. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියමින්, ඔබේ ආරක්ෂාව ඔබම බලා ගන්න.
අතට කීයක් හරි එනකල් සොලව සොලවා ඉන්න තමා වෙන්නේ.. :(
sAm ශ්‍රී Perera_05:12pm_17/02/2013
බඩුම තමා මෙච්චර කල් නිකම් තියං හිටපු කලින් පෝං එකෙන් වැඩක්
ReplyDeleteගන්න පුළුවන් වෙයි එහෙනම් ඇරපු අතක් නෑ ඔය ලෙඩේමයි ,දැන් ඉතිං
හොල්ලල කටේ තියාගන්න පුළුවන් මේ ඇප් එක දුන්නට තැන්කු සෑමෝ
වැඩේ ට්‍රයි කරල ගුණ දොස් කියපං.. මේක සමාජ සත්කාරයක් බොලව් !
Deleteජය !
දවසට කි සැරයක් අත හොලවනවාද?.
ReplyDeleteෆෝන් එක රිං වෙන හැම වාරෙකම !
Deleteජය !
ෆෝන් එකට උනේ කියල හොයල බැලුවෙ නැද්ද..! චාජරේ නිසාම ලෙඩවෙලාද..?
ReplyDeleteගැලැක්සි එස්2 එක හොඳයිද බං..!
ගැලැක්සිය හොදා නොවැ..
Deleteමගේ එකට වොරන්ටි තියෙනව බං. ඒත් මම ඒක ගැලෙව්ව පන්ඩිත කමට. සද්ද නැතුව ගිහින් දෙන්නෝනි..
ජය !
පිස්සුද බන් ගන්ඩ එපා galaxy s2.
Deleteඅනේ...උඹටත් වෙන වැඩ! අපිටනම් ඉතිං ඔය කරදර නෑ! බටන් ටික තියනවනේ පෝන් එකේ!
ReplyDeleteඔබද්දි ඇගිලි රිදුනත්, බටන් නම් මසුරං !
Deleteඇන්ඩ්‍රොයිඩ් වල ස්ලයිඩ් කල විට ආන්සර් නොවිම පොදු රෝගයක්.
ReplyDeleteඒකට නම් ටච් එක අදාල නෑ.
ඔන්න ඕකයි ගාන නොබලා ඔරිජිනල් ගන්න කියන්නේ. ඩුප්පා ගත්තත් ටිකක් හොද එකක් බලන්න ඕනේ.මගේ නොකියා එකට කෙලවුනෙත් ඔය එක එක චාජර් ගහලා
එක එක ඒව ගැහුවම ඔය ලෙඩ හැදෙනවා කියලත් මට වැටහුනා බං !
Deleteජය !
හොල්ලලා කටේමද තියාගන්න ඕන මචෝ
ReplyDeleteඋගුරටම දා ගත්තත් අවුලක් වෙන එකක් නැහැ නලින් අයියා !
Deleteජය !
මට නම් ඔය මගුල් අරහං නිසා පට්ට පරන ෆෝන් එකක් භාවිතා කරමි.
ReplyDeleteඒවා දහස් වර හොදයි බං !
Deleteජය !
උඹත් ලියන්නෙම මාර පෝස්ටු.අපිට ඕවා වැඩක් තියෙනව ඈ?...
ReplyDeleteබොට මොනාද වැඩ නැත්තේ.. බලපං මාතෘකාවම !
Deleteජය !
මේ කියලා තියන මෙලෝ මල දානයක් මට නොතේරුන බව ඉමහත් ගෞරවයෙන් සටහන් කර නිහඬ වෙමි.
ReplyDeleteයකෝ බොල තාක්ෂනික පොරක් නේ ?
Deleteජය !
මේකගේ තියෙන ලෝබ කමට ඔහොම වෙලා මදි....
ReplyDeleteසල්ලි ගස්වලින් කඩනවද යකෝ !
Deleteමාත්රුකාව විතරයි. මේ වගේ ජරාවල් නිසා තමයි අද සිංහල බ්ලොග් තනිකරම කුනු ගොඩක් වෙලා තියෙන්නෙ.
ReplyDeleteමාතෘකාවෙන් බලාපොරෙත්තු වුනේ අසික්කිත හිත පුබුදුවන කුණු හබ්බයක්ද?
Deleteසමාවෙන්න, කුනුහරප ලියල ආතල් දෙන්න විදිහක් නැහැ මෙතන. හිතේ පිරිසිදු කම අනුව තමා එක එක ච්ත්ත රූප මැවෙන්නෙ.
ජය !
වෙසක් මාසයට වෙනම වෙසක් කලාපයක්, පොසොන් කාලයට වෙනම පොසොන් කලාපයක් නම් කරමින්, ආගමානුකූල ලිපි සතියක් පුරාවට දමන වෙනත් තැනක් දැක තිබේද???
Delete@ඇනෝ : කියල වැඩක් නෑ බන්. මොකක් හරි කුණුහරුප මාතෘකාවක් දාලා හිට්ස් ටිකක් හොයාගන්න උන් ටිකක් විතරයි දැන් බ්ලොග් ලියන්නෙ. මේවට කමෙන්ට් කරන්න එන මහා බ්ලොග් කාරයෝ කියල හිතන් ඉන්න උනුත් එක වල්ලෙ පොල් තමයි.
Deleteඅත/කට/සෙලවීම
Deleteකුණුහරප ?
හොල්ලලා මොකේ තියාගන හරි කමක් නැ කතා කරනකොට කතා කරහං
ReplyDeleteබොට තේරුනාද මම ඇයි බොට ආන්සර් නොකලෙ කියල??
Deleteජය !
මුන් හිතන් ඉන්නේ කුණුහරප ලියලා හිට් වැඩි උනාම මහා ලොකු බ්ලොග්කාරයෝ කියලා,,,අද මේ වගේ දෙකයි පනහේ බ්ලොග් පෝස්ට් නිසා මුලු බ්ලොග් අවකාසෙම කුනු ගොඩක් වෙලා
ReplyDeleteඅත/කට/සෙලවීම
Deleteකුණුහරප ?
//කුණුහරප ලියලා හිට් වැඩි උනාම මහා ලොකු බ්ලොග්කාරයෝ කියලා//
මෙතන කුණුහරප නැහැ, බලාපොරොත්තු වුණ දේ ලැබුනෙ නැත්තං අඩන්න එපා. මහ ලොකු බ්ලොග් කාරයෙක් කියල හිතාගෙන ඉන්නෙ ඔබ තුමා වෙන්න ඇති. බ්ලොග් අවකාශෙ තැනක්,ගන්න පලවෙනයා වෙන්න කියල හිතාගෙන ඔයා ලියනවා ඇති.
ඒත් මට බ්ලොග් ලියන හැම එකාම එකයි. හැමෝම කරන්නෙ ලියන එක මිසක්, අමුතු දෙයක් නෙවේ මට !
මේක නම් උඹට අල්ලල යයි මගේ හිතේ, උඹ කොහොමත් හොලව හොලව ඉන්න මනාපයි නොවැ.
ReplyDeleteසෑමා දැන් සමාජ සේවයෙමද මන්ද.
පවනට සැලෙනා..
Deleteසමාජ සේවය තරම් දෙයක් තියෙනවද බං ?
:)
ජය !
Patta oi patta...
ReplyDeleteපවු අප්ප...
ReplyDeleteමම නේ ?
Delete1800 කට ලෝබ වෙලා දැං හොල්ල හොල්ල ඉන්නවද.
ReplyDeleteඅනේ එවලේ මම ආර්ථික අර්බුධයක බං හිටියේ..
Deleteමේ නහින දෙහින කාලෙ රුපියල් 2000කට විතර ෆෝන් එකක් ගන්නෙ නැතුව ගන්නව මෙතන ගැලැක්සි...
ReplyDeleteගැලැක්සි නෙවේ බොල හුවාවේ ඇන්ඩ්‍රොයිඩ් කට්ටක් !
Deleteමාත් මේ ටිකේ බරපතල විදියට කල්පනා කරනවා ලෝකල් චාජරයක් ගන්නවද කියලා.. රැ 200 ඉඳලා ඉහලට තියෙනවා තමයි.. ඒත් අපේ මහත්තයා කියන විදියට එකක් වත් ෆොන් එකට හරියන වෝල්ටේජ් වලට නෙවෙයි තියෙන්නේ.. හෙනම අමාරුවෙන් රට වෙට්ම කැරකිලා පෙනුම තියෙන, බට්න් තියෙන ෆොන් එකක් හොයාගත්තේ.. මල ඉලවු ටච් ෆොන්මයි හැම තැනම... දැන් මාසෙකට වැඩියි ෆොන් එක පැත්තකට දාලා.... මේ කියන විදියට නම් 1500ක් විතර දීලා හරි හමන් චාජරයක් ගන්න එක හොඳයි වගේ....
ReplyDeleteවැඩේ කියන්නේ මෙච්චර කල් පාවිච්චි කරපු එකම නොකියා ෆොන් එකක වත් චාජරේ අවුල් උනේ නෑ.. ඒත් මේ සැම්සුන් ෆොන් එක මාස දෙකෙන් චාජරේ පිච්චුනා... මොකක් හරි සැම්සුන් වල ලෙඩක්ද මන්දා....
අනේ නොකියා...
අපි ගැන හිතලා...
බට්න් තියෙන ෆොන් මොඩ්ල් එකකුත් දාන්නකෝ ඉඳලා හිටලා....
ඇත්තටම නොකියා වල ලෙඩ අඩුයි කියන කතාව මම තාමත් තරයේ පිලිගන්නවා හිරු.
Deleteමට තියෙන්නෙ ගැලෙක්සියක් නෙවේ. හුවාවේ ඇන්ඩ්‍රොයිඩ් කට්ටක්.
ඔරිජිනල් චාජරේ නැතුව වෙන ඒව ගැහුවම වෝල්ටේජ් වෙනස් වෙනවා. අනික අර බැටරිය ගහන මල්ටි චාජරේ. ඒක මහ අපරාධයක්.
ජය !
චාජරයේ වැරැද්දම කියලා කියන්න අමාරුයි සෑම්..කොහොම වුනත් ඉක්මනට හොඳ ෆෝන් එකක් ගන්න පුළුවන් වේවා..
ReplyDeleteමම හිතන්නෙ චාජරේ තමා රූ. ඇස් පනාපිට නේ වැඩේ සිද්දවුනේ
Deleteසෑම් අයියේ දවසකට කී පාරක් හොහොම හොලවනවද? මම කිව්වේ අත?
ReplyDeleteරින්ග් වෙන වාරයක් පාසාම !
Deleteඋඹ හරි වල් බන්...බලපන් දාන මාතෘකා //අතින් බැරි නම් සොලවා කටේ තියා ගන්න...//
ReplyDeleteඔච්චර රෙන්න ඕනෙද බන් ගනින්කො අලුත් ෆෝන් එකක්...
ෂික් සල්ලි??
Deleteමෝටර් සයිකල් එලවන එකෙක් ඔය වගේ ෆෝන් එක සෙට් කරලා යන වෙලාවක් රින්ග් වෙනකොටම වලක වැටුනොත් ඔටෝ ආන්සර් වෙයි නේද?
ReplyDeleteහිකිස්.. අද අපේ උන් විහිළු කලා බං. මට කරදරකාරී කෝල් එකක් ආවා. මම සාක්කුවෙන් පරිස්සමට නොසොල්වා ෆෝන් එක ගන්නකොට අපේ එකෙක් වාහනේ වලක දැම්මා. මම කෑගැහුවා. උන් මාව විනාස වෙන්න බයිට් කලා බං !
Deleteජය !
නොකියා 3310 තමා දැකපු හොඳම ෆෝන් එක. චාජර් ඕනිම නැ.බැටරි බැස්සොත් අවුවේ තියෙන එක විතරයි. වලියකට යන්න,දොර ඇදේට තියන්න එලම බාන්ඩේ.කොච්චර පොලේ ගැහුවත් ලෙසටම වැඩ.
ReplyDeleteඅන්න ෆෝන්. තවම ඇති සමහර රීලෝඩ් කඩවල් වල !
Deleteඕක හොලවන්න ඕන දකුණින්ද නැත්නම් වමතින්ද බන්?
ReplyDeleteදකුණ හුරු අත නොවැ !
Deleteඕකනේ කියන්නේ ඒක ඒක එව්ව ගහන්න යන්න එපා කියල :D
ReplyDeleteඑකක් විතරක් ගැහුව නම් ලෙඩ නැහැ තමා :)
DeleteUp8 උඩු..ඒක පට්ට ඇප් එකනේ
ReplyDeleteඉතින් සැමෝ තාමත් හොලවනවද?? ඔය හෙලවිල්ලට නිවාඩුවක් දෙන්න හිතක් නැතෙයි??
ReplyDeleteමේක හදා ගත්තම නිවාඩුවක් ලැබෙයි බං !
Deleteඅත සොලවා කට සොලවන්න කියල අපේ පුරාන මුතුන් මිත්තො කිව්වෙ මේ ඇප් එක ගැන දැනගෙන වෙන්ඩැ
ReplyDeleteඅන්න හරි !
Deleteසෑමා උඹ මේ කියන්නෙ අර Huawei එක ගැන නෙවෙයිද? මේ ඒක නෙවෙයිනම් මොකක්ද ෆෝන් එක Galaxyද එහෙම නම් Huawei එකට මොකද වුනේ?
ReplyDeleteඇයිමේ ලෙඩේ හැදුනේ? චාජර් එක ගහපු නිසා කියලාද උඹ හිතන්නෙ?
හුවාවේ එක තමා බං මේ ඉරණමට ගොදුරු වුනේ.
Deleteමට හිතෙන්නෙ චාජරේ නිසාම තමයි මචං !
ubat hoyagana ewa..
ReplyDeletekolla daksaya..
Jayawewa
ස්තුති ! :)
Deleteඅපිට මොන ටච් ද බං.එස් බී මාමා ඒවත් දෙන්ඩ ගත්තොත් බලමුකෝ.
ReplyDeleteහුටස්.. ටච් කරන්න දෙනව කිව්වාද බුවා ?
Deleteඑලනේ !
ඇත්තටම බාල වර්ගයේ චාජරයක් පාවිච්චි කළ නිසා ඇතිවුනු දෝෂයක්ද ඕක...?
ReplyDeleteඔව් මට හිතෙනවා. !
Deleteහි හි.. සෑමාජ මෙහෙවරක්. :)
ReplyDeleteහිකිස් ඒකත් මරු !
Deleteඔක්කම එකයි වගේ. මගේ ෆොන් එකෙත් චාජර් එක කැඩිලා. එත් දැන් මාස 6ක් විතර ලැප්ටොප් එකට ගහලා තමයි චාජ් කරගන්නෙ හැක් හැක් :පී
ReplyDeleteඇයි සෑම් හැම වෙලේම ජය කියලා කියන්නේ. ඡන්දේ ඉල්ලන්නවත් හිතන් ඉන්නවද...
ReplyDeleteමගේ නම් දැන් අවුරුදු දෙකහාමාරක් තිස්සේ ගනිපු පළලවෙනි පෝන් එක මසුරන් වගේ වැඩ.චාජරෙත් එහෙමමයි.කිසිම අවුලක් නෑ. චයිනිස් අඩු ගානක එක්ක උනත් මම උන්දැව පරිස්සම් කරනවා හරියට ඇපල් පොන් එකක් වගේ...:P ඔය ටච් පෝන් නම් අම්බෝ මට ඇලජික්....
ReplyDeleteචාජර් එක නිසා?...
ReplyDelete